IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ප‍්‍රහාරක කණ්ඩායම් යානය ඔසාමාගේ නිවස උඩ

 

 

අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් අල්ලා මරා දැමූ ඇමෙරිකානු මෙහෙයුමේ රහසිගත සහ නවීන තාක්‍ෂණික ක‍්‍රමෝපායන් ගැන ලියැවෙන ලිපිපෙළක හතරවැන්න අද පළවේ.

තෙවන දිනයේදී මෙහෙයුම කි‍්‍රයාත්මක කළ යුතුව තිබිණි. අනපේක්ෂිත ලෙස කාලගුණය අයහපත් වී ඇත. දක්නට ඇත්තේ වලාකුළිින් බරවූ අහසකි. ඩ්‍රෝන යානා යොදා ගනිමින් බින් ලාඞ්න් මේ මොහොතේ නිවසේ රැඳී සිටින්නේ ද නැතිනම් ඔහු පිටව ගොස් ඇත් ද යන්න සොයා බැලිය යුතු වුව ද වළාකුළු අධික කාලගුණය මේ පරීක්ෂා කිරීමට හරස් වී ඇත. මෙහෙයුම ටිකෙන් ටික පමා වෙයි. මෙහෙයුම අත්හිටුවීමට වඩා එය පමා කිරීම සුදුසු බව කාගේත් විශ්වාසය විය.

පාකිස්ථාන භූමියට හේතුවක් නොමැතිව ඇතුළු වීම කළ නොහැකි බැවින් මේ මෙහෙයුම ආවරණයට ද යමක් කළ යුතුව පැවතිණි. නිලධාරියකු පැමිණ මාර්ක් ඇතුළු කණ්ඩායමට කියා සිටියේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානයක් එම ඉසව්වේ දී අතුරුදන් වූ බව පකිස්ථාන බලධාරීන්ට ඉදිරිපත් කරමින් එම යානය සෙවීමේ මෙහෙයුමක් ලෙස මෙම මෙහෙයුම ඔවුන්ට හගවන බවයි.

මෙහෙයුම් කණ්ඩායමට දැන් දැන් එල්ල වෙමින් ඇති පීඩනය අඩුකැර ගැනීමට එය සුදුසු විහිළුවක් ද විය. මන්ද යත් ඉහළ පුහුණුවක් ලද සීල් භටයන් 24 දෙනකු අති නවීන අවි ආයුධ වලින් සන්නද්ධව, නවීනතම පහරදීමේ තාක්ෂණයෙන් සන්නද්ධව, සුනඛයන් ද කැටුව කරන කාර්යය එමගින් කිසිසේත්ම පැහැදිලි කළ නොහැකි වූ බැවිනි. මෙම සාකච්ඡුාව අවසන් වනවාත් සමගම මෙහෙයුම් මැදිරියට ඇතුළු වූ කණ්ඩායමේ අණදෙන නිලධාරිවරයා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා මෙහෙයුමට අවශ්‍ය අවසරය ලබාදුන් බවත් හෙට දින රාතී‍්‍ර එය කි‍්‍රයාත්මක වන බවත්ය.

මාර්ක් නින්දට සැරසුන ද එය ඔහු අසලටවත් පැමිණියේ නැත.

අවසන් පැය කිහිපය මාර්ක් සුව පහසුවෙන් සිටීමට උත්සාහ කළ ද , ඇඳ ඇතිරිලි මත සිරුර හෝ සිත යන දෙකෙන් එකක් හෝ සන්සුන් වූයේ නැත. රාති‍්‍රය එසේ වුව ද මාර්ක් හට උදෑසන වෙහෙසක් දැනුණේ නැත. නැවුම් උදෑසනකට හිරු උදා වී තිබේ. මෙහෙයුම් කණ්ඩායමේ සියල්ලෝම දැඩි උනන්දුවකින් හා උද්යෝගයකින් සිටිති.

