රටවල් 53ක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට හරියටම ඇත්තේ තවත් දින විස්සකි. නොවැම්බර් මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මේ සමුළුව වෙනුවෙන් කොළඹ නගරය ලහි ලහියේ කළඑළි වෙමින් තිබේ. රට රකින්නට කැපවුණු රණවිරුවෝ සේම කම්කරුවෝ දිවා රාත‍්‍රි දෙකෙහිම මෙම ඉදි කිරීම්වල කොටස්කරුවෝ වී සිටිති. නගර සභාව හා ආරක්ෂක අමාත්‍යාංශය එහි නියමුවෝය.
මේ ව්‍යාපෘති අතර කොළඹ නගර සභාව ආශ‍්‍රිත මහා මාර්ග නවීකරණය හා විහාරමහා දේවි උද්‍යානය සම්පූර්ණයෙන්ම නවීකරණය වීම ප‍්‍රධාන තැනක් ගනී.
එම මහා මාර්ග දෙපස පදික වේදිකා විශේෂිත ගල් වර්ගයක් අතුරා අලංකාර කිරීම නිසා මාර්ගවලට නව එළියක් එකතුවී ඇත. නගර ශාලාව අවට මාර්ග වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත හා නෙළුම් පොකුණ පාර යන මාර්ග නවීකරණයත්, විහාරමහා දේවි උද්‍යානයත් නවීකරණය වන ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘‘පුරහල චතුරස‍්‍රය’’ නමිනි. එම ව්‍යාපෘතිය බාර ප‍්‍රධාන නිලධාරියා වන්නේ එස්.යූ.බී. දොළපිහිල්ල මහතාය. අපි ඔහුගෙන් ඒ ගැන විමසමු.

”අපි මෙම ව්‍යපෘතිය සැලසුම් කළේ 2011 වසරේ. 2012 අගෝස්තුවල වැඩ ආරම්භ කළා. මේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 308ක් වැය වෙනවා. ඒ මුදල් ලෝක බැංකු ආධාර යටතේ සැපයෙනවා. මේ මුදල් ලබා ගන්නෙ ආරක්ෂක අමාත්‍යාංශයයි. අඩු පොලියකට, දිගු කාලයකින් ගෙවා නිමාකළ හැකි ණයක් ලෙස මේ මුදල් ලබා ගන්නවා. නගර සභාව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනවා. ලබන මාසයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් අපි මෙම ඉදි කිරීම් කඩිනම් කළා. මේ සමුළුවෙන් පසුවත් තවත් වසර 10ක් ඉදිරියට යන තුරු නියමිත ප‍්‍රමිතියට පවතින්නට මේ ඉදි කිරීම් විධිමත්ව කරනවා.
”නගර සභා ගොඩනැගිල්ලත් සුදු අධිරාජ්‍යවාදීන් ඉදි කළ ගෘහ නිර්මාණ ශිල්පවලට කිසිදු අයුරකින් හානියක් නොවන ආකාරයට අලූත්වැඩියා කිරීම් වෙනවා. කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් ඕනෑම අයකුට ආකර්ශනීය වන ආකාරයකට මෙම නවීකරණය කිරීම් කරනවා.” ඒ දොළපිහිල්ල මහතාගේ පැහැදිලි කිරීමයි.
කොළඹ නගරයට හදවතක් බඳු වූ කාගේත් ගිමන් නිවූ සොඳුරු ‘‘විහාරමහා දේවි උද්‍යානය’’ ද පෙර තිබූ තත්ත්වයට හාත්පසින්ම වෙනස් වූ අයුරින් ප‍්‍රතිනිර්මාණය වෙයි. මෙය කලින් පටන් ගත් ව්‍යාපෘතියක් වුව ද එළැඹෙන රාජ්‍ය නායක සමුළුවට පෙරාතුව නිම කිරීමට එහි නියැළෙන සේවකයෝ පැය 24 පුරාම වෙහෙස මහන්සි වෙති. එහි ඉදි කිරීම් කටයුතු කරනුයේ එස්.එම්.ඒ. කන්ස්ට‍්‍රක්ෂන් සමාගමයි. මේ එහි ව්‍යාපෘති කළමනාකාර ප‍්‍රදීප් හේමකුමාර හේරත් මහතාය.
