IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


බි‍්‍රතාන්‍ය රජමැදුරුවල හොල්මන් සහ අවතාර

‘ඔටුන්න දරන හිසට සැනසිල්ලක් නොමැත්තේය’ යන පැරණි කියමන බි‍්‍රතාන්‍යයේ රාජකීයයන් අතර ප‍්‍රකටය. මෙවැනි ප‍්‍රකාශනයක වලංගු භාවය තහවුරු කර ඇත්තේ ඓතිහාසික රාජකීය මාලිගා  බොහොමයක ආදී කාලීන කිරුළු දැරූ රජවරුන්ගේ හා රාජිනියන්ගේ හොල්මන් සහ අවතාරවලින් මෙම මාලිගා දැනටද තොර  නොවන නිසාය. එංගලන්තයේ වත්මන් මහ රැජින, ඇගේ සොයුරිය වූ මාග‍්‍රට් කුමරිය මෙන්ම දිවංගත මව් රැජිනද මෙකී රාජකීය අවතාර සියැසින් දැක ඇති බව වාර්තා වී ඇත. වෙර්ක්ෂයර් ප‍්‍රදේශයේ පිහිටි වින්ඞ්සර් මාලිගය තුළ ඇතැයි සැලකෙන පෞරාණික අල්මාරි රැසක් තුළ තැන්පත් කොට ඇතැයි කියනු ලබන විසිපහක් පමණ වූ මිනිස් ඇටසැකිලි අතර පූර්ව රාජ්‍යත්වය දැරූවන් සිව්දෙනකුගේ  ඇට සැකිලිද වෙතැයි කියැවේ. මාග‍්‍රට් කුමරිය විසින් පළමු වැනි එළිසබෙත් රාජිනිය ගේ අවතාරය දැක ඇත්තේද වින්ඞ්සර් මාලිගය තුළදීය. එංගලන්තයේ ටියුඩර් රාජ පරම්පරාවේ අවසන් වරට  කිරුළ දරා ඇත්තේ පළමුවැනි එළිසැබෙත් මහ රැජින විසිනි. ඇය මිය ගියේ 1603 දී ය. රැජිනගේ අවතාරය බෙහෙවින් දර්ශනය වී ඇත්තේ මාලිගයේ පුස්තකාලය තුළදී යැයි කියනු ලැබේ. වාර්තාවන අන්දමට දිනක් මාලිගයේ ආරක්‍ෂක භටයෙක් රැජිනගේ අවතාරය පිටුපසින් පුස්තකාලය කාමරයේ දොරටුව දක්වා ගමන් කර ඇත. එහෙත් කාමරය තුළ සෝදිසි කළද  ඔහුට එහි කිසිවකු නොසිටි බව ප‍්‍රත්‍යක්‍ෂවී ඇත. 1649 වර්ෂයේදී පැවති සිවිල් යුද්ධ අවස්ථාවේ එරට පාර්ලිමේන්තුවේ සම්මුතියක් මගින් පළමුවැනි චාල්ස් රජුගේ හිස ගසා දමන ලද්දේ රජතුමා දේශද්‍රෝහී වූයේය යන චෝදනාව මතය. එම රජුගේ අවතාරයද ඉහත කී පුස්තකාලය තුළ වූ මේසයක් අසල සිටගෙන සිටිනු රජවාසල නිවැසියන් දැක ඇතැයි පැවසේ. තවද 1820 දී ජනවාරි 29 වැනි දින අභාවප‍්‍රාප්ත වූ තුන්වැනි ජෝර්ජ් රජුගේ අවතාරය අවස්ථා කීපයකදීම මාලිගාවේ සේවක සේවිකාවන් විසින් දැක ඇත. මෙම රජතුමාගේ ජීවිතයේ අවසාන කාලය එතුමන් මානසික රෝගියකු වශයෙන් කල් ගෙවූ බවත්  රජතුමා ජීවත්ව සිටියදී නිරතුරුව අසන ලදැයි කියනු ලබන ” මොකක්ද ? මොකක්ද?” යන ප‍්‍රශ්නය මාලිගයේ කාමර සිසාරා බොහෝ අවස්ථාවල රැුව්දුන් බවද කියනු ලැබේ. දැවැන්ත ශරීරයකින් හෙබිව සිටි එංගලන්ත රජකු වූ අටවැනි හෙන්රි රජුගේ අවතාරයද මාලිගය පුරා කරක්ගැසූ බවට වාර්තා වී තිබේ.  