IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නේපාලය අසරණකළ මහා භූමි කම්පාව

BUP(SH)_DL-PR_4 

 

බුදුන් උපන් දේශය වන නේපාලය පසුගිය දා සෙළවී මහා විනාශයක් වූයේය. නේපාලයේ කත්මණ්ඩු අගනුවර ගොඩනැගිලි බිමට සමතලා වෙමින් දහස් සංඛ්‍යාත පිරිසක් මරු දකිද්දී නගරයේ පිහිටීම මීටර කිහිපයකින් වෙනස් වී ඇතැයි භූ විද්‍යාඥයෝ කියති.

 


රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප‍්‍රමාණයකින් සටහන් වූ ප‍්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් මේ විපර්යාසය සිදුව තිබේ. නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා විය. සෙනසුරාදා (25) දහවල් 11.30ට පමණ සියලූ දෙනා අතිශය කාර්ය බහුල වේලාවක විනාඩි කිහිපයක දී නේපාල වැසියෝ දහස් ගණනින් මේ සුන්බුන් අතර සිර වූහ.


මේ ලිපිය ලියන බදාදා දහවල්වන විට නේපාලයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 4,600 කි. තුවාල ලැබූවන් සංඛ්‍යාව 9,000ට අධිකය. විපතට පත්වූවෝ ලක්ෂ 80කි.


භූ විද්‍යාඥයන් පවසන්5නේ 1934 බිහාරයේ සිදුවූ 8.2ක භූමිකම්පාවෙන් පසු නේපාලයට බලපෑ විශාලතම භූමිකම්පාව මෙය බවයි. කත්මණ්ඩු අගනුවරත් නේපාලයේ දෙවැනි විශාලතම නගරය වන පොක්හාරා නගරයත් අතර මේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා තිබිණි. නගර අතර දුර කිලෝ මීටර 200කි.
බුදුන් උපන් දේශය වීමත්, ලොව උසම කන්ද වූ එවරස්ට් කන්ද පිහිටි හිමාල කඳුවැටිය පිහිටා තිබීමත් හේතුවෙන් නේපාලය යනු ලෝකයේ සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය ලැබූ රටකි. භූමිකම්පාව සිදුවන අවස්ථාවේදීද විදේශිකයෝ දහස් ගණනක් ඒ ප‍්‍රදේශයේ සිටියහ.


මියගිය, අතුරුදන්වූ හා තුවාල ලැබූවන් අතර විදේශිකයෝ ද සිටිති.


මේ භූමිකම්පාවෙන් සිදුවූ විනාශය සුළුපටු නොවේ. එය මෙතෙක් ගණන් බලා නැත. භූ විද්‍යාඥයන් පවසන්නේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටි ස්ථානය අවට වර්ග කිලෝ මීටර 15,000ක පමණ ප‍්‍රමාණයක් පොළොව කඩතොලූ වී ඇති බවයි.


භූමිකම්පාව සිදුවීමත් සමඟ අපි කේන්ද්‍රය පිහිටි ස්ථානයේ සිට නැෙඟනහිර දෙසට මිනිත්තුවක කාලයකදී කිලෝ මීටර 130ක් දුරට පොළොව පැළී ගියේය. දකුණු දෙසට පොළොව පැළුණු ප‍්‍රමාණය කිලෝ මීටර 60කි. කත්මණ්ඩු නගරය තිබූ ස්ථාන මීටර තුනක් තවත් උතුරට ගමන් කර තිබේ.


මහ පොළොව දෙදරා යද්දී බියට පත්වූ නේපාල වැසියෝ හැකි ඉක්මනින් නිවෙස් හා ගොඩනැගිලිවලින් එළියට පැමිණ හිස් ලූ ලූ අත දිවගියහ. ගොඩනැගිලි බිමට සමතලා වෙද්දී ඒවායේ හිරවූ ඥාති හිතවතුන් බේරාගැනීමට ද ඔවුහු උත්සාහ කළහ.