”විහාරමහා දේවි උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් වෙන්නෙ නගර සභාවත්, ආරක්ෂක අමාත්‍යාංශයත් අතින්. අපට ඉදි කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාර වෙනවා. ඒ අනුව මාස 9කින් මෙහි සම්පූර්ණ ඉදි කිරීම් නිම කිරීමට කටයුතු කරන්නෙ එළැඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙරාතුව ඒවා අවසන් කළ යුතු නිසයි.
”මේ ව්‍යපෘතිය සඳහා රුපියල් මිලියන 253ක් වැය වෙනවා. කලින් තිබුණු උද්‍යානයට වඩා සියයට සියයක්ම වෙනස් වූ සැලසුමකට අනුවයි මෙහි ඉදි කිරීම් සිද්ධ වෙන්නෙ. අක්කර 49ක මේ උද්‍යාන භූමිය කලාප 13කට වෙන් කරලා ඉදි කිරීම් කරනවා. මේ උද්‍යානය වටා තාප්ප නැහැ. සම්පූර්ණයෙන්ම විවෘතයි. එය වටා බයිසිකල් ධාවනය කිරීමට විශේෂ මං තීරුවක් සකස් කර තිබෙනවා. උද්‍යානයේ තිබෙන බුදු පිළිමයට අලංකාර මල් ආසනයක් සකසනවා. අලූතින් පොකුණු දෙකක් ඉදි වෙනවා. විදුලි බුබුළු 300කින් පමණ උද්‍යාන භූමිය ආලෝකමත් වෙනවා. දරුවන්ට විනෝද වීමට චීනයෙන් ගෙන්වූ අලූත්ම උපකරණ සවි කරනවා. පැරැුණි පාලම නවීකරණය කළා. වැව වටා ඉතාම අලංකාර ලෙස ‘පික්නික් හට්’ ඉදි කරනවා. ඒ වගේම නවීන පන්නයේ වැසිකිළි පද්ධතියකුත් ඉදි වෙනවා. පැය 24 පුරාම පැමිණෙන්නන්ට උද්‍යානය විවෘත කිරීමටත් අදහස් කර තිබෙනවා.”නෙළුම් පොකුණ අසලින් රාජගිරිය දක්වා විහිදෙන හෝර්ටන් පෙදෙස, කාසල් වීදිය මාර්ග අලූතින් කාපට් කෙරෙන අතර දෙපස පදික වේදිකා ද තණ පිඩලි අල්ලා විශේෂිත අලංකාර සිමෙන්ති ගල් අල්ලා නවීකරණය කිරීමට රට සුරැුකීමට දහදිය රුහිරු වැගිරූ රණවිරුවන් ඉදිරිපත් වීම ද අගය කළ යුතුය. බොරැල්ල ආයුර්වේද වටරවුමත් වැලිකඩ මංසන්ධියේ වටරවුමත් දර්ශනීය ආකාරයෙන් ඉදි වෙමින් තිබේ. රාජගිරිය පසු කර පාර්ලිමේන්තු පාර හරහා පැලවත්ත දක්වා දිවෙන මහා මාර්ගවල ද නවීකරණ කටයුතු කෙරෙයි. පාර්ලිමේන්තුවට ප‍්‍රවිෂ්ට වන ප‍්‍රවේශ මාර්ගය ද ලහි ලහියේ නවීකරණය වෙමින් තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් අලූතින්ම ප‍්‍රතිනිර්මාණය වන අනෙක් ව්‍යාපෘතිය බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියයි. රාජ්‍ය නායකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සාම්ප‍්‍රදායික ගමක ලක්‍ෂණ විදහා දැක්වෙන අයුරින් මානා ඉලූක් සෙවිලි කළ පැල්පත් ලෙස අපේ රටේ සාම්ප‍්‍රදායික දේශීය නිර්මාණකරුවන්ගේ නිර්මාණ අලෙවි වන අලෙවි කුටි 57ක් ඒ භූමියේ ඉදි වෙයි. ඊට අමතරව ලක්සල අලෙවි ශාඛාවක් ද එහි ඉදි වේ.
