IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පළමු ආදරේ නැතිවුණාම මම සිහි නැතිවෙනකම් කුඩු බිව්වා

   11_PAGE_05_RASA

 

ජීවිතේ කියන්නේ ඉරිගහලා කොටු ගහලා බෙදලා වෙන්කරලා පෙන්නන්න පුළුවන් වුණ ගණිත ගැටලූවක් නෙවේ. ජීවත් වෙලාම විසඳිය යුතු ප‍්‍රහේලිකාවක් කියලා මට හිතෙනවා. කොතැන හරි එක අකුරක් වැරදුණොත් ජීවිතේම වරදින්න පුළුවන්.

 

2
ගයන්තට වැරදුණේ කොහොමද කොතනින්ද කියලා නම් කියන්න බෑ. මේ වෙනකොට ගයන්ත ඉන්නේ ගම්පහ නිසංසල මිතුරු මිතුරෝ හෙවණේ. තමන්ගේ කියලා හිතුවට තමන්ගේ වුණ කෙනෙක් නැති ජීවිතේ හොයාගෙන අද ගයන්ත ආපහු යන්න පාර හොයනවා.
අපි අහමු ගයන්තගේ කතාව.


මගේ ගම කතරගම. ඉගෙන ගත්තේ ඇඹිලිපිටියෙ උසස් පාසැලක. වයස අවුරුදු විසිහතක් වුණ මගේ ජීවිතේ අවුරුදු දහයක්ම ගෙවිලා ගියේ මත්කුඩු එක්ක. පුංචි කාලේ ඉඳලා මට ගෙවන්න වුණේ ළමයෙක් විඳින්න අකමැතිම ජීවිතයක්. අම්මයි, තාත්තයි හුඟ වෙලාවට රණ්ඩු කරගත්තා. එයාලගේ රණ්ඩුවලට සමහර වෙලාවට හේතුවක් තිබුණා. සමහර වෙලාවට හේතුවක් තිබුණේ නෑ.


දෙන්නා දෙමහල්ලෝ ගහගන්නකොට මම ඉන්නවාද, නැද්ද කියන එකගැන එයාලට හැඟීමක් තිබුණේ නෑ. හිතේ හැටියට ගහගත්තා. ඒත් එයාලා මං ගැන ඩිංගක් හරි හිතුවා නම් කොයිතරම් හොඳද?


අම්මයි තාත්තයි ගහගන්නකොට මම ඔහේ සෙල්ලම් බඩුත් තුරුළු කරගෙන පුංචිලාගේ ගෙදරට දිව්වා. මොන තරම් අප‍්‍රසන්න වුණත් එකම දේ එකම විදිහට ඒ වහල යට සිදු වුණා. මට අම්මා වගේම තාත්තත්  ඕන වුණා. දරුවෙක් හැටියට කව්රුහරි මගෙන් ඇහුවොත් කාවද වැඩියෙන්ම  ඕන කියලා මම කිව්වෙත් අම්මයි තාත්තයි දෙන්නම  ඕන කියලා. ඇත්තටම මිස් විඳලා තියෙන කෙනෙකුට මිස මගේ පුංචි හිතේ එදා තිබුණේ මොන වගේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවිද කියන්න මම දන්නේනෑ.

3


අම්මවයි තාත්තවයි දෙන්නවම  ඕන කියලා ඒ අයට ආදරේ කළත් දවසක් තාත්තා, අම්මවයි මාවයි දාලා යන තීරණේ අරගෙන තිබුණා. මම තාත්තාට කිව්වා මාව දාලා යන්න එපා කියලා. ඒත් තාත්තා එතකොට කිව්වා එයා එක්ක යමු කියලා. ඇත්තටම කොහොමද මිස් තාත්තාව  ඕනෙයි කියලා මම අම්මාව අතාරින්නේ. ඇත්තටම කිසිම ළමයෙකුට මට වුණ කිසිම දෙයක් වෙන්න එපා.


