|
ගීසා පිරමීඩය |
ඉතා දියුණු පිටසක්වළ ජීවීන් පිරිසක්, පුරාණයේ, පෘථිවියට පැමිණ මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බවට සාක්ෂි තිබෙන්නේ කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති පමණක් නොව අභිරහස් සිතියමක් පවා ඇති බව ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන්ඩයිකන්ගේ ගවේෂණ වාර්තාවල දැක්වෙයි.
|
එරික් වොන්ඩයිකන් |
වසර 45 ක් පුරා වොන්ඩයිකන් සිදු කළ ගවේෂණ ඇතුළත් කරමින් පළ කළ පොත පත, වෙබ් පිටු අදත් අතිශයින් ජනපි‍්‍රයය. වොන්ඩයිකන්ගේ කෘති අතුරින් වඩාත් ප‍්‍රකට 1968 දී මුද්‍රණය කෙරුණු ‘චැරියට්ස් ඔෆ් ද ගෝඞ්ස්’ ය. වොන්ඩයිකන් ලියූ පොත් මිලියන 60 කට වඩා අලෙවි වී ඇති අතර ඒවා භාෂා 40 කට පරිවර්තනය වී ඇත. වොන්ඩයිකන් උපන්නේ 1935 අපේ‍්‍රල් 14 වැනිදා ය. වොන්ඩයිකන්ගේ ගවේෂණ ඇසුරින් රූපවාහිනී කතා මාලා සහ චිත‍්‍රපට පවා නිර්මාණය වී ඇත.
වොන්ඩයිකන්ගේ ගවේෂණයට පාදක වී ඇත්තේ ප‍්‍රධාන සාධක දෙකකි. පළමු සාධකය සාහිත්‍යය, මිථ්‍යා කතා, පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් හෙළිවන කරුණු කාරණාය. දෙවැනි සාධකය, දැකිය හැකි සහ අත ගා බැලිය හැකි වස්තූන්ය. කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති ඊට අයත් වෙයි. පුරාණ පිරමීඩත් ඊට ඇතුළත් වෙයි. වොන්ඩයිකන් පිරමීඩ සම්බන්ධයෙන් අපූරු අදහස් කිහිපයක් පළ කර ඇති අතර ඒවා බොරු යැයි පහසුවෙන් බැහැර කළ නොහැකිය.
ඊජිප්තුවේ පිරමීඩ ඒ අතරින් කැපී පෙනෙයි. අප දන්නා පරිදි ඉපැරණි මිසර වැසියන් පිරමීඩ ඉදි කළේ දෙවියන් උදෙසාය. මිසර වැසියන් දෙවියන් ලෙස විශ්වාස කළේ, අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්ය. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කිරීමට නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබියු යුතුයි. එහෙත්, එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට තිබුණාද යන්නට පුරාවිද්‍යාඥයන්ට පිළිතුරු දීමට හැකියාවක් ලැබී නැත. පිරමීඩ හැදුවේ මිසර වැසියන්ම ද යන්න සහතිකව ඔප්පු කිරීමට ද කිසිදු ප‍්‍රබල සාක්ෂියක් හෝ ඇසින් දුටු සාක්ෂියක් හෝ නැත.
ලෝකයයේ පැරැුණි පුදුම 7 ටත් අයත් අදටත් නොනැසී පවතින ගීසාහි යෝධ පිරමීඩය සැබැවින්ම විස්මිත අභිරහසක් බව වොන්ඩයිකන් පෙන්වා දෙයි. ඊජිප්තුවේ ඇති පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය වෙන්නේ ද ගීසා මහා පිරමීඩයයි. එය පිහිටා ඇත්තේ ගීසා පළාතේය. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියට සැළකෙයි.
පිරමීඩය ඉදි කළා යැයි පැවැසෙන්නේ වසර විසි දෙකක කාලසීමාවක් ඇතුළතය. පිරමීඩය සාදා නිම කළා යැයි පැවැසෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීය. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළ කරන විද්වතුන් පෙන්වා දෙන පරිදි, එය එසේ විය නොහැකිය. පිරමීඩය ඉදි කිරීමට අවශ්‍ය යෝධ බර ගල් කුටිටි කපා වෙන් කිරීම, ප‍්‍රවාහනය, නිසි ලෙස ගොඩ ගැසීම පැවැති නොදියුණු තාක්ෂණය යටතේ වසර 22 කින් කළ නොහැකි දෙයකි.
