IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


පාසල් සිසුන්ට බැල්ම හෙළන ගණිකාවෝ

ගම්පහ නගරය යනු  අධ්‍යාපන  කේන්ද‍්‍රස්ථානයකි.   සති අන්තයේදී   පෞද්ගලික පන්ති සඳහා දිවයිනේ නන්දෙසින්  සිසු සිසුවියෝ තිස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ගම්පහ නගරයට ඇදී එති.  විශේෂයෙන්ම උසස්පෙළ විෂයන් සඳහා  දිවයිනේ ජනප‍්‍රිය ගුරුවරුන්  උගන්වන  ලබන පෞද්ගලික පන්ති රැසක්  ගම්පහ නගරය තුළ පවත්වාගෙන  යාම  එයට ප‍්‍රධාන හේතුවයි. යෞවනයේ එළිපත්තේ සිටින මෙම අහිංසක  සිසු සිසුවියන් එකිනෙකා බිලී බා ගැනීමට  සූදානමින් සිටින  විවිධ ජාවාරම්ද ගම්පහ නගරයේ කොතෙකුත් ක‍්‍රියාත්මක වෙන බව මේ අහිංසකයින්  නොදනිති.   මත් ද‍්‍රව්‍ය ජාවාරම ඉන් එකකි. අපි එය පසුගිය  සතියේ හෙළි කළෙමු.   යෞවන වයසේ පසුවන සිසුන් ගණිකා ඇසුරට ඇබ්බැහි කරවීම අනෙත් ජාවාරමයි.   ගම්පහ නගරය කේන්ද්‍ර කොට ගෙන  කරනු ලබන මෙම  ජාවාරම  පිළිබඳ තොරතුරු අනාවරණය  කරගැනීමට ගම්පහ පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීහු පසුගිය සතියේ සමත්වීම  එක්තරා ආකාරයකින් සැනසීමට කාරණාවකි. පසුගිය  වසර කිහිපය තිස්සේ   ගම්පහ නගරය කේන්ද්‍ර කොටගෙන ගණිකා ව්‍යාපාරය ජයටම  කෙරීගෙන ගොස් ඇතත්  කිසිදා ගම්පහ නගරය ආශ‍්‍රිත ගණිකා නිවාසයක්  වැටලූ බවක් අපට අසන්නට හෝ දැනගන්නට නොලැබිනි.  එසේ වූයේ  කුමන  හේතුවක් නිසාදැයි අපි නොදනිමු.  එය එසේ  උවද  ගම්පහ නගරය කේන්ද්‍රකොටගෙන  එවන් සේවා සපයන ස්ථාන රැුසක් පවතින  බව නම් මේ  පිළිබඳව සොයා බැලීමේදී  අපට දැනගන්නට ලැබුණි. මේ පිළිබඳව ගම්පහ  වත්මන් පොලිස් අධිකාරි විජිත  ඞී. කොමසාරු මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ  පාසල් ළමුන් ඉලක්ක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති එවන් එක් ස්ථානයක් පසුගිය සතියේ වැටලූ බවත්  ගම්පහ නගරයේ එවන්  අපචාර ස්ථාන  තවත් වෙත්නම් සියල්ලම මුලිනුපුටා දමන බවකිි.  සැබැවින්ම එය එසේ වනවානම්  රටේ අනාගතය බාර ගැනීමට සිටින යෞවනයන්ගේ  වාසනාවකි. මෙම ජාවාරම්කරුවන්  පිළිබඳ සොයා බැලීමේදී  ගම්පහ,  බැලූම්මහර, මිරිස්වත්ත, යක්කල, බණ්ඩාරවත්ත, උඩුගම්පොළ,  ගම්පහ ජා ඇලපාර  යන ප‍්‍රදේශයන්හි  මේ සඳහා විශේෂිත වූ ස්ථාන රැසක්  ඇති බව අපට දැනගන්නට ලැබිණි. මෙම ස්ථාන පවත්වාගෙන යන්නන්  අඩු මුදලට මෙම  සේවාව සැපයීමට  සැදී පැහැදී සිටින්නේ වැඩි පිරිසක් ඔවුන් වෙත ඇදගැනීමේ ඉලක්කය ඇතුවයි.  පෞද්ගලික පන්ති පැමිණෙන සිසුන් ළඟ  යහමින් මුදල් හදල් ගැවසෙන්නේ නැත.  අහිංසක දෙමව්පියන්  පන්ති ගාස්තු ගෙවීම සඳහා දෙන මුදල පමණක් ඔවුන්  සතුව ඇත.  