තාත්තා ගියාට පස්සේ අම්මා මාව ආච්චිට බාරදීලා වැඩට ගියා. අම්මා වැඩකළේ ගෙවල් ළඟ වැඩපළක. මගේ පුංචිකාලේ තාත්තා වගේම අම්මාත් නැති වුණා. දවස පුරාම නැහිලා නැහිලා හවස ගෙදර ආවම අම්මාට මාව හුරතල් කරන්න වෙලාවක් තිබුණේ නෑ. තියෙන දෙයක් කාලා ඇඳට වැටිලා නිදාගත්තා. ඇත්තමයි මිස් මම අම්මාට තුරුළු වෙලා නිදියන්න පුංචි කාලේ හරියට ආස කළා. ඒ තාත්තා නැති අඩුව මට වැඩියෙන් දැනුණ නිසා වෙන්න ඇති.


මම ඉස්කෝලේ ගිය මුල් දවසෙ අම්මා මාව ඉස්කෝලෙට බාර දෙන්න ආවා. ඒත් ඉන්පස්සේ මම හැමදාම ඉස්කෝලේ ගියේ ආච්චි එක්ක. ගෙදරින් නොලැබුණ ආදරේ සතුට මම ඉස්කෝලේ යාළුවෝ අතරින් හොයාගෙන ගියා. තාත්තගෙන් වෙන්වුණාට පස්සේ අම්මා තව කසාදයක් කරගත්තා. ඒ බාප්පා බොහොම කරුණාවෙන් මට සැලකුවා. නමුත් අම්මා තාත්තව හමුවෙන්න තිබුණ හැමපාරක්ම වහලා දැම්මා. ඒ නිසා තාත්තාව මට දකින්න ලැබුණේ කලාතුරකින්.

6


අලූත් තාත්තෙක් ලැබුණට ඒ මගේ තාත්තා නෙවෙයි කියන ඇත්තට මූණ දෙන්න අම්මා අකමැති වුණා. තාත්තා මාව මුණගැහෙන්න උත්සහ කළා. ඒත් ඒ හැම තැනම අම්මා නවත්තලා දැම්මා. මගේ පංතියෙ යාළුවෝ සිගරට් බිව්වේ අවුරුදු පහළවේදි. ඒ ගැන මගේ හිතේ තිබුණේ ලොකු අප‍්‍රසන්නතාවක්. මම මගේ යාළුවන්ට අවවාද කළා සිගරට් බිව්වම කටගඳ ගහනවා, තොල් කලූ වෙනවා, පිළිකා හැදෙනවා කියලත් මම උන්ට කිව්වා.


ඒත් උන්ට ඒවා අහන්න උවමනාවක් තිබුණේ නෑ. දවසක් අපි මළගෙදරක ගියා. ඒ මළගෙදරදි අපි හැමෝටම සිගරට් ඇල්ලූවා. කාටහරි යාළුවෙකුට දෙනවා කියලා හිතාගෙන මමත් එදා සිගරට් එකක් අරගෙන සාක්කුවේ දාගත්තා. එදා මම ගෙදර එනකොට පාන්දර දෙකට විතර ඇති. යාළුවෝ ටික එදා වෙන්වෙනකොට ගෙදර ගියේ සිගරට් එකක් ගහගෙන. ඒ වෙලාවෙ මට මතක් වුණා මගේ සාක්කුවෙත් සිගරට් එකක් තියෙන බව. එදා මට හිතුණා මේ තරම්ම එපා කියද්දි බොන්න තරම් ඒකේ තියෙන රසය මොකක්ද කියලා හොයා ගන්න. එදා තමයි මම මුලින්ම සිගරට් එකක් බිව්වේ. ඇත්තටම ඉන්පස්සෙ අහුවෙන හැම වෙලාවෙම මම සිගරට් බිව්වා.


