IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පත්තර ඒජන්සියට වැදුණු කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ව්‍යාපාරික තරුණයා මියයයි

තොපි දෙන්නා මැරුම් නොකා මෙතැනින් දුවපියව් නැත්නම් ඔලූ කටු කුඩු වෙන්නම තියනවා.
පුවක්පිටිය - කෙලින්වීදියේ 417 දරණ ස්ථානයේ පිහිටි වෙළඳසැලක් වෙත කඩාවැදුනු කොල්ලකරුවෙක් වෙළඳසැල ඉදිරිපිට සිටි සේවකයින් දෙදෙනකුට තර්ජනය කළේ ඔවුන් දෙසට ටී 56 ස්වයංක‍්‍රීය ගිනි අවියක් එල්ල කරමින්ය.

PAPER-AGENCY_P24
කොල්ලකරුවෝ ගිනි අවියක් අමෝරාගෙන කළ මේ තර්ජනය හමුවේ බියට පත්වූ සේවකයන් දෙදෙනා දිවගොස් නතරවී ඇත්තේ කඩය තුළය.
මුදලාලි සිටියේ කැෂියර් මේසය ළඟ පුටුවේ වාඩිවීය.


ටී. 56 ගිනි අවිය අතදරාගෙන සිටි කොල්ලකරු වීදුරු ෂෝකේස් එකකට මුවාවී මුදලාලි දෙසට ගිනි අවිය එල්ලකරගෙන සිටි අතරවාරයේ ඔහුගේ සහායට ආ අනෙක් කොල්ලකරු වටෙන් ගොස් නැවතී ඇත්තේ කැෂියර් මේසය ළඟය.


කැෂියර් මේසය ළඟ සිටියේ කඬේ අයිතිකරු වන සෙනරත් මුදලිගේ දොන් දීපාල් රොෂාන් මහතාය.
දීපාල් මහතා ප‍්‍රදේශයේ ලංකාදීප අලෙවි නියෝජිතයාගේ පුතෙකි.


කැෂියර් මේසය ළඟට ගිය කොල්ලකරු ලාච්චුව ඇර එහි තිබූ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇත.
දීපාල් මහතා එක්වරම කැෂියර් මේසයට අත දැමූ කොල්ලකරුගේ අත වැරෙන් අල්ලා අඹරමින් සල්ලි කොල්ලකන්න එපා සී.සී.ටී.ටී කැමරා හයිකරලා තියෙන්නේ යැයි පවසා තිබේ.


ඔහු මෙවැනි ප‍්‍රකාශයක් කරන්නට ඇත්තේ සමහරවිට මේ කතාව අසා බියට පත්ව කොල්ලකරු මුදල් කොල්ලය නවතා පලායාවි යැයි සිතා විය හැකි බවට පොලිසිය සැක කරයි.


ගිනි අවියක් අමෝරාගත් තවත් කොල්ලකරුවෙක් ෂෝකේස් එකට මුවාවී සිටින බව දීපාල් මහතාට දක්නට නොමැති නිසා මුදල් කොල්ලයට එන්නට ඇත්තේ තනි එකෙක් පමණක් යැයි කියා එවැන්නක් සිතන්නට ඇතැයිද පොලිසියට සැක මතුවී තිබේ.

2
තම සගයා අල්ලාගෙන පහරදෙනු ඇතැයි බියට පත්වීම නිසා කොල්ලකරු දීපාල් මහතා දෙසට වෙඩි පිට වෙඩි තබා ඇත.
පුවක්පිටිය ප‍්‍රදේශයම බියෙන් ඇලලී ගොස් ඇත්තේ මහ? ඇසුණු වෙඩි හඬ නිසාය.


වෙඩි කෑ දීපාල් මහතා පුටුව මතට වැටී ඇති අතර යකෝ සල්ලි ටිකත් අරගෙන වරෙන් ඉක්මනට පැන ගත්තේ නැත්නම් අපිව කොටුවෙයි කල්ලියේ නායකයා සිය සගයාට අණ කළේය.


ලාච්චුවේ තිබූ මුදල් බෑගයක දමාගත් කොල්ලකරු කල්ලියේ නායකයා ද සමඟ දිවගොස් යතුරුපැදියක නැගී පලා යාමට වෙළඳසැල ඉදිරිපිටට පැමිණ ඇත.
දීපාල් මුදලාලිගේ කඩය දෙසින් වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු නිසා යාබද පිහිටි වෑල්ඩිං වැඩපොළක අයිතිකරුවෙක් කඬේ දෙසට පැමිණ ඇත්තේ ඒ ගැන විපරම්කර බැලීමටය.


කඬේ දෙසට දිව ආ පුද්ගලයාටද කොල්ලකරුවෙක් වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදී නොමැත.
වෑල්ඩිං වැඩපොළේ අයිතිකරුගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි.


