|
සැත්කම සිදුකරන අවස්ථා සහ මෝටාර් උණ්ඩය පිටතට ගැනීමෙන් පසු. |
මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පුහුණු පාසලේ අවි පුහුණුවකදී ඉකුත් 25 වෙනි සිකුරාදා පෙරවරුවේ යුද හමුදා ලූතිනන්වරයකු මෝටාර් උණ්ඩයක් වැදීම නිසා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
|
පොළොන්නරුව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිණි අබේසිංහ මහතා
|
එම අනතුරෙහි බරපතළකම වූයේ පුපුරා නොගිය මෙම මෝටාර් උණ්ඩය ලූතිනන්වරයාගේ පපුව පසාරු කරගෙන සිරුර තුළට ඇතුළු වී උණ්ඩයෙන් කොටසක් පිටකොන්ද දෙසින් පිටතට පැමිණ තිබීමයි. අඟල් 15ක් පමණ දිගින් යුත් මෝටාර් උණ්ඩයේ හතරෙන් තුනකට වඩා වැඩි කොටසක් ලූතිනන්වරයාගේ සිරුර තුළ රැඳී තිබූ කොටසට අයත්ව තිබිණි. පුපුරා නොගිය ජීව මෝටාර් උණ්ඩයක් ශරීරය අභ්‍යන්තරයෙහි සිරවී සිටි හමුදා නිලධාරියා රෝහලට රැුගෙන එත්ම රෝහල පුරා පැතිර ගියේ බෝම්බ බියකි. ලූතිනන්වරයාගේ ළය පසාරු කරගෙන ගොස් සිරුර තුළ රැඳී තිබෙන ජීව මෝටාර් උණ්ඩය කොයි මොහොතක හෝ පුපුරා යාමට ඉඩ තිබෙන බව බොහෝ දෙනා කතා බහ කරනුද ඇසිණි. රෝහලේ කාර්ය මණ්ඩලයද ඇතුළුව සාමාන්‍ය මහජනතාව තුළ එවැනි බියක් සැකයක් ඇතිවීමද කිසිසේත්ම අසාධාරණ නොවේ. මන්දයත් එය පුුපුරා නොගිය ජීව මෝටාර් උණ්ඩයක් නිසාවෙනි. එසේ වුවද තම ජීවිත අවදානම් නොසලකමින් හමුදා නිලධාරියාගේ ජීවිතය බේරා ගැනීමේ අසීරු කාර්යයට වෛද්‍යවරුන් ප‍්‍රමුඛ රෝ්හල් කාර්ය මණ්ඩලය ඉදිරිපත්වීම මහත්සේ පැසසිය යුතු කටයුත්තකි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ලූතිනන් ඉන්දික උදය කුමාර හමුදා භට පිරිස් සඳහා මෝටාර් අවි පුහුණුව ලබාදීමේ රාජකාරිය සඳහා මුලතිව් සිට මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල වෙත පැමිණ ඇත්තේ පසුගිය බදාදා (23)ය. අනපේක්ෂිත ලෙස හෙතෙම මෙම අනතුරට ලක්ව ඇත්තේ 25 වෙනි සිකුරාදා පෙරවරු 10.00ට පමණ බවද කියැවේ.
