ප්රධාන කථිකාව වී ඇත්තේ පොදු අපේක්ෂකයා කවුද යන්නය. මේ වන විට නම් ගණනාවක් කතාබහට පත්වී තිබේ. ඉන් එක් අයෙක් වන්නේ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග මහතාය. දේශපාලනයට සම්බන්ධ පවුලක සාමාජිකයෙක් වන අර්ජුන රණතුංග මහතා අද ස්වාධීන මන්තී‍්‍රවරයෙක් වශයෙන් දේශපාලන කටයුතුවල යෙදී සිටී. පොදු අපේක්ෂක යෝජනාව පිළිබඳව ඔහු සමග වූ කතාබහේ සටහනයි මේ.
ප‍්‍රශ්නය - ලොකු දේශපාලන වෙනසකට සූදානම් වෙනවලූ.
ඔබ කියන්න හදන දේ මට පැහැදිලි නැහැ.
ප‍්‍රශ්නය - පොදු අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට ඔබට ඉල්ලීමක් තියෙනව නේද?
තවම ඒක කථිකාවක් පමණයි. අවසන් තීරණයක නැහැ.
ප‍්‍රශ්නය - තීරණය ගන්නේ කවදද?
තවම සාකච්ඡා මට්ටමින් තියෙන්නෙ.
යෝජිත නම් කීපයක්ම තියෙනවා. වෙලාවට ප‍්‍රකාශයට පත් කරාවි. ජනාධිපතිවරණය තවම ප‍්‍රකාශයට පත්කරල නැහැනේ.
ප‍්‍රශ්නය - එහෙම අවස්ථාවක් ආවොත් ඔබ බාර ගන්නවද?
ලැබුණොත් බාර ගන්නවා. අද මේ රටේ ජනතාවට විශාල අවශ්‍යතාවක් තියෙනවා. විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රධානයි. මම කවදත් පෙනී සිටියේ සාධාරණය වෙනුවෙන්. මේ රටේ යහපත වෙනුවෙන්. මම පෞද්ගලික වාසි, ඵල ප‍්‍රයෝජන උදෙසා කිසිවක් කරල නැහැ. මට එහෙම කරන්න අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. ඉදිරියටත් නැහැ. පෞද්ගලික වාසිය ගැන හිතල කටයුතු කළා නම් මටත් ඇමැතිකමක් අරගෙන කෝටිපතියෙක් වෙලා ඉන්න තිබුනා. මම කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ඒක කළෙත් නැහැ. දේශපාලනයෙදී කරන්නෙත් නැහැ. මුරලිගෙ දුස්රා පන්දු යැවීම ගැන අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සලය විරුද්ධ වෙද්දී මම මුරලි වෙනුවෙන් පෙනී හිටියා. කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අක‍්‍රමිකතා ගැන කතා කළා. චන්ද්‍රිකාගෙ රජයෙ ඉඳගෙන කී‍්‍රඩා ඇමැතිවරයා විවේචනය කළා. මහින්දගෙ රජය විවේචනය කළා. මම කෙළින් තීරණ ගන්න කෙනෙක්. වාසිය බලාගෙන කටපියා ගෙන හිටිය නම් මටත් වාසි ලබන්න තිබුණා. මම හිතන්නෙ, තීන්දු තීරණ ගන්නෙ රට ගැන හිතල. මම ගැන කවදාවත් හිතුවෙ නැහැ. මට ලැබෙන වාසි ගැන හිතුවෙ නැහැ.
ප‍්‍රශ්නය - ඔබ හිතනවද ඔබට ඒ දේ කරන්න පුළුවන් කියල.
මේ රටේ ජනතාවට ලොකු බියක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කිරීම රටේ ජනතාවගෙ ප‍්‍රධාන අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාව කවදාවත් මේ තරම් සැරට තිබුණේ නැහැ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න නිදහසින් පසු මේ තරම් දේශපාලන බලවේග එකතු වී සිටි කාලයක් තිබුණේ නැහැ. මට අවශ්‍ය රටේ ජනතාවට, රටට සේවයක් කිරීමයි. ඒ සඳහා මට කැපවෙන්න පුළුවන්. ඒක අවස්ථාවක් ලැබුණොත්.
