IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ප්‍රංශයෙන් උපහාර ලබන මාලනී ෆොන්සේකා


 

‘තිස්ස මහත්තයෝ, මේ ඉන්නේ අපේ වැඩේට හරි යන කෙල්ලයි. ‘ 1967 අවසාන භාගයේ දිනක අකල් වැස්ස නාට්‍ය නැරඹූ  ජෝ අබේවික්‍රම මහතා විසින් පුංචි බබා සිනමා පටය නිපැයූ තිස්ස ලියනසුරිය මහතාට එසේ කිවේලූ. එදා  දුටු ඒ තරුණ කෙල්ල පුංචි බබා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පණ පෙවීමට තෝරා ගත්තේය.
අකල් වැස්ස වේදිකා නාට්‍යයේ හොඳම නිළිය ලෙස තේරී පත්වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නිළිය ප්‍රථම වරට රඟපෑවේ පුංචි බබා චිත්‍රපටයේය.

 
 

සුගතදාස මාරසිංහ මහතා නිශ්පාදකයාය. තිස්ස ලියනසූරිය මහතාගේ නිර්මාණයකි.ජෝ අබේවික්‍රම , මාලනී ෆොන්සේකා හා අනුලා කරුනාතිලක ප්‍රධාන චරිත වලට පණ පෙවුහ. පුංචි බබා 1968 පෙබරවාරි 26 වැනිදා  ශ්‍රී ලංකා රිදී තීරයේ තිරගත වුයේය. වර්තමාන › ලංකාවේ සිනමා අග රැඡින විරුදාවලියෙන් සැලකුම් ලබන පනස් වසරක වේදිකාව හා සිනමා දිවියක මග ගෙවූ මාලනී ෆොන්සේකා රිදී තීරයට පිවිසියේ එසේය.

එදා සිට අද දක්වා දෙස් විදෙස් සිනමා කෘති 150ක පමණ ප්‍රධාන චරිත රඟපා පසු කාලීනව අධ්‍යක්ෂකවරියක, නිශ්පාදකවරියක ලෙස  ලංකා සිනමා ක්ෂේත්‍රයට ඇය කළ දායකත්වය කිසි විටෙකත් මිල කළ නොහැකිය. එදා ආරම්භ කළ සිනමා දිවියේ මේ දක්වා ඇගේ රඟපෑම් දුටු සිනමා ලෝලියෝ සතුටු කඳූළු සැළුවෝය. සමහරෙක් ඇඩුවෝය.  සමහරු දුක් වූවෝය. සමහරු පුදුම වූවෝය.

නිධානය,  වැලිකතර,  එයා දැන් ලොකු ළමයෙක්,  බඹරු ඇවිත්,  ආකාස කුසුම්, ස්ත්‍රී , යන සිනමා කෘතිවල ඇගේ ප්‍රතිභාපූර්ණ රඟපෑම් වලින් ඔපවත් කර ඇත්තේය. ඇගේ රඟපෑම් ඒ තරමටම උසස්ය . විශිෂ්ටය . එම දක්ෂතාවයන්ට ඇය ලැබූ සම්මාන ගොන්නෙන් ඇගේ විසිත්ත කාමරය පිරී ඉතිරී ඇත්තේය.

සරසවි සම්මාන. කලා ශ්‍රී සම්මාන, විශ්ව ප්‍රසාදනී සම්මාන,  රිදී මොනරා සම්මානය ආදි සම්මාන රැසක් හිමි කරගත් ඇය 2012 දි හා 2013 දි අනුපිළිවෙළින් ඉන්දියාවේ ජාත්‍යයන්තර සිනමා උළෙලෙ හා ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිපික් ජාත්‍යයන්තර සිනමා උළෙලේ විශේෂ ජූරියේ සමාඡිකාවක ලෙසද  ඇය කටයුතු කළාය

 පසුගිය මාර්තු 05 වැනිදා ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ධෝවිල් 16 වැනි අන්තර් ජාතික ආසියා සිනමා උළෙලෙ ආරම්භ වුයේ ඇයගේ පනස් වසරක කලා දිවියට විශේෂ උපහාරයක් පුදමිනි.

