
ශ්රී ලංකාවේ තිබූ දරුණුතම ත‍්‍රස්තවාදය නැතිකර රට එක්සේසත් කර ශ්‍රී ලංකාව ශ්‍රීඝ‍්‍ර දියුණුවක් කරා ගෙන යාමට මූලිකව කටයුතු කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙළොවට බිහිකළ උතුම් කාන්තා රත්නය එතුමන්ගේ ආදරණීය මව්තුමිය වූ දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂතුමියි.
මේ කරුණ ගැන කවුරුත් කථා කළත් මව්තුමියගේ කරුණා මෛත‍්‍රී ගුණය ගැන තොරතුරු විස්තර අවබෝධ කරගත් පිරිස අඩුනිසා ශ්‍රී ලංකාවාසී ජනතාවට මව් ගුණය අවබෝධ කරවීම සඳහාත් මව්පිය උපස්ථානයට දරුවන් නැඹුරුකර යහපත් ගුණගරුක සමාජයක් බිහිකිරීම සඳහාත් පඬුවස්නුවරxහෙට්ටිපොල ප‍්‍රදේශයෙන් මව් ගුණ චෛත්‍යය දහයක් ඉදිකිරීමේ සත් කාර්යයක් ආරම්භ වී ඇත. ඒ ගැන ප‍්‍රසිද්ධියක් නුදුන්නත් දැනට පඬුවස්නුවර ප‍්‍රදේශයේ චෛත්‍ය හතරක් නිර්මාණයවී අවසානය.
මේ ආදර්ශමත් මාහැඟි සත්කාර්යය ”සෙත්සව් ජනතා ආශිර්වාද පදනමේ” නිර්මාතෘ එහි සභාපති ජාලිය කුලසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.
ප‍්‍රදේශයේ අතිගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද චෛත්‍ය ඉදිවන විහාරස්ථානවල දායක දායිකාවන්ගේ ශ‍්‍රම ශක්තිය පමණක් උපයෝගී කරගෙන සභාපති ජාලිය කුලසේකර මහතාගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් මේ කටයුත්ත ක‍්‍රියාත්මක වේ.
ඉතා දර්ශනීය චෛත්‍යය දක්ෂ කලාකරුවන් අතින් නිර්මාණය වේ. චෛත්‍ය ඉදිවන විහාරස්ථානයේ අඩුපාඩුකම්ද සපුරාලමින් මළුපෙත් සමග පූජනීයත්වය ඉතා උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාමට සැලසුම් කිරීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙහි පළමු සෑය පඬුවස්නුවර ආසනයේ හෙට්ටිපොල, මඩඉන, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ඉදිවී අවසානය. එහි විහාරාධිපති හිමියෝ මැදමුලනේ රතනසාර නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ ශ්‍රීමත් ජනාධිපතිතුමන්ගේ ගම්ප‍්‍රදේශයෙන් වැඩම කර හෙට්ටිපොල මඩඉන, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස ජාතික ආගමික සේවාවක් පවත්වාගෙන යන වයෝවෘද්ධ හිමි නමකි.
මේ වඩඉන ශ්‍රී පුෂ්පාරාමයේ ඉදිවූ චෛත්‍යයට මුල්ගල් තැබීමත්, විවෘත කිරීමත් සිදුවූයේ ජනාධිපතිතුමන්ගේ වැඩිමහල් සොහොයුරු පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතිනි.
එය විවෘත කරමින් එතුමා ප‍්‍රකාශ කළේ අපේ මෑණියන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ මෙම චෛත්‍යය ගැන අප රාජපක්ෂ පරපුරම ණයගැති බවය. තම පවුලට කරගත නොහැකි වූ දෙයක් පඬුවස්නුවර ජනතාව සමග එක්ව ඉටුකරලීම පිළිබඳව ජාලිය කුලසේකර මහතාට එම මැතිනියට පවුලේ සැමට සහ ප‍්‍රදේශවාසී ජනතාවට තම ස්තුතිය පළ කළේය.
