IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ප‍්‍රභාකරන්ට නැව් මිලදීගත් පාසල් මිතුරා හෙළිකළ තොරතුරු

ගුණසුන්දරම් ජෙයසුන්දරම් කොළඹ ත‍්‍රස්තවාදී කොට්ඨාසයේ (ටී.අයි.ඞී) පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2007 වසරේ සැප්තැම්බර් මස 9 වැනිදාය. ඒ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදීය.

මොහු අත්අඩංගුවට ගැනීමට මගපෑදී ඇත්තේ මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි කොටි සංවිධානයේ ප‍්‍රබලයකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මතය.

 


කටුනායක ගුවන්තොටුපොළේදී මොහු පොලිසියට කොටුවන්නේ විදෙස්ගතව සිට රහසිගතව මෙරටට පැමිණි අවස්ථාවේදීය.
කොටි සංවිධානයේ අවශ්‍යතා මත රහසිගතව මෙරටට පැමිණි ජෙයසුන්දරම් රහස් පොලිසියට කොටුවීම ගැන පුදුමයට පත්වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මොහුගේ පැමිණීම දැන සිට ඇත්තේ කොටි සංවිධානයේ ඉහළපෙළේ නායකයන් අතරින් කිහිපදෙනකු නිසාය.

මොහු ගැන කල්තියා තොරතුරු හෙළිකරගෙන තිබීම නිසා රහසිගතව මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු කොටුකර ගැනීමට හැකිවූයේ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාව නිසාය.

ගුණසුන්දරම් ජෙයසුන්දරම් කොටි නායකයාව සිටි වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ගජ මිතුරෙකි. ඔවුන් දෙදෙනා ඉගෙනුම ලබා ඇත්තේ එකම පාසලේ එකම පන්තියේය.

වැල්වැටිතුරේ සිදම්බරම් මහා විද්‍යාලයේ මේ දෙදෙනා ඉගෙනුම ලබා ඇත.

පාසල් ජීවිතයට ආයුබෝවන් කී පසුත් වැලිකෙළියේ පටන් පැවති මිතුදම නම් කිසිසේත් අඩුවක්වී නොමැත.
වේලූපිල්ලේ ප‍්‍රභාකරන් කොටි සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසු සංවිධානය ශක්තිමත් කිරීම සඳහා තම ගජ මිතුරාට ජෙයසුන්දරම් නන් අයුරින් උපකාර කර තිබේ.

කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ නායකයකු ලෙස ජෙයසුන්දරම් පත්වන්නේ ප‍්‍රභාකරන් සමග වැලිකෙළියේ පටන් පැවති සමීප සම්බන්ධතාවය නිසාමය.

කොටි සංවිධානයට අවශ්‍ය අවි ආයුධ ඇතුළු යුධෝපකරණ මිලදී ගැනීමට පමණක් නොව ඒවා ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය නැව් මිලදී ගැනීමේ භාරදුර වගකීම පවරන්නේද ජෙයසුන්දරම්ටය.

වැලිකෙළියේ පටන් පැවැති හිතවත්කම් මෙන්ම ජෙයසුන්දරම් තමාගේ විශ්වාසවන්තම කෙනකු බව ප‍්‍රභාකරන් ඒවනවිටත් තේරුම්ගෙන තිබිණි.

එසේ නොවන්නට මෙවැනි ඉහළ තනතුරක් ප‍්‍රභාකරන් විසින් මොහුට කිසිසේත්ම ලබාදෙන්නේ නම් නොමැත.

එක්සත් ජාතික පක්ෂ රජය හා කොටි සංවිධානය අතර පැවති අවබෝධතා ගිවිසුම ක‍්‍රියාත්මකවූ කාලසීමාවේ ජෙයසුන්දරම් කටුනායක ගුවන්තොටුපොලෙන් පැමිණ කිසිදු බාධාවකින් තොරව වන්නියට ගොස් ප‍්‍රභාකරන් ඇතුළු ඉහළ පෙළේ කොටි නායකයන් පස්හය වතාවක්ම මුණ ගැසී සාකච්ඡුා කර ගොස් ඇත.

