පානදුරය ඉතිහාසයට එක්වන්නේ 1873 වසරේ පැවති පානදුරාවාදය නිසාය. මිසදුටුවාදීන් පරාජයට පත්කරමින් අවසන්වූ පානදුරාවාදය නිසා රටේ මහා බෞද්ධ ප‍්‍රබෝධයක් ඇතිවිය. එවැනි බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති කිරීමට සමත් වූ ඓතිහාසික පානදුරය නගරයේ හරක් මස් කඩයක් පවත්වාගෙන යාම කොහෙත්ම ගැළපෙන්නක් නොවන බව පානදුර අභය කරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති දඹගස්ආරේ චන්ද්‍රසිරි නාහිමියන් හා විහාරාධිකාරී නාකුළුගම චන්දිම හිමියන් කල්පනා කළ අවස්ථා නම් බොහෝය.
මරණයට කැපවී සිටින ගවයන් රැසකට රැකවරණය ලබාදීම වසර 15 ක පමණ කාලයක් තිස්සේ සිට පානදුර අභය කරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානය මගින් කරගෙන යයි.
රට තුළ මහා බෞද්ධ ප‍්‍රබෝධයක් ඇතිකිරීමට සමත්වූ පානදුර නගරයේ හරක් මස් කඩයක් තවදුරටත් පවත්වාගෙන යාම පානදුරාවාදයට නායකත්වය දුන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ඇතුළු ඒ සඳහා දායකත්වය ලබාදුන් ගරුතර භික්ෂූන් වහන්සේලාටත් කරන ඉමහත් අගෞරවයක් නිසා ඒ වැරැද්ද දැන්වත් නිවැරදි කිරීමට මේ යතිවරයන් දෙදෙනා අධිෂ්ඨාන කරගත්හ.
ප‍්‍රදේශයේ අති බහුතරයක් ජනතාවටද වුවමනාවී තිබුණේ මේ හරක් මස් කඩය කෙසේහෝ වසා දැමීමටය.
පානදුර නගරයේ පිහිටි පොදු වෙළඳපොළේ දශක ගණනාවක සිට පවත්වාගෙන යන හරක් මස් කඩය මේ වන විට වසා දමා ඇත.
මේ මස් කඩය වසා දැමීමට ලොකු වෙහෙසක් දැරීමට සිදුවී ඇති අතර ඒ සඳහා සුවිශේෂ උපක‍්‍රමයක්ද යොදාගැනීමට සිදුවී තිබේ.
පානදුර පොදු වෙළෙඳපොළේ පිහිටි මේ හරක් මස් කඩය වසාදැමීමට නායකත්වය දුන්නේ දඹගස්ආරේ චන්ද්‍රසිරි නාහිමියෝය. ඒ නිසා ඒ කතාව අපි චන්ද්‍රසිරි නාහිමියන්ගේ වචන වලින්ම අසා දැනගනිමු.
|
චන්ද්‍රසිරි හිමි |
|
චන්දිම හිමි |
පානදුරේ පොදු වෙළඳපොළේ තියන මේ මස් කඩය කොහොම හරි වසා දැමිය යුතු බවට අපි තීරණයක් ගත්තා. නමුත් ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අප තේරුම් ගත්තා. මෙය වසා දැමීමට අප ඉදිරියේ තිබෙන ලොකු අභියෝගයක් වුවත් ඒ අභියෝගය ජයගත යුතු බව අධිෂ්ඨානය කරගත්තා. යහපත් චේතනාවකින් කරන දෙයක් නිසා මේ අභියෝගය කෙසේ හෝ ජයගත හැකිවන බව අපට සිතුණා. පානදුරාවාදය නිසා ඉතිහාසගතවී ඇති නගරයක හරක් මස් කඩයක් තිබීම කිසිසේත්ම සුදුසු නොවන නිසයි කෙසේ හෝ මේ මස් කඩය වසා දැමිය යුතු බවට අප තීරණය කළේ.
ඊට පස්සේ විජිත හාමුදුරුවොයි මමයි මේ මස් කඩය වසාදැමීමේ ඇති වැදගත්කම ගැන පානදුරේ අනෙකුත් විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් ද දැනුම්වත් කළා. උන්වහන්සේලාත් අපිට උපරිම සහයෝගයක් මේ මහඟු කටයුත්ත සඳහා ලබාදෙන්න කැමැත්ත ප‍්‍රකාශ කළා. විහාරාධිපති හිමිවරුන් මේ වැඬේට සහාය දෙන්න කැමැත්ත ප‍්‍රකාශ කිරීම අපිට ලොකු ශක්තියක් වුණා.