1977 තරම් මෑත යුගයේ දී ද රාජකීය අවි ගබඩාවේ මෙම රජුගේ අවතාරය සැරිසරා ඇත. ආරක්‍ෂක භටයන් දෙදෙනකු  විසින් එකවර  දැක ඇතැයි පැවසෙන එකී දසුනේ දී අවිගබඩාවේ එක් බිත්තියක් මධ්‍යයෙන් රජතුමා පිටවී ගිය ආකාරයක් ඔවුන් විසින්  දක්නා ලදැයි පැවසේ. එම ඉසව්වෙහි කිසිදු දොරක් හෝ කවුළුවක් නොතිබුණු බවද කියනු ලැබේ. කරුණු එසේ වුවද පසුව සොයා ගනු ලැබූ ඓතිහාසික සාධකවලට අනුව ඔප්පු වී ඇත්තේ රජතුමා ජීවත්ව සිටි  අවධියෙහි අවි ගබඩාවේ එම ස්ථානයේ දොරටුවක් තිබුණු බවකි. වින්ඞ්සර් මාලිගයෙහි රාජකාරි කළ තරුණ ආරක්‍ෂක භටයෙක්  1927 දී සියදිවි හානි කරගෙන ඇත. පූර්ණ නිල ඇඳුමෙන් සැරසීගත් මෙම භටයා ආයුධ සන්නද්ධව, මාලිගයේ දීර්ඝ කොරිඩෝව දිගේ ගරු ගම්භීර ලෙස ඇවිදගෙන එන ආකාරය සියැසින් දුටු ජීවමාන ආරක්‍ෂක භටයන් කීප දෙනකුම වී යැයි කියනු ලැබේ. ඔවුන් ගෙන් බොහෝ දෙනකු එම අවස්ථාවල සිතාගෙන ඇත්තේ තම සේවා මුරය අවසන් කරවීම සඳහා එසේ පැමිණෙනුයේ ඊළඟ සේවා මුරය භාරගන්නා භටයා ලෙසටය. එහෙත් වැඩිකල් නොයාම එය මියගිය ආරක්‍ෂකයාගේ අවතාරය බව තහවුරු වී ඇත. වින්ඞ්සර් මාලිගා උද්‍යානය හරහා ගලායන ශීත දිය පහර අසල මුර සේවයේ  යෙදී සිටි සෙබළෙක් 1976 දී අමුතු ආකාරයේ හොල්මනක් දැක සිහි මුර්ජාවට පත්වී පියවි සිහිය එළඹෙන තෙක් විවිධ ප‍්‍රථමාධාරවලට ලක්කරනු ලැබූ ඔහු පසුව ප‍්‍රකාශ  කර ඇත්තේ ”හර්න්” නමැති දඩයක්කාර දේවතාවා ඔහු විසින් දක්නා ලද බවය. මුව සමෙන් පිළියෙල කරන ලද වස්ත‍්‍ර ඇඟලා සිටි ”හර්න්” හෙල්මටයක් වැනි  ශිර්ෂ පළඳනාවක් දරා සිටියද ඔහුගේ නළල් තලයෙන් පිටතට නෙරාගිය අං  තට්ටුවක්ද තිබූ බව සෙබළා විසින් පවසනු ලැබ ඇත. බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරනු  ලැබ ශ්‍රී ලංකාවේද විකාශය වූ ”රොබින් හුඞ්” ටෙලිනාට්‍යයේ මෙම ”හර්න්”  නමැති වන අධිපති දේවතාවා පැහැදිලි ලෙස නිරූපනය වීය. ඉකුත් වසර දෙසිය පනහ මුළුල්ලේම වින්ඞ්සර් මාලිගය තුළ සහ අවට ”හර්න්” ගේ අවතාරය දුටු බවට වාර්තා වූ  අවස්ථා බහුලය. මාලිගා භූමිය සිසාරා හර්න් ගේ අවතාරය දඩයක්කරුවකුගේ විලාශයෙන් දිව යනුයේ බියකරු දඩ බල්ලන් රැළක්ද සමගින් බව ඇතැමුන් පවසා තිබේ. මෙම දඩයක්කරුවා මිය ගියේ යැයි  සැලකෙනුයේ  ඕක් ගසක එල්ලීම නිසා යැයි ජනප‍්‍රවාදයක් ඇත. 1863 දී එම  ඕක් ගස කපා බිම හෙළන ලදුව එම අවස්ථාවේදී වික්ටෝරියා මහ රාජනීය එම ගසේ දර ස්වකීය පෞද්ගලික පාවිච්චිය සඳහා වෙන් කරවාගෙන ඇත. තමන් කෙරේ එල්ල විය හැකි භූත බිය පහ කරවීම පිණිස එසේ කරන ලද බව ද පැවසේ. එහෙත්  ඕක් දර දැවීමෙන් පසුවද භූතයා දෘශ්‍යමාන වීම නතර නොවූ බවද කියනු ලැබේ. 