අල්ලස් ගැනීම සඳහා කප් ගැසූ ආයතන ගැන පසුගිය සතියේ වැඩි කතාබහකට ලක් වූයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ගෙවුණු හත්මාසයේ ලැබුණු පැමිණිලි ගැන මාධ්‍ය වාර්තා කිරීමත් සමගය. ඒ අතර ප‍්‍රථම ස්ථානයට පැමිණියේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය ය.
පසුගිය හත් මාසයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි 1,954ක් ලැබී තිබුණු අතර ඉන් පැමිණිලි 285ක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ පැමිණිලිය. තවත් රාජ්‍ය නොවන සංවිධානයක් මගින් කළ සමීක්ෂණයකට අනුව අල්ලස් ගැනීම් අතර දෙවැනි තැනට පත්ව සිටියේ අධ්‍යාපනයයි.
අල්ලස්වලට අධ්‍යාපනය කප් ගසන බව තව තවත් සපථ වූයේ පසුගිය බ‍්‍රහස්පතින්දා (5) සවස වාර්තා වූ සිද්ධියකිනි. ඒ විදුහල්පතිවරයකු ලිංගික අල්ලස් ගැනීමේ චෝදනාවකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගැනීම නිසාය.
2014 වසරට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ වූයේ මීට මසකට පමණ පෙරය. ඒ අනුව යමින් කොට්ටාව ප‍්‍රදේශයේ විද්‍යාලයකට ද අයදුම්පත් ගලා එන්නට විය. එහි සම්මුඛ පරීක්ෂණ අරඹා අවසන් වූ අතර ලකුණු පටිපාටිය ලබාදීමට නියමිතව තිබිණි.
සෑම මවකගේ ම අරමුණ තම දරුවා හොඳයැයි සම්මත පාසලකට කෙලෙස හෝ ඇතුළත් කිරීමය. ඒ අනුව එම පාසලට නුදුරු පෙදෙසක මවක ද අයදුම්පත් යොමුකර තම දරුවා සම්මුඛ පරීක්ෂණයට යොමු කළාය.
මේ අතර පසුගිය සතියේ එම මවට විදුහල්පතිගෙන් පණිවුඩයක් ලැබිණි. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් ඇගේ දරුවා අඩු ලකුණු ලබාගෙන ඇති බව කියමිනි. ලකුණු අඩු නිසා දරුවා පාසලට ගැනීමේ ගැටලූවක් ඇති බවත්, තමාට හොඳින් සැලකුවොත් දරුවා ඇතූළු කිරීම ගැන සලකා බැලිය හැකි බවත් විදුහල්පති කියා ඇත.
”සර්ට මොනවද ඕන?” යැයි මව පෙරළා විමසද්දී විදුහල්පති ලබා දී ඇත්තේ හරි අපූරු පිළිතුරකි. ඒ තමා සමග හෝටල කාමරයකට යන්න එන ලෙසයි. ඒ සමගම මුදල් අල්ලසක් ද ඉල්ලා ඇතැයි කියති.
දරුවා කෙසේ හෝ පාසලට ඇතුළු කිරීමේ වුවමනාව මවට තිබුණත් විදුහල්පති සමග යහන් ගතවී තම ආත්මය පාවාදීමට ඇය අකමැති වූවාය.
ගැටලූ රැුසකට මැදිවූ ඇයට පිළිසරණ වූයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමයි. ඇය තමාට මුහුණ පාන්නට සිදුවූ දේ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළාය. මෙවැනි අකටයුත්තකට තවත් කාන්තාවකට මුහුණ පාන්නට ඇති අවස්ථාව අහිමි කිරීම ද ඇගේ අරමුණක් වන්නට ඇත.
ඒ අනුව ඇය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට තම දුක්ගැනවිල්ල ගැන පැමිණිලි කළාය. අල්ලස් කොමිසම ද ඉදිරි පියවර කුමක් ගන්නේදැයි සාකච්ඡුා කර විදුහල්පතිගේ ඉල්ලීමට එකඟ වන ලෙස ඇයට දැන්වීය.
