|
ජීවත්වන නිවස |
”ජාතික වෘක්ෂය මොකක්ද? නා ගස,
නාමලේ අංග මොනවද? පෙති තුනක් තියෙනවා. නාමල් රේණු තියෙනවා....”
නාමල් අංග මහා විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ දරුවෝ මේ කරුණු ඉගෙන ගත්හ. පසුගිය අගෝස්තු විභාගයට ඉදිරිපත් වුණා. ඔක්තෝබර් පළවැනිදා නාමල්අංග විද්‍යාලයේ ගුරුවරියක් ඇගේ ජංගම දුරකථනයෙන් ප‍්‍රතිඵල බැලූවා.
ඩබ්.කේ. මධුෂිකා මධුවන්ති කුමාරි ලකුණු 171 ක් ලබාගෙන. තවත් දරුවො තුන්දෙනෙක් සමත්, මධුෂිකා විභාගය සමත්වීම පිළිබඳ පංතිභාර ගුරුතුමිය වන එස්.ඩබ්.ජී.කේ. රම්‍යලතා මහත්මිය, විදුහල්පති ගනේගොඩ සීලානන්ද හිමි ඇතුළු ඇදුරු මඩුල්ලම සතුටු වූහ.
මධුෂිකා ගැන අප ලියන්නට තීරණය කළේ ඇය ඉගෙන ගන්නට විඳින අපමණ දුෂ්කරතා ඔබ හමුවේ තැබීමටය. අප ඇගේ නිවසට යන විට මධුෂිකාගේ මව කිට්ටු නිවසකින් ප්ලාස්ටික් පුටු දෙකක් ගෙනැවිත් තැබුවාය.
”ඉතින්න දු කියන්න. ඔයා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්නෙ...” මම කීවෙමි.
”අපේ ටීචර් කෙනෙක් එයාගෙ ෆෝන් එකෙන් ප‍්‍රතිඵල බලලා කිව්වා. ලකුණු 171 ක් අරගෙන මධුෂිකා පාස්වෙලා කියලා. මං ගෙදර ඇවිත් අම්මට කිව්වා. අම්මා කිව්වා හොඳයි කියලා.
|
අද පාඩම් කරන්නේ මෙහෙමයි. |
”මෙහෙ ඉඳලා අපව ඉස්කෝලෙ ගෙනියන්නෙ තාත්තා. මං පංති ගියේ නෑ. ඉස්කෝලෙන් ඉගැන්වූ දේවල් පාඩම් කළා. විදුහල්පති හාමුදුරුවෝ හැම මාසෙම මට පත්තරයක් අරගෙන දුන්නා. ප‍්‍රශ්න පත්තර එහෙමත් දුන්නා. දැන් ඉතිං ලොකු ඉස්කෝලෙකට මට ගිය හැකියි.” කියලා ටීචර්ලා කිව්වා.
මධුෂිකා බැලීමට ගිය අපි හැකි පමණින් තෑගි පාර්සලයක් ගෙන ගියෙමු. ඒවා රැුගෙන ඇතුළට ගිය මධුෂිකා සමග අපිද ගියෙමු. ”කෝ පුතේ පොත් මේසය...?”
”තියෙනවා” යැයි කියූ මධුෂිකා කාමරයට ගොස් කාඞ්බෝඞ් පෙට්ටි පියනක් අයින් කර පෙන්නුවාය. වහලෙන් රොඩු වැටෙන නිසා පෙට්ටි පියන වැසූ බවයි මධුෂිකා කීවේ. මේක අපේ නිදන කාමරය, මධුෂිකාගේ නැගණිය වන ස්වර්ණකාන්ති කුමුදු කුමාරි ද කාමරයට ආවාය. ”මම ඉස්කෝලෙ එකේ පංතියේ ඉන්නේ ඇය කීවාය.
”නං
|
පන්තිභාර ගුරුතුමිය සමග |
ගීටත් මා පාඩම් කියලා දෙනවා.” කියමින් අප ගෙනගිය කතන්දර පොතක් රැගෙන ඉස්තෝපුවේ ලී මැස්ස උඩ ඉඳගත්තාය. මම පාඩම් කරන්නෙ මෙතැන ඉඳන්. මේක හදලා දුන්නෙ තාත්තා” ඇය කීවාය.
