IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නවම් මහේ ග‍්‍රහ ගමනින් ඔබට කෙරෙන බලපෑම

1මේෂ ලග්නය


මේෂ ලග්නය හිමි ඔබට මෙම මාසයේ තමා සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ඔබ ප‍්‍රයෝජනවත් වැඩවල වැඩිවශයෙන් නිරතවෙන මාසයක් බවට පත් වේ. කෙසේ නමුත් හදිසියට කලබලයට අපරික්ෂාකාරීව දෛණික වැඩවල නිරත නොවන්න.

 

sdg
අධ්‍යාපන, ආර්ථීක හා රැුකියාවේ තත්ත්වය : විද්‍යාකාරක හා විද්‍යාස්ථානාධිපති බලයෙන් යුතුව ගමන්කරන නිසා විශේෂයෙන් ඔබ මේ මාසය තුළ නිබදව අධ්‍යාපනික කටයුතු වලට දැඩි උනන්දුවක් කැපවීමක් දක්වයි. වැඩි වශයෙන් පොත පතට යොමුවෙයි. අවබෝධ ඥාණය ධාරණ ශක්තිය ගොඩනැගෙන මාසයක් ද බැවින් උදාසීන ගතිවලින් මිදීමටත් හැකිවේ. ලග්නාධිපති කුජ ධනස්ථාන ගතව යන නිසා ගතවූ මාසයට වඩා මෙම මාසයේ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප‍්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැුසක් ඉටුකර ගැනීමටද ඉඩ ප‍්‍රස්ථා සැලසේ.


ඔබගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙහි වැඩි දියුණුවක් සැකසෙන අතර රාජකාරියට හා ව්‍යාපාරික ස්ථානවලට අදාළව පැවති ගැටලූකාරී ස්වභාවයක් හා අවිනිශ්චිත තාවක් පහව ගොස් තෘප්තිමත් භාවයෙන් රාජකාරිවල නිරත වීමට පසුබිම සැකසේ. අලූත් රැුකියා අපේක්ෂිත ඔබට උත්සාහ ගතහොත් නව රැකියා ලාභ හිමිකර ගත හැකිය. විදෙස් රැකියාවක් කෙරේ සිත ඇදී යන අතර ඒ සම්බන්ධ බලාපොරොත්තු ද ඉටුකර ගත හැක. බොහෝ දුරට මෙය ආයතනයේ  තම හැකියා කුසලතාවන්ට නිසි තැන ලැබෙන මාසයකි.


යුග හා පේ‍්‍රම දිවිය : ඔබට මෙම මාසයේ ආදර සබදතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත්ම නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. මෙම මස මුල් දින 15 තුළ ආදර සබදතා හා විවාහ කටයුතු කෙරෙන් සිත් තැවුල් මතු වන දෑ වුවත් සිදු වේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම්වලදි කල්පනාකාරි වන්න. කෙසේ නමුත් හැඟීම්වලට වහල් නොවිය යුතු මාසයකි.


සෞඛ්‍යය : සැඟවී තිබූ උදරාබාධ මුත‍්‍ර ආසාධන මෙන්ම සන්ධිගත රෝගාබාධ නැවතත් මතුවිමට හේතුයි. එමෙන්ම ඇස්වල හා උගුර , බෙල්ල ආශ‍්‍රිත රෝගාබාධ පවතින ඔබ ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න.

 

 

2වෘෂභ ලග්නය


වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු හා ලග්න නක්ෂස්ත‍්‍රා -ධිපතින් වූ රවි, සඳු, කුජ සුබදායි අයුරින් ගමන් කරන මෙම මාසයේ යහපතට කටයුතු සිදුවේ. උත්සාහයන්හි ප‍්‍රතිඵල ලැබෙන අතර අභියෝග ජයගැනීමේ හැකියාව ද පවතී. ආගිය තැන කැපී පෙනෙන තත්ත්වයට ද ඔබ පත් වේ.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : මේ මාසය ඔබට ඔබගේ අධ්‍යාපනික කටයුතුවල සාර්ථකත්වය බලා සතුටු විය හැකිවන අතර උසස් අධ්‍යාපන කාර්යයකට ද සිත යොමුවන්නේය. නේවාසික පහසුකම් ද සැලසී වෘත්තීය අධ්‍යාපන කටයුතුවල ද විශේෂ ප‍්‍රගතියක් සලසා ගැනීමට මග පෑදේ. පාසල් හා වෘත්තීය අධ්‍යාපනයට අදාළව යටපත්ව පැවති දක්ෂතාවයන් ඉස්මතුවේ.


මෙම මස ඔබගේ ඉපැයීම් කටයුතුවල සැලසුම්කළ වර්ධනය ඇතිවේ. ආර්ථික හා දේපල කටයුතු සම්බන්ධයෙන් කිසියම් දියුණුවක් ද සැලසේ. පියපස ඥාතීන්ගෙන් හා වැඩිහිටි පක්ෂයෙන්ද වරින් වර මිල මුදල් ලැබෙන අවස්ථා සැකසේ. එනමුදු ඔබ මෙම මාසය තුළ මිල මුදල්වලට වඩා ගුණධර්මවලට මුල් තැනක් දී කටයුතු කරනු ඇත.


