IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පුරහල අසල සූදු පිටිය වැටලූ නිලධාරීන් මාරු කළ අදෘශ්‍යමාන හස්තය

 

 

 

වසර 147ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකා පොලිසිය තවත් අභිමානවත් වැටලීමක් කළේය. ඒ කොළඹ හතේ පවත්වා ගෙන ගිය සුපිරි සූදු පොළකට පැන එහි සූදු කෙළමින් සිටි බව කියන හතළිස් දෙදෙනකු සහ කළමනාකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමයි. එම වැටලීම  කර විසි හතර පැයක් යන්නටත් පෙර තවත් ඉතිහාස ගතවන සිදුවීමක් විය. ඒ වැටලීම  කළ කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන සහ දුෂණ මර්දන ඒකකයේ සියලූ නිලධාරීන් හතර අතේ මාරු කිරීමයි.

එම ස්ථානමාරු ගැන ඇසීමෙන් වඩාත්ම සලිතවූයේ ස්ථාන මාරු ලැබූ පොලිස් සාමාජිකයන් නොව ශ‍්‍රී ලංකා පොලිසියේ කෙළින් වැඩ කරන සෙසු පොලිස් නිලධාරීන්ය. ඒ මොනයම් හෝ අවස්ථාවක නීතිය අකුරට ඉටු කරන්නට ගොස් තමන්ටද මේ ඉරණම අත්වේයැයි ඇති වූ බිය නිසාය.

මෙය වූ කලී සුළුවෙන් තැකිය නොහැකි බරපතළ වැරදි පූර්වාදර්ශයකි. ස්ථාන මාරු ලැබීමට ආසන්නම හේතුව වූ බූරු පොළ වැටලීමේ සිද්ධිය ගැන කෙටියෙන් හෝ සාකච්ඡුා කිරීම වටී.

සංවිධානාත්මක අපරාධ විමර්ශන හා දුෂණ මර්දන ඒකකයේ පොලිස් සාමාජිකයන් හට ලැබුණු තොරතුරක් අනුව පසුගිය හතර වැනි දා කොළඹ හතේ ගොඩනැගිල්ලක වායු සමනය කළ කාමරයක පිහිටි සුපිරි බූරු පොළක් වැටලීය. ඒ අවස්ථාවේ බූරු සෙල්ලම් කරමින් සිටි බව කියන හතළිස් දෙදෙනකු සහ කළමනාකරුවන් දෙදෙනකු රුපියල් එක්ලක්ෂ තිස් දහසක පමණ ඔට්ටු මුදල් ද සමග අත්අඩංගුවට පත් විය.

සූදු කෙළමින් සිටියවුන් අතර නීතීඥවරු, ඉන්ජිනේරුවරු ආදීන් සහ උසස් පළැන්තියේ බොහෝ දෙනෙක් සිටි බව පොලිස් ආරංචි කියයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර කළමනාකරුවනට රුපියල් පනස් දහස බැගින් දඩ ද, සූදු කෙළමින් සිටියවුනට රුපියල් සියය බැගින් දඩ ද නියම විය.

සංවිධානාත්මක අපරාධ විමර්ශන හා දුෂණ මර්දන ඒකකය මගින් කොළඹ හතේ පිහිටි මෙම සුපිරි සූදුපොළ වැටලූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට මාස කිහිපයකට උඩදී ද එම ස්ථානයම වැටලූ නිලධාරීන් එහි සිටි 80 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. එම නඩුව තවම අවසන් නැත. ලබන 20 වැනි දා නැවත එම නඩුව කැඳවීමට නියමිතය.

කොළඹ හතේ ජනාකීර්ණ ප‍්‍රදේශයක මෙතරම් කාලයක් නීති විරෝධීව සූදුපොළ පවත්වාගෙන ආවේ කෙසේද යන්න ගැටලූවකි. මන්ද, පොලිසියේ උසස් නිලධාරියකුගේ හෝ දේශපාලන ක්ෂේත‍්‍රයේ සහායක් නැතිව එවැන්නක් සිදු කරගෙන යා නොහැකි බැවිනි. ගමේ ගොඬේ දෙතුන් දෙනකු වටවී බූරුවා ගසද්දීත්, ගංජා ග‍්‍රෑම් එකක් දෙකක් ළඟ තබාගෙන ඉඳිද්දීත්, වෙලක් අස්සේ කසිප්පු පෙරද්දීත් ඒ ගැන තොරතුරු සොයා ගන්නා පොලිසියට කොළඹ හතේ  පවත්වාගෙන ගිය සුපිරි සූදු පොළක් ගැන තොරතුරු නොලැබුනේ මන්දැයි උභතෝකෝටික ප‍්‍රශ්නයකි.

