මිනුවන්ගොඩ සහ තදාසන්න ප‍්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් ඇතුළු මහජනතාව කාලයක සිට භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු ලෙස මිනුවන්ගොඩ ජීවන් ප‍්‍රසිද්ධියට පත්ව තිබුණි. විශේෂයෙන්ම මිනීමැරුම්, කප්පම්, ස්ත‍්‍රී දුෂණ, සොරකම්, කොල්ලකෑම් ආදී දරුණු ගනයේ අපරාධ රැුසකට සම්බන්ධ සැකකරුවකු නිසා ඒ නම ඇසෙන විටත් බොහෝ දෙනෙකු තැති ගැන්වී සිටියහ.
එම නිසාම මිනුවන්ගොඩ ජීවන් ඇතුළු සගයන් දුරකථනයෙන් කප්පම් මුදල් ඉල්ලා සිටින විට ඕනෑම මොහොතක එම මුදල ගෙනවිත් දීමට තරම් ව්‍යාපාරිකයෝ සැදී පැහැදී සිටියහ. සිය ජීවිතවලට ඇති ආසාව නිසා ඔවුන් කිසි විටෙකත් ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවීය.
මිනුවන්ගොඩ ජීවන්ට මනුෂ්‍ය ඝාතනයක් දෙකක් කිරීම හරියට රට කජු කනවා වැනි පහසු කටයුත්තකි. ඒ තරමටම ඔහු පාතාලයේ චණ්ඩියෙකි. ඔහුගේ අතක කොටා තිබෙන විශාල දිය කිඳුරියකගේ පච්චයෙන් ඔහු පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවනි.
|
|
පාතාල සාමාජිකයන් දෙදෙනාගේ සිරුරු |
මිනුවන්ගොඩ, ආඬිඅම්බලම පදිංචි මිනුවන්ගොඩ ජීවන් යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකි. අනතුරුව ඔහු රැකියාව ලෙස කළේ සොරකම් හා කොල්ලකෑම්ය. ඔහුට දරුවන් දෙදෙනෙකු ද සිටී.
මිනුවන්ගොඩ පස් ගාමිණී මහා පරිමාණයෙන් පස් බිස්නස් කරන ව්‍යාපාරිකයෙකි. එමෙන්ම ඔහු ද මිනුවන්ගොඩ ජීවන්ට පෙර සිටි චණ්ඩියෙකි. ඔහුට ඉහළින් යාමට කිසිවකුත් නොවීය. මේ අතර අසිත ද කරළියට පැමිණෙමින් සිටියේය. අසිතගේ මිතුරකුගේ මවට පිළිකාවක් සැදී තිබූ නිසා ඇය බේරා ගැනීමට ඔවුන් මුදල් සොයමින් සිිටි කාලයකි. මිතුරාට අයත් ඉඩමක පස් කපා මුදල් උපයා ගැනීමට අසිත තීරණය කළේය. ඒ අනුව මිතුරන් සමග එක්ව පස් කපමින් සිටින විට පස් ගාමිණී පැමිණ ආරවුලක් ඇති කරගත්තේය. ඒ තමාගේ පස් වෙළඳාම අසිත කිරීමට පටන් ගෙන තිබීම නිසාය. කරාටේ කාරයකු වූ අසිත ද පස් ගාමිණීට අවනත නොවීය. අසිත කෙළින්ම පස් ගාමිණීගේ නිවසටම ගොස් ”කවුද චණ්ඩි ඉන්නේ දැන් කවුරුත් චණ්ඩි නැහැ මමයි මේ ගමේ චණ්ඩියා” කියමින් පස් ගාමිණීට සිය ශක්තිය පෙන්වා ආවේය. එම සිද්ධිය සිංහයකු මෙන් සිටි පස් ගාමිණීට විශාල ලැජ්ජාවක් ඇති කළේය.
එම නිසා පස් ගාමිණී අසිතව මරා දැමීම සඳහා සැලසුමක් දියත් කළේය. ඒ සඳහා සාගර පස් පොඞ්ඩා හා ජයේ මුදලාලි ද එකතු කර ගත්තේය. ඒ බව දැනගත් අසිත ද සිය බලය තර කර ගැනීම සඳහා ජීවන්, උදය, දේවක, දීප්ති නොහොත් අයිය අප්පු, මෙන්ඩිස්, රසික, උන්නාරුවේ සුසන්ත ද එකතු කර ගත්තේය. ඒ අනුව මිනුවන්ගොඩ පාතාලය පස් ගාමිණීගේ හා අසිතගේ ලෙස කණ්ඩායම් දෙකකට බෙදී ගියේය.