ඔබේ රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට යම් යම් අවහිර බාධා මතු කළත් එම සියලූ අවහිර බාධා අභියෝග මැඩගෙන අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටත් වාතාවරණය සැකසෙන්නේය. විශේෂයෙන් මෙම මස මුල් සතියෙන් පසු පවතින තත්ත්වයට වඩා රැුකියාවේ හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් ප‍්‍රගතියක් සැලසෙන්නේය. රාජකාරි ස්ථානයේ ආත්ම ගෞරවය ආරක්ෂාකරගෙන අන්‍යයන්ගෙන් පරෙස්සම් වී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ. උසස් නිලධාරීන් තමා සමග වැඩිපුර කුළුපඟ වන මාසයකි.


යුග හා පේ‍්‍රම දිවිය : විශේෂයෙන් ඔබට මෙම මාසයේ ආදර සබදතා හා විරුද්ධ ලිංගිකයන් සමග ඇසුර පහසුවෙන් ගොඩනැගුණත් ලග්නාධිපති සිකුරු පාප පීඩිතව ගමන් කිරීම මත ඒවා මුල්කොට යම් යම් ප‍්‍රශ්නකාරී දෑ සිදුවීමේ ඉඩක් ද ඇත. කලබලයට තීන්දු තීරණ නොගන්න. බොහෝ දුරට මෙම මාසයේ තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග හෝ බිරිඳ ස්වාමියා සමග සංචාරක විනෝද ගමන් යෑමටත් අවස්ථාව උදාවේ.


සෞඛ්‍යය : වැඩි වශයෙන් නිරෝගීතාවක් පෙන්නුම් කරන  අතර අර්ශස්  මුලාග්ණියට සම්බන්ධ අසනීප ඇති අයත් ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න.

 

 

3මිථුන ලග්නය


මිථුන ලග්නය හිමි ඔබගේ ලග්න නැකත් හිමි කුජ, ගුරු, රාහු සුබා සුබ මිශ‍්‍ර බලයෙන් ගමන් කිරීම සිදුවන මෙම මාසයේ ඔබගේ අත්‍යාවශ්‍ය කටයුතු කෙරෙන්ද සුබා සුබ මිශ‍්‍රබවක් ගොඩනැගේ. වගකීමකින් තොරව තමන්ගේ දැඩි තීරණ යටතේ ක‍්‍රියා කිරීමට නොයන්න. කලබලකාරිගතියත් නොඉවසීමත් නිසා වැඩ කටයුතු අවුල් කර ගැනීමට ඉඩ තිබෙන මාසයක් ද නිසා ඉන් මිදෙන්න.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : ඔබගේ සියලූ අධ්‍යාපනික කටයුතුු අවහිර බාධාවකින් තොරව කෙරෙනු ඇත. විශේෂයෙන් තම අධ්‍යාපන කටයුතු නව මගකට යොමුවෙන මාසයකි. පොතපත කියවීමට පෙරට වඩා කාලය යොදවයි. බලපෑ උදාසීන ගති පහව යනු ඇත. දැනුමට අලූත් යමක් එකතු වෙයිි.


මූල්‍ය ක්ෂේත‍්‍රයේ බලපෑ ප‍්‍රශ්න ගැටලූ කිහිපයක් නිරාකරණය වනු ඇත. ක‍්‍රමානුකූලව වැඩි මහන්සියක් නැතිව ආදායම් ලැබෙන විදියට කටයුතු පිළියෙළ වේ. ආදායම අඩු වැඩි වූවාට හිත ස්ථිරව තබා ගෙන දෛනික කටයුතුවල නිරත වීමටත් පිළිවන. බොහෝ විට උරුම හිමිකම් අයිතිවාසිකම් වැනි දෑ ඔබට මෙම මාසය තුළ හිමිවේ. කිසියම් මිල මුදල් ප‍්‍රමාණයක් අතමිට ගැවසෙන මාසයක් ද වේ.


මෙම මාසයේ ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු යම් යම් බාධා අවහිර මධ්‍යයේ කෙරෙනු ඇත. අලූත් රැකියා අපේක්ෂිත ඔබට ඊට අදාළ බලාපොරොත්තු ඉටුකර ගත හැකි වන්නේය. රැකියා ආයතනය තුළ තමා අගය කරන යමක් සිදුවන අතර අමතර වගකීම්ද පිරිනැමේ. තනතුරු නිලතල උසස්වීම් බලාපොරොත්තු අයගේ අපේක්ෂා කල් යයි. වෙළඳ ප‍්‍රචාරක හෝ ප‍්‍රවාහන, සංචාරක වැනි ව්‍යාපාරයන්හි නිරත වන්නන්ට ප‍්‍රමාණවත් දියුණුවක් සැලසෙන්නේය.


යුග හා පේ‍්‍රම දිවිය : ඔබට මේ මාසයේ අදහස් කළ අන්දමට හෝ සැලසුම් කළ පරිදි ආදර සබදතා හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා හිතට අසහනය කලකිරීම ඇතිවන්නේය. කල්යල් ඇද ඇද පැවති විවාහ යෝජනාවක් හෝ පෙම්සබදතාවකට අදාල කටයුත්තක් නිසා හෝ නැතහොත් ගමන් බිමන් හේතුවෙන් හෝ ඇති වන දැන හැඳුනුම් මුල්කොට කරදර ඇතිවීමේ ඉඩක් ද ඇත. මීට අදාළ කටයුතු මුල්කොට නිශ්ප‍්‍රයෝජන ගමන් යෙදේ.


