IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නිමක් නොදුටු නැන්දා ලේලි ගැටුම

03-Rasa-P-2-BB_1-BW

 

වර්තමාන පවුල් සංස්ථාව බිඳ වැටෙන්න ප‍්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ එකිනෙකා කෙරෙහි අවබෝධයක් නැතිකම. ඒ වගේම ඉවසීමක් සහ එකිනෙකාට ගරු කිරීමක් නොමැති තරමට ආත්මාර්ථකාමීව මගේ කියන හැඟීමෙන් ජීවත්වෙන්නෙ. ඒ දේවල් නිසා තමයි අද දික්කසාද, අයථා සම්බන්ධතා, සියදිවි නසා ගැනීම් වැඩිවෙලා තියෙන්නෙ. 

 

65
එලෙසටම නැන්දම්මා, ලේලි ගැටුමත් වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්වෙලා. එසේ වෙන්නෙ එකිනෙකාට ගරු නොකිරීම. තවත් අයෙකුට සවන් දී ඒ දේ පිළිගන්නට තිබෙන අකමැත්ත සහ විශ්වාසය නොමැති වී යාමයි. එය එසේ සිදුවීමෙන් ප‍්‍රශ්න බොහොමයක් උද්ගත වී තිබෙනවා. මේත් එවැනි ඛේදනීය කතා පුවතක්. 


‘‘මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරිනම් කරුණාකරලා යන එකයි ඇත්තෙ.’’ මල්ලිකා දැඩි ස්වරයෙන් ගිඟුරුවාය.


‘‘මම මොකටද කවුරුත් කියන පලියට මේ ගෙදරින් යන්නෙ?’’


අසංකා නැන්දම්මාට පැවසුවේ දැඩි කෝපයෙනි. ඒ මොහොතේ මල්ලිකාගේ මුහුණ ඝන මේඝයක් මෙන් අඳුරු විණි. එවිට ඇගේ කෝපය ඉහවහා ගියේය. 
‘‘මේ ගෙදර කවදද ඔහේට ලියලා දුන්නේ? මේ අපේ මහ ගෙදර.. මගෙ මහත්තයා මැරුණට පස්සේ මේක අයිති මට. මම මැරෙනකං මේකෙ ඉන්න පුළුවන්. පිටින් ආපු අයට මේවට අයිතිවාසිකම් කියන්න බෑ.’’ 

6
‘‘මම බැඳලා ඉන්නෙ ඔහේගෙ පුතා.. ඉතින් මටත් මේකෙ අයිතියක් තියෙනවා.’’


නැන්දම්මාගේත් ලේලියගේත් මේ අඩදබරය සතියකට දෙතුන් වතාවක් පමණ ඇතිවේ. 


නිලංක සේවය නිමවී නිවසට පැමිණියේ ඔවුන්ගේ අඬදබර මැද්දේය. තම මවගේත් බිරියගේත් මේ කලකෝලාහලය ගේට්ටුව විවෘත කරනවාත් සමඟම ඔහුගේ සවන මත පතිත විය. ඔහු සාලය වෙත ඇදුණේ තරමක් කෝපයෙනි. 


‘‘ ඕක නවත්තගන්න. ගෙදරට ගොඩවෙන්න හැටියක් නෑ. හැමදාම රණ්ඩු රණ්ඩු ඉවරයක් නෑ.’’


බෑගය පසෙක දැමූ නිලංක එසේ පැවසුවේ නළල රැුළි ගන්වමිනි. 


නළලින් රූරා වැටෙන දහදිය බිඳු ඔහු සිය දෑතින් පිස දමන්නට වුණේ ඒ මොහොතේය. ලේලියගේත් නැන්දම්මාගේත් හබය එතැනින් අවසන් වූයේ නිලංකගේ පැමිණීමත් සමඟය. 


මල්ලිකාට දරුවන් දෙදෙනෙකි. විමුක්ති ඉන් වැඩිමල් දරුවාය. බාලයා නිලංකය. නිසි වයසට පැමිණි පසු ඔවුන් දෙදෙනාට තරුණියන් දෙදෙනෙකු විවාහ කර දීමට මල්ලිකා උනන්දු වූවාය. ඇයට අවශ්‍ය වූයේ මෙම දරුවන්ට හොඳ තැනකින් විවාහයක් කරදීමේ අරමුණය. 


