IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පොලිස් පොතේ කළු පැල්ලම් මකයි

මානුෂික හැගීම් තරු පැළදු නිල කබායකට යටපත් කළ හැකිද? ජනරජ ලාංඡනයත් තරුත් ගැසූ නිලධරයන් රුදුරු ගිනි අවියේ බලය නිරායුධ මිනිසුන්ට පෙන්වූ යුගයක් ද අපට තිබිණි. සත්‍ය වාර්තාකරයේ නියැලුණු මාධ්‍යවේදීන්ගේ ඇස් අන්ධ කිරීමට පහර දුන්නේ ද නිල කබාය ඇඟ ලා ගත්තේය. එවන් නිලධාරින් අතර සිටින තරුවේ උෂ්ණය ඇඟට නොගත් මානුෂික හැගීම් ඇති, රටට අවශ්‍ය ආරක්ෂක නිලධාරින් ගැන ලියන්නේ ද මාධ්‍යවේදියෝය.

ඔහු සබරගමුව පළාතට අනුයුක්තව සේවයේ යෙදෙන පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකි. පොලිස් සේවයේ අත්දැකීම් ඇති මෙම බුද්ධි නිලධාරියා පසුගියදා ලංකාදීප එසැණට මුණ ගැසුණි. ඔහුගේ සේවා කාලයේ සිදුකළ පොලිස් සේවා රැසක් අප සමඟ සුහදව පැවසිය. මේ එයින් එකකි. ඔහුගේ වචනයෙන්ම මෙසේ සටහන් කරමු.

මේ පුද්ගලයා හිරෙන් පැනපු කෙනෙක්. ගෙවල් බිදීම් මංකොල්ලකැම් ඔහුට එරෙහිව තිබුණු චෝදනා. ඔහු හිරෙන් පැන ටික කාලෙකින් නැවතත් ඒ පළාතේ ගෙවල් බිදීම් හොරකම් වැඩිවෙන්න පටන් ගත්තා. පොලිසිය අනුමාන කළේ ඔහුගේ අනුදැනුමක් හෝ සම්බන්ධයක් මේකට තියෙන්න පුළුවන් කියලා. ඔහුව නීතියේ රැහැනට කොටුකර ගන්න උත්සහ කරන හැම අවස්ථාවකම ඔහු එයින් සුක්ෂමව රිංගලා ගියා. පොලිසිය ගැන ඒ පළාතේ ජනතාව අසුබවාදීව හිතන්න ගත්තා. ඒ අතරේ තමයි බුද්ධි අංශයට මේක බාර දුන්නේ. බුද්ධි අංශ නිලධාරීන්ට මේ කාරණය හොයන්න ලේසි වුණේ නැහැ. ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව තමයි හැමදේම කළේ. අපි ප්‍රථමයෙන් එම පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු හොයා ගත්තා. ඔහු කසාදයක් කරගෙන ඇය අතහැරලා වෙනත් කාන්තාවක් එක්ක ජිවත් වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. කසාද බිරිඳගේ මාර්ගයෙන් අනියම් බිරිඳගේ තොරතුරු සොයා ගත්තා.

අම්මාගේ තොරතුරු ගත්තා. ඒ අම්මට නොදැනෙන්න දුවගේ තොරතුරු ගත්තා. ඒ වෙනකොට එම පුද්ගලයා හිරෙන් පැන අවුරුදු හතක් වෙනවා. ඔහුගේ අනියම් බිරිදට අවුරුදු පහක ගෑනු දරුවෙක් ඉන්නවා. දරුවාගේ නමත් ගත්තා. අනියම් බිරිදගේ දුරකථන අංකය හොයා ගත්තා. ඒ අංකයේ දත්ත හරහා අපි දැනගත්තා එයාලා ඉන්න ප්‍රදේශය. පොඩි දරුවාගේ වයසත් අනුව එයා ළදරු පාසල් යන්න ඕනේ කියලා අපි අනුමාන කරා. ඒ ප්‍රදේශයට ගිහින් හැම ළදරු පාසලකම දරුවාගේ නම හෙව්වා. අපිට හම්බ වුණා. භාරකාරිත්වය අනියම් බිරිඳගේ නමින් තියෙන්නේ. ලිපිනය දැනගත්තා. ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු අත්අඩංගුවට ගත්ත විදිය මම කිව්වත් ලියන්න එපා. ඒක රහසක්. වරදකරුවෙකුට පොලිසියෙන් කවදාවත් බේරෙන්න බැහැ. අදාළ වරෙන්තු කරු අත්අඩංගුවට ගත්තට පස්සේ සිද්ධ වු දේ හරිම අනුවේදනීයයි. ඒක ලියන්න.