මවුපියන් අහිමි වූ දරුවෝද දරුවන් අහිමි වූ මාපියෝද හඬා වැළපුණහ. විනාඩි ගණනකින් සිදුවූ මහා විනාශයෙන් මොහොතකට පසු තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙන යාමටත්, හිරවී සිටින අය බේරාගැනීමටත් සහන සේවකයෝ සහ කත්මණ්ඩු නුවර තුවාල නොලැබූ බොහෝ දෙනාත් අපමණ වෙහෙසක් ගත්හ.
මේ ප‍්‍රධාන භූමිකම්පාවෙන් පසු තවත් පසු භූ කම්පන වැලක් හට ගත්තේය. දිගින් දිගටම භූමිකම්පා සිදුවීම හේතුවෙන් රාත‍්‍රියේ  හෝ තම නිවසේ සිටීමට බියවීම හේතුවෙන් බොහෝ දෙනා එළිමහනේ රැය පහන් කළහ.


නේපාලයේ කත්මණ්ඩු අගනගරයේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටී තිබිණි. කත්මණ්ඩු නුවර හා ඒ අවට මාර්ග පද්ධතිය මුළුමනින්ම පාහේ විනාශ වී ගොස් තිබිණි. තැනක ඉරිතලා, පුපුරා, කඩා වැටී හෝ ගිලා බැස හෝ තිබූ මාර්ගයන්හි වාහන ධාවනය සිදුකළ නොහැක. කත්මණ්ඩු නගරයේ ගුවන්තොටුපොළද හානියට පත්ව තිබූ බැවින් ආධාර කණ්ඩායම්වලට ද එහි ළඟාවීම දැඩි අපහසු කාර්යයක් විය.


විදුලි බලය මෙන්ම ජල සැපයුම්ද මුළුමනින්ම බිඳ වැටී ඇත.


කත්මණ්ඩු නගරයේ දහස් සංඛ්‍යාත පිරිසක් මිය යද්දී අසල්වැසි රාජ්‍යයන්හි 100ට ආසන්න පිරිසක් මියගොස් ඇතැයිද වාර්තා වේ. පසුගිය දා සුළි සුළං හේතුවෙන් 55 දෙනකු මියගිය ඉන්දියාවේ බිහාරයට ද මේ භූමිකම්පාවෙන් හානි සිදුව ඇත.


බටහිර බෙංගාලයේ පාසලක දරුවන් 40 දෙනකුද මේ භූමිකම්පාව හේතුවෙන් තුවාල ලදහ. පාසල් ගොඩනැගිලි දෙදරායාමත් සමඟ කලබලයට පත්ව දිව යාමේදී තෙරපීම හේතුවෙන් මොවුන් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එවරස්ට් කන්ද ඇතුළු හිමාල කඳුවැටිය ප‍්‍රධාන ගංගා රැසකට උපත ලබාදෙන ස්ථානයකි. භූ විද්‍යාඥයන් පවසන්නේ එවරස්ට් කන්ද ඇතුළු හිමාල කඳුවැටිය උපත ලබා ඇත්තේ එය භූ තැටි මායිමක පිහිටා තිබීම හේතුවෙන් බවයි. කෙසේ වෙතත් භූමිකම්පාවෙන් හිමාලය ද දෙදරා ගියේය. කඳු තරණයට ගිය සංචාරකයන් බලා සිටියදී හිම කඳු කඩා වැටිණි. එහි කඳවුරු ලාගෙන සිටි දහසකට ආසන්න පිරිසක් දැඩි අවදානම් තත්ත්වයකට පත්වූහ. ඉන් අට දෙනෙක් මිය ගියහ.


නේපාලය යනු ලොව දිළිඳු රාජ්‍යයන් අතරින් එකකි. ඒ හේතුවෙන් මේ රටට ලෝක ප‍්‍රජාවගේ ආධාර උපකාර නිරන්තරවම ලැබිණි. නේපාලයට ආධාර දුන් රටවල් අතර වැඩිම දායකත්වයක් සැපයූ රාජ්‍යයකි  ඕස්ටේ‍්‍රලියාව. නේපාලයේ පාසල් රැසක්  ඕස්ටේ‍්‍රලියා රජයේ ආධාරයෙන් ගොඩනැගුණු අතර ඒවා පවත්වාගෙන යාමේ ආධාර අනුබල ලබාදීම ද  ඕස්ටේ‍්‍රලියාවේ ආධාරමත සිදුකරයි.  ඕස්ටේ‍්‍රලියා රජය පවසන්නේ තම ආධාරය යටතේ ඉදිකරන ලද පාසල් හා පෙරපාසල් ගණනාවක් භූමිකම්පාවෙන් විනාශ වී ඇති බවයි.