කාලය ගෙවිලා ගියේ මාව දවසින් දවස ලෝකෙට අවතීර්ණ කරගෙන. ඒ කාලේ මගේ අම්මාට ආයෙත් දරුවෙක් ලැබෙන්න ආවා. මේ වෙනකොට මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. අම්මාගේ දෙවැනි කසාදෙන් නංගිලා දෙන්නෙක් ලැබුණට පස්සේ මට අම්මාව හොඳටම නැති වුණා. මම මගේ ඇඳුම්කෑලි ටිකත් අරගෙන ගිහින් ආච්චිගේ ගෙදර නැවතුණා.  ඕලෙවල් විතරක් නෙවේ, මම ඒ ලෙවලූත් කළා. ඒත් ඒ වෙනකොට අරක්කු ගංජාවලට මම පුරුදු වෙලා හිටියා.


ඉගෙනීම ඉවර කළාට පස්සෙ මම ත‍්‍රීවිල් රස්සාවට බැස්සේ ඊට අමතරව ෆිනෑන්ස් කොම්පැනියකට සෙට්වෙලා ෆිනෑන්ස් ඇරියස් වෙන වාහන උස්සන රස්සාවත් මම කළා. මාසෙට මට ජිවත් වෙන්න පුළුවන් තරමෙ හොඳ ආදායමක් මට තිබුණා.


දවසක් අපි ෆිනෑන්ස් වෙච්ච වාහනයක් අරං එන්න ගියා. ඒ ගිය ගමනෙදි ඇතිවුණ බහින්බස් වීමකදි අපි උස්සන්න ගිය ත‍්‍රීවිල් එකේ අයිතිකාරයා මගේ උරහිසට මන්නෙකින් කෙටුවා. විශ්වාසකරන්න මිස් මම කිලෝමීටර් ගානක් ත‍්‍රීවිල් එක අරගෙන ආවා. උරඇට පැනලා කියලා මට දැනුණේ නෑ. මම එදා ඒ තරමටම අරක්කු බීලා හිටියෙ.


අද නම් හිතෙනවා තමන්ගේ අතක් පයක් ගැලවුණත් දැනෙන්නේ නැති තරමට සිහිනැති වෙන්න බීම මොනතරම් කරුමක්කාර පුරුද්දක්ද කියලා.
එදා ඒ මන්න පාර වැදුණු තුවාලෙට මැහුම් විසි එකක් ගහලා තිබුණා. දවසින් දවස යාළුවෝ වැඩි වුණා. අතේ මිටේ නිතරම සල්ලි ගැවසුණා. කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා තේරුමක් තිබුණේ නෑ.


ඇත්තටම වැරැුද්දක් කරලා ඒ වැරැුද්දේ අනිසි ප‍්‍රතිඵල අපට ලැබනතුරු කරන වැරැුද්දෙ භයානකකම අපට තේරෙන්නේ නෑ. මහා ලොකු ආත්ම ශක්තියක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සුත් හෙරෝයින් වගේ මත්ද්‍රව්‍ය ළඟදී අසරණවෙනවා. ඒ බව තේරුම් ගන්න සමහරුන්ට ජීවිත කාලෙදිම වුණත් පුළුවන් කමක් නෑ.


මම මුලින්ම කුඩු ගැහුවේ ආතල් එකට. ආසාවට. මම වගේ ෆිට් එකේ ඉන්න එළ කොල්ලෙක්ව කොහොම වැටෙන්නද කියලා හිතුණා. මොන තරම් දුක් කරදර වින්දත් මම ජීවිතේ ගොඩදාගත්තා නේද කියන සතුට මට තිබුණා. ආඩම්බරේ මට තිබුණා. ඒත් ඒ හැමදේම දියාරුවෙන්න වැඩි කාලයක් ගියේ නෑ. දවසින් දවස කුඩු අවශ්‍යතාව වැඩිවුණා. මොන දේ මොන විදිහට වුණත් අම්මා තාත්තා දෙන්නටම මාව අමතක වෙමින් තිබුණා. ඒත් මගේ පුංචි මගේ පස්සෙන් හිටියා.