නිදා හුන් තැනින් සෙමෙන් නැගිට සිටි මාර්ක් නින්දේ සිටි ඇතැම් ස`ගයන් අවදි වනු ඇතැයි සිතා හඩ නොනගා ම ඇඳ පැළඳ ගත්තේය. ඔහු මනස යොමු කළේ උදෑසන ආහාරය සඳහා පමණි. මොවුන්ගේ සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ පියවරෙන් පියවර එකිනෙකට අවධානය යොමු කිරීම සඳහා ලබා දී ඇති පුහුණුවයි.

අවන්හල වෙත ගිය මාර්ක් අවට සිසාරා බැලූවේය. එහි වූ මල නොබැඳෙන වානේ බඳුන් සෑම එකකට ම පිසූ ආහාර දමා තිබුන ද  ඒවා එතරම් පි‍්‍රය උපදවන සුළු ඒවා නොවීය. නමුත් ශක්තිය අධික ව අවශ්‍ය බැවින් දැන් මේ ආහාරය ගත යුතුය.

මාර්ක් සිය උදෑසන ආහාරය ගැන මෙසේ කියයි.
‘‘කෝකියා මා දෙස බලා සිටියි. මම බිත්තර හතරක් හැම් එකක් සහ චීස් ඉල්ලූවෙමි. කෝකියා ඒවා සකසන අතර මම පාන් සහ පළතුරු බෙදාගත්තෙමි. උදෑසන ආහාරය සහිත බන්දේසිය අතින් ගත් මම ඒ වන විටත් ආහාර ගනිමින් සිටි චාලි සහ ටොම් මිතුරන් දෙදෙනාට සුබ උදෑසනක් ප‍්‍රාර්ථනා කරමින් ඔවුන් අසලින්ම අසුන් ගත්තෙමි. මම මේ මිතුරන් අතර සිටිමින් හාස්‍ය මතු කිරීමට කොතෙකුත් උත්සාහ ගත්ත ද එය ප‍්‍රතිඵල දායක වූයේ නැත. මාගේ විහිළු එතරම් හොඳ ඒවා නොවීම එයට හේතු වන්නට ඇත. චාලි නම් ඒවා යම් පමණකින් විහිළු හැටියට සැළකුවේය. ඔහු ඒවා කියන විට විනෝදාස්වාදය මතුව ආයේය.

මේ කිසිවකුත් ආහාර වල රසය සොයන්නේ නැත. එවැනි අවශ්‍යතාවක් ඔවුන්ට ඇත්තේ ද නැත. ඔවුන් ආහාර ගන්නේ හුදෙක් එළඹෙන කි‍්‍රයාන්විතය සඳහා ඉන්ධන ලෙස පමණි.

‘‘මා නැවත පැමිණෙන විට ශාලාව දැඩි නිහඩතාවක ගිලී පැවතියේය. ඇතැම් සගයන් අවසන් මොහොත දක්වාම නිදා ගැනීමට උත්සාහ කරනු පෙනේ. නමුත් මා කෙතරම් උත්පේ‍්‍රරණය වී සිටින්නේ ද යත් නින්ද මා අසලකටවත් පැමිණෙන්නේ නැත.’’ මාර්ක් එසේ පවසයි.
ක‍්‍රමවත්ව නවා තිබූ නිල ඇඳුම මාර්ක් පිටතට ගත්තේය. එය කාන්තාර මෙහෙයුම් සඳහා සුදුසු ආකාරයට තැනූවකි. අත් දිග කමිසයක් සහ දිග කලිසමකින් සමන්විත එහි සාක්කු 10 ක් තිබේ. ඒ සෑම සාක්කුවක් ම විශේෂිත වූ කාර්යයක් වෙනුවෙන් වෙන්කැර ඇත. වෙඩි නොවදින කබායක් ඇතුළතින් හැඳිය හැකි ආකාරයෙන් කමිසය සකස් කැර ඇත. කලිසමේ සහ කමිසයේ අත් පරිසරය සමග මුසු වීමට සකසා තිබුණ ද කමිසයේ අනෙක් කොටස සැහැල්ලූ අමුද්‍රව්‍යයකින් නිපදවා තිබේ.