මේ හානිය අවබෝධකරගත් විදෙස් රටවල් යුහුසුළුව නේපාලයට ආධාර කිරීමට ඉදිරිපත් වූහ. අසල්වැසි ශ‍්‍රී ලංකාවෙන්ද හැකි ඉක්මනින් ආධාර කණ්ඩායම්, වෛද්‍යවරුන්, උපකරණ තොගයක් හා ඖෂධ රැුගෙන ගියහ. දැන් ශ‍්‍රී ලංකාවේ ජනතාව නේපාල ජනතාව වෙනුවෙන් තොග ගණනින් ආධාර එකතු කරමින් සිටිති.


නේපාලයේ භූමිකම්පාවෙන් හානි සිදුවූයේ මිනිසුන්ට හා නිවාසවලට පමණක් නොවේ. ලෝක උරුම පවා මේ භූමිකම්පාවෙන් විනාශ වී ගියේය. වැදගත් පෞරාණික සිද්ධස්ථාන රැුසකට භූමිකම්පාවෙන් හානි සිදුවිය.


කත්මණ්ඩු නගරය මධ්‍යයේ 1832දී ඉදිකැරුණු ධර්හාරා කුලූන ඉන් එකකි. 1934 භූමිකම්පාවෙන්ද මුළුමනින්ම විනාශ වී ගියේය. අඩි 203ක් උසට යළි ඉදිකළ මේ කුලූන නැරඹීමට ගිය 200ට අධික පිරිසක් භූමිකම්පාව සිදුවන අවස්ථාවේ කුලූන ඇතුළේ සිටි බව ද වාර්තා වේ. කුලූනේ සුන්බුන් අතර තිබී මියගිය 180 දෙනකුගේ සිරුරු සොයාගත් බව සහන සේවකයෝ කියති.


පස්වැනි සියවසේ දී පමණ ඉදිකළ පෞරාණික ස්ථාන තුනක් විනාශ වී ඇතැයිද කත්මණ්ඩු මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ලෝක ප‍්‍රසිද්ධියට පත්ව තිබූ ස්යංභූනාත් බෞද්ධ ස්තූපය ද වෙයි.


මේ භූමිකම්පාව හේතුවෙන් තම රට වැසියන් අසරණ වී ඇතැයි එරට අග‍්‍රාමාත්‍ය සුසිල් කොයිරාල කියා සිටියේය. ලොව රාජ්‍ය නායකයෝ තමන්ට හැකි පමණින් ආධාර ලබා දීමට යුහුසුළුව සිටිති. අසරණව අවතැන් වී සිටින ජනතාවට පිහිට වීමටත් නේපාලයේ සුන්බුන් ඉවත් කරමින් විපතට පත්වූවන් බේරාගෙන මළ සිරුරු සොයා ගැනීමත් විදේශ රටවලින් පවා සහන සේවකයෝ දහස් ගණනින් එහි පැමිණ සිටිති.


නේපාලයේ අග නගරය යළි ගොඩනැගීමේ කාර්යය ඉදිරියට ඉතිරිව තිබේ.


