IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බුදුන් වහන්සේගේ චීවර ධාතුව කැලණියේ දාගැබක

බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය අඟහරුවාදා කැලණි රජමහා විහාරයට වැඩම කරවීම සමහරුන් සලකුණ ලබන්නේ උන්වහන්සේ තෙවැනි වරටත් කැලණියට වැඩම කිරීමක් ලෙසය. මීට පෙර 1978 දී කැලණි රජමහා විහාරයට කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැඩම කළහ. බුදුන් වහන්සේ ජීවමානව කැලණියට වැඩියේ බුද්ධත්වයෙන් අටවැනි වසර වෙසක් පුන්පොහෝදිනකය. මහා රහතුන් වහන්සේලා පන්සිය නමක් සමග අහසින් වඩින සර්වඥයන් වහන්සේ දුටු දේවතාවන් උන්වහන්සේ මෙසේ කවර නම් දෙව් ලොවකට වඩනේදැයි, අපගේ ලොවට වඩන්නේදැයි සැක උපදවා ගත්තද උන් වහන්සේ දේව සමූහයාද පිරිවරාගෙන කැලණියට වැඩි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ කැලණි නදියෙන් දිය ස්නානය කළහ. එවකට කැලණි ගඟ ඉතා පටුය. සැඩපරුෂ නොවූ ගංගාවේ පතුලේ බුදුන් වහන්සේ ශ්‍රී පාද ලාංඡනයක්ද තබන ලද්දේ මණිඅක්ඛික නා රජුගේ ඉල්ලීම මතය. උන් වහන්සේ කැලණි ගඟට බැස ස්නානය කරන විට චීවරය ගළවා තබන ලද්දේ ගඟ අසබඩ ඇති කළුගලක් මතය. අදටත් එම ‘‘චීවර ගල” කැලණි රජමහා විහාරභූමියේ සංරක්ෂණය කොට තිබෙනු දක්නට ලැබේ. කැලණි ගෙඟ් ස්නානය කිරීමෙන් අනතුරුව ගම්වාසීන් බුදුන් වහන්සේට මනිපිට්ටු හා කිරිහොදි ඇතුළු ආහාර මුල්කොටගත් දානය පිරිනැමූ බවද ජනප‍්‍රවාදයේ එයි. මණිඅක්ඛික නා රජුගේ අතින්ම පිළියෙළ වූ ආහාර බුදුන්වහන්සේ ඇතුළු මහ සඟරුවනට පිරිනැමීමෙන් අනතුරුව බුදුන් වහන්සේ ස්වල්ප මොහොතක් සැතපී සිටියහ. පසුව නා රජුගේ ඉල්ලීම මත දහම් දෙසුම සඳහා ආරාධනා කළේය. බුදුන් වහන්සේ මැණික් මණ්ඩපයේත්, මහා සඟරුවන ඒ අවට පනවා තිබූ අසුන්හිත් වැඩ උන්හ. එහිදී රජු ඇතුළු පිරිසට නිර්වාණ ධර්මය නොහොත් නිර්වාණ සංඛ්‍යාත අමා ඵල සහිත දහම දෙසූ බවද ශාසන ඉතිහාසයේ කියැවේ. බුදුන්වහන්සේ මහ රහතන් වහන්සේලා සමග වැඩහිඳ දහම් දෙසූ තැන උන්වහන්සේ වැඩසිටි මැණික් පුටුව නිධන් කොට මණිඅක්ඛික නා රජු විසින් කැලණි චෛත්‍යය ඉදිකළේය. තරමක් කුඩාවට ඉදිකළ කැලණි චෛත්‍යය පසුව ක‍්‍රිස්තුපූර්ව තුන්වැනි සියවසේ දී යඨාලතිස්ස රජු විසින් සැටරියන් උසට ඉදිකරන ලදී. එහි වට ප‍්‍රමාණය අඩි එකසිය අසූවකි. බුදුන් වහන්සේ කැලණියට වැඩම කර ගෙඟ් ජලස්නානය කළ අවස්ථාවේ හැඳසිටි සිවුර, තැන්පත්කර මණිඅක්ඛික රජතුමා විසින් තවත් දාගැබක් ඉදිකළේය. එය ‘‘සිවුරුදාගැබයි’’ මෙය මංගල මහා ස්තූපය ලෙසද හැඳින්වේ. මෙම චෛත්‍ය පුළුල් කොට ක‍්‍රි.ව 301 සිට 328 දක්වා අනුරාධපුරය රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු විසින් කරවන ලද නිසා අද එය හඳුන්වන ලබන්නේ ‘‘කිත්සිරි මෙවන් විහාරය’’ යනුවෙනි. කිත්සිරිමෙවන් විහාරයේ එදාසිටම පැවැති චෛත්‍යය කුමන දෙයක් නිධන්ගත කොට තනන ලද්දක්දැයි හඳුනාගත නොහැකි ව තිබුණද දැනට වසර කිහිපයකට පෙර කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමුවූ දහවැනි සියවසට අයත් ටැම්ලිපිය අනුව