ජයේ මුදලාලි පස් ගාමිණීට මුදල් වියදම් කරන අතර හීනටියන නීල් අසිතට අවශ්‍ය මුදල් ලබා දුන්නේය. දිනක් අසිතට වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට පස් ගාමිණීගේ කණ්ඩායම උත්සාහ කළ ද එම ඉලක්කය වැරදී ගියේය. අදාළ වෙඩි උණ්ඩයෙන් ජීවිතක්ෂයට පත්වූයේ අසිතගේ මිතුරෙකි.
ඒ සඳහා වූ පලිය ගැනීමට අසිත ටී. 56 වර්ගයේ ගිනි අවියක් ද රැුගෙන ගොස් මිනුවන්ගොඩදී පස් ගාමිණීට වෙඩි තබා ඝාතනය කළේය. එම අපරාධයට අසිතට රිමාන්ඞ් භාරයට පත්වීමට සිදුවිය.
තම කල්ලියේ ප‍්‍රබලයා වූ පස් ගාමිණී මරාදැමීම පිළිබඳව උරණ වූ ජයේ මුදලාලි ඉන් අනතුරුව අසිතව මරා දැමීම සඳහා සැලසුමක් දියත් කළේය. අසිතව අධිකරණය වෙත ඉදිරිපත් කොට නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන විට ගම්පහ කිරිඳිවැලදී ඔවුන් එම බසයට වෙඩි තැබුවේය.
එහෙත් වෙඩි වැදුනේ අසිතට නොව බන්ධනාගාර නිලධාරියෙකුටය. ඉන් එම නිලධාරියා ද ජීවිතක්ෂයට පත්විය. අසිත මරා දැමීමට එතැනදී නොහැකි වූ නිසා ඔහු බන්ධනාගාරය තුළදී මරා දැමීමට ජයේ මුදලාලි පෙරොෂ් මගින් කුඩා මයික්‍රෝ පිස්තෝලයක් මීගමුව බන්ධනාගාරයේ සිටි බුලට් අතට යැවීය. ඒ අනුව අසිත බන්ධනාගාරය තුළදී මරා දැමීමට ජයේ මුදලාලි සමත් විය.
අසිත අහිමි වීමත් සමග එම පාතාල කල්ලිය මෙහෙයවීමට තිබෙන්නේ ඊළඟට වැඩිම මිනීමැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් සංඛ්‍යාවක් කර ඇති සාමාජිකයකුටය. ඒ අනුව අසිතගෙන් හිස් වූ පාතාල පුටුව ආඬිඅම්බලම පදිංචි ජීවන් සුනිමල් රාජපක්ෂ නොහොත් මිනුවන්ගොඩ ජීවන්ට (36) හිමි විය.
අසිතව මරා දැමීමේ පලිය ජීවන් සීදුවදී ජයේ මුදලාලිට වෙඩි තබා මරා දැමීමෙන් පසු ලබා ගත්තේය. ඔහුට සම්බන්ධ කිහිපදෙනකු මිනුවන්ගොඩ හෝටලයක සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ජීවන් ඇතුළු කණ්ඩායම එහි ගොස් වෙඩි තැබුවේය. එහෙත් ඉන් ඝාතනය වූයේ කිසිදු වරදකට සම්බන්ධ නොමැති අහිංසක පුද්ගලයන් තිදෙනෙකි. ඒ අනුව අදාළ ත‍්‍රිත්ව ඝාතනයේ සැකකරුවකු බවටද ජීවන් පත්විය.
මේ අතර පස් ගාමිණීට හිතවත්ව සිටි කණ්ඩායමේ නායකයා බවට පත්වූයේ හිරෙන් ඇප ලබාගෙන පැමිණි සාගරය. ජයේ මුදලාලි මරා දැමීම සඳහා ඔත්තු දුන්නේ මාතලන් යයි සිතා සීදුවේදී ඔහුට වෙඩි තබා මරා දැමීමට සාගර ක‍්‍රියා කළේය. ඉන් පසුව මාතලන්ගේ බිරිඳ හා වැඩිමහල් සහෝදරයා ජීවන් හමුවීමට පැමිණෙන්නේ මාතලන්ට වූ දෙය ගැන දැන ගැනීමටය.