මින් පෙර මෙම උළෙලේ උපහාර ලැබූවන් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් අයත් වෙති. එය 2001 දී සිදුවුයේය.මෙවර උළෙල සදහා ඉරානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, දකුණු කොරියාව, චීනය, කසකස්ථානයේ සිනමා කෘති ඉදිරිපත් කර තිබුණේය.

 උළෙල ආරම්භ කරමින් ධෝවිල් නගරයේ නගර සභාපති පිලිප් ඔඡියේ හා සිනමා උළෙලේ සභාපති ලයනල් ෂූසොන් දේශන පැවැත්වුහ. එහිදී සිනමා නිළි මාලනී පොන්සේකා විශේෂ ඇගයීමකට ලක් විය.

අත් පොලසන් හඩ මැද්දේ වේදිකාවට පැමිණි මාලනී පොන්සේකා මහත්මිය තම ආදරය මෑණියන් හා ඇගේ කලා දිවියට අත දුන් සියළුදෙනා සිහිපත් කරමින් විශේෂ දේශනයක් කළේය.

 අනතුරුව ඇයට උපහාර දක්වමින්  තිලිණි ප්‍රදානය සිදු විය. ඒ වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත්, හා ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් යන චිත්‍රපටි උළෙල පවත්වන දින පහ ඇතුළත තිරගත වන්නේය. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රංශයේ  ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත හා ඔහුගේ බිරිය සහාභාගි වුහ.
 


 

සිනමා උළෙල ආරම්භ වීමට ප්‍රථම  මාලනී පොන්සේකා පුවත්පත් සාකච්ඡාවකට මෙලෙස එක්වුවාය.

 

  ප්‍රංශයේ පැරිස් නුවර ලෝකයේ කලා නගරයක් ලෙස හදුන්වනවා. ලෝක ප්‍රකට පඬිවරුන්, විශාරදයන්, විදුවරුන්, කවියන්, ලේඛකයන්, නළු නිළියන් ආදි ලෙස විශිෂ්ට මිනිසුන් මෙම කලා නුවර ආලෝකවත් කිරීමට දායකවී තිබෙනවා. මෙවැනි පරිසරයක ඔබේ සිනමා අඩ සියවසට ප්‍රංශයේ ධෝවිල් 16 වැනි අන්තර් ජාතික ආසියා සිනමා උළෙලේදි උපහාර ලබනවා. එය විස්තර කරන්නේ කෙසේද?
ඹව් මම බොහෝම සන්තෝස වෙනවා. මෙය විදේශ රටක තෝරා ගැනීමක්. විශේෂයෙන් ප්‍රංශය වගේ කලාව ඉහළින් සලකන රටක මෙවැනි උළෙලකට සහාභාගි වීම හා උපහාර ලැබීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා.

 

 

  අකල් වැස්සෙන් වේදිකාව තෙත් කොට එයින් පෝෂණයවූ සිනමා දිවිය ආරම්භ කර  ලංකාවේ සිනමා අග රැඡිණිය  ලෙස විරුදාවලිය හිමිකර ගත් ඔබ ඇමතීමට සුදුසු වන්නේ එම අගරැඡි‚ය ලෙසද? එසේ නැත්නම් අඩ සියවසක් සිනමාව ආලෝකමත් කරමින් අප්‍රමාණ සිනමා රසිකයන්ගේ හදවත වැළඳ ගත් හා ඔවුන් විසින් ආදරයෙන් අමතන මාලනී අක්කා ලෙසද? එසේත් නැත්නම් වර්තමාන ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද?
පිලිතුර :ඔය මුලින් කිව් කොයි ආකාරයෙන් කථා කළත් මම හුගාක් සතුටුයි. මගේ ආදරණිය සිනමා රසිකයන් හැම දෙනා අමතන මාලනී අක්කා ලෙස ඇමතීම මගේ සිතට අසීමිත සතුටක් ඇති කරනවා. ඒ වගේම අක්කා ලෙස ඇමතීමේදි ලෙන්ගතු බවක් දැනෙනවා. ඒ වගේම මන්ත්‍රීවරියක් ලෙස ඇමතීමේදි ලොකු වගකීමක් හා ගෞරවයක් ඇතිවෙනවා.