ලූතිනන්වරයා යුද හමුදා භට කණ්ඩායම් වෙත මෝටාර් අවි පිළිබඳව ප‍්‍රායෝගික පුහුණුව ලබාදෙමින් සිටි අවස්ථාවේ මෝටාර් විදිනයෙන් පිටතට නික්මුණු මෝටාර් උණ්ඩයක් ඔහුගේ ළය පසාරු කරගෙන සිරුර තුළට කාවැදීම සැබැවින්ම අහඹු අනතුරකි. එහෙත් එම උණ්ඩය ලූතිනන් උදය කුමාරගේ සිරුරේ නොවැදී ඔහු සිටි ස්ථානයට මීටර් කිහිපයක් හෝ දුරින් බිම පතිත වූයේ නම් නිශ්චිත වශයෙන්ම මෝටාර් උණ්ඩය පුපුරා ගොස් මහා විනාශයක් සිදුවන්නට ඉඩ තිබූ බවද කියති. කෙසේ නමුදු එවැන්නක් සිදු නොවී හමුදා නිලධාරියාගේ ළය පසාරු කරගෙන සිරුර තුළ රැඳුණු මෝටාර් උණ්ඩය පුපුරා නොයෑම අවම ලෙසින් සිදුවූ හානියක් ලෙස හැඳින්විය හැක. එම හානිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවම හානියක් ලෙස හැඳින්වීමට හැකියාව ලැබෙන්නේ පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදි කාර්ය මණ්ඩල ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩල විසින් ඉටුකළ උදාර මෙහෙවරෙහි අවසාන ප‍්‍රතිඵලය නිසාවෙනි. මක්නිසාද යත් තම ජීවිත අවදානම පිළිබඳව නොතකා ඔවුහු කළ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ලූතිනන් ඉන්දික උදය කුමාරට තව දුරටත් මෙළොව ජීවත්වීමේ වාසනාව ළඟාකර දීමයි. එහිදී පළමුව සිදු කෙරුණු කාර්යය වූයේ ළය පසාරු කරගෙන ගොස් සිරුරේ රැඳී තිබූ මෝටාර් උණ්ඩය සමග රෝගියා ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමය. විකිරණවේදී විශේෂඥ වෛද්‍ය එස්.එම්. මණ්ඩාවල මහතා ප‍්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය විසින් එය ඉටු කිරීමෙන් අනතුරුව හමුදා නිලධාරියා ශල්‍යාගාරය වෙතට සීරුවෙන් රැගෙන එනු ලැබීය. එහිදී නිර්වින්දන වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හරිත ධර්මකීර්ති මහතා ඇතුලූ වෛද්‍ය කණ්ඩායමට පැවරුණේ රෝගියා නිර්වින්දනය කිරීමේ වගකීමයි. සාමාන්‍ය අවස්ථාවක ශල්‍යකර්මය සඳහා සූදානම් කෙරෙන රෝගියෙකු ඇඳමත දිගා කොට නිර්වින්දනය කිරීම සිදුකළද මෙම රෝගියා නිර්වින්දනය කිරීම ඒ අන්දමට කිරීමට නොහැකි විය. එයට හේතුව වූයේ හමුදා නිලධාරියාගේ ළය පසාරු කරගෙන පැමිණි මෝටාර් උණ්ඩයේ එක් කොටසක් වම් උරහිසට පහළින් පිට කොන්ද දෙසින් මතුවී තිබීමය. මෝටාර් උණ්ඩය පුපුරා යාමේදී උපයෝගී වන ආරක්ෂක සේවා නූල (Puse) පිහිටා තිබී ඇත්තේද සිරුර පසාරු කරගෙන පිටතට පැමිණ තිබූ එම කොටසෙහිය. කෙසේ නමුදු රෝගියා නිර්වින්දනය කිරීමේ කටයුත්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හරිත ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසට කිරීමට සිදුවී ඇත්තේ රෝගියා එක් ඇලයකට හරවා තැබීමෙනි.
ශල්‍යාගාරය තුළ සිදු කෙරුණු ඊළඟ භාරදුර කාර්යය වූයේ පුපුරා නොගිය මෝටාර් උණ්ඩය ලූතිනන්වරයාගේ සිරුර තුළින් සීරුවෙන් ඉවත් කිරීමේ සැත්කමයි. පළපුරුදු දක්ෂ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන වෛද්‍ය ගාමිණි අබේසිංහ මහතා කොතෙකුත් අවදානම් සහිත කාර්යයක් වුවද එම අභියෝගාත්මක කටයුත්ත භාර ගනිමින් පැයක පමණ කාලයක් ඇතුළත සිය කාර්ය මණ්ඩලය සමග එක්ව මෝටාර් උණ්ඩය නිරුපද්‍රිතව ඉවත් කරනු ලැබීය.