මාතලන් මැරීමට ඒ.සී. සුගත් උදවු කළ බව පවසා ජීවන් මාතලන්ගේ අයියාට ගිනි අවියක් නිකුත් කළේ එම පලිය ලබා ගන්නා ලෙස කියමිනි. ඒ අනුව මාතලන්ගේ අයියා ඒ.සී. සුගත් ඝාතනය කරන ලදී. ඒ වනවිට මිනුවන්ගොඩ ජීවන් මනුෂ්‍ය ඝාතන පහකට වැඩි ප‍්‍රමාණයක් සිදුකර තිබුණි.
ඇඹිලිපිටිය, මාමඩල පදිංචි වට්ටක්කා සරත් ද කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුද ආරම්භයේ චණ්ඩියකු වුවද පසුව වැලි හා මැණික් බිස්නස් කර දැහැමි ජීවිතයක් ගත කළේය. වට්ටක්කා සරත් ප‍්‍රබල දේශපාලනඥයින් ළඟින් ඇසුරු කළ අයෙකි. වට්ටක්කා සරත්ගේ පුතා සිය පෙම්වතිය බැලීමට ගොස් එන අතරතුරදී රිය අනතුරකට ලක්ව ආබාධිත තත්්ත්වයට පත්විය. ඔහු ප‍්‍රතිකාර සඳහා එහා මෙහා රැුගෙන ආ යුතු නිසා වට්ටක්කා සරත් ප‍්‍රබල දේශපාලනඥයකුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගත්තේය.
පල්ලෙරොටේ හිච්චි මහත්තයා වට්ටක්කා සරත්ගේ විරුද්ධවාදියකු වූ ඔහු ද වැලි වෙළෙඳාම් කළ නිසාය. හිච්චි මහත්තයාගේ පුතා රාලහාමි ද මිනීමැරුමකට හිරේ ගොස් සිටි අයෙකි. රාලහාමි ජීවන්ව හඳුනාගත්තේ මීට කලකට ඉහතදී බන්ධනාගාරයේ දීය.
|
මාතර වැඩබලන මහේස්ත‍්‍රාත් හා නීතිඥ ලලිතා විතානාච්චි මහත්මිය මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වමින්... |
වට්ටක්කා සරත් සිය පියාගේ ව්‍යාපාර කටයුතුවලට බාධාවක් නිසා රාලහාමි ඔහු මරා දැමීම සඳහා ජීවන් ගෙන්වා ගත්තේය. ඒ අනුව සරත් කොණ්ඩය කැපීම සඳහා ඇඹිලිපිටිය නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට ගොස් සිටියේය. ඒ බව දැනගත් රාලහාමි ජීවන් සමග එතැනට පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණියේය. ජීවන් රිවෝල්වරයකින් වෙඩි තබා වට්ටක්කා සරත් ඝාතනය කළේය. එම අපරාධය නාඳුනන පිරිසක් කළ බවට පොලිස් පොතේ සටහන් වූයේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොවීම නිසාය.
එම අපරාධයෙන් පසු මිනුවන්ගොඩ ජීවන් කෙළින්ම පැමිණියේ සිය මිතුරකු වූ දික්වැල්ල නිල්වැල්ලේ පදිංචි කොකු හැන්නදිගේ නලීන් ප‍්‍රදීප් (34* ගේ නිවසටය. වට්ටක්කා සරත් මැරීමට උපයෝගී කරගත් රිවෝල්වරය ඔහු එහි අල්මාරියක් තුළට දැමුවේය.
ජීවන් නලීන්ව හඳුනාගෙන ඇත්තේ මීගමුවේදීය. නලීන්ගේ නෑදෑයින් පිරිසක් මීගමුවේ පදිංචිව සිටිති. ඒ වන විට මිනුවන්ගොඩ ජීවන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විවෘත වරෙන්තු ද නිකුත් කර තිබුණි. දික්වැල්ලේ සිටින අතරතුර කටුනායකට ගිය ජීවන් ඉකුත් ජනවාරි මාසයේදී පොලිසියේ අත්සන් කිරීමට ගොස් ආපසු එමින් සිටි ද්‍රවිඩ ජාතිකයකු ද වෙඩි තබා ඝාතනය කළේය. ඒ කොන්ත‍්‍රාත්තුවකට ද ඊට පෙර කළ වට්ටක්කා සරත් මරාදැමීම වෙනුවෙන් ද මිනුවන්ගොඩ ජීවන්ට රුපියල් ලක්ෂ එක හමාරක් හිමි විය.
කටුනායක මිනීමැරුම කිරීමෙන් පසුව ද ජීවන් නැවත පැමිණියේ දික්වැල්ලේ සිය මිතුරාගේ නිවසටය. ඒ වන විටත් මේ සාහසික අපරාධකරු නීතියේ රැුහැනට හසුකර ගන්නා ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිසියට උපදෙස් ලබාදී තිබුණි.
