IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පාසල් නිල ඇඳුමට සාධාරණයක් කරමුද?

හේ  නට, කුඹුරට මෙන්ම තේ කූඩයට, රබර් ගසට මුළු ආයු කාලයම සින්න කළ ජිවිත තුළ ද දිනෙන් දින දළුළමින් හුස්ම ගන්නා එක් ගෞරවණීය පැතුමක් තිබේ.ඒ තමන්ට අහිමි වූ සිනහව තම දුවා, දරුවන්ගේ මුහුණු මත දිදුලණු දැකීමය. තමන්ට අහිමි වූ ලෝකය, තම දුවා, දරුවන්ගේ අනාගතය තුළ විරාජමාන වනූ දැකීමය.කඳුළු කැටයමක් බඳු සිය ජීවිත තුළට සිනාවේ චමත්කාරය රැගෙන එන්නැයි කියමින් ඔවුහු නොවරදවා දරුවෝ පාසල් යවන්නේ එහෙයිනි. බැරි, බැරි ගාතේ හෝ පත, පොත රැුගෙන දෙන්නේද වේලක් හැර වේලක් හෝ කුසගිනි නිවන්නේ ද එබැවිණි.පැන්සලක් පෑනක්, මකනයක්, අඩි කෝදුවක් යන මේ ඉගෙනුමට අවැසි සකල කළමනාම කිසිදු කන් කෙඳිරියකින් තොරව උපයා සපයා දෙන්නට මහන්සි ගන්නේ ද එනිසාය.දුවා, දරුවන්ගේ අධ්‍යාපනය හමුවේ, ඔවුන්ට ඇති එකම සැනසීම නම් ‘‘පාසල් නිල ඇඳුම් රෙදි’’ නොමිලයේ ආණ්ඩුවෙන් ලබාදීම පමණකි. බැලූ, බැල්මට එය ‘‘සොච්චම්’’ වැඩක් ලෙස කෙනෙකුට පෙනී ගියද, රුපියලේ කාසියකින් ජිවිතය ගණන් හදන, බිංදුවේ පන්තියේ වැඩිහිටියන්ට එය මහමෙරකි. එහෙත් පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම කි‍්‍රයාත්මකව පවතින අවිධිමත් ක‍්‍රමවේදය තුළ නොමිලේ ලබාදෙන රෙදි යාරයේ, සැබෑ හිමිකරුවන් හඳුනා ගැනීමට නොහැකි වී තිබීම මෙන්ම, නොසුදුස්සන්ට රෙදී පරිත්‍යාග කරන්නට යෑමෙන් ආරම්භක අරමුණට සිදුවී ඇති හානිය ද සුළුපටු නොවේ. නොමිලේ ලබාදෙන නිල ඇඳුමේ උපත පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදිය යුතුය යන යහපත් සංකල්පය මුලින්ම කි‍්‍රයාවට නංවනු ලබන්නේ 1993 වර්ෂයේදී.ඒ එක්සත් ජාතික පක්‍ෂ පාලන සමයකය. නැතහොත් පේ‍්‍රමදාස යුගයේදීය. රජයේ සියලූම පාසල් සඳහාත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචියලත් පිරිවෙන් සඳහාත් නිල ඇඳුම් රෙදි නොමිලයේ ලබා දිය යුතු බවට එකල නිර්දේශ කෙරිණි.ඒ අනුව 1993 වර්ෂයේදී පමණක්, ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ද ඇතුළුව ළමුන් ලක්‍ෂ හතළිහකට (40) නිල ඇඳුම් රෙදි බෙදා දෙනු ලැබීය. එහිදී මූලික අවධානය යොමු කෙරුණේ, සියලූම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන්ට නොමිලයේ නිල ඇඳුම් ලබාදීම පමණක් වන අතර ඒ ප‍්‍රදානය ලැබීමට වඩාත් සුදුස්සන් තේරීමේ ක‍්‍රමවේදයක් එකල ද කි‍්‍රයාත්මක නොවිණි. කමිස, ගවුම් හා පර්දා සඳහා සුදු රෙදිත්, කලිසම් සඳහා සුදු හා නිල් රෙදිත් මෙහිදී නිර්දේශ කෙරිණි. පාසල් නිල ඇඳුම් සඳහා සුදුසු රෙදි වර්ගය ලෙස සියයට 65 කපු ද, 35 පොලිසේටර් ද මිශ‍්‍ර කළ රෙදි වර්ගයක් තෝරාගත් අතර රෙදි සැපයුම්කරුවන් සම්බන්ධයෙන්ද ප‍්‍රතිපත්තිමය එකඟතාවයටක පැමිණිමට රජය තීරණය කළේය.