සෞඛ්‍යය : පපුව පෙනහැල්ල ආශ‍්‍රිත පීඩාකාරී ස්වභාවයක් මතුවන දෑ සිදු වේ. බොහෝවිට පපුවේ වියළි කැස්ස, පීනස් ආසාධණ ද හටගන්නා මාසයකි.

 

 

 

4කටක ලග්නය


මේ මස මුල් දින 15 ග‍්‍රහ ගමන ශුබව යෙදෙන බැවින් එම දින 15 යේ ඔබට අවහිර බාධා මැඩගෙන තම කාර්යය කටයුතු කරගෙන යාමට හැකි වේ. එමෙන්ම සමාජයේ කැපී පෙනෙන අයුරින් කටයුතු කිරීමටත් පුළුවන්කම ලැබේ. අවසන් දින 15 අවහිර බාධා ඇති කෙරේ. ගමන් බිමන් වලින් ද අවාසි නිශ්ප‍්‍රයෝජන ඇතිවන දෑ සිදුවෙයි.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : ඔබ එක අරමුණක තබා, උදාසීන ගතිවලින් මිදී තම ඉගෙනීම් කටයුතුවලට ප‍්‍රමුඛත්වයක් දී කි‍්‍රයාකරන්න. ඉගෙනීමේ කටයුතු පසෙක දමා යහළු යෙහෙළියන් සමග විනෝද කි‍්‍රයාවල නිරත වීමට නොයන්න. පොදුවේ ඉගෙනීමේ කටයුතුවලට යම් යම් බාධාවන් මතුවන මාසයකි. ඔබට මෙම මස ආර්ථික හා දේපලමය ලාභ හිමි වුවත් ලැබෙන මුදල් වියදම් වන කරුණු ද යෙදේ. විකිණීම් මිලයට ගැනීම්වලදීත්, යම් යම් අය සමග කරන ගනුදෙනු වලදීත් අලාභ පාඩු වීමටත්, ප‍්‍රශ්නකාරී දෙයට නතුවීමටත් ඉඩ තිබෙන නිසා අවිශ්වාස අය සමග කටයුතු නොකරන්න.


මේ මාසයේ තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ප‍්‍රගතියට කටයුතු පිළියෙළ වුවත් හදිසියේ හමුවන අය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට යෑමක් මුල්කොට ප‍්‍රශ්නකාරී දෑ හට ගනී. නව ආයෝජනයකට කටයුතු පිළියෙළ කර ගැනීමට පසුබිම සැකසේ. ආයතනයේ අපේක්‍ෂිත විශේෂිත දෑ සාර්ථක කර ගැනීමට උත්සහ කළත් විරුද්ධකාරයන් නිසා ඒවායේ කටයුතු නියමාකාරයෙන් කරගැනීමට අසීරු වේ. පෙබරවාරි මුල් සති දෙක හවුල්කටයුතු ව්‍යාපාරික කටයුතු කෙරෙන් වැඩි දියුණුවට කටයුතු සිවේ.


යුග හා පේ‍්‍රම දිවිය : මේ මාසය ඔබට ආදර සබදතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභදායී වෙනස්කම් ඇති කළත් ඔබගේ හැසිරීම් රටාව අවංක නොවීමෙන් පේ‍්‍රම දිවියේත් යුග දිවියේත් අනවශ්‍ය ප‍්‍රශ්නයක් ද මතුවීමේ ඉඩක් පවතින නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව සිතා මීට අදාළ කටයුතු කි‍්‍රයවන්හි නිරතවන්න. පේ‍්‍රම සබදතා ඇති වුවත් ඒවා ස්ථිර තහවුරු නොවේ.


සෞඛ්‍යය : ආහාර දිරවීමේ දුර්වලතා, මල බද්ධය වැනි අසනීප වැඩිපුර සාදයි. අස්ථිවලට ඇති විය හැකි හදිසි පීඩාවලින් අරක්‍ෂාකාරී වන්න.

 

 

 

5සිංහ ලග්නය


සිංහ ලග්නය හිමි ඔබගේ හදහනේ බලවත් යෝගයක් උදාවන මෙම මාසයේ දී ඔබගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු රැුසක ශුභදායී වෙනස්වීමක් සිදුවේ. විනෝදාස්වාදයෙන් මිදී අනාගත දියුණුවට හේතුවන කාර්යන්හි වැඩි වශයෙන් නිරතවන්න. අවශ්‍යතාවට මුල් තැනක් දී කටයුතු කළහොත් මෙය බෙහෙවින් ශුභදායී මාසයක් බවට පත්කර ගත හැකිය.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : විද්‍යාස්ථානාධිපති පාප සංයෝග බැවින් ඉගෙනීම් කටයුතුවල නිරත සිංහ ලග්න හිමියන් පොතට පතට වැඩි පුර කැපවීමෙන් යොමුවන්න. විටෙක අධ්‍යාපන කටයුතු පසෙක දමා වෙනත් පරිබාහිර දෙයට සම්බන්ධ වීමෙන් ඉගෙනීමේ කටයුතු අතපසු කරගන්නා බැවින් ඊට නතු නොවන්න. මෙම මාසයේ දී ඔබට ඉපැයීමේ දක්‍ෂතා ඇති කරයි. යම් යම් මුදල් ලාභ හිමිවන අවස්ථාද යෙදේ. අත්‍යවශ්‍ය දෙයට වියදම් කිරීමට කෙසේ හෝ මිල මුදල් ලැබේ. යම් යම් ආර්ථිකමය ප‍්‍රථිලාභ සලසා ගත හැකි වන්නේය. දුර බැහැර හෝ විදෙස් ගතව සිටින්නන්ගෙන් වුව තම මුදල් අවශ්‍යතා පිරිමැසීමට විශේෂ මුදල් උපකාර ලැබෙනු ඇත. ඔබට මෙම මස තුළ ලැබෙන මුදල් නිසි කළමනාකරණයකින් පරිහරණයටත් පසුබිම සැකසේ.


