IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පහේ කාසිය දාහට මිලදී ගන්න අලූත්ම ජාවාරමක්

13pg-18d--taksalawa-a-pgs

 

 

මේ වන විට අපේ සමාජයේ  ඕලන්ද දොයිතු කාසි පිළිබඳ මෙහි දී මහත් ඉල්ලූමක් ඇති බව කියති. මෙය මහා කතිකාවකි. ආත්තම්මා, නත්තා, පනත්තා යන වැඩහිටියන් හමුවේ වෙනදාට වැඩි ගනුදෙනුවක් නොකරන අපේ සමහර ඇත්තෝ අත්තාගේ පෙට්ටගමට තට්ටු කරන්නට එහි ඇති බව කියන, සැක කරන, පැරණි කාසි හෝ නෝට්ටුවලට ඉව අල්ලන ආකාරයද දැකිය හැකිය. 

 

 

අපේ රටේ පැරණි රන්, රිදී, පිත්තල, කාසි හා කොළ සල්ලිවලට නැතහොත් මුදල් කාසි හා නෝට්ටුවලට ඉව අල්ලන නවතම ජාවාරමක් මේ වන විට ලංකාවේ ක‍්‍රියාත්මක වේ.


ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත‍්‍රික්කවලින් ආරම්භ වූ පැරණි කාසි හා මුදල් නෝට්ටු සෙවීමේ ජාවාරම මේ වන විට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ද අවට ප‍්‍රදේශ රැුසක ද පැතිරී  තිබේ. 


මේ වන විට දකුණු පළාතේ හා රත්නපුර දිස්ත‍්‍රික්කයේ, කිසියම් සංවිධාන්තාමක  පිරිසක් රත්නපුර ප‍්‍රදේශයේ නිවෙස්වලට පැමිණ රුපියල් පහේ සහ රුපියල් දහයේ කාසි වැඩි මිලක් ගෙවා මිලදී ගන්නා ආකාරයක් දැකිය හැකිය. 


කිහිප දෙනෙක් ඇවිත් ගෙවල්වලින් පහේ කාසි කියමින් දළදා මාලිගාව තියන දහයේ කාසිය තමයි ඉස්සෙල්ල ඉල්ලලා තියෙන්නේ. පහේ කාසියක් ගන්නවලූ රුපියල් 1000ත් 1500ත් අතර ගාණකට. දහයේ කාසියට රුපියල් 2000 ක් විතර ගෙවනවා. දැන් ගාල්ල, මාතර හම්බන්තොට, රත්නපුරේ ජනප‍්‍රියම වැඩක් මේක. රත්නපුරේ මෙන්ම ඒ අවට තවත් ප‍්‍රදේශ කිහිපයක ද මෙලෙස කාසි එකතු කිරීම සිදුවන බව අප කළ ගවේෂණයකින් ආනාවරණය විය. කෙසේ වෙතත් කාසි එකතු කරන්නන් කවුරුන් ද? ඔවුන් කාසි එකතු කරන්නේ කුමක් සඳහා දැයි තවමත් තහවුරු වී නැහැ. මෙය අභිරසකි. මෙය පිටරටට ලබාදෙන්නේ ද නැතහොත් වෙනත් ජාවාරමක් සඳහා පසුබිමක්ද යන්න ජනතාව ඉදිරියේ ඇති ප‍්‍රශ්නයයි.


මේ නිසා අපේ පැරණි දේ විනාශ විය හැකි නිසා මේ සම්බන්ධයෙන් රටම දැනුවත් කළ යුතුය. කෙසේ නමුත්, අතේ දොයිතුවක්වත් නැති පප්පලා කාසි හා නෝට්ටු රුපියල් ලක්ෂය, රුපියල් පනස් දහස, රුපියල් විසිපන් දහස, අවම වශයෙන් රුපියල් දස දහස ලබාදෙන බව කියති. මේ ආදී වශයෙන් මිලදී ගන්නා බව කියති. මේ අපේ කාලයේ අමුතුම සෙල්ලමකි. ජාවාරමකි. සත්තකින්ම සමාජ ප‍්‍රශ්නයක් දැයි සිතේ. මානසික පිස්සන්ගේ කටයුත්තක් දැයි විටක සිතෙන්නේ මේ නිසාය. රුපියල් ලක්ෂයකට පනස් දහසකට මේ දියුණු ලෝකයේ කළ හැකි දේ අපරිමිතය.