වර්ග අඩි 120 ක් පමණ වූ කුඩා ගෙපැළේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන බවත්, පුංචි කුස්සියේ ඉදෙන බතෙන් ටිකක් කුරුල්ලන්ට දමන බවත් මධුෂිකා කීවාය. කුප්පි ලාම්පුව දල්වාගෙන දරලිප පත්තු කරලා මට උයන්නත් පුළුවන්. මුළු ගෙපැළම පොල් අතුවලින් වටවී තිබියදීත්, ගේ පිරෙනතුරු ගොඩගසා ඇති රෙදි මලූ තිබියදීත් කුප්පිලාම්පු භාවිත කිරීම මේ කිරි දරුවන්ට කෙතරම් අවදානම් දැයි අපි සිතුවෙමු.
”පුතේ ඔයාලා අඳින ඇඳුම් තෝරගන්නේ කොහොමදැයි අපි විමසුවේ රෙදි වැටක්වත් නැති ගේ රෙදි මලූ විතරක් ගොඩගසා තිබෙන බව දැක්ක නිසාය.
වටිනාම රෙදිපිළි තබන්නේ, විසිතුරු සහ යතුරු දැමිය හැකි අල්මාරිවල වුවත්, මධුෂිකාගේ නිවසේ වටිනාම රෙදිපිළි වූ පාසල් නිළඇඳුම් තැබීමට ගේ ඉදිරිපිට කුඩා මඩුවක් සාදා තිබුණි. අපි ඇගේ නිවස ඇතුළත් පිටත් බැලූවෙමු. හැමදේම මධුෂිකා හරිම සතුටින් විස්තර කළාය.
එච්.ඒ. පොඩි මැණිකේ මධුෂිකාගේ මවය. ඇය කෙදිනකවත් පාසල් ගොස් නැති නිසා අකුරක්වත් ලිවීමට නොදනී. එහෙත් ඇය පොත්වල වටිනාකම දන්නීය. ඒ නිසාම ඇය ඉරටු ගා විකුණා මුදල් කළ පසු දරුවන් දෙදෙනාට පොත්පත් අරන් දෙනබව මධුෂිකා කීවාය. මධුෂිකාගේ පියා ඩබ්.කේ. ජයතිලකය. ඔහු අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගන තිබුණත් මේසන් බාස් කෙනකුට අත්වැඩ දෙමින් දෛනික වැටුපට වැඩකරගෙන යයි. ඔවුන් දැනට පදිංචි ඉඩමේ පර්චස් අටක කොටසක් ඉඩම් හිමිකරුවන් පරිත්‍යාග කළ බව මධුෂිකාගේ මව කීවාය. අසල පන්සලකින් ගල් ට‍්‍රැක්ටරයක් ලැබී ඇති නමුත් අත්තිවාරම දමා ගැනීමට ඔවුන් අපොහොසත්ය. මෙහෙනින් වහන්සේගේ සොයා බැලීම යටතේ දරුවන් දෙදෙනාට අවශ්‍ය රෙදිපිළි පොත්පත් කෑම බීම යනාදිය හැකිතරම් පිරිමැසූ බව මෙහෙනින් වහන්සේ කීවාය. ඒ නිසාම කරුවලගස්වැවේ සුචින්තනී මෙහෙනින් වහන්සේගෙන් තව තොරතුරු ටිකක් අපි අසා දැනගත්තෙමු.