අපේ විහාරස්ථානය ඇතුළු පානදුර ප‍්‍රදේශයේ තියෙන විහාරස්ථාන 36 ක විහාරාධිපති හිමිවරුන්ගේ අත්සනින් පානදුර නගර සභාවට පෙත්සමක් ඉදිරිපත් කළා. මේ හරක් මස්කඩය වසාදමන්න කටයුතු කරන්න කියා. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීම්ද කරනු ලැබුවා. සමහර මන්ත‍්‍රීවරුන් මේ හරක් මස් කඩය වසා දමන්න කැමති වුණා. තවත් සමහර මන්ත‍්‍රීවරුන් හරක් මස්කඩය වසා දමන්න අකමැති වුණා.
මොන ප‍්‍රශ්න අභියෝග පැමිණියත් මේ හරක් මස් කඩය වසාදැමීමේ කටයුත්ත ඉදිරියටම ගෙන යාමට දඹගස්ආරේ චන්ද්‍රසිරි නාහිමියන් හා නාකුළුගම චන්දිම හිමියන් ගත් තීරණය අධිෂ්ඨානය අතහැරියේ නැත.
හරක් මස් කඩය වසා දමනතෙක් කුමන බාධක පැමිණියත් නොසැලී නොපසුබටව කටයුතු කිරීමට තීරණය එලෙසට ක‍්‍රියාත්මක කිරීමට මේ හිමිවරුන් දෙදෙනා අපූරු උක‍්‍රමයක් යොදා ඇත.
දශක කිහිපයක් තිස්සේ පවත්වාගෙන එන මේ හරක් මස් කඩය වසා දැමීමේ පසුබිම වට පිටාව සකස්කිරීම සඳහා යොදාගත් ඒ උපාය ගැන තොරතුරු හෙළිකරමින් චන්ද්‍රසිරි හිමියෝ මෙසේ පැවසූහ.
පානදුර නගර සභාව මේ හරක් මස් කඩයට ටෙන්ඩර් කැඳෙව්වා නම් අපත් ටෙන්ඩර් පතක් දාලා කොහොම හරි හරක් මස් කඩය ගන්න. හරක් මස් කඩයට ටෙන්ඩර් කැඳවා ඇති බවට නගර සභාව ප‍්‍රසිද්ධියට පත්කළා. අපේ දායක මහත්තයකුගේ නමින් රුපියල් 385,000 ක පමණ මුදලක් මස් කඩය බදු ගන්න ටෙන්ඩර් පතක් ඉදිරිපත් කළා. මේ බව දැනගෙන තවත් මස් කඩයට ටෙන්ඩර් දාලා තිබුණ පාර්ශ්වයකින් අපේ දායක මහත්තයාට තර්ජන ආවා. මොන තර්ජන ගර්ජන ආවත් ඒ මහත්තයා බයවුණේ නැහැ. අපේ දායක මහත්තයාට ටෙන්ඩර් අස්කරගන්න කියා අවස්ථා ගණනකදීම තර්ජන ගර්ජන එල්ලවුණත් එයා ඒ ටෙන්ඩර් එක ඉල්ලා අස්කරගත්තේ නැහැ.
හරක් මස් කඩයට වැඩිම ටෙන්ඩරය අපෙන් නිසා මස් කඬේ කරන්න අවසරය අපේ දායක මහත්තයාට ලැබුණා. දායක මහත්තයා ඒ මස් කඩය වසා දමා තිබෙනවා. අපි යෙදු උපක‍්‍රමය නිසා තමා හරක් මස් කඩය මේ විදිහට වසාදමන්න පුළුවන්කම ලැබුණේ. එහෙම දෙයක් නොකරන්න මස්කඩය අදටත් විවෘතකර තිබෙනවා. මේ කටයුත්තේදී පානදුර නගර සභාවේ මහේෂ් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමාගෙන් ලොකු සහායක් මුල සිටම අපට ලැබුණා.
පානදුර නගර සභාවට මස් කඩයේ ටෙන්ඩරය ලබාගැනීමේ මුදල් ගෙවීමට අදාළව ලියුම් කියුම්වලට අප අත්සන් කර තිබෙනවා. නගරාධිපති නන්දන ගුණතිලක මහත්තයා ඇතුළු මන්ත‍්‍රීවරු කණ්ඩායම මේ මුදල අපෙන් ලබානොගැනීමට හැකියාවක් තිබෙනවාද කියා සොයා බලමින් සිටිනවා. තවම ඔවුන් රුපියල් 385,000 ක මුදල අපෙන් ලබාගත්තේ නැහැ.