වෙළඳසැල ඉදිරිපිටට නවතා තිබූ ඔවුන් පැමිණි යතුරු පැදියට ගොඩවූ කොල්ලකරුවෝ දෙදෙනා අඳුර කපාගෙන පලාගොස් ඇත්තේ විදුලි වේගයෙනි.
අවට පිරිස්ද කඩයට පැමිණ දීපාල් මහතා රෝහලට ගෙනගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් තිබිණි යැයි වෛද්‍යවරු පරීක්‍ෂාකර බලා පවසා ඇත.
අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමිඳු සේනානායක මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය සැළවූ සැණින් එහිගොස් පරීක්ෂණ ආරම්භකරනු ලැබූහ.

3
මේ සිද්ධිය වූයේ පසුගිය 24 වැනිදා රාති‍්‍ර කාලයේය.
කොල්ලකරුගේ වෙඩි පහරකින් අනූනවයෙන් ජීවිතය බේරාගත් වෑල්ඩිං වැඩපොළේ අයිතිකරුද පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබේ.
සීතාවකපුර කොට්ඨාසය බාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබාදෙමින් පරීක්ෂණ මෙහෙවනු ලැබීය.


අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ හිලරි ද අපරාධය සිදුවූ ස්ථානයට කැඳවාගෙන පැමිණියේ පරීක්‍ෂණවලට සහායක් කර ගැනීමටය.
ටී 56 හිස් උණ්ඩ 03ක් පමණ අපරාධය සිදුවූ ස්ථානයේ වැටී තිබියදී සොයාගෙන ඇත්තේ අපරාධ ස්ථාන පරීක්‍ෂා කිරීමේ (සොකෝ* නිලධාරීන් විසිනි.
කොල්ලකරුවන් විසින් රුපියල් 70,000 ක පමණ මුදලක් කොල්ලකාගෙන පලාගොස් ඇති බවත් කොල්ලකරුවන් අල්වා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පුළුල් පරීක්ෂණ ආරම්භකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
කොල්ලකරුවන් ගැන තවම කිසිදු හෝඩුවාවක් පොලිසියට ලැබී නොමැත.


සීතාවකපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරි සරත් කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමිඳු සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වීරසිංහ සහ උප පොලිස් පරීක්‍ෂක එල්.කේ.එම්.එම්.බී. අලවල යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වාගෙන යයි.


m



අදහස් (0)

පත්තර ඒජන්සියට වැදුණු කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ව්‍යාපාරික තරුණයා මියයයි

අරවින්ද Saturday, 04 October 2014 08:08 PM

චාමර සහ ඉන්දිකගේ දැනීම ගැන කණගාටුයි. ඔයිට වෙනස් කොණ්ඩ කට් තියෙන අයත් අපරාද දෙපාර්තුමේන්තුවේ ඉන්නවා. දැන් මෙතන බලන්න තියෙන්නේ රාළහාමිගේ කොණ්ඩ කට් එකද ? කොණ්ඩේ මොන කට් එක ගහල හරි අපරාද කාරයෝ අල්ලන්නයි ඕනා. (නදී)

:       0       0

නදීර Friday, 03 October 2014 09:01 AM

එ් මංකොල්ල කාරයෝ හොයාගෙන හංගපු ටී 56 පෙන්නන්න එක්කන් යන්න. (ස)

:       0       0

දිල්ශාන් Sunday, 05 October 2014 01:48 PM

හමුදාවේ මනුස්සයෙක් දැක්කොත් ඉන්දිකයි චාමරයි මොනවා කියයිද මන්දා? මම හිතන විදියට දෙන්නා මාර උගත් පොරවල් දෙකක්. (නදී)

:       0       0

චාමර Wednesday, 01 October 2014 06:01 AM

මම දන්නා තරමින් පොලිසියෙ අයට මෙහෙම කොන්ඩ තියෙන්න බැහැ . (ස)

:       0       0

ඉංදික Friday, 03 October 2014 09:54 AM

ඇත්ත වශයෙන්ම උන්නැහෙගේ කොණ්ඩය කොට වැඩියි . (ස)

:       0       0

අළහකෝන් Tuesday, 30 September 2014 06:55 PM

මෙච්චර නගරයක් මැද පොලිසියේ නිලධාරියෙක් නොසිටිය එක පුදුමයකි. (නි)

:       0       0

සේරම් පැරිස් Saturday, 04 October 2014 11:36 AM

පාලකයනුත් මේ වගේ වැඩ කරන විට ලංකාවේ මෙවෙනි සිද්දීන් සිදුවීම සාමාන්‍ය දෙයක්. රාජ්‍ය මැර බලයත් ඔවුන්ගේ අනුගාමිකයන්ගේ මැර බලයත් නිසා මේවා වැලැක්වීමට රජයට උවමනා නැත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 43 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 29 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 15 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 38 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 19 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 538 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 571 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site