IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පිළියන්දල බෙලෙක් බාස්ගේ පිහිටෙන් ඇරඹූ ලංකාවේ ප‍්‍ර‍්‍රථම රූපවාහිනී සේවය


 


 

ශ්‍රී ලංකාවේ අද සෑම නිවෙසකම ආලින්දය බදුගෙන ඇති මෙවලමක් නම් ටෙලිවිෂනයයි. එයට සිංහලයෙන් ‘‘රූපවාහිනිය’’ කියාත් සාමාන්‍ය කට වහරේ ‘රූප පෙට්ටිය’ කියාත් පවසනු ලැබේ.

රූපවාහිනිය එන්නට පෙර යුගයේ නිවෙසට අමුත්තන් පිරිසක් ආ විට තේ පැනින් සංග‍්‍රහ කොට ආගිය තොරතුරු විචාලීම සිරිතයි. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. පැමිණි අමුත්තාද තෑගි බෝග ද තැන්තැන්වල තිබෙද්දී අමුත්තාත් ගෙදර කට්ටියත් හැලහොල්මනක් නැතිව රූපවාහිනිය බැලීම අද ප‍්‍රවනතාව වී ඇත.

මේ වසරට ලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කොට වසර 35ක් සම්පූර්ණ වුවද ලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කිරීමේ මුල්ම ආරංචිය හැටේ දශකයේ ඩඞ්ලි සේනානායක යුගය තෙක් දිව යන්නකි.

19වැනි සියවස අගභාගයේදී ‘විද්‍යුත් චුම්භක තරංග’ සොයාගැනීමට ඉතාලි ජාතික විද්‍යාඥ ගුග්ලි එල්මෝ මාර්කෝනි සමත් විය. අපරදිග විද්වතුන් ඉන්පසු රේඩියෝවත් ඉන් අනතුරුව ටෙලිවිෂනයත් නිර්මාණය කරන්නට විය.

ඩඞ්ලි යුගයේ ජර්මනියෙන් ලංකාවට ‘ටැලිවිෂන් සේවයක්’ ලැබෙන්නට යන බව එදා සිංහල පුවත්පත් වාර්තා කරද්දී සිංහල පාඨකයන්ට ‘ටැලිවිෂනය’ යනු කුමක්දැයි ප‍්‍රශ්නාර්ථයක් විය. ‘කොළඹින් කතාකළ’ කොළඹගේ මහතාගේ රේඩියෝ සිලොන් ගැන පොදු ජනයා දැන සිටියත් ‘ටෙලිවිෂනය’ ඔවුනට ආගන්තුක විය.

ඞී.බී ධනපාල මහතා මගේ පියාවූ ගුණදාස ලියනගේ තම කාමරයට කැඳවා තමන් සමග සාකච්ඡුාවක් කොට ‘ටැලිවිෂනය’ ගැන ලිපියක් පල කරන මෙන් වගකීමක් පවරන්නට විය. ‘ටැලිවිෂනය යනු කුමක්දැයි’ ඞී.බී ධනපාලයන් සමග සාකච්ඡුාකොට හැටේ දශකයේ පළකොට ඇති ලිපිය ‘රූපවාහිනී’ මාධ්‍ය ගැන ලංකාවේ පළවී ඇති මුුල්ම ලිපිය ලෙස ඉතිහාස ගත වී ඇත. ටැලිවිෂනය යන සිංහල වචනය ‘රූපවාහිනිය’ ලෙස සිංහලෙන් හැඳින්වීමට මුල්වූයේ ප‍්‍රකට භාෂා ශාස්ත‍්‍රඥයකු මෙන්ම පසුව ලංකාදීප කර්තෘවරයකු වූ මහානාම දිසානායක බව බොහෝ දෙනාගේ මතයයි.