අප මේ කළේ උතුම් පුණ්‍ය කටයුත්තක් බව තේරුම් අරගත්තු නිසා නගරාධිපතිතුමා ඇතුළු මන්ත‍්‍රීවරුන් අපට සහනයක් දෙන්න තමා උත්සාහ කරන්නේ. නගරාධිපතිතුමා ඇතුළු සියලූම මන්ත‍්‍රීවරුන්ට සියලූ භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා. අපි නගර සභාවට ගිහින් ඒ සියලූදෙනාට පිරිත් නූල් පවා ගැට ගැසුවා. යැයි චන්ද්‍රසිරි හිමියෝ පැවසූහ.
මේ හරක් මස් කඩය ලබාගැනීමට ටෙන්ඩරය ඉදිරිපත් කළ මුල් කාලයේ අපේ දායක මහත්තයාට තර්ජන ගර්ජන තිබුණත් දැන් ඒ කිසිම තර්ජන ගර්ජනයක් නැහැ. යැයිද උන්වහන්සේ පැවසූහ.
මසට විකුණා ඇති ගවයින් බේරාගෙන රැකවරණය ලබාදෙන අපේ මේ පන්සල ගැන ඉරිදා ලංකාදීපයේ විශේෂ ලිපියක් පළවුණාට පස්සේ ඒක දැකලා පානදුරේ පදිංචි රවීන්ද්‍ර ෆොන්සේකා කියලා දානපතියෙක් වලාන ප‍්‍රදේශයෙන් එයාට අයිති අක්කරයක ඉඩමක් ගව අනාථාගාරයක් පවත්වාගෙන යන්න පරිත්‍යාගකර තිබෙනවා. ඒ ඉඩමේ ඔප්පුව පරිත්‍යාග කිරීම ලබන 26 වැනිදාට යෙදෙන පොහොය දිනයේ කෙරෙනවා. දානපති ෆොන්සේකා මහත්තයාටත් අපේ පන්සලෙන් කරගෙන යන පුණ්‍ය කටයුත්ත රටට හෙළිකළ ඉරිදා ලංකාදීප පත්තරයටත් අපේ විශේෂ ස්තුතිය පුදකරනවා. යැයිද දඹගස්ආරේ චන්ද්‍රසිරි හිමියෝ අවසාන වශයෙන් කීහ.
පානදුර නගරයට දැන් ගව මස් කඩයක් නොමැත. ඒ නිසා අහිංසක ගවයන්ගේ මස් තළු මර මරා කෑමට ගිජුකමක් දැක්වූවන් පිරිස අපහසුවට පත්ව ඇතත් ප‍්‍රදේශයේ බහුතර ජනතාව මේ නිසා ලොකු අස්වැසිල්ලක් ලබති. උද්ඝෝෂණ විරෝධතා නොපවත්වා බුද්ධිමත්ව උපායශීලීව කටයුතු කිරීම නිසා පානදුර පොදු වෙළඳපොළේ කාලාන්තරයක් මුළුල්ලේ සිට පවත්වාගෙන ආ හරක් මස්කඩය අද වැසී ගොසිනි. එහි ගෞරවය නිතැතින්ම හිමිවිය යුත්තේ මේ සඳහා නායකත්වය දුන් දඹගස්ආරේ චන්ද්‍රසිරි හිමියන්ට හා නාකුළුගමුවේ චන්දිම හිමියන්ටය. මොනතරම් තර්ජන ගර්ජන තිබුණත් මස්කඬේට ටෙන්ඩරය දැමීමට ඉදිරිපත්වූ ඒ දායක මහතාටද ඒ ගෞරවය හිමිවේ.
