ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට්හි සුප‍්‍රකට දුම්කොළ ව්‍යාපාරිකයකු වන ට‍්‍රැවර්ස් බේනන් ලොව පුරා ප‍්‍රකටව සිටින්නේ අධික ලෙස වියදම් කරන, සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන පුද්ගලයකු ලෙසය. කැන්ඩිමෑන් සහ දුම්කොළ රජු යන අන්වර්ථ නාමයෙන් තමා හ`දුන්වාගන්නා ඔහු ෆෙරාරි, ලැම්බොගිනි, රොල්ස් රොයිස් වැනි වාහන එකතුකිරීම තම විනෝදාංශය බවට පත්කරගෙන තිබෙනවා. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විටින් විට තමා ගෙවන සුඛෝපභෝගී ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කෙරෙන ඡුායාරූප හා ප‍්‍රකාශ නිකුත් කරන ඔහු සමාජයට විහිළු සපයන්නකු ලෙස විවේචනයට ලක්වෙනවා.
පසුගිය දිනවල ඔහු පිළිබ`ද කථාබහක් ඇතිවූයේ සමාජ වෙබ් අඩවි හරහා ඔහු පළකළ ඡුායාරූපයක් හේතුවෙන්. තම බිරිය වන ටාෂියා සහ ඔහුගේ තවත් පෙම්වතියක සුනඛයන් ලෙස බැ`දගෙන සහභාගීවූ අශිෂ්ට සාදයක ගන්නා ලද ඡුායාරූප ඔහු සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත් කර තිබූ අතර එය දැඩි විවේචනයට ලක් වුණා. බේනන් එම කි‍්‍රයාවේ නිරත වූයේ තමාගේ හා ටාෂියාගේ දරුවන් ඉදිරියේ වීම ඔහුට විවේචන වැඩියෙන් එල්ල වීමට බලපෑවා.
කලකට ඉහ
ත සුපිරි නිරූපන ශිල්පියකු ලෙස ප‍්‍රකටව සිටි බේනන් මේ වන විට කෝටිපති දුම්කොළ ව්‍යාපාරිකයෙක්. බේනන් කලින් විවාහ වී සිටියේ ලෝක රූ රැුජනක වූ නිනිබෙත් සමඟයි. ඔහුට ඇය හමුවූයේ නිරූපන චාරිකාවක් ස`දහා විදේශගතවූ අවස්ථාවකය. එවක බේනන්ද නිරූපන ශිල්පියකු වූ අතර දෙදෙනා නිරූපන කලාව තුළින් හ`දුනාගෙන තිබුණා. බේනන්ගේ පියා දුම්කොළ ව්‍යාපාරිකයකු වූ අතර බේනන් තම පියාගේ අඩිපාරේ යමින් දුම්කොළ ව්‍යාපාරයට එක්වුණා. හියු හෙෆ්නර්, ඩැන් බිල්සරියන් මෙන් බේනන්ද ලොව පුරා ප‍්‍රකටව ඇත්තේ සෙල්ලක්කාරයකු ලෙසයි. කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සමඟ සෙල්ලක්කාර දිවියක් ගතකරන ඔහු ඒ ස`දහා විශාල මන්දිරයක්ද නිර්මාණය කොට තිබෙනවා. එය නම් කොට ඇත්තේ කැන්ඩිෂොප් මන්දිරය ලෙසින්. එහි වටිනාකම ඩොලර් මිලියන 3.7ක්. ඔස්ටේ‍්‍රලියාවේ දැනට කි‍්‍රයාත්මක දුම්කොළ සම්බන්ධ නීති දැඩි ලෙස විවේචනයට ලක් කරන බේනන් තම කැන්ඩිෂොප් මන්දිරයේදී නෙත් කොණින් බලන අඩ නිරුවත් ල`දුන්ගේ පහස සහ දුම්කොළ නිෂ්පාදනවල රසය බැලීමටත් අවස්ථාව උදා කර ඇතැයි කියා සිටියා.