එය දන්නා ජාවාරමුන් එසේ අඩු මුදලට සේවා සපයා වැඩි පිරිසක් ඇද ගැනීමට  තරම් සූක්ෂම වී ඇත. මේවාට ඇබ්බැහිවූ මෙම අහිංසකයින්ගේ අධ්‍යාපනය පමණක් නොව  ජීවිතයද කාලකන්නි තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැක. එවන් අවාසනාවන්ත තත්ත්වයට පත්  වූ  ජනප‍්‍රිය පාසල් වලින් අධ්‍යාපනය හැදෑරූ  තරුණයන් කිහිපදෙනෙකුද අපට හමුවිය. ඔවුන්ගේ කතා හද පාරවන සුලූය. සති අන්තය ගම්පහ නගරය පිරී පවතින්නේ  වැඩිමනක් පිටපළාත් වලින් උපකාරක  පන්ති  සඳහා පැමිණෙන සිසු සිසුවියන්ගෙනි .  විශේෂයෙන් උසස් පෙළ ගණිත සහ විද්‍යා විෂයන්ගෙන්  අධ්‍යාපනය හදාරන  පිටපළාත් වල සිසු සිසුවියන් බහුතරයක්  සිකුරාදා දින ගම්පහට පැමිණ තම ඥාතියෙකුගේ, මිතුරෙකුගේ එහෙමත් නැත්නම් බෝඩිමක නතරව සිට සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි අමතර පන්ති වලට සහභාගී වී ඉරිදා සවස තම ගම් බිම් බලා යති. සති අන්තයේ  ගම්පහ නගරය වටා  සංචාරය කර බලන  ඕනෑම අයෙකුට  සැබෑවටම අධ්‍යාපනය හදාරන සිසුන් මෙන්ම   අරමුණක් නැතිව ඉබාගාතේ සැරිසරන කොටසක්ද දැකගන්නට හැකි වෙයි. මොවුන්ගෙන්  කොටසක්  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවත්  තවත් කොටසක් ගණිකා  ඇසුරට ඇබ්බැහි වී ඇති බවත් මේ පිළිබඳව සොයා  බැලීමට කළ සංචාරයේදී  අපට අනාවරණය කරගන්නට හැකි විය.  පසුගිය කාලයේ ගම්බඳ පාසල් වලටද නොයෙකුත් මත් පෙති වර්ග  ප‍්‍රවාහනය වූයේ මේ ආකාරයෙනි. පසුගියදා   ගම්පහ  දුෂණ මර්දන ඒකකය  විසින් ගම්පහ බණ්ඩාරවත්ත ප‍්‍රදේශයේදී වැටලූ ගණිකා නිවාසයද මොවුන්ගේ  තවත් එක් තෝතැන්නක් විය.  එය කුඩු කාරයින්ගේද  බන්ධනාගාර ගතව සිට පැමිණි පුද්ගලයන්ගේද මංපැහැරන්නන්ගේද පාරාදීසයකි.    බන්ධනාගාර ගත වූවෝ විවිධ සමාජ රෝගයන්ගෙන් පීඩා විඳිති.  මේ ස්ථාන කරා ඇදී එන යෞවනයෝ ඒවා නොදනිති.  කෙසේ නමුත්  කාලයකට පසුව හෝ එවන් එක් ස්ථානයකට හෝ තිත තැබීමට ගම්පහ  පොලිසියට  හැකිවීම අගය කළ යුතු කාරණාවකි. මෙම ස්ථානය දීර්ඝ  කාලයක් තිස්සේ  විවිධ උපක‍්‍රම යොදාගනිමින්  කරගනු යනු ලැබූවක්  විය.  එහිදී ඉතා තරුණ වයසේ  වූ අවුරුදු 23 ත් 32 අතර වූ කාන්තාවන් හය දෙනෙක් අයිතිකරු සහ සේවා ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකුද  අත්අඩංගුවට   ගැනීමට  පොලිස් නිලධාරීන්  සමත් විය. ඉතා අඩු මුදලකට සේවා සපයන ස්ථානයක් වූ මෙය  පාසල් ළමුන් සහ අමතර පන්ති යන තරුණ ළමුන් ඉලක්ක කරගෙන  පවත්වාගෙන යනු ලබන ස්ථානයක් බව පසුව අනාවරණය විය.   මෙහි අයිතිකරු යක්කල ප‍්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු විසින් මෙම ජාවාරම  පහසුවෙන් කරගෙන යාම සඳහාම  විශේෂිත වූ අයුරකින් එම නිවස ඉදි කර තිබූ බවත්  දෙමහල් නිවසක් වූ මෙය වටා විශාල තාප්පයක් ඉදිකර තිබූ අතර  හදිසි අවස්ථාවකදී පිටවීමට පිටුපසින් දොරටුවක්ද වූ බව පොලිසිය කියයි. මෙහිදී අත්අඩංගුවට ගත් තරුණ කාන්තාවන්   මොණරාගල, කළුතර, ගාල්ල, අවිස්සාවේල්ල සහ මීගමුව යන ප‍්‍රදේශවලින්  රැකියා සඳහා පැමිණ මෙම වෘත්තියේ යෙදී සිටි අය වූහ. අත්අඩංගුවට පත් වූ සියලූම  කාන්තාවන් විවාහ වී සිටි අතර එක්කෝ සැමියා අතහැර ගොස් තිබුණි.  