මම නැති නාස්තිවෙන බව එයාට දැණුනා. ඒ නිසාම එයා මාව පිටරට ඇරියා. කටාර් පෙට්ට්‍රෝලියම් එකේ මම වැඩට ගියා. හොඳ වැටුපක් මට ලැබුණා. ඒ කාන්තාරෙට ගියාට පස්සේ අරක්කු බීම විතරක් නෙවෙයි කුඩු ගැහිල්ලත් නතර කරගන්න මට පුළුවන් වුණා.


ඇත්තටම කටාර් වලදි මම මගේ ජීවිතේ හදාගත්තා. ඔය කාලෙදි මට ෆේස් බුක් එකවුන්ට් එකක් තිබුණා. ෆේස්බුක් එක මගේ උණාට ඒක පාවිච්චි කළේ මගේ යාළුවෙක්. මට ඒක ගාණක් වුණේ නෑ. මගේ යාළුවා මගේ රූපේ පාවිච්චි කරලා එක එක කෙල්ලෝ එක්ක චැට් කළා. මගේ ෆේස්බුක් එකේ මගේ ටෙලිෆෝන් නොම්මරේ දාලා තිබුණා. මගේ යාළුවා මම වගේ නෙවෙයි කළුයි, කැතයි. ඒ නිසයි එයා මගේ ෆේස්බුක් එකෙන් කෙල්ලන්ට චැට් කළේ.
දවසක් මට කෝල් එකක් ආවා. එහා කෙළවරෙන් කතා කළේ කෙල්ලෙක්. එයා මගෙන් ඇහුවා මම ෆේස් බුක් එකේ ඉන්න ගයන්තම නේද කියලා. මම කිව්වා ඔව් ඒ මම තමයි කියලා. ඉන්පස්සේ මට එයාගෙන් දැනගන්න ලැබුණා මගේ යාලූවා මගේ එෆ් බී එකෙන් චැට් කරලා අර ගෑනු ළමයාව මුණගැහෙන්නත් ගිහින් කියලා. ෆේස්බුක් ෆොටෝවල ඉන්න කෙනා නෙවෙයි නිසා ඒ ගෑනු ළමයා මගේ යාළුවව මුණ නොගැසී ගිහින් තිබුණා.
එදා ඇතිවුණ කතාබහෙන් පස්සෙ අපි දෙන්නා දිගින් දිගටම කතා කළා. ෆේස්බුක් එකට නොයා යාළුවට දීලා තිබුණ මම ආයෙත් ෆේස්බුක් එක මගේ කරගත්තා.


දවසින් දවස එයා එක්ක කතා කරන්න මට  ඕන වුණා. එයාගේ නම දීප්ති. දීප්ති ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්. කොල්ලෙකුට දෙපාරක් බලන්න හිතෙන පෙනුමක් එයාට තිබුණා. ඇත්තටම දීප්ති ගැන මගේ හිතේ ආදරයක් ඇතිවුණා. නමුත් එයා මට ඒතරම් අනුබල දුන්නේ නෑ. එයා මට යාළුවෙක් විතරක් වෙන්න හදද්දි මම එයාට ආදරවන්තයෙන් වෙන්න උත්සහ කළා. එයා හිටියෙත් දෝහා කටාර්වල ජොබ් එහෙකට ඇවිත්.


දවසක් අපි දෙන්නා දෝහා වලදි මුණගැහුණා. පළවෙනි හමුවීම වෙනකොට අපි දුරකථන ඇමතුම් ස්කයිප් කෝල් දාහක් විතර අරං තිබුණා. ඒත් ඒ කොයි වෙලාවකදිවත් මම එයාට ආදරේ කරන බව එයාට කියන්න මම උත්සහ කළේ නෑ. නමුත් දෝහාවලදි අපි මුලින්ම මුණ ගැහුණු දවසෙ මම එයාට ආදරේ කරන බව කිව්වා.