17 වැනි සියවසේ සිදුවූ භූත සිද්ධියක් මෙසේය. සර් ජෝර්ජ් විලියර්ස් නම් වූ රාජකීය ප‍්‍රභූවරයෙක් දිනක් මාලිගයේ නතර වී සිට ඇත. හදිසියේ ඔහු වෙත දිව ආ පාකර් නමැති සේවකයා පවසා ඇත්තේ එම ප‍්‍රභූවරයාගේ මියගිය පියා පූර්ණ සන්නද්ධ ඇඳුම් ආයිත්තමින් සැරසී අවස්ථා තුනකදී මාලිගයට පැමිණ ඇති බවය. බකිංහැම්හි ආදිපාද ධුරය ද දැරූවකු වූ එම ප‍්‍රභූවරයාගේ මෙම අවතාරය විසින් දෙන ලදැයි කියන විශේෂ පණිවුඩයක්ද වීය. ”ස්වකීය පුත‍්‍රයා වන ශ්‍රීමත් ජෝර්ජ් විලියර්ස් අනුගමනය කරමින් සිටියේ යැයි කියන කෲර කි‍්‍රයා පරිපාටිය වහාම වෙනස් නොකළේ නම් ඔහුට වැඩි කලක් යහතින් ජීවත්වීමට නොලැබෙනු ඇත” යන්න එකී පණිවුඩයයි. එහෙත්  ජෝර්ජ් විලියර්ස් එම අනතුරු ඇඟවීම අවඥාවෙන් බැහැර කළ අතර ඊට මාස හයකට පසුව සාහසිකයකු විසින් ඝාතනය කරනු ලැබූ බවද වාර්තා වී ඇත. කැතරින් හොවාඞ් නමින් බි‍්‍රතාන්‍ය රාජකීය ඉතිහාසයේ සඳහන් වනුයේ අටවැනි  හෙන්රි රජුගේ බිසෝවරුන් හයදෙනාගෙන් පස්වැනි රැජිනය. කාඩිනල් තෝමස් වුල්සේ නම් බි‍්‍රතානය වාන්සලර්වරයා විසින් තේම්ස් නදී තීරයෙහි ඉදිකොට රජුට ප‍්‍රදානය කරන ලද හැම්ප්ටන් මාලිගය අද දක්වාම කැතරින් හොවාඞ් රැුජිනගේ අවතාරය හොල්මන් කරන්නාවූ ස්ථානයකි. රජුගේ උදහසකට ලක්වූ කැතරින් බිසව 1542දී හිස ගසා මරවනු ලැබිණැයි බි‍්‍රතාන්‍ය ඉතිහාසයේ සඳහන් වෙයි. මාලිගය තුළ ඇති දේවස්ථානය දෙසට අඳෝනා නගමින් දිවයන බිසවගේ අවතාරය බොහෝ දෙනෙක් රාතී‍්‍ර  කාලයේදී දැක ඇත. අටවැනි හෙන්රි රජුගේ බිසවුන් සයදෙනාගේ ජීව ප‍්‍රමාණ ප‍්‍රතිමා අලංකාර ලෙසට ප‍්‍රදර්ශනයට තබා ඇති වෝවික්ෂයර් මාලිගය දැනට  සංචාරකයන් සඳහාම පමණක් විවෘතව පවතී. ඇවොන් නදියෙහි ඉහළ ඉවුරේ වක්කලමක පිහිටි වෝර්වික් මාලිගය සම්පූර්ණයෙන් නැරඹීමේ අවස්ථාව මෙම ලිපිය සැකැසූ මම ලදිමි. මාලිගය බළකොටුවක ස්වරූපයෙන් ගොඩනැගූවකි. ශක්තිමත් පාෂාණය ප‍්‍රාකාරයෙකින් සහ නිරීක්‍ෂණ කුලූනුවලින්ද යුක්තය. උද්‍යානයක් බඳු මාලිගා  භූමියෙහි ආසියාතික මොණර පක්‍ෂීන් කීප දෙනෙක්ද නිදැල්ලේ සැරිසරනු දුටුවෙමි. හැම්ප්ටන් මාලිගය තුළදී බොහෝ දෙනෙක් දැක ඇතැයි පැවසෙන තවත් රාජකීය අවතාරයකි අටවැනි හෙන්රි රජතුමාගේ තෙවැනි බිරිඳ වූ ජේන් සෙයිමෝර් ගේ අවතාර ය. දල්වන ලද ඉටි විලක්කුවක් අතැතිව යහන් ගැබින් නික්මෙන මෙම අවතාරය මාලිගේ ප‍්‍රධාන ශාලාව වටා ගමන් කිරීම ඔක්තෝබර් 12 වැනි දින රාති‍්‍රයේ සිදුවන්නක් ලෙස කලක් ප‍්‍රකටව පැවතී ඇත. එම දිනය දේවියගේ පුත‍්‍ර කුමාරයා වූ හයවැනි එඞ්වඞ් රජුගේ උපන් දිනය බවද කියනු  ලැබේ. කුමරුන්ගේ උපතින් සතියකට පසුව දේවිය මියගිය බව බි‍්‍රතාන්‍යය ඉතිහාසයයේ වාර්තාගත සත්‍ය කරුණුය. ශාරීරික වශයෙන් දුර්වල  පුද්ගලයකු වූ එඞ්වඞ් කුමරා වයස අවුරුදු දහයෙහි දී කිරුළ පැළඳිය ද රාජ්‍යත්වයේ කල් ගෙවා ඇත්තේ ඉතා කෙටි කලකි. කුමාරයාගේ කිරි මව ලෙස සේවය කළ සීබෙල් පෙන් නමැති කාන්තාවගේ අවතාරය ද හැම්ටන් මාලිගය දැක ඇති බවට වාර්තා සුලභය. 1568 දී වසූරිය  රෝගයෙන් මියගිය මෙම රජවාසල සේවිකාවගේ දේහය  මාලිගය සමීපයෙහි පිහිටි ශාන්ත මරියා දේවස්ථාන භූමියේ මිහිදන් කරන ලද නමුත් අකුණු සැරයක් හේතුවෙන් මෙම දේවස්ථානය විනාශවීම නිසා ප‍්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත. එම කටයුතු අතරතුර සීබෙල්ගේ සොහොන්ගැබ ද වෙනත් ස්ථානයෙක පිහිටුවීමට තරම් රාජකීය අනුග‍්‍රහය ඇය වෙනුවෙන් ලබාදී තිබේ. එහෙත් ඉන්පසුව නිරතුරුවම දුක්බර අඳෝනා සහ කෙඳිරිලි මාලිගයේ බිත්ති පිටුපසින් ශ‍්‍රවණය වී ඇත. මාලිගයෙහි එම ප‍්‍රදේශයෙහි පසුව කරන ලද ප‍්‍රතිසංස්කරණ කටයුතුවල දී කඩා දමනු ලැබු බිත්ති අත්තිවාරමක් විසින් නූල් කැටීමේ යන්ත‍්‍රයක සුන්බුන් හා ඉහත කී කාන්තාව විසින් පරිහරණය කරන්නට ඇතැයි  සැලකෙන භාණ්ඩ කීපයක්ද හමුවී ඇත. මාලිගයේ නිරිත දිග ශාලාවක් ඔස්සේ සීබෙල්පෙන් ”කිරි අම්මා” ගමන් කරනු කීප දෙනකු විසින්ම දැක ඇත. කෙට්ටු සිරුරකින් හෙබි සීබෙල් පෙන් දුඹුරු පැහැති දිග ගවුමක් සහ රෙදි තොප්පියක් පැළඳ සිටින අතර බැගෑපත් ආයාචන ඉරියව්වෙක විලාශයෙන් දෑත් ඉදිරියට විහිදුවාගෙන ගමන් කරන බවද දුටුවන් පවසා තිබේ. 1881 දී ආරක්‍ෂක භටයෙකු විසින් ද සීබෙල් අවතාරය දැක ඇත. 1917 වර්ෂයේ නවම් ශීතල සහිත රාති‍්‍රයක හැම්ටන් මාලිගයේ ආරක්‍ෂක රාජකාරි කළ පොලිස් කොස්තාපල්  (2657) වශයෙන් පමණක් හැඳින්වී ඇති ආරක්‍ෂකයා මාලිගයේ බිම්මහලේ එක්තරා ගේට්ටුවක් විවෘත කර ඇත්තේ රාජකීය  ආගන්තුක පිරිසක් වෙනුවෙනි. ඔවුන් අතර පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවන් හත්දෙනෙක් වූ අතර සැරසී සිටි ඇඳුම් ආයිත්තම් සියල්ල පෞරාණික ස්වරූපයක් ගත් ඒවා