නමුත් රැුවටී මේ ආකාරයේ ජාවාරම්වලට අත ගසා අපේ පැරිණි දේවල් විනාශ කරනවා මෙන්ම අත්අඩංගුවටද පත්වන්නේ හොරකම් කොල්ල කෑම හා කෞතුක දේ විකිණීමේ ඇති නොහැකියාවේ පදනම බව මේ අයියලා, බාප්පලා නොදන්නා නමුත්, බුද්ධිමත් වූ අපේ රටේ ජනතාව මේ විලම්භීත කතාන්දරයට යට නොවී නතු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම වටනේය.


අපේ මුදල් පිළිබඳව, මුදල්වල ඇති වටිනාකම හා එහි සැකසුම හා සමාජමය පසුබිම කතා කරන්නට ද මේ අනුව හැකි අතර එය අපේ දැනුමටද අගනේය. නමුත් මේ ජාවාරම්වලට යට වී අපේ පැරණි මුදල් නෝට්ටු හා කාසි වළ පල්ලට දමන්නට කරන මේ අපතයන්ගේ කතාන්දරයට නොරැුවටෙන මෙන් අප පවසන්නේ ඉතාමත් වගකීමෙන් යුතුවයි. අපට ඇති ඉතිහාසයක් මේ කුමන ආකාරයට හෝ සමහර පටු රාජ්‍ය නොවන හෝ ආයතන හරහා පෙනී සිටින රටවල කුලී රූකඩයන් පිරිසකට මෙහි වැදගත්කමක් නැති වුවද සිංහල අපට අපේ දේ වටිනාකමක් තිබේ. ඒ නිසා මෙය ආරක්ෂා කිරීම කළ යුතුව තිබේ.


යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා භාවිත කරන   ඕනෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය. ඍජු භාණ්ඩ හුවමාරු ක‍්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩ වෙනත් අයෙකුට දී ඔහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදී. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග‍්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක‍්‍රමය පහසුවෙන් ක‍්‍රියාත්මක කළ හැකි විය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමඟ මෙම භාණ්ඩ හුවමාරු ක‍්‍රමය අසාර්ථක විය. ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැුසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිත වී ඇත.


සිප්පි කටු, ලූණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන් රැුගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනා දී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.


කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප‍්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනීමද පහසුය.


වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලූම් තැන්පත් හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් ලෙස හඳුන්වයි. ජංගම ගිණුම්වල ශේෂ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ චෙක්පත් නිකුත් කිරීමෙනි. චෙක්පත් ව්‍යවහාර මුදල් ලෙසම ගනුදෙනු සඳහා භාවිත කරයි. බැංකු මුදල් ව්‍යවහාර මුදල් මෙන්ම 100% ක්ම ද්‍රවශීලතාවයෙන් යුක්ත යැයි පිළිනොගනී. එහෙත් බැංකු මුදල් ආසන්න මුදල්වලට වඩා ද්‍රවශීලතාවයෙන් යුක්තය.


මුදල්වල ලක්ෂණ, සමජාතීය වීම, පහසුවෙන් හදුනාගත හැකිවීම, කල්පැවතීම, පහසුවෙන් ගෙනයා හැකි වීම, කුඩා කොටස්වලට බෙදිය හැකි වීම, හිඟකමක් තිබීම, වටිනාකම සමබරව පැවතීම, පහසුවෙන් නිපදවිය නොහැකි වීම, මුදලේ කාර්යයන්, විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම x එනම් භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියකු ලෙස ක‍්‍රියාකිරීමටද, වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් වීම - නූතන මුදල් ආර්ථිකයන්හි වටිනාකම සැසඳීමට, වටිනාකම මැනීමට මුදල් භාවිතය ඉතා වැදගත් වී ඇත.


විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක‍්‍රියාකිරීම වර්තමාන ගනුදෙනුවක වටිනාකම අනාගතයේදී ගෙවිය හැකිවීම, වටිනාකමේ සන්නිධියක් ලෙස ක‍්‍රියාකිරීම, ආයෝජන මාධ්‍යයක් ලෙස, මුදලේ වටිනාකම, මුදලේ වටිනාකම යනු භාණ්ඩයක් හෝ සේවාවක් සමඟ හුවමාරුවේදී එහි ඇතිවන වටිනාකම හෙවත් මුදලේ ක‍්‍ර‍්‍රයශක්තියයි. එනම් මුදලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප‍්‍රමාණයයි. මෙය මිල මට්ටම මත රඳා පවතිනු ඇත.