තම ප‍්‍රථම බිරියගෙන් වෙන්වූ බේනන් දෙවන වරට ටාෂියා සමඟ විවාහ වුණා. දරුවන් සිව් දෙනකු සිටින බේනන්ගේ දවස වැඩිවශයෙන් ගෙවෙන්නේ ඔහුගේ කැන්ඩිෂොප් සුරඟනන් සමඟයි. කැන්ඩිෂොප් මන්දිරයේ සිටින බොහෝ කාන්තාවන් ඉතා ලාබාල නිරූපිකාවන්. වරින්වර ඔහුට හමුවන සුරූපිනියන් තම කැන්ඩිෂොප් මන්දිරයට බ`දවා ගන්නා බේනන් ඔවුන් කැන්ඩිෂොප් දේවතාවියන් ලෙස කිරුළු පළ`දනවා.‘‘මගේ අරමුණ වන්නේ ඩිස්නිලන්තයට සමාන අයුරින් වැඩිහිටියන්ට සතුට ගෙන එන පි‍්‍රය සම්භාෂණ වැඩි වැඩියෙන් පැවැත්වීමයි. මගේ සතුට මේ මන්දිරයට පැමිණෙන පිරිස උපරිමයෙන් සතුටු වනු දැකීමයිි.’’ යනුවෙන් බේනන් පවසනවා. ඔහුගේ කැන්ඩි ෂොප් මන්දිරයේ ආරක්ෂකයන් කුරු මිනිසුන් වන අතර ඔවුන්ගේ නිළ ඇ`දුම රෝමන් සොල්දාදුවන්ගේ නිළ ඇ`දුම
ට සමාන ආකාරයට සකස් කළ එකක්. නාන තටාක සම්භාෂණ පැවැත්වීම ඔහුගේ විනෝදාංශයක් වන අතර ඒ ස`දහා සුරූපි කාන්තාවන් විශාල පිරිසක් සම්බන්ධ කරගැනීමට ඔහු පසුබට වන්නේ නැහැ. ඔවුන් ලවා තම සිරුරේ විවිධ ආලේපන තවරා ගැනීම, බියර්වලින් දෝවනය කර ගැනීම වැනි විවිධ කි‍්‍රයාවල නිරත වීමට ඔහු කැමතියි. පසුගියදා ඔහු පැවැත්වූ එවන් සාදයක් ස`දහා ඩොලර් මිලියන දෙකක් වැය කොට තිබුණා. වරක් එක් කාන්තාවක සමඟ ඡුායාරූපයක් ගැනීම ස`දහා ඔහු මල් 30,000ක් ඇනැවුම් කර සිටියා. එකවර කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ යහන්ගතවීමද ඔහුගේ තවත් විනෝදාංශයක්. එවැනි සම්භාෂණවල හා කාන්තාවන් සමඟ සිටින දර්ශන ඡුායාරූප ගතකොට ඒවා සමාජ වෙබ් අඩවිවල පළකිරීම මගින් මේ පුද්ගලයා විශාල තෘප්තියක් ලබන බව පෙනී යනවා. බොහෝ විට මෙය උන්මාදයක් විය හැකියි. තමන් සතු ධනය වියදම් කළ යුත්තේ කුමක් ස`දහාදැයි යන්න පිළිබ`ද අවබෝධයක් ඇතැම් ධන කුවේරයන්ට නැහැ. පිරිසක් එදා වේල සොයාගත නොහැකිව සිටිද්දී තවත් පිරිසක් දිනකට මිලියන ගණනින් නිකරුණේ වැය කරමින් තම සිරුරට උපරිම සතුට ලබා දෙනවා. බේනන්ගේ චරිතයෙන්ද ප‍්‍රකට වන්නේ එවැන්නක්.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික අසහනය රාගය පිරිලා මෙහෙමත් මිනිස්සුත් ඉන්නවානේ මේ සල්ලි වලින් අනාථ මිනිස්සුන්ට කන්න දුනනම් මොකද (ම)
මේවට කැමති සමහර ගෑනුත් ඉන්නවනේ,(බ)
මෙතන ගැහැණිය බල්ලාගේ තත්වයට වැටිලා තියෙන්න. සල්ලි නිසා (බ)
මේවාට විරුද්ධව මානව හිමිකම් සංවිධාන, සමාජ සංවිධාන ක්‍රියා නොකරන්නේ ඇයි? මුදලට යටවෙලාද ? බයටද? ෆේස් බුක් හරහා මේවාට විරුද්ධව සමාජඡ විරෝධතාවයක් දැක්විය යුතුයි. (නි)
ඔලුවේ අසනීපයක් වගෙයි (නි)
මට ඕස්ට්‍රේලියා යන්න සෙට් වුණොත් මුලින්ම ඌට දම්වැලක් දාලා බෙල්ලෙන් එල්ලන් යනවා (බ)
අඩු ගානේ අර පාරේ ගෙනියන බවලතුන් දෙන්නට විලි වැහෙන්න ඇඳුමක් අන්දවලා අරන් යනවකෝ. (නි)