අඟල් 15 කට පමණ වඩා දිගින් යුත් එම මෝටාර් උණ්ඩය පිටතට ගැනීමෙන් පසුවයි රෝගියා ජීවත්කරවීම පිළිබඳව නවමු බලාපොරොත්තු ඇති කර ගන්නට ශල්‍ය වෛද්‍ය ගාමිණි අබේසිංහ මහතා ඇතුලූ කණ්ඩායමට හැකියාව ලැබී ඇත්තේ.
එය එක්තරා ආකාරයකින් දෛවෝපගත සිදුවීමක් ලෙසද සැත්කම සිදුකළ වෛද්‍යවරුන් හඳුන්වනුයේ මෝටාර් උණ්ඩය සිරුරින් ඉවත් කිරීම පමණක් නොව එම මෝටාර් උණ්ඩය සිරුර තුළ කා වැදී තිබූ අන්දම නිරීක්ෂණය කිරීමෙනි.
එනම් මෝටාර් උණ්ඩය ලූතිනන්වරයාගේ සිරුරේ ඉදිරිපස පපු පෙදෙසින් ඇතුළුවී ශරීරය තුළට ගොස් ඇත්තේ හෘදය වස්තුවට සෙන්ටි මීටර් 4ක් තරම් ආසන්න දුරකින්ය. මෝටාර් උණ්ඩය පුපුරා නොගියද හදවත පසාරු කරගෙන හෝ එයට හානි සිදුකොට ගමන් ගෙන තිබුණේ නම් ලූතිනන්වරයාගේ මෙළොව ජීවිතය පිළිබඳ බලාපොරොත්තු හමාර වනු නියත බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ නමුදු පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් ප‍්‍රමුඛ හෙද හෙදි කාර්ය මණ්ඩල ඇතුළු සෙසු කාර්ය මණ්ඩල වචනවලින් සඳහන් කළ නොහැකි අවදානමක් වගකීමක් බාරගෙන කළ උතුම් කැපවීමෙහි ප‍්‍රතිඵල මේ වනවිට සාර්ථක වෙමින් තිබේ.
ලූතිනන් ඉන්දික උදය කුමාර දැනට පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරමින් තිබෙන බව ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ.
|
|
ලූතිනන් උදය කුමාර පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින්... |
ලූතිනන් ඉන්දික උදය කුමාර ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී මේ වනවිට වසර 22ක් ඉක්ම යමින් තිබේ.
ගිරිතලේ මහ ගොවි ජනපදය ආරම්භ කරන අවදියේ එහි පැමිණි පුරෝගාමී පවුලක තෙවැනි දරුවා වන හෙතෙම දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. ගෙවුණු යුද සමයේ උතුරේ සහ නැගෙනහිර පළාත්වල දීර්ඝ රාජකාරි ජීවිතයක් ගෙවා ඇති ලූතිනන් ඉන්දික උදය කුමාර මෙවැනි බිහිසුණු අත්දැකීමකට මින් පෙර මුහුණදී නැතැයි ඔහුගේ ආදරණීය බිරිඳ වන ධම්මිකා කුසුම් මහත්මිය අප සමග පැවැසුවාය.
