IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බඹරිඳු නොමැතිව තනිවුණු පියුමක්

  sdh

 

 

පියුමි හු`ගාක් ලස්සන වයස අවුරුදු 17ක වගේ වයසක ගෑනු ළමයෙක්. ඒ වෙද්දී ජීවිතේ සුන්දරම අවදිය පසු කරමිනුයි ඇය හිටියෙ. වයස අවුරුදු 15 දී පියුමිගෙ අම්මා ඇයව දාලා විදේශගත වුණා. පියදාස, ඒ කියන්නෙ පියුමිගෙ තාත්තා හරිහමන් රැකියාවක් නොකරන ගෙදර බර කරට නොගත් පියෙක්.
ගමේ මළගෙයක්, ම`ගුල් ගෙයක් වුනොත් මිනිය ගෙට ගේන්න කළින් පියදාස එතනට අරක්ගෙන තමයි ඉන්නෙ. තම ජාන මිතුරන් සමග හොඳ හැටි විනෝදවෙලා කටගොන්නක් බීගෙන ගෙදර එන එක තමයි පියදාසගේ සිරිත වුණේ. ඒ ඇවිල්ලා ගමටම ඇහෙන්න කෑකෝ ගහනවා. පියුමිට මේ හැමදේම හුරුපුරුදු වෙලයි තිබුණෙ. තාත්තගෙ මේ ගති හදන්න බෑ කියලත් ඇය හොඳින්ම දැනගෙන හිටියා.

 


තාත්තා කටගොන්නක් බී09-Rasav-pg2-BBලා ගෙදර එනවට පියුමිගෙ අම්මා හරිම අකමැතියි. ඇතැම් දවසක අම්මා ඒවාට දොස් කිවුවම තාත්තා ඇයට පහර දුන්නා. ඒ හැමදේම පියුමිගෙ හිතේ හොඳින්ම ඇඳී තියෙනවා.


මෙලෙස දුක්කම්කටොලූ එන්න එන්නම වැඩිවුණා. මේ හැමදේම දරාගත නොහැකිවුණු පියුමිගෙ අම්මා රට යන්න තීරණය කළා. අම්මා රට ගිය මොහොත ඇයට සිහිපත් වුණා.


‘‘මගෙ දුවේ උඹ හොඳට ඉගෙන ගනිං මම රට ගිහින් උඹට සල්ලි එවන්නම්’’


පියුමිව තුරුලූ කරගත් අම්මාගේ දෙනෙතෙහි කදුළු ගලා හැළෙනා හැටි දුටු ඇය තම කුඩා දෑතින් එය පිස දැම්මා.


අම්මා රට ගිහින් වසර 2ක් වුණා. පියුමිට එය අද ඊයේ වගේ තමයි දැනුණේ.


අම්මා ගිය පසු තාත්තා තැන්තැන්වල රණ්ඩු දබර කරගත්තත් ගම්මුන් ඉවසගෙන හිටියෙ පියුමි නිසා.


‘‘වැඩක් පලක් කරගෙන මේ මිනිහට ඉන්න බැරි හැටි? පව් අසරණ කෙල්ල. මේවගෙන් වෙන්නෙ අර අහිංසක කෙල්ලට පාරෙ බැහැල යන්න බැරිවෙන එක’’ ඇතැමෙක් එසේ කියනවා ඇයට ඇසුණා.


පසුවදා උදේම පියුමි කඬේට ගියේ හාල් තුනපහ ටිකක් අරන් එන්න. ඇය කඬේට යන අතරමගදී අම්මාගේ හොඳම මිතුරියක් වන කුසුමා නැන්දා ඇයට මුණ ගැහුණා.


කුසුමා නැන්දා පියුමි ඉදිරියට ආවා. ‘‘දුවේ මේවා උඹට කියලත් බෑ. නොකියලත් බෑ. උඹේ තාත්තා නටන නාඩගම් උඹට ආරංචිද?


අනේ නෑ නැන්දෙ.... පියුමි කතා කළේ හරිම දුකෙන්.


‘‘අන්න දැන් අල්ලපු ගමේ ගෑනියෙක්ගෙ ගෙදරට රිංගනවා කීපදෙනෙක් දැකලා තියෙනවා. ඒ ගෑනිගෙ ගෙවල් පැත්තෙලූ පියදාස වැඩිපුරම ගැවසෙන්නෙ. පියුමිගෙ හදවත දැවීගියාක් මෙන් වුණා. ඇයගේ ගත දරද`ඩු වුණා. මුව ගොලූ වුණා. කරකියා ගන්න කිසිදු දෙයක් තිබුණෙ නැහැ. අපහසුවෙන් මෙන් කඬේට ගිය පියුමි අවශ්‍ය බඩු මිලදීගෙන ගෙදර ආවා. බඩු පාර්සලය පසෙකින් තැබූ ඇය එළිපත්තේ ඉඳගත්තා. අනතුරුව හිස් අහස දෙස බලමින් කල්පනා කරන්නට වුණා.