පානදුර ගොරකපොල මේනක කවිංග මුතුන්ත‍්‍රි මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. නියමයි. (නි)
පානදුරේ ගණිකා නිවාසත් සෑහෙන්න තියෙනවා. පුළුවන් නම් ඒ ගැනත් බලන්න. (නි)
කුකුළු මස් කඩ එළු මස් කඩ පව් (නි)
ඕන දෙයක් කියන්න. කුවේට් වල ඉන්න අපි රට වෙනුවෙන් පන වුනත් දෙනවා. ඔහොම යමු. (ස)
ඕන දෙයක් කියන්න කුවේට් ඉන්න අපි රට වෙනුවෙන් පන වුණත් දෙනව ඔහොම යං (අ)
අපට තිබුන එකම ප්‍රශ්නේ ඕකද?(නදී)
හරක් මස් වලට විරුද්ධ වෙමු. ස්ත්‍රී දූෂණ , මැරකම්, හොරකම්, වංචා දූෂණ, මානව හිමිකම් කඩවීම් නොදැක්කා සේ ජීවත් වෙමු. (ස)
ඒ වගේම ධර්ම රාජ්‍යයක් කරන්න පානදුර තියෙන අරක්කු තැබෑරුම් ටිකයි ඌරු මස් කඩයි බදුගෙන වහලා දැම්මා නම් උතුම් ආදර්ශයක් වෙනවා හාමුදුරුවනේ. (නි)
මේ යතිවරුණට උදව් කළ සැමට ජාතියේ ප්‍රණාමය (ස)
මෙම පුණ්‍යකර්මයට සහභාගී වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි. (ස)
හොඳ අදහසක්. මෙයට සහභාගී වූ හැමට තෙරුවන් සරණයි. (ස)
මේ පින්කමට වචනයකින් පවා දායක වූ ඔබ සැමට මගේ හර්දයන්ගම ප්‍රණාමය. ඔබ සැමට තෙරුවන් සරණයි (අ)
සත්තු මරන්න නම් එපා (දී)
ඉතාමත් වටිනා වැඩක් හාමුදුරුවනේ (දී)
ඔබ වහන්සේලා මතු බුදු වෙනවා (දී)
හාමුදුරුවනේ කුකුල්මස් කඩේ ඌරු මස් කඩේ කෙරුවට කමක් නැද්ද. ඒවත් වහලා දාන්න.(නදී)
මේ යහපත් ක්‍රියාව ගැන දක්වන අදහස් හරි පුදුමයි. අපේ රටේ තියන සියලුම ප්‍රශ්න වලට විසදුම් සොයන්න මේ යතිවරුන්ට බැහැ. උන්වන්සේලාට පුළුවන් දේ තමයි මේ කරලා තියෙන්නේ. හැමෝම තමතමන්ට පුළුවන් දේ කරනකොට තමයි සමාජය යහපත් වෙන්නේ. අඳුරට බැන බැන ඉන්නවාට වඩා එක පහනක් දැල්වීම උතුම්. (නි)
ඒ වගේම ධර්ම රාජ්‍යයක් කරන්න පානදුර තියෙන අරක්කු තැබෑරුම් ටිකයි ඌරු මස් කඩයි බදුගෙන වහලා දැම්මා නම් උතුම් ආදර්ශයක් වෙනවා හාමුදුරුවනේ. ඒවගේම මාළු කඩත් කරවල කඩත් ආදියත් වසා දමන්න. (ස)
නමුත් නූතන කුකුල්ලු වෙජිටේරියන් ආහාරයකි. (නි)
මේ පිනෙන් ඔබ වහන්සේලා මතු නිවන් දකිත්වා (දී)
නගර සභාවෙන් සල්ලි අයකළොත් කියන්න සම්පූර්ණ මුදල මම දෙන්නම්.(නදී)
රමණි, එපා එපා මස්කන්නට කිරි අම්මාගේ.(නදී)
එක ලෙඩකට බෙහෙත් අරගත්හාට ශරීරයේ සියලු ලෙඩ සුව වන්නේ නැහැ, නමුත් අපේ ස්වාමීන්වහන්සේලා එක ලෙඩක් සුව කර ඇත,ඒ ගැන සිත සතුටු වන්න,පිංකමට දායක වු සැමට පින්!!! (අඳුරට බැන බැන ඉන්නවාට වඩා එක පහනක් දැල්වීම උතුම්.)(නදී)
සත්තු මරණ එක නවත්වන්න (දී)
ඒ වුණාට අපේ සමහර හාමුදුරුවන් පිංකම් ගෙවල්වලට එන්න කලින් ලිස්ට් එකක් දෙනවා. ඒකේ නම් හරක් මස් , විස්කි , සිගරට් සහ අරක්කුත් තියෙනවා. ඒවා නැත්නම් එන්නේ නැහැ. වැඩියෙන්ම අරක්කු බයිට් වලට හරක් මස් කන්නේ අපේ සිංහල අයයි. (නි)