ඒ අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා දහවල් කාන්තාව මුණ ගැසුණු විදුහල්පති ඇය සමග වේරහැර කාමරයකට ගියේ තම ආශාවන් ඉටුවූ බවට සිහින මවමින් විය හැකිය. එය සිහිනයක්ම පමණක් විය. විදුහල්පති කාන්තාව සමග කාමරයකට ගොස් දොර වසා ගත්තා පමණි. එතෙක් වේලා බලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරිහු කාමරයට කඩා වැදුණහ. විදුහල්පති අත්අඩංගුවට පත් විය.
විදුහල්පතිවරයකු විසින් ලිංගික අල්ලස් ලබා ගත් පළමු සිදුවීම මෙය නොවේ. පසුගිය වසරේ දෙසැම්බරයේ මෙවැනිම සිදුවීමක් වාර්තා වූයේ කුරුණෑගල පාසලකිනි. එය ද මීට තරමක් සමාන කතාවකි. පාසලට ළමයකු ඇතුළු කිරීමට ගිය විට සුදුසුකම් මදි යැයි කී විදුහල්පති මවගෙන් ඉල්ලූවේ ඔහු සමග සයනගත වන්නට අවස්ථාවකි. එය ලබා දුනහොත් දරුවා පාසලට ගන්නා බව විදුහල්පති පවසා ඇත.
කර කියා ගත දෙයක් නැති තැන ඊට කැමැත්ත පළ කළ මව කැටුව විදුහල්පති ගියේ පොල්ගහවෙල ගෙස්ට් හවුසියකටය. විදුහල්පතිගේ මේ නොමනා කි‍්‍රයාව ගැන පොල්ගහවෙල පොලීසියට තොරතුරක් ලැබිණි. පොලිස් නිලධාරිහු වහා කි‍්‍රයාත්මක වූහ. ගෙස්ට් හවුසිය වැටලූහ. විදුහල්පති පොලිස් අත්අඩංගුවට පත් විය.
කොළඹ පාසලක් සම්බන්ධයෙන් 2011 නොවැම්බර් 26 වැනි දා නිකුත් කැරුණු විමර්ශන වාර්තාවක ලිංගික අල්ලස් ලබාගැනීමක් ගැන සඳහන් වුවත් එහි ”ලිංගික අල්ලස්” යන වචනය භාවිත කර නැත.
එම වාර්තාවට අනුව පාසලේ විදුහල්පතිට හිතවත් ගුරුවරයකු පාසලට ළමයින් ඇතුළු කිරීමේ කටයුතු සිදුකරයි. ලක්ෂ ගණනින් මුදල් ගෙන ළමයින් ඇතුළු කරයි. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂ භාවිත කර හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂවරයකුගේ අත්සනක් භාවිත කර ළමයින් ඇතුළු කරයි. එයින්ද නොනවතින එම ගුරුවරයා ළමයින්ගේ මව්වරුන් සමග අනියම් ඇසුරු පවත්වයි. ඒ ගැන මව්වරුන්ගේ පවුල්වල උදවියට වාර්තා වී ගැටලූ මතුවූ අවස්ථා ගැන ද එම විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇත.
අල්ලස් කොමිසම මගින් හෝ පොලීසිය මගින් කර ඇති වැටලීම් ගණන අඩු වන්නට පුළුවන. නමුත් මෙවැනි සිදුවීම් සමාජයේ තව නොවෙතියි කිසිවකුට කිව නොහැකිය. ඒ හොර රහසේ මෙවැනි සිදුවීම් අපමණ සිදු වන බැවිනි.
විවිධ අල්ලස් ගැනීමේ සිද්ධීන් පසුගිය කාලයේ බොහෝමයක් වාර්තා විය. දේශපාලකයන්, ග‍්‍රාම නිලධරයන්, ප‍්‍රාදේශීය ලේකම්වරයකු, පොලිස් නිලධරයන් මෙන්ම දිසා විනිසුරුවරයකු ද අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් වූයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් අල්ලස් ගන්නා බව පෙන්වමිනි.