”මධුෂිකාගේ තාත්තා මත්පැන් පානය කරන්නෙ නෑ. සිගරට්ටුවක්වත් බොන්නෙ නෑ. මේ ළමයි තියාගෙන ඉස්කෝලෙට ගිහිං දානවා. ආපහු ගේනවා. ඒ තාත්තා ජයතිලකගෙ උපන්ගම ගොකරැල්ල. ඒත් මධුෂිකාගේ මව ගලේවෙල ප‍්‍රදේශයේ. ඇයත් සුළු සුළු වැඩ කරනවා. ඒත් මේ අයව නැගිට්ටවන්න ඕනෑ. මාත් ඉතා අමාරුවෙන් ජීවිතය කළමනාකරණය කරගන්නෙ. හැකි පමණින් මේ අයටත් උදව් කරනවා. මට යමක් මේ සමාජයට කියන්න ඕනෑ. පුහු දේවල් පිටුපස නොගියා නම් ජීවිතය ජයගන්න පුළුවන්. ඒත් මේ අසරණ පවුලට උදව් උපකාර ලැබිය යුතුයි. ඔවුන්ගේ හෙට දවස සකස්කර දිය යුතුයි. මම හැම මොහොතෙම සූදානම් උදව් කරන්න.” සුචින්තනී මෙහෙණින් වහන්සේ කීවාය.
ආපසු එන්නට සැරසෙද්දී කිසියම් මුදලක් මධුෂිකා අත තැබුවේ ”බිස්කට්, චොක්ලට් ගන්න” කියමිනි. අපි කඩචෝරු කන්නෙ නෑ. ඒ සල්ලි වලිනුත් අපට අවශ්‍ය දේ ගන්නවා. මධුෂිකා හිනාවී අප සමග කීවාය.
|
ඇගේ පොත් මේසය. |
ඉරිදා ලංකාදීප පාඨකයන් ඉතා පරිත්‍යාගශීලී බව අපි දනිමු. මෙවැනි අසරණ දරුවන් ගැන අසනවිට ඔබේ හද උණුවන බවද අපි දනිමු. ඒ නිසා මේ දිරිය දැරියටත් ඔබේ පිහිටාධාරය ලැබෙනු ඇතැයි අපි සිතමු. ඇගේ නිවසේ එක බිත්තියක්වත් නැත. නිවසක් කීවාට එය පොල් අතු කිහිපයක් ඇතිරූ මඩුවකි. ඒ මඩුවේ කුඩා නැගණියත් අම්මා සහ තාත්තාත් සමග මධුෂිකා ගෙවන ජීවිතය සැබැවින්ම ඇසට කඳුළක් නැංවීමට සමත්ය. හෙට අනිද්දා වැඩිවිය පත්වන්නට සිටින මේ දැරිවියට එම කුඩා පැල්පතේ හිමි රැකවරණය ගැන සිතන විට මගේ නෙතට කඳුළු නංවයි. මේසය යැයි කියන කාඞ්බෝඞ් පෙට්ටි පියන උඩ තබාගෙන පුටුව යැයි කියන ලීමැස්ස මත වාඩිවී ඇය ඉගෙන ගන්නා අපූරුව ඔබ දුටුවේ නම් ඔබේ නෙතට කඳුළු උනනු ඇත. අද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 171 ක් ලැබුවේ මේ පරිසරයේ සිටය. ඇගේ ඉදිරි අනාගතය වෙනුවෙන් පිහිටක් වන්නට ඔබට හැකිනම් එය මහත්ඵල මහානිසංස ලැබෙන පිනක්ම වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමැතියි උදව් කරන්න. කරුණාකර ගෙදර ලිපිනය එවන්න. (නි)
අපි කැමතියි උදව් කරන්න,තොරතුරු ලිපියක් පල කරන්න. (ස)
කරුණාකර මේ දරුවාගේ නිවසට යන ආකාරය හා ලිපිනය කියන්න (නි)
උදවු කළ හැකි වැඩපිළිවෙලක් සදහන් කරන්න. (නි)
දුවේ මටනම් ඔය තමයි ලංකාවෙන්ම පළවෙනියා...ගිණුම් අංකය එවන්න අපිත් උදව් කරන්නම් .....(අ)