කොළඹ 07, පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ බුද්ධි අංශය ද ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වමින් සිටියේය. විශේෂයෙන්ම එහි නිලධාරීහු සිවිල් ඇඳුමින් සැරසී මීගමුව, හලාවත, මාතර, කොළඹ, ගාල්ල, කුරුණෑගල, නුවර ආදී ප‍්‍රදේශ වෙත ගොස් සපත්තු මසන්නන්, ත‍්‍රිරෝද රථ රියදුරන්, ධීවර කාර්මිකයින් ලෙස පෙනී සිටිමින් මිනුවන්ගොඩ ජීවන් සොයමින් සිටියහ.
විශේෂයෙන්ම ඔහු ජංගම දුරකථන හා සිම් කාඞ්පත් විටින් විට වෙනස් කර පාවිච්චි කිරීම නිසා සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. කෙසේ වෙතත් ඉකුත් 02 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ උපපොලිස් පරීක්ෂක කේ.එච්.කේ. සංගීත් මහතාට තොරතුරක් ලැබුණේ මිනුවන්ගොඩ ජීවන් දික්වැල්ල ප‍්‍රදේශයේ සිටින බවටය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප‍්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් ඉතා ඉක්මණින් දික්වැල්ලට පැමිණියහ. ඔවුන් රත්මලේ හංදියේ ක්ෂණික මාර්ග බාධකයක් යොදවා සැක කටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කරමින් සිටියේය. හරියටම රාත‍්‍රි 12.00ට පමණ ත‍්‍රිරෝද රථයක් පැමිණි අතර එය නතර කරන ලෙස දැන්වුව ද ත‍්‍රිරෝද රථය පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කළේය.
පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු කණ්ඩායම ඒ පසුපස ලූහුබැඳ ගියහ. ත‍්‍රිරෝද රථයේ සිටි අය පොලිස් විශේෂ කාර්ය බළකාය දෙසට වෙඩි තබා තිබූ අතර ඔවුන් ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර තිබුණි. එම වෙඩි හුවමාරුවේදී ත‍්‍රිරෝද රථය තුළ සිටි දෙදෙනකු මිය ගොස් තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් 33267 දිනෙත් සංජීව හා කොස්තාපල් 19816 ජේ.ඒ. ගාමිණී යන මහත්වරු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.
කෙසේ වෙතත් ත‍්‍රිරෝද රථය තුළ මිය ගොස් සිටියේ මිනුවන්ගොඩ ජීවන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව ඔහුගේ අතේ කොටා තිබූ දිය කිඳුරියගේ පච්චයෙන් පොලිසිය හඳුනා ගත්තේය. ඔහු සමග වෙඩි වැදී මිය ගොස් සිටි මිතුරා දික්වැල්ල, නිල්වැල්ල පදිංචිව සිටි කොකු හැන්නදිගේ නලීන් ප‍්‍රදීප් (34) යන අය බවට ද පසුව හඳුනා ගන්නා ලදී.
කෙසේ වෙතත් නලීන්ගේ නිවස පරික්ෂා කිරීමේදී වට්ටක්කා සරත් මරා දැමීමට උපයෝගී කරගත් රිවෝල්වරය හා ජීව පතරොම් හතරක් ඔහුගේ අල්මාරියේ තිබී පොලිසිය සොයා ගත්තේය.
මිනුවන්ගොඩ ජීවන් සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා මයික්‍රෝ පිස්තෝලයක් ද අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේ වෙතත් කොන්ත‍්‍රාත් පදනම මත කරන ඝාතන වැල පාලනය කිරීම සඳහා මේ ආකාරයට හෝ පාතාලයට පහරක් එල්ල කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ක‍්‍රියාත්මක වීම සියලූ දෙනාගේ ප‍්‍රශංසාව හිමිවන කරුණක් බවට පත්ව තිබේ.