විමුක්ති විවාහ වූයේ නුවර ප‍්‍රදේශයේ යුවතියක සමඟය. ඇය පාරම්පරික රදල පෙළපතකට නෑකම් කීවාය. ඇය රජයේ ඉහළ පෙළේ රැුකියාවක්ද කළාය. 
නිලංකගේ බිරිඳත් මීගමුව ප‍්‍රදේශයේ වැදගත් පවුලක යුවතියකි. ඇය විමුක්තිගේ බිරිඳට වඩා කටකාර තැනැත්තියකි. ඔවුන් දෙදෙනාගේම මංගල උත්සවයන් රාජකීය ලෙස නගරයේ බොහොම ප‍්‍රසිද්ධ හෝටල්වල පැවැත්විණි. පුත‍්‍රයන් සමඟ ලේලියන් දෙදෙනාත් නැන්දම්මා වන මල්ලිකාත් මහගෙදර විසූහ. 


ටික කාලයක් එලෙසට ගතවෙද්දි ලේලිලාගේ වැඩකටයුතු නැන්දම්මාට නොරිස්සීය. නිලංකගේ බිරිය වන අසංකා සමග ඇය නිතරම රණ්ඩු කරන්නට වූවාය. අසංකාද කටකාර එකියකි. ඇයද කරබා නොසිට රණ්ඩු කළාය. ඇතැම් අවස්ථාවලදී රණ්ඩුව බේරන්නේ විමුක්තිගේ බිරිය වන සුජානිය. 


එහෙත් සුජානි නොමැති දිනවල රණ්ඩුව තව තවත් දික් ගැස්සේ. එවිට ටික කාලයක් යනතුරු නැන්දම්මාත් ලේලියත් කතා නොකර සිටී. 


රණ්ඩු ඇතිවන හැම මොහොතකම නිලංක අනුමත කරන්නේද සිය මවගේ කීම්ය. එහිදී තව තවත් රණ්ඩුව දුරදිග යන්නේ ඔවුනොවුන් අතර තව තවත් ප‍්‍රශ්න ඇති කරමිනි. 


‘‘අසංකා... අසංකා’’


නිලංක සිය බිරියට කතා කළේ තරමක ශබ්දයෙනි. 


ඇයි?


මොකක්ද මේකෙ තේරුම නිලංක එසේ අසනවිට ඇය ඉවත බලාගත්තේ නිලංකට රවා බලමිනි. 


‘‘ඇයි ඔයාලා රණ්ඩු වෙන්නේ අසංකා...’’


‘‘මමද පටන්ගන්නෙ? ඔයාගෙ අම්මනෙ. ඔයාටත් ඉතින් මගෙ වැරදිමනෙ පේන්නේ... කාගෙද වැරැුද්ද කියලා බලන්නෙ නෑ හැමදේටම මටම කෑගහනවා.’’


‘‘හරි හරි පොඞ්ඩක් ඉන්නකො කේන්ති ගන්නෙ නැතිව. අම්මට කේන්ති යනවා. එයා වයසයිනෙ. ඔයා  ඕවා ගණන් ගන්න එපා.’’ 


නිලංක සිය බිරිය වෙතට ළංවෙමින් පැවසුවේ ඇයව සනසන්නට මෙනි. 


අසංකා දෙස හොරැුහින් බැලූ නිලංක ටිකක් ඉවසන්නකො හොඳ ළමයා වගේයි පවසා සිටියේ ඇයගේ මුහුණට තට්ටුවක්ද දමමිනි. 


එලෙසට කාලෙ ගතවෙද්දි මල්ලිකා බැණ වැදුණත් අසංකා ඉවසාගෙන සිටියේ නිලංකගේ කියමන් නිසාය. විමුක්තිත් සුජානිත් අලූත් නිවසකට යන්නේ මේ කාලයේදීය. ඔවුන් නිවසින් පිටව යන විට අසංකාට දැනුණේ දැඩි සිත් වේදනාවකි. අක්කා යනවට මම කැමති නෑ. අසංකා සුජානිගේ අත අල්ලාගෙන පැවසුවේ ඉතා දුක්බර ලෙසින්ය. 