 

 

‘‘ඇඳ මත වාඩිවූ මම හැඳ පැළඳ ගැනීම ආරම්භ කළෙමි. ඒවායේ ඇති සියලූ සාක්කු පවා එකිනෙක පරීක්ෂා කරමින් සියලූ පියවර අනුගමනය කළෙමි. එක් සාක්කුවක හෙළිකොප්ටරයේ සිට කඹ ආධාරයෙන් පැනීමට අවශ්‍ය අත්වැසුම් යුගල තිබේ. තවත් සාක්කුවක අමතර විද්‍යුත් කෝෂ ඇත. තවකෙක ශක්තිජනක ජෙල් සහ ශක්තිජනක ආහාර රැගත් පැකට් දෙකක් ද ඇත. තවත් සාක්කුවක කුඩා ප‍්‍රථමාධාර පෙට්ටියක්ද තවත් එකක රබර් අත්වැසුමක් ද විය. කමිසයේ වම් පස සාක්කුවට ඩොලර් 200ක් ද දමා ගතිමි. එය යමකුට පගාවක් දීමට හෝ ප‍්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය වුවහොත් වැදගත් වනු ඇත. දකුණු පස සාක්කුවේ මගේ ඔලිම්පස් කැමරාව විය. බඳ පටියේ පිටු පසට පිහියක් ද සවිකැර තිබිණි. මා යළි සියල්ල පරීක්ෂා කළෙමි. වෙඩි නොවදින කබාය සිරුරේ ඉදිරිපසින් හා පිටුපසින් වැදගත් ඉන්ද්‍රියයන් ආරක්ෂා කරයි. ඉදිරිපසින් මා සතුව පණිවිඩ හුවමාරු යන්ත‍්‍ර දෙකක් තිබේ. මා භාවිතා කරන ස්වයංකී‍්‍රය අවිය සඳහා මැගසින් තුනක් හා අත් බෝම්බයක් ද ඇත. එහි රසායනික පන්දම් කිහිපයක් ද වූ අතර අඳුරේ දර්ශන දැක ගන්නා උපකරණයකින් හැර දැකිය නොහැකි අධෝරක්ත පන්දම් කිහිපයක් ද මා සතුව තිබේ. මා හිස් වැස්ම පරීක්ෂා කළෙමි. රාතී‍්‍ර දර්ශන ලබාගන්නා උපකරණ ද සහිතව එහි බර රාත්තල් 10 කට අඩුය. මේ හිස් වැසුමට සාමාන්‍ය මිලි මීටර නමයේ පිස්තෝල උණ්ඩයක් වැළැක්වීමේ හැකියාව තිබේ.’’

අනතුරුව සිය ගිනි අවිය අතට ගත් මාර්ක් එහි දුරේක්ෂය ද සකසාගෙන එය නිවැරදිව කි‍්‍රයාත්මක වන්නේ දැයි පරීක්ෂා කැර බැලීය. අවසාන වශයෙන් මෙහෙයුම සඳහා අවශ්‍ය සියලූම තොරතුරු ඇතුළත් ලේඛණ අතට ගත් හෙතෙම එහි ගොඩනැගිලි සැලැස්ම, ඡායාරූප, පණිවිඩ හුවමාරු සංඛ්‍යාතයන් හා කි‍්‍රයාන්විතයේ සැලැස්ම නැවතත් අධ්‍යයනය කළේය. එසේම බින්ලාඩන්ගේ හා පුතුන්ගේ වර්තමාන ස්වරූපය කෙබදු ආකාරයක් ගන්නේ ද යන්න පෙන්වන ඡායාරූප කිහිපයක් ද ඔහු පරීක්ෂා කැර බැලීය. අවසාන පැයේදී නැවත නැවතත් සියල්ල ම නිවැරදිව පවතින බවට තහවුරු කැරුණි.

කණ්ඩායම් නායකයකු ලෙස මාර්ක් සන්නිවේදන ජාල දෙකකට සවන්දිය යුතුය. ඔහුගේ දකුණු කණට කණ්ඩායමේ ස`ගයන් අතර හුවමාරු වන දෙබස් ඇසෙන පරිදි ද, වම් කණට කණ්ඩායම් නායකයන් සහ මෙහෙයුම් මැදිරියෙන් නිකුත්වන දෙබස් හා උපදෙස් ඇසෙන පරිදි ද උපකරණ සකස් කැර ගත යුතුය. සියල්ල නිවැරදිව කි‍්‍රයාත්මක වන බව තහවුරු කැරගත් මාර්ක් කාමරයෙන් පිටවී සිය ස`ගයන් හා එක්වීමට මෙහෙයුම් මැදිරියට පිය මැන්නේය.