ලිපිනය හරි නැත්නම් ගිණුම් අංකයක් දාන්නකෝ,කරුණාකරලා (නි)
හැකි සෑම ආකාරයකින්ම උදව් කරන්න කැමතියි. එනිසා බැංකු ගිණුම් අංකයක් තිබේ නම් වහාම දන්වන්න. නැත්නම් ඔවුන් සම්බන්ධ කර ගත හැකි ආකාරයක් සඳහන් කරන්න. මේ දුවට බුදු සරණින් හොඳට ඉගෙනගෙන සමාජයේ යහපත් ආදර්ශමත් චරිතයක් වීමට හැකිවෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා! මෙම ප්‍රවෘත්තිය ගැන ලොවට කියූ ඔබටත් ගොඩාක් පින්!! (නි)
කිසිම තොරතුරක් නෑකොහොමද උදවි කරන්නේ අඩුම තරමින් ඉගෙන ගන්න පාසැල වත් නැ.(දිල්)
දළ එන ඇතා කොයි කැලේ දැම්මත් දළ එනවා කියලා අපේ පැරැන්නෝ කිව්වේ මේ වගේ දක්ෂයන්ට තමයි. මොනතරම් දුෂ්කරතා තිබුනත් දක්ෂයා ඉදිරියට එනවා. ඔබට ජය!අපි පුළුවන් හැම උදවුවක්ම කරනවා.බුදු සරණයි දුවේ! (නි)
ලියන්න හැලි නෑ,ලිපිනය දන්වන්න,ඔබට තෙරුවන් සරණයි (අ)
කරුණාකර එම දරුවට උපකාර කළ හැකි විදියක් සදහන් කරන්න. හැකිනම් පාසලේ දුරකතන අංකය සදහන් කරන්න (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ ළමයි දුව තරම් දක්ෂ නොවේ .මට දුව ගැන ආඩම්බරයි .උදව් කිරීමට ගිණුම් අංකය එවන්න .මගේ විද්‍යුත් තැපැල් අංකයට එවන්න පුලුවන්නම් හොඳයි. (ස)
මම උදවු කරන්න කැමතියි (නි)
මම කැමතියි උදවු කරන්න (නි)
කරුණාකරලා ඔය දරුවාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් දන්වන්න (නි)
මොනවා කරන්නත් අපිට ලිපිනය දුරකථන අංකය අනිවාර්යෙන්ම ලබාදෙන්න. (ස)
ඒ දුව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් තිබෙනවා නම් මට එවන්න.මම උදව් කරන්න කැමතියි. (නි)
මට එම දරුවාගේ ලිපිනය හෝ දුරකථන අංකය ලබාදෙන්න (නි)
මේ සමඟම ගිණුම් අංකයක් හෝ ලිපිනයක් පළ කළා නම් මේ හැමෝම මේ දරුවාට උදව් කරනවා.මගේ ඉල්ලීමත් එයයි.විදුහල්පතිතුමාගේ දුරකථන අංකයවත් දෙන්න.එංගලන්තයේ වෙසෙන අපට ගොඩක් උදව් කරන්න පුළුවන්. බණ්ඩාරනායක - මිරිහානේගම විදුහල - මිරිහානේගම - වාරියපොල (ස)
කරුණාකර මේ දැරියගේ දුරකථන අංකය හරි ලබා දෙනවානම් ගොඩක් පින් (නි)
මට එම දරුවාගේ ලිපිනය හෝ දුරකථන අංකය ලබාදෙන්න. අපි උදව් කරන්න සුදානම් (නි)
මෙවැනි අති දක්ෂ අහිංසක දරුවන් මේ රටේ කොතෙක් සිටිනවාද? මෙවැනි දරුවන්ට උදවු කළ යුතුයි. අධ්‍යාපනය පුද්ගලිකරනය කිරිමෙන් මෙවැනි දරුවන්ට යන එන මං නැතිවේවි. (නි)