ජර්මන් - ලංකා රූපවාහිනිය සිහිනයක් පමණක්ව ඉතිහාසයට එක් වෙද්දී බණ්ඩාරනායක මැතිනිය යුගෝස්ලාවියාව සමග රූපවාහිනි සේවයක් අරඹන්නට උත්සාහ ගත්තාය. එහෙත් එවකට පැවති රටේ ආර්ථික තත්ත්වය රූපවාහිනිය වැනි සුඛෝපභෝගී විනෝදාංශයකට මුදල් විසි කිරීමට ප‍්‍රමාණවත් නොවූ තැන යුගෝස්ලාවියානු පිරිස නැවත ගොස් ඇත්තේ රූපවාහිනියක් පටන් ගන්නට පෙර තියෙන ‘රේඩියෝ සිලෝන්’ එක ක‍්‍රමවත්ව වැඩි දියුණු කරගන්න ලෙස උපදෙස් දෙමිනි.
 


ලංකාවේ රූපවාහිනි සේවාවක් ආරම්භය විවිධ මත ගැටුම් මත පසු බසිත්දී ඩඞ්ලිxසිරිමා යන දෙදෙනාගෙන්ම නියම දේශීය රූපවාහිනි සේවාවක් ඇරඹීමට ‘ඉල්ලා සිටි’ මේ ගැන උනන්දුවක් ඇති තරුණයෙක්ද විය. ඔහු ෂාන් වික‍්‍රමසිංහයි. ඔහුගේ පියා ‘රන්පැන’ සම්මානයෙන් පිදුම් ලත් ප‍්‍රවීණතම පුවත්පත් කලාවේදියකු හා ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහය. ලංකාවට මුලින්ම පරිගණකයක් රැගෙන ආවේ ඔහුය.
ශාන් වික‍්‍රමසිංහ මේ වනවිට ලන්ඩන් පොලිටෙක්නික් ආයතනයෙන් රූපවාහිනි ශිල්පය හදාරා උපාධියද දිනා තිබුණි.

අවසර නොලැබුණත් විවිධ රූපවාහිනි විකාශන අත්හදා බලන්නට නම් ෂාන් වික‍්‍රමසිංහත් අනිල් විජේවර්ධනත් පසුබට වූයේ නැත. තම නිවෙස් අතර රූපවාහිනිය කරගනිමින් මේ තරුණ පිරිස විනෝද වූහ.

1976 අගෝස්තුවේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ඇරඹෙන්නේ මේ අතරය. මෙම සමුළුව අවස්ථාවේ කොළඹ අවට සැතපුම් දහයක් ආවරණය වන පරිදි වැඩසටහන් විකාශයට ශාන් වික‍්‍රමසිංහ ඇතුළු පිරිස සමත් වූහ.

ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි විකාශය ලෙස එය ඉතිහාසගතවුවද ‘රූපවාහිනි’ සේවාවක් නැති රටක මිනිස්සු මේ විකාශනය නැරඹුවේ කෙසේදැයි ඔබට ප‍්‍රශ්නයක් නැගිය හැකිය.

මෙම අලූත් අත්දැකීම ලබා ගත හැකි වූයේ යුරෝපයේ සංචාරවලදී ‘විහිළුවට මෙන් ටෙලිවිෂනය’ක් රැුගෙන ආ පිරිසට පමණක් මේ විකාශය දැක ගත හැකි වී ඇති අතර ඒ ප‍්‍රමාණය පනහකට ආසන්න ඉතා සුළු පිරිසකි.

1977 එජාපය බලයට පත්වීමත් සමඟම ශාන් තම යෝජනාව අග‍්‍රාමාත්‍ය ජේ.ආර් ජයවර්ධනට යොමු කරන්නට විය. ලංකාවට ජපානයෙන් රූපවාහිනි සේවාවක් ලබා දීමට ප‍්‍රතිඥා දී ඇති බැව් කියූ අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීම ගැන සලකා බැලීමට පමණක් එකඟ විය.

ජේ. ආර් කියූ පරිදිම ජපන්  ප‍්‍රතිඥාව පලදරන්නට විය. ඒ අතර ශාන්ගේ ඉල්ලීමද පල දරන්නට විය.

සිදුවූයේ කුමක්ද ලංකාවේ රූපවාහිනී සේවාවක් ඇරඹීමට කැමති පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට ඉල්ලූම් කරන ලෙස ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමය. ඉල්ලූම්පත් හතළිහකින් තෝරාගෙන ඇත්තේ ශාන් වික‍්‍රමසිංහ සහ මොරිස් රොච් නම් සමාගමත් පමණය.

1979 ජනවාරි 15දාට පෙර බලපත‍්‍ර ගාස්තුව වූ රුපියල් ලක්ෂය ගෙවීමට තෝරාගත් අයට සිදුවිය.

 

ශාන් වික‍්‍රමසිංහ, අනිල් විජේවර්ධන, සහ බොබ් ක‍්‍රිස්ටි නව රූපවාහිනි සේවාවේ කොටස්කරුවන් විය. මෙයින් බොබ් ක‍්‍රිස්ටි ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි ‘පැසිපික් කොමියුනිකේෂන්’ නමැති ආයතනයේ නියෝජිතයකු විය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ ජපනුන් අලූතින් ලංකාවේ අරඹන රූපවාහිනි සේවාවට වැඩසටහන් විකිණීමේ සාකච්ඡුාවකටය.

තුන්දෙනෙකු එකතුව හැදු මේ නව ව්‍යාපාරයේ නාමය I.T.N නම් විය. (ස්වාධීන රූපවාහිනි සේවය) ස්වාධීන රූපවාහියට වසර තුනක් පිරුණු වෙලාවේ ශාන් වික‍්‍රමසිංහ මහතා, සඟරාවකට ප‍්‍රකාශයක් කොට ඇත්තේ තමන් තනිවම මේ සේවය ආරම්භ කළානම් මේ නම වෙනස් කරන බවය. ස්වාධීන රූපවාහි සේවය ආරම්භයට අවශ්‍ය ඉදිරිකිරීම් සහ ආනයනය කළ යුතු උපාංග ඇනවුම් කෙරෙන්නේ මේ අතරය. ලෝකයේ ඒවන විට භාවිත කළ රූපවාහිනි ක‍්‍රම 14 අතරින් ජර්මනියේ ‘වැල්’ විකාශන ක‍්‍රමය ස්වාධීන රූපවාහිය අනුගමනයට ඒවන විටත් තීරණය කොට හමාරය.

ස්වාධීන රූපවාහිය ඇරඹීමට වූ බාධා එකින් එක ජයගනිද්දී හිතා ගත නොහැකි නිවේදනයක් රජයෙන් නිකුත් කරන්නට විය. රාජ්‍ය අමාත්‍යංශය මහජනතාවට නිවේදනයක් නිකුත් කිරමින් කීවේ ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි වැඩසටහන 1979 අපේ‍්‍රල් 13 වැනි දින විකාශන කටයුතු ආරම්භ කරන බවය. නමුත් ඒවන විට විකාශන කුලූණ සවි කරන තැනවත් ගැන එකඟතාවට ඒමට ස්වාධින රූපවාහිනි බලධාරින් සමත්වී සිටියේ නැත. කොටුවේ සෙලින්කෝ මන්දිරය, මහජන බැංකු ගොඩනැගිල්ල සහ තවත් තැන් බැලූ පාලනාධිකාරය පන්නිපිටියේ ඉඩමක් මේ සඳහා තෝරාගන්නා ලදී. පෞද්ගලික සමාගමකට විකාශන කුලූන හැදීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදෙන ලදී.

නව රූපවාහිනි සේවාවට අවශ්‍ය ආනයනික උපකරණ ලැබෙන්නට පටන්ගත්තේ ප‍්‍රමාදවය. සිංගප්පූරු ගුවන් තොටුපළේ පමාවක් නිසා එය අපේ‍්‍රල් 1 වැනිදා පමණ වන්නට විය. මෙහිදී බොහෝ උපකරණ හානියට පත්ව තිබුණි. උපකරණ පන්නිපිටියට ගෙනවිත් නිදිවරාගෙන ඒවා අලූත්වැඩියා කරන්නට සිදු විය.
1979 අපේ‍්‍රල් 13 වැනිදාට එළිවිය. සවස තුන වන තුරුත් විකාශන කුලූනේ වැඩ නිමවා නොතිබුණි. සවස තුනට විකාශන ඇන්ටනාව සවිකර බලනවිට විකාශනය හැතැම්ම භාගයක් වත් ගෙන යා නොහැකි ලෙස ආනයනික උපකරණවලට අලාභහානි වී ඇති බව පෙනෙන්නට විය.

