ආගමික පූජකවරයෙක් ප‍්‍රථම වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළේ වර්ෂ 2001 දීය. ඒ බද්දේගම සමිත හිමියෝය. ඉන්පසුව ජාතික හෙළ උරුමයේ මන්ති‍්‍ර භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළහ. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබඳව එදා විවිධ මති මතාන්තර ඉදිරිපත් වුවත් පසුව ඒ පිළිබඳව විශාල සමාජමය කතිකාවක් නොවීය. එහෙත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව නිසා යළිත් දෙබරයට ගල් ගැසුවාක් මෙන් විවිධ මත ඉදිරිපත්වී ඇත. ඒ මහතා යෝජනා කරන්නේ පූජක පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම නීතියෙන් තහනම් කළ යුතු බවයි. විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මෙසේය. ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට සහ සියළුම ආගම්වලට හිමි අයිතිවාසිකම් ආරක්ෂාකරදීම සහතික කොට ඇති හෙයින්ද? ජාතික එකමුතුව සහ සාමගි‍්‍රය ඇතිකරලීමේ අරමුණින් ආගමික ගෞරවය සහ පූජනීයත්වය පවත්වාගෙන යාම සහ ආරක්ෂා කරගෙන යාම පිණිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇති හෙයින්ද ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මෙසේ සංශෝධනය කරනු ලැබේ. 1. මෙම පනත දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව පහත සඳහන් එකතු කිරීම මඟින් සංශෝධනය කරනු ලැබේ. ”91 (1) (ඈ) (xIII) ඕනෑම ආගමක පූජකවරයෙකු.” 3. හත්වැනි පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන්වීමෙන් හෝ විසුරුවා හැරීම සිදුවීමත් සමඟ මෙම සංශෝධනය කි‍්‍රයාත්මක විය යුත්තේය. 4. මෙම පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතුය. දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරු ති‍්‍රවිධ හමුදා නිලධාරින් හා පොලිස් නිලධාරින් වැනි මහජනතාව හමුවේ ස්වාධීනව කටයුතු කිරීමට බැඳී සිටින පුද්ගලයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකියි. ඒ ස්වාධීන පුද්ගලයන් අතරට පූජක පක්ෂයද ඇතුළත් කළ යුතු බවට මන්තී‍්‍රවරයා සංශෝධන යෝජනාවක් ගෙන ඒමට යයි.මේ සංශෝධන යෝජනාව පිළිබඳව කරුණු දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා මෙසේ කීය. බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට නියම කර ඇති විනය නීතිවලට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකියි. භික්ෂුන් වහන්සේගේ ගරුත්වය රඳවා ගැනීමට උන්වහන්සේලා කි‍්‍රයාකාරි දේශපාලනයේ යෙදීම සුදුසු නැහැ. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මගින් බරපතළ ලෙස සැහැල්ලූවට ලක්වීමට සිදුවී තිබෙනවා. එසේම විශාල පිරිහීමකටද ලක්වී තිබෙනවා. මේ භික්ෂුන් වහන්සේ හැසිරෙන්නේ සතර අගතියට අනුවයි. තණ්හාව, ද්වේෂය, භය හා මෝහය මේ සතර අගතියට යෙදීමක් සිදුවී තිබෙනවා. බුද්ධ පුත‍්‍රයන් වහන්සේ පූජක මට්ටමින් සිටිය යුතුයි. ගිහියාට උඩින් සිටිය යුතු භික්ෂුන් වහන්සේ රණ්ඩු කරන අසභ්‍ය වචන ප‍්‍රකාශ කෙරෙන ස්ථානයක් නියෝජනය කළ යුතු නැහැ. අන්තවාදී කි‍්‍රයා කලාපයකට යා යුතු නැහැ. පාර්ලිමේන්තුව රටට අවශ්‍ය පරිදි කාලීනව අවශ්‍යතා මත කටයුතු කළ යුතු ස්ථානයකි. ඒ කාලීන අවශ්‍යතාවක් ලෙසින් පූජකවරු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. ඒ අභියෝගය මා භාර ගත්තා. වෙනත් ආගමික පූජකවරු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. අපේ භික්ෂු ශාසනය ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කරනවා. ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා- විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන මෙම පනත භික්ෂුන් වහන්සේගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමක්. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එකක්. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. මේ රටේ සමාජ කොටස්වලින් භික්ෂුන් වහන්සේ වෙන් කළ නොහැකියි. භික්ෂුන් වහන්සේට ඡන්දය පාවිච්චි කළ හැකි නම් ඒ ඡුන්දය පාවිච්චි කිරීම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මන්තී‍්‍රවරයකු තේරී පත්වන්නේ නම්, උන්වහන්සේටත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිවිය යුතුයි. භික්ෂුන් වහන්සේ දේශපාලනයට ඉදිරිපත්වීම ගැන වර්ෂ 2004 දී විශාල සංවාදයක් කතිකාවතක් ඇති වුණා. ඒත් දැන් එහෙම නැහැ. විජයදාස රාජපක්ෂ මහතා මෙවැනි යෝජනාවක් දැන් ඉදිරිපත් කරන්නේ කාගේ වුවමනාවකටද යන ප‍්‍රශ්නය ඇති වෙනවා. ස්තී‍්‍ර දුෂකයන්, කුඩුකාරයන්, අපරාධකරුවන්, සමාජ විරෝධී කටයුතු කරන ඇතැම් පුද්ගලයන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවාට වඩා භික්ෂුන් වහන්සේ නමක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් රටට ඵලදායක බවක් ලැබෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමක් සිදු වෙනවා. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් කිසියම් අප කීර්තියක් වූ බවක් සඳහන් කරන්නැයි මා අභියෝග කරනවා. පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ මන්තී‍්‍ර භික්ෂුන් වහන්සේ නිසා නොවෙයි. පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා නොවීමත් විනය ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමත් පිළිබඳව භික්ෂුන් වහන්සේ වගකිව යුතු නොවේ. එයට වගකිව යුතු වන්නේ ගිහි මන්තී‍්‍ර පිරිසයි. මන්ති‍්‍ර භික්ෂුන් වහන්සේ එයට වගකිව යුතු නොවේ. භික්ෂුන් වහන්සේ රටේ යහපතට සියලූ කැප කිරීම් කරයි. එයට කදිම උදාහරණයක් ඉදිරිපත් කළ හැකිය. එනම් දුම්වැටි හා මත් උවදුර පිළිබඳව අතුරලියේ රතන හිමියන් ඉදිරිපත් කළ යෝජනාවයි. ඒ පනත මගින් ඉදිරිපත් කළ යෝජනාව අද නීතියක් වී ඇත. කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මුල් පියවර වූ මාවිල්ආරු සොරොව්ව විවෘත කර ගැනීමේ කාර්ය භාරයට මූලික වූයේද