ඒ පාසල් නිල ඇඳුම් නොමිලයේ සපයා දීමේ ද්විත්ව අරමුණින් එකක් වන දේශීය රෙදි නිෂ්පාදකයා ආරක්‍ෂා කිරීම හා ඔහුගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙනි.ඒ අනුව මුල් වසර කිහිපයේදී පමණක් චීනයෙන් රෙදි ආනයනය කිරීමට එකඟ වූ අතර ක‍්‍රමිකව බෙදා දීමට අවශ්‍ය සමස්ත රෙදි ප‍්‍රමාණය ශ්‍රී ලංකාව තුළ නිපදවෙනු ඇතැයි බලාපොරොත්තු පළ කෙරිණි. බෙදා දීමේ ක‍්‍රමය හා වියදම් ළමුන් ලක්‍ෂ හතළිහකගෙන් ආරම්භ කළ නිල ඇඳුම් රෙදි බෙදීමේ වැඩ පිළිවෙළ වර්තමානය වනවිට, ළමුන් ලක්‍ෂ තිස්නවයකට ආසන්න ප‍්‍රමාණයක් දක්වා පහත බැස තිබේ. ඒ අනුව බෙදා දෙන රෙදි ප‍්‍රමාණය ද රෙදී මීටර් මිලියන දහයක් ලෙස ගණන් බලා ඇති අතර, ඒ සුදු රෙදි මීටර් මිලියන අටක් (08) කලිසම් රෙදි මීටර් මිලියනයක් හා සිවුරු රෙදි මීටර් ලක්‍ෂ පහක් (05) වශයෙනි. මෙම රෙදි ප‍්‍රමාණය, පාසල් ළමුන් අතර බෙදා දීම වෙනුවෙන් රජය වසරකට දළ වශයෙන් රුපියල් කෝටි එකසිය තිහක (130) මුදලක් වැය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සැපයීම් අංශයේ, ගණකාධිකාරී දුනිල් හෙයියන්තුඩුව මහතා පෙන්වා දෙයි.එසේම දේශීය නිෂ්පාදකයන්ගෙන් සමස්ත රෙදි අවශ්‍යතාවය සපුරා ගැනීමට මුලින් අපේක්‍ෂා කළද 2011 වර්ෂය වනවිටත් ඉන් සම්පූර්ණ වි ඇත්තේ, මුළු රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක ප‍්‍රතිශතයකි. ඉතිරි සියයට 30 අමු රෙදි මෙරටට ගෙන්වා නිමැවුම් කරන්නන්ගෙන් පියවා ගැනෙන බව පැවසේ.පාසල් නිල ඇඳුම් රෙදි බෙදීයාමේ ප‍්‍රතිශතය තුළ වැඩිම අගයක් ගනු ලබන්නේ බස්නාහිර පළාතයි.එහි දෙවැනි ස්ථානය, ගාල්ල දිස්ති‍්‍රක්කයටත්, තෙවැනි තැන රත්නපුරයටත් හිමිව තිබේ. වෙනත් සම්පත් බෙදීයෑමේදී නගරයේ සුපිරි පාසලක් හා ගම්බද දිළිඳු පාසලක් අතර වන විෂමතාවය, කොතෙක් ද යන්න හොඳින්ම දන්නා, ගුරු බවතුන් මෙන්ම මා පියන්ට, මෙය එක් අතකින් සිනා පහළ වන කරුණක් වනු නොඅනුමාණයි. එහෙත් යථාර්ථය එයයි. කොළඹට කිරි සංකල්පයේ යථාර්ථය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සතු නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ දිළිඳුතම දිස්ති‍්‍රක්කය ලෙස හඳුනාගෙන ඇත්තේ මඩකළපුව දිස්ති‍්‍රක්කය යි. නමුත් පාසල් නිල ඇඳුම් රෙදි බෙදීමේ දී ලොකුම පංගුව වෙන් වී ඇත්තේ කොළඹටය.එසේ වැඩිම කොටස කොළඹට බෙදී ගියද, ඒවා භාවිතයට ගන්නා ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ ප‍්‍රතිශතය සියයට 5 ත් සියයට 10 ත් අතර ඉතා පහළ අගයක පවති. එවිට, අපතේ යන ප‍්‍රමාණය, නැතහොත් නොමිලයේ සුදු රෙද්දක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති සිසු, සිසුවියන් සඳහා නිරපරාදේ බෙදාදෙන ප‍්‍රමාණය කොතෙක් දැයි අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අංශ දත්තයන්ට අනුව එසේ නිරපරාදේ බෙදා දෙන සුදු රෙදි සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි එකසිය තිහක් වන වාර්ෂික මුළු මුදලින් සියයට 1ක ප‍්‍රතිශතයකි. සියයට 1 ක් යනු සුළු ප‍්‍රමාණයක් ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද කෝටි එකසිය තිහක් සමඟ සැසඳු විට එය විශාල මුදලකි.