එම භූමියේම කෙළවරක තවත් අපූරු ව්‍යාපෘතියක් ඉදි වෙමින් තිබෙන අතර ඒ කුඩා සත්වෝද්‍යානයකි. රුපියල් මිලියන 10ක වියදමින් ඉදි වන මෙම ව්‍යපෘතිය බාරව කටයුතු කරනුයේ ව්‍යාපෘති ඉංජිනේරු විපුල වික‍්‍රමසිංහ මහතාය. මේ ඒ ගැන කරන ඔහුගේ පැහැදිලි කිරීමයි.
”මේ සත්වෝද්‍යානය ජනකලා කේන්ද්‍ර භූමියේ කෙළවරක අක්කර තුනහමාරක භූමි භාගයක් පුරා ඉදි වෙනවා. දියබල්ලා, ඉත්තෑවා, කුරුල්ලන්, මුවන් සහ අලින් මේ උද්‍යානයට ගෙනෙනවා. ඉබ්බන්, මාළුවන් වර්ග යෙ¥ පොකුණුත් මෙහි ඉදි වෙනවා. මීට අමතරව මේ භූමියට සංක‍්‍රමණික කුරුල්ලන්, සමනළයින් වැනි සතුන් ආකර්ශනය කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔවුන් ආකර්ශනය වන ගස් වර්ග යොදා ගැනීමටත් අදහස් කෙරෙනවා.
”උද්භිද විද්‍යාත්මක හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයෙන් තමයි මෙයට මුදල් අනුමත වෙන්නෙ. ඒ සඳහා නිමල් ලන්සා අමාත්‍යවරයාගේ පූර්ණ දායකත්වය ලැබෙනවා. කාලය පුරා ඇවිද යා හැකි ලීවලින් සකස් කළ මං තීරුවක් ද මෙහි ඉදි වෙනවා. පැමිණෙන අයට විවේකී සුවය උපරිමයෙන් වින්දනය කිරීමට අපි ඉඩකඩ සලසනවා. ඔවුන්ට කුරුලූ සන්දර්ශන නැරඹීමේ හැකියාවන් උදා වෙනවා. මේ සමුළුවෙන් පසුවත් මේවා අඛණ්ඩව නඩත්තු වන ක‍්‍රමවේදයකුත් සකස් වෙනවා. පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉදි කිරීම් කටයුතු බාරව ක‍්‍රියා කරනවා.”
සැබවින්ම මේ සියලූ ඉදි කිරීම් කොළඹ නගරයට ගෙන එන්නේ අපූරු ආලෝකයක්ය. හෙට දවසේ මෙහි පැමිණෙන රටවල් 53ක රාජ්‍ය නායකයන්ගේ සිත් සතන්හි සුන්දර රාජ්‍යයක සුවිශේෂී මතක සටහන් තැන්පත් වීම නියත බව මෙම අපූර්ව ඉදි කිරීම් දෙස බලද්දී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් බව කිව යුතුමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර අලංකරණය හොදයි. එහෙත් ජනතාවගේ ආකල්පද ධන පැත්තට වෙනස් කළයුතුයි. (නි)
රජයේ ඊනියා සංවර්ධනය වැඩිපුරම අගය කරන්නේ ලංකාවෙන් පිට ජීවත්වෙන බොහෝවිට විදෙස් රටවල පුරවැසිකම හිමි පුද්ගලයින් (නි)
සුසිල්, හැමදාම බඩගින්නේද ඉන්නේ? කන්න ඕනෑ නම් එන්න, අපි දෙන්නම් (නි)
මිනිස්සුට කන්න බොන්න නැතුව ඉන්න රටක් තව ණය අරගෙන කොළඹ හැදුවට වැඩක් වෙයිද? (නි)
මෙහෙම හරි රට ලස්සන වන එකට හැමෝම සතුටු වෙන්න ඕනෑ. කුහකකම් අත්හැරලා හොද දේවල් අගය කරන්න. අපේ රට මෙහෙම ලස්සන වෙනවා දකින්න අපි පින් කරලා තිබෙනවා. අපේ රටට දළදා හිමි සරණයි. (නි)
ගොඩක් හොදයි(නදී)
ඩුබායි හරි ලස්සන නගරයක්. කොළඹ ඊට වඩා ගොඩක් ලස්සන කරන්න පුළුවන් නගරයක්. ඒ බව ඇත්තයි (නි)
මේ සියලු දේ සිදුවන්නේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන්මද? සමුළුව දින 7ක් තිබුනට,මේ ලස්සන ව්‍යපෘති වල ප්‍රයෝජන ඔබට මට රටට ලැබෙනවා. හැබැයි මේ ගන්න ණය බරත් අපිම ගෙවන්න ඕනෑ. (නි)
ඩුබායි තිලක් ධනාත්මක අදහසක් දානවා කවදාවත් දැකල නැහැ. ගොන් කතාවක් කියල අනෙත් අයගෙන් ඉල්ලගන කන්න රුසියා. (ස)
කොළඹ හදන එක ගැන සතුටුයි. නමුත් ඒවායේ කල් පැවැත්ම ගැන නම් සැක සහිතයි. (නදී)
නමුත් ලක් රජයත් මහ ජනතාව ගැන සිතිය යුතුයි . ඔවුන්ව අපහසුතාවයට ලක් නොකර. (ස)
හැම අවුරුද්දකම ඔය වගේ දෙයක් ලංකාවේ තිබ්බොත් හොදයි.(නදී).