එය වසර 22 කින් කළා නම්, සෑම තත්ත්පර නවයකට වරක්, ගල් කුටිටි කපා වෙන් කිරීම, ප‍්‍රවාහනය, නිසි ලෙස ගොඩ ගැසීම සිදු කළ යුතු වෙයි. එය කළ හැකි දෙයක්දැයි වොන්ඩයිකන් විමසා සිටී. වර්තමානයේ දියුණු තාක්ෂණය යොදා ගනිමින් පවා වසර 22 කින් මෙවැනි නිර්මාණයක් කළ නොහැකි බව ද වොන්ඩයිකන් සිය ගවේෂණවලින් තහවුරු කර ගෙන ඇත. ගීසා පිරමීඩය වැනි පිරමීඩයක් වර්තමානයේ තාක්ෂණය යොදා ගනිමින් වසර 22 කින් ඉදිකිරීමට නොහැති යැයි වර්තමානයේ සිටින අති දක්ෂ ඉන්ජිනේරුවෝ පවා පවසති.
ගීසාහි යෝධ පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක් ඉදිරිපත් වී ඇත. පිටසක්වළ ජීවීන්ගේ මැදිහත්වීමක් මගින්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සලස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක් වී ලීවර, ලී කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යායයන් අතරට ඇතුළත් වෙයි. එහෙත් සත්‍යය කුමක්දැයි තහවුරු වී නැත. පිරමීඩ සාදා ඇත්තේ, යෝධ බර ගල් කුට්ටි ඉතාම නිවැරදි ව එකිනෙකට සම්බන්ධ කිරීමෙනි. ඉතා සියුම් එහා මෙහා වීමක්වත් ඒවායේ දකින්න නොලැබෙයි. නවීන තාක්ෂණයෙන් පිරි වර්තමාන නිර්මාණකරුවන්ටවත් එලෙස ඉතා නිවැරදිව සහ සූක්ෂමව නිර්මාණයක් කිරිමට හැකියාවක් නැත.

ග‍්‍රැනයිට් සහ කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත සොහොන් ගැබ් නිර්මාණය කිරීම තවත් විස්මිත කටයුත්තකි. පිරමීඩ ඇතුළත නිර්මාණය කර ඇත්තේ, ඉතා ම පිරිසිදුවය. ඉතා ම නිවැරදිවය. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැති ව දෑත්වලින් පමණක් මෙවැනි නිර්මාණයක් කළේ කෙසේද ? ඔවුන්ට පිටසක්වළින් පැමිණි අමුත්තන්ගේ සහාය හිමිවුණාද ?
‘මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන මා කිසිසේත් ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත් පුරාණ මිනිසා හැදු සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න ඕනෑ. ඔවුන්ට තනිව ම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ.’ පුරණ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකානු ජාතික ජේසන් මාටෙල් කියා සිටී.
මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වන අන්දමට, පිරමීඩ නිර්මාණය කරනු ලැබුවේ සවුරිට් නම් පාරාවෝ විසිනි. සවුරිට් යනු හිබෲ ජනයාගේ ඉනොක් නමැත්තාටය. ඉනොක් යනු පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් අන්දමට අනාගත වක්තෘවරයෙකි. ඉනොක් ගැන සඳහන් පුරාණ පොත පත බොහොමයක් තිබේ. ඒ අතරින් ‘බුක් ඔෆ් ඉනොක්’ නමැති පොත වැදගත් තැනක් ගනී. අහසේ සිට පැමිණි අමුත්තන් පිරිසකට ඉනොක් හමුවුණු බවත්, එම අමුත්තන් ඉනොක්ට දැනුම දුන් බවත් එහි සඳහන් වෙයි. වසර දහස් ගණනක් ගත වුනත් විනාශ නොවන ආකාරයේ ගොඩනැගිලි ඉදිකිරීමට මෙම අමුත්තන් පිරිස ඉනොක්ට උපදෙස් දුන් බව එම පොතේ වැඩි දුරටත් සඳහන් වෙයි.