භික්ෂුන් වහන්සේය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී සුනාමි සහන මණ්ඩලයට විරෝධය දැක්වූයේද භික්ෂුන් වහන්සේය. මහින්ද චින්තනය ප‍්‍රකාශයට රටේ ඒකීය භාවය ඇතුළත් කිරීමට මූලික වූයේද භික්ෂුන් වහන්සේය. රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා වූ කරුණු ගණනාවකට මැදිහත්වූයේ භික්ෂුන් වහන්සේය. මේ භික්ෂුන් වහන්සේ ජනතාව නොමඟ යවා නැත. එසේ නම් පැවිදි ගරුත්වයට සිදුවූ හානිය කුමක්දැයි ප‍්‍රශ්න කිරීමට කැමැත්තෙමි. මේ ජනතා සේවයෙන් භික්ෂුන් වහන්සේ ලබන දෙයක් හෝ ලබපු දෙයක් නැත. ලබා දුන් සියලූ දේ රටට හා ජනතාවටය. එබැවින් භික්ෂුන් වහන්සේ දේශපාලනයට පිවිසීමේ කිසිදු වරදක්ද නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඔෂන්ත තල්පාවිල මහතා - භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියේාජනය නොකළ යුතුයි. එයට හේතුව කරුණු ගණනාවකි. සමාජය භික්ෂුන් වහන්සේ සළකනුයේ ඉමහත් ගෞරව භක්තියෙනි. වන්දනාමාන කරති. තම නිවසට වැඩම කරනු ලබන භික්ෂුන් වහන්සේට අසුනක් ලබා දෙන්නේ සුදු රෙද්දක් ඇතිරීමෙනි. ඒ තරමට ගෞරවණීය ලෙස පිදුම් ලබන භික්ෂුන් වහන්සේ හෝ පූජක පිරිස් දේශපාලනයට පිවිසීමෙන් සිදුවන්නේ ඒ ගෞරවනීය බව කෙළෙසීයාමය. අද සමාජයේ වැඩි දෙනා තුළ දේශපාලනඥයන් පිළිබඳව පවතින්නේ කිසියම් අප‍්‍රසාදයකි. කළකිරීමකි. ජනතා ඡුන්දයෙන් තේරීපත්වීමෙන් පසු සම්පත් පසුපස යන පිරිසක් බවට බොහෝ දෙනාගේ තුළ මතයක් ඇත. එවැනි සමාජ පරිසරයක් තුළ භික්ෂුන් වහන්සේ හෝ පූජක පක්ෂය පාර්ලිමේන්තුව හෝ වෙනත් දේශපාලන ආයතනයක් නියෝජනය නොකළ යුතුය. භික්ෂුන් වහන්සේ හෝ පූජකවරු ජනතාවගේ අධ්‍යාත්මය යහපත් කරනු ලබන හා ඒ සඳහා වූ මාර්ගය පෙන්නුම් කරනු ලබන පිරිසකි. මේ රටේ ඇතැම් නායකයන් රට පාලනය කරද්දි භික්ෂුන් වහන්සේගෙන් ගුරු හරුකම් ලබා ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. අදටත් යහපත් දෙයක් ආරම්භ කිරීමට පෙර පූජක පක්ෂයේ ආශිර්වාදය ලබා ගැනීම සිදුවෙයි. ඒ ආශිර්වාදය ලබා ගන්නේ අතිශයින් භක්තිමත්වය. එවන් ගෞරවයට පාත‍්‍රවූ පූජක පිරිස පාර්ලිමේන්තුව වැනි ස්ථානයක දේශපාලන නියෝජනයක් කිරීම ඒ ගෞරවයට කරගනු ලබන හානියකි. දේශපාලනයේ යෙදෙන අයට අවවාද අනුශාසනා කිරීමට හැකියාව ඇත්නම් පාර්ලිමේන්තුවට තේරීපත්වී යන අයට ඡන්දය පාවිච්චි කළ හැකි නම් පූජක පක්ෂයට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකිද යන්න කිසිවකුට තර්ක කළ හැකිය. එහෙත් පූජක පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගැනීම ඒ සඳහා සරල අවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය. ඒ ඒ ආගම්වලට ආවේනික ගුණධර්ම ඇත. මධ්‍යස්ථබව, අවිහිංසාව, වෛර නොකිරීම, අපහාස නොකිරීම ආදී විවිධ කරුණු ඇතුළත්වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පූජකවරයකුට මේ සියලූ කරුණු අබිබවා කටයුතු කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට මධ්‍යස්ථ බව වෙනුවට පක්ෂපාතී වීමට සිදුවනු ඇත. තමන් නියෝජනය කරනු ලබන පක්ෂයට පක්ෂපාතිවීමට සිදුවෙයි. තම පැවැත්ම සඳහා පක්ෂපාතී බව ආරක්ෂා කිරීමට සිදුවනු ඇත. අනෙකුත් විරුද්ධ දේශපාලන මතධාරින්ගේ අපහාස උපහාස කතා විඳ දරා ගැනීමට සිදුවෙයි. අල්පේච්ඡු ජීවිතයක් ගත කිරීමට ඇප කැපවී සිවුරු දරන භික්ෂුන් වහන්සේ නමකට නම් මෙවැනි අවස්ථාවක බුදු දහම ගැන නොසිතා කටයුතු කිරීමට සිදුවේ. පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්තී‍්‍රවරයකුට සිදුකළ ශාරීරික පීඩා ගැනද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. භික්ෂුන් වහන්සේ නමක් එවැනි පීඩාවකට පත් නොවිය යුතුය. වස්කඩුව ශ්‍රී ශාක්‍යමුණි විහාරාධිපති ආචාර්ය පරගොඩ විමලවංශ හිමි - කිසියම් පුද්ගලයකු බහුබූත අදහසක් ඉදිරිපත් කර ඇති විටක එම අදහස සුනු විසුනු කර ඒ බහුබූත මතය වැරැදි බව සමාජයට පෙන්වාදීම ශාසනාභිවෘද්ධිය අපේක්ෂා කරන අයගේ යුතුකමයි. එබැවින් විජේදාස රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය පක්ෂයට දේශපාලනය සුදුසු නැති බව පෙන්වා දෙමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමට කි‍්‍රයා කිරීම සම්බන්ධයෙන් ඔහු හා විවාදයකට එළඹීමට වුවද සූදානම්ය. විජේදාස රාජපක්ෂ මහතාට බුදු දහම හෝ ව්‍යවහාරික ගිහි පැවිදි සමාජය පිළිබඳව හෝ පැහැදිලි අවබෝධයක් නොමැති බව පැහැදිලිය. මෙවැනි අදහස්වලින් ශාසනයට සිදුවන්නේ අයහපතකි. අනර්ථයකි. එබැවින් විජයදාස මහතා සමාජගත කිරීමට උත්සාහ ගන්නා ධර්ම විරෝධී මිථ්‍යාදෘෂ්ටික මතය පිළිබඳව ශාසනයේ නාමයෙන් විවාදයට එන ලෙස ඉල්ලමි.
දයාසීලී ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනමි මෙ ඇත්තන්ට ජන්දේ දුන්නේ නෑ. මම මුල ඉදලම ඕකට විරුද්ධ වුනා.අසේවනාච බාලානං පංඩිතානංච සේවනා. පුජාච පුජනීයානන් ඒතන් මංගල උත්තමන් මෙහෙම තමයි මම කිවුවෙ.කිවුවට ඇහුවයෑ. ගිහිල්ලා අනාගත්තා. දැන් ඒ මඩවගුරේ ඉදන් දගලනවා.
බලන්නකෝ මුණු ටික විතරක් දෙතිස්මහ පුරුෂ ලක්ෂණ ඔක්කොම පෙනෙනවා.
මෙතෙක් කල් ආන්ඩු නිර්මාණය කිරීමේ තීරක බලය තිබුනේ කොහිදැයි නොදන්නේ අද උපදින දරුවන් පමණි. මේවන විට පැහැදිලිවම පෙනෙන දෙය වන්නේ මේ තීරනාත්මක ඡන්ද ප්‍රමාණය ජාතික හෙළ උරුමය වටා රොද බඳින බවයි. ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ මේ වෑයම කවුරුන් සඳහා දැයි සිතා බැලිය යුතු කරුනක් වන්නේ මේ නිසාය.
ගෞරවනීය මහා සංඝරත්නයේ කාර්යයභාරය ලෙස රටේ පාලනය කරන පාලකයන් හට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම කල යුතුය . ශ්‍රී ලංකාව යනු බෞද්ධ රාජ්‍යයකි. එකල බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයේ සංඝයා වහන්සේලා විසින් නොයෙක් අවස්ථාවල රජවරුන් හට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාකල අවස්ථා බොහොමයක් වාගේ සඳහන්ව ඇත. රට යහපත්ව පාලනය කිරීම රටේ පාලකයන්ට පැවරෙන වගකීම මෙන්ම යුතුකමද වන්නේය.
