කිලිනොච්චිය මුලතිව් කොටින්ගේ මහ බළ කොටු වශයෙන් පැවති කාලයේ මාධ්‍යවේදියකු වශයෙන් ඒ ප‍්‍රදේශවල සංචාරය කළ අවස්ථා බොහෝ විය. වවුනියාව ඕමන්ත අපේ හමුදා මුරපොළ පිරික්සීම් වලින් පසු යුද මුක්ත කලාපය ඔස්සේ ගොස් කොටින්ගේ මුරපොළ වෙත පැමිණි පසු උන්ගේ ඊළාම් රාජ්‍යයට ඇතුළුවීම සඳහා වීසා ගැනීම දකුණේ සිට ඕනෑම අයකුට අනිවාර්යමවෙති දකුණේ සිට යන ඕනෑම ජගතෙකුට මෙම වීසා බලපත‍්‍රය ලබා ගත යුතු අතර ඒ සඳහා මුදල් ද ගෙවිය යුතුය. දැඩි පිරික්සීම් ඡායාරූප ගැනීම් සහ වීඩියෝගත කිරීම්වලින් පසු කොටින්ගේ ඊළාම් සිහින රජ්‍යයට ඇතුළුවීම සඳහා වීසා බල පත‍්‍රය නිකුත් කරනු ලැබේ. මත්පැන් බෝතල්, සිගරට් පැකට් හෝ වෙනත් බඩු බාහිරාදිය බොහොමයක් කොටි කප්පම් මුදල් ලබාගනිති. මෙම කාරිය ඉටුකරනු ලබන්නේ කොටින්ගේ රේගු අංශය විසිනි. කොටින්ගේ රේගු අංශය විසින් ලබාගන්නා මෙම මුදල් කප්පම් වශයෙන් සඳහන් නොකරන ලෙස එක් කොටි නායකයකු එක් අවස්ථාවකදී කළ ඉල්ලීමක් මගේ මතකයේ තවමත් රැඳී පවතී. කොටින්ගේ ඊළාම් සිහින රාජ්‍යයට ඇතුළු වී නැවත පිටව යනතෙක් ඒ වීසා බලපත‍්‍රය ළඟ තබා ගැනීම අත්‍යවශ්‍යය. එය ළඟ තබා නොගැනීම බොහෝවිට කොටින්ගේ හිරේ විලංගුවේ වැටීමට හේතුවනවා ඇත. කොටින්ගේ ඊළාම් සිහින රාජ්‍යයට ඇතුළු වූ පසු ක‍්‍රියාත්මක වන්නේ දකුණේ අපට බලපාන නීති රීති හෝ අණ පනත් නොවේ. එහි ඇත්තේ කොටිනායකයන් විසින් පනවන ලද අණ පනත් හා නීති රීති ය. එහි එදා රජකළේ කැලෑ නීතිය වුවත් කොයි කවුරුත් ඒ නීතියට අවනත විය යුතුය. කොටි නායකයාව සිටි වේලූ පිල්ලේ ප‍්‍රභාකරන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ එවකට පැවති ඒ එජාප රජය සමග පැමිණි සාම ගිවිසුමෙන් පසුවය. කිලිනොච්චිය වට්ටකච්චියේදී පැවති මෙම මාධ්‍ය සාකච්ඡා සඳහා ලෝකයේ බොහෝ රටවලින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූ අතර මේ මගින් කොටි සංවිධානය එදා වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යන බව මුළු ලෝකයාටම පෙන්වීමට අවස්ථාවක් කරගත් බව පැහැදිලිවම පෙනී ගිය කරුණකි. ප‍්‍රභාකරන් සහභාගිවන මාධ්‍ය සාකච්ඡාවට පැවති ස්ථානයට එදා අපව රැගෙන ගියේ දැඩි ආරක්ෂක රැකවල් මැද්දේය. දුඹුරු වීදුරු සහිත බස් රථවල නංවාගෙන විශාල ආරක්‍ෂක ජාලයක් එදා ක‍්‍රියාවට නංවා තිබුණ බව අපට දැන ගැනීමට ලැබිණි.
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය දා
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්
අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ප‍්‍රභාකරන්ගේ එදා මාලිගාව අද
ඩිලාන් Monday, 09 January 2012 03:59 AM
ප්‍රභාකරන් සැප විදලා. අහංසක දෙමල ජනයා දුක් විදලා
ishanka Wednesday, 11 January 2012 10:06 AM
සබන් ගාලද නෑවේ
දැදිගම Wednesday, 11 January 2012 11:33 AM
ප්‍රභාකරන්... මේ නමටත් මම වෛර කරනවා
අමිල Friday, 13 January 2012 01:23 PM
ඔය දේ වෙන්න තිබුණේ මීට කලින්.
Sam Friday, 13 January 2012 06:32 PM
ඇයි මේ ඡායාරූපවල තියෙන නාමපුවරු සිංහල/ඉංග්‍රීසිවලින් විතරක් තියෙන්නේ?
ප්‍රියන්ත Saturday, 14 January 2012 02:08 PM
ජනපතිට පින්සිදු වේවා
අමල් පෙරේරා Sunday, 15 January 2012 04:50 PM
අපේ සරත් ෆොන්සේකාට පින්සිදු වේවා!
ප්‍රියලාල් Thursday, 12 January 2012 10:23 AM
දිට්ඨ ධම්ම වේදනීය කර්මය
සමීර් Thursday, 12 January 2012 11:51 AM
සක්කරයට උණත් පව් පළ දෙනවා