දෙවන ”මව්ගුණ සෑය” හෙට්ටිපොල, රිට්ටාදෙණිය, ශ්‍රී කල්‍යාණි යෝගාශ‍්‍රම විහාරයේ ඉදිවෙමින් පවතී. එහි නිමාව ඉක්මණින් දැකිය හැකි වනු ඇත.
තුන්වැනි ”මව්ගුණ” සෑයේ වැඩ අවසන් කර නිමාවී 2013 ජූනි මස 3 වැනිදා විවෘත විය. හෙට්ටිපොල, හංතිහව, ශ්‍රී නාගිනාරාම විහාරස්ථානයේ ඉතාමත් දර්ශනීය අයුරින් නිමවා ඇත. මෙහි පිටත පෙනුම අනුරාධපුර රුවන්වැලි මහ සෑයේ ආකෘතියට අනුවත්, එහි ගර්භය කළුතර ඓතිහාසික චෛත්‍යය අනුවත් නිර්මාණය වී ඇත. ඇතුල් මාලයේ ධාතුගර්භය ශ‍්‍රද්ධාවතුන්ට වැඳපුදාගැනීමට හැකිවන අයුරින් සකස් කර තිබීම විශේෂත්වයකි.
මේ දර්ශනීය චෛත්‍ය නිර්මාණය වන අතරතුර දුර්වලව තිබූ විහාර මන්දිරය ද ප‍්‍රතිසංස්කරණය කර චෛත්‍ය මළු ඉතා ක‍්‍රමවත්ව ඉදිකිරීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.
මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ කොළඹ 2 ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානයේ ශාස්ත‍්‍රාචාර්ය ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ප‍්‍රදේශයේ සම්භාවනීය අතිගරු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විවෘත විය.
චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයට පෙරාතුව අතිගරු මහා සංඝරත්නය උදෙසා මාහැඟි දානයක් පිළියෙල කර පිරිනැමීම සහ ගම්වාසී විහාරස්ථ දායක දායිකාවන්ට ආහාරපාන ආදියෙන් සංග‍්‍රහකිරීම ජාලිය කුලසේකර පවුල අතින් සිදුවිය. එම පවුලේ ප‍්‍රධානත්වයෙන් නොමසුරු ධන පරිත්‍යාගයෙන් ඉදිවූ මෙම ”මව්ගුණ සෑය” ඉදිකිරීමෙහිලා විහාරස්ථ දායක දායිකා පිරිසගේ ශ‍්‍රම ශක්තිය ලැබීම විශේෂත්වයක් විය.
ශ්‍රී නාගිනාරාමයේ විහාරාධිපතීන් වහන්සේ ශාස්ත‍්‍රපති බොහින්ගමුවේ රතනජෝති නායක ස්වාමීන් වහන්සේය. ආදර්ශමත්, කැපවීමෙන් ක‍්‍රියා කරන විහාරාධිපතීන් වහන්සේ දිවා රාත‍්‍රී නොබලා මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීමෙහි ඉතාමත් උනන්දුවෙන් හා උත්සාහයෙන් මනා මගපෙන්වීමකින් ක‍්‍රියාකළ බැව් උත්සව සභාව අමතමින් විහාරස්ථ දායක සභාවේ ලේකම් එමල් ප‍්‍රියන්ත මහතා ප‍්‍රකාශ කළේය.
හතරවැනි ”මව්ගුණ සෑය” පානවැව, පිරිවෙණේ ඉදිවෙමින් පවතී. එහි කටයුතු ද තවත් නොබෝ දිනකින් අවසන් කළ හැකි බැව් එහි ප‍්‍රධාන දායක ජාලිය කුලසේකර මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආදරණීය මෑණියන් වහන්ස්ගේ ගුණ මහිමය සිහිපත් කර දීමට ශ්‍රී ලංකාවාසී ජනතාවට ඒ මව්තුමිය නිසා ලැබුණු පුත‍්‍රරත්නයෙන් සිදුවන සේවාවට ගරුකිරීමක් වශයෙන් මේ ”මව්ගුණ සෑ ව්‍යාපෘතිය” චෛත්‍යරජයාණන් වහන්සේලා 10 නමක් දක්වා ක‍්‍රියාත්මක කිරීමට තම සංවිධානය වන ”සෙත්සවි” සංවිධානය මුල් කරගෙන ක‍්‍රියාත්මක කරන බැව් ජාලිය කුලසේකර මහතා සිහිපත් කළේ සතුටු කඳුළු හෙළමිනි.