මේ අවස්ථාව ශාන් වික‍්‍රමසිංහ මහතාගේ වචනයෙන්ම සඳහන් කොට ඇත්තේ මෙසේය.

‘‘මම විකාශන ඇන්ටෙනාව ගැලෙව්වා ඉක්මනට. ඒකේ දෝෂයක් තිබුණා. ඒත් අලූත් වැඩියා කරන්න උපකරණ නැහැ. මට කල්පනා වුණා පිළියන්දල පැත්තේ සිටින මා අඳුනන බෙලෙක් කඩකරුවෙක්. මම ඔහු සොයාගෙන ගියා එවේලෙම. යනකොට ඔහු අඩියක් එහෙම ගහලා හිටියෙ. මං කිව්වා පුළුවන් නං මේ වැඬේට අත ගහන්න කියලා. මිනිහ ‘හා’ කියලා බාර ගත්ත වාගේම මට වුවමනා විදියට ඉතා හොඳට එම විකාශන ඇන්ටනාව අලූත් වැඩියා කර දුන්නා. ඔහු මට පිළිසරණ වූ නිසාම නෙවී, ඔහුගේ දක්ෂතාවට මා තාමත් හිස නමනවා.

පිළියන්දල බෙලෙක් බාස් ‘අඩියක් හෙම ගසා’ බෞතිස්ම කළ ඇන්ටෙනාවට පිංසිදුවන්නට 1979 අපේ‍්‍රල් 13 වැනි දින සවස 6.35 ට ශ්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනි වැඩ සටහන ගුවන්ගත වූයේ එය ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී සේවය’ ලෙස ඉතිහාසයට එක් කරමිනි.

මේ ලිපිය කියවන විට වසර ගණනාවක් රජයට පවරාගන්නාතුරු මේ  ෂගඔගභ එක දැහැමින් සෙමින් කරන්න ඇතැයි ඔබටද සිතෙන්නට ඇත.

පන්නිපිටියේ මහල්වරාවත්තේ මුරගෙයක් වැනි තැනක කිලෝවොට් එකක ධාරිතාවයෙන් යුත් සම්පේ‍්‍රෂණ යන්ත‍්‍රයක් සමඟ පවත්වාගෙන ගිය මේ ස්වාධින රූපවාහිනියට ආයුෂ තිබුණේ දින 52 කි. කොටස් කරුවන් අතර වූ ආරවුල් හා කාර්මික දෝෂයක් බැවින් විකාශන කටයුතු අත්හිටුවීම හේතුවෙන් 1979 ජුනි 5 වැනි දින රාත‍්‍රී ගැසට් නිවේදයක් මඟින් ස්වාධින රූපවාහිනි සේවය රජයට පවරාගන්නා ලදී.

ගුවන්විදුලි සංස්ථා පනත යටතේ ගුවන් විදුලි හෝ රූපවාහිනි බලපත‍්‍රයක් ලබාදීමේදී අඛණ්ඩව එය පවත්වාගෙන යායුතු අතර පැය විසි හතරක් නිහඬව සිටීම තහනම්ය. ස්වාධින රූපවාහිනිය රජයෙට පවරා ගත්තේ ඉහත කොන්දේසිය උල්ලංගනය කළ නිසාය.

