2013 නොවැම්බර් 12 | ප.ව. 12:04
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
|
පොදු රාජ්‍යය මණ්ඩලීය රාජ්‍යය නායක නිල ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මලයි.
විවිධ වර්ණ සහිත පෙති වලින් නිරූපණය වනුයේ විවිධත්වය, උනන්දුව හා පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සමගියයි.
|
පොදු රාජ්‍යය මණ්ඩලීය රාජ්‍යය නායක සමුළුවේ කොඩිය
|
.jpg)
රන් හා නිල් පැහැය ගනී ලෝක ගෝලය වටා විහිදෙන කිරණ (ඉරි) 61 කින් ඉංග්‍රීසි "සී" අකුර කොමන්වෙල්ත් (පොදු රාජ්‍යය මණ්ඩලය) යනුවෙන් යොදා ඇත.
|
පොදු රාජ්‍යය මණ්ඩලයේ මහ ලේකම් කමලේශ් ශර්මා
|
ඔහු පස් වැනි මහ ලේකම්වරයාය පත් වුයේ 2008 දීය. මහා බ්‍රිතාන්‍යයයේ හිටපු ඉන්දියා මහ කොමසාරිස්වරයාය. ඔහු පොදු රාජ්‍යය මණ්ඩල ලේකම් කාර්යාලයයේ හා පොදු රාජ්‍යය මණ්ඩල පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි.
ශර්මා ඉපදුණේ 1941- 09- 31 වැනිදාය. 1965-2001 දක්වා ඔහු ඉන්දියා විදේශ සේවයේ සේවය කළේය. නවදිල්ලි හා කේම්බ්‍රිජ් විද්‍යාර්ථියෙකි.
|
පොදු රාජ්‍යය මණ්ඩලීය රාජ්‍යය නායක සමුළුව
|
දෙවසරකට වරක් රැස්වී ජගත් පොදු මණ්ඩලීය රාජ්‍යයයො මණ්ඩලීය ප්‍රශ්න සාකච්ඡා කරයි. සාමුහික තීරණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශකත්වය පෙන්වයි.
රටවල් 53 ක් සාමාජිකත්වය ලබා සිටී සමුළුවේ නායිකාව දෙවැනි එලිසබෙත් මහ රැජිනයි. ඇගේ වයස අවුරු 87 කි ඇය වෙනුවෙන් ඇගේ පුත් චාල්ස් කුමාරයා සමුළුවට සහභාගී වේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙනුයේ 22 වැනි සමුළුවයි.
මෙම සමුළුවේ සභාපති පදවියට පත් වන ශ්‍රී ලංකා රාජ්‍යය නායක මහින්ද රාජපක්ෂ ජනපති දෙවසරක් එම පදවිය හොබවයි.
|
|
යුද ,නාවික ගුවන් හමුදාව හා පොලීසිය ද ජනාධිපති හා ඇමැති ආරක්ෂක අංශය ද රාජ්‍ය නායක ආරක්ෂාව භාරව සිටි.
-
සමීප ආරක්ෂාවට නිලධරයෝ 676 ක් සිටිති.
-
ආරක්ෂක නිලධරයෝ 14000 කි.
-
සහාය ආරක්ෂක හා අතිරේක භට පිරිස් 40000
-
පොලීසිය 20000
-
රථ වාහන පොලීසිය 5000
|
|
සියලු කටයුතු සදහා වෙන් කළ වාහන ගණන 845 කි ඒ අතර වෙඩ් නොවදින මර්සිඩීස් බෙන්ස් කාර් 54 කි නිසාන් ටීනා කාර් 110 කි සුඛෝපභෝගී බස් 100 කි ලෑන්ඩ් රෝව(ර්) 200 කි.
|
|
ප්‍රධාන සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී . ප්‍රධාන සමුළු සාකච්ජා සහ සමුළු කටයුතු බණ්ඩාරනායක අන්තර්ජාතික සමමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
.jpg)
රාජ්‍යය නායකයෝ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී විවේකී සාකච්ඡා තුනක් පවත්වති.
කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදය පැවැත්වේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය මාගම්පුර රුහුණූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මුළු දෙයි.
|
පොදු රාජ්‍යය මණ්ඩලීය සාමාජිකයෝ
|
|
(ග්‍රැෆික් නිර්මාණය - සුරේෂ් ප්‍රනාන්දු ඩේලි මීරර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් ලිපියක් (නි)
දහසක් දේ කෙටියෙන් කියාදුන්නට ස්තූතියි සැමටම (නි)
ත්‍රස්තවාදයෙන් ජයගත් නිදහස් රටක අභිමානය! මේ වගේ රාජ්‍ය නායකයන්ට ආරක්ෂා සහිතව නිදහසේ පැමිණ සහභාගී වියහැකි රටක් බවට අපි පත් වී ඇති බවට හොදම සාක්ෂියයි, මහා ලොකුවට දියුණු යයි කියාගන්න එංගලන්තය වැනි රටවල අපේ ජනපතිට පවා සංචාරය කිරීමට පවා නොහැකි තත්වයක් තිබෙනවා , එතරම්ම ආරක්ෂාව සහ නිදහස අතින් පහල අඩියකට පත්වෙලා. අපි පරාජය කල ඒ රුදුරු ම්ලේච්ච ත්‍රස්තවාදීන් දැන් ඔව්න්ගේ බලකොටු හදාගෙන ඉන්නේ එංගලන්තය, කැනඩාව, නොර්වේ වගේ බටහිර රටවලයි , මේ ලක් දෙරණේ ඒ අයට තවදුරටත් ඉඩක් නැහැ, දෙන්නෙත් නැහැ. අපි තවදුරටත් කුඩා අසමත් රටක් හෝ දුප්පත් රටක් නොවන බවටත් ලොවට බලපෑමක් කළහැකි වැදගත් රටක් බවටත් ලොවට දෙන ලොකු පණිවිඩයක් මේක. ජනපති තුමන්ට පක්ෂ බේධ නොසලකා හැමෝම සහයෝගය දෙන්න ඕන වෙලාවක්. (දී)
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් .ගොඩක් දේවල් ඉක්මනින් දැනගත්තා.ස්තුතියි. (ස)
ගොඩක් දේවල් කෙටියෙන් විධිමත් ආකාරයට ඉදිරිපත් කිරීමක්.අපේ රට ගැන අපිට ආඩම්බරයි (නි)
මේ කීවේනි සමුළුවද? (දී)
ගොඩක් හොද ලිපියක් (නි)
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. (ස)
අපගේ රට අපම රැක ගනිමු.එල්ටීටීඊ කරපු මිනිස් පැහැර ගැනීම් වලට බටහිර ජාතින් දැනට එල්ටීටීඊ කියාගෙන නායකයන්ගෙන් වෝර් ක්රිමිනල් ගැන ප්‍රශ්න කරනවද.අපගේ කොපමණ මිනිසුන් මරණයට පත්වුනාද.අපගේ රට බියෙන් තොර කළාට ජනපතිට අපගේ උතුම් උපහාරය. (ස)
චෝග්ම් සභාපති ජනපතිතුමාට තෙරුවන් සරණ ලැබේවා පිරිවෙන් ආධාර වැඩි කල සංවේදි නායකයානන්ට පින්. (ස)
ඉතා හොදයි (නි)
නියමයි! (නදී)
නියමයි. (ස)