අපේ කම අගයන, රටට ආදරේ කරන පිරිසක් ඉන්න එක රටට ශක්තියක් හොද දේ දැකල නිහතමානිව අගය කරන ජාතියක් වැටෙන්නේ නැ.. ජය වේවා...(නදී)
සුප්‍රා, අතුල මිලානෝ... ගැන ආඩම්බරයි... මොකුත් නොකර අනුන්ට බැන බැන ඉන්න කකුල් දෙකේ හරක් තමයි වැඩිපුර ඉන්නේ... (ස)
ඔය තිලක් වගේ අය ලංකාවේ නැති එක ලංකාවට ලොකු භාග්‍යයක් (නි)
තිලක්,ඔබ වැනි අයට ඉතින් අනෙක් අය කකුල් දෙකේ හරක් තමයි (නි)
එතකොට අර බිලියන ගානක් වියදම් කරලා හම්බන්තොට හදපු අලුත් නගරයට මොකද වෙන්නේ? මොන වියදමක් දැරුවද ශාලාව එහෙම හදන්න? පිළිවෙලක් නැති තීරණ නිසා කොපමණ මුදලක් අපතේ ගිහින්ද? මුලින්ම කොළඹ නගරය සූදානම් කළා නම් කොච්චර හොඳද? එහෙනම් මුලින් දරපු බිලියන ගානක මුදලක් ඉතුරුයි නේද? (නි)
තිලක් ගේ කතාව හරියට හරි .... (ස)
මම හිතන් හිටියේ බත් කන කකුල් දෙකේ හරක් ලංකාවේ විතරි ජීවත් වෙන්නේ කියල,බලන් ගියහම මිලානෝ වලත් එන්නවනේ. (අ)
සුප්‍රා සහ අතුලගේ අදහස් හරිම හොදයි. අපිට ඕන කරන්නේ ඔය වගේ සිංහලයෝ තමයි.(නදී)
සුප්‍රා ඔබගේ අදහස ගොඩක් කාලෝචිතයි. ඇත්ත වශයෙන්ම මා හට රටට සේවයක් කිරීමට නොහැකි උනා. ප්‍රේමදාස භීෂණයෙන් දිවි ගලවාගෙන රටෙන් පිටවෙන්න සිදු උන නිසා .ලක්වැසි ශ්‍රමිකයිනි ඔබගෙන් නව රජය අපහසුතාවයට ලක් නොකර විය යුතු යුතුකම් ඉටුකරන්න ඔබලාට ජාති ජාතිත් පින් හා යෝධ බල ශක්තිය ලැබේවි.(නදී)
සියලු රැකියාවල්වල නියුතු මිනිසුනි , ගොඩ නැගෙන අපේ රට ස්ථාවර වීමට ඔබ සියලු දෙනා අවංකව තම තමුන් ගේ රැකියාවල් උපරිම වෙලාවක් , වඩා නිර්මාණශීලීව කිරීමට කැප වීම අනිවාර්‍ය බව හිතන්න. පවතින රජය විවේචනය කරමින් ගුණ දොස් හෙවිමට කල් ගැනීමට වඩා එය උතුම් පින් කමකි. (නදී)