එහෙමත් නැතිනම් සැමියා මියගොස් තිබු බවත්  ඔවුන්ගේ දරුවන් මවට හෝ ඥාතියෙකුට හදා වඩා ගැනීමට දී ඇඟලූම් රැකියා සඳහා ගම්පහ, යක්කල ප‍්‍රදේශයට පැමිණි බවත් අනාවරණය විය. මීට අමතරව  මොවුහු කිහිපදෙනෙකුම ඇඟලූම් ආයතනයක රැකියාව කරන අතරම  අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය තෝරාගෙන තිබුණි. මෙම ගණිකා ව්‍යාපාරය කරගෙන ගොස් තිබූයේ විශේෂිත අයුරකිනි. මෙම කාන්තාවන් තම නවාතැන් පොළෙහි සිට  රැකියාවට යන අයුරින් මෙම ස්ථානයට පැමිණ උදේ සිට  සවස් වන තුරු එහි සේවය කර සවස සුපුරුදු පරිදි  නවාතැන් පොළට යන පිළිවෙළින් මෙය  පවත්වාගෙන ගොස් තිබුනි. තරුණ  සිසුන්ගේ  සිට කුඩු කාරයින් දක්වා විවිධ පිරිස්  මෙම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙහි මෙම සේවාව සැපයීම සඳහා  තරුණ කාන්තාවන් රැසක් සිටින බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි. මෙවන්  වෘත්තියකට මෙම තරුණ කාන්තාවන් යොමුවූ ආකාරය පිළිබඳව  සොයා බැලීමේදී අපට තවත් වැදගත් සිද්ධියක් අනාවරණය කරගැනීමටද හැකි විය. එක්තරා ඇගලූම් ආයතනයක සේවය සඳහා පිටපළාත් වල ගැහැණු ළමුන් සොයා රැුගෙන එන්නන් පිරිසක් සිටින බවත් මොවුහු  මෙම ගැහැණු ළමුන්ට නවාතැන් පොළවල් පවා සොයා දීමට සැදී පැහැදී සිටින බවත් දැනගන්නට හැකි විය. පසුව  විවිධ උපක‍්‍රම යොදා ගනිමින්  මෙම ගැහැණු ළමුන්ව   මෙම වෘත්තිය සඳහා යොමුකරවාගන්නා බවක්ද  දැනගන්නට ලැබිණි.  මෙහිදී  ඇගලූම් හලේ රැකියාවෙන් ලැබෙන වැටුපට අමතර ආදායමක් මෙම වෘත්තියේ යෙදීමෙන් ලබා ගත හැකි බැවින්  එම රැකියාවට අමතර  රැකියාවක් ලෙස මෙයද තෝරාගෙන ඇති බව දැනගන්නට ලැබිණි. ගම්පහ පොලිස් අධිකාරි විජිත ඞී. කොමසාරු මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත්තේ  ගම්පහ දුෂණ මර්ධන ඒකකයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  විමලසේන  මහතා  විසින්  විවෘත වරෙන්තුවක් ලබා ගැනීමෙන් අනතුරුවය.  පෞද්ගලික වාහනයකින්  උපාය දුතයින් දෙදෙනෙකු  එම ස්ථානයට යවා මුදල් ගෙවා කාන්තාවන් දෙදෙනෙකු වෙන් කරවා  ගත් පසු වැටලීම සිදුකළ බව පොලිසිය  කියයි. මෙහිදී අත්අඩංගුවට පත් වූ කාන්තාවන්ගේ   ජීවිත කතාද ඉතා දුක්ඛිතය.  අත්අඩංගුවට පත් වූ කාන්තාවන්ගෙන්   ලාබාලම එකිය මොණරාගල ප‍්‍රදේශයේ හද්දා පිටිසර ගමක පදිංචි   23 වියැති රූමතියකි. ඇය පුංචි සංදියේම මව මෙළොවින් සමුගෙන  තිබූ අතර පසුව සිදුවූ විවාහයකින් පසු සැමියා දරුවෙක් දායාද කොට ඇය අතහැර දමාගොස්  තිබුණු බව ඇය  පොලිසියට පවසා තිබුණි.   