අතිවිශාල ජනකායක් සිරගෙදර නැරඹූහ. එල්ලූම් ගස පවා දැකගන්නට ඔවුනට හැකි විය. සිර කුටි තුළ හා වෙනත් ස්ථානවල ඇඳ තිබූ සිතුවම්, ලියා තිබූ කවි, වැකි වැනි දේවල්ද බලාගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබිණ. සිරකුටි තුළට කොටු වී අනන්ත අප‍්‍රමාණ දුක් ගිනි විඳිමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැම් සිරකරුවන් අතට අසුවූ පැන්සල් කෑල්ලකින්, වැලි කැටයකින් අඳින ලද හා ලියන ලද සිතුවම් හා කවි රැුසක් එහි තිබුණේය.
යම් යම් අවසරයන් මත ලැබුණු තීන්ත පැන්සල් ආදිය උපයෝගී කරගෙන කර තිබූ නිර්මාණයන්ද එහි දක්නට ලැබිණ. ඒවා අතර විශිෂ්ට ගණයේ නිර්මාණද විය.
ලියා තිබූ ඇතැම් කවි, වැකි කියවා ගත හැකි තත්ත්වයේ නොතිබිණ. ඇතැම් කවි, වැකි කියවා ගැනීමට හැකිවූයේ දැඩි අසීරුවෙනි.
එහි තිබූ විවිධ නිර්මාණ සිරකරුවන්ගේ සිතුම් පැතුම් පිළිබිඹු කරන කැඩපතක් වැනිය.
එයින් කිහිපයක් ඔබගේ රස වින්දනය හා විමර්ශනය පිණිස මෙහි පළකරමු.
සිනාසෙන්න බැහැ කඳුළැලි හැලෙන | නිසා |
අඬන්නට බැහැ යහලූවෝ සිනහා වෙන | නිසා |
කියන්නට බැහැ කවුරුත් අහන් නැති | නිසා |
ලියන්නම් මෙවන් අසරණ අම්මා ගැන | සිතා |
අන්සතු වෙලා සිටියත් ඇය | හැමදාම |
දුකින් පිරුණු ජීවිතයක මම | මෙහෙම |
හිතට දුකක් දැනුණා ඇය මිය | යාම |
හිත හැඬුවා මට නොදැනිම මුළු | රෑම |
කුඩා කලම මව් සෙනෙහස දුරස් | විය |
අයාලයේ නොසිතු දිවි ගමන | ගිය |
හොඳ හා නරක මිතුරන් ඇසුරේ | සිටිය |
අවසානයේ සිර කුටියම උරුම | විය |
H 20460
සිිපිරි ගෙදර හුදකලාව මට දැන් | හුරුවෙලා |
දිවා රැයේ කල්ගෙවනවා කුටියක | තනිවෙලා |
මගේ සිහින හැම දෙයක්ම බිතු සිතුවම් | වෙලා |
දිවි ඇතිතෙක් සිපිිරිගෙදර බත් කන්නට | වෙලා |
අම්මා ගියා අප රැකගන්නට | එතෙර |
මල්ලී ඇඬුවා කිරි ඉල්ලා හැම විට | නිතර |
නංගී ඇඬුවා අම්මා සිහි කර කර | නිතර |
නිල් කොළ වටින්නේ නැහැ අම්මේ ඔබ | විතර |
J+K+D
බලන බලන හැම අතකම කඳු | වැටිය |
බහිරව කන්දේ බුදුරුව නුවරට | සිරිය |
බෝගම්බර සිපිිරිගෙට කොටු වී මා විඳිනා | සිරිය |
අද අවසන් හුස්ම හෙලයි බෝගම්බර සිපිරි | ගෙය |
2014-01-14" H 20460
දළදා සමිඳු වැඩ සිටිනා මේ | මහනුවර |
ඉන්න උනත් දිවි ඇතිතෙක් | හිරගෙදර |
කොපමණ කල් බත් කන්නද | හිරගෙදර |
යන්නට දිනක් මට නැතිවද මගෙ | ගෙදර |
සිපිරි ගෙදර මිය යන්නට කලින් | මට |