අයර්ලන්ත පුරවැසිභාවය ලබා ඇති ජෙයසුන්දරම් විවාහ වී ඇත්තේ අයිරිෂ් ජාතික කාන්තාවක් සමගය. ඔහු දරු තිදෙනෙකුගේ පියෙකි. කොළඹ මහාධිකරණ අංක 4 විනිසුරු ප‍්‍රීතිපද්මන් සුරසේන මහතා හමුවට පසුගිය 10 වැනිදා කොටි ජාත්‍යන්තර ජාලයේ මේ නායකයා ඉදිරිපත් කරනු ලැබුවේ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසිනි.

කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයකු ලෙස කටයුතු කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට නැව් මිලදීගෙන අවි ආයුධ යුධෝපකරණ තොග පිටින් නැව්වල පටවා රහසිගත මුහුදු මාර්ග ඔස්සේ කොටි පාලන ප‍්‍රදේශවලට එවූ බව ජෙයසුන්දරම් විවෘත අධිකරණයේදී හෙළිකරනු ලැබුවේ කරන ලද වැරැුදි සියල්ල පිළිගනිමිනි.

ඔහු මේ තොරතුරු සියල්ල විවෘත අධිකරණයේදී හෙළිකළේ කිසිවකුගේ බලපෑමක් හෝ කීමකට නොව ස්වේච්ඡුාවෙන්ම වීම විශේෂයකි.

මැලේසියාවේ සහ සිංගප්පූරුවේ සිට කොටි සංවිධානයට අවශ්‍ය යුද උපකරණ තොග වශයෙන් නැව්වල පටවා එවීමට මොහු ඍජුවම දායකවී ඇති අයෙකි.

අවි ආයුධ යුධෝපකරණ තොගවශයෙන් එවීමට අමතරව එම්.වී. ෆෙක්සුන් 7 නමැති නැව කොටි සංවිධානය වෙනුවෙන් මිලදී ගෙන ඇත්තේ ජෙයසුන්දරම් බව ඔහු හෙළි කර ඇත.

2005 වසරේ ජනවාරි මස 1 වැනිදා හා 2007 සැප්තැම්බර් මස 05 වැනි දින දක්වා කාලය තුළ කොළඹ වන්නි, වැල්වැටිතුරේ යන ප‍්‍රදේශවලදී හා සිංගප්පූරුවේදී ප‍්‍රභාකරන් මුහුදු කොටි නායකයකු වන ගන්මුගසුන්දරම් නානායක්කරන් හෙවත් කරන් හා කනගරාජ් රවිශංකර් හෙවත් ශංකර් යන අය සමග එක්වී මොහු යුදමය කටයුතු සඳහා භාවිත කිරීමට අවශ්‍ය උපකරණ ඇණවුම් කර ඇත.
2000 වසරේ මැයි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ, වන්නිය හා සිංගප්පූරුවේදී "GARMIN GPMAP76CSx''උපකරණ ඒකක 100 හා ඊට අදාළ වෙනත් උපකරණ ද මොහු විසින් මෙරටට ගෙනඒම සඳහා ඇණවුම් කර තිබේ.
කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ මෙම නායකයා 2000 පෙබරවාරි මස 7, 2007 මාර්තු මස 05 එම වසරේම මාර්තු 6 යන දෙදින තුළ හා 2006 ජූනි මස 26 වැනිදා යන කාලයන් තුළ REMOTE CONTROL  උපකරණ ඒකක 100 ද Kenwood Marlne SSB Radio Telephone  උපකරණ ඒකක දෙකක් හා ඊට අදාළ උපාංග ද Thuaya Hughes උපකරණ ගණනාවක් හා ඊට අදාළ උපාංගද මෙරටට ගෙන ඒමට ඇනවුම් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මොහු කොටුවන අවස්ථාවේ සංයුක්ත තැටියක්, ලැප්ටොප් පරිගණක, විද්‍යුත් තැපැල් ලිපි කිහිපයක් හා ඇණවුම් කිහිපයක් මුද්‍රිත පිටපත් කිහිපයක්ද තිබී ඇත.
කොටි සංවිධානය වෙනුවෙන් මිලදී ගත් යුධෝපකරණ වල සවිස්තර තොරතුරු ඒවායේ ඇතුළත්ව තිබිණි.