එක්වරක් වටලා  විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබියදීත් එය නැවත පවත්වාගෙන ගියේ කාගේ හෝ අනුහසින් නොවන බව කිසිවකුට කිව නොහැක.  එලෙස තිබියදී දෙවැනි වතාවට එය වැටලූ පොලිස් නිලධාරීන් ගැන කිසිවකුගේ හෝ හිතේ වෛරයක් හට නොගත්තේ යැයි කිව නොහැක්කේ කාටද?  
වැටලීම සිදු කළ ස්ථානය හා සම්බන්ධ කාන්තාවක සමග හිතවත් රජයේ උසස් නිලධාරියකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු එක්ව සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මාරු කළ බවට පසුගිය සතියේ රාවයක් පැතිර ගියේය.

ඇමැතිවරයකු සහ ඇමැති බිරිඳක් ඊට සම්බන්ධ බවට තවත් ආරංචියක් පැතිර ගියේය. සිද්ධිය වෙනතකට යොමු කිරීම සඳහා එය ගොතන ලද කතාවක් යැයි තවත් ආරංචියක් පැතිර ගියේය.

ඒ කතා කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මාරු කළේ කිසිවකු හෝ සතුටු කිරීමට  බව දැන් ප‍්‍රසිද්ධ රහසක් වී හමාරය.
වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍ය වාර්තා කරද්දී පොලිසිය එම චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කළේය. ස්ථානමාරු ලබාදීම හා වැටලීම අතර සම්බන්ධයක් නැතැයි පෙන්වීමට විවිධ තර්ක ඉදිරිපත් කළේය.

කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයක් එකම ස්ථානයේ සිටි නිසා ස්ථාන මාරු කරන ලෙස ඉල්ලමින් අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලිපියක් ඉදිරිපත් කර ඇතැයි යන්න එවැනි එක් තර්කයකි.

ස්ථාන මාරුවීම් ලැබූ සියලූ දෙනාම පාහේ වසර 5ක්  එම ස්ථානයේ සිටියෝ නොවෙති. එමෙන්ම එලෙස මාරුවීම් ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රාජකාරියට ගොස් තවම වසරක්වත් නැත. එහි දෙවසරකට අඩු සේවා කාලයක් ඇති නිලධාරීහු ද බොහොමයකි. එලෙස තිබියදී දීර්ඝ කාලයක් එකම ස්ථානයක රාජකාරි කළ නිසා ඔවුන් මාරු කළායැයි කීම පුහු තර්කයක් නොවන්නේ දැයි සෙසු පොලිස් නිලධාරීහු විමසති.

සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දෙදෙනකු වෙනත් අපරාධයකට සම්බන්ධ වීම නිසා පොලිස් අත්අඩංගුවට ගත්තා යැයි කීම තවත් තර්කයකි.  ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වූයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කිරීමේදී නොව තාවකාලික ස්ථාන මාරුවක් ලැබ වෙනත් ස්ථානයක රාජකාරි කරද්දී බව තතු දත්තෝ කියති.  

 නිලධාරීන් ස්ථාන මාරු කිරීම හා වැටලීම අතර සම්බන්ධයක් නැතැයි කීමට  ඉදිරිපත් කරන පෙර කී තර්ක විතර්ක ඇසෙද්දී  අපගේ  මතකයට එන්නේ ”එකක් කඩතොලූ වසන්නට ගොස් අනේ මට වූ කාරියා, දෙකක් කඩතොලූ හදා දුන්නැයි කම්මලේ ආචාරියා.”  සහ ”හත්පොළේ ගාගන්නවා”යන ජන වහරයි.

සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මෑත මාස පහ හයේ දී කළ වැටලීම් ගැන ද කෙටියෙන් හෝ සලකා බැලීම වටී.