මෙතරම් බරපතළ අනතුරකට ලක්ව තම සැමියාගේ ජීවිතය මේ අන්දමින් බේරුණේ පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් ප‍්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලයට පින් සිදුවන්නට යැයිද ඇය කීවාය. රෝගියකුගේ ජීවිතයක් බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ප‍්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලයක් කටයුතු කිරීමේදී බොහෝ විට ඔවුන් විසින් අවදානමක් බාරගනු ලබන්නේ රෝගියාගේ ජීවිතය පිළිබඳවය. එහෙත් ඒ සාමාන්‍ය අවස්ථාවකට වඩා මෙම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුමේදී වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම තම ජීවිත පිළිබඳවද සිතා බලන්නට ඔවුනට අවදානම් කරුණක් තිබූ බව ඔබ අපට ඉතාමත් පැහැදිලිය. එනම් යුද හමුදා ලූතිනන්වරයා නිකම්ම නිකම් රෝගියෙකු පමණක් නොව පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක්ද සිරුර තුළ රැඳී සැත්කමකට වහා භාජනය කළ යුතු රෝගියෙකුව සිටියේය. එහෙත් තම ජීවිත අවදානම දෙවෙනි කොට තකමින් සෞඛ්‍ය සේවාවේ උතුම් ගුණාංගයන් මුල්තන්හිලා රෝගියකුගේ ජීවිතය ගලවා ගැනීමේ වටිනා කාර්යයට පොළොන්නරුව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිණී අබේසිංහ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හරිත ධර්මකීර්ති, විකිරණවේදී විශේෂඥ වෛද්‍ය එස්.එම්. මණ්ඩාවල යන වෛද්‍යවරුන් ප‍්‍රමුඛ වෛද්‍ය ජීවනී ගමගේ, වෛද්‍ය හර්ෂා ධර්මරත්න, වෛද්‍ය අමිල කොඩිකාර, වෛද්‍ය චන්දිමා වල්පොල, වෛද්‍ය කැමිලියා ඊබට්, වෛද්‍ය චන්දන ධනුෂ්ක යන වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුලූ රෝහලේ සමස්ත සියලූම කාර්ය මණ්ඩල කළ කැපවීම මෙහිදී අප‍්‍රමාණ පැසසුමට ලක් කළ යුතුය.
මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඇතැම් විට නොයෙකුත් අවමන් ගැරහුම් මෙන්ම අවර ගණයේ ප‍්‍රකාශ අසන්නට ලැබෙන මෙකල පොළොන්නරුව මහ රෝහලේ මෙම විස්මිත සැත්කම සිදු කිරීම සඳහා උරදුන් සැමට මුළුමහත් ජාතියේම ගෞරව ප‍්‍රණාමය හිමිවිය යුතු බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියේ වාසනාවටම ඉපදුනු අපේ මිනිස්සු.. (ස)
උදය කුමාර රණවිරුවාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මෙම අවස්ථාවේ සහය දැක්වූ වෛද්‍යවරුන් ඇතුලු සියලු දෙනාට බොහෝ පිං. (ස)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි......! (නදී)
පොළොන්නරුව මහ රෝහලේ මෙම විස්මිත සැත්කම සිදු කිරීම සඳහා උරදුන් සැමට මුළුමහත් ජාතියේම ගෞරව ප‍්‍රණාමය !!!! (ස)