මධුෂිකාට උදව් කරන්න කැමතියි ලිපිනය ලබා දෙන්න. (අ)
මට ගිනුම් අංකයක් දෙන්න.(නදී)
ලිපිනය ලබාදෙන්න මේ ළයින් අපිව ඉස්සරහට ගන්න ඕනි (අ)
ඇත්තටම අපි උදවු කරන්න කැමති කරුණාකර ලිපිනය ලබා දෙන්න....(නදී)
කරුණාකර මටත් විස්තර එවන්න (නි)
සතුටුයි ! අපෙ අයගේ එකමුතුකම ගැන .... (ස)
අපිත් පුළුවන් විදිහට උදව් කරන්නම් එයට විදිහක් සලසා දෙන්න (දිල්)
ඔක්කොම උදව් කරන නිසා දුවට ප්‍රශ්නයක් නොවේවා කියලා මම පතනවා. (නි)
දයාබර දියණියනි අපි එනවා ඔයා හොයාගෙන ළඟදීම (අ)
ලාල් තාම සුරංගනා ලෝකෙන් බිමට බැහැල නෑ වගේ (අ)
මෙවන් ත්‍යාගශීලී කර්තව්‍යක් කල ලංකාදීපයට ගෞරවනීය ස්තුතිය. කරුණා කර හැකි ඉක්මනට බැංකු ගිණුමක් හෝ දුර කතන අංකයක් පලකරන්න. මෙහි අදහස් ලියු සංවේදී හදවත් සැමට සුභ අනාගතයක් සමග වාසනාවන්ත දරු පරපුරක් හිමිවීමට සුභ පැතුම්.(නදී)
දුවට තෙරුවන් සරණයි. (නි)
උදවු කළහැකි ක්‍රමයක් හෝ ලිපිනය එවන්න (නි)
දිනුෂ මං ඉල්ලීමක් කලේ ගියොත් වචනයක් ආවොත් ගෙයක්නේ .අනික ප්‍රසිද්ධියට හරි කරයිනේ. (ස)
මේ අහිංසක දූගෙ ලිපිනය අපිට එවන්න. (ස)
අපේ රටේ මේ වගේ දුක්විදන මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනවා මේවා දකිනකොට (නි)
මට ගිණුම් අංකයක් එවන්න. ලිපිනය හෝ දුරකථන අංකයකුත් එවන්න.(දිල්)
සැබෑ දක්ෂ දරුවෙක් (නි)
දරුවා සම්බන්ධව තොරතුරු ලබාගත හැකි ලිපිනය පල කරන්න. පින් සිදුවේවි. විදුහල්පති සීලානන්ද හිනි නම ළඟ මහා විද්‍යාලය මැල්සිරිපුර (ස)
කරුණාකර මටත් විස්තර එවන්න (නි)
ඇයට උපකාරයක් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න. (නි)
බැංකු ගිණුම් අංකය දෙන්න.. (ස)
ගරු කතෘතුමනි,මෙම අය සඳහා උදව් කල හැකි ආකාරයක් දන්වන්න.භික්ෂුන් වහන්සේගේ දුරකථන අංකය, ලිපිනය, උදව් කල හැකි ක්‍රම ආදිය, ඔබලා සියලු දෙනාට නිවන් දකින තුරු මේ පින් ලැබෙනවා ජාති ජාතිත්.ඔවුන් ගන්න හුස්ම පොදක් ගානෙ.අනේ කරුණාකරලා විස්තර සපයා දෙන්න.මින් අනතුරුවද මෙවැනි ලිපි සමඟ සියලු විස්තර සපයා දෙන්න.තෙරුවන් සරණයි ඔබලා සියලු දෙනාට. (ස)
මෙවැනි පුවත් පළකරන ඔබ වැනි අයට ඒ පිනම ඇති නිවනට යන්න. උදව්වක් කළ හැකි අාකාරයක් ගැනත් පළ කළා නම් තවත් අගෙයි. (නි)
මමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදිලා දුෂ්කර පළාතක ඉගෙන ගෙන ඇන් එංගලන්තයේ ජීවත් වෙන කෙනෙක් හැටියට මේ පවුලට උදව් කරන්න ලෑස්තියි. කරුණාකර කරුවලගස්වැවේ විදුහල්පති තුමාගේ හරි ගුරු තුමියකගේ දුරකථන අංකය පල කරන්න. (ස)
මෙය දැක හදවත කම්පා වුනා. ඇසට කදුළු අාවා. අනේ මේවා පළ කරපු ඔබලාට පින් සිද්ධ වෙයි.අපිත් කැමතියි මේ පවුල විශාල පරිත්‍යාගයක් කරන්න. කරුණාකර ලිපිනය පල කරන්න. (ස)
වටිනා පුවතක්. කරුණාකර ලිපිනය හෝ දුරකතන අංකය පල කරන්න. මෙවැනි පුවත් වලට ප්‍රමුඛතාවය දෙන්න. (ස)
ඒ ළමයි දන්නවා විභාග පාස් වෙලා ඉස්සරහට යන්න නොලැබුනොත් ඒ අපා දුකෙන් කවදාවත් ගොඩ එන්න බෑ කියලා.(නදී)
කරුණාකර ලිපිනය පලකරනවද ලොකු උදව්වක්. අපිටත් උදව් කරන්ට පුළුවන් (නදී)
කරුණාකර ලිපිනය පළකරන්න (නි)
බැංකු ගිනුම එවන්න.(නදී)
කරුණාකර නියම ලිපිනය සමග ගුරුතුමිය හෝ විදුහල්පති ස්වාමින් වහන්සේගේ දුරකථන පල කරන්න, අපි කැමතියි උදව් කරන්න, අද හෙටම වුණත් (නි)
මේකට වැඩි ප්‍රසිද්දියක් ලැබෙන විදියට පලකරන්නකෝ .(අ)
විමල් ඇමති තුමනි මෙයාලට නිවසක් හදල දෙන්න අනාගතේ රටට වැඩ දායක දරුවෙක් මෙය .(අ)
රත්තරන් දරුවෙක්...තවත් හොදට ඉගෙන ගන්න... අපේ මුළු රටටම ආඩම්බරයක්...(අ)
ඇගේ ලිපිනය හෝ බැංකු ගිණුමක් ඇත්නම් සදහන් කරන්න.මා කැමතියි මේ අහිංසක සිසුවියට උදව් කරන්න (නි)
මම කැමැති දුවට මට පුළුවන් විදියට උදවු කරන්න. එයාගේ ලිපිනය පළකරන්න. දුව ඇතුළු සියලු දෙනාට සුබ අනාගතයක් (නි)
ලිපිනය සදහන් කරන්න(නදී)
මගේ දුවට බුදු සරණයි. ඹයා තව ඉස්සරහට ඉගෙන ගන්න අපි උදවි කරන්නම්. හරි තොරතුරක් දෙන්න මම තාත්තට කියන්නේ දහිරියවන්තව වැඩ කරන්න.(නදී)
උදව් කල හැකි විදිහක් පල කරන්න.(නදී)
කරුණාකර මේ අයව සම්බන්ධ කරගන්න ක්‍රමයක් දෙන්න. මට පුළුවනි මේ දරුවට ඉන්ඩ අඩුම තරමේ එක කාමරයක් හරි හදල දෙන්ඩ. මේ ඉස්කෝලේ විදුහල්පති තුමා මට තොර තුරු සපයනවා නම් වඩා හොඳයි. මගේ දුරකථන අංකය 00962789141883 (ස)
මේ සමගම ගිණුම් අංකයක් හෝ ලිපිනයක් පළ කළා නම් මේ හැමෝම මේ දරුවාට උදව් කරනවා.මගේ ඉල්ලීමත් එයයි.විදුහල්පතිතුමාගේ දුරකථන අංකයවත් දෙන්න.එංගලන්තයේ වෙසෙන අපට ගොඩක් උදව් කරන්න පුළුවන්. (නි)
මමත් කැමතියි උපකාර කරන්න. බැංකු ගිණුම් අංකය දෙන්න (නි)
කරුණා කර විස්තර සපයන්න. (ස)