හිරු බැස යමින් තිබේ. සියල්ලෝම මෙහෙයුම සඳහා යුහුසුළුව සූදානම්ව සිටිති. අවශ්‍ය  උපකරණ අසුරමින් සෙබළු ඔබ මොබ ගමන් කරති. ස්ථානය යම් කලබලකාරී බවක් පෙන්වයි. මෙහෙයුම් මැදිරියට ඇතුළුවීමට ඇති දොර නිරන්තරයෙන් එය සවිකර තිබූ යකඩ උළුවස්ස මත හ`ඩ දෙමින් වැදෙයි.

මාර්ක් සිය කණ්ඩායම හා එක්වූවේය. ඔහු බලා සිටින්නේ මැන්රේවන්ගේ පැමිණීමයි. විල්ගෙන් ඔබ සූදානම් දැයි ඇසූ විට සූදානම් බව පැවසීමට මෙන් විල් හිස සලනු මාර්ක් දුටුවේය. වෝල්ට්, චාලි සහ කණ්ඩායමේ අන් සියල්ලෝම සිටිති. එතැනට පැමිණි මැන්රේවන් කළ යුතු කරුණු සියල්ල එකිනෙක යළි පැහැදිලි කළ ද මේ කිසිවකු ඔහු කියන දේ මතකයට ගන්නා බවක් පෙනෙන්නට නැත. ඒ තවත් සුළු මොහොතකින් ආරම්භ වන මෙහෙයුම ගැන ඔවුන් සිතමින් සිටින බැවිනි.

හෙලිකොප්ටර් යානා නවතා තිබූ ස්ථානයට මෙහෙයුම් කණ්ඩායම රැුගෙන ගියේ බස් රථ හතරකිනි. යුද පිටියේ සෙබළුන් ප‍්‍රවාහනයට යොදාගන්නා ඒ බස් රථ දුහුවිල්ලෙන් වැසී තිබූ අබලන් තත්ත්වයේ විය. චෝක් 1 සහ චෝක් 2 හෙලිකොප්ටර් යානා අයත් කණ්ඩායම් ඒවාට ඇතුළු වීමට පෙර එකිනෙකාට සිනාවක් පෑවේය. වචන හුවමාරුවක් සිදු නොවුණි. යමක් කීව ද හෙලිකොප්ටර් යානා වල හ`ඩින් ඒ සියල්ල යටපත්වනු ඇත. කිසිවෙක් කිසිම දෙයක් නොකීව ද සියල්ලන්ගේම හැසිරීමෙන් පිළිබිඹු වූයේ සටන් බිමේ දී නැවත හමුවෙමු යන්නයි.

‘‘හෙලිකොප්ටරයට නැගගත් අපි එකිනෙකාට මුහුණ ලා අසුන් ගතිමු. අපට ගුවන්ගත වීමට ඉතිරිව ඇත්තේ විනාඩි 10 ක කාලයක් පමණි. අවසාන වශයෙන් හෙලිකොප්ටරයට ඇතුළු වූයේ මමයි. ඒ හේතුවෙන් ප‍්‍රථම වරට කඹ ආධාරයෙන් සටන් බිමට පා තබන පුද්ගලයා ද වන්නේ මා බව දැනසිටියෙමි. කඹ ආධාරයෙන් බිමට බසින විට අපේ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා ඇති ස්නයිපර් තුවක්කුකරු හා වෝල්ට් අතර තිබූ කුඩා ඉඩක මම අසුන් ගත්තෙමි. අවසාන වතාවටත් මම ගිනි අවියේ කි‍්‍රයාකාරීත්වය පරීක්ෂා කළෙමි.’’