නීති විරෝධී කැසිනෝ හල් කිහිපයක් වැටලීම,  සුපිරි ගණිකා නිවාස රැසක්  වැටලීම, මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, අවි ආයුද සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ආදිය ද ඒ අතර වෙයි. මෑත කාලයේ එම අංශය මගින් ගොනු කළ නඩු සංඛ්‍යාව 40ක් පමණ වන බව පොලිස් ආරංචි කියයි.  නමගිය අපරාධකරුවන් රැසක් ද සංවිධානාත්මක අපරාධ විමර්ශන සහ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ හතේ සූදු පොළ වැටලීමත් සමග ස්ථාන මාරු ලැබූවන් අතර එම අංශයේ එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ඕ.පී. අබේරත්න, පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඞී. අත්තනායක, උප පොලිස් පරීක්ෂකවරුන් වන ඞී.ජී.එස්. සෝමරත්න සහ සිරිවර්ධන මහත්වරු ද,   පොලිස් සැරයන්වරුන් තිදෙනෙක් ද, පොලිස් කොස්තාපල්වරුන් 15ක් ද, එක් පොලිස් කොස්තාපල්වරියක් ද සිටිති. පොලිස් කොස්තාපල්වරිය කොළඹ වෙනත් පොලිසියකට සිය ස්ථාන මාරුව සාදා ගත් බව ද දැගන්නට ඇත.

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හිටි අඩියේ මාරු කළ මේ නිලධාරීන් පිරිස අම්පාර, මඩකළපුව, වව්නියාව, මන්නාරම, මාතලේ, මහනුවර,   නුවරඑළිය, පුත්තලම, හලාවත, ඇල්පිටිය, කෑගල්ල, කන්තලේ, බණ්ඩාරවෙල, හැටන්  සහ කළුතර  ආදී ප‍්‍රදේශ ගණනාවකට යවා ඇත. මාරුවීම් ලැබූ වැඩි දෙනෙක් අපරාධ විමර්ශන අංශවලට අනුයුක්ත නොකර වෙනත් රාජකාරිවල යොදවා ඇතැයි ද දැනගන්නට ඇත. මාරුවීම්වලට අත්සන් තබා ඇත්තේ පිරිස් හා පාලන නියෝජ්‍ය පොලිස්පති විසින් බව පොලිස් ආරංචි කියයි.  

සූදුපොළ වැටලූ නිලධාරීන්ගෙන් පළි ගැනීමට මාරුකිරීම් නොකළා නම් ඔවුන් අපරාධ කොට්ඨාසයකට හෝ අපරාධ සම්බන්ධ වෙනත් අංශයකට මාරු නොකළේ මන්දැයි පොලිසියේ සෙසු නිලධාරීහු ප‍්‍රශ්න කරති.

වැටලීම් කරන පොලිස් නිලධාරීන් මාරු කිරීම හා බලපෑම් කිරීමේ කලාව ගැන කීමට  ඕනෑ තරම් උදාහරණ තිබේ.  

පසුගිය අපේ‍්‍රල් මාසයේ එවැනි සිදුවීමක් වාර්තා වූයේ ගම්පහෙනි.  අවශ්‍ය ලියකියැවිලි නැතිව බීමතින් යතුරු පැදිය ධාවනය කළැයි ගම්පහ යක්කලදී සැකකරුවකු අත්අඩංගුවට ගන්නේ එම ස්ථානයේ රාජකාරි කළ වැරැල්ලවත්ත පොලිස් මුරපොළට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනෙකි. තමන් ගම්පහ නගරාධිපතිගේ හිතවතුන් බව කියමින් නගරාධිපතිට ඇමතුමක් ගෙන පොලිස් නිලධාරීන්  අතට දුරකතනය පත් කරද්දීත් ඒ බලපෑම් නොතකා කොස්තාපල්වරු අකුරට රාජකාරි කළෝය. එහි පැමිණි පිරිසකගෙන් පොලිස් නිලධාරීන්ට පහර කෑමට සිදුවූ බව ද පසුව වාර්තා විය. එලෙස තිබිය දී අකුරට රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවක් ලැබුණේ වෙනත් පොලිස් කොට්ඨාසයකටය. ඒ සිද්ධියෙන් දින තුනකට පමණ පසුය.  නීතිය අකුරට කරන්නට ගිය පොලිස් නිලධාරීන්ට අත්වූ ඉරණම එයයි.