මෙම පුවත මම කියවන අවස්ථාව වෙනකොට 9209 බලල තියනවා මිහිපිට දෙවියන් වන වෛද්‍යවරුන් වන ඔබට සැමට සම්මා සම්බුදු සරණ පතමි. (දී)
ඔබල වගේ වෛද්‍යවරු අපි අගය කරනවා.සියලු දෙනාටම බුදු සරණයි !!! (ස)
ඒක නම් පුදුම වැඩක් ! උතුම් දොස්තරලා. (ස)
මෙන්න බොලේ ., චාන්දී ,කියල කෙනෙකුත් ඉන්නවා ., සතුටුයි සතුටුයි..!!(නදී)
බටහිර චිත්‍රපටියක් වගේ එක හුස්මට ලිපිය කියෙව්වා.මේ ඉන්නේ දෙවිවරු තමයි කිසිම සැකයක් නැහැ.ලුතිනන් මහතාට ඉක්මන් සුවය ලැබේවා!!! (නි)
මිහිපිට දෙවියන් වන වෛද්‍යවරුන් වන ඔබට සැමට අපි ණය ගැති වෙමි. මා මෙය බලන විට 7132 දෙනෙක් බලලා ඇත. (ස)
කරුණාකර මෙම කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කර විදේශ සඟරාවකට යොමු කරන්න.මහත් ප්‍රසිද්ධියක් ලැබේවි. (නි)
විශිෂ්ඨ වැඩක්..හැම දොස්තර කෙනෙක්ගෙම නම් දාන අතරේ ඒ දේට සම්බන්ද උන අනෙක් කාර්ය මණ්ඩලවල අයගෙත් එක නමක් හරි දැම්ම නම් කොයිතරම් වටිනවද..ඒ අයත් දිවි පරදුවට තිබ්බ දෙවිවරු තමයි. හැමෝගෙම කැප කිරීම ආදරෙන් අගේ කරනවා. දීර්ගායුෂ ලැබේවා රෝගියාටත් සැමටත්.(නදී)
විශිෂ්ට වැඩක්..හැම දොස්තර කෙනෙක්ගෙම නම් දාන අතරේ ඒ දේට සම්බන්ධ උන අනෙක් කාර්ය මණ්ඩලවල අයගෙත් එක නමක් හරි දැම්මා නම් කොයිතරම් වටිනවද..ඒ අයත් දිවි පරදුවට තිබ්බ දෙවිවරු තමා (ස)
මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ අයට තමයි.ලංකාවේ දොස්තර මහත්තරු බහුතරයක් දෙවිවරු තමයි (නි)
ඔබල වගේ වෛද්‍යවරු අපි අගය කරනවා .සියලු දෙනාටම බුදු සරණයි (දිල්)
ස්තුතියි. නියම දොස්තරලා. ඇග හිරි වැටෙනවා මේවා දැක්කම. දොස්තර නිසා ජීවත් වෙනවා. පුහුණුවීම් කරනකොට මීට වැඩිය අවධානයෙන් කරන්න (නි)
ස්තූතියි ශ්‍රේෂ්ට මිනිසුනේ ...ඔබලා සැමටම දිර්ඝා යුෂ වේවා. (ස)
අපේ සුබ පැතුම්, ඔබ සියලු දෙනාටම. ලංකා මාතාවට ආඩම්බරයක්. (ස)
අපේ රටේ ඉන්නේ ලෝකෙන්ම අති දක්ෂ වෛද්‍යවරු බව අවිවාදයෙන් තොරව පිළිගන්න පුළුවන්. ඒ වගේම එයාල නිකන්ම නිකන් වෛද්‍යවරු නොවේ, මිනිස් ජීවිත වලට සැබවින්ම ආදරය කරන දෙවිවරු වගේ අය. ඔබ සැමට මගේ ප්‍රණාමය පුද කරනවා. උදය කුමාර රණවිරුවාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..(නදී).
අපේ ආචාරය සොක්‍රටීස්ගේ පරපුරට (නදී)
තවත් මේ වගේම ජීවිත බේරා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මේ වගේ අය වැඩි වැඩියෙන් ලංකාව තුල ඉපදේවායි ප්‍රර්ථනා කරනවා. (ස)
දොස්තරවරු කියන්නේ දෙවිවරු (නි)
මොකටද සම්පත් මේ අය විදෙස් පුහුණුවකට යවන්නේ? පිටරට අයට ඕනෑ නම් මෙහෙ ඇවිල්ලා පුහුණු වෙන්න පුළුවන් . (නි)
අපේ වෛද්‍යවරු ලෝකයේ කිසිම වෛද්‍යවරයෙකුට දෙවෙනි නැහැ. ඒක මම අත්දැකපු දෙයක්. ඔබතුමන්ලාට මගේ ගෞරවනීය ආචාරය ! ලුතිනන් මහතාට ඉක්මන් සුව ! (නි)