වොන්ඩයිකන් ඒ ගැන මෙසේ අදහස් දක්වා සිටී. ‘ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. අද අප පිටසක්වළයන් යැයි කියන්නේ, අතීතයේ මේ දෙවිවරුන් යැයි කී පිරිසට වෙන්න බැරිද ?’
ලෝකයේ පුදුම හතට ඇතුළත් පිරමීඩය පුරා විද්‍යා අභිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙයි. 1877 වසරේ දී ආතර් ඇන්තියොලෝජන් ජෝසප් සයිස් පැහැදිලි කර දුන් අන්දමට, ගීසා හි යෝධ පිරමීඩය ඇතුළු සෙසු පිරමීඩ දෙක ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැදය. පිරමීඩ ඉදි කර ඇත්තේ, පෘථිවියේ දිග ම අක්ෂංශකය හා දේශාංෂකය හමු වන ස්ථානයේය. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේ ම කේන්ද්‍ර ස්ථානය ලෙස සැලකෙන්නේ ද එතැනය. එපමණක් නොව, මාලිමාවක කොන් හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙයි. එහෙත් පිරමීඩ ඉදි කළ අවධියේදී මාලිමා තිබුණේ නැත. මාලිමාව නිර්මාණය කළේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. මෙය ඇත්තටම පුදුමයක් නොවේද ?
ඊජිප්තුවේ පමණක් නොව, ලොව සෙසු රටවලත් පිරමීඩ දකින්නට ලැබීම තවත් පුදුමයකි. ලොවෙන් හුදකලා වූ පැසිෆික් සාගර ¥පත්වල පවා පිරමීඩ ඉදිකර තිබේ. දකුණු ඇමෙරිකාවේත් මෙක්සිකෝවේත් පිරමීඩ දකින්න ලැබේ. ඉන්දියාවේ ද පිරමීඩ ඇත. අතීතයේ දී පිරමීඩ නිර්මාණ කලාව ලොව පුරා පැතිරුණු උන්මාදයක් මෙන් පෙනෙන බව වොන්ඩයිකන් පවසයි. මුහුදින් හා ගොඩබිමින් වෙන් ව ජීවත් වෙන, කිසිදා එකිනෙකා මුණ නොගැසුණු එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, පිරමීඩ යනුවෙන් අද අප හඳුන්වන හැඩයට අනුකූලව නිර්මාණ කළේ කෙසේ ද යන්න අභිරහසකි. ස්වරූපයේ වෙනස්කම් තිබුණ ද පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකට ම පොදු බවක් දකින්න ලැබේ.
මධ්‍යම මෙක්සිකෝවේ වසර දෙදහසකට වඩා පැරැුණි නගරයක නටඹුන් දකින්න ලැබේ. මෙම නගරය නම් කර ඇත්තේ ‘ටියෝටිවකාන්’ යනුවෙනි. එහි සරල අර්ථය ‘දෙවියන්ගේ පුරවරය’ යන්නය. ‘හිරු’ගේ පිරමීඩ නමින් හැඳින්වෙන පිරමීඩයක් මේ නගරය මැද ඉදිකර තිබේ. හැඩයෙන් සමාන වුනත් ඊජිප්තුවේ පිරමීඩවලට වඩා මෙක්සිකෝවේ සහ ලතින් ඇමෙරිකාවේ නටබුන් වූ පිරමීඩවල පෙනුම වෙනස්ය.
පුදුමයකට මෙන් ‘ටියෝටිවකාන්’ හිරුගේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියට ම සමානය. එය අහඹු සිදුවීමක්ද ? නැතිනම් පිරමීඩ දෙක ම නිර්මාණය කරනු ලැබුවේ එක ම නිර්මාණකරුවන් පිරිසක් විසින් ද ? පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙසේ අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. ‘මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ හදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක්. එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන් පිරිසක්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා.
පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාර්යයක්, නිර්මාණකරුවන්ගේ දස්කමක්, කියන දේ නම් එකහෙළා ම පිළිගන්න ටිකක් අමාරුයි නේද ?’ එම විද්‍යාඥයෝ විමසා සිටිති.
ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් දකින්න ලැබේ. පුරාවෘත්තවලට අනුව මෙම පිරමීඩ ඉදි කළ බව පැවැසෙන්නේ යෝධයන්ය. ඔවුන් මේ පිරමීඩ නිර්මාණය කර ඇත්තේ, ලෝකය විනාශ වන මොහොතේදී යැයි සෙල් ලිපිවල සඳහන් වී ඇත. ඇස්ටෙක් සහ මායාවරුන්ගේ විශ්වාසවලට අනුව අතීතයේ දී අපේ ලෝකය සිව්වරක්් විනාශ වී තිබේ. ඒ, අයිස්වලින්, සුළඟින්, ගින්නෙන් හා ජලයෙනි. මායා කැලැන්ඩරයට අනුව 2012 වසරේ දී ද ලෝකය විනාශ වන බවක් සඳහන් වුවත් එවැන්නක් සිදුවූයේ නැත. කෙසේ නමුත් ලෝකය විනාශ වුණැයි පැවැසෙන සෑම අවස්ථාවකදීම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබේ. ටියෝටිවකාන් නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.
|
පිරමීඩය තුළ ඇති දේ... |
පිරමීඩ වැනි මෙම දැවැන්ත නිර්මාණ ඉදිකළේ ඇයි ? ඒවායේ අරමුණ කුමක්ද ? ඇතැමුන් පවසන්නේ, මිසරයේ රජවරුන් වූ පාරාවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වීමට යෝධ පිරමීඩ නිර්මාණය කළ බවය. එසේ නැතිනම් පැරැුන්නන්, අපව දමා යන්නට පෙර අපට යමක් ඉතිරි කර ගියා වෙන්න පුළුවනි. පිරමීඩ ඉදි කළේ ඇයි යන්න පුරාණ මිසර ලේඛනවල සඳහන් වෙයි. ඒ අනුව, පිරමීඩ ඉදිකර ඇත්තේ දැනුම ගබඩා කිරීමටය. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම මනුෂ්‍ය වර්ගයාට ලබා දීමටය. මේ දැනුම අපට දුන්නා යැයි පැවැසෙන්නේ දෙවියන් විසිනි. එපමණක් නොව, මිසරයේ පිරමීඩ නිකම්ම නිකම් පාරාවන්ගේ සොහොන් ගැබ් නොවන බව පැහැදිලිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගොඩක් හොඳ ලිපියක්. ඔය හැම දෙයක්ම බුද්ධාගමේ සඳහන් වෙනවා. (ස)
මේක හිතන්ඩ දෙයක් නෙමේ ගල් වලින් වැඩ කරලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු ගලේ බණ්ඩාර ඉරුගල් බණ්ඩාරලා හිටියේ ලංකාවේ පමණි අමතක කරන්ඩ එපා දඩු මොණරෙන් ගිය ශ්‍රී රවණ රජතුමා ලෝකේ පාලනය කලා කියන එක ඒ කලේ ලංකාවේ මිනිස්සුන්ට මේවා සුළු දෙවල් (දිල්)
ලංකා දීපයට ස්තුතියි (දී)
විශිෂ්ට ලිපියක් (දී)
ස්වර්ණමාලි චෛත්‍ය ගොඩනංවන්න දුටු ගැමුණු රජ තුමා තීරණය කල අවස්ථාවේ එහි සැලසුම පිළියෙළ කරගෙන එන්න දුත පිරිසක් දිව්‍ය ලෝකයට යවපු බවක් ථුපවංශයේ සඳහන් වෙනවා. අප විසින් ඉදිරියේ පළකිරීමට අදහස් කරන පර්යේෂණාත්මක කෘතියක වසර 30,000 කට කලින් පවා වෙනත් ග්‍රහලෝක වලින් පෘතුවිය කරා ආ අය විශ්ව-භූගෝලීය සාධක පදනම්කරගෙන ගොඩ බැසීමට හා සම්බන්ධකම් පැවැත්වීමට ලක් දුපත තෝරා ගත් අන්දමත් පසු කාලීනව බෞද්ධාගම ලංකාවට ගෙන ඒමට හා ලංකා පොළොව මත බෞද්ධ ශිෂ්ඨාචාරයක් ගොඩනැංවීමට ඉතා උසස් ආධ්‍යාත්මික ගුණ වගාවකින් යුත් බුද්ධිමත් පිටසක්වල ජීවීන් ලක් වැසියනට ඒ සඳහා උදව් කරන්න ඇති යන උපන්‍යාසය ගැනද මේ තත්වයට සම්බන්ධ සාධක විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙමු. (දී)
