IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟන

ලොකු නයකු ඇඟේ ඔතාගෙන කෙල්ලක් ක්ලබ් එකේ ඩාන්ස් කරනවා. ඒ කෙල්ල ඩාන්ස් කරන ගමන් නයා අපේ ළඟටම ගෙනැවිත් ඇඟේ ගාවන්න හදනවා. ක්ලබ් එකේ ඉන්න ඔක්කොම බයවෙලා මේ වැඬේ නවත්වන්න කියලා කිව්වාට ගණන් ගත්තේ නැහැ. මේ නයා කොයි වෙලාවක හරි කාටහරි දෂ්ට කරන්න පුළුවනි. කොල්ලූපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රාති‍්‍ර සමාජ ශාලාවක (නයිට් ක්ලබ්) කස්ටමර් කෙනෙක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කථාකර දැනුම්දී ඇත්තේ බියෙන් තැතිගත් ස්වභාවයකිනි. පොලිස් හදිසි ඇමතුම් අංශය (119) මේ බව ඒ මොහොතේම කොල්ලූපිටිය පොලිස් ස්ථානයට දැනුම්දීමක් කර ඇත. ඒ පසුගිය 27 වැනිදා අලූයම 5.30ට පමණය. කොල්ලූපිටිය පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඞී. බී. කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ක්ලබ් එකට ගොස් ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් ලබාදී තිබූ පණිවිඩය ගැන සොයා බැලීම සඳහාය. පොලිස් කණ්ඩායම දුටු දර්ශනයෙන් විශ්මයටත් මවිතයටත් පත්වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ගොබයෙන් (පෙනයෙන්) අල්ලාගත් නාගයකු සිරුරේ දවටාගෙන ක්ලබ් එකේ සෝපාවක සැප නින්දක පසුවන සුරූපී ලලනාවක් දැකීමෙනි. පොලිස් කණ්ඩායම ක්ලබ් එකට යනවිටත් නාග නැටුමට බියෙන් පිටව ගොස් තිබූ අතර ඒ වනවිටත් සිටියේ එහි සේවක සේවිකාවන් පමණකි. ක්ලබ් එකේ සේවකයන්ගේ මාර්ගයෙන් සුරූපී ලලනාව අවදි කරවා ගත්තේ බොහෝ අමාරුවෙනි. නාග රාජයා ඇයගේ සියුමැලි සිරුරේ රිසිසේ දැවටෙමින් සිටි අතරවාරයේ ඇය ඒ ගැන වගේ වගක්වත් නොමැතිව සිටියේ සුවබර නින්දකය. නාගයාගේ දිග අඩි 5 1/2 ක් පමණ වන අතර පොලිසිය සුරූපී ලලනාවගෙන් ඉල්ලීමක් කළේ නාගයා පෙට්ටියකට දමන ලෙසය. සුරූපී ලලනාව වෙරි මරගාතේ සිටින බවක්ද පොලිස් කණ්ඩායමට පෙනී ගිය අතර ඇය නාගයා පෙට්ටියකට දැමීම තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් පසුව ඇය පොලිසියේ ඉල්ලීමට එකඟවී නාගයා පෙට්ටියකට ඇතුළු කර ඇත්තේ මගේ සුදු පැටියෝ ඔයා මේකෙ ඇතුළට යන්න යැයි පවසමින් ඌගේ ඇඟද ඇයගේ සියුමැලි අත්වලින් පිරිමදිමින් යැයිද කියති. නූතන නාගිනාව පසුව පොලිසිය අත්අඩංගුවට ගෙන නාගයා බහා තිබූ පෙට්ටියද පොලිස් භාරයට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් මේ සුරූපී සුන්දර ලලනාව ක්ලබ් එකේ සේවයට එක්වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීය. ඇඳ සිටි දුහුල් ඇඳුම් වරින්වර එකිනෙක උනා දමමින් නාගයාද රැගෙන ඇය ඉදිරිපත් කළ රංගනය දෙස ක්ලබ් එකට පැමිණි ”කස්ටර්මස්ලා” බලා සිටියේ ඇසි පිය නොහෙලමිනි. ඒ තරමටම ඒ රංගනය මනස්කාන්තය. අනේක විධ වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුළුවලින් නිකුත්වන ආලෝක ධාරා ඒ නැටුම් තවත් වර්ණවත් කළේය. ඒ නැටුම බොහෝ දෙනෙකුගේ කාමුක හැඟීම් ඇවිස්සීමට හේතුවී ඇත. නාගයාද අතැතිව ඇය අඩ නිරුවතින් එම මේසවලට වී මත්පැන් පානය කරමින් සිටින කස්ටර්මස්ලා ළඟට එනවිටම මෙතෙක් වෙලා ඇස් අයාගෙන නැටුම බලාගෙන සිටි අය දැඩි ලෙස කලබලයට හා බියට පත්වී ඇත. බොහෝ දෙනකු ඇයගෙන් ඉල්ලා ඇත්තේ ළඟට පැමිණ  ඕනෑ තරම් ඩාන්ස් කළාට කමක් නැතිමුත් නාගයා රැගෙන