ඔබගේ කර්මස්ථානාධිපතිගේ ගමන මත සසඳා බලන විට ඔබට සිත කය දෙකම එකසේ වෙහෙසා තම රැකියා ව්‍යාපාරයන්හි නිරත වීමට අවස්ථාව සැලසුනත් රාජකාරි ස්ථානය මත ව්‍යාපාරික කටයුතුවලටත් රහස් සතුරු කරදර බාහිර විවිධ ප‍්‍රශ්නකාරී දෑ ඇතිවන බැවින් අවධානයෙන් පසුවන්න. ස්වයං හා හවුල් ව්‍යාපාරික කටයුතු කෙරෙන් ද ප‍්‍රගතියක් ගොඩනැගේ. රාජකාරියට අදාළ හෝ ආයතන ඔස්සේ බලපෑ අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. නව රැුකී රක්‍ෂා තනතුරුවලට පත්විමටත් පසුබිම සැකසේ.


යුග හා පේ‍්‍රම දිවිය : ආලය පිළිබඳ කටයුතු පහසුවෙන් ඇති කර ගත හැක. සහකරු සහකාරියගේ පවුලේ අයගෙන් බලාපොරොත්තු වූ යමක් ලැබීමෙන් සිතට සතුටක් ගෙනදේ. පේ‍්‍රම දිවිය හොඳින් ගතවේ. ආදර සබදතාවක හෝ විවාහ දිවියේ පැවති ප‍්‍රශ්නයක් පවුලේ ඥාතියෙකු මාර්ගයෙන් විසඳා ගත හැක. ආදර හා යුග දිවියේ කටයුතු සම්බන්ධ නවෝදයක් ඇති වෙයි. විවාහ හා පේ‍්‍රම දිවියේ පැතුම් ඉටුවන පෙර නිමිති පහළ වන මාසයක් ද වේ.


සෞඛ්‍යය : සුළු සුළු මුත‍්‍රා රෝග මතුවුවත් පොදුවේ නිරෝගී දිවියකට වැඩි ඉඩක් ඇත.

 

 

 

6කන්‍යා ලග්නය


ඔබගේ ලග්නාධිපති බුධගේ හා යෝගකාරක ග‍්‍රහයන්ගේ ශුභාශුභ මිශ‍්‍ර බලය හේතුකොට ගෙන ඔබටද මෙම මාසය ශුභාශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. අපේක්‍ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් ඔබ මෙම මාසය තුළදී ක‍්‍රියා කළත් වැඩ කටයුතු වල ප‍්‍රමාද තාවයන් සිදුවේ.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : ඔබගේ විද්‍යාස්ථානාධිපති බුධ තරමක් දුර්වලව සිටීම හේතු කොට ඔබට මෙම මස තුළ සිය අධ්‍යාපනික කටයුතු කර ගැනීමට සිදුවන්නේ විවිධ අවහිරයන්, බාධාවන් මධ්‍යයේය. එනිසා අවශ්‍යතාවයන්ට ප‍්‍රමුඛත්වය දී පොතපතෙහි නිරත වන්න. උදාසීන ගති වලින් මිදී උද්යෝගයෙන් ක‍්‍රියා කරන්න. ඔබට මෙම මස ආර්ථිකමය හා දේපලමය වශයෙන් සුළු වශයෙන් හෝ යම් යම් ලාභ ප‍්‍රයෝජන සැලසුනත් ආදායම් තත්ත්වයේ කිව යුතු තරම් වැඩිදියුණුවක් පෙන්නුම් නොකරයි. විනෝදාස්වාදයට අනවශ්‍ය ලෙස වියදම් නොකරන්න. උරුම හිමිකම් ප‍්‍රශ්නවල නොපැටලෙන්න. වියදම් පස වැඩිවන මාසයකි.


ව්‍යාපාරික කටයුතුවල නිරත වන කන්‍යා ලග්න හිමියන්ගේ ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළද අවශ්‍ය මෙන්ම අනවශ්‍ය වියදම් බහුල වීම මත එහි ප‍්‍රගතියක් සිදු නොවේ. රැකී රක්‍ෂා රාජකාරී කටයුතුවලට විවිධ බාධා අවහිර ගෙන දුන්නත් ආත්ම විශ්වාසයෙන් ඒවා යටපත් කරගෙන කටයුතු කළහැකි වන්නේය. මුල් සතිය රැකියා කටයුතුවලට අයහපත්ම නොවේ.


යුග හා පේ‍්‍රම දිවිය : ඔබට මෙම මස දැන හැඳිනුම් පේ‍්‍රම සම්බන්ධතා ඇති වුවත්, ඒවායින් සිත සෑහීමකට පත් නොවේ. පවතින හෝ පවත්වන්නට යන ආදර සබදතාදියට විවිධ බාධා අවහිර විරෝධතා එල්ල වේ. අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වුවත් අනපේක්‍ෂිත අයුරින් ඒවාට ප‍්‍රශ්නකාරී ස්භාවයන්ද ගොඩනැගේ. විවාහයට හා පේ‍්‍රම සබදතාවනට සම්බන්ධ කාරණා වලදී හදිසියට නොසොයා නොබලා තීරණ ගෙන කටයුතු නොකරන්න.


