නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නයි නළඟනක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ නාගයෙකු හා ඇය අතර පවතින අසීමිත බැඳීම හා ඒ නාගයා සමග එක්වී කරන රැඟුම් නිසාය.
දෙවැනි වරටත් ඇය පුවත් මවන චරිතයක් වූයේ ද හදිසියේ සිදුවූ මේ අකරතැබ්බය නිසාය. ඇයට පහර දී මහ මඟ දමා යාම එම සිදුවීමයි.
.jpg)
පිටකොටුව ප‍්‍රදේශයේ විදේශීය රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන සෞදි අරාබි ජාතිකයෙක් සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති නිරෝෂාට පහරදීම් කර ඇත්තේ ඇයගේ එම අරාබි ජාතික පෙම්වතා විසින් බව ඇය පොලීසියට කියා ඇත.
අරාබි ජාතික පෙම්වතා ඇයට පහරදී මීතොටමුල්ලේ පාරක දමා ගොස් සිටියදී වැල්ලම්පිටිය පොලීසියට හමුවීමෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබීය.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන නයි නළඟන සමඟ කතාබහ කිරීමට මට අවස්ථාවක් ලැබිණි. ඒ පසුගිය 23 වැනිදාය.
”මගේ පෙම්වතාගේ මීතොටමුල්ලේ ගෙදර තමා අයියේ පදිංචිවෙලා ඉන්නේ. එයා මාව විවාහකර ගන්න බවට පොරොන්දු වෙලා ඉන්නේ. අපි දෙන්නට දෙන්නා පුදුම ආදරයකින් හිටියේ. මගේ ළඟ නයි දෙන්නෙක් ඉන්නවා. ඒ නයි දෙන්නව දේවාලයකින් මම අරගෙන ආවේ. ගෙදර සාලයේ මෙට්ටයක් දමාගෙන මම නයි දෙන්නව හුරතල් කරමින් හිටියා. නයි දෙන්නව හුරතල් කරමින් ඉන්න කොට මගේ පෙම්වතා මට පහර දුන්නේ. එයා කැමති නැහැ මම නයි දෙන්නාට ආදරය කරනවට. ඒ විතරක් නෙවේ. නයි දෙන්නව ළඟ තියාගෙන හුරතල් කරනවාටවත් එයා කැමැත්තක් දක්වන්නේ නැහැ.
”වෙනදා වගේම නයි දෙන්නව මෙට්ටය උඩ තියාගෙන මම හුරතල් කරමින් ඉන්නකොට එයා මට පහර දුන්නා. එයා මගේ නාග හුරතලූන් දෙන්නාට පෙට‍්‍රල් දමා ගිනි තියන්න හැදුවා. මම ගුටි කාගෙනම කොහොම හරි නාගයන් දෙදෙනාව එයාල හිටිය පෙට්ටියටම නැවත දැම්මා. මම හොඳටම බයවුණා මගේ නයි හුරතලූන් දෙදෙනා මරා දමාවි කියලා. ඒ දෙන්නා මරලා දැම්ම නම් මටත් ජීවත් වෙලා වැඩක් නැහැ. නයි හුරතලූන් දෙන්නා නැති ජීවිතයක් ගැන මට හිතාගන්නවත් බැහැ. මට මගේ නයි හුරතලූන් දෙන්නා ළඟ නැති නිසා ලොකු සංකාවක් තියෙන්නේ. හරිම දුකක් පාළුවක් ඒ දෙන්නා නැතිව මට තියෙන්නේ. අනේ අයියේ... ඒ පාළුව දුක ගැන කියන්න මට තේරෙන්නේ නැහැ” යැයි නිරෝෂා විමලරත්න කියා සිටියේ ඇය පහරකෑමෙන් ඇතිවූ වේදනාවට වඩා අධික වේදනාවකිනි.
”නංගි... ඔයාගේ නයි හුරතලූන් දෙදෙනා මේ දින ටිකේ කෑමක් බීමක් නැතිව බඩ ගින්නේ ඉන්නවා ඇති නේද?”යි කියා මම විමසුවෙමි.
ඒ පැනයට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.
”අනේ අයියේ... ඒ ගැන හිතනකොටත් මට ඉවසන්න බැරි වේදනාවක් දුකක් ඇති වෙන්නේ. මගේ නයි හුරතලූන් දෙදෙනාට මගේ අතින්මයි කෑම කවන්නේ. නැත්නම් උන් දෙන්නා කෑම කන්නෙත් නැහැ. මම ඉක්මනට නාග හුරතලූන් දෙන්නා මගේ ළඟට ගන්න ඕනෑ. ඒ දෙන්නාට මගේ උණුසුම නැතිව ඉන්නත් බැරි බව මම හොඳින්ම දන්නවා.” ඇය කීවාය.