ඈත අහස අඳුරුවීගෙන එනවා, කුරුල්ලන් හනිහනිකට තම කැදැලි කරා පියඹා යනවා ඇය බලාගෙන සිටියා. සිහිල් සුළංවිත් ඇයගේ ඇෙඟ් දැවටුණා.


කාලය කෙමෙන් ගතවුණේ පියුමිටත් නොදැනිම, දින කීපයකට පසු ඇගේ තාත්තා තවත් එකියක සමග තම නිවෙසට ආවා. ඔහු පියුමිගේ කාමරය ඇයට දෙන්නට තමයි සකසා තිබුණේ. අනතුරුව පියුමිට හිමිවුණේ පසුපස කාමරය. පියුමි ඒ හැමදේම ඉවසාගෙන සිටියේ ඇයට වෙන කරන්නට දෙයක් නොමැති වූ නිසා.


කුසුමා නැන්දා කී කතාව ඇත්තක් බව පියුමිට පසක් වුණේ ඉන් අනතුරුවයි. තාත්තා අලූතින් ගෙනා කාන්තාව වෙනුවෙන් කෑම පිසීමට සිදුවුණේද පියුමිට. ඇය පාසල් ගොස් නිවෙසට පැමිණ සිදුකළේත් නිවෙසේ සියලූ වැඩ කටයුතුයි. කෑම පිසීම, වතුර ගෙන ඒම, කඬේ යාම මේ හැමදේම සිදුකළේ පියුමිගෙ පුංචි දෑතින්... මේ නිසා පාසල් වැඩ කිරීමටද ඇයට ඉඩ ලැබුණේ නැහැ. නමුත් ඇය පාසල් ගමන නතර කළෙත් නැහැ.


කොණ්ඩ කරල් 2ක් බැඳන් සුදු ගවුමින් සැරසීලා පාසල් යන මේ හැඩකාර පියුමි දැකපු බොහෝ තරුණයන් ඈ පසුපස ආවෙ ආදරය පතාගෙන. පියුමිගෙ ආදරය ඒ කිසිවකුටත් ලැබුනෙ නැහැ. ඇගේ ලස්සනින් මත්වූ ප‍්‍රියාන්ද ඇයට කැමැත්ත ප‍්‍රකාශ කළා. ඔහු පියුමිගෙ දුරින් ඥාතියෙකුත් වෙනවා. ප‍්‍රියාන් යුදහමුදා සෙබළෙක්. ඔහුගෙ නිවෙස පිහිටා තිබුණේ පියුමිගෙ පාසල සමීපයේයි.


පියුමි කිසිවක් කීවෙ නැහැ. ඉන් නොසැලූණු ප‍්‍රියාන් ඇගේ පේ‍්‍රමය දිගින් දිගටම අයදින්නට වුණා. ප‍්‍රියාන්ගේ මේ පෙරැුත්ත නිසාම ඇයටද ඔහු කෙරෙහි ආදරයක් ඇතිවුණා.


කලක් ගතවුණා. පියදාසට දාව කුඩම්මාට දරුවන් දෙදෙනෙක් ලැබුණා. දරුවන් දෙදෙනාගේ වැඩත්, ගෙදර දොරේ වැඩත් සියල්ල කරන්න වුණේ පියුමිට. ඇය මෙහෙකාරියක් මෙන් ඒ සියල්ල ඉටුකළා.


කොපමණ වැඩ රාජකාරි ඉටුකලත් කුඩම්මාට ඇයව රුස්සන්නෙ නැතිවුණා. ඇයගේ පොඩි වැරැුද්දටත් කෑ ගහනවා, ඔරවනවා, කෙනෙහිලිකම් කරනවා. කොච්චර හොඳක් කරත් හොඳක් කියන්නෙ නැහැ. ඒ දේවල් වලින් පියුමිගෙ පාඩම් වැඩද හොඳටම අතපසු වුණා.


රටගිය පියුමිගෙ අම්මා සුමනා ගැන තොරතුරක්වත් දැනගන්න ලැබුණෙ නැහැ. ඇය මාස්පතා එවූ මුදල්ද හිටි හැටියෙම නතර වුණා. ඉන් පියුමි ගොඩක් අසරණ වුණා. අම්මා ගැන හොයාලා බලන්නවත් කිසි කෙනෙක් හිටියෙ නැහැ. තාත්තට දැන් අම්මාගෙන් පලක් නැහැ.


කාලයත් එක්ක කුඩම්මා සමග වාසය පියුමිට මර උගුලක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඉවසාගත නොහැකි වුණ තැන පියුමි ප‍්‍රියාන් සමග පැනයාමට තීරණය කළා. අනතුරුව ඔහු පියුමිව විවාහ කරගත්තා. ප‍්‍රියාන්ගෙ මවත් පියත් ජීවතුන් අතර නෑ. ඔහුගේ නිවෙසට පැමිණි පියුමි සියලූම වැඩ කටයුතු ඉටුකළේ ඉතාමත් සතුටින්. ඇය ප‍්‍රියාන්ට ආදරෙන් සළකාගෙන හොඳින් ජීවත් වුණා.