ප‍්‍රශ්නය - ඔබට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණෙත් පවුලෙ තත්ත්වය මොකක් වෙයිද? රණතුංග පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහොම සම්බන්ධ පවුලක්.
අපි පවුලක් වශයෙන් බොහොම එකමුතුව ඉන්න පවුලක්. ප‍්‍රතිපත්ති වශයෙන් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒක අපේ සහෝදරකමට බලපෑමක් නැහැ. මම රට වෙනුවෙන් තීරණ ගන්න කෙනෙක් බව මගේ අම්ම දන්නවා. අම්ම මම ගැන ආඩම්බර වෙනවා. මෙතැනදී වැදගත් වෙන්නේ පක්ෂය නොවෙයි. රට වෙනුවෙන් ගන්නා තීරණය තමයි වැදගත්. ඒ සඳහා මගේ පවුලෙ කවුරුවත් මට බලපෑම් කරන්නෙත් නැහැ. මට විරුද්ධ වෙන්නෙත් නැහැ. දේශපාලනය අපේ පවුලෙ බැදීම්වලට බාධාවක් නොවෙයි.
ප‍්‍රශ්නය - ඔබේ වැඩිමහල් සහෝදරයා මාධ්‍යයට කියල තිබුණා. එක්සත් ජාතික පක්ෂය පවුලට බොහොම හිරිහැර කර තිබුණු බවක්.
අපේ පවුලට දේශපාලන හිරිහැර ඇතිකළ බව ඇත්ත. ඒක හැම රජයකින්ම වගේ සිදුවූ දෙයක්. මේ රජයෙනුත් වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් බරපතළ හානි වුණා.
ප‍්‍රශ්නය - පරස්පර දේශපාලන මතවල පිහිටා සිටින පිරිසක් එක්ක මේ ගමන යන්න පුළුවන්ද?
සියලූ දෙනා ඉන්නෙ එක මතයක. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරල මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතුය යන්න හැමෝගෙම මතය. ඒ නිසා හැමෝම පෙනී සිටින්නෙ එකම අරමුණක් වෙනුවෙන්. රටේ හා ජනතාවගේ යහපත වෙනුවෙන්.
ප‍්‍රශ්නය - පොදු අපේක්ෂකයා වශයෙන් තරග කළ සරත් ෆොන්සේකා මහතා පසුකාලීනව තනිවූ ස්වරූපයක් පෙන්නුම් කළා. සමූහයක් එකතු වී ඔහු උඩට උස්සා තැබුවා. නමුත් ඔහු එකවරම කඩා වැටීමක් තනිවීමක් පෙන්නුම් කළ බව කියනවා. ඔබටත් එහෙම වේවිද?
මම කවදාවත් බලය තියෙන තැන රැුඳී ඉන්න උත්සාහ කළ කෙනෙක් නොවෙයි. මම කලිනුත් කිව්වානේ බලය තියෙන තැන හිටිය නම් මම අද ඇමැති කෙනෙක්. මම තනිවේවි. මට පක්ෂයක් නැතිවේවි. අතරමං වේවි. ඒ වගේ ප‍්‍රශ්න මට නැහැ. ඒ සඳහා බියකුත් නැහැ. ගියවර මැතිවරණයේදී මම කළුතරින් ඉල්ලූවා. සියලූ දේ කළේ මාසයක තරම් කාලයක් තුළදි. මම ජයග‍්‍රහණය කළා. ජනතාව එක්ක ඉන්නව නම් දේශපාලනඥයෙක් තනි වෙන්නෙ නැහැ. දේශපාලන පක්ෂයක් එක්ක මම රැුල්ලට ගිය කෙනෙක් නොවෙයි. මට අමුතුවෙන් තනි වෙන්න දෙයක් නැහැ. මම හැමදාම කළේ රටත් ජනතාවත් සඳහා මම හරියි කියල හිතපු දේ.
ප‍්‍රශ්නය - බලයට එන පුද්ගලයෙක් තමන්ගෙ බලය නැතිකර ගන්න සූදානම් නැහැ. බලය ඒ තරමටම රසවත්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවංක අවශ්‍යතාවක් තියෙනවද?