නොඑන ලෙසය. නළඟන නාගයා කස්ටර්මස්ලාගේ මුව ළඟට පවා ළංකර ඇති බවත් බොහෝ දෙනෙක් නාග රංගනය නිසා බියට පත්ව කෑ ගසමින් නොසන්සුන් ලෙස හැසිරීමට පටන් ගෙන තිබේ. නාගයා අනවශ්‍ය ලෙස කස්ටර්මස්ලාට ළං කළ නිසා බියට පත්වී එසේ නොකරන ලෙස නළඟනගෙන් ඉල්ලා සිටින ලෙස ක්ලබ් එකේ අයිතිකරුගෙන් ඉල්ලා ඇත. කිසි කෙනෙක් බය වෙන්න එපා. නයා මෙයාට හොඳට කීකරුයි. නයා මෙයා කියන  ඕනෑම දෙයකට අවනතයි. මේ නාග නැටුම ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලන්ට මෙතෙක් කිසිම ක්ලබ් එකකදී නොලැබුණ ආශ්වාදයක් ලබාදෙන්නයි යැයි සමාජ ශාලාවේ හිමිකරු බව කියන තැනැත්තා පවසා ඇතැයි කියති. ක්ලබ් එකේ හිමිකරු සහ කළමනාකරු ද එක්වී පිරිස සන්සුන් කළත් තමන් ලොකු ජීවිත අවදානමකට ලක්වී සිටින බව ඔවුන් තේරුම් ගෙන තිබිණි. කොයි මොහොතක හෝ නාගයා තමන්ට දෂ්ට කරාවි යැයි ඔවුන් බියට පත්ව සිට ඇත. පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ඇමතුමක් ලබාදෙන්නට ඇත්තේ නාගයා නිසා තමන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව සිතූ අයකු විය යුතුය. අත්අඩංගුවට ගත් නළඟන පොලිස් ජීප් රථයේ නංවාගෙන පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන යන අතර වාරයේ ඇය නාගයා පෙට්ටියෙන් එළියට ගෙන සුරතල් කරන්නට පටන්ගෙන ඇත්තේ ජීප් රථයේ සිටි පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් නැවතත් විස්මයට පත් කරවමිනි. නාගයාගේ පෙන ගොබයෙන් අල්ලාගෙන වරෙක ඇය පෙන ගොබය කට ඇතුළට පවා දමා ගන්නා අයුරු දුටු පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් බියට පත්ව ඇත්තේ ඇයට නාගයා දෂ්ට කරාවි යැයි සිතූ නිසාය. නමුත් එවැන්නක් සිදු නොවිණි. පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසුව ද මේ සුරූපී නළඟන නාගයා සිප ගැනීමට පටන් ගත්තාය. මෙය පොලිසියේ සිටි බොහෝ දෙනෙකුට අපූරු දසුනක් වූවත් සමහර දෙනෙකුට මෙය ජුගුප්සා ජනක දෙයක් වී ඇත. පොලිස් ස්ථානයෙදී ද නළඟන නාගයා සිඹිමින් ලෙව කෑමට පටන්ගත් නිසා ඌ නැවතත් පෙට්ටියට දමන ලෙස පොලිස් නිලධාරින් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට ඇය අවනත වී ඇත. නාගයා තුරුලූ කරගෙන සිටි සුරූපී නළඟන ඌ පෙට්ටිය ඇතුළට දැම්මේ එතරම් කැමැත්තකින් නොවන බව පොලිස් නිලධාරින්ට ද තේරුම් ගොස් ඇත. පොලිසියේ දී ඇය නාගයා අඩංගු පෙට්ටිය අතේම තබාගෙන සිටි අතර එම පෙට්ටිය ඇයගේ අතින් ලබාගෙන ඇත්තේ කොයි මොහොතක හෝ නැවතත් විවෘතකර නාගයා එළියට ගෙන සුරතල් කිරීමට පටන් ගනීවි යැයි පොලිසිය සැකකළ නිසාය. නාගයා සහිත පෙට්ටිය ඉවත්කළ විට ඇය සිහිසුන්වී ඇද වැටී ඇත. කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව ධර්මරත්න මහතාගේ විශේෂ උපදෙස් මත කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල දෙහිදෙනිය මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබුවේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඞී. බී. කුමාරසිංහ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. පොලිස් සැරයන්වරුන්වන රාජපක්ෂ (22445) ඒකනායක (8594) සහ සමරකෝන් (31058) යන මහත්වරුන්ද මෙම පරීක්ෂණ කටයුතු සඳහා හවුල්වී ඇත. අත්අඩංගුවට ගත් මෙම නළඟන 25 හැවිරිදි වියේ පමණ පසුවන අතර ඇය පිළිමතලාව