IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


පානදුර මුහුදේ අබලන් නැව ජලයෙන් පිරෙයි

වසර හතරකට වැඩි කාලයක සිට පානදුර ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙන ටොමොප්ලෝ සියේරා නෞකාවට දැනටමත් ජලය පිරී ඇති බැවින් ඉන්ධන ටොන් 400 සමග එය මුහුදුබත් වීමේ අවදානමක් හටගෙන තිබේ. දැවිතෙල් ටොන් 400 ක් සහ යකඩ පයිප්ප ඇතුඑ ටොන් 20,000 ට ආසන්න භාණ්ඩ සහිත මෙම නෞකාව මේ වනවිට දැඩි සේ දිරාපත්ව ඇත. වම් පසට ඇලවී ඇති නෞකාවේ එන්ජින් කාමරයට සති දෙකක පමණ සිට ජලය ගලා එමින් තිබේ. එමෙන්ම එහි අංක තුන භාණ්ඩ ශාලාවේ ජලය ටොන් 1000 ට වඩා පිරී ඇති අතර තවත් ටොන් 3000 ක් පමණ පිරී ගියහොත් නැව මුහුදේ ගිලී යනු ඇත. නැව ගිලී යාමේදී නැවේ ඇති බොර තෙල් මුහුදුට නිදහස් වුවහොත් සිදුවන්නේ මහත් විනාශයකි. බස්නාහිර හා දකුණු දිග වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශවී යාමට එය හේතුවනු ඇත. ටොමොප්ලෝ සියේරා නමැති මෙම නෞකාව සයිප‍්‍රසයට අයත්වූවකි. 2007 වසරේ ජූලි මාසයේදී අලූත්වැඩියා කටයුතු සඳහා මෙරටට පැමිණි අවස්ථාවක එහි කාර්ය මණ්ඩලය නැවේ කපිතාන් වරයාට එරෙහිව මෙරට වාණිජ අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් ශී‍්‍ර ලංකාව ආසන්න මුහුදේ නැව මෙලෙස නැංගුරම්ලන ලදී. ඉන් පසු නැව අයත් සමාගම මෙරට නාවික කටයුතු ආයතන කීපයකට එරෙහිව වන්දි ඉල්ලා සිටීම හේතුවෙන් නැව තවදුරටත් මෙරට මුහුදු සීමාවේ ම තබා ගැනීමට සිදුවිය. 1985 නිෂ්පාදිත මෙම නෞකාව පුරා වසර පහක කාලයක් මහ මුහුදේ එකම තැන තිබීම හේතුවෙන් දිරාපත්ව තිබේ. එහි යන්ත‍්‍ර, බඳ මෙන්ම නැංගුරම් ආදිය පවා දිරාපත්ව ඇති අතර එය කිසිසේත්ම සේන්දු කළ හැකි තත්ත්වයේ නැත. මෙම නෞකාවේ සේවකයන් මේ නැවෙන් ඉවත්ව ගිය අතර නැව පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය වෙළෙඳ නෞකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරිණි. ඒ අනුව රජය විසින් නැවට සේවකයන් යොදවන ලද අතර ඔවුන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් කණ්ඩායම් කිහිපයක් විවිධ අවස්ථාවලදී නැව හැරගොස් තිබේ. නැව වෙන්දේසි කිරීම සඳහා වාණිජ මහාධිකරණයෙන් අවසර ලැබී ඇත. එහෙත් මේ සඳහා ගැනුම්කරුවකු ඉදිරිපත් වේද යන්න ගැටලූවකි. පසුගිය නොවැම්බර් මාසයේ සිට නැව ගැන විශේෂ අවධානයෙන් පසුවන සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ නිරිත දිග මෝසම් සුළං සකී‍්‍රය වීමට පෙර නැව පානදුර වෙරළ ආසන්නයේ සිට නැගෙනහිර වෙරළ දෙසට ගෙනයාමට අපොහොසත් වුවහොත් නැව විනාශ වී යනු ඇති බවයි. 2008 වර්ෂයේ සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අංක 35 දරණ පනතේ 24 වැනි වගන්තිය යටතේ සමුද්‍ර දුෂණයක් සිදුවිය හැකි යැයි පැහැදිලි සාක්ෂි ඇති  ඕනෑම අවස්ථාවක එය වැළැක්වීම පිණිස  ඕනෑම පියවරක් ගැනීමේ බලය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සතුව ඇත. එම කාර්යය මාස්ටර් ඩයිවර්ස් ආයතනයට පැවරිණි. එහෙත් මේ දක්වාම නැව පානදුර මුහුදේ නැංගුරම් දා ඇති අතර එය දැන් ගිලී යමින් පවතී. මේ වනවිට නෞකාවේ සිටින සේවකයන් සංඛ්‍යාව පහකි. රජය මගින් ඔවුන් ඒ සඳහා යොදවා ඇතත් ඔවුන්ට දැන් ආහාර හෝ නොලැබීමේ ඛේදජනක තත්ත්වයකට පත්ව ඇත. ඇතැම් විට සතියක කාලයක් ආහාර සඳහා ඔවුන්ට ලැබෙන්නේ කොස් හා පොල් ගෙඩි කිහිපයක් පමණි. දිරාපත්වීම නිසා තට්ටුව මත ඇවිද යා නොහැකි තත්ත්වයට පත්ව ඇති නෞකාවේ සේවය කරන මේ පස් දෙනාට නැව ගිලී යන්නේ නම් සිය ජීවිතය ගලවා ගැනීමේ ආරක්ෂක ක‍්‍රමයක් හෝ නොමැති වීම ගැටලූවකි. ආහාර හෝ ඖෂධ නොමැතිව ජීවිත අවදානමට මුහුණ පා සිටින මේ පිරිස අතරින් කිහිප දෙනෙක් රෝගාතුරව සිටිති. මෙම නෞකාව හා එහි තත්ත්වය පිළිබඳ වෙළඳ නාවුක කටයුතු අධ්‍යක්ෂ ජනරාල් මාර්ෂල් අජිත් සෙනෙවිරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය. නැවේ තෙල් ඉවත් කිරීමේ කාර්යය අපි පටන් ගත්තා. වෙනත් යාත‍්‍රාවක් එම ස්ථානයට යවා නැවේ තෙල් ඉවත් කරනවා. දැන් නැව පවතින දුර්වල තත්ත්වය නිසා තෙල් තිබියදී නැව ඇදගෙන යා නොහැකියි. නැවේ තෙල් මුහුදට එකතු වුවහොත් විශාල පාරිසරික හානියක් සිදුවනවා. එය වැළැක්වීමට අවශ්‍ය මූලික පියවර අරගෙන තියෙන්නේ. ඒ වගේම දැන් නැව ඇතුළට ජලය කාන්දුවීම වැළැක්වීමටත් අවශ්‍ය පියවර ගත්තා. දිරාපත්ව දුබලව ඇති නැවෙන් ලැබෙන තොරතුරු අනුව මෙම කාර්යය ලිපිය ලියන බ‍්‍රහස්පතින්දා වන විටද ආරම්භ කැර තිබුණේ නැත. නැවට මුහුදු ජලය ගලා ඒම දිගින් දිගටම සිදුවෙමින් තිබිණි. මේ තත්ත්වය දිගටම පැවතියහොත් තෙල් ටොන් 400 ක් පමණ පානදුරය ආසන්න මුහුදට එකතු කරමින් එය මුහුදු පත්ලේ ගිලී යනු ඇත. ඉන් සිදුවන පාරිසරික හානිය සීමා මායිම් නැත.