බිස්නස් බුද්ධ පුත්‍රයො ටික බය වෙලා ඇති
හාමදුරුවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියල කවුරුහරි හිතනවනම් එයා බුදු දහම ගැන කිසිවක් නොදන්න අබෞද්ධයෙක් වෙන්න ඕන. රටක් පාලනය කිරීම හාමදුරු නමකගේ වැඩක් නොවෙයි. රට පාලනය කිරීමට ආශිර්වාද හා අනුශාසනා කිරීමයි උන් වහන්සේගෙ වගකීම. අනේ මෝඩ බෞද්ධකම පොරවාගත් අබෞද්ධයෙනි, බුදු රජානන් වහන්සේ පැවිදි උනේ රජකම අත හැරල. උන් වහන්සේ රජ කමට ගිජු වුනේ නැහැ. ඔය මහ ලොකුවට තමුන් කියා ගන්න හාමදුරුවරු පදවි වලටයි, බෙන්ස් කාර් වලටයි,වෙනත් ලෞකික ආශාවන් වලටයි වහල් වෙලා තම පැවැත්ම වෙනුවෙන් ආගම් අතර බේද ඇති කිරීම හැර වෙන කරපු කිසිම වැඩක් තියෙනවද? සඟ සතු කරනව කියු පක්ශයේ දැන් භාගයකට වඩා ඉන්නේ ගිහියෝ නේද?කියපු කථාව බොරුවක් නේද?පන්සිල් එතනින්ම කැඩුනා නේද?කෝ තාම ගෙනාවද අන්‍යාගමීකරනය වලක්වන නීතිය? අඩුම තරමේ මර්වින්ල, දුමින්දලා වගේ මැර කුඩු කාරයින්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුල විරුද්ධව කථා කරල තියෙනවද?මහ ලොකු මතට තිතෙන් බොන මිනිස්සු ගාන අඩු කරල තියෙනවද?අවුරුද්දෙන් අවුරුද්ද බොන මිනිස්සු ප්‍රමානය වැඩිවෙලා මිසක් අඩු වෙලා තියෙනවද? හරිම බුද්ධ පුත්‍රයන් වන්නේ ගංගොඩවිල සෝම හිමි, මාදුලුවාවේං සෝභිත හිමි වැනි වැරැද්ද වැරදියි කියල ඕනම ආන්ඩුවකට ඇඟිල්ල දික් කරල කථා කරන්න පුලුවන්, ජාතීන් අතර එකමුතුභාවය ආරක්ශා කරගන්න ඇප කැපවුනු අයයි. උන් වහන්සේ කිසිම ආන්ඩුවකට පක්ෂපාතී නොවුනු, කොන්ද පන තියෙන නියම බෞද්ධයෝ.
මෙගොල්ලන්ගේ නේද අර එකපාරක් පාර්ලිමෙින්තුවෙ දී මොකක්ද ඇල්ලුවයි කියල ප්‍රශ්ණයක් ඇති වුනේ?
යවන්නම තමයි ඔනා ඉටපස්සේ කියයි කසාදෙකුත් කරගත්නමි හොදයි කියලා
ගොඩ ඉදන් මාළු අල්ලන්න තිබුණ එක මේගොල්ල වතුරට බැහැලා මුලුවතුරම ජරාවාස කලා. බන දෙසිය යුත්තේ කොහිසිටද? වැඩිය යුත්තේ කොතැනටදැයි දැන් පැටලිලා තියෙන්නේ. මෙවැන්නන් නිසා මහා සංඝරත්නයටත් අපහසයක්.
මෙ ඇත්තන්ට ජන්දය දීලා පාර්ලිමේන්තුවට යවපු හැමදෙනාටම අවිචි මහා නරකාදිය තමයි හමිබවෙන්නේ.ආයේ ගැලවීමක් නෑ. මොකද ගුණගරුක පිරිසක් නොමග යැවීම නිසා.