භූමිකම්පා යනු ලෝකයට අමුතු දෙයක් නොවේ. නොසැලෙන ස්ථාවර දෙයක් ලෙස හඳුන්වන මහ පොළොවේ මෙවැනි කම්පන සිදුවීම පිළිබඳ අවබෝධ කැර ගැනීමට නම් පෘථිවි ගර්භයේ සැකසීම පිළිබඳ යම් අවබෝධයක් ලැබීම අවශ්‍ය කරුණකි. මෙය පැහැදිලි කරන්නේ භූ කාරක මතය නම් ක‍්‍රමවේදයෙනි.
පෘථිවි කබොල හා එයට යටින් ඇති පිටත ප‍්‍රාවාරණය නම් පාෂාණ තට්ටුව එක් තනි ව්‍යූහයක් ලෙස මෙහිදී සලකයි. සැතපුම් 200ක් පමණ ඝනකමකින් යුතු මෙය ශිලා ගෝලය නමින්ද හැඳින්වේ. ඇතුළු ප‍්‍රාවරණය හෙවත් අර්ධ ද්‍රව තත්ත්වයේ කොටසක් ඊට ඇතුළතින් පිහිටයි. ඊටත් ඇතුළින් ලෝදිය කලාපය වූ අධෝ ශිලා ගෝලය පිහිටා ඇත.


පෘථිවි ශිලා ගෝලය ප‍්‍රධාන කැබලි 12ට බෙදී පවතින බවත් ඒවා අධෝ ශිලා ගෝලය මතුපිට ඒ මේ අත පාවෙමින් පවතින බවත් භූවිද්‍යාඥයන්ගේ පිළිගත් මතයයි. මේ කැබලි භූ තැටි ලෙස හඳුන්වයි.


සාමාන්‍යයෙන් ගොඩබිම සාදන භූ තැටි මහාද්වීපික තැටි ලෙසත්, සාගර පතුල සාදන භූ තැටි සාගරික තැටි ලෙසත් හැඳින්වේ. පෘථිවිය නිසලව පවතින වස්තුවක් යැයි සිතා සිටිය ද එය කිසිසේත්ම නිසලව පවතින්නේ නැත. මතුපිට ශිලා ගෝලයේ ඇති භූ තැටි දොළහ නිරන්තරවම විවිධ දිශාවන්ට ගමන් කරමින් සිටියි. මේ පාවීම සිදුවන්නේ වසර දහසකට සෙන්ටිමීටර කිහිපයක් වැනි ඉතා සුළු ප‍්‍රමාණයකින් බැවින් අපට එය දැනෙන්නේ නැත.

 
පොළෝ අභ්‍යන්තරයේ ඇති විකිරණශීලී මූලද්‍රව්‍ය හේතුවෙන් විශාල ශක්තියක් උත්පාදනය වෙයි. ඒ හේතුවෙන් හටගන්නා අභ්‍යන්තර සංවහන ධාරාවන් නිසා මේ භූ තැටි ගමන්කිරීම සිදුවන බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.


එසේ වුවද සාගරික තැටි අතර ඇතැම් ස්ථානවලදී පොළොව අභ්‍යන්තරයේ සිට පිටතට ගලන ලෝදිය ඝනවී දෙපසින් ඇති සාගර තැටිවලට නව කොටස් එක් කරයි. එවැනි ස්ථාන මධ්‍ය සාගරික වැටි නමින් හැඳින්වේ. මෙලෙස සාගරික තැටි වර්ධනය වීම හේතුවෙන් සාගරික වැටිය දෙපසට තල්ලූවී යයි. එවිට සාගරික තැටියේ එක් මායිමක් මහද්වීපික තැටියක් හා එකිනෙක ගැටෙයි.


එහි ප‍්‍රතිඵලය වන්නේ සාගරික තැටියේ දාරය පොළොව අභ්‍යන්තරයට කිඳා බැස මැරියානා ආගාධය, ජපන් ආගාධය වැනි ගැඹුරු ස්ථාන බිහිවීමයි. මහද්වීපික තැටියක් හා සාගරික තැටියක් ගැටීමෙන් ආගාධයක් නිර්මාණය වන ආකාරයට මහද්වීපික තැටි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් ඒවායේ දාර ඉහළ නගී. ඉන් උස් කඳුවැටි නිර්මාණය වෙයි. හිමාල කඳුවැටිය නිර්මාණය වී ඇත්තේ ඒ ආකාරයෙනි. එයට තවත් උදාහරණයක් වන්නේ අප‍්‍රිකාවේ ඇට්ලස් කඳුවැටියයි.


මේ ආකාරයට සිදුවන භූ තැටි චලනය හේතුවෙන් වරින් වර භූමිකම්පා හටගනී.


සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවී ඇති නේපාලයේ හිමාල කඳුවැටිය පිහිටා ඇත. හිමාල කඳුවැටිය යනු දිනෙන් දින උඩට එසවී යන මහාද්වීපික තැටි මායිමකි. එවැනි තැනක භූමිකම්පා යනු අරුමයක් නොවේ. භූමිකම්පාවක් සිදුවන්නේ පොළොව මතුපිට සිට සැතපුම් ගණනක් ගැඹුරිනි. නේපාලයේ වැනි භූ තැටි එකිනෙක තෙරපෙමින් එකිනෙක මතින් ගමන් ගන්නා තෙරපුම් කලාපවලදී භූ චලන වැඩි කොටසක් පොළෝ මට්ටමෙන් සැතපුම් 70 සිට 700 දක්වා ගැඹුරකින් හටගනී. ඒවා ගැඹුරු භූමිකම්පා යනුවෙන් හැඳින්වේ.


භූමිකම්පාවක මූලික ශක්තිය නිපදවන ස්ථානය හඳුන්වන්නේ භූමිකම්පාවේ නාභිය ලෙසිනි. කම්පනයක් සිදුවූ වහාම සෑම අතටම විසිරී යන භූ කම්පන තරංගය ප‍්‍රථමයෙන් පොළොව මතුපිටට ළඟාවන ස්ථානය අපි කේන්ද්‍රයයි. භූමිකම්පාවක විශාලතම හානිය සිදුවන්නේ මේ අපි කේන්ද්‍රය පිහිටි ප‍්‍රදේශයටයි.
ජනවාරි 25 වැනිදා සිදුවූ භූමිකම්පාවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවරට හානි සිදුවූයේ මේ හේතුවෙනි. අපි කේන්ද්‍රය පිහිටියේ කත්මණ්ඩු නුවර ආසන්නයේය.


භූමිකම්පාවකින් හටගන්නා තරංග ප‍්‍රාථමික හා ද්විතීක යනුවෙන් දෙවර්ගයකි. මෙයින් වැඩිම හානියක් සිදුවන්නේ ද්විතීක තරංගවලිනි. ඒවා තත්ත්පරයට කිලෝ මීටර හතරක පමණ වේගයෙන් ගමන් කරයි.


ප‍්‍රාථමික තරංග ගමන් කරද්දී ශබ්දය ඇසීමත්, චලනය දැනීමත් නිසා භූමිකම්පාවක් හටගන්නා බව හඳුනාගැනීමට හැකියාව ලැබේ. ප‍්‍රාථමික තරංග වඩාත් වේගවත්ය. ද්විතීක තරංගය සියල්ල විනාශ කර දමයි


භූමිකම්පාවකින් දේපළවලට සිදුවන හානිය වළක්වාගත නොහැකි වුව ද මිනිස් ජීවිත බේරාගැනීමට යම් පමණකින් හැකියාවක් තිබේ. ඒ සඳහා දැනුම්වත් වීම අවශ්‍යය.


1556 පෙබරවාරි මස 02දා චීනයේ සිදුවූ භූමිකම්පාවකින් මියගිය සංඛ්‍යාව එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ භූමිකම්පාවකින් මියගිය වැඩිම සංඛ්‍යාව ලෙස සැලකේ. ඒ භූමිකම්පාවෙන් පුද්ගලයන් 850,000ට වැඩි පිරිසක් මියගිය බව පැවසේ. ඉන්පසු 1976 චීනයේ ටැංෂාන් නගරයේ භූමිකම්පාවකින් 65,000ක් මිය ගියහ.


ජපානයේ තෝකියෝ නගරයේ 1857 මාර්තු 21 දින සිදුවූ භූමිකම්පාවකින් 107,000 ක් මිය ගිය අතර 1923 සැපතැම්බර් මස 01 දා තෝකියෝ හා යොකොහාමා නගරයේ 143,000ක් මියගිය බවද වාර්තා වේ.