සජීව විජේවීර
ජලය පිරුණු එන්ජින් කාමරයේ කොටසක් දිරාපත්වූ කොටස් දිරාපත්වූ කොටස්



අදහස් (7)

පානදුර මුහුදේ අබලන් නැව ජලයෙන් පිරෙයි

අලිබබා Sunday, 10 June 2012 12:50 PM

අපරාදේ මෙ යකඩ අපරාදේ. දැන් දිරලයි තියෙන්නේ. මෙයට පෙර මෙම යකඩටික විකුණලා මුදල් කලානමි දුප්පත් මනුෂ්‍යයකුට ‍නිවසක් හදලා දෙන්න තිබිබා.

:       0       1

කසුන් Tuesday, 12 June 2012 06:28 AM

මේ නැව ඉක්මනට නවීකරණය කරා නම් රටට වැඩක් ගන්න තිවුනා..

:       0       1

සිසර Tuesday, 12 June 2012 02:02 PM

සමහරැන්ට නැව ගිලුනත් බෑන් චූන්...

:       0       1

සුරංග Sunday, 12 August 2012 04:24 AM

කමක් නැහැ අබලන් නේ. (නි)

:       0       1

විමල් Monday, 11 June 2012 10:22 AM

හොරුන්ට දුන්නනම් තෙල් ටික බා ගනියි. යකඩ ඔක්කොමත් ගලවල විකුණයි. මම දන්න යකඩ හොරෙක් ඉන්නව..

:       1       1

සමීර Saturday, 16 June 2012 09:39 AM

යකඩ ටික කාටහරි දෙන්න තමා වෙන්නෙ.. මොකද හොරැ යකඩවලට නැව විකුණයිද දන්නෙ නෑ..

:       0       1

සුජීව Sunday, 10 June 2012 06:45 PM

නැව ගිලුනට පස්සේ UNP එකයි JVP එකයි පාරට බහී

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1212 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 1378 3

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 389 3

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 664 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 137 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 737 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 598 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site