‘ඒ මහත්තයාගේ නම මං දන්නේ නෑ. ඒ මහත්තයා සතියකට උඩදි අනවශ්‍ය විදියට යන්න කතා කළා. මං කිව්වා සර් මං නැතිබැරි කමට කීයක් හරි හොයා ගන්න එක ඇත්ත. මට සල්ලි නැතුවවත් ඇතුවවත් මහත්වරුත් එක්ක යන්න කැමති නෑ කිව්වා. ඉන් පස්සේ ආයෙත් ඇවිදින් යන්න කතා කළා. මං බෑ කිව්වා. එයාගේ හිතේ තරහා පිරිමහන්න තුන් වැනි දවසෙත් ඇවිත් යන්න එන්න කිව්වා. මං බෑ කිව්වා.
කවුද මේ බට්ටි?
ඇයට බට්ටි කිව්වත් ඇයට වෙනත් නමක් ඇත. පදිංචිය රත්නපුරයේමය. 1979 ජූලි 11 වැනිදා උපන් බට්ටිට ඇති අධ්‍යාපන සුදුසුකම අට සමත්වීමය. 1994 විවාහ වූ ඇය දෙදරු මවකි.සැමියා හැරයාමෙන් පසු ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කොළඹට පැමිණි ඇය එහිදී පුද්ගලයකු සමග සම්බන්ධයක් ගොඩනගා ගන්නා අතර, එම පුද්ගලයා ඇයව රැක බලාගන්නවා යැයි බොරු චාටුබස් කියා සතියක පමණ කාලයක් කාමරයක තබාගෙන සිට ඇත. |
පොලිස් සැරයන්වරයකු රත්නපුරදී කාන්තාවකට පහර දෙන වීඩියෝවක් පසුගිය සතියේ ජනමාධ්‍ය ඔස්සේ හා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය විය. මුලින් එම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් මෙය ලංකාවේ සිදුවීමක්ද, ඉන්දියාවේ සිදුවීමක් ද යනුවෙන් කරුණු සෙවූහ.
වයරයකින් කාන්තාවට ගසමින් ඇයට බණිමින් පොලිස් සැරයන් පහර දෙන අයුරු එහි විය.
‘මට ගහන්න එපා සර්’ වීඩියෝවේ අවසන් හරියේ ඇය කියන වදන් හොඳින් ඇසෙයි. මේ නම් ලංකාවේ වීඩියෝවක් බව වැඩි දෙනකු ස්ථිර කර ගත්තේ එම වදන් අනුවය. ඉන් පසු මේ කොහේ සිද්ධියක්ද? පහර කන්නේ කවුද ආදී ප‍්‍රශ්න වැලක් මතු විය.දෙදිනක් ඇතුළත ඒ ප‍්‍රශ්න සියල්ලටම උත්තර ලැබිණි. මේ රත්නපුර බස් නැවතුම් පොළේ සිද්ධියක් බව මාධ්‍ය වාර්තා කළේය. ඉන් පසු පහර කෑ කාන්තාව ද කවුදැයි හෙළි විය. ඇය මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිලි කළාය. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවාය. ඇය හැඳින්වෙන්නේ බට්ටි නමිනි. මේ බට්ටි අපට කී කතාවයි.
‘ඒ මහත්තයාගේ නම මං දන්නේ නෑ. ඒ මහත්තයා සතියකට උඩදි අනවශ්‍ය විදියට යන්න කතා කළා. මං කිව්වා සර් මං නැතිබැරි කමට කීයක් හරි හොයා ගන්න එක ඇත්ත. මට සල්ලි නැතුවවත් ඇතුවවත් මහත්වරුත් එක්ක යන්න කැමති නෑ කිව්වා. ඉන් පස්සේ ආයෙත් ඇවිදින් යන්න කතා කළා. මං බෑ කිව්වා. එයාගේ හිතේ තරහා පිරිමහන්න තුන් වැනි දවසෙත් ඇවිත් යන්න එන්න කිව්වා. මං බෑ කිව්වා.