ළමයින් ඇතුළත් කිරීමේදී පමණක් නොව ගුරු මාරු කටයුතුවලදී ද නිලධාරින් ලිංගික අල්ලස් ඉල්ලා සිටින අවස්ථා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී සහ ගුරු මාරුවලදී මුදල් හා ලිංගික අල්ලස් ගැනීම් වැඩි වශයෙන් සිදුවෙනවා. නමුත් ඒවා වාර්තා වෙනවා අඩුයි. විශේෂයෙන්ම ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් වාර්තා වෙනවා අඩුයි. ඊට හේතුව තමයි එයට භාජනය වූ කාන්තාවට සමාජයේ ගැටලූ රැුසකට මුහුණදීමට සිදුවෙතියි කියන බිය නිසා, තමන්ගේ ආත්ම ගරුත්වයට හානි පැමිණෙන නිසා ඒ ගැන හෙළි කරන්න බිය වෙනවා.අනිත් එක තමයි මුදල් හෝ ලිංගික අල්ලසක් ඉල්ලූවාම ඒ ගැන පැමිණිලි නොකර ඒවා ලබා දෙන්න පෙළඹෙන්නේ තමන්ගේ කටයුත්ත සිිදුවන්නේ නැතිවෙයි කියන බිය නිසා.
උදාහරණයක් විදියට පාසලට ළමයෙක් ඇතුළු කරන්න ගියාම මුදල් හෝ ලිංගික අල්ලස් ඉල්ලා සිටි විට ඊට කැමති වෙන්නේ සමහර විට ඒ ගැන පැමිණිලි කළාම තමන්ගේ ළමයා පාසලට ගන්නේ නැතිවෙයි කියන සැකය මත.
මොනයම් හෝ ආකාරයක අල්ලසක් ගැන තොරතුරක් ලද වහාම ඒ ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන ලෙසත්, පැමිණිලිකරුවන්ගේ රහස්‍යභාවය සුරකින බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ”ලංකාදීප”ට පැවසීය.
”පසුගිය කාලයේ විවිධ සිද්ධි ගැන අල්ලස් කොමිසමට පැමිණිලි ආවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගැනත් පැමිණිලි ආවා. මුදල් මෙන්ම ලිංගික අල්ලස් ඉල්ලීමත් වරදක්. බොහෝ දෙනෙක් බිය නිසා කොමිසමට පැමිණිලි කරන්න මැලි වෙනවා. අපි කිසිම විටක අනන්‍යතාවය හෙළි කරන්නේ නෑ. කුමන අල්ලසක් ගැන වුවත් අපට පැමිණිලි කළොත් අපි වහා කි‍්‍රයාත්මක වී වැටලීම් සිදු කරනවා.”
අල්ලස් ගැනීමේ සිද්ධි ගැන පැමිණිලි ලැබුණහොත් ඒ ගැන විමර්ශනය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
”අල්ලස් ගන්නවා යැයි පැමිණිල්ලක් ඉදිරිපත් වුණොත් ඒ ගැන සොයන්න අපි සූදානම්. මීට කලිනුත් එලෙස කර තිබෙනවා. එවැනි සිද්ධියක් තිබෙනවා නම් නොපමාව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන්න” ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය පෞද්ගලිකරණයට එරෙහි වෙද්දී මේ වගේ ගැටළු වෙනවා (නි)
ලජ්ජා නැති සෙල්ලමක්
මේ කාන්තාව වීර වරියක්. ලස්සන නෝනලා ඉන්න පිරිමි මේ වගේ ලිංගික ලෙඩ්ඩුන්ගෙන් තම බිරියන් ආරක්ෂා කරගතයුතුය (දී)