බව ප‍්‍රකාශ වී තිබේ. මෙම පිරිස ඔවුන් සඳහා විවර වූ ගේට්ටුවෙන් ඇතුළු වී කොරිඩෝව ඔස්සේ ගමන්කර  ඇත්තේ යාර 30ක පමණ දුරකි. අනතුරුව සියලූ දෙනාම කොරිඩෝවෙහි වූ අතුරු මගකට හැරුනා පමණි එකනෙකා අනුක‍්‍රමයෙන්  අන්තර්ධාන වී යැයි පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කර ඇත. දෙවැනි එලිසබෙත් රාජිනියගේ විවේකස්ථාන වශයෙන් බකිංහැම් මාලිගය, වින්ඞ්සර් මාලිගය,  සැන්ඩි‍්‍රංහෑම් මාලිගය සහ ස්කොට්ලන්තයේ පිහිටි බැල් මොරල් මාලිගයත් පමණක් භාවිත කෙරේ. එහෙත් මේ එක් එක් මාලිගයකට ආවේනික හොල්මන් හා අවතාර ඇතතේ යැයි පැවසේ. ජෝන් බ‍්‍රවුන් නමින් හැඳින්වූ විශ්වසනීය රජවාසල නිලධාරියාගේ අවතාරය දෙවැනි එලිසැබෙත් රාජනීය විසින් බැල්මොරල් මාලිගයේදී දක්නා ලද බවට කතා පවතී. වික්ටෝරියා බිසව වැන්දඹු තත්ත්වයට පත්වීමෙන් පසුව ඉහත කී පුද්ගලයා රැජිනගේ පෙම්වතා වශයෙන් සිටියේ යැයි කියනුයේ හොල්මන් කතාවක් නොවේ. කට කතාවකි. දණහිස දක්වා දික්වූ සායක් වැනි ඇඳුමක් ඇඳගත් ජෝන් බ‍්‍රවුන් මාලිගයේ කොරිඩෝ ඔස්සේ ගමන් ගන්නා වූ විලාශය ඔහුගේ මරණින් පසුව බොහෝ දෙනකු විසින් දැක ඇතැයි කියනු ලැබේ. හැම්ප්ටන් මාලිගය පළමු වැනි එලිසැබෙත් රැජින පළමු වැනි චාර්ලිස් රජු වින්ඞ්සර් මාලිගය



අදහස් (0)

බි‍්‍රතාන්‍ය රජමැදුරුවල හොල්මන් සහ අවතාර

ලාල් Thursday, 22 December 2011 11:52 AM

මේ දේවල් පුදුමයක් නෙමෙයි. මේ දේවල් ඇත්ත

:       0       0

මලීෂා Tuesday, 07 February 2012 01:23 PM

හරිම පුදුමයි. මම මේවා අත්විදින්න ගොඩාක් ආසයි

:       0       0

සුමුද Thursday, 28 June 2012 10:32 PM

ඇත්තටම පුදුමයි

:       0       0

ජයී Monday, 19 December 2011 05:57 PM

පසුගිය වසර 250 තුලදී තමා කිසි දිනක හොල්මන් සහ අවතාර ‍දැකනැති බව මාළිගාවේ වැඩ කරණ එක් සේවකයෙක් මෑතකදී පුවත්පත් වාර්තාකරුවෙකුට කියා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 336 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 122 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 450 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 206 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 133 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 141 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site