රජයට පවරාගත් ස්වාධින රූපවාහිනියෙට බලධරයින් දෙදෙනකු පත් කිරීමට රජය විසින් පියවර ගන්නා ලදී. ඉන් එක් අයකු වූයේ 1923 මාර්තු 22 දා උපන් ප‍්‍රවීණ ගුවන් විදුලි පරිපාලකයකු වූ දොන් තේවිස් ලෙලිවල ගුරුගේ නොහොත් තේවිස් ගුරුගේ මහතාය. අනෙක් නිසි බලධරයා රාජ්‍ය අමාත්‍යංශයේ උපදේශක සුනිල් අබේසුන්දර මහතාය.

තේවිස් ගුරුගේ ස්වාධින රූපවාහිනිය භාරගත්නාවිට එහි සිටි මුළු සේවක ගණන තුනකි. අද නම් එය සිතාගත නොහැකි සංඛ්‍යාවකි. ගුරුගේ මහතා විමතියට පත්ව ඇත්තේ මේ සුළු පිරිස මාස 3කට තරම් ප‍්‍රමාණවත් වැඩසටහන් සූදානම් කර තිබීමය.

ගුවන්විදුලියේ ෙඩිවිඞ් බුවල් David Buwal ප‍්‍රධාන ඉංජිනේරු ලෙස පත්කළ ගුරුගේ ඔහුගේ සහායට රුක්මින් විජේමාන්න එක්කළේය. ගුවන්විදුලියේම ඒච්.එම්. ගුණසේකර සහ ෂර්ලි පෙරේරා ද ස්වාධින රූපවාහිනියට එක්වන්නේ ඉන් පසුවයි. තේවිස් ගුරුගේ පරිපාලනය යටතේ මුලින්ම විකාශනය කොට ඇත්තේ ‘සෙසමි ස්ටි‍්‍රට්’ නම් ඇමෙරිකානු ළමා වැඩසටහනයි.

 



අදහස් (0)

පිළියන්දල බෙලෙක් බාස්ගේ පිහිටෙන් ඇරඹූ ලංකාවේ ප‍්‍ර‍්‍රථම රූපවාහිනී සේවය

ඉසුරු Tuesday, 29 April 2014 10:48 AM

දැන් කොයිතරම් දියුණුද (දී)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 30 April 2014 09:38 AM

ශාන් වික්‍රමසිංහ මහතා දක්ෂයෙක්.කිසිවෙකුට ගැති නොවන්නෙක්. එබැවින් ඔහු ගැන ලියවෙනව අඩුයි.ඔහු අගය කලයුතු මහත්මයෙක්. (දී)

:       0       0

සමන්ති Thursday, 01 May 2014 06:00 AM

ශාන් මහතා තමයි මුලින්ම ලංකාවේ "ආර් .පී .එම් 33 කුඩා තැටි" සංගීතා නමින් නිෂ්පාදනය කලේ . ලංකාවේ මුල්ම සංගීත වීඩියෝ පටිය (රාජ් සෙනෙවිරත්නගේ) නිෂ්පාදනය කලේ . නමුත් ආධුනික ගුවන්විදුලි සමාජයේ සභාපති ජෝන් අමරතුංග මහතා සහ ගල්කිස්ස සුසාන භුමිය ඉදිරිපිට තිබු ගුණසේකර මහතාගේ "එලියිට්" ගුවන්විදුලි යන්තර නිෂ්පාදන යන්ත්‍රායතනය පැයක පමණ කාලයක් ගල්කිස්සේ සිට කිලෝමීටර 10ක පමණ දුරකට සජීව සංගීත වැඩ සටහනක් විකාශනය කළා. (නදී) '

:       0       0

තිලක් Monday, 28 April 2014 08:59 PM

ස්තුතියි! අපි නොදන්නා මේ තොරතුරු කියා දුන්නාට (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 04 May 2014 05:42 PM

එතකොට බෙලෙක් බාස් වෙනුවටද මේකේ දැන් 'යකඩ බාස්' කෙනෙක් අරක්ගෙන ඉන්නේ? (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 02 May 2014 03:22 PM

ජෝන් ලෝග්යි බෙඅර්ඩ් පළමු ටෙලිවිෂනයට ගත් හයිය ලංකාවෙන් ගිය තේ පෙට්ටියක් බව අසා ඇත. (ස)