අපි ඔහුව අත්අඩංගුවට ගත්තේ ඔහු ජිවත් වුණු පොල් ඉඩමේ ඉදලා. සරම් කමිස ඇදලා හිටිය අපි අදුනගන්න ඔහුට බැරි වුණා. ඔහුගේ දෑතට මාංචු දානවත් එක්කම පුංචි දුව ආවා. ඇය අන්න ගත්තා. තාත්තා ගෙනියන්න එපා එයා ගෙනියන්න කිව්වා. මම ඉක්මණට එයාගේ මාංචු ගලවලා ළමයාගේ හිත හදන්න කල්පනා කළා. ඔහුට පැනලා යන්න බැරි විදියට වැඩ කටයුතු සිද්ධ කළා.

දුවේ අපි තාත්තගේ යාළුවෝ අපි විහිළුවක් කළේ. මොකද, තාත්තා අපිව බලන්න ආවේ නැහැනේ එකයි. මම  ඇයට එහෙම  කිව්වා.

ඔහුට මෙහෙම කිව්වා. පොලිසිය ඔයා අල්ල ගත්තා කියලා කියන්න එපා. දවස් කිහිපයකට යාලුවොත් එක්ක ගමනක් යනවා කියලා කියන්න.

ඔහුත් ඒ විදියටම රඟපෑවා. දරුවා හිනා වුණා. විනාඩි ගානාක් තාත්තාත් එක්ක හුරතල් වුණා. ඒ අතරේ මම දරුවට චොකලට් එකක් ගෙන්න කියලා අපේ කෙනෙකුට කිව්වා. මොකද පොලිසියෙන් චොකලට් අරන් සැකකරුවෙක් අල්ලන්න යන්නේ නැහැනේ. ඔහු අද හොඳ කෙනෙක් විදියට හිරෙන් නිදහස් වෙන්න ළගයි. හිරගෙදර යහපත් කල්කිරියාවෙන් හිටපු නිසා ඉක්මණට නිදහස් වෙනවා. අපි කියලා දුන්නු කරුණු කාරණාත් පොලිසිය දරුවට සලකපු කාරුණික බවත් ඔහුගේ වෙනස් වීමට හේතු වුණා. ඒ දරුවා ලොකු වෙලා කරුණු කාරණා තේරුම් යන දවසට ලංකාවේ පොලිසිය දිහා බලන්නේ සුබවාදීව නේද?

 



අදහස් (0)

පොලිස් පොතේ කළු පැල්ලම් මකයි

තිලක් Monday, 03 August 2015 05:31 AM

පොලිස් දෙපාර්තමේන්තුවටම හොද පාඩමක් කියාදුන් මේ මහත්මයට තෙරුවන් සරණි..අනිකුත් නිලධාරිනුත් මේ දේවල් අහල බලල හොඳ යහපත් නිලධාරීන් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.(ම)

:       0       0

මනෝරි Monday, 03 August 2015 05:54 AM

මම බැලුව වාර්තා වැඩසටහනක්, ලයිසන් නැතිව අත්තම්මා කෙනෙක් මිනිපිරීට පාසලට දවල් කෑම එක අරන් යනකොට පොලිසියට අහු වුනා. මුලින්ම පොලිසිය කළේ පොලිස් වාහනයේ අත්තම්මත් එක්ක ගිහිල්ලා කෑම එක ළමයට දෙන එක. ඊට පස්සේ අත්තම්මට විරුද්ධව නීතිය. (බ)

:       0       0

ලක්මාල් Monday, 03 August 2015 05:59 AM

මේ නිලධාරියා හොද පවුලකින් එන හොද ආකල්පවලින් හෙබි කෙනෙක් බව හැගෙනවා. බඳවා ගැනිමේදී මෙවන් ආකල්ප ඇති අයව බදවා ගන්නවානම් අද ලංකාවේ පොලිසියේ නම හොදට තියේවි. (බ)

:       0       0

රූපවතී Sunday, 02 August 2015 05:12 PM

ඇයි අපේ රටේ හැම පොලිස් නිලධාරියෙකුටම මෙහෙම ආදර්ශවත් පොලිස් නිලධාරීන් වෙන්න බැරි? මේ සිදුවීම බොහොම ආදර්ශමත් (නි)

:       0       0

කස්තුරිආරච්චි Monday, 03 August 2015 11:33 AM

හොඳයි. ගොඩක් හොඳයි (නි)

:       0       0

දුන්ගු Sunday, 02 August 2015 03:16 PM

සැම ප්‍රශ්නයකදීම මානුෂිකව වැඩ කරන්න හැකි නිලධාරීන් රටේ සිටිනවා නම් ලංකාවේ තියන ප්‍රශ්න විසඳාගත හැකි වෙනවා. නමුත් අවාසනාවකට එහෙම නිලධාරීන් හරිම අඩුයි. (නදී)

:       0       0

ගයාන් Sunday, 02 August 2015 03:32 PM

ඔහොම වැඩකරන නිලදාරීන් හොයා ගන්නත් අපහසුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 0 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 203 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 145 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 68 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 165 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 84 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 617 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site