සෙෘඛ්‍යය : ලේ හා සෙම් දූෂ්‍ය අසාධන මෙන්ම මලබද්ධය මුත‍්‍රා දෝෂ ඇති අය එම රෝගාබාධ කෙරෙහි ආරක්ෂාකාරී වන්න.

 

 

 

7තුලා ලග්නය


තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු හා ලග්න නක්‍ෂස්ත‍්‍රාධිපතීන් ද ශුභදායි ලෙස ගමන් කරන මෙම මාසය ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. ඇසුරු කරන්නන් සමග සහයෝගයෙන් සුහද බවින් කටයුතු කිරීමටත් හැකි වේ. සැලසුම් කළ යම් යම් දෑ සාර්ථක කර ගැනීමටත් හැකි වන්නේය. එසේම මෙය ඔබට ප‍්‍රයෝජනවත් වැඩවල නිරත විය හැකි මාසයකි.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : ඔබට මෙම මාසසේ අධ්‍යාපනික වශයෙන් යම් යම් ජයග‍්‍රහණ සැලසෙයි. එමෙන්ම ආශාවකින් ඉගෙනීමේ කටයුතුවල නිරතවෙයි. අධ්‍යාපන කටයුතුවලට අදාළව තමා කෙරෙන් බලපැවැත්වූ අඩු-ලූහුඩුකම් ද මග හැරී යයි. ඉගෙනගත් දෙය ඔබ කි‍්‍රයාවට පමුණුවා බලන මාසයකි. ධන අය භාවාධිපතීන් ශුභ යෝගයකින් යුතුව හැසිරෙන නිසා ඔබට මෙම මාසයේ සැලසුම් සහගතව කටයුතු කළහොත් ආර්ථික හා දේපලමය වශයෙන් වැඩි දියුණුවක් සලසා ගත හැකි වන්නේය. බලපෑ මූල්‍ය දුෂ්කරතා පහව යයි. නව ආදායම් මාර්ග එලි පෙහෙළි වන මාසයකි. උරුම හිමිකම් ප‍්‍රශ්න තම වාසියට විසඳෙයි.


ඔබගේ රැකියා, ව්‍යාපාරික කටයුතු සිතැඟි පරිදි අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යාමට මෙම මස අවස්ථාව සැලසෙනු ඇත. ඔබට රාජකාරි ස්ථානයේ විවිධ දක්‍ෂතා පෙන්වීමටත් අවකාශ සැලසේ. ඔබට රැුකියාව හා තම ව්‍යාපරික කටයුතු කෙරෙන් බල පෑ අවිනිශ්චිතතා ද පහව යයි. ආයතනවල අපේක්‍ෂා කළ උසස් වීම් හා වෙනත් වරප‍්‍රසාද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කර ගැනීමටත් හැකිවේ. උත්සහ ගතහොත් විරැුකියාවටත් තාවකාලික වශයෙන් හෝ පිළියමක් සොයා ගත හැකි වන්නේය.


යුග හා පේ‍්‍රම දිවිය : මංගල භාවාධිපති පීඩාවකින් තොර නිසා ආදර දිවියේ හා විවාහ දිවියේ කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. යම් යම් අයගේ ඈත්ව ගිය සබදතා නැවතත් ගොඩ නැගේ. විශේෂයෙන්ම ආදර දිවිය හා යුග දිවියට අදාළ සිතේ හටගෙන තිබූ අවිනිශ්චිතතා පහව ගොස් ඒවායේ බලාපොරොත්තු සහගත බවක් ගොඩනැගේ. මංගල යෝජනා සැකසේ.


සෞඛ්‍යය : ඔබට මේ මාසයේ වැඩි වශයෙන් කෑම් බීම් හේතුවෙන් මතුවන උදරාබාධ සහිතයි. ආහාර පාන තෝරා බේරා ගෙන කටයුතු කළ යුතුයි.

 

 

 

8වෘශ්චික ලග්නය


ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක ග‍්‍රහ බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. සිතැඟි පරිදි සිය කාර්යයන් ඉටු කරගත හැක. උත්සාහයන්හි ප‍්‍රතිඵල අත්කර ගත හැකි වේ. අලූත් වැඩකට අලූත් දෙයකට ඔබ මෙම මාසයේදී අනිවාර්යෙන්ම සම්බන්ධ වෙයි. සිත සතුටින් ගතවන මාසයකි.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : ඉගෙනීම් කටයුතු බාධාවකින් හා උදාසීනභාවයෙන් තොරව කරගෙන යාමට හැකිවන්නේය. තම වෘත්තීය හා උසස් අධ්‍යාපනික කටයුතු නව මගකට යොමු කිරීමේ අදහස් පහළ වේ. ඒ සම්බන්ධයෙන් සම්මුඛ පරීක්‍ෂණ වලටද සහභාගි වීමට අවස්ථාව සැලසේ. එසේම උසස් යැයි සම්මත අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සැකසේ. අධ්‍යාපනික චාරිකාවන්ටද වැඩිපුර සහභාගි වන මාසයකි. ඔබට මේ මාසයේදී ස්ථිර ආර්ථික රටාවක් පිළියෙල වන්නේය. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් නිසි ඵල ලැබේ. කලක් අතපසු වූ ණය ගනුදෙනුවක් ඉක්මනින් ලැබෙන තැනට කටයුතු පිළියෙල වේ. උරුම හිමිකම් දේපළ ප‍්‍රශ්න විසඳී බදු හා කුලී ප‍්‍රශ්නයන්ද සමතයකට පත්වී ව්‍යාපාරික හා පදිංචි ස්ථානවල අවුල්ද ලිහේ.