 

  ඔබගේ සිනමා අර්ධ සංවත්සරයට උපහාර ලබන අද ප්‍රංශයේ ධෝවිල් 16 වැනි ජාත්‍යයන්තර ආසියා සිනමා උළෙලේ තිරගතවූ නිධානය චිත්‍රපටියෙන් ඔබට ගුරු හරුකම් දුන් අප අතරින් සමුගත් සිනමා සක්විති ලෙස හැදුන්වූ ප්‍රතිභා පූර්ණ නළු ගාමිණි ෆොන්සේකා සිහිපත් කිරීම ගුරු උපහාරයක් වගෙයි.
ඔව් ගාමිණි  ෆොන්සේකා අපේ සිනමාවේ අමතක නොවන දැවැන්ත සිනමා බළකණුවක්. ගාමිණි‚ අපිට කවදාවත් අමතක කරන්න බැරි දක්ෂ වටිනා චරිතයක්. ඔහු සිහිකිරීම ඇත්තටම ගුරුවරයකු  සිහි කිරීමක් .
ඒ වගේම මගේ සිනමා දිවියට අත හිත දුන් අධ්‍යක්ෂකවරුන්, නිශ්පාදකවරුන් සිනමා සමකාලීනයන් සිහිපත් කිරීමද ඔවුන්ට කරන ගෞරවයක් වෙනවා. ඒ තුලින් අපේ වර්තමාන හා අනාගත සිනමා කරුවන්ට ලබා දෙන හොඳ ආදර්ශයක් .

 

  එදා හා අද අතර ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ගුණාගුණ හා එහි වෙනස් වීම් ගැන ඔබේ සමාලෝචනය කුමක්ද ?
ඇත්තටම පසුගිය කාලයේ ලංකාවේ  යුද පරිසරයේ අපේ සිනමා කරුවන්ට බොහෝ අභියෝග වලට මුහුණ දීමට සිදුවුණා. දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම මඟ හැරී තිඛෙනවා. ඒ අනුව අපට අළුත් පණක් ලැබී තිඛෙනවා. ඒ වගේම ලෝකයේ දියුණු වෙමින් පවතින ඩිඡිටල් තාක්ෂණය අපේ රටේත් ප්‍රචලිත වෙමින් පවතිනවා. එයින් ඉදිරියේදි හොඳ සිනමා ලෝකයක් බිහිකිරීමට හැකි වනු ඇතැයි මම හිතනවා.

 

  ප්‍රංශය යනු කාන්තාව උතුම් කොට සලකන, කාන්තාව සම ලෙස සලකන ,මවක්සේ පුදන රටක්. අද  ලංකාවේ මාලනි ෆොන්සේකා යනු අපගේ සිනමා මවකි. මන්ත්‍රීවරියකි.  ලංකාවේ කාන්තාවන්ගේ අයිතීය සුරැකීම උදෙසා මේ දාකත්වය කෙසේද? 
මට ලැබුණු එම නිලයෙන් යම් සේවයක් කරන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. එදත් අදත් මම ඉතා නිහඩව එම සේවය ලබා දෙනවා. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයේදි එම සේවය සලසනවා.

 

  මාලනි අක්කා වැඩියෙන්ම කැමති සිනමාවටද?  දේශපාලනයටද ?
සිනමාව යනු මගේ ජීවිතයයි . මම එයට ප්‍රථම තැන දෙනවා.