ජාතික වගකීමක් (දී)
මෙවන් වැඩ අපි අගය කරන්න ඕනේ (දී)
ඇයි හාමුදුරුවනේ දැන් මේ උද්ඝෝෂණ? (නි)
මෙන්න තවත් ජනප්‍රිය තාලේ සංදර්ශනයක් (ස)
නීතිවිරෝධී අපරාධ අනන්තවත් තිබියදී ඇයි මේ නීත්‍යානුකූල ව්‍යාපාර වලට බාධා කරන්නේ? (නි)
අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේලාට අභියෝග කරනවා පුලුවන් නම් ඔය මස්කඩ වැසුවා සේම මහනුවරට ඇවිත් දළඳා වහන්සේ වටා ඇති තැබෑරුම් ටික වහන්න කියලා. නමුත් එය ඔබ වහන්සේලාට කළ නොහැක. පුලුවන් නම් කරලා පෙන්නන්න, මම බුද්ධාගම වැලඳගන්නවා. (නි)
මහගු පුණ්‍යකර්මයක්. (නි)
ඉත ශ්‍රේෂ්ට වැඩක් (දී)
අර ගල් ගහන ඒවා නවත්වන්න කවුරුවත් නැද්දෝ? (නි)
මෙන්න හිමිවරු (දී)
ඇයි අර අලි මැරිලා වැටෙන ඒවා? ඒවාටත් යමක් කළ යුතුයි. (නි)
අපිටත් ආදර්ශයක් මේක (දී)
මෙන්න තවත් ජනප්‍රිය සංදර්ශනයක්.. මෙච්චර අපරාද වෙද්දී මෙතුමන්ලට තියෙන ප්‍රශ්නේ හරක් මස්. (ස)
අනෙක් සත්ව ඝාතකාගාරත් වසා දමන්න අපි මේ හිමි වරු සැමග එකතු වෙමු (දී)
පානදුරේ අරක්කු තැබෑරුම් කීයක් තියෙනවද? බුදු හාමුදුරුවෝ දේශනා කළේ නැහැ හරකට අභය දානයත් කුකුළට, ඌරට , එළුවට මරණයත් දෙන්නය කියලා. ෆුඩ්සිටියට ගියහම ඕනෑ මසක් ගන්නට පුළුවන්. මනුස්සයෙක්ව සැබෑ බෞද්ධයෙක් කළහැක්කේ උපක්‍රමයෙන් හෝ නීතියෙන්ද? නැත්නම් දහම් දේශනා කර සිත් දියුණු කිරීමෙන්ද? පානදුරේ අරියදම්ම හාමුදුරුවෝ කරපු යහ ක්‍රියා අමතකද? එතුමා පානදුරයේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකළේ දහමෙන් මිස උපක්‍රමයෙන් නෙමෙයි. (නි)
මේ වගේ හිමි වරු මතු බුදු වෙනවා (දී)
සත්තු කීදෙනෙක්ට අභය දානය ලැබුනද (දී)
මතු බුදුවෙන පිනක් මේ (දී)
මෙවන් දේවල් අපි අගය කරන්න ඕනේ (දී)
ඉතා අගය කලයුතු වැඩක් (දී)
හරකා, ඌරා, කුකුලා, මාළුවා අතර ඇත්තේ ප්‍රමාණයේ වෙනසක් පමණයි. පනකෙන්ද කොයි කාගෙත් එකයි. ඒ නිසා වහනවා නමි මේ සියළුම මස් කටඩ වැසිය යුතුයි.(නදී)
උම්බලකඩවත් නොකා ඉන්න මනස හදාගන්න පුලුවන් කියෙන් කීදෙනත්ටද?(නදී)
පානදුරේ සුපෙර්මර්කෙට් වල තියෙන්නේ.(නදී)
උන් වහන්සේලා ඒ පින හරි කරගත්තා. ඒත් ඒ පිනට හූල්ලන අභියෝග කරන අයට හැමදාම පුළුවන් විවේචනය කරන්න විතරයි. .අනික උන් වහන්සේලා රටේ වෙන හැම නරක දේම නවත්තන්න ඕනි කියල එකක් නැනේ? ඔය නහයෙන් අඩන සූකිරිලා, ශේරිෆ්ලට කොන්දක් තියෙනවනම් අනුන්ට කෑ ගහන් නැතිව පිරිමි වගේ ඒවා නවත්තල පෙන්නන්න. පිරිමියෙක් නම් අභියෝගේ භාර ගනියි. බුදු සරණයි!(නදී) .
