IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පුංචි තිරය නිරුවත් කළ ”නිරුවත් රියැලිටි”

 

 
 
නිරුවත් රියැලිටි වැඩසටහනේ දර්ශන කීපයක්

වර්තමාන ලෝක ජන මාධ්‍යයේ නොවිකුණනා දෙයක් නැත. රූපවාහිනී මාධ්‍යය මේ අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ශ‍්‍රව්‍යxදෘෂ්‍ය මාධ්‍යයක් ලෙස එය අතපත්කැර ගෙන ඇති අද්විතීය වූ ආකර්ශනය හේතුවෙනි. රූපවාහිනියට යම් පමණකින් හෝ අභියෝගයක් එල්ලවන්නේ අන්තර්ජාලයෙන් පමණි.

වෙළෙඳ භාණ්ඩයේ සිට සෑම දෙයක්ම විකුණූ රූපවාහිනී මාධ්‍ය කලාවේ දී වැදගත් හා සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කරගත් නාලිකා පවා දැන් සියලූ දේ විකිණීමට පටන්ගෙන තිබේ. මේ අතරින් වඩාත් ආන්දෝලනාත්මක පියවරක් තැබූ නාලිකාව බවට පත්ව ඇත්තේ වැඩිහිටි, තරුණ හා බාල යන සියලූ පාර්ශ්වයන්ට එක්ව නැරඹිය හැකිව තිබූ ඩිස්කවරි නාලිකාවයි. ඔවුන් දැන් නිරුවත විකුණන්නට පටන්ගෙන ඇත.

ඒ ”නිරුවත හා බිය” යන රියැලටි වැඩසටහන මගිනි. මෙමගින් ලෝකයේ රූපවාහිනී වැඩසටහන් ඉතිහාසය වෙනස්කොට තිබේ. එහි තිබූ හර පද්ධතීන්, සංස්කෘතික අංග සියල්ල දැන් කණපිට පෙරැළී ඇත. රියැලටි වැඩසටහන්වල තිබූ ආකෘතිය පවා අභියෝගයට ලක්කැර තිබේ.

එහි වැඩසටහන් හතක් පසුගිය ජුනි 23 දා සිට මේ දක්වා විකාශය කැර තිබේ. වැඩසටහන විකාශයවීම ආරම්භයත් සමග ලොව පුරා මවුවරුන් ඊට එරෙහිව දැඩි විරෝධතාවක් ද දියත් කර තිබෙන්නේ මේ වැඩසටහන වහාම නවතා දැමිය යුතු බව පවසමිනි. එම විරෝධතාවට මේ වනවිට මිලියනයකට වැඩි පිරිසක් එක්ව සිටිති.

ඔවුන් වැඩසටහනට විරෝධය එල්ල කරන්නේ එහි නිරුවත පෙන්වීම නිසාම පමණක් නොවේ. පසුගිය දිනක විකාශය වූ වැඩසටහනක දී කෙලී නයිට් ලින්ජර් හා ඊ.ජේ. ස්නයිඞ් යන දෙදෙනාගේ ජීවිතය අහිමිවීමේ අවදානම ද වැඩසටහන මගින් විකාශයවීමත් සමගිනි. ඔවුන් මුහුණ දුන් තත්ත්වයන් අනුව දෙදෙනාගේ ජීවිත බේරී ඇත්තේ අනූනමයෙනි.

විරෝධතාව දක්වන පිරිස් පවසන්නේ තරගයේදී ලිංගික අවයව බොඳ කරමින් පෙන්වූව ද එම තරගයේ ඉලක්කය වූ ජීවිතය ආරක්ෂා කරගනිමින් අදාළ දුර ගමන් කිරීමේ අභියෝගයට වඩා ලිංගිකත්වය ඉස්මතු කරන බවයි.

මේ වැඩසටහනේ තරග කරුවෝ දෙදෙනෙකි. එකිනෙකා කිසි දිනෙක නොහඳුනන ගැහැණියක් සහ පිරිමියෙක් තරගයට සහභාගී වෙති. ඔවුන් දෙදෙනා සැතපුම් 10ක නිශ්චිත දුරක් දින 21ක කාලයකදී ගමන් කළ යුතුය. මේ ගමන ආරම්භයේදී සිරුරේ ඇති සියලූ ඇඳුම් ගලවා දැමිය යුතුය.

