IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


නැවක් උඩ නැවක්

ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්’ මේ අප කුඩා කල ඇසූ තේරවිල්ලක් මතකයට ආවේ අන්තර්ජාලයේ සැරිසරද්දී ඇස ගැසුණු ඡායාරූප පෙළක් නරඹද්දීය. එහෙත් මෙහි තිබුණේ නැවක් උඩ නැවක් බඩු පටවන දසුන් පෙළකි. නැවක තවත් නැවක් පටවාගෙන යනවායැයි කියූ විට ඇති වන්නේ විමතියකි. එහෙත් අද වන විට නැව් පමණක් නොව මුහුදු පත්ලේ තෙල් ළිං කැණීමේ යොදවන දැවැන්ත යන්ත්‍රෝපකරණ කට්ටල හෙවත් ‘‘ඔයිල් රිග්’’ පවා පටවාගෙන මහ සයුරේ යාත‍්‍රාකරන මේ මහා නැව් හඳුන්වනු ලබන්නේ ෆ්ලෝ-ෆ්ලෝ (FLO-FLO) නමිනි. එය, ෆ්ලෝට් ඔන්-ෆ්ලෝට්  ඕෆ් යන නමේ කෙටි කිරීමකි. (Float -on/Float-off) නැව් රැගෙන යාහැකි දැවැන්ත නැවක් මුලින්ම නිර්මාණය කර ඇත්තේ වර්ෂ 1920 දීය. ඒ ජර්මනියේ බ්‍රේමන් නගරයේ ඞීඞීජී හංසා සමාගම විසිනි. අද ඇති විශාලතම ෆ්ලෝ-ෆ්ලෝ නෞකාව ‘‘බ්ලූ මාර්ලින්’’ය. එහෙත් ළඟදීම එම තැන ගන්නට ‘‘වෑන්ගාඞ්’’ නමින් තවත් දැවැන්ත නෞකාවක් දියත් කිරීමට මෙම නැව් හිමිකාර ඩොක්වයිස් සමාගම සැරසෙයි. එම වෑන්ගාඞ් නෞකාව අඩි 902ක් දිග අඩි 230ක් පළල බඳකින් යුතුවන අතර ටොන් එක් ලක්‍ෂ දස දහසක බරක් උසුලාගෙන යාත‍්‍රාකළ හැකි බව කියති. මෙම ෆ්ලෝ-ෆ්ලෝ නෞකා ක‍්‍රියා කරන්නේ දිය යටින් යාත‍්‍රා කරන සබ්මැරීන තාක්‍ෂණය උපයෝගී කරගෙනය. නෞකාවේ මැද නැව් තටාකාංගන වල නැව් අලූත් වැඩියා කිරීම පිණිස ඇති ගැලියක් වැනි පහත් කොටසක් වෙයි. ඒ දෙපස ගැලියට ආරක්‍ෂාව සපයන ශක්තිමත් බිත්ති දෙකකි. නෞකාවේ පතුල කොටස විශාල ටැංකි සමූහයකින් සෑදී ඇත. මේ ටැංකි වලට ජලය පිරෙන්නට හැරි විට නෞකාව පහත් වෙයි. එවිට වෙනත් නැවක් මෙහි ඇති ගැලියට ඇතුළත්කළ හැකි වෙයි. ඉන්පසු ටැංකි වල ජලය ඉවත් කොට සුළං පිරවීමේදී මහ නෞකාවද එය උසුලානාගෙන සිටින දෙවැනි නෞකාවද සමඟ ජලය මත පාවෙයි. ඉන් පසු මහ සයුරේ  ඕනෑම තැනකට දෙවැනි  නැව ප‍්‍රවාහනය කිරීම පහසු කටයුත්තක් වෙයි.

පී. බී.
කැණීම් අට්ටාලයක් රැගෙන යමින් තෙල් ගවේෂණ අට්ටාලයක් රැගෙන යමින් නැවේ පැටවූ නැවක්



අදහස් (0)

නැවක් උඩ නැවක්

මතුර්චාන් Tuesday, 22 May 2012 11:26 AM

නියම සුපර් දෙකක්

:       0       0

මතුර්චාන් Tuesday, 22 May 2012 11:34 AM

ලස්සන පින්තූර ටික.ස්තූතියි ලංකාදීප!

:       0       0

ඉඳු Tuesday, 22 May 2012 11:53 AM

මෝඩ කතා කියන්න එපා..

:       0       0

අබේ Monday, 21 May 2012 08:52 AM

මරේ මරු......අන්න කරනවනම් නියම වැඩ ..මන්නාරම් පැත්තට එන්න කියමු...අපේ නේවි කොල්ලොන්ටත් ඕව හදන්න පුඵවන්..............

:       0       0

ලක්ෂාන් Monday, 21 May 2012 09:06 AM

ගොඩක් ස්තූතියි ලස්සන දෙයක් පෙන්නුව....

:       0       0

ශාන්ත Thursday, 24 May 2012 02:03 PM

අපිට මැජික් ව‍ගේ

:       0       0

විරාජ් Wednesday, 23 May 2012 12:37 PM

පුහ්...

:       0       0

විරාජ් Wednesday, 23 May 2012 12:39 PM

පට්ටයි .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1197 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 1369 3

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 389 3

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 660 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 136 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 733 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 594 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1044 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site