”නයි සුරතලූන් දෙන්නට විතර ද ඔයා ආදරය කරන්නේ. ඔයාගේ අරාබි පෙම්වතා සුල්තාන්ට ආදරය කරන්නේ නැත්ද?” මගේ ඊළඟ පැනය විය.
”අයියා මේ මොනවාද කියන්නේ නාගයන් දෙන්නාටම වාගේම මම මගේ අරාබි පෙම්වතාටත් පුදුම ආදරයක් තියෙන්නේ. ආදරය තවම අඩුවෙලා නැහැ. එයා මට මේ විදිහට ගැහැව්වයි කියලා එයාට තිබුණ ආදරය සෙනෙහස පොඞ්ඩක්වත් අඩුවෙලා නැහැ. එයා ඇයි මේ විදිහට පහර දුන්නේ කියලා මට හිතාගන්නවත් බැහැ අයියේ. අපි දෙන්නා පුදුම බැඳීමකින් මේ ටික කාලයම හිටියේ. එයා මාව බඳින්න පොරොන්දුවෙලා හිටියේ. සමහර අය එයාට මම ගැන කේලම් කියලා තියෙන්නත් ඇති. ඒවත් එයාගේ හිතේ තියාගෙන ඉඳලා මේ විදිහට ගහන්න පෙළඹෙන්න ඇති කියලා මම හිතනවා. එයා මට කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් කළේ නැහැ. හැම පැත්තකින්ම එයා මට හොඳට සැළකුවා.” නයි නළඟන නිරෝෂා සෝබරව කියා සිටියාය.
”මට මීට කලින් පෙම්වතුන් දෙතුන් දෙනෙක් හිටියා. ඒ අයට මාව තේරුම් ගන්න බැරිව ගියා. ඒ හින්දා ඒ පෙම්වතුන් මාව අතහැරලා ගියා. මේ මගේ අරාබි ජාතික සුල්තාන් පෙම්වතා මාව හොඳින් අවබෝධ කරගත්තා. වෙනත් අය වගේ නෙවේ. අරාබි පෙම්වතාගේ අමුතුම විශේෂත්වයක් තිබුණා. ඒ කොයි වගේ විශේෂත්වයක් ද කියන්න මට තේරෙන්නේ නැහැ. අයියේ අපි දෙන්නා අන්‍යෝන්‍ය විශ්වාසයකින් තමා ජීවත්වුණේ. ඒක තවමත් හිතාගන්න බැහැ. එයා මේ තරම් නපුරු විදියට මට ගැහුවේ ඇයි කියලා” යැයිද ඇය පවසන්නීය.
”නංගි ඔයා ඊළඟට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ .....?” යනුවෙන් ඇසූ පැනයට නයි නළඟන දුන්නේ මෙවැනි පිළිතුරකි.

”පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලෙන් පිටවෙලා යන්න ඕනෑ. එහෙම ගිහින් මගේ සුල්තාන් පෙම්වතා හා නයි සුරතලූන් දෙදෙනා ළඟට යනවා. මගේ පෙම්වතා හම්බවෙලා සාකච්ඡා කරන්න ඕනෑ මගේ ආදරය බිඳක්වත් තවම අඩුවෙලා නැහැ කියලා එයාට කියනවා.”
”ඔයාගේ සුල්තාන් පෙම්වතා අයෙත් ඔයාට ආදරය කරයිද?”
”එයත් එක්ක කතා බහ කරනකම් ඒ ගැන මට මුකුත් කියන්න බැහැ. මම කරුණු පැහැදිලි කරලා දෙනවා. එයා මට ආයෙත් ආදරය කරන්න කැමැති වුණොත් මම සිද්ධවෙච්ච දේවල් අමතක කර දානවා. ඒ ආදරය වෙනුවෙන් එයා මට අකමැති වුණොත් කරන්න දෙයක් නැහැ. හිත හදාගන්නවා. මගේ නයි සුරතල්ලූ දෙන්නත් අරගෙන මම කලින් හිටපු ලිබර්ටි ප්ලාසා එකේ මගේ ගෙදරට යනවා. කවුරු නැතත් මට මගේ නයි පැටවු දෙන්නා ඉන්නවනේ. නයි දෙන්නා මම එනකම් මඟ බලාගෙන ඇති. මම කොහේ ගියාද කියලා හිතනවා ඇති.