රැකියා ව්‍යාපාරාදියට බලපෑ ප‍්‍රශ්නකාරී ස්භාවයන් පහවී යයි. එසේම රැකියා ව්‍යාපාරාදියේ ප‍්‍රගතියට කටයුතු පිළියෙල වේ. ස්වාමි පක්‍ෂයේ හොඳ හිත දිනා ගැනීමටත් හැකිවන මාසයකි. විදෙස් රැකියාවන්ට බලපෑ බාධා පහව යයි. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියට කැඳවීම් ලිපි ලැබෙනු ඇත. හවුල් හා ස්වයං ව්‍යාපාරාදියේ නව ප‍්‍රගතියක් ගොඩනැගෙනු ඇත.


යුග හා පේ‍්‍රම දිවිය : දැන හැදිනුම් පේ‍්‍රම සම්බන්ධතා කෙරේ වැඩි වශයෙන් ඔබගේ සිත මෙම මාසයේදී යොමුවන්නේය. බොහෝ විට තම තත්ත්වයට ගැළපෙන සුදුසු සබදතා හා විවාහ යෝජනා ඇති වුවත් ඒවාට යම් යම් සතුරු කුමන්ත‍්‍රණ විරුද්ධවාදීකම්ද හට ගනී. ඒ නිසා ඒ කෙරේ සැලකිලිමත් වන්න. පොදුවේ ආදර දිවියේ හා විවාහ දිවියේ අරමුණු සැලසුම් ඉෂ්ඨ සිද්ධ වීම සිදුවන්නේය. කෙසේ වෙතත් හැඟීම්වලට වහල් වී ක‍්‍රියා නොකළ යුතු මාසයකි.


සෞඛ්‍යය : උදරාබාධ, ආහාර දිරවීමේ දුර්වලතා හා අත් පා වල රෝග වැනි රෝගී තත්ත්ව මතු කරන මාසයකි.

 

 

 

9ධනු ලග්නය


ධනු ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරුත් යෝග කාරක රවි බුධ ශුභව හැසිරෙන නිසා අවහිර බිඳගෙන අරමුණු සැලසුම්වල සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වන්නේය. උත්සාහයේ ඵල ලැබේ. යම් යම් සහයෝගයන් තම වැඩ කටයුතුවලට ලැබෙනු ඇත. අපේක්‍ෂිත ඉලක්කවලින් වැඩි ප‍්‍රතිශතයක් සාර්ථක වන මාසයකි.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : ඔබට ආර්ථික හා දේපලමය වශයෙන් සැලසුම් කළ දෙයින් ලාභ නොලැබුණත් අනපේක්‍ෂිත දෙයකින් කිසියම් මිල මුදල් ලාභ හා නිශ්චල චංචල දේපල හිමිවීමක් පෙන්නුම් කරයි. ඔබ ද විනෝදය සඳහා අනවශ්‍ය ලෙස ලැබෙන මුදල් වියදම් නොකළ යුතුයි. මුදල් ලාභ මෙන්ම වියදම් ද එකසේ යෙදෙන මාසයක් බව කිව හැක. මෙම මාසයේ රැුකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් අපේක්‍ෂිත වැඩ කොටස් අවහිර බාධක බිඳගෙන කර ගැනීමට හැකි වන්නේය. විටෙක තමා අපේක්‍ෂා නොකළ අන්දමට මේවායේ කටයුතු යහපත් පැත්තට සිදුවන්නේය. රාජකාරිමය වශයෙන් යම් යම් බාධා මතු කළත් ආයතනවල තමා අගයන, තමාගේ වටිනාකම වැඩි වන විශේෂ දෑ සිදුවන්නේය. දෙස් විදෙස් රැුකියා බලාපොරොත්තු ඉටුවන පසුබිමක් ද සැකසේ. රැුකියා පොරොන්දුවලට මුදල් දීමෙන් නම් වළකින්න.


විද්‍යාකාරක බුධ බලයෙන් යුක්ත බැවින් ඔබ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ අතපසු වූ කාර්යයන් රැසකින් ජයග‍්‍රහණ සලසා ගනී. පසුගිය මාසයට වඩා කාලය නාස්තිවන දෙයින් මිදී ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගනී. අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍යමය සම්පත් ලාභ ද ලැබෙනු ඇත.


යුග හා පේ‍්‍රම දිවිය : මංගල භාවාධිපති පාපී සංයෝගයෙන් තොරව හැසිරෙන මේ මාසය යුග දිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු කෙරෙන් ගතට සිතට සැපත සතුට දනවන දෑ රැුසක් සිදුවේ. ආදර සබදතා පහසුවෙන් ඇති කළත් මෙම මාසයේ ආදර දිවියේ හා යුග දිවියේ කටයුතුවලට යම් යම් බාධා ප‍්‍රශ්නය ද ඇති කරයි. ඒ කෙරේ ද සැලකිලිමත්ව කි‍්‍රයා කරන්න.