හොදයි..!(නු)
අරක්කු නතර කරනු! කස්සිපු නවත්වනු! එහෙනම් ඔබට සාදු කිය හැක. මින් පමණක් සෑහීමකට පත්විය නොහැක. (නි)
ඌරු මස් පානදුරේ ගිනි ගණන්. (නදී)
හොද දේ අගය කරන්න පුරුදු වෙන්න.(නදී)
හාමුදුරුවරු කලේ එයාලට පුළුවන් දේ. මම එක අගය කරනවා. අපිත් අපිට පුළුවන් මට්ටමින් මේවා නවත්තමු.(ස)
ෂෙරිෆ්, ඔබ කියන ආකාරයට තැබෑරුම් වහන්න බැහැ. ඔයාට බුද්ධාගම වැළද ගන්න ඕනෑ නම් කව්රුවත් මොනවත් කරනකල් ඉන්න ඕනෑ නැහැ. අපි කාවවත් බලෙන් ආගමට හරවා ගන්නේ නැහැ. එය ඔබ සිත තුලින්ම පැමිනිය යුතු දෙයක්. (නි)
මට නම් පෙනෙන්නේ මේක අනුවණ කටයුත්තක් ලෙසයි. (නි)
ලයනල් ඒවා ගැන බලාගන්න අපේ කාදිනල් තුමා ඉන්නවා.(නදී)
අපොන්සු ඔයාගේ කතාව හරි. මෙයාලට උත්තර දෙන්න ඕනේ ඔන්න ඔහොමයි.(නදී)
අනේ මගේ රටේ හැම මස් කඩයක්ම වහෙනවානම් මම නියම බුද්ද සිංහලයෙක් කයල දැනෙනවා. මෙයට සහභාගී වුන හැමෝටම සෞදිවල ඉන්න මගේ නමස්කාරය. (ත)
නිල්මිණි, තැබෑරුම් කරන්නේ වැඩිපුර සිංහල කට්ටිනේ. (නි)
කොච්චර නුගත් මිනිස්සු ඉන්නවද? දාලා තියෙන අදහස් කියෙව්වම තේරෙන්නේ. හුගාක් අය හිතන් ඉන්නේ මේ හාමුදුරුවරු දෙන්න මාර්ගඵල ලබපු අයකියලා. නැත්නම් හැම මස් කඩයක්ම, ගණිකා මඩමක්ම,කරවල කඩයක්ම එකපාර වහන්න කියලා කියන්නේ කව්ද? (නි)
මේක හොද දෙයක් වෙන්නේ කොහොමද? බෞද්ධයෝ මස් කෑම කළත් සත්තු මරණ එක හොද නැතෙයි කියලා විශ්වාස කරනවා වගේම සමහර අය සතුන් ආහාරයට දෙවියන් විසින් දුන් දෙයක් විදියට සලකනවා.ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේක ආගමික විශ්වාසයක්.හෙට කවුරු හරි ජිනිවා ගිහින් කිවුවොත් මෙයාලගේ ආගමික විශ්වාස වලට බාධා කරනවා කියලා මොකද වෙන්නේ. (නි)
මෙතන අදහස් දමන අය තේරුම් ගත යුතුයි ගරු ස්වාමීන් වහන්සේලාට හැම දේකටම අත පෙවිය නොහැකි බව. පියවරින් පියවර උන් වහන්සේලා ඉදිරියට ඒවි. (ස)
හරක්මස් නොකන්නේ හින්දු ආගමිකයෝ. අපේ හාමුදුරුවරු හෙම දෙයක්ම කරනවා එත් බුදු රජාණන් වහන්සේ කරන්න කියල දේශනා කරපු දේවල් කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. (අ)
අයි මේ හාමුදුරුවෝ හැම එකටම අත දන්නේ. වෙළද ව්‍යාපාර කරන්න හාමුදුරුවන් ගෙන් අවසර ඕනද.මේ කරන්නේ සුපිරි වෙළද සල වල කොන්තරක් ඉස්ට කිරීමක් ද .මෙහෙම මස් කඩ වැහුවම මිනිස්සුන්ට වෙන්නේ සුපිරි වෙළද සල් වලින් වැඩි ගානට මස් ගන්න. (අ)
මේ කරන්නේ ලොකු සුපිරි වෙළද සල් වලට වෙළදාම වැඩි කරන ඊනියා කොන්තරක්. (අ)
සුපිරි වෙළද සල් වලින් කියක් ලැබුනද... මේ වැඩේට... (අ)
පරාර්ථකාමී බෞද්දයෝ මේ වගේ බලන්සේ වැඩ කරන්නේ නෑ.හරි හෝ වැරදි වේව සමහර ආගම විස්වාස කරනවා සත්තු මවල තියෙන්නේ කමටයි කියල. බෞද්දයෝ ඕන නම් නොකා ඉන්න.නමුත් එහෙම විස්වාසයක් දරන කෙනෙක්ට කනවා හැර විකල්පයක් නැනේ. (අ)