පරිණාම වාදය තරම් ලෝකය මුලාවට පත්කල තවත් බොරැවක් නැත..මිනිසා වානරයන්ගෙන් පරිණාමය වු බවයි සැම දෙනාම පිලිගන්නේ..ඒත් යමක් පරිණාමය වු පසු එය නැවත තිබෙන්නට බැහැ..සියලුම කාණ්ඩවලට අයත් වානරයින් තාමත් මනුෂ්‍යයින් සමගම පොලොවේ වාසය කරනවා...වානර විශේෂයක් පරිණාමය වුවා කියා කිවහොත් එයද නිකම්ම නිකම් ප්‍රලාපයක් පමණයි.මම නම් දන්නෙ නෑ මිනිස්සු මේ තරම් මිත්‍යාවට කැමති ඇයි කියල.. (දී)
අසංක, ඔබේ කතාව හරි (නි)
අසංක සහෝදයගේ කතාව හරි (දී)
අසංක, ඔයා පරිණාමවාදයට බනින්න පෙර පරිණාමවාදය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගන්න. පරිණාමවාදය වැඩියෙන්ම පරීක්ෂණ වලට ලක්කර තහවුරු කළ විද්‍යාත්මක න්‍යායන්ගෙන් එකක්. ඔයාට පරිණාමවාදය බොරු කියලා ඔප්පු කරන්න පුලුවන් නම් එය නිසි විදියට ප්‍රකාශයට පත් කරන්න. (නි)
අයියෝ අසංක, ඔන්න ඔයා දන්නා තරම. විද්‍යාත්මකව කියන්නේ මොකද්ද? ඔයා කියන විද්‍යාව කාලෙන් කාලයට කොච්චර වෙනස් වෙනවද? (නි)
පිරමීඩ ගැන හොයල බලනකොට එය වර්තමාන තාක්ෂණයට පවා අබියෝග කරන දැවැන්ත නිර්මාණයක්. සැබවින්ම වැදගත් ලිපියක්. ඉදිරියටත් මේ ගැන විස්තර හොයල දෙනවනම් ගොඩක් වටිනවා. (දී)
බුද්ධාගමේ ඇති සියලුම සුත්‍ර දේශනා දන්නා සරල සිංහලට පරිවර්තනය කරන්නට සහ ඒවා ප්‍රචාරය කරන්නට කාලය පැමිණ ඇති බවක් හැඟේ. (නි)
"අද කාලේ වගේ බරපතළ වැඩ කරන්න ඒ කාලේ මෙහෙම දියුණු යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ" කියන ඒක අපි කුඩා කාලෙ ඉදලම අපේ මනසට තදින්ම කවල තියෙන්නෙ. අපි විතරක් නෙවෙයි (නූතන)විද්‍යාව ගැඹුරට උගත් අය පවා තමන්ගෙ තර්ක නුවණ මෙහෙය වන්නෙ ඔය සීමාවෙන් මෙහා පැත්තට (කොටු)වෙලා. ඉතින් අවුරුදු දස දහස් ගණන් පැරණි ලෝකයක අපට සිතාගත නොහැකි තරමි දියුණු තාක්ෂණයක් තිබූ බව සොයාගත්විට ඒ ටික පිටසක්වළ ජීවීන්ගේ ගිණුම්වලට බැර කරණ ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මේවා අපේ(මිනිස් වර්ගයාගේ)ම මුතුන් මිත්තන් තමන්ගේම තාක්ෂණයෙන් කළ නිර්මාණ විය නොහැකි අැයි? ඔවුන් පිට සක්වලින් තාක්ෂණය ගත්තා පමණක් නොවෙයි, ඒවගේම පිට සක්වලට අපේ තාක්ෂණය