බස්නාහිර පළාතේ එක්තරා පොලිසියක ස්ථානාධිපතිගේ හිතවතුන්ගේ කසිප්පු ඇල්ලූ පොලිස් සැරයන්වරයකුට අත්වූයේ ද අපූරු ඉරණමකි. එම පොලිස් සැරයන්වරයා ප‍්‍රදේශයෙන් කසිප්පු තුරන් කිරීම සඳහා දිගටම වැටලීම් සිදු කළේය. කුඩු සහ ගංජා වැටලීම් සිදු කළේය. පොලිස් ස්ථානාධිපතිගේ හිතවතුන්ගේ කසිප්පු තිප්පොලවල් ද වැටලීය. ඊට උරණ වූ පොලිස් ස්ථානාධිපති ප‍්‍රසිද්ධියේ පොලිස් සැරයන්ට තහංචි දැමීය. පොලිස් ස්ථානාධිපතිගේ ක‍්‍රියා කලාපය ගැන මාධ්‍ය මගින් දිගින් දිගටම චෝදනා කරද්දී ස්ථානාධිපතිට මාරුවක් ලැබුණි. ඔහු ගිය පසු සැරයන්ගෙන් පළි ගැනීම ඇරැඹීය. වෙනත් පොලිස් නිලධාරියෙක් ලවා සැරයන්ට එරෙහිව බොරු පැමිණිලි ඉදිරිපත් කරන්නට විය. පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, කොට්ඨාස භාර පොලිස් අධිකාරී, ප‍්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති ආදී නිලධාරීන් සිටිද්දී කෙළින්ම වෙනත් උසස් පොලිස් නිලධාරියකුට පැමිණිල්ල ඉදිරිපත් කළේය. ඒ පොලිසියේ සාමාන්‍යයෙන් සිදු වන ක‍්‍රියාවලියට බැහැරව යමිනි.

සිද්ධිය ගැන විභාගයක් නොකළ උසස් පොලිස් නිලධාරියා ප‍්‍රදේශයේ පොලිස් ලොක්කකුට උපදෙස් දුන්නේ සැරයන්ගේ වැඩ තහනම් කරන ලෙසයි. නීත්‍යානුකූල නොවන එම උපදෙස උඩ කිසි`දු වග විභාගයක් නැතිව සැරයන්ගේ වැඩ තහනම් කළොත් තමන්ට ලෙඩක් වැටෙන බව දැනගත් ප‍්‍රදේශයේ පොලිස් ලොක්කා සැරයන් ගැන විමර්ශනයක් කළේය. විමර්ශනයෙන් හෙළි වූයේ සැරයන්ගේ කිසිදු වරදක් නැති බවයි. සිදුවූයේ කිසිවකු නොසිතූ දෙයකි. වරදක් නැතැයි හෙළි වූ පොලිස් සැරයන්ට ඔහු සිටි පොලිසියේ සිට වෙනත් දිස්ත‍්‍රික්කයක පොලිසියකට මාරු වීමක් ලැබිණි. වැටලීම් කළ පොලිස් නිලධාරියා අගය කළේ එසේය.

දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ ගෝලයන්ගේ මන දොළ පිනවීමට නීති පොත් කණපිට පෙරළන ඇතැම් පොලිස් ලොක්කන් නිසා වසර 147ක ඉතිහාසයක් ඇති පොලිසියට සිදුවන කැළල සුළු පටු නොවේ. මහජන මිත‍්‍රශීලී අභිමානවත් පොලිස් සේවයක් ඇති කිරීමට පොලිස් නිලධාරීන් උදෙසා ‘සියපත්විල’ ආදී වැඩසටහන් සිදු කරයි. එවැනි වැඩසටහන් සිදු කරමින් වැටලීම් කළ නිලධාරීන් විසි හතර පැයක් යන්නටත් පෙර ස්ථාන මාරු කරන්නේ නම් පොලිසියේ අභිමානය සැකසෙන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි. එවැනි මාරු කිරීම් තුළින් සිදුවන්නේ පොලිසියේ අභිමානය වැඩිවීම නොව එවැනි මාරු සඳහා උපදෙස් දෙන දේශපාලනඥයන්ගේ හෝ වෙනත් උසස් නිලධාරීන්ගේ අභිමානය වැඩිවීමයි.