සලකන්නට කිසිවෙකුත් නැති තැන තම එකම දරුවා   පිටස්තරයෙකුට  හදාවඩාගන්නට පවරා දී ඇය ඇගලූම් කම්හලක රැුකියාවක් පතා හද්දා පිටිසර ගම්මානය අතහැර මේ ගෙන්දගම් පොළවට පය ගසා තිබුණි. ඇගලූම්  රැකියාව සඳහා  යාමට ඇය බෝඩිමක්ද සොයාගෙන තිබුණි. එතනදී හමු වූ මිතුරියකගේ මාර්ගයෙන්  පසුගිය අපේ‍්‍රල් මාසයේ මෙම අලූත් රැකියාවට පැමිණි ඇති අතර එතැන් සිට ඇය  සල්ලාල පිරිමින්ගේ ගොදුරක් බවට පත් වී අවසානයේ මෙලෙස  පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ඒ ඇගේ කතාවයි.  මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වූ තවත් කාන්තාවක් කළුතර නාගොඩ ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කතකි.  ඇයගේ සැමියා මිය ගොස් ඇති බවත් එකම දරුවා  හදා වඩා ගැනීම මවට පවරා  ඇඟලූම් ආයතනයකට පැමිණි  බවත් අමතර ආදායමක්  ලබා ගැනීමේ අරමුණින් මිතුරියකගේ මාර්ගයෙන් මෙම රැකියාවට හුරු වූ බවත් ඇය පවසා ඇත. ඈත පිටිසර ගම්වලින් පැමිණ මෙම වෘත්තියට යොමුවන කාන්තාවන්  ලබා ගන්නා මුදල් වල භාරකාරයා  වනුයේ  ගණිකා ජාවාරමේ හිමිකරුය.  ඔහු බොහෝ විට දිනපතා මෙම කාන්තාවන්ට  ලැබෙන ආදායම ඔහු ළඟ තබා ගන්නා බවත්  සමහර අවස්ථාවල මෙම කාන්තාවන්ට මෙම රැකියාවෙන් මිදීමට අවශ්‍යතාවය තිබුනද හිමිකරු මුදල් ලබා නොදීම මත මෙම රැකියාවේ අකමැත්තෙන් හෝ එල්ලී සිටීමට සිදුවන බවද අනාවරණය විය. අද මත්ද්‍රව්‍ය මෙන්ම ගණිකා ව්‍යාපාරයද මේ රට ගිලගනිමින් පවතී.  කැරොකේ සමාජශාලා සංස්කෘතිය  සමගින් වර්ධනය  වී ඇති ගණිකා ව්‍යාපාරය  නිසා  රට විශාල පරිහාණියකට පත්ව ඇත.  දිනපතා මෙරටට පැමිණෙන තායිලඳුන්ගේ ප‍්‍රමාණයද සුලූපටු නොවේ.  මෙවන් පසුබිමක් යටතේ දැඩි නීති රීති නොපැනවුවහොත් ඉදිරියේදී  ජාතියේ කොඳුනාරටිය බඳු  අපේ අනාගත පරපුර මහත් ව්‍යාසනයකට පත් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ගුවන්තොටුපොළ දීපා අදිකාරි



අදහස් (0)

පාසල් සිසුන්ට බැල්ම හෙළන ගණිකාවෝ

චිචි Monday, 09 July 2012 03:14 AM

නින්දිතයි

:       1       1

රුවන් Tuesday, 10 July 2012 10:02 AM

හපොයි ධර්මද්වීපය.....

:       0       0

ඉන්දික Saturday, 14 July 2012 09:05 PM

මල් වගේ නංගිලා මල්ලිලා පව්.......

:       0       0

උපාලි Saturday, 14 July 2012 10:58 PM

වැරදි කරුවන්ට නිසි දඩුවම් දෙන්න

:       0       0

පුංචා Monday, 09 July 2012 11:14 AM

චී...චී....ඊයා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 116 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 212 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 146 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 36 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site