ගිනි අවිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අඳුරේ නිරීක්ෂණය කරන උපකරණ වලට හානි සිදුවීම වැළැක්වීමේ අභිලාෂයෙන් ඔහු එහි ඇති හිස් ආවරණ ගලවා තම උකුල මත තබා ගත්තේය. හෙලිකොප්ටරයේ දොර වසා දැමුණු වහාම යානය ඉහළට නැගුණි. මඳ වේලාවක් ගුවනේ එක්තැන තිබූ යානය වේගයෙන් සිය ඉලක්කය සොයා ගමන් ඇරඹීය.

ගුවන්ගත වී විනාඩි 15 කින් පසු පළමු වරට හෙලිකොප්ටර් යානා දෙක අතර සන්නිවේදන යන්ත‍්‍ර මගින් පණිවිඩ හුවමාරුව සිදුවිය. එයින් කියවුණේ අපි දේශසීමාව පසු කරනවා යන්නයි.

 

 

‘‘මට සුළු නිදිමතක් දැණුනෙන් නින්දට වැටිණි. ඇටොටාබාද් යන අතර දී පසුවන නිරීක්ෂණ මධ්‍යස්ථාන සඳහා වූ ආදේශ නාම කියවෙද්දී මා වරින් වර අවදි වුව ද නැවත නැවතත් කෙටි නින්දට වැටුනෙමි. විනාඩි 10න් පමණ පසු නැවත පණිවිඩ ලැබෙද්දී අවදි වූ මම ශරීරය සොළවා ඇස් පිස දමා ඇගිලි නවමින් දිග හරිමින් රුධිර ගමනාගමනය හැකිතාක් ඉක්මණින් සාමාන්‍ය තත්ත්වයට ගැනීමට උත්සාහ කළෙමි. හාත් පස බලද්දී පෙනී ගියේ මා මෙන්ම අන් සියල්ලෝ ද ගමන අතරතුර කෙටි නින්දකට වැටී සිට ඇති බවයි.’’
‘‘ තවත් විනාඩි හයයි ’’ ප‍්‍රධානියාගෙන් කියවෙත්ම මාර්ක් සිය හිස් ආවරණය පැළඳ ගත්තේය. ගිනි අවිය නැවතත් පරීක්ෂා කළ ඔහු හෙලිකොප්ටරයෙන් පිටතට පනින කඹය ද යළිත් පිරික්සුවේය. අඳුරේ වුව ද සියලූ දෙනාම ඒ ආකාරයෙන් සිදුකරන්නට ඇත.
‘‘සටන් බිමට බැසීමට ඇත්තේ තවත් විනාඩියකි. ඒ සමගම හෙලිකොප්ටරයේ දොර විවෘත වූවේය. මම කඹයෙන් පැනීමට අවශ්‍ය ආධාරකය සවි කළෙමි. හෙලිකොප්ටරයෙන් පිටත බලන විට අපේක්ෂිත දර්ශනය දිස්වෙයි. අපේ ඉලක්කය වූ නිවස හා ඒ අවට නිවාස කිසිවකින් එළියක් දක්නට නොවුණු අතර හාත්පස අඳුරේ ගිලී තිබේ මේ ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිතර නිතර සිදුවන සාමාන්‍ය දෙයක් බැවින් මෙය ද එවැනි මොහොතකැයි මම විශ්වාස කළෙමි.”

මධ්‍යම රාති‍්‍රයට ආසන්න වී ඇත. මෙහෙයුම් කණ්ඩායමට ඉලක්ක භූමිය වෙත ළගා වීමට ගතවූ කාලය විනාඩි 90 කි. නියමිත වේලාව නිශ්චිතවම එළඹෙන තුරු මාර්ක් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඔහු යමු... යමු... යමු.... යමු.... යනුවෙන් දිගින් දිගටම කියමින් සිටියේය.

සන්නිවේදන ජාලය ඔස්සේ ආ පණිවිඩය වූයේ ‘‘වටෙන් යන්න ’’ යන විධානයයි.
එවැනි විධානයක් පැමිණෙන්නේ යමක් වැරදී ඇති බැවින්ය යන්න මට ක්ෂණයකින් අවබෝධ විය.