අපි ඔක්කොටම මෙහෙ ඉන්න බෑනෙ නංගි. ඔයාටයි මල්ලිටයි මෙහෙ ඉන්න පුළුවන්නෙ. තවත් මෙහෙ හිටියොත් ප‍්‍රශ්නත් වැඩිවෙනවා. 


ඒ වුණත් අක්කෙ.. මට මේ මහ ගෑනිත් එක්ක ඉඳලා එපා වෙයි. අසංකා එසේ පවසමින් සුජානිට සමුදුන්නේ ඇගේ දෙපා වඳිමිනි. 


අනතුරුව විමුක්ති තම මව වෙත ගොස් ඇගේ දෙපා වැන්දේය. 


‘‘මගෙ රත්තරන් පුතාට දෙවි පිහිටයි!’’


මම එහෙනම් යන්නම් අම්මේ. විමුක්ති එසේ පැවසුවේ මව දෙස බලමිනි. මහගෙදරින් නොයන්නැයි මල්ලිකා බොහෝ වරක් විමුක්තිට පැවසුවත් ඔහු එයට එකඟ නොවුණි. එහෙත් එහි විසීමට සුජානි එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. සුජානිත් විමුක්තිත් නිවසින් ගිය පසුව මල්ලිකාට ඇතිවූයේ පාළුවකි. 


ඔවුන්ගේ පිටව යාමත් සමඟ මහගෙදර ඉතා පාළු තත්ත්වයක් ඇතිවිණි. එහෙත් අසංකා නිවසේ වැඩ කටයුතුද නැන්දම්මා ගැනද සොයා බලා ඈට අවශ්‍ය උදව් උපකාරද නොපැකිළිව ඉටු කරන්නට වූවාය. 


ඒත් එලෙසින් ඔවුන් දෙදෙනාට සිටිය හැකි වූයේ ඉතා කෙටි කලකි. අළුයට තිබූ ගිනි පුපුරක් මෙන් මල්ලිකාගේ කෝපය දිනක් පුපුරා යන්නට විය.  


ඈ අසංකා සමඟ පෙර මෙන් රණ්ඩු කරන්නට පටන් ගත්තාය. 


‘‘මගෙ පුතාගෙ ඔළුවට එක එක කුණු ගොඩවල් දාන්න එපා’’


‘‘කව්ද මමද කුණු ගොඩවල් දැම්මෙ....’’ රණ්ඩුව ඒ මොහොත වන විට එන්න එන්නම දරුණු විය. 

කේළම් කියලා මගෙ පුතාව ඈත් කරන්න හදනවායි නැන්දම්මා පවසන විට අසංකාගේ හදවතද, ගතද දැඩි වන්නට ගියේ සුළු මොහොතකි. ඇයට එවර ඇති වූයේ දැඩි කේන්තියකි.


‘‘මට එක එක්කෙනා ගැන කේළම් කියන්න  ඕන නෑ.  ඕවා කියවකියව ඉන්න මට වෙන වැඩක් නෑනේ.’’


‘‘වැඩ... අපොයි ඔව් අනේ මගෙ කට කුමාරිහාමි වගේ ඉඳගෙන කකා බිබී ඉන්නවා විතරයි. වෙන මොනවද කරන්නෙ මේ ගෙදර..’’


රණ්ඩුව දුරදිග ගියේ නොසිතූ විලසිනි. අවසානයේ අසංකා නිවස අතහැර යාමට තීරණය කළාය. නැන්දම්මාගේ කට කැඩිච්ච කතා ඇසීමට ඇයට තවත් හැකියාවක් නොතිබිණි. රෙදි බෑග් සියල්ල සූදානම් කරගත් අසංකා තම ගම් පියස වෙත ගියේ නිලංකටත් දැනුම්දීමකින් තොරවය. 


එදින නිලංක නිවසට පැමිණෙන විට ඔහුගේ මව සාලයේ පුටුවක වාඩිවී සිටි අතර මව දෙස බැලූ ඔහු කාමරය වෙත ඇදුණේ සිය මව එදිනත් මුහුණ නරක් කරගෙන සිටි බැවිනි. 


අසංකා පෙනෙන්නට නොසිටි හෙයින් නිලංක ඇයට හඬ නඟා කතා කරන්නට විය. 