සෞඛ්‍යය : හිසෙහි හා බඩවැල්වල අසනීප සුළු වශයෙන් මතුවෙයි.

 

 

 

10මකර ලග්නය


මෙම මාසය ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වෙයි. ගතට සිතට සැපත සතුට ගෙන දෙන මාසයකි. ලලිත කලා කෙරෙහි ලැදියාවක්ද සිතෙහි ඇතිවේ. උත්සාහයන්හි ඵල ලැබේ.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : මෙම මස 15 සිට ඔබගේ විද්‍යාකාරක බුධ මෙන්ම විද්‍යස්ථානය බලවත් වන හෙයින් එතැන් සිට ඔබ ඉගෙනීම් කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීමට හේතුවේ. එම වකවානුවේදී ඔබ ඉගෙන ගන්නා ප‍්‍රමාණයට වැඩියෙන් ඔබේ ඥානය ද වර්ධනය වෙයි. උද්යෝගය උනන්දුව කැපී පෙනෙන මාසයකි. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත.


ධන - අය භාවාධිපතින් සුභ භාව ගතව ගමන් කරන නිසා ඔබට ගත වූ මාසයට වඩා මෙම මාසය තුළදී ආර්ථිකමය සහ දේපලමය වශයෙන් යම් යම් ලාභ ප‍්‍රයෝජන සැලසෙනු ඇත. උරුම හිමිකම් ප‍්‍රශ්න විසඳේ. ණය ගනුදෙනුවලින් නිදහස් වීමටත් හැකිවේ. ආයෝජනවලට අවශ්‍ය මුදල් ලැබෙන මාසයක් ද බැවින් එවැනි දෙයට අත ගැසිම ඵලදායක වේ.


කර්මස්ථානාධිපති ශනිගේ බලය මත සැසඳීමේදී ඔබගේ රැුකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදියේ දියුණුවක් ඇතිවන්නේ නමුදු ඒවාට යම් යම් විරුද්ධවාදීකම් ඇති කෙරේ. කල් ගත වු තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියකට නැවත කැඳවීමක් ලැබේ. ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ අලූත් යමක් කෙරෙන මාසයකි.


යුග හා පේ‍්‍රම දිවිය : විවාහ කාරක වු සිකුරු සුබදායි ලෙස ගමන් කරන නිසා මෙම මාසයේ ඔබගේ ආදර සබදතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප‍්‍රශ්නකාරී ගති හා බාධාවන් පහව ගොස් සාමය සතුට ගෙනදේ්. සාර්ථක විවාහ යෝජනා හා පේ‍්‍රම සම්බන්ධතා දැන හැඳිනුම් වැනි දෑ ගොඩනැගේ. ඔබට වැඩි වශයෙන් ද විරුද්ධ ලිංගික ඇසුර ලැබෙන මාසයකි. එසේම දැන හැඳිනුම් පේ‍්‍රම සබදතා පහසුවෙන් ඇතිවන මාසයක්ද වේ. පේ‍්‍රම හා විවාහ දිවියට සම්බන්ධ  කියන කරන දේ  සාර්ථක වන මාසයකි.


සෞඛ්‍යය : හිසෙහි හා බඩවැල්වල අසනීප සුළු වශයෙන් මතුවෙයි. එසේම මුත‍්‍ර අසනීප උදර ගත පීඩා ද සුළු වශයෙන් හෝ මතු වෙයි. එවැනි රෝග කෙරේ වැඩි වශයෙන් සැලකිලිමත් වන්න.

 

 

 

11කුම්භ ලග්නය


කුම්භ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක සිකුරු ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් හැසිරෙන මේ මාසය ඔබගේ කාර්යය කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ගෙනදේ. පෙබරවාරිි මස මැද භාගයෙන් පසු වැඩි වශයෙන් ශුභ ඵල, උදාවී යහපතට කටයුතු පිළියෙල වීම සිදුවන්නේය.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : විද්‍යස්ථානාධිපති තරමක් දුර්වල බැවින් උනන්දුවෙන් කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි. දක්‍ෂතා පෙන්වූ විෂයන් කෙරේ උදාසීන ගති මතු කරයි. අධ්‍යාපනික කටයුතු, පාඨමාලා වැනි කටයුතු සඳහා විදේශගතවීමට හෝ දුර බැහැර පෙදෙසක යාමට සිත යොමුවෙයි. සියලූ අධ්‍යාපන කටයුතුවලට උනන්දු වන්න.


මේ මස ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම්වල නොයෙදන්න. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. ගනු දෙනුවලදී කල්පනාකාරි වන්න.


අධිෂ්ඨානශීලීව රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නිරත වුවහොත් දැඩි ගැටලූ ඇති නොවී දියුණුවට කටයුතු පිළියෙල කර ගත හැක. පෙබරවාරි මැද භාගයෙන් පසු තරග විභාග, සම්මුඛ පරීක්‍ෂණාදියට කැඳවීම් ලිපි ලැබේ. තම දක්‍ෂතාවයන්ට ගැළපෙන තාවකාලික රැකියාවක් හෝ ලැබේ. රාජකාරියට හා ව්‍යාපාරික කටයුතුවලට පැන නගින සතුරු කුමන්ත‍්‍රණ, විරුද්ධවාදීකම් කෙරේ පෙබරවාරී මුල් සති දෙකේදීද අවධානයෙන් පසුවන්න.