 

 

කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයකුව සිටි ජෙයසුන්දරම් ඔහු එදා කළ කී දෑ විවෘත අධිකරණයේදී එකිනෙක හෙළිකරමින් මෙසේ කියා ඇත.

”මම කොටි නායක ප‍්‍රභාකරන් සමග පාසල් කාලයේ පටන්ම සම්බන්ධතා පැවැත්වූ ඔහුගේ මිතුරෙක් වන අතර ඔහුගේ සංවිධානයට ක‍්‍රියාකාරී ලෙස සහාය දැක්වූයෙමි.

මුහුදු කොටි නායක සුසෙයි, දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම්, කොටි පොලිස්පති නඬේෂන්, ජාත්‍යන්තර අංශයේ නායක තැස්ත්‍රෝ සහ මූල්‍ය අංශයේ නායක තමිලේන්ද සමග පවා මම සමීප සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වෙනවා.

2003 සහ 2007 වසරවල මා අවස්ථා කිහිපයකදීම ලන්ඩනයේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා මෙහෙයවන මුහුදු කොටි නායකයෙක් වූ කරන් සමග නීතිවිරෝධී අවි ආයුධ ශ්‍රී ලංකාවට ප‍්‍රවාහනය කිරීමට කටයුතු කර තිබෙනවා. ලන්ඩනයේ සිට එල්.ටී.ටී.ටී.ඊ. ඉදිරි ක‍්‍රියාකාරකම් ගැනද සාකච්ඡා කර තිබෙනවා. මේ කාලය තුළ නාවික යුද උපකරණ කොටි බෝට්ටු මගින් වන්නි ප‍්‍රදේශයට බෙදාහැරීමද කළා.

හැරි මර්චන්ට් හා ජෙයා ජැක් යන නම් වලින් සිංගප්පූරුවේ ආයතන දෙකක් පවත්වාගෙන ගියා. මෙම ආයතන උපයෝගී කරගනිමින් එල්.ටී.ටී.ඊ මුදල් විවිධ රටවල් අතර සංසරණය ලැබුවා. හැරි මර්චන්ට් ආයතනයේ නමට ෆෙන්ෂුන් 7 නමැති නෞකාව මිලදී ගෙන එය කොටින්ට අවශ්‍ය අවි ආයුධ හා පතරොම් තොග ප‍්‍රවාහනය කිරීමට යොදාගත්තා. කොටි සංවිධානයට සහායදීම නිසා මාව 1985 වසරේදී සිංගප්පූරුවෙන් පිටුවහල් කළා.

කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයකු වන ජෙයසුන්දරම් විවෘත අධිකරණයේදී ශ්‍රී ලංකාවාසී ජනතාව සහයෝගයෙන් සාමයෙන් කටයුතු කිරීම වැදගත්කම ගැන දීර්ඝ විස්තරයක් කරමින් රට තුළ තවදුරටත් බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයන්ට අනුව කටයුතු කිරීමෙන් වැලකී සිටින ලෙස කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් විශේෂ ඉල්ලීමක්ද කළේය.