ඒ වන විටත් මිනුවන්ගොඩ ජීවන් මිනීමැරුම් හතකට වැඩි ප‍්‍රමාණයක් කර තිබුණි. ඊට අමතරව ආඬිඅම්බලම වේළුවනාරාමයේ නිමලතිස්ස හිමියන්ට පිහියෙන් ඇන තුවාල ද කර තිබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන තවදුරටත් සත්‍ය බව මේ අපරාධකරුට සිදුවූ දෙයින් ද කියා දෙන පාඩමකි.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපති ලසන්ත දඩල්ලගේ, ගන්දර පොලිසියේ ස්ථානාධිපති පී.එන්. පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් ඒ සඳහා සහාය වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිච්ච එකමයි හොද (දී)
නීතිය ඉදිරියට ගෙනවිත් මරණීය දණ්ඩනය දුන්නනම් ගොඩාක් හොදයි. එහෙම දේවල් ලංකාවේ වෙන්නේ නෙති නිසා මේකත් හොදයි. (දී)
නියමයි තව ගොඩක් ඉන්නවා. උන්ට දෙන්නේ නැත්තේ දේශපාලකයන්ගේ පගර නැටිටන් නිසාද? (නදී)
අවි ගත්තෝ අවියෙන්ම නසී කියල බුදුන් දේශනා කරලා තියෙනවානේ (දිල්)
පාතාලය නැති කරන්න අපෙන් සහය (දිල්)
හොද වැඩක් (දී)
රටේ අනික් ප්‍රශ්න වලදී වගේම මෙහිදීත් ප්‍රජාව දෙකට බෙදිලා තර්ක කරනවා අරය හරි මෙයා වැරදියි කියල. අප විසින් මේ තීරුවට මීට කලින්ද ලියා දැන්වුයේ මිනිසෙකු අපරාධකාරයෙක් වීමට තුඩු දෙන සාධක විමසා පිළියම් යොදනවා විනා, අපරාධයක් උන පසු ආවේගිකව "ඕකුන්ව එල්ලන්නම" තමයි තියෙන්නේ කියනවා. සමාජ පරිහානියට වග කියන්න ඕන "නුතන දේශපාලන සදාචාරයේ" නිර්මාතෘ වරුන් ට ඇඟිල්ලක් දික්කරන්න මේ එක චන්ඩියෙක් වත් උත්සාහ නොකරන අතර තම අරගලයය ළඟම ඉන්න ප්‍රතිවාදියාට එල්ල කර කාලීන ජයක් ලබා ගන්න උත්සාහ කරනවා. (දී)
මංගල 100% හරි (දී)
පුදුමයි පොලිසියට මෙහෙම දෙයක් කරන්න පණ තිබුන ඒක. හැබැයි නියමයි. (දී)
මරුන එක හොදයි මේ අය ජීවත් වෙලා වැඩක් නැහැ . (දී)
පොලිසියට අපේ ප්‍රණාමය. (නදී)
පොලිසියට මාගේ උත්තමාචාරය (අ)
මේවගේ අපරාද නැති කරලා දාපු සියලුම දෙනාට පින් සිද්ද වෙනවා මෙවන් මනුස්සයෝ බිහි වන්නේ දෙසපලග්නොයෝ ආරක්ෂා කරන හින්ද එයාලගෙත් වැඩ කරගන්න හිද දැන් කොහොමත් ලංකාවේ පොලිසිය ගොඩක් නීතියට ගරු කරනවා (අ)
"කොයි මොහොතේ හෝ" දඩුවම් දීල හෝ " "ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන තුරු" දත් මිටි කාගෙන ඉවසගෙන ඉඳල හරියන්නේ නැහැ. නිසි වෙලාවේදී නිසි නිතිය අනුවයි දඩුවම් දිය යුතු. මෙන්න මේ ගොන් ආකල්ප තමයි මේ රට කන්නේ! (නදී)
වැරදි කරන්නන්ට කොයි මොහොතක හෝ දඩුවම් ලැබෙනවා.(නදී)
මේ අයට මරණය උරුම කරන්නේ ඉන්න අයට හැදෙන්න.(නදී)
ඉදිරියට ඇදෙන විශේෂ කාර්ය බලකායේ සාමාජිකයෙක් වීම මා ලත් භාග්‍යකි. නියතයි ජය විශේෂ කාර්ය බලකායට.(නදී)