සංජු ගැන හොයල බලන්න ඕන. මොකෙද්ද දන්නෙ නෑ.(නදී)
සංජු, ඔයාගේ අදහස් නින්දා සහගතයි. (නදී)
මේවායේ දෙපැත්තක් තිබෙනවා. ළමයව ගන්නම් කියලා කරපු යෝජනාව වැරදියි. නමුත් ටියුෂන් ගුරුවරුන් සමග නටන අම්මලා ඕනෑතරම් ඉන්නවා. ඒ අම්මලා හෝටල් ගාස්තුත් ගෙවනවා කියලා තමා කියන්නේ. නමුත් හෙමෝම නෙමෙයි. අනික අම්මලට ඔහොම නම් ටීචර් ලට දෙයියන්ගෙම පිහිට තමා.මේවා බොහොම අමාරු සමාජ ගැටලු. (නි)
අම්මලට ඔහොම නම් ළමයින්ට දෙයියන්ගෙම පිහිට තමා. (ස)
සංජුගේ අම්මගෙන් සංජුව පාසලට දාන්න කවුරුහරි අහලා කැමැති වෙලා. ඉගෙන ගන්න සංජු කැමැති ඇති නේද?(නදී)
මේ වගේ අය තමයි අහුවෙන්නේ,පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියගේ කිල්ලෝට කවදාද හොයන්නේ? නැති එකා අහුවෙනවා, තියෙන එකා අහු නොවී අපරාධ කරනවා. අපරාදේ මේ විදුහල්පති කරගත්ත දේ! පැන්ෂන් එකත් නැති වෙයිද? (නි)
අනේ මේ රටේ මොනතරම් අපරාධකරුවන් ඉන්නවද? කෝ අල්ල ගන්න පුළුවන් වුනාද?අම්මා කැමති නිසා එක්කගෙන ගියා.අගර දගර ගැහැණුන්ගෙන් තමයි පිරිමි වුණත් යමක් ඉල්ලන්නේ (නි)
මෙහෙම කි දෙනෙක් නම් අල්ලස් දෙන්න ඇතිද ළමයා වෙනුවන්
ලංකාවේ හැම අංශයක් ගත්තත් එන්න එන්නම පරිහානියට පත් වෙලා. ලංකාව ජිවත් වීම සඳහා නුසුදුසු රටක් බවට පත්වෙමින් තිබෙනවා. උපාධිය අවසන් කළ ගමන්, බායි කියන එක සුදුසුයි වගේ (නි)
මේක ශ්‍රී ලංකාවනේ... පවතින රටේ තත්ත්වය දුටුවිට ඕවා සාමාන්‍ය දේවල්.කොහොම වුණත් ඒ ගැහැණු කෙනා කරපු දේ මම අගයනවා. (නි)
සංජු මොනවගේ කෙනෙක්ද මන්දා (නි)
පුලුවන්නම් පැල්මඩුල්ල පැත්තේ ප්‍රසිද්ද පාසැලක රසායන විද්‍යා ගුරුවරයා ගැන හොයලා බලන්න. ඔහු නිසා පාසලේ ගහැනු දරුවන් ගැබිණි තත්වෙටත් පත් වෙලා තියෙනවා. පාසලේ හැම ගුරුවරයාම මේක දන්නවා. එත් වැඩක් වෙලා නෑ වග කිව යුත්තන් පුලුවන්නම් හොයලා බලන්න.(නදී)
ඇත්තටම එහෙම කරන්න ඕනා. බයවෙන්න හොද නැහැ. ගොඩක් අය බයයි තමන් අසරණ වෙයි කියලා. අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ. ගැහැණුන්ට වෙන අසාධාරනකම් ගැන අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ. අද ලංකාවේ සාර්දර්ම වලින් නම් හොදටම පිරිහිලා.(නදී)