තවත් ගෑනු කෙනෙක් ඉන්නවා. එයාට කියලා කෙහොම හරි රණ්ඩු කරපන්, බැනපන්, ගහපං කියලා ඒ ගෑනු කෙනා මා ළඟට එවලා ඒ ගෑනු කෙනා මං එක්ක රණ්ඩු කළා. කුණුහරුපෙන් බැන්නා. මාත් එයාට බැන්නා. බැන්නට පස්සේ එයා කෝල් කරලා කියලා තියෙනවා මහත්තයට මට ඇවිත් ගහන්න කියලා.
මහත්තයා ඇවිත් හරි වැරැුද්ද හෙව්වේ නැහැ. තොට කියලා තියෙනවානේ මම මෙතනට එන්න එපා කියලා අහලා මම එතනින් එන්න හදනකොට මට වයර් එකකින් ගහගෙන ගහගෙන ගිහිල්ලා බිම දමාගෙනත් මට හොඳටම ගැහුවා. පයින් හිටන් ගැහුවා. ඊට පස්සේ මට කරගන්න දෙයක් නෑ මම එහෙම්ම ගෙදර යන්න ගියා.
පස්සෙ පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. එච්කිව්අයි මහත්තයා එදා හිටියේ නෑ. මම අතඇරලා දැම්මා මම වැඩිදුර ගෙනිච්චේ නෑ.
දවස් දෙක තුනකට පස්සේ පොලිසියේ මහත්වරු දෙන්නෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම ලෙඩ තියෙනවා කියලා එච්අයිවී එකෙන් කොළඹින් එනවා කියලා බොරු කියලා මාව එක්කගෙන ගිහිල්ලා හෝටල් කාමරයක තිබ්බා. තියලා ඉවර වෙලා රුපියල් තුන් දාහක් මගේ අතට දුන්නා. කාමරෙන් එළියට එන්න එපා කිව්වා. බොහොම අමාරුවෙන් මම යනවා කියලා එතැනින් පැනගත්තා.
එහෙම ඇවිත් ඉන්න අතරේ පොලිසියේ මහත්තයෙක් මාවයි ඒ මහත්තයවයි අරං ගියා පොඞ්ඩක් එන්න කියලා. ඉන් පස්සේ එච්කිව්අයි මහත්තයාගේ කාමරේට ගත්තා මාව. කාමරේට ගත්තාම කිව්වා ඔයා පැමිණිල්ලක්වත් දාලා තිබ්බේ නැහැනේ කියලා. මං කිව්වා ඇයි සර් සර් මං හම්බුණා. සර්මනේ පොතේ පැමිණිල්ලක් ලියන්න කිව්වේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ මම නෙමේ වෙන කෙනෙක් වෙන්න ඇති කියලා.
එච්කිව්අයි මහත්තයා මට කිව්වා ඕක ගොඩින් බේරා ගන්න කියලා. එච්කිව්අයි මහත්තයා කිව්වා මට මගේ රස්සාව නෙමේ නැතිවෙන්නේ මේ මහත්තයාගේ රස්සාවයි නැතිවෙන්නේ කියලා. මං මට වෙච්ච අසාධාරණයට ඉල්ලන්නේ වන්දියක්. පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෝටි පහක වන්දියක් ඉල්ලන්නේ.
මේ වීඩියෝව මාධ්‍යවල පළ වීමෙන් පසු පරීක්ෂණයක් ඇරැුඹි අතර සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කැරිණි.
පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීම අසාධාරණ බව කියමින් පසුගිය බ‍්‍රහස්පතින්දා (02) භික්ෂුන් වහන්සේලාගේ ප‍්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැති අතර ඔවුන් ඉල්ලූවේ පොලිස් නිලධාරියා සාධාරණ නිසා ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියනුයේ මෙවැනි කතාවකි.
රත්නපුර ප‍්‍රදේශයේ දී කාන්තාවකට පොලිස් නිලධාරියෙක් පහරදීමේ සිද්ධිය පසුගිය සිකුරාදා ප‍්‍රථම වතාවට ප‍්‍රවෘත්ති විකාශයකින් විකාශය වුණා. ඉන් පසු නැවත විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුණා. පළමුව මෙය විකාශය වූ දා සිටම අපි විමර්ශන ආරම්භ කළා. පරීක්ෂණ කණ්ඩායම් දෙකක් මගින් අපි මේ විමර්ශන සිදු කරගෙන යනවා.