එදා සෞභාග්‍යමත් ශාසනික සේවාවක් සිදුවූ පඬුවස්නුවර ආසනය ප‍්‍රධාන කරගෙන මෙම කටයුත්ත ආරම්භවීම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවාසීන්ටද ආදර්ශයක් වේවා යනු සංවිධායකයන්ගේ පැතුම වේ.
සටහන : මොහාන් කුරුවිටබණ්ඩාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට වැඩිය යුද්ධය නිසා අසරණ වුණු සිංහල අම්මාවරුන්ට උදව් කරන්න (නි)
අලුත් ප්‍රස්ථා පිරුලක් " මහජන මුදල් හොරකම් කර දෙමව්පියන්ට පින් දෙනවා වගේ"
මේවබොරු මවා පෑම්
කවුරුන් කෙසේ කිවුවත් මෙය ඉතා යහපත් ක්‍රියාවක්. අතහරින්න එපා. චෛත්‍ය දහයක් නොවේ දාහක් හදන්න. ඊර්ෂ්‍යාකාරයෝ ඕනෑ දෙයක් කියපුදෙන්. (නි)
ප්‍රතිපත්ති පුජවටත් තැනක් දෙන්න. නැගෙනහිර අනාථ වුණ අයගේ ප්‍රශ්නත් විසදන්න මුදල් වියදම් කරනවා නම් හොඳයි. දෙමාපියන්ට සැළකීම ගැන තිබෙන අපේ ඉතිහාසය පාසල් වල උගන්නන්න නැවතත්. ඊට පස්සේ පුළුවන් වෙහෙර හදන්න. (නි)
අනේ මෙහෙම බෝද්ධයෝ? පල්ලි හදනවටත් කැමති නැහැ, පන්සල් වෙහෙර විහාර හදනකොටත් ඒකටත් බනිනවා. (නි)
නෆ්රත්, පල්ලි පන්සල් දේවාල අඟලෙන් අඟල වුවමනා නැහැ.හරියට අදහනවා නම් ඔය තියෙන ටික හොඳටම ඇති. (නි)
"චේතනාහන් භික්කන් කම්මන් වදාමී." සියලු කර්මයන්ට මුල සිතලු. හොඳ සිතින් කරන වැඩෙන් අවැඩක් නැහැ. විරේක විවේචන දත් 32කින් නවත්වන්න වහන්න බෑ. (නි)
මෙය කෘතගුණ දන්නා අය අගය කරාවී. ඒත් නිතරම අනුන්ගේ දොස් පමණක් දක්නා, පහත් සිතැති අයට හොද බොදවී පෙනෙන හැටි පුදුම වීමට කරුණක් නොවෙනු ඇත. (නි)
විදුලි බිලත් පොඩ්ඩක් විතර අඩුකලාම නරකද?(නදී)
ඇත්තටම මම රත්නසිරි ඔබේ අදහස අගේ කරනවා. මේ විදිහට චෝදනා කරන්නේ ඇත්තටම ශ්‍රීලංකා වේ උපන් උදවියද. මේ ගොල්ලන්ට දෙමව්පියෝ නැතුව වෙන්න ඇති.(නදී)
යුද්දෙන් මියගිය දරුවන්ගේ දෙමව්පියන්ට මේ රජයෙන් මොනවද නොකරන්නේ. (ස)
අපේ රටේ රුවන්මැලි සෑය, ථුපාරාමය වැනි විශාල දාගැබ් ද වන්දනා කිරීමට අවශ්‍ය තරම් සිද්ධස්ථාන ද තිබෙනවා. මම බෞද්ධයෙකු ලෙස සිතන්නේ අනවශ්‍ය ලෙස ගඩොල් ගොඩවල් ගොඩ ගැසීමට වඩා, භික්ෂූන් වහන්සේලාට දහම් අධ්‍යනය කටයුතු වලට පිරිවෙන් සදා දීම, රෝහල් සදා දීම, ආවාස තනා මහත් පින් ලැබෙන බවයි. බුදුරදුන් දෙස ඇත්තේ ශ්‍රද්ධාවට වඩා ප්‍රඥාව වටිනා බවයි. (ස)