‘‘එයා ගෙදර ගියා...’’ සාලයේ සිටි මව උස් හඬින් යුක්තව පවසන්නට වූයෙන් නිලංක ගල් ගැසුණාක් මෙන් විය. ඒ මොහොතේ තද නිශ්ශබ්ධතාවක් අවට පැතිරෙන්නට වුණේ සොහොන් බිමක නිහැඬියාවක් මෙනි. 


නිලංක සිය කාමරයට විත් කල්පනා කරන්නට වූයේ අහස පොළොව ගැටලන්නට මෙන්ය. පසුදින ඔහු කාර්යාලයට ගියේද නැත. 


පසුදින සවස අසංකාගේ නිවෙසට ඔහු ගියේ ඇය නැවතත් තම නිවෙසට කැඳවාගෙන ඒමේ බලාපොරොත්තුව ඇතිවය. 


‘‘අසංකා අපි ගෙදර යමු’’ 


‘‘මට බෑ.. ඔයාගෙ අම්මත් එක්ක ඉන්න. කොච්චර හොඳින් ඉන්න හැදුවත් හැමදාම රණ්ඩු කරනවා. මම ඉවසුවා හොඳටම ඇති.’’


අසංකාගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැලෙන්නට වූයේ ඉතා දුක්බර ලෙසටය. කම්මුල මතින් වැටෙන කඳුළු බිඳු ඈ පිසදමන්නට වූවාය. 


නිලංක කෙතරම් පෙරැුත්ත කළත් අසංකා ඔහුගේ නිවෙසට පැමිණියේ නැත. නිලංකගේ සියලූ බලාපොරොත්තු සුනු විසුනු වූයේ ඒ මොහොතේය. 


නිලංක නැවත නිවෙසට පැමිණියේ සිය මුනිවත රකිමිනි. මේ හැමදේටම මුල අම්මා. ඔහුගේ සිත කියයි. ඒත් අම්මාට දොස් පැවරිය නොහැකිය.

අම්මාගෙන් වරදක් සිදුවුවද ඒ බව පැවසීමට ඔහුට නොපුළුවන. 


කාලය ගතව ගියේ පවනට බඳු වේගයෙනි. අසංකා ඒ වන විටත් නිලංකගේ නිවෙසට පැමිණියේ නැත. අවුරුදු දෙක තුනක්ම එලෙසට ගතවිණි. 
නැන්දම්මා, ලේලි ගැටුම් කොතරම් දුර දිග ගියාද කිවහොත් එය කෙළවර වූයේ දික්කසාදයෙනි. 


ඊට මාස කිහිපයකට පසු නිලංකගේ මව විසින් කපුවකු මාර්ගයෙන් නැවතත් විවාහයක් කරදීමට කටයුතු සැලසුම් කරනු ලැබුවාය. මවගේ සිත තළාපෙළා දැමීමට නොහැකි වූ නිලංක ඊට කිසිවක් නොකියාම කැමැත්ත ප‍්‍රකාශ කළේ අසංකාගේ දික්කසාදයේ වේදනාවත් සමඟිනි. 


ඒ විවාහ උත්සවයත් ජයටම පැවති අතර ඉන් මාස පහ හයකට පසුව නැවතත් සුපුරුදු පරිදි අලූත් ලේලිය සමග මල්ලිකා රණ්ඩු කරන්නට වූයේ පෙර පරිදිය. ඒ වන විට නිලංකගේ සිතද ඉතා දරුණු ලෙසට අවුල්වී තිබිණි. ඔහු දැඩි ලෙස මතට ඇබ්බැහි වූයේ මේ හේතුන් නිසාය. දුක් ගින්දරින් දැවෙන හිතට සහනයක් ඉන් ලබාගත හැකි යැයි ඔහු සිතන්නට විය. 


මල්ලි ඔයා බොනවා වැඩියි.  ඕක නවත්තන්න දිනක් විමුක්ති නිලංකට පැවසුවේ ඔහු බීගෙන නිවසට පැමිණි විටය. 


එදින සුජානිත්, විමුක්තිත් ඔවුන්ගේ දරුවාත් මහගෙදර පැමිණ සිටියේ පවුලේ අයගේ දුක සැප සොයා බැලීමටය. 


ඔහොම බීලා වාහන එළවන්න එපා... අයියාගේ ඒ වදනින් නිලංක කරබා ගත්තේ ඉබ්බකුගේ හිස, කටුව ඇතුළේ සඟවා ගන්නාක් මෙනි. 