ඒ දිනවල උතුරෙ සටන් තදින්ම ඇවිලිලයි තිබුණේ. ප‍්‍රියාන්ටද එහි යාමට සිදුව තිබුණා. කොටින් හා හමුදාව අතර සිදුවූ සටන් තව තවත් දරුණු වෙන්න පටන් ගත්තෙ බොහෝ පිරිසකට මරු කැඳවමින්.... අවසන් සටනේදී ප‍්‍රියාන්ටත් වෙඩි වැදුණා. බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු රෝහල්ගත කළා. එයින් සුව නොවූ ප‍්‍රියාන් කොළඹ රෝහලට මාරුකර යැව්වා. සිද්ධිය ආරංචි වුණු පියුමි කම්පනයට පත්වුණා. ඇය තම මිතුරියක් වූ චාරුණි සමග කොළඹ රෝහලට ගියා. ඒ වන විටත් ප‍්‍රියාන් හිටියෙ දැඩිසත්කාර ඒකකයෙ. ඔහු ජීවිතයත්, මරණයත් අතර සටනකයි හිටියෙ.... ඉණූ කදුළුවැල් පියුමිගේ දෙනෙතේ ඇළලී ගියා. වෛද්‍යවරුන් ඔහුව බේරා ගැනීමට දැඩිව උත්සහ ගත්තද ප‍්‍රියාන්ට යළි ජීවත්වීමට හැකිවුණේ නැහැ.


සතුරු වෙඩි උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරය සහ පපුව පසාරු කොටගෙන තිබුණා. ප‍්‍රියාන් මියගිය බවදත් පියුමිට කරකියා ගන්නට කිසි`ඳු දෙයක් නොමැති වුණා. ඇය සිහිසුන්ව ඇද වැටුණා. ප‍්‍රියාන්ගේ අවමඟුල සියලූ ගෞරව ලෙස කෙරුණා. බොහෝ පිරිසක්ද ඊට සහභාගී වුණා.


පියුමි දැන් ජීවත් වෙන්නෙ ප‍්‍රියාන්ගෙ මතකය එක්ක විතරයි. ඇය දැන් හුඟාක් තනිවෙලා. ඒ තනිකම එක්ක ජීවිතේ අ`ඳුරු අහුමුලූවලට ගුලිවෙලා ජීවත්වෙන ඇයගේ සිතේ ප‍්‍රියාන්ගෙ ජීවිතේ මතකයන් තාමත් සැරිසරනවා.


කාත් කවුරුවත් නැතිව තනිවුණු ඇය අවසානයේ තීරණය කරනවා නැවතත් ඇගේ ගෙදරට යන්න. අවසානයේ ගෙදරට පැමිණි ඇය ඉන්නෙ දැඩි කම්පනයකින්... ප‍්‍රියාන්ගෙ වන්දි මුදල් සමග හැම මාසෙකම වැටුපක් පියුමිගෙ අතට ලැබෙන බව දත් කුඩම්මා ඇයට වෙනදා මෙන් සැරවැර කළේ නැහැ. ආදරයෙන් ඇයට සළකන බව පෙන්නුවා. බොරු අනුකම්පාවක් දැක්වූවා.


පියුමිට ඒ මුදල්වලින් පලක් වුණේ නැහැ. ඇයට  ඕන වුණේ ප‍්‍රියාන් සමග සතුටින් ජීවත්වෙන එක. නමුත් ඔහු අද ජිවතුන් අතර නැහැ. ඇය ඒ ගැන ගොඩක් දුක් වෙනවා. ඇය හැම පෝයකටම වගේ සිල් සමාදන් වෙනවා.


පියුමිට ලැබෙන මාසික වැටුප හැමදාකම අතට ගත්තේ කුඩම්මා... කුඩම්මා එම මුදල ඇයගේ හිසමත වැටුණු පරණ පිනක් කියලා තමයි හිතුවෙ. පියදාසත්, පියුමිගේ කුඩම්මාත්, ඔවුන්ගේ දරුවනුත් සියලූ දෙනාම යැපුණේ පියුමිට ලැබෙන ප‍්‍රියාන්ගෙ මාසික වැටුපෙන්... පියුමි තවමත් ප‍්‍රියාන්ගෙ මතකයත් එක්ක ජීවත් වෙනවා. කොයිතරම් ලස්සනට ගෙවන්න තිබුණු ජීවිතයක්ද? ඒත් අද මේ විදියට ඇය තනිවෙලා ඉන්නෙ ඇයි? හිසේ පීඩාවන් හුඟාක් මැද්දෙ ඇය ගෙනයන ජීවිතය අපිට බොහෝ පාඩම් උගන්වනවා.

m

 



අදහස් (0)

බඹරිඳු නොමැතිව තනිවුණු පියුමක්

සුමුදු Tuesday, 19 May 2015 03:25 AM

ඔයාට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා නංගී. (ම)

:       0       0

අජිත් Tuesday, 19 May 2015 02:37 PM

පව්, හරිම දුක හිතෙනවා. ඔයාට සුබ අනාගතයක්!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 259 1

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 883 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1386 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 205 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 431 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 599 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site