දෙන්නත් අැති. ඒහෙම නැතුව , කොළ අතු ඒල්ලගෙන දඩයම් කරගන හිටපු කට්ටියකට උඩින් අැවිත් නිකමිම තාක්ෂණය දීල ගියානම් හරියට වදුරට දැළි පිහිය දුන්න වගේ වේවි නේද? බුද්ධාගමේ සහ සමහර වෙනත් අාගම් වල ඉගැන්වීම් වලට අනුව නම් විශ්වයේ සියළුදේ අැතිවීම සහ නැතිවීම චක්‍රාකාරයි. නමුත් (නූතන)විද්‍යාව ඒහෙම දෙයක් පිළි ගන්නේද? ඒය තර්කානුකූල නොවේ නම් ඒ අැයි? (නදී)
නොවටින අතීතය ගැන නොසොයා වටිනා වර්තමානය ගැන සොයමු. (නදී)
අතීතය ගැන සෙවිය යුත්තේ ඒම දැනුම කටුගෙයි තැන්පත් කිරීමට පමණක් නොව, ඉන් ලබන දැණුම මිනිස් වර්ගයාගේ යහපත සදහා යෙදවීමටයි. (නදී)
හොඳ ලිපියක්. ගොඩක් ස්තුතියි (නදී)
මම හිතන්නේ ඔය පිරමීඩ අපේ රාවණා රජතුමාගෙ වැඩක් (නදී)
මම හිතන්නේ ඔය පිරමීඩ අපේ රාවණා රජතුමාගෙ වැඩක් (නදී)
මට නම් හිතෙන්නේ මේක පිටසක්වල අයගේ වැඩක් කියල නෙවෙයි. අතීතයේ දවසක මේ මහ පොළවේ එහෙම තාක්ෂණයක් තියෙන්න ඇති. එ්ත් ඒ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගලා ඇවිත් නැහැ. මොකද මේ කියන විදිහට ලෝකය විනාශ වේවි ඇති උනා නම් ඒ දැනුම තිබුන පරම්පරාව ඉවර වෙනවා එතනින්. එතකොට අපි ඉන්න තැනට එනකොට ඒ දේවල් මැකිලා යනවා. ගුරු මුෂ්ටිය කියන දේ ඔතනට අදාල කරගෙන බැලුවා නම් අැයි ඔය තාක්ෂණය අද නැත්තේ කියන ප්‍රශ්නේ එන්නේ නැහැ (නදී)
පිරමිඩය කියන්නේ විශ්ව ශක්තිය එක්හසු කරන උපකරණයක්. මේ පිරමිඩ තාක්ෂනය යොදාගෙන පැරණි බැටරි නැවත ආරෝපණය කරන්න පුළුවන්. ආහාර නරක් නොවී තියාගන්න පුළුවන්. බ්ලේඩ් මොටවිම නවත්තගන්න පුළුවන්. සමහරවිට මේ දියුණු තාක්ෂණයක් සහිත ජීවින් පිරමිඩ යොදාගෙන බලශක්තිය උත්පාදනය කරන ක්‍රම දැනගෙන හිටිය වෙන්න පුළුවන්. පිරමිඩ ඉදිකරන කාලයේ ඊජිප්තු වැසියන් විදුලි බලය ගැන දැනගෙන ඉදලා තියනවා. ඔවුන් මිදී යුෂ යොදාගෙන ක්‍රියාත්මක වෙන බැටරියක් හා සාමාන්‍ය සුත්‍රිකා විදුලි බුබුලක් භාවිතා කර තියෙනවා ආලෝකය ලබාගන්න. මේ විදියෙම තාක්ෂණයක් මෝහන්දොජරෝ හරප්පා ශිෂ්ඨාචාරයේත් තිබිල තියෙනවා ආලෝකය ලබාගන්න. (දී)
දෙයියො තමයි දන්නෙ (ස)
ඇත්තටම පිටසක්වළ ජීවීන් ඉන්න ඇති. මොකද අද කාලේ වගේ බරපතළ වැඩ කරන්න ඒ කාලේ මෙහෙම දියුණු යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැනේ (නි)
ඇත්තටම වටින ලිපියක්..(ස)
විශ්වය ගුප්ත දේවලින් පිරි පවතින තැනක්. අපිට සොයා ගන්න බැරි දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. අහස දෙස බලලා අපිට දැනෙනවා අපි අනන්ත වූ විශ්වයේ ඔහේ කැරකෙන ලෝකෙක ඉන්නේ කියා. කොයි මොහොතක විනාශ වෙලා යයිද කියල දන්නේ නැති බව දන්නවා නම් මිනිස්සු මේ තරම් තණ්හාවට විනාස වෙන්නේ නැහැ. තවත් ජීවිත විනාස කරන්නෙත් නැහැ.(නදී)