වැඩේ නම් හොද වැඩක් (දී)
දෙනෝ දාහක් වන්දනාමාන කරන අපේ ගමේ පන්සලේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර දෙන්න ඔබට පින් සිදුවේවි වාරියපොළ , රබවැව , පතමුල්ල ගමේ පන්සලට පිහිට වෙන්න. මම ගමේ තරුණයෙක් (දී)
සාධු සාධු සාධු!!! (නි)
පානවැව පන්සල හාමුදුරුවෝ අවංක හිමිනමක් පුලුවන්නම් මුදලින් උදව්කරන්න. (ර)
නිමාලි ඔයා මගමද වැඩකරන්නේ ? ඔයා හරියටම දැක්ක වගේ කියල තියෙන හන්ද අහන්නේ. (අ)
මේ සෑය නිර්මාණය මුලුමහත් ජනතාවට බව තේරුම්ගත යුතුය.(නදී)
මග නැගුමේ හොරකන් කරපු සල්ලි තමා ඔය.(නදී)
මග නැගුමට ගිහිල්ලා සල්ලි හම්බුකරපු හැටි අහගන්න. ඊට පස්සේ ඔයා කතාවක් ලියන්න.(නදී)
,.ඔය විදියට මහජන මුදල් වංචා කලොත් අපිටත් රට වටේම චයිත්‍ය හදන්න පුළුවන් .(අ)
හොරකන් කරන සල්ලි වලින් කොච්චර පින් කලත් පව් ගෙවන්නබෑ (අ)
මග නැගුමේ හොරකම් කරන්න ඉඩ නුදුන් හැමෝම බොරු චෝදනාවලින් පන්නලා හම්බ කෙරුවා. ඒ පව් මකාගන්න වෙහෙර විහාර 1000ක් හැදුවත් බැහැ.(නදී)
දෙයියන්ගෙම පිහිටයි රටට! (නි)
නිමාලි රහස් පරීක්ෂකයෙක්ද? මම හිතන්න එහෙම.(නදී)
දෙමවිපියන්ට පින් දෙන්න යොදාගන්නේ අනුන්ගේ මුදල්ද?(නදී)
මොකුත්ම කර කියා ගන්න බැරි අපි ඔය වගේ ගොන් කතා හරි කියල හිත සුතුටු කරගමු. රටේ වෙන දියුණුව බලාගෙන ඉන්න බැරි උනාම හොරකම් කලා හරි කියල ලැජ්ජාව වහගමු . හොරකම් කරලත් රටට මෙච්චර දේවල් කරන්න පුළුවන් උනානම් කලින් ලංකාවේ හිටිය උත්තමයෝ කොහොම හොරකම් කරන්න ඇතිද ?(නදී)
කාලය මේ සියල්ලට පිළිතුරු දේවි. මෙය දෙවියන් බුදුන් අදහන රටකි. (නි)
බොහොම හොද වැඩක්. මමත් පඩුවස්නුවර කෙනෙක් තමා. (නි)
එක්ටැම් ගෙයක් එහෙම හදලා අද ශ්‍රී විභූතිය පෙන්වන්න බැරිද? හැබැයි අද කාලෙ නම් දීඝගාමිණීලා උන්මාද චිත්‍රලා හුගක් ඉන්නවා (දී)
කව්රු කොහොම කිව්වත් වැඩේ හොඳි.(අ)
ටිකිරි කියන්නේ දේශපාලුවන්ට ආවඩන චරිතයක්. පෙරේරාත් එයින් එක් කෙනෙක්. (නි)
මේ පින්න්කම නිසා සෙත්සවිය සභාපතිට එප්පාවල ෆොස්පටේ සමාගමේ සභාපතිකම දුන්න. හිතේ භක්තිය නිසා ගත්තේ නැහැ. (දී)