”මම කුඩා කාලයේ ඉඳලම හරියට ආදරයක් කරුණාවක් ලබපු කෙනෙක් නෙවෙයි. ආදරයේ ගැඹුර වැටහුණේ මගේ සුල්තාන් පෙම්වතාගෙන්. මම කවමදාවත් පවුල් ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙවෙයි. ඒකත් මට මේ වගේ දෙයකට මුහුණ දෙන්න බලපා ඇති.”
”සුල්තාන් පෙම්වතාට විරුද්ධව ඔයාට පහර දුන්නු එකට නීති මගින් කටයුතු කරන්නේ නැද්ද?” මම විමසුවෙමි.
”මට එයාට විරුද්ධව නඩු කියන්න අවශ්‍යතාවක් නැහැ. ආදරය කළ හිතකින් වෛර කරන්න බැහැ කියල කතාවක් තියනවානේ. අයියත් ඒ කථාව අහලා ඇති නේ. මොනව වුණත් මම එයාට තවම ආදරෙයි. ආදරයේ තරම මට කියලා දුන්නේ මගේ අරාබි පෙම්වතා බව මම ආයෙත් කියනවා.”
”අරාබි පෙම්වතා ඔයාව බැඳලා පෙම්වතාගේ රටට යන්න කිව්වොත් කැමැති වෙනවාද? එතකොට ඔයාගේ නයි සුරතලූන් දෙදෙනාට මොකද වෙන්නේ.?” සාකච්ඡාව හමාර කිරීමට මත්තෙන් මම නයි නළඟනගෙන් විමසා සිටියෙමි.
නයි නළඟන මේ ඒ පැනයට දුන් පිළිතුරයි.
”එයා එහෙම යෝජනාවක් ගෙනාවොත් මම කැමැති වෙනවා කරණු පහදලා දීලා මගේ නයි සුරතල්ලූ දෙන්නත් අරන් යන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. සමහරවිට එයා අකමැති වුණොත් නයි දෙන්න ඒ ගොල්ලන්ගේ මව් හැපින්නට ගිහින් බාර දෙනවා. මව් හැපින්නිය ඒ දෙන්නව හොඳට බලා ගනීවි. ඒ බව මම දන්නවා.”
”මට මෙහෙම හිර වෙලා ඉන්න බැහැ. මට ගෙදර යන්න ඕනෑ” යැයි කියමින් ඇය හඬා වැටුණාය.
නයි නළඟන බැලීමට ඇය ප‍්‍රතිකාර ලබන වාට්ටුවට බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර ඔවුන් අතරින් වැඩි දෙනෙක් ඇය දන්නා හඳුනන අය නොවීමද විශේෂත්වයකි.
සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයින්ට ඔයතරම් කැමති නම් නයි පනික්කියෙක් විවාහ කරගන්න තිබුණානේ..!(නු)
මම දන්න විදියට නම් ඇගේ පෙම්වතා ඉරාන ජාතිකයෙක්. (නි)
ලංකාවේ මාධ්‍යට මීට වඩා වැදගත් පුවත් නැද්ද ? එදා දවස ගෙවා ගැනීමට නොහැකිව ආර්ථික මෙන්ම දේශපාලන ගැටලුවලට මැදිවි බැට කන මිනිසුන් බහුතරයක් ජීවත්වන සමාජයක කථාකලයුතු හා පෙන්විය යුතු දේවල් ඇත්තේම නැද්ද ? අනේ ලංකාවේ මාධ්‍ය. මේ විදියට ලිවේ ප්‍රධාන පුවත හැටියට ඇතැම් මාධ්‍යයයන්ට නලගනගේ පුවත ප්‍රධාන පුවත වු බැවිනි. (දී)
ඕන කෙනෙක්ට තේරෙනවා මෙයා කරන්නේ බොරුවක් කියලා (ස)
එයාටත් අරාබි දඩුවමක් දෙමු අපි. (නි)
නයි නැටුමේ ඊළග ජවනිකාව බලමු ඉදිරියට. මතු සම්බන්ධයි. (නි)
තනි ඇහැට ඇඩෙනවා මේවා දැක්කහම. (නි)
මේවට තමයි කියන්නේ නර නාටක කියලා.!(නු)
මේවාට වඩා ලංකාවෙ වෙන ගැටළු නැද්ද?(නු)
මෙයා ගැන කතාකරන අපබට දඩුවම් දෙන්න ඕන.. (නු)
මං මුලා වීලා කොහෙ මේ? අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී..!(නු)
මේවද දං ප්‍රධාන පුවත්.!(නු)
අනේ ඇයි අපේ අය මෙහෙම අයව හුරතල් කරන්නේ? (නි)
මොනවා කරන්නද නේද?(නු)
ඇයි අපි අපේ කාලය මෙවන් කාන්තාවක් වෙනුවෙන් නාස්ති කරගන්නේ? (නි)
මෙයාව කොහාට යවන්නද කියලා හිතාගන්න බැහැ (නි).
