IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නොමිලේ කොණ්ඩය - රැවුල කැපූ නිට්ටඹුවේ දන්සල

රුපියල් 100, 200, 300, 400, 500 යනාදී වශයෙන් වෙනදා මුදල් ගෙවා තම තමන් රිසි පරිදි විවිධ හැඩතලවලට අනුව කොණ්ඩා කපාගත් ජනතාවට විශේෂයෙන් තරුණ පිරිස්වලට මෙම දන්සලේදී එයාකාරයෙන්ම නොමිලයේම කොණ්ඩා කපා ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. තරුණ කාන්තාවන් හා යෞවනියන් රැුසක්ද මෙම දන්සලේ තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැුඳීසිට තම තමන්ට රිසි පරිදි කොණ්ඩා සකසා ගන්නා අයුරු දක්නට ලැබුණි.
 

යුවතියකගේ කොණ්ඩය සකස් කළ අයුරු

 

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලක්වාසී බොදු බැති ජනතාව පරහිතකාමීව සිදුකරන බොහෝ දේ අතර විවිධ දන්සල් සංවිධානය කිරීමද එදා මෙදාතුර අඛණ්ඩව සිදුවෙයි.

බොහෝ දන්සල්වලින් සිදු කෙරෙන්නේ ආහාර පානවලින් ජනතාවට සංග‍්‍රහ කිරීමය. මෙම දන්සල් අතරට එක්වූ සුවිශේෂී දන්සලක් මෙම වෙසක් පුන් පොහෝදින (14 දා) දහවල් නිට්ටඹුව නගරයේදී පැවැත්විණි. ජනතාවගේ කොණ්ඩා හා රැවුල් නොමිලේ කැපීම මෙම දන්සලේ සුවිශේෂය විය.

තරුණයකුගේ කොණ්ඩය කැපූ අවස්ථාව
 
පෝලිමේ උන් වැඩිහිටියන් පිරිසක්

නිට්ටඹුව, ශාන්ත අන්තෝනි මාවතේ ”ඇසිර සැලොන්” ආයතනයේ කළමනාකරු කොණ්ඩා සැකසුම් ශිල්පී ධමිත් සමරනායක මහතා විසින් මෙම අපූරු දන්සල සංවිධානය කර තිබුණි. ළමා, තරුණ, වැඩිහිටි, කාන්තා, පිරිමි දෙපක්ෂයේම කොණ්ඩා කැපීම හා පිරිමින්ගේ රැුවුල කැපීම මෙම දන්සලේදී සිදු කෙරුණි.

සෙසු දන්සල් මෙන්ම මෙම දන්සල පිිළිබඳවද සිදු කරන ලද පූර්ව දැනුම්දීමකට අනුව නොමිලේ කොණ්ඩා හා රැුවුල් කපා ගැනීම සඳහා කාන්තා හා පිරිමි දෙපක්ෂයම පෙරවරු 9, 10 වන විට දන්සල අසල පෙළගැසී තම වාරය පැමිණෙන තුරු රැඳී සිටින්නට වූහ.

රුපියල් 100, 200, 300, 400, 500 යනාදී වශයෙන් වෙනදා මුදල් ගෙවා තම තමන් රිසි පරිදි විවිධ හැඩතලවලට අනුව කොණ්ඩා කපාගත් ජනතාවට විශේෂයෙන් තරුණ පිරිස්වලට මෙම දන්සලේදී එයාකාරයෙන්ම නොමිලයේම කොණ්ඩා කපා ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. තරුණ කාන්තාවන් රැුසක්ද මෙම දන්සලේ තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැුඳීසිට තම තමන්ට රිසි පරිදි කොණ්ඩා සකසා ගන්නා අයුරු දක්නට ලැබුණි.

මෙම සමාජ සත්කාරය සංවිධානය කළ ධමිත් සමරනායක මහතා මේ සඳහා ප‍්‍රවීණ කොණ්ඩා සැකසුම් ශිල්පීන් පස් දෙනෙකු යොදවා තිබිණි. ගාමිණී ජයලත්, ලක්මාල් ඒකනායක, රංජන් ප‍්‍රසන්න වික‍්‍රමනායක, සංජය විජය පතිරත්න, උපුල් ප‍්‍රියදර්ශන එම ශිල්පීහු පස්දෙනා වූහ.

මේ පිළිබඳව ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වූ සංවිධායක ධමිත් සමරනායක මහතා මෙසේ පැවසීය. මෙම කොණ්ඩා හා රැුවුල් කැපීමේ දන්සල සංවිධානය කළේ මා යටතේ සේවය කරන ගාමිණී ජයලත් ජ්‍යෙෂ්ඨ ශිල්පියාගේ අදහසකට අනුවයි. 200 ත් 250 ත් අතර පිරිසකගේ කොණ්ඩා හා රැුවුල් කැපීම සිදුකළා. කාලවේලාව පිළිබඳව ගැටලූ මතුවුණු නිසා දන්සලට පැමිණි තවත් සැලකිය යුතු පිරිසකට අපගේ සේවය ලබාදිය නොහැකි වුණා. ඒ පිළිබඳව අපි කනගාටුවෙනවා කියාය.