මේවගේ වැඩ වලින් වෙන්නේ එකම ජාතියක් හෝ ආගමක් අදහන පිරිසක් තමන්ගේ විස්වාස රකිම සදහා එක ප්‍රදේශයකට තව තවත් එකතු වීම.දැන් කාටවත් මීගමුවේ ගිහින් මේවා කරන්ට බැනේ. එහෙම වුණාම රටේ සංස්කෘතික පරතරේ තවත් වැඩි වෙනවා. (අ)
අහිංසක සත්තු මරණ එක පවක් කියන එක ආගම, ජාති භේදයකින් තොරව පිළිගත යුතු කාරණයක්. කුහකකමින් ඔලුව පුරවා ගන්නේ නැතුව, කවුරු කළත් හොද දෙයක් අගය කරන්න අපි නිහතමානී වෙන්න ඕනෑ. මේ උතුම් කටයුතු කළ ඔබ වහන්සේලා ඇතුළු සහය දුන් සියලු දෙනාට ජාති ජාතිත් පින් ලැබේවා. (නි)
හොද වැඩක් කිරීම අප අනුමත කල යුතු වෙනවා. කෙනෙක්ට කල හැකි උපරිමයක් තියෙනවා. (ස)
කව්රු උනත් හොද වැඩක් කලාම අනුමත කල යුතු වෙනවා. කෙනෙක්ට කරන්න පුළුවන් උපරිමයක් තියෙනවා. දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතන්න තමන්ට එවැනි දෙයක්වත් කරන්න පුලුවන්ද කියල.(ස)
මේ උතුම් ක්‍රියාවට මූලිකත්වය දුන් සියලුම ස්වාමින් වහල්න්සේලාත් අනිකුත් සියලුම දෙනාටත් මගේ ප්‍රණාමය ! (ස)
දැන් සුපර් මාර්කට් එකට වෙළදාම සරු ඇති. (නි)
කෝවිලෙත් බිලි පුජා තියනවා, ක්‍රිස්තියානි පල්ලියේත් එක්තරා කාලෙකට ආගමික උත්සව සදහා ඌරන් මරනවා. මේවා හරි ද වැරදිද කියන දේ වෙනම ප්‍රශ්නයක්. හරි වුණත් වැරදි වුණත් අවුරුදු දහස් ගානක් තිස්සේ එන දේවල් බෞධයන් කියන නිසා නවතා දමන්නද කියන්නේ. (නි)
දමිළයන් උතුරට හා මධ්‍යම කදුකරයටත්, කිතුනුවන් මීගමුව, හලාවතටත්, මුස්ලිම් අය නැගෙනහිරටත්, බෞද්ධ අය ඉතිරි ප්‍රදේශ වලත් ජීවන ප්‍රදේශ ලෙස තෝර ගනිමු. සුළුතර ආගමිකයන්ගේ සිරිත් විරිත් අනික් අයට ප්‍රශ්නයක් නම් අපි මොකෝ කරන්නේ. (නි)
මෙන්න මේ ප්‍රශ්න නිසා තමයා මේ රටේ සුළු ජන කොට්ඨාශ හා සුළුතර අගමිකයින් ෆෙඩරල් ඉල්ලන්නේ. මේ නැති ප්‍රශ්න ඇති කරන්නේ මහා ජාතිය. මේක මෙහෙම දික් ගැහෙන්න දික්ගැහෙන්න ෆෙඩරල් සංකල්පේ ශක්තිමත් වෙනවා. (නි)
බුදුන්වහන්සේ දේශනා කළ භාවනා,වස් වැසීම්,පිණ්ඩපාත,දානය රැස් නොකිරීම, අල්පේච්චතා වාදය,නිකාය භේදය, අභිධර්ම ප්‍රචාරය වගේ වැදගත් දේවල් වෙනුවට ඇයි මේ අනවශ්‍ය අන්‍ය ආගමිකයින්ගේ හිත රිදවන වැඩ කරන්නේ. (නි)
මේ මස් විරෝධී බෞද්ධ ප්‍රතිපත්ති ගැන විදෙස් මාධ්‍යයත් වාරථා කරලා තිබුණා. (නි)
චමිල මහත්තයෝ, ඔබ මොන පදනමෙන්ද කියන්නේ ජාති ආගම භේදයකින් තොරව පිළිගත් යුතුයි කියා. ඔබගේ සංස්කෘතියේ මංගල්‍යයකදී කිරි වීදුරුවක් දෙන එක, පිරිත් කියන එක වගේම මගේ සංස්කෘතියේත් හරකෙක් මරණ එක අවුරුදු දහස් ගණනක සිට සිදුවෙන්නක්. ඔබ කියන්නේ ඔබේ ආගම නිසා මගේ අනන්‍යතාවය අත්හරින්න කියාද? (නි)
බහුතර බෞද්ද ජනයාගේ ආගම හෝ සංස්කෘතිය වෙනුවෙන් සුළුතර කිසිම ජාතියක් හෝ ආගමක්, තමන්ගේ සංස්කෘතිය හෝ ආගමික ප්‍රතිපත්ති වෙනස් කිරීමට සුදානම් නැත. ඔබ එසේ කියනවා නම් අප කණගාටු වෙමු. අපේ සිරිත් විරිත් හරිද වැරදිද යන්න ඔබ තීරණය කළ යුතු නැත. (නි)