ඇයට අවශ්‍ය වන්නේ මානසික වෛද්‍ය ප්‍රතිකාරයි. නැත්නම් තවත් ඉදිරියට පුවත් මවන්නියක් බවට පත්වනු ඇත. (නි)
ලංකාවේ 1කොල්ලට කෙල්ලෝ 17 ඉද්දි ඇයි අරාබියෙක් අල්ල ගත්තේ......(ස)
අනේ නයනීනීනීනීනී...... (නි)
මේ වගේ අය රටට පිලිලයක් (ස)
විහිලු නැතුව ආදරයෙන් මේ ප්‍රශ්නය සළකා ඇයට උදව් කරනවා මිස ඇයට දොස් පැවරීමෙන් පළක් නැත. අපේ රටේ කාන්තාවන් දෙස අප මිට වඩා වෙනස් අයුරින් කල්පනා කළ යුතු කාලයකි මේ. අපේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායකවන්නේ අපේ ආදරණිය අම්මලා, නංගිලා,අක්කලා බව කිසිවෙක් කිසිදිනක අමතක කළයුතු නොවේ. අපි සැම එකතුව රටේ ඇති ඛේදාන්විත තත්වය වෙනස් කළ හැකි බව මා තදින්ම විශ්වාස කරනවා. ඔබ සැමට බුදු සරණයි!!!
ඇයට අවශ්‍ය වන්නේ මානසික වෛද්‍ය ප්‍රතිකාරයි (ස)
අරාබි පෙම්වතාට සැකයක් මතුවෙන්න ඇති (ස)
මෙයාට පිස්සු අනේ (ස)
කරුණාකර පෙම්වතා සමග අරාබියට යන්න (ස)
අමාරුවේ වැටුන කෙනෙකුට ඒකෙන් ගොඩඑන්න උදවිකරනවා මිස තවත් අමාරුවේ දාන්න හොද නැහැ.(නදී)
මෙයා රටේ කැපී පෙනෙන්න උත්සාහා කරනවා (ස)
මෙයාව ඉක්මනින් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. කවුරු වුණත් මනුෂ්‍ය දුවක්නේ. (නි)
පවු අප්පා, කෙල්ල අඩද්දී මට දුකේ බැහැ. (නි)
සංවේදී කතාවක්, දුකයි (දී)
කෙල්ල ලස්සන වුණත් අඩද්දී නම් කැතයි. (නි)
පිස්සු නැත්නම් ශෝක්.....!(නු)
පවු, අසරණ කාන්තාව (දී)
නයි කයිද රෝස් පාන් කිවුවලු. (නි)
පවු අහිංසක කෙල්ල. (නි)
ලංකාවට මේ වගේ අය නිසා වෙන යහපතක් හෙම තියෙනවද? (නි)
ඉක්මණටම මෙයාගේ අසනීපය නම් හොද කරන්න වෙනවා. (නි)
මේ කාන්තාවට හැමදාම මොකක් හරි (දී)
මෙයානම් මුළු ලංකාවටම ලැජ්ජාවක් . යන්න සෞදි (ස)
පිස්සු (ස)
තවත් අකරතැබ්බයක් (දී)
නයින්ට මවකි, අරාබියට නළගනකි, අපිට දෙවගනකි... (නි)
"හැම පැත්තකින්ම එයා මට හොඳට සැළකුවා.” ඒක නම් ඉතින් අපිටත් කරන්න පුලුවන් නයි නංගියෝ. (නි)
අරාබි පෙම්වතාට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි. (නි)
නරකද නයි පෙම්වතෙක්ම හොයා ගත්තා නම්? (නි)
පුදුම බැදීමකින් හිටියේ ටික දවසයිද? (නි)
අයියෝ! තනිකරම පිස්සුනේ. (නි)
අනේ මළ සමයං! (නි)
අනුවේදනීය කතාවක් (දී)
කතාවනම් දුකයි (දී)
මෙයාගෙන් අපිට ඇති වැඩක් නෑ (ස)
අබුද්ධස්ස කාලේ (ස)
අසරණ කමක මහත (දී)