එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි ද, කෙදිනක හෝ ඔහු නැවතත් ඉදිරිපත් වනු ඇති බව ද දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සිවඥානම් ශ්‍රීධරන් ඉන්දියාවේ දී පවසා තිබේ. ඔහු මේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කළේ තමිල්නාඩුවේ මදුරෙයි හිදී පැවති සම්මන්ත‍්‍රණයක දී අසනු ලැබූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ‘‘ඊලාම්වාදී දෙමළ ජාතිකයන් ගේ හෙට දවස’’ යන මැයෙන් වූ සම්මන්ත‍්‍රණය සංවිධානය කොට තිබුණේ තමිල්නාඩු නීතිඥ සංගමය සහ මදුරෙයි නීතිඥ සංගමය විසිනි. ප‍්‍රභාකරන් ගේ මරණය පිළිබඳව කරන ලද ප‍්‍රචාර සියල්ලම බොරු බැව් ඔහු එහිදී ප‍්‍රකාශ කළේය. ඔහු කතා කළේ දෙමළ භාෂාවෙනි. 2009 මැයි මාසයේ දී ප‍්‍රභාකරන් මිය ගියේය. එහෙත් බොහෝ කොටි සාමාජිකයෝ සහ ඔවුන්ගේ මත පිළිගන්නෝ මේ යථාර්ථය අදහන්නට මැළි වෙති. විශේෂයෙන්ම තමිල්නාඩුවේ සහ දෙමළ ඩයස්පෝරාවේ අය විශ්වාස කරන්නේ ප‍්‍රභාකරන් පරෙස්සම් සහගතව සැඟවී සිටින බවය. මෙයට එක් හේතුවක් වන්නේ සත්‍යය පිළි ගැනුණහොත් අරමුදල් රැස් කිරීමේ ක‍්‍රියාවලිය දුර්වල වීමය. බි‍්‍රතාන්‍යයේ චැනල් 4 නාලිකාව තුළින් විකාශය වූ දෙවැනි වාර්තා චිත‍්‍රපටියේ ප‍්‍රභාකරන් ගේ මෘත ශරීරය දුටු, එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් දිවි පුදන්නට වුවත් නොපැකිළෙන ඇත්තන් බොහෝ කැළඹුණේ එමනිසා ය. ඉකුත් දිනවල තමිල්නාඩුවේ ප‍්‍රභාකරන්ගේ දැවැන්ත කටවුට් ද සවිකර තිබිණි. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ සහ ඔවුන් ගේ මත පිළිගන්නා අය මහ විරු දිනයේ දී ප‍්‍රභාකරන්ට ගරු බුහුමන් නොදක්වති. ඒ ඔහු මිය ගිය බව තවමත් ඔවුන් නොපිළිගන්නා නිසාය. එල්.ටී.ටී.ඊ. යට ආධාර කරන්නන් සහ ඔවුන්ට ප‍්‍රචාරය ලබා දෙන්නන්ගෙන් ප‍්‍රභාකරන් ජීවතුන් අතරදැයි ඇසූ විට ලැබෙන්නේ අවිනිශ්චිත පිළිතුරකි. ‘‘ඔය ප‍්‍රශ්නෙට කාලය උත්තර දෙයි...’’ ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ඍජුවම කියමින්, ඉන්දියන් දෙමළ නීතිඥයන් පිරිස මුලා කරන්නට තරම් ශ්‍රීධරන් විළි ලජ්ජා නැති පුද්ගලයකු වූයේය. ඔහු හිටපු විදුහල්පතිවරයෙකි. 2010 දී යාපන දිස්ත‍්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය. ඔහු කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ටී.එන්.ඒ. සංවිධායකවරයායි.
(ඞී.බී.එස්. ජෙයරාජ්ගේ අන්තර්ජාල ලිපියක් ඇසුරිණි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රේල් පළවෙනිදා කිව්වනම් විශ්වාස කරන්න තිබුණා
මේවට ඉතින් කතා කරන එකත් අපරාදෙනේ
කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ සිහිබුද්ධියෙන් අසති
ඉතුරු වෙලා ඉන්න ත්‍රස්තවාදීන් ඔහු ගැන තාමත් සිහින දකිනවා ඇති. නමුත් සැබෑ ලෝකෙදි ඒක සිහිනයක්ද විතරයි.
මොකද කියන්නේ? තව පාරක් මඩ කාගෙන මැරෙන්න ඕනිද?
මුස්ලිම් පල්ලි කැඩුවොත් මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකුත් එන්න පුළුවන් බව අමතක කරන්න හොද නෑ
ඔළුව හොඳ නැද්ද
ඔය සංවිධාන වල හැටි ඔහොම තමයි නේද?
ආයෙත් මැරෙන්න ආස හිතිලවත්ද?
මේකට වෙච්චි සන්තෑසිය දැක්කම ලංකාවේ තව එකෙක් පහලවෙයි කියල හිතන්න බෑ, මුස්ලිම් එකෙක් ආවොත් ඒකටත් මීට වඩා වැඩි දෙයක් ලැබෙන්නේ නෑ. "සිහලු අපේ , දෙමලු අපේ, මුස්ලිම් මිනිසුනුත් අපේ... උන් වැට කොටු බදින දිනේ පරයන්ගේ ගොඩට වැටේ!...
මේ පුංචි රට කෑවැ මදිවට තවත් කන්නද එන්න හදන්නේ