 

 



අදහස් (0)

ප්‍රංශයෙන් උපහාර ලබන මාලනී ෆොන්සේකා

ස්වර්ණා ජයතුංග Monday, 10 March 2014 04:34 AM

ඔබ උපහාර ලැබිය යුතු නිළියක් ඔබගේ රංගනය අති විශිෂ්ඨයි (අ)

:       0       0

නීල් කොස්තා Friday, 07 March 2014 11:13 PM

පුදුම ගැහැනියක්. මාලිනි ඔයා ගැන හරිම ආඩම්බයි.(නදී)

:       0       0

සුගුණේ Monday, 10 March 2014 04:54 AM

පද්මපානි හරියට හරි. මේ නිළියන්ව,ක්‍රීඩා තරු දේශපාලනේට ගෙනත් ඒ අයව විනාශ කරලා දානවා (අ)

:       0       0

රොහාන් දයාදර Thursday, 13 March 2014 07:49 PM

ගාමණී ෆොන්සේකා, මලානි ෆොන්සේකා කියන්නේ කළු සුදු, වර්ණ සිනමාවේ වල්ගතාරකා. ඔබ දිස් වෙනකොට රිදී තිරය රනින් බැබළුණා, ඔබ ශ්‍රී ලංකා මාතාවගෙන් බිහිවූ මිලකළ නොහැකි මැණික්, ඔබට චිරන් ජයතු !!! (දී)

:       0       0

දයාරත්න Monday, 17 March 2014 10:45 AM

ඔයා ගොඩක් හොදයි.(නදී)

:       0       0

මහින්ද රළපනාව Tuesday, 11 March 2014 05:57 PM

විජය මලානි යනු අපේ සිනමාවේ සුවර්ණමය සංකේතයි .එය කාල වකවානුවක් නොවේ ..... (දී)

:       0       0

රොහාන් දයාදර Thursday, 13 March 2014 09:59 PM

අපිට අපේම සිංහල සිනමාවක් ඇත. ගාමිණී, මාලනී යන අබිබපුර්ණ නළු නිලියන් නොසිටියත්, නිධානය වැනි නිර්මාණ බිහිවේවි. නමුත් අසමසම රංගන කුසලතා ඉපදේ විද ? (අ)

:       0       0

රේණුක Saturday, 08 March 2014 11:34 AM

මාළනී කියන්නේ නිහතමානී කාන්තාවක්.(නදී)

:       0       0

කාංචන ලක්මාලි Friday, 21 March 2014 01:10 PM

මාලිනිය, ඔබ රටට ආඩම්බරයක්. ඔබේ සාර්ථකත්වයට සුබ පැතුම්.(නදී)

:       0       0

සරණි Tuesday, 18 March 2014 12:38 PM

"මාලිනිය" ඔබ අමරනියයි. ඔබවන් කෙනෙකු යලි ශ්‍රී ලංකාවේ ඉපදෙන්නේ නැත. මගේ මතකයේ හැටියට ඔබ අකල් වැස්ස වේදිකා නාට්ටිය පලවෙනි වරට ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා සමග රංගනය ඉදිරිපත් කර ඇත. මෙම උපහාරයට මගේ උණුසුම් සුබ පැතුම්. (අ)

:       0       0

රස් Monday, 10 March 2014 04:18 PM

ලංකාවට ඔබ වැනි ප්‍රවීණයන් කොයින්ද (දිල්)

:       0       0

දිනේශ Tuesday, 18 March 2014 02:12 PM

මාලනියේ ඔබ ඇත්තටම ඉන්ද්‍රජාලයක් ! දෙදුන්නකට ද සම වේ! (නදී)

:       0       0

අනන් ප්රියන්ගනේ Sunday, 09 March 2014 10:42 PM

ඔබ හරි නිහට මනි....දෙශපලනයට එකතු නොවී උන්නා නම් ඇත්තමට හොදියි (අ)

:       0       0

නීල් කොස්ත Saturday, 15 March 2014 03:20 AM

තවමත් එදා වගේම ලස්සනයි (අ)

:       0       0

පද්මපානි Sunday, 09 March 2014 05:01 AM

දේශපාලනයට එකතු නොවුනානම් නිළියක් ලෙස පැලඳි කිරුළ බිම දාගන්නේ නැතිව ඉන්න තිබුණා (දිල්)

:       0       0

කමණි Wednesday, 12 March 2014 09:32 AM

මගේ ප්‍රියතම නිළිය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 705 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site