මුදල් නීති පනතේ 49 වැනි වගන්තිය යටතේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අධිකාරිය හා බලය ශ‍්‍රී ලංකා මහ බැංකුවට හිමිවේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු හා කාසි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම් වන අතර ඒවා ශ‍්‍රී ලංකාව ඇතුළත  ඕනෑම මුදල් ප‍්‍රමාණයක් ගෙවීම සඳහා නීත්‍යානුකූල මුදල් ලෙස සැලකේ.


1952/1953 වර්ෂයන්හි ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඡුන යොදා ගැනීමත්, සිංහල භාෂාව යොදා ගැනීමත් 1956 දී සිදුවිය. 1963 දී මහ බැංකුව ප‍්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රු 5000, රු. 2000, රු. 1000, රු. 500, රු. 100, රු 50, රු. 20 හා රු. 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රු. 10, රු. 5, රු. 2, රු. 1 හා ශත 50, ශත 25 යන අගයන්ගෙන් යුත් කාසිද නිකුත් කෙරේ.


භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි හා ණය ගෙවිය හැකි   ඕනෑම ස්වරූපයක දෙයක් මුදල් නම් වේ. මුදල් වන ප‍්‍රධාන වැදගත්කම් හුවමාරු මාධ්‍යයක් වීම, ගබඩා කළ හැකි වීම හා මැනිය හැකි වටිනාකමක් ඇති දෙයක් වීමයි. මුදල් යනු සම්මත විලම්භීත ගෙවීම් මාධ්‍යයක් ලෙස හඳුන්වා ඇත. මුදල්වලට සංසරණය වන ව්‍යවහාර මුදල් මෙන්ම, ඉතිරි කිරීමේ ගිණුම්, ඉල්ලූම් තැන්පතු හා තැන්පතු සහතික අයත් වේ. වත්මන් සමාජයේ ව්‍යවහාරික මුදල් යනු, මුදල්වල කුඩාම ඒකකයයි.


මුදල් යනු ඝනව වටිනාකම ඇති ඒකකයක් නොව, ආර්ථිකයේ පිළිගත් වටිනාකමක් ඇති ඒකකයකි. මුදල් යනු ආර්ථික විද්‍යාවේ ඇති මුල්‍යමය කටයුතුවලට තිබෙන විශ්වාසදායකම ඒකකයි. මුදල් නොමැති සමාජයක දී  භාණ්ඩ හුවමාරැු කරගැනීමේදී භාණ්ඩ ඇති වුවමනාව හා එහි වටිනාකම මැනීම යනු ගැටළු සහගත විය. මුදල් භාවිතය වෙළෙඳ හා කම්කරු ක්‍ෂේත‍්‍ර දියුණුවට හේතු විය.


ලංකාවේ තවත් පැරණි මුදල් නෝට්ටු සහ පැරණි කාසි කිහිපයක් පිළිබඳව කතා කිරීමේ දී කාලයෙන් කාලයට කරළියට එන විලම්භීත කාරයක් වශයෙන්ද මේ කාසි හා නෝට්ටු ගන්න බව, සඳහන්ය.


දැන් කරළියට පැමිණ ඇති වී. ඕ.සී. කාසි හා රැජිනගේ කාසි මෙන්ම 1947, 48 ආදී වර්ෂවල හා පැරණි කාසි ගන්නා බව කියන කතාන්දරයක් නිසා මේ වන විට සමාජයේ යම් කතිකාවතක් මෙන්ම මිලදී ගන්නා වූ බයර්ලා නොහොත් බ්‍රෝකර්ලා ද සිටින බව කියති. මෙය වැඩිහිටියන් අතර විතරක් නොව වත්මන් සමාජයේ තරුණ තරුණියන් අතරද දැනට ගනුදෙනු කිරීමේ කතාන්දරය දැකිය හැකිය. පැරණි කාසියක් ලක්ෂයකට, රුපියල් පනස් දහසකට තවත් විවිධ වාර්ෂවල, රන්, රිදී, පිත්තල කාසි ඉහත මිල ගණන්වල උපරිමයක් යටතේ, රුපියල් ලක්ෂයකට මිලදී  ගන්නා බවක් මේ වන විට රට පුරා ආන්දෝලනයක් ඇතිව තිබේ.


මේ සෑම මුදල් නෝට්ටුවක්ම අපේ රටේ දේශීයත්වය, අලංකාර පරිසරය, කර්මාන්ත, සංස්කෘතිය ආදිය විදහාපාන තවත් කලා නිර්මාණයක් ලෙස සැලකුවත් වරදක් නැහැ. ඒ තරමටම ඒවා අලංකාරයි. මේ වැනි අපේ සංස්කෘතිය, සුද්දාට හෝ කාරිය කරවන රාලලාට සහේට දීමට, දීගතල දීමට තරම් අප නොදරුවන් නොවනු ඇත.