 

 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශය


වැටලීම හා ස්ථාන මාරු අතර සම්බන්ධයක් නැතැයි කියමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘පොලිස් මූලස්ථානයට අනුයුක්ත කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය 2010.09.05 පිහිටුවා ඇත.

මෙම ඒකකයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු 2013.09.09 වැනි දින පිළියන්දල මඩපාත ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මෙම සිද්ධියෙන් පසු අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා විසින් පොලිස්පති වෙත 2013.10.24 වැනි දින වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාව අනුව වසරකට වඩා වැඩි කාලයක් මෙම කොට්ඨාශයට අනුයුක්තව සිටි සියලූම නිලධාරීන් මාරු කරන ලෙසත් ඒ වෙනුවට නව නිලධාරීන් අනුයුක්ත කරන ලෙසත් නිර්දේශ කර ඇත.

තවද 2013.11.03 වැනි දින මෙම කොට්ඨාසයේ නිලධාරීන් විසින් පුරහල ප‍්‍රදේශයේ සූදු ක‍්‍රීඩා ස්ථානයක් වටලන ලද අතර සැකකරුවන් 42ක් අත්අඩංගුවට ගන්නා ලදී. එම වැටලීම ස`දහා මෙම මාරුවීම් ලද නිලධාරීන් ද සහභාගී ඇත.

කෙසේ වෙතත් මෙම නිලධාරීන්ගේ මාරුවීම් කරන ලද්දේ 2013 ඔක්තෝබර් 24 වැනි දින නියෝජ්‍ය පොලිස්පති/අපරාධ විසින් කරන ලද නිර්දේශයක් මත වන අතර සූදු පොළ වැටලීම සිදුකරන ලද්දේ 2013.11.03 වන දිනයි. මෙම මාරුවීම් සහ සූදු පොළ වැටලීම් අතර සම්බන්ධව කිසිදු සබඳතාවක් නොමැති බව අවධාරණය කරමි.
 

 

 

 

 

 



අදහස් (0)

පුරහල අසල සූදු පිටිය වැටලූ නිලධාරීන් මාරු කළ අදෘශ්‍යමාන හස්තය

Sena Friday, 22 November 2013 03:18 PM

මේ ලිපියට අනුව සත්‍ය මේකනම් නිසි බලධාරින් මේවා දන්නවා මොකද නීතිය හරියට ක්‍රියා නොකරන්නේ බලධාරින්ගේ ඇස් ඇරේවා.(ස)

:       0       0

අජිත් Saturday, 23 November 2013 08:19 PM

අනේ බලධාරිනි ඔබලා තවම නිදිද?(අ)

:       0       0

අනුරශාන්ත Wednesday, 20 November 2013 12:37 PM

දැන්නම් අපේ රට කිසිම වටිනාකමක් නැති ගානටයි වැටිලා තියෙන්නේ. මිනිසුනේ තොපේ ඇස් ගෙඩිවලට හෙන වැදිලද? කන් හතරට පුපුරලාද ? (ස)

:       0       0

දර්ශා Tuesday, 19 November 2013 09:26 AM

මෙයට සම්බන්ධ අයව ජනතාව හොදින් හදුනති (නි)

:       0       0

වර්ණ Thursday, 21 November 2013 08:34 PM

අපේ රටේ නීතිය, සාධාරනය ඉෂ්ට කිරීමේදී විනිශ්‍කාරවරුන්ට විශාල කාර්යභාරයක් පැවරේ. (නි)

:       0       0

දිසානායක Sunday, 17 November 2013 11:44 AM

පොලිස් නිල ඇදුම ඇදගත් බොහෝ පිරිස් සුනඛයන්ටත් අන්තය .අහිංසකයෙකුට සුළු වරදකට තඩි බා නැති වැරදි පටවා උසාවි දම රීමන් කරීමේ බලු වැඩ කරන නිලදාරීන් එමටය .(නදී) .

:       0       0

එදිරිසිංහ Wednesday, 20 November 2013 07:43 PM

මෙවැනි වැඩ අගය කරමි. නිසි ලෙස නිතිය ක්‍රියාත්මක වේද නැද්ද යන්න අධීක්ෂණය සිටින බලධාරින්ගේ වගකීම වේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 253 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 46 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 100 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 193 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 229 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 884 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site