පිටසක්වල ජීවීන් ගැන අපි දන්නේ මොනවද? අපි නොදන්නා කොච්චර දේවල් තියෙනවද? (නි)
මට මෙහෙම හිතෙනවා, ඔහොම පිටසක්වල් ජීවින් අපිට තාක්ෂණය දුන්නා නම් අපේ ලෝකයට එහා එයාල කර නිරමාණ කෝ( පිරමිඩ වෙන ග්‍රහ ලෝක වල තියෙනවද? (අ)
අප දන්නා දේවල් ඇත්ත නෙමේ. මේ ලෝකේ මිනිසා නොදන්නා වැලලී ගිය ඉතිහාසයක් තිබෙනවා. එය තමා දැන් විද්‍යාඥයන් සොයාගෙන යන්නේ. පරිණාම වාදය පවා බොරුවක්. නමුත් මිනිස්සු ඇත්ත පිළිගන්න කැමති නැහැ. අප හැම දෙයක්ම මිත්‍යා විශ්වාස වලින් තොරව බැලිය යුතුයි. (ස)
ඔව් මේක වටිනා ලිපියක් . මට හිතෙන විදියට මෙවැනි විශාල නිර්මාණ මිනිසුන්ට පමණක් කළ නොහැකි. මෙයට වෙනත් ජීවින් කොටසකගේ උපකාර ලැබෙන්න ඇති. අද අපි පිටසක්වල ජීවින් කියන්නේ දෙවියන් කියල මට හිතෙනවා. මෙවැනි නිර්මාණ වලට ඔවුන්ගේ සහය ලැබෙන්න ඇති කියල හිතනවා.(දිල්)
මම බලපු පොතක තිබුන ලෝකය කලින් පාලනය කරේ අන්නුනකි කියන ලෝකයක ජීවින් කොටසක් කියල.ඒවාට විද්‍යාත්මක සාක්ෂි පවා හොයාගෙන තිබුන මිසරයේ වූ නෙෆෙර්ටිටි, අන්නුනකි ජීවියෙක් බවත් ,ඔඋන්ගේ හිස්කබල දිගින් අපට වඩා වැඩි නිසා ඇය උස ඔටුන්නක් එය සදහා පාවිච්චි කර ඇති බවත්ය . එය වගේම තව අවුරුදු 3500 පසු නැවත ඔවුන් පෘතුවියට එන බවය (අ)
මිනිසා නොදන්නා වැළලුනු ඉතිහාසයක් තියනවා. පරිනාමයේ මූල බීජය පවා සමහරවිට පිටසක්වලින් ලැබුනක් වන්නට පිළිවන්. අවාසනාවකට අපට ඔවුන් පරම්පරා ගණනාවකින් මගහැරිලා. (අ)
මේ ලෝකයේ මිනිසා පවා නිර්මාණය කර තිබෙන්නේ පිටසක්වල ජීවින් විසින් කියලා මම අසා තිබෙනවා (නි)
මමත් කතාකරන්න ඉතාමත්ම කැමති මාතෘකාවක් මේක (නි)
අදටත් මිනිසුන් දෙවියන් උසස්කොට සළකන්නෙ ඇයි?මේවා තමා ඔය හේතු... (නි)
හොඳ ලිපියක් (නි)
ඇයි කාටත් හිතෙන්නේ නැත්තේ ඉස්සර හිටිය මිනිසු ගොඩක් ලොකු අය කියලා. එහෙම නැත්නම් මේ ලෝකෙට ආපු කට්ටිය ගොඩක් ලොකු අය කියලා. ඔය අන්තිම පින්තුරේ තියෙන විදිහට පොඩි කට්ටිය මිනිස්සු සහ ලොකු කට්ටිය දෙවිවරු කියලා. ඒ පින්තුරේම තියෙන විදිහට ඔය පිරමිඩ වලට වැඩිය ඔය දෙවිවරු ලොකුයි .(නදී)
වටිනා ලිපියක්. මේ ගැන තව විස්තර අපට ලබා දෙන්න. (ස)
හොඳ ලිපියක් (නි)
වටිනා ලිපියක් (නි)
හොද ලිපියක් අතීතයේ සිදු වු දේ ඉගන ගන්න. මේ ගැන තව විස්තර අපට ලබා දෙන්න. ඔබට බොහොම ස්තුතියි. (නදී)