මේවා වියයුතු දෙවල්. (නදී)
මේ කථාවෙ මුලදීම පස් ගැන ආරවුල ඇති කරගත්ත වෙලාවෙ නීතිය හරියට ක්‍රියාත්මක කලානම්, කථාවෙ ඉතිරි හරියක් නැහැ. මූලික වරද පොලීසිය පටන් ගැන්මේදීම නීතිය හරියට ක්‍රියාත්මක නොකරපු එකයි. අන්තිමට නියපොත්ත වෙනුවට පොරව ගන්න උනා. ලංකාවෙ ත්‍රස්තවාදය ව්‍යාප්ත උනෙත් ඔහොම තමා. මගේ අදහස නම් ලංකාවෙ පාතාලයක් කියලා දෙයක් නැහැ. තියෙනවා නම් ඒ පොලීසියෙ, දේශපාලනයෙ සහ නීතියෙ නොහැකියාව. දැනටනම් තියෙන්නෙ මිනිස්සු තමන්ට අසාධාරණයක් උනාම පිහිට වෙන්න තැනක් නැතිනිසා තමන්ම සාධාරණය සෙවීම. (නදී)
කල කල දේ පල පල දී තියෙනවා .මේ ලෝක ධර්මය අනුව තමන් කරන හොද නරක මේ භවයේම පඩිසන් දෙනවා. බුද්ධිමත් මනසක් මිනිසාට දායාද වෙලා තියෙන්නේ හොද දේ දකින්න, කව්රු උනත් ගොඩක් හොද පෙන්නන අය ඇතුලින් කරන්නේ තිරිසන් වැඩේ .මේක මුළු මහත් සමාජයටම පාඩමක්. (දිල්)
නායකතුමනි,ජනතාව ඔබතුමා කෙරෙහි ඇති ආදරය, කරුණාව හා විශ්වාශය මතුවටත්,තබා ගනු ඇතැයි අප විශ්වාශ කරමු.ලක් මවුට ජය වේවා! (නි)
පාතාලය ලෝකෙන්ම තුරන් කරන්න නැද්ද මොකුත් වැඩපිළිවෙලක් නැද්ද (දී)
කව්රු කොහොම රජ වෙන්න හැදුවත් අන්තිමට මේ වගේ තමා (දී)
පන්දම් නැතිව පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ,මේ තරම් අපරාද සිදුවෙන්නේ නැහැ .බන්දනාගාරය ඇතුලත පුනරුත්ථාපනය වෙන හැටි මොනතරම් ලස්සනද !!!!!!.මේවා සිදු වෙන්නේ ලංකාවේද කියල හිතෙනවා . රටට ගිය කලක් !! (අ)
සුපිරි කතාව. ෆිල්ම් එකක් කරන්න පුළුවන් මේකෙන් විතරක්. හොඳ වැඩේ ඕකුන්ට. (අ)
ජීවන් ඔබට නිවන් සුව! (අ)
කලකම්පලදේ (දී)
කාට උනත් අන්තිමට මේ ටික තමයි (දී)
මෙයාල මේ විදිහට මැරුණම ලොකු ලොකු දේශ පාලුවන්න්ගේ මිනී මරණ කොන්තරාත්තු බාර දෙන්න පිටින් අය ගෙන්නන්න වෙය්!!! (දී)
නිතිය හරියට ක්‍රියාත්මක වුන දාට මේවා සහ මුලින්ම නවතීවි. දැන් බලන්නකෝ කීදෙනෙක් මැරුණද. නමුත් නැවතුනාද. සොත්ති උපාලි, කළු අජිත්, තාර අජිත්, තොප්පි චමින්ද,කඩුවෙල වසන්ත,ආනමාලු ඉමිටියාස්,අට ඉන්දික,කඩුවෙල වසන්ත,පොට්ට නවුෆර්,තෙල්බාල.(නදී)
කවුරු කොහොම කලත් මේවා කවදා හෝ සිදු වන දේවල් (දිල්)
මේකට තමා කළකම් පල දෙනවා කියන්නේ (දී)
අංගම් ශාස්ත්‍රයට කරන ලොකුම අගෞරවයක් තමයි මෙවැනි දේවල්.වහාම නිසි පියවර ගතයුතුයි. (දී)
මේ වගේ අයට හොඳින් ලැබෙන්න ඕන දඬුවම් කවදා කොහේ හරි ලැබෙනවා (දී)
ඡයා මේකේ වැඩියෙන් ඉන්නේ සිංහල නළුවොනේ? නුසුදුසු අයට කෙලින් මූණ නොදීම නිසයි සත්‍යා, කොටි උවදුරත් අවුරුදු 33ක් දික් වුනේ. අපරාධ කාරයෝ ඉවර කරන්න බැරි තරමට ඉන්නවා . හැම තැනම. එකයි ප්‍රශ්නේ. (නදී)