යන්න ලැබේවා මට මෙඟ පුතු | ළඟට |
ඒ සිහිනය ඉටු වේදැයි | හිතන්නට |
දිවි ඇති තෙක් කොටුවෙලා සිපිරි | ගෙට |
නිහඬව ඇයි පුතුනි, වදනක් | දොඩාපන් |
සුරතල් වෙවී මගේ පාලූව | මකාපන් |
තනිව ඉන්න මගේ දුක | නන් |
කිිරි පුතේ නුඹ මට | වාසනාවන් |
පන්විල මාමා
සල්ලි ඇති එකාට මොළේ | නැත |
මොළේ ඇති එකාට සල්ලි | නැත |
සල්ලියි බලයයි ඇති එකා ළඟ මනුස්සකම | නැත |
මනුස්සකම ඇති එකා ළඟ හොඳ හිත | ඇත |
H 20460
මකුණන් මදුරුවන් අපේ ලේ ටික | බොනවා |
පනුවන් සමඟ බටු මෑ අපි දෙනවට | කෑවා |
හිරගෙට ඇවිත් මැල්ලූම එක්ක තණකොළ | කෑවා |
ඒ බතත් මුන් ටික ටික හොරාට | කනවා |
තිදෙනාම එකෙකි
උතුම් ධර්මය සිහිකොට
අප වේදනා විඳිය යුත්තේ |
මහින්ද
පුතුට ආදරේ ඇය | හට |
ලබා දුන්නා වී | තුරුලට |
සමු දුන්නෙමු | ආදරේට |
මගේ ජීවිතේම | වැනසීමට |
ශ්‍රී ලංකා ඉතිහාසයේ දායාදයක් වූ
දුක පැකට් කරලා විකුණනවානම් |
සුදේව
අය මං වැරදි කරන් නෑ
ආත්ම විස්වාසය
සෙනෙහස ආදරය දයාව කරුණාව |
Art by Deepal
දළදා සමිඳු පිහිටයි |
Mahesh Buddika
Eny time Eny where
සිනාවෙන් හෝ කථාවෙන් බැහැ - මනින්නට මිනිසා
ආදරණීය
ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට
ජනපතිතුමාගේ නිසි අවසරය පිට
නිතරම මතක් වෙයි අම්මේ ඔබ මාගේ Niro Kalu Ampitiya
සිදුවුණු සෑම දෙයක්ම Disa පිළිමතලාව
මිනිස් ජීවිතය සුන්දර වන්නේ Your Pain will beSoonly |
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී
දුමින්ද Tuesday, 24 February 2015 03:37 PM
අප සියලු දෙනා කෙලෙස් මරුගේ සිර කරුවන් වෙමු.මහින්දගේ කවිය හරිම සමීප බවක් දැනෙනවා (අ)
සන්තුෂ් Wednesday, 25 February 2015 10:09 AM
ඇත්තටම දුක්බර කතාවක්.(හේ)
ඇසළ Wednesday, 25 February 2015 10:09 AM
හරියට හිර ගෙදර බාසාවෙන්ම කියනවා නම් අදහස් බොක්කෙන්ම ආපු දේවල්. හිරේ නොගිහින් හිටියා නම් කවදාවත් මේවා ලියන්න බැහැ.(හේ)
ජනක Sunday, 01 March 2015 12:12 AM
ගොඩක් අය සමාජගත වෙනකොට හැදිලා තමා එළියට එන්නේ (නි)
ජානකී Friday, 27 March 2015 09:59 AM
මිනිසුන්ට මෙන්ම සිරකරුවන්ටද සමාන අයිතිවාසිකම් ඇත.(දිල්) .
සමාධී Friday, 27 March 2015 10:00 AM
සිරකරුවෝද මනුෂ්‍යයෝය (දිල්)
රසික පුෂ්ප කුමාර Monday, 23 February 2015 10:51 AM
මොනවා කරන්නද ? ගොඩක් දුක හිතෙනවා (නදී)