රත්නපුර පොලිස් අධිකාරී (01) මගින් විමර්ශනයක් කරගෙන යනවා. මේ නිලධාරියා සම්බන්ධයෙන් විනයානුකූලව ක‍්‍රියා කිරීම සඳහා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ හතක් සටහන් කර ගෙන තියෙනවා විනයානුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම සඳහා රත්නපුර අපරාධ විමර්ශන අංශය විශේෂ පරීක්ෂණයක් පවත්වා තියෙනවා. ඔවුන් ප‍්‍රකාශ අටක් සටහන් කරගෙන තියෙනවා. විමර්ශනයට අනුව අනාවරණය වී තියෙනවා සැප්තැම්බර් හය වැනි දා සවස තුනට පමණ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ කියා. මේ සිද්ධිය සිදුවීමත් සමග විවිධ මාධ්‍ය මගින් විවිධාකාරයට සඳහන් කළා. කිසිම අවස්ථාවක පොලිස්පතිවරයා හෝ පොලිස් දෙපාර්තමේන්තුව මේ පහර දීම අනුමත කරන්නේ නෑ. පසුගිය 29 වැනි දා අපි මේ නිලධාරියාගේ වැඩ තහනම් කළා. ඒ අනුව චෝදනා පත‍්‍රයක් නිකුත් කර විධිමත් විනය පරීක්ෂණයක් පවත්වනවා. ඇයට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. නමුත් ඇය (02 වැනි දා වන විට) පොලිසියට ඇවිත් නෑ. අපි ඇගෙන් ප‍්‍රකාශයක් සටන් කර ඇය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කාන්තාවක්නේ! (නි)
දැන් මෙයා ගෙන මුළු රටම දන්නවා ,,(හෙ)
මෙයාට ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් තියනවා. (නදී)
අාවා ... අවා ... අවා.....""" බට්ටි""" දැන් පෙන්වනවා. (නදී)
1988/1989 කාලේ පොළිසිය බල්ලෝ වගේ හිටියේ. (නදී)
මම අනුකම්පා කරන්නේ "බට්ටි " දරු දෙදෙනා ගැන" බට්ටි " ගේ පින්තුරය .ලොව පුර හැම කෙනෙක් දුටුවා. ඒ පුවත හොද හෝ නරක අර අහිංසක දරුවන් ගේ මානසික ව බලපාන බව පාසලක ට යන්න බැරි බව වැඩිහිටියන් මොන දේ කරත්.මල් වගේ මේ ලෝකේ ට එන අහිංසක දරුවෝ මොනවා කරන්නද?(හේ)
ගහපු එක ඇත්ත.. මොන වරද තිබුනත් ප්‍රසිද්ධියේ පහර දීම වැරදි බවත් ඇත්ත..ඒ වුනත් මේ ගැණු මනුස්සය මේ පොලිස් නිලධාරියට නගන අනෙක් චෝදනාවනම් අමුලික කෙප්පයක් බව හොදටම පැහැදිලියි පසු ගිය සති අන්ත පත්තර වල මේ සිදුවීම ගැන මෙයාගේ හැසිරීම ගැන මෙයා එම ස්ථානයේ කියපු කුණුහරුප ගැන පොලිස් නිලධරියා කුපිතකළ ආකාරය පැහැදිලිව පෙන්නුම් කරලා දීල තිබුන.අනේ මම එතන ඔය නිල ඇදුම දා ගෙන හිටියනම් මාත් කරන්නේ ඕකම තමයි..නඩු පිට නඩු වැටිලා හිරේ ගියත් මේ විදි ගණිකාවන්ගෙන් නපුංසකය කියල අහගෙන නිකන් ඉන්න පුලුවන්ද මනුස්සයෙකුට..(අ)
සෙනරත්ගේ අදහස නිවැරදියි.සජිත් විශේෂයෙන්ම අවසානෙට කියන දේ ගැනත් කල්පනා කල යුතුයි. (අ)