විශේෂ ස්තූතිය : සුපුන් අනුරාධ මහතාට

 

ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම - 1

ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම - 2

 

 



අදහස් (0)

ප‍්‍රහාරක කණ්ඩායම් යානය ඔසාමාගේ නිවස උඩ

දර්ශන් Friday, 04 October 2013 12:53 PM

ලොවට වින කරන කාටවුනත් අත්වන්නේ ඔවැනි ඉරණමක්. (නි)

:       0       0

සමන් Monday, 30 September 2013 03:38 PM

පට්ට පල් බොරු ඔසාමා මීට අවුරුදු ගණනකට පෙර සාමාන්‍ය විදිහට මැරිලා ගියා මුන්ට පිස්සු කියල අපේ ලංකාවේ පත්තර වලටත් පිස්සුද (නදී)

:       0       0

සමන් Monday, 30 September 2013 03:38 PM

කමල් එහෙම දෙයක් වුනානම් විතරයි එය ගෙන යායුත්තේ මේක අමුලික බොරුවක් (නදී)

:       0       0

දිසානායක Tuesday, 01 October 2013 12:05 AM

සමන්, මෝඩ කතා කියා කියා රට හිනස්සන්නේ නැතුව හිටියා නම් නේද හොද? (නි)

:       0       0

දිනේෂ් Thursday, 03 October 2013 04:43 PM

සමන්,කමල් මොකද බොරු නම් වලින් පෙනී සිටින්නේ ඔසාමා ඇමෙරිකාව අතින් මරුන එකට කොහොමටත් ඔයාලට හිතට දුක තියනවා නේද? (නදී)

:       0       0

නුවන් Monday, 30 September 2013 04:00 PM

කෝ එතකොට තුන්වෙනි කොටස.(නදී)

:       0       0

නිමල් Monday, 30 September 2013 05:13 PM

සමන් හා කමල්, ඇයි බොරු නම් වලින් පෙනී සිටින්නේ? (නි)

:       0       0

මොහාන් Tuesday, 01 October 2013 07:48 PM

මටත් කතා කළා මේ මෙහෙයුමට යන්න.අම්මෝ! මම බැහැ කිවුවා (නි)

:       0       0

ඉෂාර Thursday, 03 October 2013 01:56 PM

“තෙවන දිනයේදී මෙහෙයුම කි‍්‍රයාත්මක කළ යුතුව තිබිණි. අනපේක්ෂිත ලෙස කාලගුණය අයහපත් වී ඇත.“ ඒකද තුන්වැනි කොටස නැත්තේ? (නි)

:       0       0

විපුල Friday, 04 October 2013 10:31 AM

කමල් මෝඩ කතා කියන්න එපා, වෙපන් තිබ්බත් නැතතත් ත්‍රස්තවාදියාගේ වෙනසක් නැහැ. ඔයා කියන්නේ නයින්ට කිරි පොවන්න කියලද? (නි)

:       0       0

ස්කාස් Tuesday, 01 October 2013 09:27 PM

අනේ මන්දා, මේවා ඇහෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා නේද? (නි)

:       0       0

රෙජි Monday, 30 September 2013 07:52 PM

මම කැමැති සමන් කියන මහත්මය ගැන අහන්න මොන සාදක මතද ඔසාමා සාමාන්‍ය විදියට මැරුන කියන්නේ. අනික් එක ඇමරිකාව නිසා තමයි අන්තවාදය පොඩ්ඩක් හරි යට පත් වෙලා තියෙන්නේ (නදී)

:       0       0

කමල් Monday, 30 September 2013 01:49 PM

ත්‍රස්තවාදියකු වුවත් නිරායුදව සිටියදී මරා දැමීම මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන නොයන්නේ මෙය ඇමරිකානුවන් විසින් කල නිසාද?(නදී)

:       0       0

ලාල් කැන්ඩ Wednesday, 02 October 2013 11:54 AM

ලෝකේ දරුණුම ත්‍රස්තවාදියා විනාස කරපු එකට ලංකාවේ හමුදාවට නම් ඇමෙරිකාවෙන් ලෙඩ ගොඩක් දානවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5251 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 737 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1306 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site