බුදුන් වහන්සේගේ කැලණි ගමනත්, සිවුරු දාගැබත් මිථ්‍යාවක් නොවන බවට සනාථ වී තිබේ. එම සෙල්ලිපියේ ‘‘උදකස්දා’’ යනුවෙන් තිබූ වැකිය කියවූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් එහි අර්ථය වශයෙන් දක්වා ඇත්තේ ‘‘දියනෑම සඳහා භාවිත කළ චීවර ධාතුව’’ යනුවෙනි. එහි මෙසේද සඳහන් වේ. ‘‘වදාළ හෙයින් කැලණි රජමහා වෙහෙ උදකස්දා නින්දා මඟුල් දා ගැබිහි බද මුල් ගුණ සමමෙ වෙහෙර් සෙනෙවිරද් පදිය වසමට දෙනුකොට ඉසා’’එහි අර්ථය වන්නේ රජතුමා නියම කළ බැවින් කැලණි රජමහා විහාරයෙහි ජල සාටිකා ධාතුව (දියනෑමට භාවිත කළ සිවුර) නිධන් කල මංගල මහාස්තූපයෙහි පහන් පූජාව පැවැත්වීම පිණිස රුවන්වැලි සෑයට අයත්ව මුලසිට පැවැති ප‍්‍රදේශය මෙම විහාරයෙහි සෙනෙවිරත් පදවියේ ප‍්‍රදේශ පාලනයට දෙනු පිණිස’’ යන්නයි. එගොඩ කැලණිය හා මොගොඩ කැලණිය වශයෙන් කැලණි විහාරය හා කිත්සිරිමෙවන් විහාරය කැලණි ගංගාවෙන් වෙන්ව තිබුනද අදවනවිට ගඟ මතින් ඉදිවූ ගුවන් පාලමකින් එම ස්ථාන යාකොට තිබේ. එහෙත් පුරාණ කාලයේ මේ ස්ථාන දෙකම එකම ස්ථානයක පිහිටා තිබූ බවත් ගඟ ඉතා සිහින්ව පසෙකින් ගලා ගිය බවත් කියැවේ. කිත්සිරිමෙවන් විහාරයේ ඇති නුවර යුගයේ එක් චිත‍්‍රයකින් පෙනෙන්නේ එකල ගංඟාවේ තිබූ ‘‘පටු’’ කමයි. විහාරස්ථානය අසලින් ගලායන පටු ඇළ මාර්ගයක් ලෙස එම චිත‍්‍ර වලින් කැලණි ගංඟාවේ එදා තත්ත්වය පෙන්නුම් කරවයි. කිත්සිරිමෙවන් විහාරයේ විහාරාධිකාරී කුණන උපනන්ද හිමියන් ප‍්‍රකාශ කළේ එහි ඇති චෛත්‍යයේ චීවර ධාතුවට අමතරව ජීවමාන බුදුරජාණන් වහන්සේගේ නිය ධාතු, කේෂ ධාතු ද නිධන් කර ඇති බවයි. බුදුන් වහන්සේ කැලණි ගංඟාවේ දිය ස්නානය කළ ස්ථානයේ පිහිටවනු ලැබූ බව කියන ශ්‍රී පාද ලාංඡනය අනුස්මරණය කිරීම සඳහා පසුකාලීනව මෙම විහාරයේ දායකයින් විසින් අනුස්මරණ ශ්‍රී පතුලක් කළු ගලක නිර්මාණය කොට වන්දනාමාන කරන බවත්,බොහෝ දෙනා අදත් විහාරස්ථානයට පැමිණ එම ශ්‍රී පාද ලාංඡනය වෙත නොයෙකුත් බාරහාර වී පුද පූජා පවත්වන බවත් උන් වහන්සේ කීහ. මේ ගල අද්දවා කැලණි රජමහා විහාරයේ ඉදිරිපස මළුවේ තබා තිබුණද අදවනවිට එය බොහෝ දෙනාගේ ඇස නොගැටෙන විභීෂණ දේවාලයේ පිටුපස භූමියේ තැන්පත් කර තිබෙනු දක්නට ලැබේ. කෙසේ වෙතත් කැලණිය යනු ලක්දිව පැරණිතම නගරයකි. විභීෂණ කැලණිය තම රාජධානිය වශයෙන් තෝරාගෙන ලක්දිව පාලනය කළේ බුද්ධ කාලයටත් පෙරය. ඉන් අනතුරුව කැලණියේ පාලකයා වන්නේ මණිඅක්ඛික නා රජුය. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුවූ නාගදීපයේ චුල්ලෝදර මහෝදර සටනේදී බුදුන් වහන්සේගේ දහම් අසා පැහැදීමෙන් පසුව මණිඅක්ඛික නා රජු කැලණියට වැඩම කරන ලෙස කළ ආරාධනයෙන් පසුව බුදුන් වහන්සේ කැලණියට වැඩම කළහ. කාලිංග මාඝගෙන් ආරම්භ වූ විදෙස් ආක‍්‍රමණත්, පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසින්ගෙන් කැලණි විහාරය විවිධ ආක‍්‍රමණවලට ලක්විය. සතුරුසේනා දහස් ගණන් පැමිණ කැලණි විහාරය විනාශ කිරීමට නොහැකි වී අදත් විරාජමානව බැබලෙන්නේ බුදුන් වහන්සේගේ මහා අනුහස් අදටත් පවතින නිසාය.