කොහොම කරත් වැඩේ අන්තිම කැතැයිනේ . පාරේ මේ විදියට ගැහුවම මිනිස්සු මොනවද පොලිසිය ගැන හිතන්නේ. අනිත් කරනවා, මේවා පිටරටවලට ගියාම රජයට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. එමනිසා මෙම නිළධාරියට දඩුවම් කළයුතුමයි. අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගන්න. ගොඩක් පොලිස් නිලදාරීන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ, මිනිස්සුන්ට කතාකරන්නේ තිරිසනුන්න්ට වගේ. මෙයාලට යම්කිසි පුහුණුවක් දෙන්න ඕනේ මිනිස්සුන්ට කතාකරන විදිය ගැන. (අ)
කාන්තාවකට සිදු වු මේ ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේ නිලධාරියා කාන්තාවකගේ කුසින් උපන්නෙක් නෙමෙයිද මන්දා. මේ කාන්තාවගේ කෙරුවා වලුත් ඉතාම පහත්. ගනිකා වෘත්තියට අමතරව සල්ලාලයන්ගේ කීමට අහිංසක යුවතියන්ට පවා ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැන නින්දා අපහාස කරනවා. සමහර වෙලාවට පහරදීම් පවා කරනවා. මෙයාගේ භාෂාව නම් අන්තිමයි. පොලිසියෙන් ක්‍රියා මාර්ගයක් ගන්නෙත් නැහැ.(නදී)
මම හිතන්නේ වීදි කාන්තාවක් ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි මෙහෙම කිවුවේ, තමන්මේ රැකියාව කරනවා කියලා (නි)
එම කාන්තාව මොන තරාතිරමක කෙනෙක් වුණත් මහා පාරේ බිම දමාගෙන වයර් එකකින් ගහන්න පොලිසියට මොන නීතියක්ද? අනිවාර්යෙන්ම මෙම දඩුවමට වන්දිය කෙසේවෙතත් නැවත රැකියාව නම් දෙන්න එපා . (නි)
පොලිසියේ මහත්වරු වැඩ නැති වෙලාවට ත්‍රීවිලර් දුවනවා. මොනවාද ඒ අය කරන්නේ කියල හැම කෙනෙක් ම දන්නවා නොදන්නේ අජිත් රෝහණ විතරයි (නදී)
පොලිස් නිලධාරියා මැයට දඩුවම් කළ ආකාරය හරිම නරකයි. කාන්තාවක් අසරණ වුණා කියලා මෙයා තෝරාගෙන තිබෙන රැකියාවත් හරිම අශෝභනයි.අනාගතයේදී ඒ දරුවෝ කොහොමද සමාජයට මුහුණ දෙන්නේ.මට තවත් ප්‍රශ්නයක් තියනවා. කාන්තාවක් මෙවැනි තත්වයට පත් වුණාම එක එක නම් වලින් ඇයව ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ කාන්තාවන් සමඟ යන පිරිමින්ට කියන්නේ මොකක්ද? (නි)
හිතක් පපුවක් නැහැ මිනිසුන්ට. ඒ ගැහැණු කෙනාට වෙන කරදරයක් වුණා නම් යන්න වෙන්නෙත් ඔය වන්දි ඉල්ලා ගන්න හදන පොලිසියට නෙමෙයිද කියලා හිතන්න තිබුණා (නි)
ගෑනුන්ට ගහන චන්ඩි පොලිසි ඉන්නේ ශ්‍රී ලංකාවේ රහ්නපුරේද. එතකොට බට්ටි එක්ක හිටිය අයත් කොහේ අයද පව් ....නේ .....එතකොට ඔය පෙළපාලි යන අයවත් එච්.අයි.වී ටෙස්ට් දාල බලන්න. (නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කවදත් වැලයන පැත්තට වටගහන කෙනානේ. මේක ලොකු වරදක්. මොකද සාමය රකින්න ඉන්න අය මේ වගේ පාරේ දාගෙන අහිංසක ඇග විකුණලා කියක් හරි හොයාගන්න අයට ගහන්නේ කොහොමද? (නදී)
මේ ගෑනු කෙනා කියන්නේ බොරුවක්ද දන්නේ නැහැ. අපේ ගෙවල් පාරෙත් ඉන්නවා වීථි ගැහැණු. පොලිසිය එන වෙලාවට සද්දේ වැඩියි (නදී)
වැරද්දක් කලානම් නීතියෙන් දඬුවම් දෙනවා මිසක් බිම දාගන ගහන්න මේ කාන්තාව කාගේ බුදලයක්ද? (නදී)
"ළැම පමණක් පිටට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ... ලඳුනේ..." (නි)