මේකේ තව පැත්තක් තියෙනවා. ඇයි ඔපමණ එක පාසැලකට නැහෙන්නේ. සැබෑව තේරුම් ගන්න. ඔය ලොකු පාසැල් වලට යන හැම ළමයාම ටියුෂන් පංති තුන හතරකට යනවා. පාසැල හොද නම් ඇයි එහෙම යන්නේ. කරුණාකරලා ඔය ඉන්ටව් කරලා ළමයි ගන්න එක පාසලක හරි එකේ පන්තියේ ඉදලා ටියුෂන් නොයවන පාසැලක් තියෙනවා නම් කියන්න. මගේ පුතා නම් යන්නේ ගෙදර ලගම තියෙන පාසැලට. ගුරුවරුන්ගේ උපෙදස් අකුරටම පිළිපැදලා දරැවාගේ දුර්වලතාවයට එයාලා දෙන විද්‍යාත්මක විසදුම් ක්‍රියාත්මක කරනවා. හැම විෂයටම 90 ඒහා ලකුණු ගන්නවා. මදිද?ගුරුවරුන්ට ශිල්ප පොවන්න බැහැ. අපි ගුරු උපදෙස් අනුව අධ්‍යාපනයට සුදුසු පරිසරයක් දරුවාට දුන්නාම ලංකාවේ ඕනෑම පාසලක අධ්‍යාපනය එකයි.(නදී)
මේවා අද ඊයෙක ඉදල වෙන දේවල්ද? තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ ලොකු සෑර්ලට . ගෑනු ගොඩක් වෙලාවට මේවට කැමති වෙනවා. (අ)
කැමති කෙනෙක්ගෙන් අහලා කැමතිවෙලා යහනට යන ඒක හෝ විරුද්ධ වෙන එක නොවෙයි ගැටලුව.ඒ අනුව දරුවෙක් පාසලට ගන්නවාද නැද්ද යන්න තීරණය කරන එකයි වරද. (නි)
සමස්තය පරිහානිය කරා යන සමාජයක මෙවැනි දේ අසන්නට ලැබීම අරුමයක් නොවේ. ප්‍රතිකාර වහා ලබාදිය යුත්තේ රෝග නිධානයටයි. (දී)
කැමැත්තෝ කාමරයට යති. අකමැත්තෝ පොලිසි යති. (ස)
සංජු, මෝඩ කතා කියන්නඑපා මෙයා විදුහල්පතිවරයෙක්, සාරධර්මවලින් පිරිපුන්,ආදර්ශමත් පුද්ගලයකු විය යුතුයි. තවද කිසිම කාන්තාවකට මෙවැනි යෝජනාවක් කිරීම නීතියෙන් වරදක්[තමාගේම නිත්‍යානුකුල බිරිදටවත් බලෙන් කිසිම දෙයක් කිරීම වරදකි] ඔයාගේ බිරිඳට,මවට හෝ සහෝදරියකට මෙවනි දෙයක් වුනොත් ඔයා ගන්නපියවර මොකද්ද? මෙම කාන්තාව කරපුදේ මම 100%ක් අනුමත කරනවා.(නදී)
සංජු... මට පුදුමයි ඔයා ගැන??? මේ අම්ම ප්‍රතික්ෂේප කරලා ගෙදර ගියා නම් දරුවට මොකද වෙන්නේ? අනික පිළිගත්ත නම් දරුවා ඉගෙන ගෙන ඉවර වෙනකම් අම්මට ඔය දෙය කරන්න වේවි. අනික, කැමති ගනියෙක්ගෙන් යහන්ගත වෙන්න අහන එක කොහොමද අයිතියක් කියන්නේ? එතකොට පාරේ යන ඕනෑම ගනියෙක්ගෙන් අහන්න පුළුවන්නේ? තමන්ගේම අම්ම අක්කාගෙන් ඔය දේ ඇහුවනම්? ඔයා වගේ දෙයක් හරියි කියන්න තරම් නරක මිනිහෙක් වෙන්න එපා. (දී)
මට පේන්නේ සංජුට තියන්නේ පහල මානසීක මට්ටමක් .සංජු ඔයා පිරිමියක් නම් ඔයාගේ බිරිදට ඔහොම දෙයක් උනානම් ඔයා කැමතිද. වරදක් කිරීම සහ වරදට පොළබවා ගැනීම දෙකම අපරාද නිතිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක්. කණගාටුව නම් මගේ රටේ උගතුන් මිස බුද්ධි මතුන් නොසිටීමයි.(නදී)
