ශී‍්‍ර ලංකාවේ පැරැණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.
අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි.
පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුළින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු කි‍්‍රස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. කි‍්‍රස්තු වර්ෂ 633 දී තුන්වැනි අග‍්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ. අනුරාධපුර රාජධානිය පැවැති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් වංශකථා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක‍්‍රමණය කොට අනුරාධපුරය රාජධානිය වනසා පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් රාජ්‍ය විචාරනු ලැබූ මහා පරාක‍්‍රමබාහු රජුගේ පාලන සමයේ ශී‍්‍ර ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. එකළ රාමඤ්ඤ පුරය, ප`ඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප‍්‍රමාණයක් මෙම රජතුමා විසින් කරවන ලද ගොඩනැගිළිය.
වර්ෂ 1187 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාරා රාම ප‍්‍රතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
දේශීය රජවරු පහළොස් දෙනෙක් ද ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක‍්‍රමණයෙන් බිඳවැටේ.
නැවත දෙවැනි පරාක‍්‍රමබාහු මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.
යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාක‍්‍රමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර කි‍්‍රස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.
ඉන් පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බි‍්‍රතාන්‍ය සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසළ කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරාක‍්‍රමබාහු මාළිගය, නිශ්ශංකමල්ල මාළිගය, පරාක‍්‍රමබාහු රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්‍ය පාලනයේ ශී‍්‍ර විභූතිය කියාපාන සාධකයෝය.
නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙර ද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක‍්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් සෘෂි වරයාගේයැයි ද මතයක් තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම චෛත්‍යය වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී චෛත්‍යයනුත් බද්ධ සීමා ප‍්‍රාසාදය, ලකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැගි නිර්මාණයෝය.
අට දා ගේ, හැට දා ගේ සහ පොළොන්නරුව වටදා ගේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දකවයි. පොළොන්නරුවේ නටඹුන් වූ ගොඩනැගිලි හා කලා නිර්මාණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවාට හින්දු බලපෑම විශාල වශයෙන් ලැබී ඇති බවයි. මෙම නටඹුන් අතර හොඳින්ම ආරක්ෂා වී ඇත්තේ දැනට දක්නට ඇති පැරණිතම ඉදිකිරීම වීමද විශේෂයකි. එය සොළීන් විසින් ඉදිකරන ලද ශිව දේවාලයයි. සත් මහල් ප‍්‍රාසාදයද පොළොන්නරුවේ ඇති අපූරු නිර්මාණයකි.
මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැඹෙන පොළොන්නරු නගරය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි.
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පොළොන්නරුව
සමාධි Friday, 31 May 2013 03:21 PM
වටිනා ලිපියක්
නිශානි Wednesday, 13 June 2012 04:37 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න...
කිසාගෝතමී Wednesday, 13 June 2012 04:38 PM
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි
සුපුන් Friday, 13 May 2016 02:38 PM
විශිෂ්ටයි (බ)
මිහිරංග Wednesday, 13 June 2012 05:23 PM
සත්මහල් ප‍්‍රාසාද තුල සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්න්‍යතාවයයි.ලංකාදිපටය ස්තුතියි
සදුන් Thursday, 14 June 2012 12:51 PM
අපේ පැරණි ශ්‍රී විභූතිය මතු පරපුරට දැකගන්න, ආරක්ෂා කරදීම බලධාරීන් වගකීමයි. ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා .
මලී Monday, 02 July 2012 10:57 AM
පොළොන්නරුව රජ සමයේ සිතියම්,ටොලමිගේ ලෝක සිතියම ආදිය ගැන දැනගෙන අදහස් පළ කරනවා නම් හොදයි.
ධම්මික Friday, 22 June 2012 01:44 PM
පොළොන්නරුව නම හැදුන හැටි ‘‘ පොලොන් ආරු ‘‘ සෞභාග්‍යය කැන්දන ගංගාව යන්නයි. (ස)
සමනළී Thursday, 28 June 2012 10:43 AM
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
සජී Sunday, 03 February 2013 04:08 PM
ගොඩක් විස්තර තියෙනවා.(නදී)
කුමුදු Wednesday, 06 June 2012 03:26 PM
ශ‍්‍රී ලංකාව තුල ඇත්ත දැනනගන්න තියෙන පත්තරයක් නම ඒ ලංකාදීප. අපි කියවන්නෙත් දිනපතා ලංකාදීප පාත්තරයයි.
Dhammika Herath Saturday, 07 October 2017 06:55 AM
වැදගත් තොරතුරු ඇතුළත් කෙටි සටහනක්. ඉතා විශිෂ්ඨයි. අපේ චාරිකා පොතටත් තොරතුරු පහසුවෙන් ගන්නට හැකිවුණා.