එයා මුලින්ම මට අකමැති වුණා. ඒත් එයා මම වගේම මට ආදරේ කරන බව මට තේරුණා. මගේ යෝජනාවට අදිමදි කරන්න එයාට මොකක් හරි හේතුවක් තියෙන බව තේරුණා.


මම එයාට කිව්වා කිසිම ප‍්‍රශ්නයක් නෑ මට අකමැති වෙන හේතුව කියලා යන්න කියලා. එතකොට එයා ඇඬුවා. අඬලා කිව්වා එයාගේ ෆස්ට් ලව් එක නිසා එයා ගෑනියෙක් වුණ බව. දැන් ඒ සම්බන්ධෙ නැති බවත් එයා මට කිව්වා.


මිස් ඇත්තටම මොනතරම් දේවල් මම කරලා තිබුණත් ඒ වෙනකනුත් මම කෙල්ලෙකුට ආදරේ කරලා තිබුණේ නෑ. ඒ තමයි මගේ පළමුවෙනි ආදරේ. එයා මොන තත්වෙන් හිටියත් එයාගෙන් වෙන්වෙලා යන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ.


මම ඒ හැමදේම අමතක කරලා එයාව මගේ කරගන්න හිතාගත්තා. ඒ ගැන එයාට කිව්වා. එයා මගේ යෝජනාවට කැමති වුණා. අපි කටාර්වලදි හැම නිවාඩුවකදිම මුණ ගැහුනා. මට සල්ලි නිදහස හැමදේම තිබුණා. හම්බවෙන හැම සතේම අපේ අනාගතේ වෙනුවෙන් ඉතිිරි කරන්න මම කටයුතු කළා.
ලංකාවට යනකොට අපේ වෙඩින් එක ගන්න සූදානම් වෙලා යන්න මට  ඕන වුණා. ඒත් දීප්තිට  ඕන වුණේ වෙන රටකට යන්න. පෙට්ට්‍රෝලියම් එකෙන් අයින් වෙලා ලංකාවට ගිහින් වෙන රටකට යමු කියලා එයා මට කිව්වා.


ඒ දවස්වල දීප්ති මට අපායට යන්න අඬගැහුවත් මම හිටියෙ එයා එක්ක යන තැනක. ඒ නිසා මට ලැබුණ හොඳ වැටුප පහසුකම් නවාතැන් රැුකියාව මේ හැම දේම අතෑරලා මමත් දීප්ති එක්ක ලංකාවට ආවා. ඒ ඇවිත් මම දීප්තිව කසාද බදින්න යන බව ගෙදරටත් දැන්නුවා. ගෙදර අයත් කැමති වුණා. ලංකාවට ඇවිත් අපි යුරෝපීය රටකට යන්න උවමනා පාඨමාලාවකුත් කළා. ඒ කාලය ඇතුළත මට තේරුණා දීප්ති මා එක්ක කතාකරනවට වඩා වෙන කෙනෙකුට කතා කරන බව. හැම වෙලාවෙම කෝල් වේටින් උණා.


එයා කිව්වේ ලංකාවට ආව නිසා යාළුවෝ කතා කරනවා කියලා. එයා මොනවා කිව්වත් මට එයා ගැන සැක හිතුණා. මම එයාට හිතාගන්න බැරි තරමට ආදරේ කළා. එයාව නැති කරගන්න මට  ඕන වුණේනෑ. ඒ නිසාම මම එයා ගැන විමසිල්ලෙන් හිටියා. දවසක් බැරිවීමකින් එයාගේ ෆොන් එක මගේ ළඟ දාලා ගියා. සැක හිතෙන කිසිම දෙයක් ෆෝන් එකේ තිබුණේනෑ. මැසේජ් එකක් වත් තිබුණේ නෑ.