බමන මතින් සිටින්නෙකුට උපදෙස් දීමෙන් පලක් නැති බව විමුක්ති දනී. කාලය ගතව ගියත් නිලංකගේ වේදනාවේ නම් අඩුවක් නොමැත. ඔහු කීප වරක්ම අතපය කඩාගෙන රෝහල් ගතව සිටියේ මත්පැන් පානය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. 


ඒ කාලය අතරතුර නිලංකගේ අලූත් මනාළිය වන පියුමි වෙනත් පුද්ගලයකු සමග සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තිබිණි. 


ඒ ආරංචිය කන වැකීමත් සමඟ නිලංකගේ හිතට දැනුණේ දැඩි සංවේගයකි. කිසිවක් කරකියා ගත නොහැකි ලෙස ඔහු ඒ ගැන කල්පනා කරන්නට වුණේ ජීවිතය පිළිබඳව කලකිරීමක් සිතේ තුරුලූ කර ගනිමිනි. 


එදින නිලංක හොඳ හැටි මිතුරෝ කිහිප දෙනෙක් සමඟ මත්පැන් පානය කරන්නට වූහ. මත්පැන් සාදය අවසන් වන විට රාත‍්‍රී 12ත් පසුවී තිබිණි. වෙරි මතින් සිටි නිලංක වාහනයට ගොඩ වූයේත් ඉතා අපහසුවෙනි. 


‘‘ඒයි.. ඔයාට පාර පේනවද’’ කල්ප නිලංකගෙන් ඇසුවේ ඔහුට කෙළින් යන්නටවත් නොහැකි වූ නිසාය. 


‘‘මට කෙළින් යන්න පේනවා..’’ නිලංක එසේ පැවසුවේ වාහනය පණ ගන්වමිනි. 


නිලංකගේ මෝටර් රථය සුදුවැලි තලය මතින් මාර්ගයට පැමිණියේ අධික වේගයකිනි. එහෙත් නිලංකට යා හැකි වූයේ ටික දුරකි. 


ඉදිරියෙන් ආ ලොරියක නිලංකගේ මෝටර් රථය ගැටිණි. ඒත් සමග මෝටර් රථය ඔහුත් සමඟින් ඉදිරියට ඇදීගෙන ගොස් නැවතුනේ ගසක වැදෙමින්ය. ඉන් ඔහුගේ දෙපා සම්පූර්ණයෙන් බිඳී ගොස් තිබිණි. 


මේ සිද්ධිය ආරංචි වීමත් සමඟ රෝහල වෙතට ගිය නිලංකගේ නිවසේ අයට දැකගත හැකිවූයේ සිහිසුන්ව ඇද වැටී සිටි ඔහුය. ඉන් දැඩිසේ ශෝකයට පත් නිලංකගේ මව බෙරිහන් දෙන්නට වූවාය. 


පුතාට මේ කරදරේ වුණේ මං හින්දා.. මම තමයි මේ හැමදේකටම වග කියන්න  ඕන. මල්ලිකා ළයෙහි අත් ගසමින් වේදනාවෙන් හඬා වැටෙන්නට වුණේ පිස්සියක මෙනි. 


එහෙත් දැන් ඒ කිසි දෙයක් ගැන සිතා පලක් නොවේ. ජීවත්ව සිටින කාලයේදී හොඳින් ජීවත් වූවා නම් කිසි දේකට හඬා වැළපෙන්නට අවශ්‍ය නැත.

මරුවාගේ කටින් ගොඩ ඒමට නිලංකට හැකිවූ නමුත් ඔහු සදාකාලික අබ්බගාතයෙක් වූවේය. 


මාස ගණනක්ම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන නිවසට ගියත් ඔහු සදහටම රෝද පුටුවට සීමා වුණේ පවුලේ සියල්ලක්ගේම දෑස්වලට කඳුළු එක් කරමිනි. 


ඔහු රෝද පුටුවෙන් යන එන විට මවට ඇති වූයේ නිම කළ නොහැකි වේදනාවකි. කරකියා ගත හැකි දෙයක් නොමැතිව ඇය කල්පනා කරන්නට වූයේ ඒ නිසාය. පපුවේ පත්තුවෙන ගින්දරත් සමග ඇය නොමැරී ජීවිතය ගත කළාය. 