මෙහෙම තව 10ක් කෙටි කාලෙකින් ඉවර කරෝතින් ඔය කොයි මැරයත් ඇදන් යට . පොලිසියට ප්‍රණාමය.(නදී)
ම්‍වැන්නන්ටත් නිවන් සැප කියන අය ලංකාවෙත් ඉන්නවනේ. මේ අයට ආත්මයක් නැහැ. අවිචියේ තමයි ඉපදෙන්නේ.(නදී)
සුදු වෑන් ක්‍රමය තමා හොද.(නදී)
මේ පුදගලින් එක දවසින් මිනීමරුවෝ උනේ නැහැ. මේ අයට දේශපාලන රැකවරණ ලැබුනේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්. මේ දේවල්වලින් ශ්‍රී ලංකික පාදඩ දේශපාලනයේ අදුරු පැතිකඩ මොනතරම් පැහැදිලි වෙනවද. මේවා කවදා නතර වේවිද.(නදී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)
නියමයි මේ අය ඉවරම කරන්න ඕනා.(නදී)
මේ වගේ අහිංසකයන්ව මරනවට ජාති ජාති පඩිසන් දෙනවා. මොකද මේ ගොඩක් හොද මනුස්සයෙක් ගමට හොද වැඩ කරපු මනුස්සයෙක් මෙයාව මරන්න තරම් මෙයා වරදක් කරලා නෑ. (නදී)
නියමයි සහෝදරයා.(නදී)
සිදුවිය යුත්තක් එසේම සිදු විය.(නදී)
කිසිදු පුත්ගලයකු උපතේදී වරද කරුවෙකු නොවේ ඔව්න්ගේ ඇසුර සහ සමාජයද ඔව්න්ව වරදට පොලබවයි යමෙකු කිනම් හෝ දර්මයක් පිලිපදිනම් එම දර්මය ඔහු ගේ ජිවිතයද සංසර ගමනද තීරණය කරයි (සියලු සත්වයෝ සුවපත් වේත්වා) (දී)
අනේ මන්ද...මොනවා වෙඉද කියල... (දී)
මේ කියන සිද්දිය කොහොම උනත් අපි දන්නවා මේ අය කව්ද කියල හරිද (දී)
මේවා පත්තර වල දාලා තව තවත් ප්‍රසිද්ද කරන්න ඕනේ (දී)
ලංකාදීපයට ස්තුතියි මේවා හැකි තාක් දාන්න එතකොට ඉන්න පාතාල සාමාජිකයොත් දෙන්නා තුන්දෙනා බයට හෝ නවත්තයි (දී)
මොනවා කරන්නද ජීවිතයක හැටි ඔහොමතමයි (දී)
මේවා නැති කරන්නම ඕනි ....(දී)
මට යම් සැකයක් තියෙනවා.කවුරුත් මිනිස්සු මරන්න නොව පුනුරුප්තාපනය කල යුතුයි. වැරදි නැති මිනිසෙකු කොහෙද ඉන්නේ (දී)
මෙක හරියට හින්දි ෆිල්ම් එකක් වගෙ තමා..... මෙවගේ මැරයෝ අපේ රටෙන් අතුගාල දාන්න ඔනේ පොලීසියට මගේ ප්‍රනාමය.......... (දී)
බලන්න කවුරුවත් වරදක් දකින්නේ නැහැ මේ සිද්දියෙ (දී)
මෙවෑනි නරුමයන්ව මරාදෑමීම ගෑන මගේ ස්තූතිය.(නදී)
මේ වගේ මිනිස්සු ගැන මේ විදියට අහන්න වෙන්නේ අපේ සමාජයේම වැරදි නිසා. මේවට පොලිසියේ දේශපාලනයේ, සල්ලිකාරයින්ගේ බලපෑම නෑ කියන්න අමාරුයි.(නදී)
මේ වගේ අය මේ ලෝකෙන් තුරන් කරන එක හොඳයි.(නදී)
ආම්මෝ මේක නිකන් දෙමල චිත්‍රපටියක් වගේනේ. කොහොම වුනත් පොලිසියට සුබ පැතිය යුතුය. (නදී)
විශේෂ කාර්‍ය බලකාය ඔබට සුභ පැතුම්.(නදී)
මේ අයට හොඳ දඬුවම.(නදී)
ප්රදීප් කුමාරයි නිෂාමුයි ටිකක් වෙලා ඔලුවෙන් හිටගෙන ඉන්න.(නදී)