දීප්ති ගැන වැරදියට හිතපු එක ගැන මම මටම දොස් කියා ගත්තා. මම එදා මගේ දීප්ති ගැන හිතාගෙන හිටපු විදිය කියන්න වචන නෑ. ඒත් ? දොලහා වෙද්දි එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. එහා පැත්තේ ඇමතුමෙන් ආවෙ පිරිමි කටහඬක්. එයා දීප්තිට බොහොම ආදරෙන් කතා කළා. දීප්තිගේ ෆෝන් එක මං ළඟ කියලා මං හිතන්නේ ඒ කතා කල එකා දන්නේ නෑ. මම හලෝ කියපු ගමන් එහා පැත්තෙන් ඇමතුම විසන්දි උණා. ඒත් මම එයාට කෝල් කළා. කොහොම කොහොම හරි එයා එක්ක කතා කළා. එදා ? මම අහගෙන හිටියෙ කිසිම කොල්ලෙක් අහන් ඉන්න අකමැතිම කතාවක්.


ඒ කතා කළේ දීප්තිව ගෑනියෙක් කරපු කෙනා. ඌ කසාද බැඳපු දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. දීප්ති ලංකාවට ආවට පස්සෙ ඌත් එක්ක හෝටල් ගානේ ගිහින් තිබුණා. දෙවියනේ මම දීප්ති ගැන හිතන් හිටපු විදිහ දන්නේ මම විතරයි. එදා ? ජාමයක් වෙනකන් දීප්තිගෙයි කාලිංගගෙයි ආදර කතාව මම අහගෙන හිටියා. දන්නවද තමන් ආදරේ කරන කෙල්ල තව එකෙක් එක්ක හෝටල් ගානේ ගියා තමන්ව රැුවැට්ටුවා කියලා අහන්න වීම මොනතරම් කරුමයක්ද කියලා.


කාලිංග සුරංගනා කතාවක් වගේ මං ඉස්සරහා දිග ඇරපු ලව්ස්ටෝරි එක මට දැනුණේ මරන වරෙන්තුවක් වගේ එදා. ? මම කොහොම ගෙව්වද කියන්න මම දන්නේ නෑ. ඇත්තටම මිස් මම දන්නේ නෑ ඒ වෙලාවේ මට මොනවා උණාද කියන්න දන්නේ නෑ.


මම පහුවෙනිදා දීප්තිව හොයාගෙන ගියා. ඇයි මට එහෙම කළේ කියලා ඇහුවා. ඒත් මම අහන ප‍්‍රශ්න වලට දෙන්න කිසිම උත්තරයක් එයාට තිබුණේ නෑ.
‘‘කාලිංග කිව්වේ ඇත්තක්ද කියලා ඔයා කොහොමද දන්නේ මල්ලි’’


නෑ මිස්. කාලිංග එක්ක හෝටලේ ඉන්නකොට මම දීප්තිට දීපු කෝල් එක ගැන ඒ වෙලාවේ දීප්ති කියපු දේවල් පවා කාලිංග මට කිව්වා. දීප්ති කාලිංගව හම්බ වෙන්න ගිය දවස් දෙකතුනේ මට කියලා ගිය බොරු හේතු පවා කාලිංග මට කිව්වා. එකක් නෙවේ දීප්ති මං එක්ක ඉන්න ගමන් කාලිංගගේ හොරගෑනි වුණ බවට සාක්ෂි  ඕනාවටත් වඩා මට දැනගන්න ලැබුණා.


එදා මම දීප්තිව අතෑරියා මිස්. ඒ තමයි මගේ හිතේ ඇතිවුණ පළවෙනි ආදරය. පළමුවෙනි ආදරේ මහාලොකු රැුවටිල්ලක් වුණාට පස්සෙ මගේ මානසික මට්ටම මොකක්ද කියලා හිතාගන්න පුලූවන්ද?