බුදු හාමුදුරුවො කිවුවේ පූජ්‍ය පක්ෂයට දේශපාලනය ඕනි නෑ කියලා.සුඛෝපභෝගී ජීප්, වාහන, පන්සල් තියාගෙන කරන්න ඕනි ජරා වැඩ ඔක්කොම කරනවා.අපි කැමති නෑ හාමුදුරුවො අපායට යනවට.
බොලේ හැබෑටම මෙ සභාවට ෂඨසාතෘවරැන් කටිටිය ඔක්කොම ඇවිල්ලා. ඒ ඇත්තන් අතීතයේ ජීවත්වුනත් මෙ අද කරනකියන දේවල් දකිනවා නොවෑ. දැන් ඉතින් ගියදේ ගියා.ගියහකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ. එතුමන්ලාගේ උපදෙස්වත් පිලිපදින්න.
මෙතන කමෙන්ට් දාපු නැති (ඒ නම් කියන්නත් බයයි) අයගේ ඩිනර් සහ ඩොලර් වලට තමයි මෙවැනි යෝජනා විකිනෙන්නේ. මේකට තමයි ඌරගේ මාලු ඌරගෙ පිටේ තියල කපනව කියන්නේ. ස්වාමීන් වහන්සේලා සත් නමක් පාර්ලිමේන්තුවට වැඩම කිරීම නිසා බුද්ධාගම විනාශ වේ. මිස්ට බීන් ලඟත් නැතුව ඇති මේවගේ විහිලු.
බුද්ධිමත් විනයදර ශික්ෂාකාමී සංග පීතෘවරැන්ට කොයි කොටුවත් එකයි.. ඒවා තහනම් කරන්න නීති හදන්න වලි කන අය සංඝභේදයට අසුවී දුක් විදින බව රහසක් නොවේ...
හැමෝම එකතු වෙලා මේ හොද වැඩේට සහය දෙන්න ඕනි.ඇත්තටම මේකෙන් හාමුදුරුවන්ට තියෙන ගරුත්වය අඩු වෙනවා
රජකාලේ මහණදම් පිරූ අය වනගත වුණේ භාවනා කරලා රහත් ඵල ලබන්න.ඒ කාලේ මහණුන් රජකම් කරන්න ගියේ නෑ.ගම්මුලාදෑනිකම් කරන්න ගියේ නෑ.දැන් සිවුරු පොරෝගෙන ගංජා අදිනවා.වැසිකිළි වල බෝම්බ තියෙනවා.කොටින්ම කිවුවොත් පූජක පක්ෂයට දේශපාලනය නුසුදුසුයි
රාජසභාවෙ උගත් මන්ත්‍රීවරැ ඉන්නවානම් විජේදාස මහත්තයගේ යෝජනාව සම්මත වෙයි..!!
මේ යෝජනාව අතේ පත්තු වෙන ගින්නක්... වරදි තැනකට හොට දාල ඉන්නෙ...
අපි කැමති නෑ හාමුදුරුවො අපායට යනවට, භික්‍ෂූන් වහන්සේලා දේශපලනය කරන්නේ බුදුමග හරිහැටි දැනුමක් නොමැති කම නිසාය. සඟ සතු කරනව කියු පක්ශයේ දැන් භාගයකට වඩා ඉන්නේ ගිහියෝ නේද?කියපු කථාව බොරුවක් නේද?පන්සිල් එතනින්ම කැඩුනා නේද?කෝ තාම ගෙනාවද අන්‍යාගමීකරනය වලක්වන නීතිය? මෙවැන්නන් නිසා මහා සංඝරත්නයටත් අපහසයක්.