ප‍්‍රදේශයේ පදිංචි විවාහක කතකි. ක්ලබ්වල ඩාන්ස් කිරීමට යාමට ඇයගේ සැමියා කොහෙත්ම කැමතිවී නොමැති වුවත් ඇය ක්ලබ් එකේ ඩාන්ස් කිරීමට පැමිණ ඇත්තේ සැමියා හා පවුලේ අයද අමනාප කර ගනිමින් බවත් සැලය. පසුගිය ජනවාරි මාසයේදි ඇය නයිට් ක්ලබ් එකේ නළඟනක් ලෙස සේවය කිරීමට පැමිණ ඇත. ක්ලබ් එකේ සේවකයන්ගෙන් පොලිසියට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට මේ නාගයා රැගෙනවිත්  ඇත්තේද ඇය විසිනි. නාගයා ඇය රැුගෙන ඇත්තේ මෑතකදීය. පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකරගෙන ඇති තොරතුරු අනුව මේ නළඟන නාගයා පෙට්ටියක තබාගන ඇයට වෙන්කර ඇති කාමරයේම තබාගෙන ඇත. කෑම බීම පවා ලබාදෙමින් නළඟන නාගයා ඇති දැඩි කරගෙන ඇති අතර ඌට දක්වා ඇත්තේද අසීමිත ආදරයක් හා සෙනෙහසකි. නළඟන අපූරු ආදරයක් සෙනෙහසක් දක්වා ඇතත් ඇයට නාගයා දෂ්ට කළ අවස්ථාද තිබෙන බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය නාගයා තමන් ළඟට ගෙනවිත් දෙන ලෙස ඉල්ලමින් ඇය පෙරළිකර ඇති බවද පොලිසිය පවසයි. කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රෝහලට පැමිණ කාන්තාව පරීක්ෂා කර බලා ඇය රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු ලැබ තිබේ. දෙහිවල සත්වෝද්‍යානයට නාගයා භාර දෙන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝගකර ඇත. බන්ධනාගාර නිලධාරින්ගේ රැකවරණය යටතේ ඇය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන්නීය. සත්ව හිංසාව සහ අන්‍යයන්ට පීඩාවිය හැකි විෂ ඝෝර සර්පයකු සන්තකයේ තබා ගැනීම යටතේ ඇයට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරගෙන යන බව පොලිසිය පවසයි. නාගයකු සමග මේ විදිහට කාන්තාව හැසිරෙන්නේ ඇයට ඇති කිසියම් ගුප්ත බලයක් නිසා බව කියන අයද සිටිති. මෙවැනි ගුප්ත බලයක් ඇය සතුව තිබුණානම් නාගයා ඇයට දෂ්ට කරයිද යන්න ගැනද අප සිහි බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතුය. හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය අමිත් බස්නායක මහතාට මේ සියලූ කරුණු කාරණා ගැන දැනුම්දී ඔහුගෙන් ඒ පිළිබඳව තොරතුරු විමසුවෙමි. විශේෂඥ මනෝ වෛද්‍ය දමිත් බස්නායක මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේ සටහන් කරමි. මේ කාන්තාවට ඇත්තේ අසාමාන්‍ය චර්යා රටාවක් බව බොහොම පැහැදිලිවම පැවසිය යුතුයි. මෙවැනි අසාමාන්‍ය චර්යා රටාවක් ඇතිවීමට කෙනෙකුට විවිධ හේතු සාධක බලපානවා. මේ කියන කාන්තාව පරීක්ෂා කර බලන තෙක් ඇයට මෙවැනි අසාමාන්‍ය චර්යා රටාවක් ඇතිවීමට හේතු පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. ඇය පරීක්ෂා කර බැලීමට පමණක් නොවෙයි ඇයගේ සැමියා සහ පවුලේ සමීපතම ඥාතින් සමග කතාබහ කිරීමෙන් පසු ඇයට මෙවැනි අසාමාන්‍ය චර්යා රටාවක් පෙන්නුම් කිරීමට හේතු සාධක සොයාගන්න පුළුවනි. මේ වගේ අසාමාන්‍ය චර්යා රටාවන් ඇතිවීමට හේතු සාධක සොයා ගැනීමෙන් පසු ඒ තත්ත්වය බොහාම පහසුවෙන් නැති කරන්න පුළුවනි. ඇත්තෙන්ම මෙය ඇයගේ මානසික තත්ත්වයේ වෙනස්වීමක් විය හැකියි. කෙසේ වෙතත් මෙය කිසිම දේව බලයකින් හෝ වෙනම ආකාරයක ගුප්ත බලයක් නිසා සිදු නොවන බව ඉතා පැහැදිලිවම පැවසිය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය බස්නායක මහතා අවධාරණයෙන්ම පවසයි.