භූමිකම්පා ගැන කල්තියා දැනගැනීමට කිසිදු ක‍්‍රමයක් නොමැතිවීම හේතුවෙන් එයින් ගැලවී සිටීම අපහසු කාර්යයකි.  


භූමිකම්පා නිරන්තරවම සිදුවෙමින් පවතී. වර්ෂයකට ලෝකයේ භූමිකම්පා 120,000ක් පමණ සිදුවේ. රිච්ටර් මාපාංකයේ අගය හතරක් වැනි සුළු ප‍්‍රමාණයක් ගන්නා මේ භූමිකම්පා 20,000ක් පමණත් ඊට අඩු අගයක් ගන්නා භූමි කම්පා 100,000ක් පමණත් සිදුවන බව පර්යේෂකයෝ කියති.


මේ භූමිකම්පාවලින් සියයට 99ක්ම එක්තරා නිශ්චිත කලාප කිහිපයකට පමණක් ගොනුවී තිබේ. එයින්ද වැඩි ප‍්‍රමාණයක් හෙවත් ලෝකයේ භූමිකම්පාවලින් සියයට 88ක් සිදුවන්නේ නවසීලන්තයෙන් ආරම්භ වී පිළිපීන් දූපත්, ජපානය, ඇෂියස් දිවයින් හරහා ඇලෙස්කාව උතුරු හා දකුණු ඇමෙරිකානු මහද්වීප ඔස්සේ විහිදෙන භූ කම්පන තීරයේය.


ලොව දෙවැනි ප‍්‍රධාන භූ කම්පන තිරය පිහිටා ඇත්තේ මැලේසියාව, තායිලන්තය, බුරුමය, නේපාලයේ හිමාල කඳුවැටිය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය හරහා ගොස් පෘතුගාලය දක්වාය.


සාමාන්‍යයෙන් විශාල භූමිකම්පාවක් සිදුවීමට පෙර භූ තැටි මායිමක සුළු භූමිකම්පන මාලාවක් හටගනී. ටිකෙන් ටික ප‍්‍රබලවන මේ භූමිකම්පා මාලාව රිච්ටර් මාපකයේ අගය හතක් පමණ හෝ ඊටත් වැඩි අගයක් ගන්නා භූමිකම්පාවකින් පසු යළි අඩුවී යන භූමිකම්පා මාලාවක් බවට පත්වෙයි.


භූ විද්‍යාඥයන් පවසන්නේ භූමිකම්පාවලින් ක‍්‍රමයෙන් වෙනස්වී යන තැටි මායිම් විශාල භූමිකම්පාවකින් නිසි පරිදි සැකසී යළි අඩුවී යන සුළු භූ කම්පනවලින් ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වන බවයි. ඉන් පසු දශක කිහිපයක් එතැන භූ කම්පන නොමැති නිද්‍රා ප‍්‍රදේශයක් බවට පත්වෙයි.


නේපාලයේ කත්මණ්ඩු නුවර ද සිදුවූයේ එවැන්නකි. හිමාල කඳුවැටිය සාදමින් ඉහළට නැගෙන භූ තැටි මායිම 1934 වර්ෂයේදී දැවැන්ත භූමිකම්පාවකින් සෙලවී ගියේ එම ක‍්‍රියාවලිය සනාථ කරමිනි. ඉන් වසර 81ට පසු යළි කම්පනයට ලක්වූ භූ තැටි මායිම තවත් දශක කිහිපයක් නිද්‍රාවක පසුවනු ඇත.

 

m



අදහස් (0)

නේපාලය අසරණකළ මහා භූමි කම්පාව

සමන්තිකා පෙරේරා Tuesday, 12 May 2015 11:38 AM

ඉතාමත් වටිනා ලිපියක්.ස්තූති.(හේ)

:       0       1

උපාලි Saturday, 09 May 2015 12:55 PM

තොරතුරු ඉදිරිපත් කිරීම අගය කරමි.(හේ)

:       0       0

සමන්ත ඩයස් Wednesday, 06 May 2015 01:12 PM

පව් අනේ මේ වගේ දෙයක් කිසිම කෙනෙකුට වෙන්න එපා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 109 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 94 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 38 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 95 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 54 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 584 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site