චරථ භික්කවේ චාරිකං. බහුජන හිතාය. බහුජන සුඛාය යන්න බුදුන් වහන්සේ විසින් තම සංඝයාට දුන් පළමු උපදේශය අනුව දේශපාලන පක්ෂ සාදාගෙන පාර්ලිමේන්තු යන්නැයි බුදුන් වහන්සේ උපදෙස් දී ඇත්තේ කුමන සුත්‍රයේද? කුමන වග්ගයේද? කුමන අටුවාවේද? බුදුන් වහන්සේ තම සංඝ පරම්පරාවට සසරින් එතෙර වීම සදහා මේ අයුරින් ක්‍රියාකරන ලෙස හැසිරෙන්නැයි කියා ඇත්තේ කොතනදැයි හැකිනම් ඔප්පු කරන ලෙස අභියෝග කරමු. උදේ සිට සවස්වන තුරු බුදු දහම විනාශ කරන මෙවන් චීවරධාරීන් කොතෙකුත් ඇත. බුදු දහමට අනුව නචිඡ, ගීත, වාදිත, විසුක දස්සන මාලා මෙම ක්‍රියාවන් කිරීම තමන් සමාදන් වී ඇති ශීලය අනුව නැතහොත් බුදුදහම අනුව වරදක් නොවන්නේද? මේ ඇත්තන් ගූ කප්පරක් ස්නානය කරන ගමන් මෙවැන්නන් අනෙකාගේ බඩයෑම ගැන බණ කියයි.විජේදාස මහතාණෙනී, අද බුද්ධ දර්ශණය ආරක්ෂාකර ගැනීම ගිහියන් වන ඔබතුමන්ලාට පැවරී තිබෙන භාරදුර්ය කාර්යයකි.
පන්සලේ හාමුදුරුවෝ.... පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හාමුදුරුවෝ.... උසාවියේ නඩුකාර හාමුදුරුවෝ.... කච්චේරියේ දිසාපති හාමුදුරුවෝ.... ගුටිකන්න ගියොත් අනේ හාමුදුරුවනේ.... මොකක්ද මේ හදිස්සියේ හැදුණු උණ හාමුදුරුවනේ?
කසිප්පුකාරයො තව හොඳයි නෙව, උන් ඇතුලට ගිහින් මෙහෙම බක පන්ඩිත වැඩ කරන්නෑනේ, මේකත් කොටි කොන්තරාත් එකක් වගෙයි මටනං පේන්නෙ, මෙතුමා හිතාගන ඉන්නෙ මේ ක්‍රිස්තු පූර්ව හයවන සියවස කියලද මංද? මොලේ අවුලක් වගේ!
පුජ්‍ය පක්ෂයට දේශපාලනය අනවශ්‍යයි.ඔවුන්ගේ කාර්යය බුදු දහම ප්‍රචාරය කිරීමයි
විජේදාස රාජපක්ෂ මහතා නිවැරදියි, භික්‍ෂූන් වහන්සේලා දේශපලනය කරන්නේ බුදුමග හරිහැටි දැනුමක් නොමැති කම නිසාය..භික්‍ෂුව සමාජයට ආදර්ශයක් වියයුතුය. නමුත් කරන්නේ හොද සෙල්ලම්ය. තණ්හාව ආශාව පිරිලාය.
(බුද්ධ පුත‍්‍රයන් වහන්සේ පූජක මට්ටමින් සිටිය යුතුයි. ගිහියාට උඩින් සිටිය යුතු භික්ෂුන් වහන්සේ රණ්ඩු කරන අසභ්‍ය වචන ප‍්‍රකාශ කෙරෙන ස්ථානයක් නියෝජනය කළ යුතු නැහැ) ඔබතුමන්ලා පාර්ලිමේන්තුව ගැන ඔහොම කියනව නම් අපේ මහජනතාවට දෙයියන්ගෙම පිහිටයි
පණතක් ගේනවට වඩා හොඳයි නේද භික්ෂූන් අතරින්ම කතිකාවතක් ගෙනආවනම් ..
හොඳ වැඩක්...
දැනට UNP එකේ ඉන්නේ 75% අන්‍යාගමිකයින්.ඔවුන්ට දැන් ඕනේ සිංහල බෞද්දයාගේ කටවල් වැසිමටයි.මේ ඒ සදහා පළමු පියවරයි..මේක කරන්නේ සිංහලයන්ගේ යහපතට නෙමෙයි.අන්‍යාගම්කාරයන්ගේ උවමනාවට.පාර්ලිමේන්තු එන්නේ හාමුදුරුවරු විතරයි.මේක සම්මත උනොත් අපේ බුද්දාගම විනාස කරන අයට විරුද්දව කාටවත් කතා කරන්න බැරි වෙනවා.එයාල කියයි හාමුදුරුවරුන්ට නැති බලය මිනිස්සුන්ට කොහොමත් නෑ කියලා.බුද්දීමත්ව ගැඹුරින් හිතන්න...එයාලා කවදාවත් කොහෙවත් අවිනීත විදියට බුදු දහමට නිගා කරලා නෑ....