ඔවුන්ට ඇති අභියෝගය නම් නොමැරී දින 21ක් සිටීමයි. මේ කාලයේදී නොයෙකුත් අභියෝග හා දුෂ්කරතා වලට මුහුණදීමට සිදුවේ. සෑම වැඩසටහනක් සඳහාම එකිනෙකට වෙනස් යුවල බැගින් තෝරාගෙන එකිනෙක වෙනස් වූ පරිසර පද්ධතීන් තුළ දී පටිගත කිරීම සිදුවේ.

තරගකරුවන්ට සිය තරගය අතරමග භාවිත කිරීමට රැගෙන යා හැක්කේ කැමැත්ත පරිදි එක් උපකරණයක් පමණි. මග සලකුණු දක්වන සිතියමක් ද ඔවුන්ට හිමිවේ. තරගකරුවන්ගේ ගෙලෙහි අති සංවේදී මයික‍්‍රෆෝනයක් සහිත මාලයක් පළඳවනු ලබයි. එයට අමතරව පෞද්ගලික ආභරණ අවශ්‍යනම් පැළඳීමේ අවස්ථාව ද හිමිවේ. ගමනේ ආරම්භයේ සිට අවසානය දක්වාම  සියලූම අවස්ථා පටිගත කිරීමට වැඩසටහන් නිෂ්පාදකවරු කටයුතු කරති.

ස්ථිර පිටපතක් හෝ සැලසුමක් නොමැතිව පවත්වන මේ වැඩසටහනේ අධ්‍යක්ෂවරයා වන ඩෙනිස් කොන්ටිස් මහතා පවසන්නේ සැබෑ නොවුණු නමුත් යථා පිටපතක් අවශ්‍ය වූ බවයි. මිනිසුන් සොබාදහමේ කොටසක් බවත් කිසිදු සහයෝගයක් නොමැතිව ජීවත්වීමේ අභියෝගය ජයගන්නා ආකාරය පෙන්වා දීමත් මේ වැඩසටහනේ අරමුණු වී ඇතැයි ද කොන්ටිස් පවසයි.

ලෝකයේ රියැලටි වැඩසටහන්වලට අමතරව කේබල් නෙට් වර්ක් ආයතනය නිෂ්පාදනය කළ පිටපත් නොමැති වැඩසටහන් බෙහෙවින් ජනපි‍්‍රය වූ බැවින් ඩිස්කවරි නාලිකාව ද එම වැඩසටහන් වර්ග දෙකේ සංකලනයක් ලෙස ”නිරුවත සහ බිය” නිෂ්පාදනය කරන්නට ඇතැයි යන්න විචාරකයන්ගේ මතය වී තිබේ.

කොන්ටිස් මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
”අපි ප‍්‍රධාන චරිතදෙකක් යොදා ගනිමින් වෙනස් ආකාරයේ දේශ ගවේෂණයක් ගැන ඉතා සිත්ගන්නාසුළු කතාවක් ඉදිරිපත් කරනවා. අපේ කතාවේ සංරචක බොහෝ ප‍්‍රමාණයක් ඉදිරියේදී දැකගත හැකිවේවි.”

තරගය ආරම්භ වූ මොහොතේ පටන් ගතවන සෑම මොහොතක්ම තරගකරුවන්ගේ සෑම ඉරියව්වක්ම, සිව්දෙනකුගෙන් සමන්විත කැමරා ශිල්පීන් කණ්ඩායමක් විසින් රූගත කරනු ලබයි. දිනය අවසානයේ සියලූම කැමරා දර්ශන පරීක්ෂා කරනු ලබන අතර කැමරාව මතු දිනයේ භාවිතය සඳහා සූදානම් කැර තැබීම ද සිදුවේ.

මේ වැඩසටහනේ ඇති සුවිශේෂත්වය නිසාම පේ‍්‍රක්ෂක විරෝධතාවක් එල්ල වනු ඇතැයි නිෂ්පාදන කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිට ඇත.

ඒ ගැන අධ්‍යක්ෂවරයා පවසන්නේ ”කිසිදු ගණනය කිරීමක් හෝ සැලසුම්ගත කිරීමක් නැහැ. අවම වශයෙන් සිදුවීම්වලට පිටතක් හෝ නැහැ. ඒ නිසා  ඕනෑම දෙයක් ඉදිරියේදි වෙනස් විය හැකියි. තරගකරුවන්ට ජීවිත අවධානම ගැන ඇත්තේ විචිකිච්ඡුාවක් පමණයි. ඔවුන් මේ ගමනේ භයංකාරත්වය ගැන හොඳින්ම දන්නවා. ඒ ගමනට මොවුන් තල්ලූ කැර දැම්මාට පසු යා යුතු ආකාරය හා ගමන ගැන සියලූ තීන්දු තීරණ ගන්නේ ඒ දෙදෙනා විසින්. කෙසේ හෝ දින 21ක් ඇතුළත නොමැරී ගමන අවසන් කිරීම තමයි අපි ලබාදෙන අභියෝගය.” යනුවෙනි.