අපේ ආගමික හෝ සංස්කෘතික ඇවතුම් පැවතුම් බහුතර බෞද්දයන්ට ප්‍රශ්නයක් නම් අපට ෆෙඩරල් දෙන්න. අප ඔබේ දේට ඇගිලි නොගසනවා සේම අපේ දේටත් බාධා නොකරන්න. ඔබට අපේ සංස්කෘතික ලක්ෂණ වලට ගරු කළ නොහැකි නම් අඩුම ගානේ බාධාවත් නොකර ඉන්න. (නි)
සුළුතර ආගම් අදහන ජනයිනි, මේ තත්ත්වේ එන්න එන්නම දරුණු වෙන තත්වයක් නම් තිබෙන්නේ අපට ස්වයන් පාලන නිදහස හැර වෙන නිදහසක් නැත. (නි)
බුදු හාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට කිවුවේ එක මග දෙදෙනෙක් නොගොස් බහුජනයාට ධර්මය අවබෝධ කරමින් චාරිකා කරන්න කියලා. අපරාදේ උන්වහන්සේට තිබුණේ ජේතවනාරාමයේම වැඩසිටිමින් රජවරුන්ට තිබුණු සම්බන්ධකම් පාවිච්චි කරලා පනත් ටිකක් සම්මත කරලා මිනිසුන්ව බෞද්ධ කරන්නයි. (නි)
අපේ රටේ මේවගේ ප්‍රතිපත්ති ගෙනෙන්නේ ලෝකය දිහා බලලද? ඔබට අප ප්‍රශ්නයක් නම් අපි යුකේ, යුඑස්ඒ වගේ ෆෙඩරල් රටක් හදමුද? (නි)
ඔබට අනවශ්‍ය නම් නොකා ඉන්න. එහෙත් අපේ ඉවුම් පිහුම් ක්‍රම පවා ඔබේ ආගම නිසා වෙනස් කිරීම අපට කළ නොහැක. (නි)
මේ රටේ නියම උරුමක්කාරයෝ ඉන්නේ දඹානේ. මහජාතිය වන අපි ආවෙත් බෝට්ටු වල එල්ලිලා. අපි මේ රට අල්ල ගත්තේ කුවේණි රවටලා. මේ හදන්නේ අර අපේ ආදිවාසීන්ගේ ඉතුරුවෙලා තියන මස් කන සංස්කෘතියට නැතිකරන්නද? (නි)
හරක් මස් කන්නේ හරක්.(නදී)
අනේ උපුල් වගේ හිතන්නකෝ (ස)
අඹ ගෙඩියක හැඩය ගත්ත රටක් තියෙනවා.... හරක් මරණ එකට විරුද්ධ වුනොත් වීරයෙක් වෙනවා... මිනිස්සු මරණ එකට විරුද්ධ වුනොත් දේශද්‍රෝහියෙක් වෙනවා.. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...(ස)
පෙරේරා හරකාගේ කිරි අයිති හරකාගේ පැටියට. එල කිරි බොන ඔබත් හරකෙක්.(නදී)
පෙරේරා ඔයා හරකාගේ කිරි නෙමේද බොන්නේ. ඒවා අයිති හරක් පැටියට. ඔහේ කියන්නේ කිරි බොන අයත් හරක් කියලද.?(නදී)
මේවට විදේස මාධ්‍ය පාව්ච්චි කරන අලුත්ම වචනේ "කහ ත්‍රස්තවදේ" මොන තරම් ලජ්ජද?(නදී)
සංස්කෘතික විවිධත්වය, ආගමික විෂමතාවය, සම්ප්‍රදායික සිරිත් විරිත් වගේ දේවලට මහා ජාතිය ගරු නොකරන්නේ නම් සහ ඒවා වැරදි වැඩ කියා පහත් කරන්නේ නම් අපටත් කළ හැක්කේ එක්කෝ වෙනම කැල්ලක් ඉල්ලීම,නැතිනම් ලෝකේ අනික රටවලට ගොස් කේලම් කීම.... අන්න එතකොට කියන්න එපා අපි ද්‍රෝහියෝ කියලා. (නි)
චමිල, දැන් සමහර දාන ගෙවල් වලට නම් මස් නැත්නම් සාදුලා යන්නේ නැහැ (නි)
මාසයකට හෝ කමක් නැහැ, විවෘත කිරීම තහනම් කිරිමට නීතියක් ගෙනෙන්න බලන්න. (නි)
මේවාට බුදුන් වහන්සේව ගාවගන්න එපා. (නි)
අපේ ගරුතර ස්වාමින් වහන්සේලාට ඒ පිනම ඇති මතු නිවනට. (නි)
එහනම් අද සිට පානදුර නගරය පිරිසුදු නගරයක් (නි)
තව මොනවද වහන්න යන්නේ ? (නි)
මේ අදහස් වලින් පේනවා ගෙරි මස් පෙරේතයෝ කවුද කියලා.(නදී)