මම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අහිංසක දුප්පත් ළමයට ආධාර කරන්න කියලා. ප්‍රතිචාර වලින් කීදෙනෙක් ඉදිරිපත්වෙලා තියෙනවද?සැවොම අහන්නේ ළමයාගේ හරි, පාසලේ හරි ලිපිනය, දුරකතන අංකය හරි බැංකු ගිණුම් අංකය. (නි)
හොදයි (නි)
පලමුවෙන්න්ම ලංකාදීපයට තුති මේ නෙව්ස් එක පල කලාට.ඇත්තෙන්ම දිරිය දියණියක්. ඔබේ මුලු අනාගතයටම සුබ පතනවා. ඒ වගේම ඔබට උදව් කල හැකිය. මේ දියණියගේ ලිපිනයත්,බැංකු ගිනුමත්,පල කරන මෙන් ලංකදීපෙන් කරුණිකව ඉල්ලා සිටිමි.(නදී)
කරුණාකර විදුහල්පති තුමාගෙ හරි දුරකථන අංකය එවන්න. (ස)
මම ජිවත් වෙන්නේ පිට රටක, මම කැමති මේ ළමයට උපකාරයක් කරන්න . කරුණාකර විස්තර දන්වන්න. (ස)
කරුණාකර මේ දරුවාට උදවු කළ හැකි ආකාරයක් දන්වන්න (නි)
එයාගේ ලිපිනය පලකරන්න. ඔබට තුනුරුවන්ගේ සරණයි. ඉඩම ලබාදුන් මහත්මාට ගොඩක් පින්.(නදී)
මේ පුවත අමතක වෙන්ට පෙර මේ දරුවට උදව් කල හැකි ක්‍රමයක් දන්වන්න. අර ගුරුතුමියගේ ෆෝන් අංකයවත් ලබා දෙන්න. (ස)
දරුවාගේ විස්තර සමග ඒ අයගේ ලිපිනයත් පාසලේ නිවැරදි විස්තරත් දමන්න, සංස්කාරක හිතවතුනි. මම ළගදි ලංකාවට යනවා. මගේ දරුවන්ට පෙන්නන්න ඕනෑ සමාජයේ මේ තිබෙන වෙනස (නි)
මම කැමතියි මේ දරුවට උදව් කරන්න. කරුණාකර විස්තර දන්වන්න පුලුවන්ද? (නි)
කරුණාකර පාසලේ ලිපිනය දෙන්න (නි)
කරුණාකර මේ දරුවාට උදවු කළ හැකි ආකාරයක් දන්වන්න (නි)
කොහේද මෙම ළමයා ඉන්නේ? කරුවලගස්වැවට යන්නේ කොහොමද? අනුරාධපුර සිට පුත්තලම පාරේද තියෙන්නේ? අනුරාධපුරේ සිට සැතපුම් කීයල් තිබෙනවද? කාර් එකකින් මේ ගමට යන්න පුලුවන්ද? නැත්නම් ත්‍රීවිල් රථයකින්වත් යන්න පුළුවන්ද? දන්නා කෙනෙක් කියන මෙන් ඉල්ලමි (නි)
මෙම පුවත පලකළ ලංකාදීපයේ කතෘ මණ්ඩලයටත් එසේම ඡායාරූප ගතකළ අයටත් විශේෂයෙන්ම මෙය ලියූ මාවතගම චාන්දනී දිසානායක මහත්මියටත් ඉමහත් ලෙස මම ප්‍රශංසා කරන අතර ළගදීම අපි ලංකාවට පැමිණි විට ඔබ සියලු දෙනාම දැක ගැනීමට ලංකාදීප කාර්යාලට පැමිනීමට බලාපොරොත්තු වෙමු. බැංකු ගිණුම් අංකය දන්වන්න (නි)
මම දැනට ඉන්නේ පිටරටක. මම ලංකාවට ගියාම මේ දරුවාව බලන්න යනවා.පුළුවන් අයුරින් උදව් කරනවා.මෙවැනි නිවාස ලංකාවේ තියනවා කියලා දැක්කෙත් අද.දුවට හා පව්ලේ සැමට බුදුසරණ ලැබේවා. (නි)
ලංකාදීපයට පින් සිද්ධ වේවා! මේ දුවට උපකාර කරන්න තොරතුරු එවන්න. (නි)