මාස දහයක පමණ කාලයක් සිදුවූ පූර්ව නිෂ්පාදන කටයුතුවලින් පසු මේ වැඩසටහන ආරම්භවී තිබේ. එක්සත් ජනපදයේ පමණක් මිලියන 100ක පමණ පිරිසක් ඩිස්කවරි වැඩසටහන නරඹති. තවත් රටවල් 180ක කෝටි සංඛ්‍යාත පිරිසක් ඩිස්කවරි නාලිකාව හා එක්ව ඇත. ඒ අතරින් දැනට මිලියනයක පමණ පිරිසකගේ විරෝධතාවක් එල්ලවී ඇතත් ඩිස්කවරි නාලිකාවේ පේ‍්‍රක්ෂකයන් ප‍්‍රමාණය සැලකූ විට මිලියනයක් යනු ඉතා සුළු පිරිසකි.

රියැලටි වැඩසටහන් කලාවේ වෙනස් මගක් ගන්නා මේ ”නිරුවත හා බිය” වැඩසටහන දැන් විවාදාත්මක වී ඇතත් රියැලිටි කලාව ලෝකයට හඳුන්වා දී ඇත්තේ 2000 වර්ෂයේදී ය.

ඇමෙරිකාවේ ආරම්භ වූ සවයිවර් සහ ”ඇමෙරිකන් අයිඞ්ල්” වැඩසටහන් දෙක රියැලිටි කලාවේ මූලාරම්භය ලෙස සැලකේ. ඇමෙරිකානු රූපවාහිනී ඉතිහාසයේ අතිශය ජනපි‍්‍රය වැඩසටහන් මාලා දෙකක් බවට පත්වූ මේ වැඩසටහන් රූපවාහිනී නාලිකා වලට පමණක් නොව ඒවාට සහභාගීවූවන්ට ද මුදල් උනන උල්පත් බවට පත්වූයේ ආරම්භ කර වැඩිකල් නොගොසිනි.

2004 වර්ෂයේ සිට 2009 දක්වා ඇමෙරිකා රූපවාහිනී ඉතිහාසයේ ජනපි‍්‍රයත්වයේ අංක එක ස්ථානයේ තිබූ වැඩසටහන් බවට පත්වූ මේ වැඩසටහන් එම කාලය පුරාම ජනතා කැමැත්ත දිනා ගැනීමට සමත්ව තිබිණි.

එම වැඩසටහන් මගින් ජීවත්වීමට නිශ්චිත ආදායම් මාර්ගයක් හෝ නොමැතිව දුක් විඳිමින් සිටි තරුණ තරුණියන් අති විශාල පිරිසක් සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත්වූයේ වැඩසටහන මෙන්ම ජනතා ආකර්ශනය දිනා ගනිමිනි. ඒ බෙහෝ දෙනෙක් දැන් කෝටිපතියෝ වී සිටිති. ඇමෙරිකාවේ කළු ජාතික තරුණියක් වන ෆැන්ටාසියා බැරීනෝ 2004 වර්ෂයේ ඇමෙරිකා ”අයිඞ්ල්” වැඩසටන ජයගත්තේ දුප්පත් තරුණියක් ලෙසින් නමුත් දැන් ඇය කෝටිපතිනියක් වී සිටින්නේ ජනපි‍්‍රයත්වයේ හිනිපෙත්තටම නගිමිනි. මේ වැඩසටහන්හි තවත් සුවිශේෂීත්වයක් වන්නේ ජයග‍්‍රාහකයා පමණක් නොව අවසන් වටයේ සිටින බොහෝ දෙනකුද අද කෝටිපතියන් වී සිටීමයි.

මේ වනවිට ඇමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ රියැලිටි වැඩසටහන් සඳහාම වෙන්වූ ෆොක්ස් රියැලිටි හා සෝන් රියැලිටි නමින් නාලිකා දෙකක් බිහි වී තිබීමෙන්ම රියැලිටි කලාවේ ජනපි‍්‍රයත්වය තහවුරුවේ. රියැලිටි කලාව තවදුරටත් ජනතාව අතරට ගෙනයාමට එම්.ටී.වී. හා බ‍්‍රාවෝ නමැති නාලිකා දැක්වූ දායකත්වයත් අතිමහත්ය.