අම්මා තාත්තා දෙපැත්තකට වුණා. මගේ කියලා කෙනෙක් නැති වුණා. ආදරයක් නොලැබුව මට ලැබුණ එකම ආදරේ දීප්ති වුණාම ඒ ආදරෙත් බොරුවක් රැුවටිල්ලක් කියලා දැනුණාම ඇත්තටම මම කොහොම ඉවසගන්නද? එදා මම ගියේ කෙළින්ම සිහි කල්පනාව නැති වෙනතුරු කුඩු ගහන්න.
ජීවිතේ කොල්ලෙක් නොගත යුතු වැරදිම තීරණය මම එදා ගත්තා. මම එදා කුඩු පැකට් පහක් හයක් විතර ගැහුවා. මේ මගේ කතාව කියවන කොල්ලෙකුගෙන් ඇහුවොත් කියයි, මිස් මගේ තත්ත්වෙ මොකක් වෙන්න ඇතිද කියලා. මොකද පිරිමියෙක් වුණත් මමත් හිතක් පපුවක් තියෙන කොල්ලෙක්.


දීප්ති මාව රැුවැට්ටුවට මම ඒකිට ආදරේ කළා. ඒකි කෙල්ලෙක් නෙවේ ගැහැනියෙක් කියන එක පවා ගණන් නොගෙන මම ඒකිට ආදරේ කළා. ඇත්තටම මම පිස්සෙක් වගේ වුණා. කුඩු.. කුඩු... ජීවිතේම කුඩු වුණා...


මට කියන්න අමතක වුණා. ලංකාවට ඇවිත් මම පිළිගත්තු ආයතනයක හොඳ ජොබ් එකක් කළා. ඒ රස්සාවෙන් පවා මට අයින් වෙන්න සිදු වුණා.
වැරදුණු ජීවිතේ එක වරදක් නෙවේ. වැරදි දස දහසක් මගේ අතින් වුණා. හිරගෙදර මගේ මහගෙදරවගේ උණා. ඇත්තටම අද මම මේ හාමුදුරුවන්ගේ හෙවණට ඇවිත් ආයෙමත් ජීවිතේ හදාගත්තා. මගේ පුංචිට පින්සිද්ද වෙන්න මම මෙතැනට ආවා. දැන් මට හිතෙනවා මම මොනතරම් පිස්සෙක්ද කියලා.
මගේ වටිනාකම් මම නැතිකරගත්තේ අනෙක් අතට යන්න පාරකපාගත්තු නැහැදිච්ච ගෑනියෙක් නිසා. ඇත්තටම කුඩු ගහලා මම කරගත්තේ මගේ ජීවිතේ විනාස කරගැනීමක්. ඒ හැමදේම තේරුම් ගන්න අද මට පුළුවන්.


ඒ හැමදේටම මට පාර කිව්වේ මේ මිතුරු මිතුරෝ ආයතනය. ඒ වගේම මම ආදරේ කළ ගෑනියෙක් වෙනුවෙන් මම ජීවිතේ නාස්ති කරගනිද්දි ඒ ගෑනිට මං ගැන වගක් තිබුණේ නෑ. දැන් මට හැමදේම තේරුම් ගන්න පුළුවන්.


ඔව් ගයන්ත, හෙට දවසට පිය නගන්න සැරසෙනවා. ගයන්ත එදා හිටි තැන අද මේ රටේ තරුණයන් දහසක් ඇති. තමන්ගේ කෙල්ල දාලා ගිය ගින්දර විවිධාකාරයෙන් ඔවුන්ට දැනෙනවත් ඇති. ඒත් මොහොතක් හිතන්න, ඇය ඔබට පිටු පෑවට ඔබේ අම්මා තාත්තට ඔබ මැණිකක්.


කුඩුවලට, අරක්කුවලට, ගංජාවලට නිවන්න බැරි වේදනාව නිවාගන්න දැනදැන දහජරාව බොන්නේ ඇයි? ජීවිතේ නැතිකරගන්න හිතන්නේ ඇයි? මොහොතක් හිතන්න. කුඩු ගැහීම ජීවිතේ නැතිකර ගැනීමට වඩා ලොකු අපරාධයක්. මොකද ඔබේ ආත්ම ගරුත්වයත් එක්ක ඔබේ මුළු පව්ලෙම ආත්ම ගරුත්වය විනාශ වෙනවා. ඔබ වගේම ඔබේ පව්ලේ උදවියත් වධ විඳිනවා.