එතරම් විශාල මහජන මුදලක් අපතේ යවමින් නොසුදුස්සන්ට සුදු රෙදි බෙදාදීමේ ක‍්‍රමය වෙනුවට, නොමිලයේ පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති පිරිස පමණක් තෝරා සුදු රෙදි ප‍්‍රදානයට වටිනාකමක්ද එක්කළ හැකි ක‍්‍රමවේදයකට, එය කි‍්‍රයාවේ යෙදවිය නොහැකි දැයි යමෙකු ප‍්‍රශ්න කළහොත් එයද පුදුමයට හේතුවක් නොවන්නේය.‘‘ඇත්ත, අපිත් දන්නවා, මේ ක‍්‍රමය ටිකක් ගැටලූ සහගත බව. ඒ නිසාම, රනිල් වික‍්‍රමසිංහ මහත්මයගේ රජය කාලේ කූපන් ක‍්‍රමයකට පාසල් නිල ඇඳුම් නිකුත් කිරීමට පියවර ගත්තා. ඒ කියන්නේ අපි ඒ ඒ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කූපන් නිකුත් කළා. අවශ්‍යතාවය ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාපියන්ට පැමිණ ඒවා ලබාගත හැකි අයුරින්. එතකොට රෙදි නිකුත් කළේ අදාළ විවිධ සේවා සමූපකාර සමිති වෙත. නමුත් මේක ටිකක් ප‍්‍රායෝගිකව ගැටලූ සහගත වූ නිසා යළිත් පරණ ක‍්‍රමයටම වැටුණා. දැන්, කිසිම තෝරා බේරා ගැනීමකින් තොරව තමයි නිල ඇඳුම් රෙදි බෙදීම සිදු වන්නේ.’’ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සැපයුම් අංශයේ ගණකාධිකාරී හෙයියන්තුඩුව මහතා, නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ගැටලූ සහගත ක‍්‍රමවේදය පිළිබඳව දක්වන පැහැදිලි කිරීමයි.එම පැහැදිලි කිරීම පිළිතුරක් ලෙස බාරගත හැකි වුවද අවිධිමත් ක‍්‍රමය නිවැරදි කරවීම සඳහා පාදක වන ප‍්‍රායෝගික විසඳුමක් නොවන බව නම් පැහැදිලිය.‘කොළඹට කිරි’ යනු හුදු ප‍්‍රබන්ධයක් පමණක්ම බව තහවුරු කරවීමට නම් තම පය පාමුල තිබෙන මේ ගැටලූවට විසඳුම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් වහා පියවර ගත යුතු බව සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාව ප‍්‍රමුඛ පොදු රට වැසියාගේ හැඟීම වේ.මන්ද, නොමිලයේ බෙදා දෙන පාසල් නිල ඇඳුමේ, සැබෑ හිමිකරුවා විය යුත්තේ යන්තමින් එදා වේල පිරිමසා ගන්නා, දිළිඳු දුවා, දරුවෝ මිස, සුපිරි පාසලක් තුළ සපිරි ජිවිතයක් ගත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නොවන නිසාය.



අදහස් (0)

පාසල් නිල ඇඳුමට සාධාරණයක් කරමුද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 331 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 120 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 448 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 206 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 132 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 140 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site