:       0       0

සරත් ජයලාල් Saturday, 24 May 2014 07:45 AM

වඩාත් වැදගත් මේ තොරතුරු දැක්වීම (ස)

:       0       0

අසෝකා Tuesday, 29 April 2014 02:07 AM

මොහුගෙන් විශාල සේවයක් උනා එත් ඒවා රටේ මිනිසුන් දැනගෙන හිටියේ නැහැ. (දී)

:       0       0

වසන්ත.ද. සිල්වා Thursday, 01 May 2014 07:02 PM

බොහෝම ස්තුතියි (අ)

:       0       0

මායාදුන්නේ Tuesday, 29 April 2014 08:00 AM

ඉතාමත් වටිනා ලිපියක්.., ස්තුතිය.. ලංකාදීපයට . (ස)

:       0       0

බන්දුවීර සිරිනිමල් කරුනාරත්නේ Sunday, 18 May 2014 02:34 PM

ශාන් මහත්මාගෙන් ලබාගත යුතු දැනුම් සම්භාරය බොහොමයි. නමුත් අපේ අවාසනාවට එතුමා අගය කිරීමක් අපේ රටේ වගකිවයුත්තන්ගෙන් වෙලා නැහැ. ජීවත්ව සිටියදී අපි එතුමාගෙන් දැනුම ලබාගනිමු,අගය කරමු. උපහාර දක්වමු. අඩුතරමින්,එතුමාගේ පෞද්ගලික ගුවන්විදුලි සේවාවට ඇතිවී තිබෙන බාධා වැලැක්වීමට වත් ක්‍රියාකරමු.(නදී)

:       0       0

දොන් රොෂාන් දී සොයිසා Wednesday, 30 April 2014 01:27 AM

ඕක ලංකාවට නොතිබුනානම් හොදයි කියලත් හිතෙනවා දැන් දැන් දකින දේවල් වල හැටියට (දී)

:       0       0

දින්නා Tuesday, 20 May 2014 10:56 AM

අති විශිෂ්ටතම සේවයක් කරලා තියෙන්නේ,(දිල්)

:       0       0

දිසානායක Tuesday, 06 May 2014 04:05 PM

අද උපන් පරපුර ඒ ඉතිහාසය දන්නේ නැහැ. ශාන් වික්‍රමසිංහ මුල්ම රෑපවාහිණී ඇන්ටනාව ඒ කාලේ අපි හයිලෙවල් පාරේ යනකොට පන්නිපිටියෙ ධර්මපාල විද්‍යාලයේ සිට නැගෙනහිර පැත්තට වෙන්න පෙනෙනවා. (ස)

:       0       0

කරුණෘරත්න Thursday, 11 February 2016 06:48 AM

ලංකාවේ මිනිස්සු හැම අතින්ම දක්ෂ බව අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා (ම)

:       0       0

දිසානායක Tuesday, 06 May 2014 04:09 PM

මුල්ම සජීවි ගීත ප්‍රසංගය තමයි ජේති රාත්‍රිය. (ස)

:       0       0

සේන Tuesday, 29 April 2014 09:03 AM

ඇත්තටම අපි නොදන්නා ගොඩක් දේවල් මේ ලිපියේ කියල තියනවා. ගොඩක් ස්තුතියි ලංකාදීපයට. (ස)

:       0       0

සෙනරත් බණ්ඩාර Tuesday, 29 April 2014 10:16 AM

ඉතිරි කොටසුත් ළඟදීම බලාපොරොත්තු වෙනවා. අපි නොදන්නා ගොඩක් දේ මේ ලිපියෙන් දැනගන්න ලැබුණා. (ස)

:       0       0

හිල්මි Sunday, 04 May 2014 11:51 PM

සේන" ශාන් වික්‍රමසිංහ මහතා වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාය. ඇත්තටම අපි නොදන්නා ගොඩක් දේවල් තව තියනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 89 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 764 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1304 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 177 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 409 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site