 

නයා අවුරුදු දහයක්ම හිටියේ මාළඟ  
නාගයා ළඟ තබා ගෙන සිටි නළඟන පොලිසියට ප‍්‍රකාශ කර ඇති කතාව. මේ නයා මා වසර 10ක පමණ කාලයක සිට හුරතලයට හදා වඩා ගත්තා. පිළිමතලාව පැත්තේ දේවාලයකට මා නිතර යන-එනවා ඒ දේවාලයේ ලොකු සුදු නාගයෙක් ඉන්න බව මා කීප අවස්ථාවක්ම දැක තිබෙනවා යැයි මෙම නළඟන පොලිසියට ප‍්‍රකාශයක් කරමින් පවසා ඇත. කොල්ලූපිටිය පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ සැරයන් සමරකෝන් (31058) මහතාට ප‍්‍රකාශයක් කරමින් මෙසේ ද පවසා ඇත. මම දේවාලයට ගිය අවස්ථාවක පුංචි නයි පැටියෙක් මාගේ ඇගේ එතුනා මා මේ නාගයා ගෙදර ගෙනාවේ මීට වසර දහයකට පමණ කලින්. එදා සිට මා මේ නයි පැටියා හදා වඩා ගත්තා. මාගේ අම්මා ඉන්දියාවේ ජීවත් වෙනවා. තාත්තා ගෙදර නැහැ. මේ නයා හදාගන්නා බව කිසිවෙක් දැන සිටියෙත් නැහැ. මම කන කෑම නයාටත් දෙනවා. මම කන්නේ නැතුව ඌට කැවුවත් කන්නේ නැහැ. මම කාල ඉතිරිවන ටික ඌ කනවා. ඒ තරමට මේ නාගයා මා අතර පුදුම සම්බන්ධකමක් තිබුණා. මා සේවය කරන ක්ලබ් එකට නාගයා ගෙනැවිත් ඌත් එක්ක රැඟුම් පටන් ගෙන එක් දිනයි. එදාම මාව පොලිසියට කොටු වුණා. නයාට රිදිල එදා මගේ තොල සපා කෑවා. එහෙම වුණේ ඌ කටේ දාගන්න ගිය නිසයි. මෙම සතාගේ විෂ දළ ගලවලා තිබුණා යැයිද ඇය ප‍්‍රකාශ කර ඇත.  

විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



අදහස් (0)

නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟන

නසාර් Sunday, 02 September 2012 04:36 PM

ඔය කියන කෙනා නෙමෙයි මෙයා..!!(නු)

:       0       0

lalith Monday, 03 September 2012 03:05 PM

පිස්සු කෙල්ලෙක් (දී)

:       0       0

සිතුම් Thursday, 06 September 2012 08:54 PM

අනේ මට ඒ නයා වෙන්න තිබුණා නම්.... (නි)

:       0       0

අනුදේශ් Saturday, 08 September 2012 09:28 PM

මෙයා අපට නයා දානවා..!!(නු)

:       0       0

ප්‍රවීන් Monday, 03 September 2012 03:15 PM

පවු අනේ එයා! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 08:54 PM

පවු. අහිංසක කෙල්ලෙක්. (නි)

:       0       0

ඇරිස් Saturday, 08 September 2012 10:42 PM

මේක කාමුක රංගනයක් නම් මේකට ගන්නේ පිඹුරෙක්. (නි)

:       0       0

රම්සි Tuesday, 04 September 2012 09:28 AM

සත්තු වත්තේ වැඩක් අරන් දුන්නොත් හොඳයි....(ස)

:       0       0

නසාර් Sunday, 09 September 2012 04:58 PM

නැතිබැරිකමට මෙවන් දෙයක් කිරීමේ වරදක් නැති බව මම සිතමි. (නි)

:       0       0

කවිශ්ක Thursday, 06 September 2012 09:16 PM

ෂා... හරිම අපූරුයිනේ. (නි)

:       1       0

රම්සි Tuesday, 04 September 2012 09:46 AM

මේක දැකල ගෙවල්වල ඉන්න අපේ ගෑනුත් නයි සෙල්ලම් දාන්න පටන් ගනීවිද දන්නේ නෑ..(ස)

:       0       0

සතිෂ් Sunday, 09 September 2012 01:01 AM

නයා විතරක් නෙමෙයි, මෙයාවත් සත්තු වත්තට යැවුවා නම්, අලි සෙල්ලම් වගේ නයි සෙල්ලනුත් පෙන්නන්න තිබුණා. (නි)

:       0       0

ඉර්ෂාඩ් Tuesday, 04 September 2012 04:55 PM

මෙයා මාර වැඩනේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

රම්‍යා Monday, 03 September 2012 04:06 PM

මේනම් නයෙක් නෙමෙයි පිඹුරෙක්...(ස)

:       0       0

සදු Monday, 03 September 2012 09:59 AM

පිස්සු නැත්නම් ෂොක් (දී)