ඒක මගෙත් අවශ්‍යතාව තමයි. ප‍්‍රධාන වශයෙන්ම රටේ ජනතාවගෙ අවශ්‍යතාව ඒකයි. විධායක ජනාධිපති ක‍්‍රමය යුද්ධය ජයග‍්‍රහණය කිරීමට හේතුවක් වුණා. යුද ජයග‍්‍රහණය ගැන ජනාධිපතිවරයාට හැමදාම මගේ ගරුත්වය තියෙනවා. මේ රටේ ජනතාව අද බොහොම නිදහසේ සැහැල්ලූවෙන් ඉන්නවා. ඒක ඉතාම වටිනා දෙයක්. දැන් යුද්ධයක් නැහැ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාලය හරි. ඒ සඳහා කි‍්‍රයාත්මක වෙන්න ඕනෑ. බලය රැුකගැනීම නොව ජනතාවගේ අවශ්‍යතාවට ඉල්ලීමට ප‍්‍රමුඛස්ථානය ලබාදිය යුතු වෙනවා. ඒ සඳහා මට හැකි දෙයක් වේ නම් උපරිමයෙන් සිදු කරනවා. දෙවරක් හිතන්නෙ නැහැ.
ප‍්‍රශ්නය - රාජපක්ෂ රජය එක්ක හැප්පෙන්න අමාරුයි කියල මතයක් තියෙනවා. ඔබත් ඒ මතයෙ ඉන්නවද?
මට කිසිම කෙනෙක් එක්ක හැප්පෙන්න ගැටෙන්න තරගයක් නැහැ. මම මගේ පෞද්ගලික දෙයක් ගැන ඉදිරිපත් වෙනවත් නොවෙයිනේ. මට තියෙන්නෙ පොදු අරමුණක්. රටේ නීතිය, සාධාරණය පැත්ත හෑල්ලූ වෙලා කියන එක නම් පිළිගන්න වෙනවා. අපි බලමු. තවම කිසිම තීන්දුවක් නැහැනේ.
ප‍්‍රශ්නය - ඔබ විදේශ ගතවන බව ආරංචියි
ඔව් මම අද (20) ජර්මනියට යනවා. ආරාධනාවකට.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදු අපේක්ෂක වෙන්න කීවොත් මම ලෑස්තියි
සාරංග Thursday, 20 November 2014 06:27 AM
සැබෑම නායකයෙක් ජනාධිපති වෙන්නම ඕනි. ඔබට සුබ පතනවා ලංකාවේ අහිංසක ජනතාවගේ ප්‍රර්ථනා ඉටු කරන්න ඉදිරිපත් වීම ගැන මහත්මා ගති ඇති ඔබතුමා ජයග්‍රහනය කරනවා. (අ)
දයා -නිව්සිලන්ඩ් Wednesday, 19 November 2014 11:48 PM
ක්‍රිකට් ගහන කාලේ කිවුවා නේද දේශපාලනය කරන්නේ නැහැ කියලා? (නි)
මංගල Sunday, 23 November 2014 11:35 PM
ෆොන්සේකා 3 (නදී)
අසංග Tuesday, 18 November 2014 01:46 PM
අපිට මතකයි ඔබතුම ක්‍රීඩා කරන යුගයේ කරපු කතාවක්. මගේ පව්ලේ තුන් දෙනෙක්ම දේශපාලනය කරනවා මම නම් කවමදාවත් දේශපාලනයට එන්නේ නෑ කියා. (ර)
උදේෂ් Thursday, 20 November 2014 03:07 AM
ඔබතුමා සැබෑම දක්ෂයෙක් (නි)
නුවන් Wednesday, 19 November 2014 06:44 PM
මමත් තරයේම විශ්වාස කරනවා, පොදු අපේක්ෂකයාට සුදුසුම පුද්ගලයා අර්ජුන රණතුංග කියලා. එතුමාගේ ජීවිතය පුරාවට අද දක්වා එතුමා මහත්මා ගති ඇති බලලෝභී නොවන කෙනෙක් කියලා ඔප්පු කර තිබෙනවා. නායකත්වයට සුදුසු ගතිගුණ විශාල ප්‍රමාණයක් ඒ චරිතය පුරාවට අපට දකින්න ලැබුණා. (නි)
බන්දුල පෙරේරා Wednesday, 19 November 2014 07:31 AM
කොයි පැත්තට බෙදිලා ගියත් නරකක් නම් නැහැ.. (නි)