මුහුදු මට්ටමේ සිට අඩි 6,182ක උසින් පිහිටි නුවරඑළිය නගරය අවට ප‍්‍රදේශවල පවතින සාමාන්‍ය උෂ්ණත්වය පහත වැටී සෙල්සියස් අංශක 4 - 5 දක්වා ඉකුත් දින කිහිපය තුළදී සටහන් විය. මෙසේ උෂ්ණත්වය පහත වැටීමත් සමඟ දැඩි ශීත දේශගුණයක් අළුයම් කාලයේදී නුවරඑළිය පුරා පවතින අවස්ථාවන් හීදී මෙම මල්තුහින පතිතවේ. මේ කාලය නුවරඑළිය පරිසරය ඇතැම් විට සාමාන්‍ය ජනතාවට ඉතා කටුක බවක් ගෙන දේ.
නුවරඑළිය ආශ‍්‍රිත සීමිත ප‍්‍රදේශයකට මෙම මල් තුහින පතිතවීම දෙසැම්බර් අග භාගයේ සිට පෙබරවාරි මස අවසාන කාල සීමාව තුළදී විටින් විට දැකගත හැකිය. මල්තුහින පතිතවීම ඉතා ආකර්ෂණීය දසුන් මවන්නක් වුවද, එය නුවරඑළිය ගොවීන්ට දැඩි බලපෑම් එල්ල කරන්නකි. අර්තාපල් ප‍්‍රධාන එළවළු වගාවෙන් ආර්ථිකය සරිකර ගන්නාවූ ගොවීන් මෙම දේශගුණ රටාවෙන් තම ගොවිබිම් බේරාගැනීමට දැඩි දුෂ්කරතාවෙන් තුළ යෙදෙන අයුරු ඉතා කනගාටුදායකය.
මේ අතර, නුවරඑළිය ආශි‍්‍රතව රාත‍්‍රී කාලයේ සේවාවන්වල යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල දැඩි අපහසුතාවන් මැද තම සේවාවල නියුක්තවීම අගය කළ යුත්තකි.
විශේෂයෙන්ම ආරක්‍ෂක අංශවලට අනුයුක්ත අයට මෙම උෂ්ණත්වය පහළ බැසීම මහත් පීඩාවක් ගෙන දෙන්නකි. ඒ සමඟම අළුයම් කාලයේදී පාසල් යන දූදරුවන්ටද මෙම තත්ත්වය ඉතාම කටුක එකක් වේ.
කෙසේ වූවත්, මල් තුහින පතිතවීම ඉතා ආනන්දනීය දසුන් මවන්නකි. එය නුවරඑළිය ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට සීමාවූ කඳු වළල්ලක පහත් බිම්වලට පතිතවීම විශේෂ සිද්ධියකි. මල්තුහින දැක ගැනීමට නම්, නුවරඑළිය ආශ‍්‍රිත කඳුකරයට පැමිණිය යුතු වේ.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නුවරඑළියට මල් තුහින
රුවන් Tuesday, 24 February 2015 05:54 AM
සම්පත්, ඔයා නුවරඑළියේ මිනිස්සු ගැන දන්නේ නැහැ වගෙයි. (නි)
සුජාන් Wednesday, 25 February 2015 08:45 AM
චමිලා - මම කිවුවේ බොරු නෙවෙයි. බොරු නම් හොයලා බලන්න. මම කියපු දේවල් වලට හේතුව මෙහෙ දේශගුණික තත්වයේ බලපෑමක් විය හැකියි. පොලිස් වාර්තා අධිකරණ වාර්තා අරගෙන බැලුවත් රටේ අනෙක් පළාත් වලට සාපේක්ෂව අපරාදවල මෙහෙ අඩුවක් තියෙනවා. (දිල්)
කසුන් Friday, 27 February 2015 03:18 AM
අපිට ලස්සන වුණාට,ඒ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ (නි)
සුජාන් Tuesday, 24 February 2015 07:40 AM
සම්පත්, ඇයි නුවරඑළියේ මිනිසුන්ගේ ජීවිත ලස්සන නැහැ කියන්නේ. මෙහෙ රෑට ගෙවල් බිඳින හොරු නැහැ. කුඩු ගහලා නනත්තාර වූ තරුණයෝ නැහැ. පාරවල් වල රිය අනතුරු වලින් මිනිස්සු මැරෙන්නේ නැහැ. මිනීමැරුම් නැහැ. ස්ත්‍රී දුෂණ නැහැ. නයිට් ක්ලබ් නැහැ. කැසිනෝ නැහැ. සුදු පොළවල් නැහැ. වැඩිපුර ඉන්නේ එළවලු ගොවියෝ නිසා ආර්ථික ප්‍රශ්න තිබෙනවා. එහෙත් අපිට සුන්දර පරිසරයකුත් ලස්සන ජීවිතත් තිබෙනවා. (නි)
සුනිල් Monday, 23 February 2015 05:09 PM
හැමදාම තියනවා නම් හොඳයි. අපි යන දවසට නැහැනේ (නි)
සුජාත දිසානායක Wednesday, 25 February 2015 01:14 PM
ඇත්ත සුජාන් මමත් ඔබේ කතාවට එකගයි.(හේ)
මලිත් Saturday, 28 February 2015 05:51 AM
මල් තුහින පතිත වෙන්නෙ නැහැ. පොළොවට වැටුණු පින්න, පොළොවේ ඉතා අඩු උෂ්ණත්වය(~0) නිසා මිදෙනවා. මේ නිසා හිම වගේ පෙනෙනව. (අ)
මයුරී Monday, 23 February 2015 09:06 AM
කොච්චර ලස්සනද?(හේ)
සම්පත් Monday, 23 February 2015 09:07 AM
නුවර එළියේ තියෙන ලස්සන ඒ පැත්තේ ජිවත් වෙන මිනිසුන්ගේ ජිවිත වල නැති එක ගැන හරි දුකයි .(හේ)
කුමාර Monday, 23 February 2015 10:42 AM
අයිස් වැටිලා වගේ හරිම ලස්සනයි.(හේ)
චමිලා Tuesday, 24 February 2015 01:43 PM
සුජාන් කියන විදිහට නුවර එලිය ලංකාවේ පළාතක්ද කියල සැකයකුත් ඇතිවෙනවා .කොච්චර හොදද ?(අ)