කියන්න. ඔබ ආදරේ කළ කෙනා ඔබට රිද්දුව පලියට ඔබට ආදරේ කළ අයට දඬුවම් දීම සාධාරණද?


මෙහි නම්ගම් මනඃකල්පිත බව සලකන්න.

m



අදහස් (0)

පළමු ආදරේ නැතිවුණාම මම සිහි නැතිවෙනකම් කුඩු බිව්වා

ඩේවිඩ් Thursday, 16 July 2015 01:56 AM

කවදාවත් දරුවෝ ලග තියා ගෙන දෙමවුපියෝ රණ්ඩු කරන්න එපා. එකෙන් දරුවන්ට වෙන හානිය කියලා නිම කරන්න බෑ. මගේ පුංචි කාලෙත් මේ වගේ ගත උන එකක්. එත් ඒ හැම දේම දරා ගෙන ඉන්න පුළුවන් ශක්තියක් මට මගේ ආදරණීය ගුරු මව් තුමිය දුන්න. එතුමිය බුදුන් දැක නිවන් දකින්න ඕනේ. මම අදටත් කිසිම නරක පුරුද්දකට ඇබ්බැහි නොවී හොද ජීවිතයක් ගත කරන්නේ එතුමියගෙන් ලැබුන ඒ ආදරය සහ දැනුම නිසා. බීමත් කමින් සහ වෙනත් හේතූන් මත ගෙදර රණ්ඩු සරුවල් කරන්න එපා. දරුවෙකුට ගෙදර කියන්නේ තමන්ට ආරක්ෂිතම ස්ථානය. කවදාවත් දරුවෙකුට එක නැති කරන්න එපා. මොන දේ පස්සේ ගියත් කවද හරි තමන්ගේ පවුලේ අගය වැටහෙන දවසක් එනවා. (ස)

:       0       0

ආලෝකා Saturday, 18 July 2015 05:31 AM

මේ කතාවෙ ගයන්තට සමානයි මගේ ජිවිතේත් මට ජිවිතේ වැරදුනේත් මගේ දෙමව්පියන් නිසයි මම පොඩි කාලෙම ඒ දෙන්න දෙපැත්තකට උණා... මම එලියේ මිනිස්සුන්ගේන් ආදරේ හෙව්වා... කවුරුවත් මට ආදරේ කලේ නැ මාව බඳිනවා කියලා බොරු කියලා මාව රැවැට්ටුවා... අද මම හොද පිළිගත්ත ආයතනයක් රැකියාවක් කරනවා නමුත් මම ආදරය කරපු හැම කෙනාම මාව රැවැට්ටුවා ගයන්ත මතට ඇබ්බැහි උනා එ්ත් මම යථාර්තය අවබෝධ කරගෙන හුදෙකලාවේ ජීවත් වෙනවා අද (නදී)

:       0       2

සමන් Friday, 17 July 2015 08:39 PM

පළමු ආදරය නැතිවුණාම මම නම් දෙවෙනි පාර හොඳට විභාගෙ කරල කැම්පස් ගියා. (නදී)

:       0       0

බුද්ධික Tuesday, 21 July 2015 06:01 PM

හොඳ කතාවක් (නි)

:       0       0

වික්‍රම Thursday, 16 July 2015 03:30 AM

මගේ කුඩා කල ජීවිතයත් ගෙවුනේ මේ වගේම හැල හැප්පිලි මැද , ඉතාම නරක සමාජයක් තුල එත් මගේ ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න , ලෝකය නියම ආකාරයෙන් දකින්න පුළුවන් වුණා ඉගෙනීමේ ඉහල තලයකට යන්නත් පුළුවන් වුණා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3527 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 405 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1034 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 93 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 182 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site