ලේලියන් ගැන පුතුන්ට කියූ කේළම් නිසා මෙවැනි විපතක් සිදුවේ යැයි ඈ කිසිසේත්ම නොසිතන්නට ඇත. ඇයට අවශ්‍ය වූයේ ලේලියන් තම මෙහෙකාරියන් ලෙස තබා ගැනීමය. ලොකු පුතාගේ බිරිඳ මේ හැමදේම ඉවසා සිටියත් අනිත් දෙදෙනාටම නැන්දම්මාගේ දොස් පරොස් නොරිස්සුවාය. නැන්දම්මා, ලේලි ගැටුම් එන්න එන්නම වැඩි වෙන්නට වූයේ ඒ නිසාය. 


නිලංක සදාකාලික අබ්බගාතයෙකු වූ නිසා මාස්පතා වැටුප ඔහුට ලැබිණි. ඔහු වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. නිලංකගේ අලූත් මනාළිය වූ පියුමි ඔහු වෙනුවෙන් හැම කටයුත්තක්ම ඉටු කර දුන්නේ නොපැකිළිවය. කිසි දේකින් අඩුපාඩුවක් කළේ නැත. නමුත් අවුරුදු 25 පමණ වයසේ සිටි ඇයටද ජීවිතේ තනිකමක්, අසරණකමක් කාලයත් සමඟ දැනෙන්නට විය. 


දින සති මාස එසේ ගතවීමත් සමග පියුමි පෙර පරිදිම ඇයගේ අනියම් සම්බන්ධය දිග දුර ගෙන ගොස් තිබිණි. 


මෙවැනි ව්‍යසනයන්ට මූලික හේතුව වූයේ නැන්දම්මා, ලේලිය අතර ඇතිවූ හබයයි. එවැනි දේවල් නොවීමට වගබලා ගැනීම යහපත් සමාජයක් පතන අප කාගෙත් වගකීමයි. 

   m



අදහස් (0)

නිමක් නොදුටු නැන්දා ලේලි ගැටුම

කල්ප Monday, 12 October 2015 08:30 AM

මේක නම් මටත් මහා වදයක්. දෙන්නගෙන් එක්කෙනෙක් වත් යටත් වෙන්න කැමති නෑ. හිතන්නෙම හරහට. මොනා කරන්නද කියල මට තේරෙන්නේ නැහැ. (අ)

:       0       0

සුධාරී Wednesday, 14 October 2015 05:30 AM

මටත් මේ වගේම අත්දැකීම් තිබුණා. මොකද මං විවාහ උනෙත් ලොකු පුතා එක්ක අපේ නම් නැන්දම්මා විතරක් නොවී මහත්තයගේ තාත්තා හොද නෑ. අනේ ඒවා මතක් වෙනකොට හිතට හරිම වේදනයි. මොනවා උනත් මං අද දරු දෙන්නත් සැමියත් එක්ක ලංකාවත් දාලා ගුරු සේවයත් දාලා මෙහෙට වෙලා ඉන්නවා. මට හිතා ගන්න බැරි මොකද එයාලට ලේලිව දරුවෙක් වගේ හිතන්න බැරි කියලා. (ර)

:       0       0

ධම්ම Saturday, 10 October 2015 05:03 AM

මා මෙය දකින්නේ වෙනස් ආකාරයකටයි. ගැහැණු දෙදෙනෙක් ඇති තැන සැමවිටම ගැටුම් ඇතිවෙනවා. මවයි දියණියයි අතර දිනපතා කොතරම් ගැටුම් ඇතිවෙනවාද. මව සහ දියණිය යන ලේ බැඳීම නිසා ඒවා දුරදිග යන්නේ නැහැ. එහෙත් ලේලිය සහ නැන්දම්මා යනු එවැනි බැඳීමක් නැති දෙදෙනෙක්. ඒ නිසා එම ගැටුම් පරිත්‍යාග සිතින් යුතුව විඳ දරා නොගතහොත් අනිවාර්යයෙන්ම දුරදිග යනවා. (ර)