 

තරුණියකගේ කොණ්ඩය සැකසූ අවස්ථාවේදී

 



අදහස් (0)

නොමිලේ කොණ්ඩය - රැවුල කැපූ නිට්ටඹුවේ දන්සල

නයන සුභසිංහ Thursday, 22 May 2014 01:22 PM

හොද වැඩක් කරලා තියෙන්නේ. වෙනස්ම අත්දැකීමක්..ඔබ සැමට සුබ පැතුම්.ඉදිරියේදිත් මෙවැනි දෑ සදහා යොමු වීමට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා (අ)

:       0       0

සමන් පෙරේරා Thursday, 22 May 2014 01:54 PM

බුදු තෙමගුල වගේ උතුම් දිනයක මෙවන් දේවල් පින් අතේ වැඩක් වෙනවද නැතිනම් ප්‍රසිද්දිය ගන්න කරාද ??? (දී)

:       0       0

සුමින්ද ජයනාත් Wednesday, 21 May 2014 04:44 PM

ගොඩක් හොද දෙයක් (නදී)

:       0       0

සුරන් අප්පුහාමි Thursday, 22 May 2014 02:14 PM

හොඳයි ලක්මාල් මේක හොඳ දෙයක් (දී)

:       0       0

රුවන් Friday, 23 May 2014 10:47 AM

සමන් පෙරේරා ඔයා මහා මෝඩ අදහසක් කියල තියෙන්නේ. (ස)

:       0       0

ලක්මාල් Saturday, 07 June 2014 06:38 AM

ප්‍රතිචාර වලින් අප හට ස‍හයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතියි! (නි)

:       0       0

නයනජිත් Thursday, 22 May 2014 03:00 PM

කවදාවත් අහලා නෑ මේ වාගේ වැඩක්. වැඩේ ගොඩක් හොදයි. (නදී)

:       0       0

පූර්ණ Saturday, 24 May 2014 01:34 AM

මේ මහත්තුරු කරල තියෙන්නෙ ඉතාමත් හොඳ පිංකමක්.මෙහිදී තමන්ගේ කොන්ඩය සකසා ගත් අයත්, ඒ වගේම ඒ කාර්‍යය කල ශිල්පීන් කංඩායමත් යන දෙකොටසම චිත්ත ප්‍රීතියට පත් වෙනවා​. සියලු දේ මුදලින් මනින අද දවසේ මෙය දුර්ලභ වැඩක්. දානය දෙන්නාත් දන් ලබන්නාත් එකසේ සතුටු වීම උතුම් දෙයක් බව බුදු දහමෙත් පෙන්වා දී තිබෙනවා. (නදී)

:       0       0

ජයනාත් අපොන්සෝ Wednesday, 21 May 2014 06:17 PM

අලුත් දන්සලක් වගෙයි. මේ ගැන අපිට සතුටුයි. සුභ පතනවා! (නි)

:       0       0

රුවන් Sunday, 01 June 2014 11:56 AM

ඕනෑම හොඳ දෙයක් කරන කොට සමහර මිනිස්සු විවේචනය කරනවා.ඔයාලා කරලා තියන්නේ හොඳ දෙයක්. (ස)

:       0       0

ලක්මල් Saturday, 24 May 2014 05:22 AM

සමන් පෙරේරා, ප්‍රසිද්ධියක් ගන්න නෙමෙයි අපි ඕක කළේ. අපි මේක දන්න රැකියාව. අපිට තවත් කෙනෙකු වෙනුවෙන් කරන්න පුලුවන් සේවය තමයි අපි කළේ. ඔබටත් අනෙක් අය වෙුනවෙන් කරන්න යමක් තියෙනවා නම් කරන්න.(නදී)

:       0       0

ලසිත් Sunday, 25 May 2014 06:14 PM

ඉතා සතුටුයි.! තමන්ට හැකි විදියට හිත හොඳින් කල කටයුත්තක්. ! (ස)

:       0       0

අසින්ත-(කී බෝර්ඩ්) Monday, 26 May 2014 10:06 PM

ලක්මාල් කියන්නේ කොහොමත් යක්කල ලුවිසාවත්තේ හිටපු හිත හොදම කොල්ල. අසරණ මිනිස්සු වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා. ගොඩක් පින් ඔයාලට.(නදී)

:       0       0

රෝහිත Friday, 06 June 2014 08:24 PM

වෙනස්ම විදියේ දන්සලක්. සංවිධානය කළ සියල්ලන්ටම පින්! (නි)

:       0       0

අසෝකා Monday, 26 May 2014 01:43 PM

ඇත්තටම මෙහෙම විවිධත්වයක් තිබිය යුතුයි. මෙයත් හැම දෙනාටම අත්‍යවශ්‍ය සේවාවක්. මේ ගැන සිතා සංවිධානය කල අයටත්, සේවය කල අයටත්, ඒ ගැන දැනගැනීමට සැලැස්වූ ලංකාදිපයටත් ස්තුතිවන්තවෙමි. ඉදිරියටත් මෙවැනි දන්සල් මගින් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමට ඔබ සැමට හැකියාව ලැබේවා! (නදී)

:       0       0

ජයසිංහ Sunday, 25 May 2014 05:08 AM

ඉතාමත් අගනා කාර්යයක් (නි)

:       0       0

පාලිත පෙරේරා Thursday, 22 May 2014 06:39 PM

උතුම් කාර්යයක්. අලුත් දෙයක්. නියමයි.(නදී)

:       0       0

ජානක Friday, 23 May 2014 08:49 AM

හොඳ අදහසක්. හොඳට සංවිධානය කර තිබෙනවා. (ස)

:       0       0

ලක්මල් Thursday, 22 May 2014 12:48 PM

අපි තමයි මේ වැඩේ කළේ. ලංකාදිප පුවත් වලට ගොඩක් පින්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 462 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 61 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 141 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 351 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 239 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 958 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site