මුළු හදවතින්ම මම අද කනගාටු වෙනවා, ප‍්‍රභාකරන්ගේ ප‍්‍රචණ්ඩත්වයට හා ත‍්‍රස්තවාදී න්‍යාය පත‍්‍රයට සහාය දැක්වීම ගැන. මම සම්පූර්ණයෙන්ම ඔහුට හා ඔහුගේ අන්තවාදී ප‍්‍රචණ්ඩ ක‍්‍රමවේදයට චෝදනා කරනවා. පිළිකුලෙන් යුතුව එය හෙළා දකිනවා.

ප‍්‍රභාකරන්ගේ ප‍්‍රචණ්ඩත්වය, ත‍්‍රස්තවාදය හෙළා දකින්න කියා සියලූම කොටි හිතවාදීන් ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. රටින් පිටත සිටින ඉතිරි කොටි කණ්ඩායම් වලට තවදුරටත් ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයන්ට සහාය නොදෙන ලෙසත් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

විදේශවල සිටින එල්ටීටීඊ කණ්ඩායම් වලින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින වී. රුද්‍රකුමාරන්, බි‍්‍රතාන්‍යයේ සිටින එස්.ජේ. එම්මානුවෙල් පියතුමා නෝර්වේ රාජ්‍යයේ සිටින පෙරිම්පනායගම් ශිවහරන් හෙවත් තෙදියවන් යන අය විසින් ශ්‍රී ලංකාව තුළ ජීවත්වන දමිළ ප‍්‍රජාවට වඩාත් හානි සිදුවන ක‍්‍රියාකාරකම් කරන අතර ඒවා වහාම නැවැත්විය යුතු බව මා තරයේම පවසනවා.

ත‍්‍රස්තවාදීන් කියන්නේ මානව අයිතිවාසිකම් තදබල ලෙස කඩකරන කණ්ඩායමක්. මානව අයිතිවාසිකම් රකින වීරයන් ලෙස වෙස් මුහුණ දමාගෙන ඔවුන් ව්‍යාජ රංගනයක යෙදෙනවා. දමිළ ප‍්‍රජාව වසර 30ක් යුද්ධය නිසා පීඩා වින්දා. මා රඳවා තබා ගැනීම පිටරටවල සිටින එල්ටීටීඊයට සහාය දෙන්නන් පාඩමකට ගත යුතු අතර මෙම සංවිධානයට කිසිම ලෙසකින්වත් සහාය නොදෙන ලෙසත් එල්ටීටීඊයේ ක‍්‍රියාකාරකම් වලින් ඈත් වන ලෙසත් ආයාචනය කරනවා.

පොලිසියකට හෝ වෙනයම් බලයලත් ආයතනයකට මා මීට පෙර ඉහත හෙළිකළ රහස් පවසා නැහැ. ඒ ගැනත් මා වරද පිළිගන්නවා යැයිද ජෙයසුන්දරම් විවෘත අධිකරණයේදී කියා ඇත.

කිසිම අයුරක ප‍්‍රචණ්ඩත්වයක් ප‍්‍රතික්ෂේප කරන මම ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලූම ප‍්‍රජාවට සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් දැන් තිබෙනවා” යැයි පැවසූ ජෙයසුන්දරම් තම බිරිඳ හා දරුවන් සමග ජීවත්වීමට හැකිවන ලෙස පුනරුත්ථාපනය කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

 

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

ප‍්‍රභාකරන්ට නැව් මිලදීගත් පාසල් මිතුරා හෙළිකළ තොරතුරු

වාසු Friday, 24 May 2013 12:41 PM

පෙරලුන පිට හොදයි කියනවනේ. (නි)

:       0       0

කමල් Friday, 31 May 2013 03:26 PM

මේවා කියන්න ඕනේ අපිට නෙමෙයි , අන්තර් ජාතික ප්‍රජාවට. (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 20 May 2013 04:19 PM

සර්පයන්ට කිරි පොවමු. (ස)