තමන්ගේ ජීවිතය නොබලා රටට වටිනා රණවිරුවෙක්ගේ ජීවිතය බේරාගත් වෛද්‍යෙවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් මගේ අවංක ස්තුතිය පුදකරමි (නි)
මේ වගේ වෛද්‍යවරු අපේ රටට මහත් සම්පතක්.රටට වටිනා ජීවිතයක් බේරාගත් ඔබ සැමට මගේ ඉමහත් ස්තුතිය පුදකරමි (නි)
මේ වෛද්‍යවරුන්ට නරකද විදේශ පුහුණුවකට නැත්නම් සම්මන්ත්‍රණයකට වෙන රටකට කෙටි කාලෙකට යැව්වොත් මේ අත්දෙකීම් බෙදා හදා ගන්න. අනෙක ඇමතිතුමාගේ පැත්තේ රෝහලක් නේද මේක.(නදී)
මෙම අවස්ථාවේ සහය දැක්වූ වෛද්‍යවරුන් ඇතුලු සියලු දෙනාට බොහෝ පිං .(නදී)
අතිශය විශිෂ්ට ක්‍රියාවක්.මෙවන් ජීවමාන දෙවිවරුන්ට ජාතියේ උපහාරය හිමිවිය යුතු අතරම වසරේ වීර සම්මාන නිවාර්යයෙන්ම ලබා දිය යුතුය.(නදී)
ගොඩක්ම වටිනවා පොළොන්නරුවේ රෝහලේ කාර්ය මණ්ඩලය කල දෙය ගොගක්ම පින්. (නදී)
ඔබලා දෙවිවරුය (නි)
පසුගිය දවස් වල කරාපිටිය රෝහලේ වෙද දෙවිවරු ගැන ලිපි බැලුවා. දැන් එවැනිම දෙවිවරු අනුරාධපුර රෝහලේත්.... ලංකාවේ අනෙක් රෝහල් වලත් නිහඩ සේවයක් කරන ඔබ සැමට කොහොම සුබ පතන්නද කියලා හිතා ගන්න බැහැ (නි)
මිනිසුන් අතර දෙවියන් ඔබයි. මේ කල කාර්ය කියා නිම කල නොහැකිය.මිනිසුන්ගේ පිනටයි ඔබ වැනි අය බිහිවන්නේ.මේ කල සේවය සඳහා ඔවුන්ට උපහාර පිදිය යුතුය යන්නයි මාගේ හැගීම වන්නේ. මේ හැමෝම අපේ රටට සම්පතක්.එමෙන්ම ඉන්දික උදය කුමාර රණවිරුවාණෙනි ඔබ රට වෙනුවෙන් කල මෙහෙය ඉතාමත් උතුම්.ඒ පිනම ඔබට නැවත ජීවිතය දුන්නා. ඉන්දික උදය කුමාර රණවිරුවාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන අතර සියලුම දෙනාට බුදු සරණයි. (ස)
මෙය හොඳ දෙයක්. ඉක්මන් සුව (ස)
ඔබ දෙපිරිසම මගේ මවුබිමේ මුර දේවතාවරු. ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
මේ සැත්කම කරන්ඩ සහයෝගය දුන් සියලුම වෛද්‍ය හෙද කාර්යය මණ්ඩලයේ සැමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. (ස)
ලුතිනන් වරයාටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් දිගාසිරි පතමි! සැමට තෙරුවන් සරණයි! (ස)
ලංකාවේ වෛද්‍යවරු කියන්නේ විශ්වකර්ම විදියට රෝගින් ජීවත් කරවීමට කැපවුණ පිරිසක්. ඔවුන් බොහෝ අවස්ථාවලදී තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා රෝගී ජනතාවගේ ජීවිත බේරා ගන්නවා. පොළොන්නරුව රෝහලේ මෙම රෝහල් කාර්ය මණ්ඩලයත් එවන් දෙවිවරුන් පිරිසක් බව අපට හැගෙනවා. ඔබතුමන්ලා සියලු දෙනාටම ජයෙන් ජය. දයාබර රණවිරුව, ඔබතුමා එදා අපේ රටේ සිටි මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරා ගැනීමට සිදු කළ කැපවීම තුළින් ලැබූ පින නිසා ඔබතුමාට දරුණු අනතුරකින් පවා බේරී සිටීමට හැකියාව ලැබීම පිළිබද අපට ඉතාමත් සතුටුයි. ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ කරගත් පිනම ඇති මතු බුදුවෙන්න. බොහොමත්ම පින් දොස්තර මහතාණනි (නි)