එකගේ ඇස් දෙක බලන්නකෝ. යකෙක්ගෙ ඇස් වගේ. (බ)
මීට වඩා දේවල් දැන් තිබෙනවා තමයි. නමුත් මේවා දැකීමෙන් කෙරෙන්නේ තව තවත් හැඟීම් ආශාවන් වැඩිවීමක් නේද? (නි)
මූට තියෙන්නේ පිස්සුවක් සල්ලි වැඩි වුණාම මේවගේ පිස්සු ගොඩක් බූරුවන්ට වෙනවා (ම)
මේක බලන අය ඊට වඩා පිස්සු.ලෝකේ කිසිම රටක කිසි කෙනෙක්ව දම්වැල් දාගෙන අරගෙන යන්න බෑ.හිරකාරයක් හැරෙන්න.ඔය සමාජ ශාලා වලනම් කරනවා .පාරේ තොටේ නම් එහෙම රැගෙන යන්න බෑ මොන කෝටිපතියෙක් උනත්. (ස)
සල්ලි වලට ගැහැණු ඕනෑ විදියකට ඉඳීවි
සංස්කෘතිය, සභ්‍යත්වය වල්වැදිලා. (නි)
ඔය දඟලන විදියට ඔය කෙනා කවදාහරි මැරෙන්නේ බොහොම අසරණවෙලා (නි)
මා ඉන්නේ ගෝල්ඩ් කෝස්ට් වල ට කිලෝ මීටර් 00 එහා. මා දන්නා තරමට මහා පාරේ මේවා කලොත් නඩු දානවා. (නදී)
නිදහස් මතදාරියෙක් (ම)
සල්ලි වලට කෙල්ලොත් මෙහෙම වෙනවා කියලා තියෙන්නේ නිකන්ද.? (ර)
මම නම් හිතන්නේ මිනිහට තියෙන්නේ පරපීඩක කාමුකත්වය කියන ලෙඩේ. ඔක්කොටම එහා මේ කෙල්ලෝ මෙයාගේ නෝනා. සංසාරයේ කරපු පින් බලයෙන් අපි බෞද්ධයෝ වෙලා ලංකාවේ උපන්නේ.නැතිනම් මේ සත්තු වගේ ජීවත් වෙන ජීවිතේ සැපයි කියල හිතාවි. (ස)
මේවා බොහොම ටික කාලයයි. මෙතැන ලොකුම පාපය දුම්කොළ වෙළඳාමයි. මෙයාට කන්න බොන්නවත් නැතිව භයානක ලෙඩ දුක් හැදිලා දුක් විඳින්න වෙනවා කවදා හරි (බ)
මුදල් වලට කරන්න දෙයක් නැතුව ඇති (නි)
මානව හිමිකම් මුදලට යටවෙලා. මේක මානසික ලෙඩක් (නි)
එදා වේල කන්න නැති කෙනෙකුට කෑම ටිකක් දුන්නා නම් කොච්චර පින්ද? (නි)
මානසික රෝගියෙක් .....! (නි)
වටිනා ලිපි දිගටම පළකරන්න. (නි)
කන්න ඇදින්න නැති මිනිස්සු ඉන්න රටේ මේ වාගේ මානසික ලෙඩ්ඩු ඉන්නවානේ (ම)
මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ (ම)
යටම ටික මුලින් ම කියල පටන් ගත්තනම් ලිපිය ටිකක් සමාජ ෆ්‍රෙන්ඩ්ලි වෙයි නේද බාගයක් කියවල අත් හරින පිරිසට වැරදි මතයක් යනව නැත්නම් (ම)
මෙහෙම කෙනෙක්ගේ බිරිඳ වෙනවාට වැඩිය හොඳයි ගමේ දුප්පත් මිනිහෙක් බැඳගන්නවා. මොකද ඒ මිනිස්සු මීට වඩා බිරිඳට ගරුකරනවා (නි)
කෝ ලෝකයේ මානව හිමිකම් සංවිධාන? (ම)
සුපිරි පොරක්. (ස)
කාමය අන්ධය (බ)
මානසික ලෙඩ්ඩු. (ස)
අනේ මහෙ මත් නොසණ්ඩාලයෝ (ම)
දුන් කොළ සැර උගේ ඔලුවට ගහලද කොහෙද ? (ම)
හොදම කතාව කැලුම් කියල තියෙන්නේ (බ)
මෙහෙමත් පිස්සු බවලතුන් ! (හේ)
මටත් කෝටිපතියෙක් වෙන්න ඕනෑ (නි)
පිස්සෙක්නේ! (නි)
මානසික ලෙඩක් තියෙන්නේ මේ පිරිමියාට නෙවෙයි. අර එයාගේ නෝනා කියල කියන බවලතාට. මේකත් හැබෑට නෝනා කමක්ද ? අපේ රටේ පිටකොටුවේ නාට්ටාමි කෙනෙකුගේ නෝනා මිට වැඩිය නම්බුකාර විදියට සතුටින් ඉන්නවා ඇති. (බ)
පේනවා නේද සල්ලි පස්සේයන කෙල්ලන්ට වෙන දේ. (ස)