:       0       0

කමල් Tuesday, 21 May 2013 01:59 AM

මොහුත් ත්‍රස්තවාදියෙක් දඩුවම් දෙන්න ඕනේ

:       0       0

ස්වර්ණ Tuesday, 21 May 2013 04:14 AM

අපේ නායකතුමා හොද හන්දම මෙයාලට හොදයි. වෙන රටක නම් නුඹලව උල තියනවා (නි)

:       0       0

දිනේෂ් Thursday, 23 May 2013 12:10 PM

යම් හෙයකින් කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්නට බැරි වූවා නම් මෙයා මෙම පාපොච්චාරණය කරාවිද? (නි)

:       0       0

ගයාන් Monday, 27 May 2013 12:18 PM

ඇයි තවත් අපි බුරුලක් දෙන්නේ? (නි)

:       0       0

අලහප්පෙරුම Monday, 27 May 2013 12:20 PM

කොටි සර්පයන්ට කිරි නැතුව වටවල කහට පෙව්වනම් හරි. හිතේ කහටක් නැති වෙන්න.(නදී)

:       0       0

දිසානායක Monday, 20 May 2013 02:43 PM

අපේ හිත්වල තරහක් නැහැ සහෝදරයා (නි)

:       0       0

දිසානායක Thursday, 23 May 2013 07:35 PM

මුරුගන්ලා වගේ ද්‍රෝහීන්ට අදහස් දාන්න දෙන්නත් නරකයි බලාගෙන යනකොට (නි)

:       0       0

මනෝජ විජේරත්න Sunday, 02 June 2013 09:21 PM

මේ මහත්තයටත් ඇමති කමක් දීලා කොහොමහරි තියාගන්න බලමු. මොකද මෙයාට දේශපාලනය ගැන හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්නෙ. අපේ හිටපු හමුදාපති වගේ දේශපාලනය ගැන අත් දැකීම් නැති කෙනෙක් නෙවෙයිනේ.(නදී)

:       0       0

ලලිත් Monday, 20 May 2013 08:36 PM

අනේ පව් ඇත්තම කීව නේ පුනරුත්ථාපනය කර ඇමති කමකුත් දෙමු. (අ)

:       0       0

අමිල Monday, 27 May 2013 01:20 PM

අපිට දැන් බිය වෙන්න දෙයක් නැහැ

:       0       0

රංග Wednesday, 29 May 2013 09:29 PM

අනේ අපි මේ මහතාටත් කැබිනට් ඇමතිකමක් දීලා අපේ ලගම තියාගමු නේද ? නැත්නම් හොද නැහැනේ..... (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 May 2013 07:00 PM

කෝ අර රට බෙදන්න ෆෙඩරල් ගැන කියන අහිංසක මුරුගන් මල්ලි? දැන්වත් සමගියෙන් ඉදිමු. (නි)

:       0       0

සරත් Wednesday, 05 June 2013 07:07 AM

අපේ මහත්මා ගති සමහර රටවල් විහිළුවට හා නිවටකමට ගන්නවා. ඒකයි කනගාටුව. (නදී)

:       0       0

සම්පත් Friday, 24 May 2013 12:00 PM

දැන්ද මතක් වුණේ වැරදි වැඩක් කලේ කියලා. ගෙනාපු ආයුධ වලින් අපේ සිංහල කොල්ලෝ කි දෙනෙන් මැරෙන්න ඇද්ද? (නි)

:       0       0

කමල් Tuesday, 21 May 2013 03:34 PM

මෙයා ඇත්ත කියනවා නම් ෂෝක්, වෙනත් අරමුණක් තියනවාද කියලා හිත තමයි දන්නේ. අප රට කල යුත්තේ මොවුන් පුනරුත්ථාපනය කරන අතර ආරක්‍ෂක තත්තය වැඩි දියුණු කිරීමට තවත් කටයුතු කිරීමයි.(නදී)

:       0       0

ශෙහාන් Friday, 31 May 2013 09:46 PM

අපේ සිංහල මිනිසුන්ගේ හිත හොඳ වැඩියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 200 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 37 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 68 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 158 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 861 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 492 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site