දෙවියෝ තමයි ඕවා දන්නේ. මම නම් දන්නේ නැහැ.(නදී)
සංජුගේ විස්තර හෙව්වොත් නරකද? මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමා මේ වගේ දේවල් අපිට අහන්න වෙන්නේ.(නදී)
සංජු, ඔයා මෝඩයන් කියන දේවල් මහා ලොකුවට ගණන් ගන්න එපා.(නදී)
සංජු තමයි සංජු, විදුහල්පතිගේ ලඟ කෙනෙක්ද කොහෙද? එයත් අල්ලස් ගන්නවද කොහෙද? (ස)
ඔය සංජු , සෙන්තිල් වගේ අදහස් තිබෙන මිනිස්සු හැම රටකම ඉන්නවා. ඒ නිසා තමයි සමාජයේ යහපත් පැවැත්ම රැක ගන්න නීති රීති සකස් කරන්නත්, ඒවා ක්‍රියාත්මක කරන්න පොලිසි වගේ දේවල් ඇති කරන්නත් සිදු වෙලා තියෙන්නේ. ඔය මානව හිමිකම් සංවිධාන කියන ගොඩක් ඒවගේ තිබෙන යටි අදහස් බැලුවොත් ඒවත් යුරෝපයට ගැලපෙන ඔය වගේ අදහස් තමා තිබෙන්නේ. (දී)
මේක ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මේවට වගකිවයුතු අපරාධ කාරයින් එළියේ ඉන්න එක තවත් අපරාධ වලට අත වැනීමක්. මේ ලිපියේ කියන කොළඹ විදුහලක මාලගොඩ කියන ගුරුවරයා දැනට නුගේගොඩ පිරිමි විදුහලක සේවය කරනවා. හිනා යන වැඩේනම් මාලගොඩ වගේ දුෂකයෙකුව පත් කරලා තියෙන්නේ පාසලේ විනය බාරව. මව්වරුන් සහ ගුරුවරියන් ප්‍රවේශමෙන්. මමනම් හිතන්නේ මේ වගේ දුෂකයින් සමාජයට හෙළි කරන්න ඕනේ හැම දෙනාගේම යහපත සඳහා.
දුෂණයක් නොවී කැමැත්තෙන් උනාට මට නම් වරදක් පෙනෙන්නේ නෑ. ඇයි මේවට පොලිසි යන්නේ. බැ කිව්වා නම් ඉවරනේ අනික මිනිහෙකුට අයිතියක් තියෙන්න ඕන තමන් කැමති ගෑනියෙකුගෙන් අහන්න. ගැහැණියට අයිතියක් තියෙන්න ඕන බැරිනම් ප්‍රතික්ෂේප කරන්න.(නදී)
අනේ මටත් විදුහල්පතිවරයෙක් වෙන්න ඇත්නම්. අහු නොවෙන්න කරන හැටි මම දන්නවා. (ස)
දැන් බලන්න ගියාම ලිංගික අල්ලස් දුන්න අය ළමයින්ව පාසල් වලට දාලා ගුරු මාරුවීම් අරගෙන සද්ද නැතිව ඇති නේද? (ස)
සංජු, ඔයාලා වගේ අය තමයි තමන්ගේ අම්මව, බිරිදව විකුනගෙන කන්නේ.(නදී)
සංජු, ඔයා ඇත්තටම කවුද ?(නදී)
ගොඩක් අය එකම රාමුවක විතරයි හිතන්නේ. අඩුම තරමේ සංජු කියන්නේ පිරිමි නමක්ද ගැහැණු නමක්ද කියලවත් දන්නේ නැතුව අදහස් දාන්නෙ. (නි)
ගාල්ල පැත්තේ පසුගියදා විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙකුත් ප්‍රසිද්ධියේම සල්ලි ගත්තා ළමයි දාන්න. මේක ගැනත් සොයා බලන්න. (නි)
පාඨකයෝ එවන ඔක්කොම නීති විරෝදී අදහස් පල කරන්නේ නැතුව හිටියනම් නේද හොද ?(නදී)
මුන් ඔක්කොටම පිස්සු. මට නම් තේරෙන්නේ නෑ. (ස)