නියම වැඩක් ! (නි)
මෙවැනි වෛද්‍යවරුන්ට කරන ලද සේවය සළකා උපහාර පිදිය යුතුයි. (නි)
මෙම විස්මිත සැත්කම සිදුකල සැමට ගෞරවය හිමිවන අතර, ලුතිනන් උදය කුමාර මහතාට ඉක්මන් සුවය පතමි. (ස)
මේ සියලුම දොස්තර මහතුන්ලට නිදුක්, නිරෝගී, දීර්ගායුෂ ලැබේවා කියල මුළු හදවතින්ම පතනවා. (ස)
ඇත්තටම ගොඩක් වටිනවා මේ වග අයව..මට ආඩම්බර මමත් මේ රටේ උන ඒකට. (ස)
සියලුම දෙනාට දෙවි පිහිටයි. (ස)
ඉන්දික මහත්මාට ඉක්මන් සුවය ලැබේවා....සැත්ක්ම සිදු කල සියලුම වෛද්‍යවරුන් ඇතුලු එයට සහය වූ සියලුම දෙනාට අපගේ උපහාරය.... (දිල්)
මිහිපිට සිටින දෙවිවරු (නි)
නියම දොස්තර කෙනෙක්.උතුම් වැඩක්. (ස)
ඇත්තමයි අදහන්න වටිනවා මෙවන් වෛද්‍ය වරු (දී)
සියලු දෙනාටම උත්තමාචාර කරනවා, විශිෂ්ට ක්‍රියාවක්. හැමෝටම ආයු බෝ වේවා (නදී)
මම මේ විශේශ පුවත දකින කොට 1520ක් බලලා තියනවා. මනොජ් සහොදරයා කිව්වා වගේ හරිම සන්තෝසයි... පස් දෙනෙක්ම අගය කරලා තියනවා.. එම වෛද්‍යවරුන්ටත් සහය දුන් හැම දෙනාටත් මගේ ගෞරවය සහ ප්‍රශංසාව පිරිනැමෙන අතර ලූතිනන් ඉන්දික උදය කුමාර මහතාට ඉක්මනින් සුවය ලැබේවා. සම්මා සම්බුදු සරණයි .....!! (ස)
නියම වැඩක්. සියළු දෙනාට මගේ ගෞරවය.(නදී)
ඉන්දික මහතා ට ඉක්මන් සුවය ලැබේවා. එම වෛද්‍ය වරුන් ටත් සහය දුන් හැම දෙනාටත් තෙරුන්වන් සරණි (නදී)
මනෝජ්,ජ.තිසර, ස්තුතියි ඔබ දෙදෙනාට.., ඇත්තෙන්ම මිහිපිට දෙවියන් මෙන් මෙම වෛද්‍ය කණ්ඩායම පිදිය යුතුයි.., මෙවැනි දෙවියන් වැනි මිනිසුන් අපේ රටේ ඉපදී , අපේ රටටම සේවය කිරීමත් ඉතා අගය කල යුතුයි .., මගේ දෑතම එක් කොට ඔබ සැමට වැද නමස්කාර කරමි .., ලුතිනන් ඉන්දික උදය කුමාර මහතාට ඉක්මන් සුවය පතමි , සැමට සම්මා සම්බුදු සරණයි .....!!!(නදී)
ඇත්තෙන්ම ඒ සැත්කම මගේ අවබෝධය අනුවද වෛද්‍යවරුන්ටද ඉතාමත් අනතුරුදායක භයානක දෙයකි. තම ජීවිත පවා අනතුරේ තබා එය ඉවත් කිරීමෙන් පෙනීයන්නේ අපේ වෛද්‍යවරුන් දක්ෂතාවය මෙන්ම අනුන්ගේ විපතේදී නිර්භීතව තම රජකාරිය කිරීමට දක්වන උනන්දුවය. සැමට මගේ ගෞරවය සහ ප්‍රශංසාව පිරිනැමෙන අතර ලූතිනන් ඉන්දික උදය කුමාර මහතාට ඉක්මනින් සුවය ලැබේවා!(නදී)
බුදු සරණයි (දී)
පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් ප‍්‍රමුඛ හෙද හෙදි කාර්ය මණ්ඩලලංකාවේ වෛද්‍යවරු කියන්නේ විශ්වකර්ම විදියට රෝගින් ජීවත් කරවීමට කැපවුණ පිරිසක්. ඔවුන් බොහෝ අවස්ථාවලදී තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා රෝගී ජනතාවගේ ජීවිත බේරා ගන්නවා. පොළොන්නරුව රෝහලේ මෙම රෝහල් කාර්ය මණ්ඩලයත් එවන් දෙවිවරුන් පිරිසක් බව අපට හැගෙනවා. ඔබතුමන්ලා සියලු දෙනාටම ජයෙන් ජය. දයාබර රණවිරුව, ඔබතුමා එදා අපේ රටේ සිටි මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරා ගැනීමට සිදු කළ කැපවීම තුළින් ලැබූ පින නිසා ඔබතුමාට දරුණු අනතුරකින් පවා බේරී සිටීමට හැකියාව ලැබීම පිළිබද අපට ඉතාමත් සතුටුයි. ඔබට ඉක්මන් සුවය ලැබේවා! ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි(.ධනුෂ්ක මධුෂාන්).(නදී)
මම තමයි 6100 ය වෙනියා මෙය බලපු .මිනිස් වෙස් ගත් දෙවිවරු සහ දේශයේ මුර දේවතා එළි, දීර්ඝායුෂ ලැබේවා..... මේ උතුම් කටයුත්තට උර දුන් සෑම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන අතර . ලුතිනන් උදය කුමාර මහතාට ද ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරනවා..(නදී)
මගේ රට මුදාගත් අපේ රණවිරුවාට දීර්ඝා යුෂ ලැබේවා!(නදී)
පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් ප‍්‍රමුඛ හෙද හෙදි කාර්ය මණ්ඩල ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි.(නදී)
විශ්වකර්ම දොස්තර කෙනෙක්.ඔබට සුභ පැතුම්! (නි)
ආඩම්බරයි අපේ වෛද්‍යවරු ගැන.සුබ පැතුම්! (නි)
ලුතිනන්වරයාටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් දිගාසිරි පතමි! සැමට තෙරුවන් සරණයි (නි)
මිනිස් වෙස් ගත් දෙවිවරු සහ දේශයේ මුර දේවතා එළි, දීර්ඝායුෂ ලැබේවා..... (දී)
මෙම පුවත මම කියවන අවස්ථාව වෙනකොට 437 බලල තියනවා මම හිතන්නේ මේ පුවතේ තියෙන බයානක කම නිසා වෙන්න ඇති..මගේ අදහස නම් අපේ ජිවිත කාලය තුල මෙවැනි මිහිපිට දෙවියන් වැනි මිනිසුන් අගය කරන්න ලැබෙන එකත් පින් කටයුත්තක්.....මගේ උත්තමාචාරය ඔබ සියලුම දෙනාට.(නදී)...
ආඩම්බරයි (නි)
හරි පුදුමයි (නි)
ආඩම්බරයි අපේ රටේ මේ ලක් පුත්තු ගැන (නදී)
මේ උතුම් කටයුත්තට උර දුන් සෑම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන අතර . ලුතිනන් උදය කුමාර මහතාට ද ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරනවා.(නදී)
ලුතිනන් උදය කුමාර මහතාට ඉක්මන් සුවය පතමි. මෙම විශ්මිත සැත්කම සිදුකළ සියලුම දොස්තර මහතුන්ට දීර්ගායුෂ ලැබේවා කියා මුළු හදවතින්ම පතනවා. (නි)
ආඩම්බරයි රට ගැන හොද මිනිසුන් ගැන, දුකයි රට නැතිකරන්න තමන් හැදෙන්න රට පාවාදෙන, සම්පත් ප්‍රයෝජනයට නොගන්නා සමහරක් ඔල මොට්ටල පාලකයින් සිටීම ගැන(නදී)
උතුම් වැඩක්. ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි.(නදී)
ගොඩක් ආඩම්බරයි (නි)