:       0       0

සෑම් Friday, 16 October 2015 09:07 AM

මට මේකට කිට්ටු අත්දැකීමක් තියෙනවා. මට බින්න බහින්න උනා. නැන්දම්මා මගේ ගැන බොරු බිරිඳට කියනවා හැමදාම. ඒ මදිවට මගෙත් එක්ක රණ්ඩුවෙලා ටැප් එක ඇරියා වගේ අඬනවා. දවසක් බිරිඳ මට කීවා ගෙදරින් යන්න කියලා. එත් මම මගේ පිරිමිකම ලමයි නිසා උගසට තියලා ගෙදරින් යන්නේ නැතුව හිටියා. සෑහෙන කාලයකට පස්සේ අපි පවූලක් වශයෙන් වෙනම ඉන්න ගත්තා. දැන් මගේ බිරියටත් තේරිලා කොච්චර අවුරුදු ගානක් අපි ජීවිතයෙන් නාස්ති කර ගත්තද කියලා. (ර)

:       0       0

සරසි Friday, 16 October 2015 09:34 AM

බැන්දාට පසුව වෙනම ජිවත් වෙන තරම හොඳයි. මට නෑනාලාම 4 දෙනෙක්. ලොකු එක්කෙනා අවිවාහකයි. අපි ඉන්නේ සැමියාගේ මහා ගෙදර සිට ගමන් කාලය පැයක දුරින්. ඒගොල්ලන්ගේ විදිය දන්නා නිසාත් එයාගේ මල්ලිගේ විවාහය අර කට්ටිය නිසා ඔන්න මෙන්න කැඩුන නිසාත් අපි නම් මුල සිටම වෙනම පදිංචි වුනේ. දැන් නෑකම සහ හොඳ හිත දෙකම රැකිලා. (ර)

:       0       0

කල්පනා Wednesday, 14 October 2015 01:48 AM

මම මේ ලියන්නේ අත්දැකීමෙන්. මගේ නැන්දම්මා සහ නෑනා මගේ විවාහය කඩන්න පුදුම මහන්සියක් ගත්තා. මම විවාහ වුණේ තාත්තා නැති පව්ලේ ලොකු පුතා එක්ක. ඒ වගේ කෙනෙක් එක්ක විවාහ වෙනකොට හරිම පරිස්සම් වෙන්න ඕනෑ. විවාහවෙලා වෙනම ජීවත්වෙන එක තමා කරන්න ඕනෑ. (නි)

:       0       0

පතිරණ Wednesday, 14 October 2015 08:21 AM

ඔයාලා කාටවත් නැති ප්‍රස්නයක් මට තියෙන්නේ, මගේ එකම පුතා විවාහ වෙන වයසේ ඉන්නේ, මගේ බිරිද කියනවා ලේලියෙක් ගෙනාවොත් එයා ගෙදර රජ කරයිලු, දුවට ගේ දෙන්නලු, පුතාට වෙන ගෙයක් හදලා දෙන්න මගේ අතේ සල්ලිත් නැහැ, පුතාත් ලඟදි රස්සාවකට ගියේ එයා ඉතුරු කර ගත්ත දෙයකුත් නැහැ, අනික ඉන්න එකම කොල්ලා ගෙදරින් එලියට දාලා මම කාගේ පිහිටෙන් ජීවත් වෙන්නද? (ර)

:       0       0

ඉනෝකා Saturday, 10 October 2015 07:32 PM

මෙතන ගැහැණු දෙන්නෙක් නොව තුන්දෙනෙක්ම ඉන්නවා.තුන්දෙනාටම ලේ බැඳීමක් නැහැ.එක ගැහැණියකට මෙය ප්‍රශ්නයක් නොවුයේ එයාගේ උතුම් ඉවසීමේ ගුණාංගය නිසයි.ඉවසීමෙන් සැනසීම ලබාගත් ඇය මුළු පවුලම රැකගත්තා නොවේද?වරෙක තමනුත් ලේලියක් වී සිටි බව නැන්දම්මලාට නොතේරෙන්නේ පුතාලාගේ අවාසනාවටය.ගිරයට අසුවුණු පුවක් ගෙඩිය මෙන් පුතා තැලීපොඩිවී විනාශ වනවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය.එක ගෙයි දීග කනවාට වඩා මෙවන් පවුල් වෙනම ජීවත්වුණොත් තම පවුල රැකගත හැකියි යනු මගේ අදහසයි. (නි)

:       0       0

විපුල Sunday, 11 October 2015 10:26 PM

හොඳ කතාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3394 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 384 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site