දොම්පේ අජිත් මදුරප්පෙරුම
කැලණි චෛත්‍යය  සෙල් ලිපිය බුදුහිමියන් කැලණි ගෙඟ්  ස්නානය කළ බව සැලකෙන ස්ථානය කුණන උපනන්ද හිමි



අදහස් (0)

බුදුන් වහන්සේගේ චීවර ධාතුව කැලණියේ දාගැබක

මනෝහරන් Saturday, 22 September 2012 12:45 AM

අනේ මම නම් දන්නේ නැහැ ඕවා. මනි පිට්ටු කියන්නේ ඉන්දියන් ආහාරයක්. (නි)

:       0       0

ලක්රුවන් Friday, 21 September 2012 05:33 PM

අපි කොච්චර පින් කරලා ඇද්ද මෙහෙම පින් බිමක ඉපදෙන්න? (නි)

:       0       0

ජනිත් Thursday, 20 September 2012 10:26 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

පෙරේරා Wednesday, 30 March 2016 10:14 AM

ඉතා වටිනා ලිපියක් (නි)

:       0       0

පුෂ්ප මල්ලිකා Wednesday, 30 March 2016 10:14 AM

මෙවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටට අද මොකද වෙලා තියෙන්නෙ? “උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ“ (නි)

:       0       0

ලසන්ත Saturday, 22 September 2012 09:58 AM

දිනෙන් දින ධර්මයේ ශක්තිය වර්ධනය වේවා!(ස)

:       0       0

කරුණාතිලක Tuesday, 30 October 2012 12:48 AM

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා (ස)

:       0       0

Anjari Nehansi Senaratne Friday, 21 September 2012 02:43 PM

සාදු සාදු බුදු හිමි නමදින්නේ.. (ස)

:       0       0

අජන්ත Thursday, 20 September 2012 03:45 AM

දිනෙන් දින ධර්මයේ ශක්තිය වර්ධනය වේවා! (නි)

:       0       0

ලලිත් Wednesday, 19 September 2012 01:00 AM

බුදුන් වැඩි දේශයට අද මොකද වෙලා තියෙන්නේ?

:       0       0

වාසල Tuesday, 18 September 2012 06:30 PM

එහෙව් කැලණිය නේද මේ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 132 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 601 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site