යුග හා පේ‍්‍රම දිවිය : මෙම මස අග සති දෙක තුළ ආදර සබදතා හා දැන හැඳිනුම් වැනි දෑ කෙරෙන් යහපත් වන අතර, මුල් සති දෙක මේවා කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැගේ. විශේෂයෙන් මෙම මාසයේදී ඔබට නුසුදුසු හා නොගැළපෙන සබදතා ගොඩනැඟීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක කටයුතු උපදවන දෑ සිදු නොවන ලෙස අනෙේ‍යා්න්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. ශුභා ශුභ මිශ‍්‍රයි.


සෞඛ්‍යය : ඔබ වැටීම් තැලිම් හදිසි පිඩා අනතුරු අබාධවලන් ආරක්‍ෂා විය යුතු මාසයකි. ශරීර සනීපයද  විටින් විට දුර්වල කරයි.

 

 

 

12මීන ලග්නය


ඔබේ යෝගකාරක  කුජ ශුභා ශුභ මිශ‍්‍ර බලයෙන් යුක්ත වුවත් ගුරු ශුභ යෝග බලයෙන් සිටින නිසා ඔබගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු උනන්දුවේ ප‍්‍රමාණයට සාර්ථක කරගත හැකි වන්නේය. බාධක කරදර මැඩගෙන අරමුණු ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. පොදුවේ යම් යම් අයගේ සහයෝගය තම වැඩ කටයුතුවලට වැඩිපුර ලැබේ.


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය : ඔබට මෙම මස මැද භාගය වන තෙක් ඉගෙනීම් කටයුතු සිතේ ධෛර්යයෙන් කරගෙන යාමටත් හැකි වේ. පොත පතට සිත යෙදේ. මැද භාගයෙන් පසු සිය ඉගෙනීම් කටයුතු කරගෙන යාමට සිදුවන්නේ විවිධ අවහිර බාධා මධ්‍යයේය. අයස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සහය නිසි ලෙස ලැබේ. එසේම ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට ඔබ යම් යම්
කි‍්‍රයාදාමයන්හි නිරතවන සැටියක් ද ගොඩනැගේ. ආයෝජනයකට අවශ්‍ය වූ මූල්‍ය සම්පතක් කෙසේ හෝ උපයා සපයා ගැනේ. ණය මුදලකින් නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. කර්මස්ථානයේ බලවත් ග‍්‍රහ යෝගයක් යෙදී තිබෙන බැවින් මෙම මාසයේ ඔබගේ රැකියා, ව්‍යාපාරික කටයුතුවලට අදාළ කාර්යයන්හි කැපී පෙනෙන වෙනස්කම් රාශියක් අනාගත ශුභ සිද්ධිය උදෙසා සැකසෙනු ඇත. ස්වයං රැකියා ව්‍යාපාරයන්හි නිරත වන මීන ලග්න හිමියන්ට ඒ කෙරෙන් තෘප්තිමත් විය හැකි විශේෂිත වැඩ කොටසක් ද පිළියෙළ වේ. උනන්දුවෙන් කැපවීමෙන් රාජකාරියේ නිරත වන නිසා ප‍්‍රධානීන්ගේ පැසසුමට ලක්වන්නේය. විදෙස් රැුකියා අපේක්‍ෂා ඉටුවන මාසයකි.


යුග හා පේ‍්‍රම දිවිය : මංගල භාවාධිපති හා විවාහ කාරක සිකුරු ශුභා ශුභ බලයෙනි. මෙය ඔබේ පේ‍්‍රම දිවියේ හා යුග දිවියේ කටයුතු කෙරෙන් ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ගොඩනැගීමට ද හේතුවේ. අවසන් දින 15 තුළ නොසොයා නොබලා කටයුතු කරන්නට යාමෙන් විරුද්ධ ලිංගිකයා සමග මත භේද ප‍්‍රශ්න ඇතිවීමට හේතුවේ. හැඟීම්වලට වහල් නොවන්න. මුල් දින 15 ප‍්‍රශ්න ගැටලූ පහවයයි.


සෞඛ්‍යය : උදරගත රෝග, මුත‍්‍රා ආසාදන ඇති අය ඒ කෙරේ වඩාත් ආරක්‍ෂාවන්න. ඇස්වල පීඩා ද පහසුවෙන් ඇති කරන මාසයකි.



අදහස් (0)

නවම් මහේ ග‍්‍රහ ගමනින් ඔබට කෙරෙන බලපෑම

කේ. සිරි Tuesday, 03 February 2015 03:41 PM

බොහොම කාලෙකට පස්සේ ධනාත්මකව ලියපු ග්‍රහචාරයක් කියෙව්වා. මෙය ලියපු කෙනාට බොහොම ස්තුතියි. වෙනදා ලියපු ඒවා කියවපුවහම කාටවත්ම වගතුවක් වෙන්නේ නැහැ. මේවගේ කාගේත් සිත දිරිමත් වෙන විදියට ලියන එක ලොකු දෙයක්. නරක වුනත් කියන තාලයක් තියනවනේ. (නදී)

:       0       0

මාලි Monday, 09 February 2015 03:01 PM

මේ සාත්තර අහන්න තරම් මෝඩයො තවත් ලංකාවෙ ඉන්නවද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4557 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 583 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1169 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 104 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site