රටේ අනික් ප්‍රශ්න වලදී වගේම මෙහිදීත් ප්‍රජාව දෙකට බෙදිලා තර්ක කරනවා අරය හරි මෙයා වැරදියි කියලා. අප විසින් මේ තීරුවට මීට කලින්ද ලියා දැන්වුයේ මිනිසෙකු අපරාධකාරයෙක් වීමට තුඩු දෙන සාධක විමසා පිළියම් යොදනවා විනා, අපරාධයක් උන පසු ආවේගිකව "ඕකුන්ව එල්ලන්නම" තමයි තියෙන්නේ කියනවා. සමාජ පරිහානියට වග කියන්න ඕන "නුතන දේශපාලන සදාචාරයේ" නිර්මාතෘ වරුන් ට ඇඟිල්ලක් දික්කරන්න මේ එක චන්ඩියෙක් වත් උත්සාහ නොකරන අතර තම අරගලයය ළඟම ඉන්න ප්‍රතිවාදියාට එල්ල කර කාලීන ජයක් ලබා ගන්න උත්සාහ කරනවා. වරක් රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා සටන් කල "වීරයින්" අද දිනයේ පාදඩයින් කළ හැමදෙනාගේම හෙට ජීවත්වන්නේ ඊයේ වීම නොවැලැක්විය හැකියි.(නදී)
ජීවිතයක වටිනාකම දන්නේ නැති මිනිස්සු මරන්නමයි ඕනේ (දී)
වාස් ගුණවර්දන වගේ එඩිතර නිළදාරින් ඉන්න ඕන අපේ වගේ රටකට.කව්රු මොනවා කිව්වත් වාස් කියන්නේ නියම පොලිස් නිලදාරියක් . (දී)
මේවගේ වැඩ කරන අයට හොඳ වැඩේ ..මේ අය වෙඩි තියනකොට පොලිසිය කොහොමද අල්ලගෙන පුනරුත්ථාපනය කරන්නේ . ඒ ගැනත් හිතන්න ..එහෙම පුළුවන් අය ඉන්නවනම් පොලිසියට මේ දවස් වල ගන්නවා යන්න (දී)
අපේ ලංකාව නසන්න හදන මේ වගේ අයට යලිත් ජීවිතයක් නැත ශ්‍රී ලංකා පොලිසියට අපගේ ස්තුතිය අයර්ලන්තයේ සිට අපගෙන්. (දී)
පාතාලයේ මිනිස්සුන්ගේ මීළඟ ඉපදීම නිරයේ (දී)
මොවුන් පිටුපස ප්‍රභල දේශපාලකයන් සිටිය බවද අමතක නොකළ යුතුයි.එසේම පාප්ප බාල්දි උස්සන අය මෙය පාඩමකට ගැනීමත් විය යුත්තක්. (දී)
මේ කතාවේ සැඟවුන සත්‍ය කුමක්ද දේශපාලන රැකවරණය
මුළු ලංකාවම මැරයෝ තමයි.(නදී)
නියමයි ! (නදී)
මැරයන් අතුගා දාන්න.(නදී)
හොදම වැඩේ මුන් කොටින්ට කන්න දන්න ඕනා (අ)
පාතාලයක් ලංකාවේ තිබිය යුතුවේ (අ)
හොඳ වැඩක්
අවි ගත්තෝ අවියෙන්ම නසිති. මේවා කටත් හොද පාඩම්, ජීවිතේ කෙටි කරගන්න නම් චන්ඩියෙක් වෙන්න.(නදී)
මිනිස් ආත්මයක් ලබන්න මොනතරම්නම් අමාරුද . ඒ අමාරුවෙන් ලබා ගනිපු මිනිසත් භවෙන් ලෝකෙට වැඩදායි යමක් කරලා මිනිහෙක් වගේ මැරෙන්න බැරි අයි මිනීමරුවෝ ,, කරලා තියෙන අපරාද වලට දඩුවම ලැබුන මදි , පනුවො ගහල විඳවලායි මැරෙන්න තිබුනේ , මමනම් ප්‍රර්ථනා කරන්නෙ මේ වගේ අපරාධ කාරයිට කල්ප ලක්‍ෂයකටවත් ආයේ මිනිසත් භාවයක්නම් ලැබෙන්න එපා කියලයි , අවි ගත්තෝ අවියෙන්ම නසී , ශ්‍රීලංකා පොලිසියට හා ලංකාදීපයට මගෙන් හදපිරි සුභ පැතුම් ... (දී)
මෙ මිනිස්සු වැරදි වෙන්න පුලුවන්.එත් මිනිස්සු මරන්න එක නෙමෙයි පුනුරුප්තාපනය කරන එකයි කරන්න ඔන.මෙ වගේ වැඩ කරන අයගෙන් බහුතරයක් එ තත්වෙට වැටුනෙ එ මිනිස්සුන්ට මෙ සමාජෙන් වුන අසාදරන කම් නිසයි. වැරදි නැති මිනිසෙකු කොහෙද ඉන්නේ? (දී)