මේ වන විට අපේ සමාජයේ  ඕලන්ද දොයිතු කාසි පිළිබඳ මෙහි දී මහත් ඉල්ලූමක් ඇති බව කියති. මෙය මහා කතිකාවකි. ආත්තම්මා, නත්ත, පනත්තා යන වැඩහිටියන් හමුවේ වෙනදාට වැඩි ගනුදෙනුවක් නොකරන අපේ සමහර ඇත්තෝ අත්තාගේ පෙට්ටගමට තට්ටු කරන්නට එහි ඇති බව කියන, සැක කරන, පැරණි කාසි හෝ නෝට්ටුවලට ඉව අල්ලන ආකාරයද දැකිය හැකිය. කාලයෙන් කාලයට මෙම කතාන්දර යම් වසංගතයක් මෙන් සමාජයේ පැතිරයන ආකාරයක් සෙයක් දැකිය දැකිය. මෙය රටේ ප‍්‍රශ්න හෝ සමාජයේ යම් ගැටලූවක් යටපත් කරන්ට සිදුකරන සංවිධානාත්මක දේශපාලන සමාජ සංස්කෘතික මර උගුලක් ද විය හැකිය. ඒ නිසා පරිස්සම් වීම වැදගත් වේ.


m

 

 

 

 



අදහස් (0)

පහේ කාසිය දාහට මිලදී ගන්න අලූත්ම ජාවාරමක්

අතුල Friday, 19 December 2014 07:41 AM

මොවුන් ඉල්ලන්නේ සත්‍ය කාසි නෙමෙයි වගෙයි. උදාහරණයක් විදිහට රැජිණ රජවෙන්න කලින් වකවානු වල රැජිණ කාසි හොයනවා. නමුත් ඒ දිනවල තිබිලා තියෙන්නේ ජෝර්ජ් රජු ඉන්න කාසි. අර කාසිය තිබුනා නම් ලොකු ගානක් දෙන්න තිබුනා කියලා සත්‍ය කාසිය අඩු ගානකට ගන්නවා. මහා බොරුවක් කරන්නේ. (නි)

:       1       0

කේ. සිරි Friday, 19 December 2014 03:52 AM

ඔය කාසිය හදන්න රුපියල් දාහක් වැය වෙන්නේ නැතුව ඇති. රජයට කරන්න තියෙන්නේ අලුතින් හදල විකුනන්න. මොකද අපිට ඒක නීති විරෝධී නිසා. රජයට හොද අාදායමක් වේවි. (නදී)

:       1       0

සුමිත් Thursday, 18 December 2014 02:52 PM

ඉතාම වටිනා ලිපියක් , අප සමාජයේ ඉන්න සියලුම දෙනා අපේ රටේ තියෙන වටිනාකම තේරුම් ගත යුතුව ඈත.(හේ)

:       0       0

රංග Friday, 19 December 2014 09:01 PM

පස්සේ ගෙවන ගණන 5000 ට වැඩිකරලා එකතු කළ කාසි 4000 ට විකුණාවි. එහෙම එහෙම ගිහින් සල්ලි අරගෙන අතුරුදහන් වේවි. (නි)

:       0       0

අනුරාධ Wednesday, 24 December 2014 10:11 AM

මේවා ජාවාරම් කාරයින්ගේ වැඩ .අහුවෙන්න එපා (බ)

:       1       1

අමිල Tuesday, 23 December 2014 04:00 AM

සේරටම පිස්සු වගේ (නදී)

:       0       1

ලසිත් Friday, 19 December 2014 12:33 AM

මට නම් හිතෙන්නේ මේක වෙන ලොකු ජාවාරමක කොටසක් කියලා. පහේ කාසියට දාහක් දෙන මුවාවෙන් ගෙවල් වල තියෙන අනිත් වටිනා කියන දේවල් මොනවද කියලා බලලා පස්සේ ඒ ගෙවල් මංකොල්ලකන්න හදන පොටක් වෙන්නත් පුලුවන් (නි)

:       0       2

වික්‍රම Friday, 05 August 2016 12:36 AM

5ක් දීලා 1000ක් ගන්න මිනිස්සු අකමැති වෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 85 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 70 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 29 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 75 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 42 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 564 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 591 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site