ඉගෙනුම් හා කුසලතා අධ්‍යයන කවුන්සිලය 2007 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ එංගලන්තයේ වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවන තරුණ තරුණියන් හත් දෙනකුගෙන් අවම වශයෙන් එක් අයකු හෝ රියැලටි වැඩසටහන් වලට පෙනී සිටීමෙන් ජනපි‍්‍රයවීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදී ඉන්දියාවේ සෝනි එන්ටර්ටේන්මන්ට් ආයතනය ඇමෙරිකා අයිඞ්ල් වැඩසටහන අනුව යමින් ”ඉන්දියන් අයිඞ්ල්” වැටසටහන නිෂ්පාදනය කරන ලද්දේ දකුණු ආසියාවටත් රියැලිටි වැඩසටහන් උන්මාදය ගෙන එමිනි.
පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර සටහන් පිරික්සීමේදී පෙනී යන්නේ මේ සියලූ වැඩසටහන් ඉතා ඉහළ ප‍්‍රතිචාරයක් ලබාගනිමින් පේ‍්‍රක්ෂක ආකර්ශනය උපරිමයෙන් දිනා ගන්නා බවයි.

රියැලිටි කලාව ප‍්‍රතික්ෂේප කළ ඇතැම් පුද්ගලයෝ ද මාධ්‍ය ආයතනය ද දැන් එයට අනුගතවී සිටිති. කෙසේ වෙතත් මේ වැඩසටහන් තුළින් ඉදිරියට ගෙන එන්නේ සැබෑ දක්ෂයන්ද නැතිනම් නාලිකාවට වඩාත් හොඳින් අලෙවි කළ හැකි චරිතයද යන්න විවාද සම්පන්නය.
වැඩසටහන් බොහොමයක ජයග‍්‍රාහකයන් තෝරන්නේ එස්.එම්.එස්. කෙටි පණිවිඩ මාර්ගයෙනි. අද තරගකරුවන් එස්.එම්.එස් මනාප පොරයකට ද මුල පුරා ඇත්තේ කටවුට්, බැනර්, අත් පති‍්‍රකා පවා ප‍්‍රදර්ශනය කරමිනි. පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට නිර්මාණය වී ඇති තරගය මෙන්ම රියැලටි වැඩසටහනක ජයග‍්‍රාහකයා වීමට තරගයක් නිර්මාණය වී තිබේ.

මේ කුමන තත්ත්වයක් පැවතිය ද ශී‍්‍ර ලංකාවේ ද රියැලටි වැඩසටහන් අතිශය ජනපි‍්‍රයය. පිටරට ඇති වැඩසටහන් අමු අමුවේ කොපි කරමින් වැඩසටහන් නිෂ්පාදනය කරන සමහරුන් ඩිස්කවරි නාලිකාවේ ”නිරුවත හා බිය” වැනි වැඩසහනක් වුවත් අනාගතයේ ශී‍්‍ර ලංකාවේ ද නිෂ්පාදනය කිරීමට බැරි නැත.

 

 

සටහන හා ඡායාරූප - වේරගොඩගේ සජීව විජේවීර

 



අදහස් (0)

පුංචි තිරය නිරුවත් කළ ”නිරුවත් රියැලිටි”

සීස් Sunday, 29 September 2013 04:15 PM

ලංකාවේ අපට අඩුවකට තිබුනේ මේක විතරයි(නදී)

:       0       0

පර්සි හික්කඩුවගේ Wednesday, 16 October 2013 01:55 PM

පුරුදු උනාම හරියයි. කලබල වෙනවනේ .ඉවසන්න .තැන්ක්ස් (ස)

:       0       0

මානසිංහ Tuesday, 01 October 2013 12:15 AM

වැඩේ නම් නියමයි (නි)

:       0       0

සදුනි Tuesday, 01 October 2013 12:57 PM

මම මේ වැඩසටහනේ බොහෝ කොටස් නැරඹුවා.අමුතු කුතුහලය පිරුණු අසාමාන්‍ය ක්‍රියාදාමයක්.මේ අය නිරුවතින් හිටියාට ලිංගිකත්වය ඉස්මතු වීමක් හෝ ලිංගික ආවේගයක් නම් පෙන්නේ නැහැ.හැබැයි වචනයෙන් කිව නොහැකි විශ්මයාර්ථයක් නම් ඇති වෙනවා. (ස)