:       0       0

රූපසිංහ Monday, 03 September 2012 04:05 PM

මූ නයෙක්යෑ? පිඹූරෙක්නේ. (නි)

:       0       0

දුමින්ද Monday, 03 September 2012 10:22 AM

කොහොම උනත් එයා එඩිතර කෙනෙක්..මෙයා කලාවට සේවයක් කරන්නෙක්...(ස)

:       0       0

හරින් Thursday, 06 September 2012 04:03 PM

ගිය ආත්මේ සැමියා වෙන්න ඇති !! (ස)

:       0       0

ජයසිරි Tuesday, 04 September 2012 11:08 AM

මෙයා අපට නයා දානවා වගේ..!(නු)

:       0       0

සඳුන් Friday, 09 November 2012 04:06 PM

නාගයින්‍ටත් හොඳ අවස්තාවක් (ස)

:       0       0

නසාර් Monday, 03 September 2012 11:02 AM

හොරකම්, ගණිකා සේවය, සිගමන් නොමැතිව ජීවත් වන්නට වෙර දරනවුන්ට ජීවත් වන්නට හරින්න. පින් සිදු වෙයි. (නි)

:       0       0

නිරංජලා Friday, 07 September 2012 09:22 PM

අබුද්දස්ස කාලෙට ඔයිට වැඩිය තවත් දේවල් වෙයි. (නි)

:       0       0

රුවන් Monday, 10 September 2012 10:12 AM

දෙමව්පියන්ගේ වරද .(ස)

:       0       0

චතුර Tuesday, 04 September 2012 12:07 PM

නයි කයිද රොස්පාන්...(ස)

:       0       0

සමන් Sunday, 02 September 2012 09:03 PM

මේක මාර ලෝකයක්....!!(නු)

:       0       0

කාන්ති Thursday, 06 September 2012 12:43 AM

මූ නම් නයෙක් වෙන්න බැහැ. (නි)

:       0       0

සමන් Sunday, 09 September 2012 07:38 PM

මූ මොකෙක් වුණත් හිතක් පපුවක් නැති තිරිසන් සතෙක්නේ. (නි)

:       0       0

ක්‍රිෂ් Monday, 03 September 2012 07:11 PM

පුවත පිළිබද විශ්වාසය පලුදු වන ආකාරයෙන් පුවතට අදාල නොවන ඡායාරූප දැමීමෙන් වල්කින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා..(ස)

:       0       0

උපුල් Sunday, 02 September 2012 10:30 PM

මේ නාගයෙක්ද නැකිනම් පිඹුරෙක්ද?(නු)

:       0       0

නිපුණ Thursday, 13 September 2012 09:36 PM

ඒක එයාගේ කැමැත්තනේ. (නි)

:       0       0

චතුරිකා Saturday, 15 September 2012 09:37 AM

පව්. යාලුවෝ දෙන්නෙක් වෙන් කරන එක. නයෙක් කියන්නේ බුද්දීමත්ව හැසිරෙන සත්තු වර්ගයක්. අනික එයාල අවුරුදු 10ක් එකට ජීවත් උනා නම් කාටවත් ප්‍රශ්නයක් නැතුව දැන් අලුතින් තියෙන ප්‍රශ්නය මොකක්ද? .(ස)

:       0       0

නලින් Wednesday, 05 September 2012 05:19 PM

මේ ගැන තව හිතන්න තිබුණා. (නි)

:       0       0

චන්දිම Sunday, 02 September 2012 11:46 PM

ඔයා බය වෙන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 07 September 2012 08:18 AM

මේක එලිවෙනකම්ම හෝටල්වල ඉන්න අයව එලවාගන්න හෝටලයෙන් කරපු දෙයක් වෙන්න ඇති..!!(නු)

:       0       0

ඉන්දික Wednesday, 26 September 2012 06:44 PM

නියමයිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 132 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 601 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site