සංඝයා වහන්සේලා රජතුමාටත් වඩා උසස්.ඡන්දවලට ඇවිත් ඒ ගෞරවය නැතිකර ගන්න එපා...
අහෝ දෙවුදත් නොදිටි මොක්පුර
තන්හාව ආශාව නැතිකොට රටත් කොටින්ට දන් දෙමුද ? කට්ටිය පාර්ලිමේන්තුවයි රටයි දෙකම විකුනයි ආ මේන් කියල.....
තන්හාව ආශාව නැතිකොට රටත් කොටින්ට දන් දෙමුද? මේ මහත්වරුන්ගේ පිටපොට මාරුවෙලාග නැත්නම් කසිප්පුකාරයොයි එන්ජීඕ කාරයොයි පාර්ලිමේන්තුවයි රටයි දෙකම විකුනයි ආ මේන් කියල
2004 යු එන් පී එක පැරදුනේ උපාසකම්මල හාමුදුරුවන්ට චන්දෙ දුන්න නිසානේ. දැන් හිතෙන්න ඇති මෙයාල ටික එලව ගත්තොත් විතරයි අයෙත් චාන්ස් එකක් ලැබෙන්නේ කියල . මොකද පොන්සේකාගේ එල්ලෙන්ඩ බලා ගැන හිටිය එක හරි ගියෙත් නැහැ .එදා වෙලේ දේසපාලනේ. ලොක්කගේ උගුලේ ගොලයෝ ටිකත් අහුවෙලා. ජනතාව දිනගන්ඩ බැරි උදවිය කොරන වෙඩ නොවැ. අනේ මෙයා කවද හැදෙයිද මන්ද.
මේ ශාසනය කන ඔල මොට්ටල මේ පාර්ලිමේන්තුවේ ඉන්න හාමුදුරුවරු කියාගන්න ටික පන්න දැමිය යුතුමයි, බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගැනීමට නම්.මෙය දේශපාල ඇසකින් බලා විවේචනය නොකර මෙහි ඇති යහපත් ස්වභාවය තේරුම් ගත යුතුය.රාජ්‍ය පාලනයට අනුශාසනා කිරීමට බුදුහිමි අවසර දුන් පමණින් පාර්ලිමේන්තුවට යාමට එහි අවසරයක් නැත.එම නිසා හැකි ඉක්මනින් මේ බෞද්ධ ශාසනය කා දමන චීවරධාරීන් ටික පන්න දැමිය යුතුයි.මෙය භික්ෂුවකට කිසිසේත්ම කැප දෙයක් නොවේ.
අනේ අලි බබෝ, පිරිසිදු බුදු දහම රැකෙන්නේ මේ රට රැකුණොත් විතරයි.බෙදුම්වාදීන්ගෙන් මේ රට බේරා ගන්න නම් හාමුදුරුවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි
පාර්ලිමේන්තුව පූජනීය තැනක් කිරීමට වඩාත් වැඩි වැඩියෙන් කුඩු ඒජන්තවරුන්ට සහ කසිප්පු මුදලාලිලාට පමණක් පාර්ලිමේන්තු යා හැකි ලෙස නව නීති සම්පාදනය කරන ලෙස මම යෝජනා කරමි. කවුරු හරි පිංවතෙක් මේක ස්තිර කරනවද?
යුද්ධ කරලා, රැකියා කරලා, පවුල් ජීවිත ගත කරලා නැති අය කොහොමද ජනතාව නියෝජනය කරන්නේ?
මෙයා දේශපාලනය කරන්නෙ නිදන් හාරන්න...