:       0       0

වාසල Monday, 30 September 2013 11:22 AM

"පිටරට ඇති වැඩසටහන් අමු අමුවේ කොපි කරමින් වැඩසටහන් නිෂ්පාදනය කරන සමහරුන් ඩිස්කවරි නාලිකාවේ ”නිරුවත හා බිය” වැනි වැඩසහනක් වුවත් අනාගතයේ ශී‍්‍ර ලංකාවේ ද නිෂ්පාදනය කිරීමට බැරි නැත" (ස)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Wednesday, 02 October 2013 07:17 AM

මෙවැනි වැඩසටහන් ඒකාකාරී ටෙලි නාට්‍ය වලට වඩා දහස් ගුණයක් වටිනවා (නි)

:       0       0

හෙළයා Thursday, 17 October 2013 05:00 AM

දුමින්ද හරි, මෙවැනි වැඩ සටහන් නැරඹීම කාලය නාස්ති කිරීමකී. ලංකාව වැනි රටකට නම් ඉතුරුවී ඇති සාරධර්මද විනාශ කිරීමක් විය හැකිය. අපේ රටට ගැළපෙන දේ, අවශ්‍ය දේ පමණක් ලබාදිය යුතුයි. (නි)

:       0       0

ගජ මුතු Saturday, 19 October 2013 01:35 PM

මේක අහවල් පක්සේ නායකයා ඉවත් කරන්න දගලන විද්‍යුත් මාද්‍ය ආයතනයේ අයටනම් දැනගන්න තියන්න එපා .(නදී)

:       0       0

අරුණ Friday, 04 October 2013 09:21 AM

නියම වැඩසටහනක්. නිරුවත ගැළපෙන්නෙ නැත්නම් පොඩි රෙදි කෑල්ලක් අන්දවලා හරි ලංකාවෙත් කරන්න ඕනෑ. නිරුවත නොපෙන්නා කරන අසැබි වැඩසටහන් වලට වඩා මේක හොදයි. කොන්ද පණ තිබෙන අයට පමණයි ! (නි)

:       0       0

රස්පී Friday, 04 October 2013 09:24 AM

මම ඕක බැලුවා. ඒකෙන් තේරෙන්නේ කිසි දෙයක් නැතුව ජීවය රැකගැනීම ඉතා අපහසු බවයි. හැම දේම ලිංගිකත්වය ගැන හිත හිතා බලන එක මෝඩකමක්. (නි)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 08:58 AM

මෙවැනි වැඩ සටහන් නැරඹීම කාලය නාස්ති කිරීමකී. ලංකාව වැනි රටකට නම් ඉතුරුවී ඇති සාරධර්මද විනාශ කිරීමක් විය හැකිය. අපේ රටට ගැලපෙන දේ, අවශ්‍ය දේ පමණක් ලබාදිය යුතුයි. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 04 October 2013 09:56 AM

රාගයට බරවුවෝ හැම දෙයක්ම රාගික ඇසකින් බලනවා (නි)

:       0       0

ඡානක සුරේෂ් Monday, 30 September 2013 07:40 PM

ශ්‍රිලංකාවේ මාද්‍ය භාවිතය සම්බන්දයෙන් නීතිමය රාමුවක් සැකසිය යුතුයි. ඒ සදහා අදාල බලදාරීන්ට නුවනැස පහල වේවා!(නදී)

:       0       0

චමින්ද Saturday, 05 October 2013 09:06 AM

කේ.එච්.ආර්.කේ. දිසානායක, සදුනි, මහින්ද වික්‍රමරත්න කැලිෆෝනියා ඔබලා හරි. අපි හැමදාම වැදගත් යමක් නොබලා, බොලද ටෙලි නාට්‍ය සහ හින්දි චිත්‍රපටි බලමින් ජීවිතයේ ඉදිරි කාලය කා දැමිය යතුය. අපිට දැනුම් සම්බාරයක් ලැබෙන්නේ එවිටයි. සෙල්ලන් දෙයක්ද අපේ කට්ටිය [හින්දි,ටෙලි නාට්‍ය ] නළු නිළියන්ගේ උපන්දිනය පවා දන්නා එක.(නදී)

:       0       0

සංජු Sunday, 20 October 2013 11:36 AM

මොන කරුමයකට මිනිස්සු ඇඳුම් අඳින්න පටන් ගත්තද මන්දා. නැතිනම් ජොලියේ හෙළුවෙන් ඉන්න තිබුනා. මෙතරම් ප්‍රශ්න ඇති වෙන්නෙත් නැහැනේ.(නදී)

:       0       0

ජගත් Friday, 04 October 2013 08:33 PM

සමහර ඒවා බොද කරනවනේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 236 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 45 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 96 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 185 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 226 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 878 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 503 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site