IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බිරිඳට තර්ජනය කරන ඇමැතිවරයා ඔබද?

 

 

 

දේශපාලනඥයන්ගේ ක‍්‍රියා කලාපයන් විටින් විට ආන්දෝලනයට ලක් වෙයි. මේ දිනවල කතාබහ පවතින්නේ ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පිළිබඳවයි. මහනුවර දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ඇති අළුත්ගමගේ මහතාගේ වත්කම් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. ඊට අමතරව ඔහු තර්ජනය කරන බවට බිරිය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. මේ ප‍්‍රශ්න පිළිබඳව ඉරිදා ලංකාදීපය ඔහු සමග පැවැත්වූ සාකච්ඡාව මෙසේය.

 


ප‍්‍රශ්නය: ඔබ බිරියට තර්ජනය කරන බවට චෝදනා තිබෙනවා. ඇයි ඒ? ඔබ ප‍්‍රබල ඇමැතිවරයෙක් නිසා කාන්තාවකට තමන්ගෙ බලය පෙන්වන්න හදනව ද?
පිළිතුර:
මම මොනම අවස්ථාවකවත් මොනම හේතුවකටවත් ඇයට තර්ජනය කරල නැහැ. මම හැමදාම ඇයව රකිනවා. ඇයව ආරක්ෂා කරනවා. හේතුව, ඇය මගේ දරුවන් දෙදෙනාගේ මව. ඒ නිසා මම මොනම හේතුවකටවත් එහෙම දෙයක් කරන්නෙත් නැහැ. කරලත් නැහැ. මගේ බිරිය ජීවිත තර්ජනයක් තියෙන බවට පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණලූ. ඒ ලිපිය ලැබුණට පසු පොලිස්පතිවරයා මට කතා කළා. මගේ බිරියට මා තර්ජනය කරන බවට සඳහන් පැමිණිල්ලක් තිබෙන බව කිව්වා. මම කිව්වා වහාම එතුමිය හමුවී ප‍්‍රකාශයක් ලබාගෙන මා වැරැුදි නම් මට විරුද්ධව අධිකරණ ක‍්‍රියා මාර්ග ගන්න කියල.

 

 


ප‍්‍රශ්නය: ඔබ ඔය අවංකවම ද කියන්නෙ?
පිළිතුර:
අවංකවම. ඔබට මේ ගැන පොලිස්පතිවරයාගෙන් අහල දැන ගන්න පුළුවන්. පොලිස්පතිවරයා සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඇයගේ නිවසට යවල කටඋත්තරයක් අරගෙන තිබුණ. සතියක් ඇතුළත මේ සියලූ දේ සිදු වුණේ. ඇය දීපු කටඋත්තරයෙන් පසු මගෙනුත් කටඋත්තරයක් ගත්තා. ඇයගේ කටඋත්තරයේ සඳහන් කර තියෙන්නේ මහින්ද මට කවදාවත් තර්ජනය කර නැති බවයි.

 

 


ප‍්‍රශ්නය: ඔබ දන්නෙ කොහොමද ඇය පොලීසියට කියපු දේවල්. ඔබ ඇමැතිවරයා නිසා පොලීසියට බලපෑම් කළා.
පිළිතුර:
මගෙන් කටඋත්තර ගන්න කොට මම දැන ගන්න එපායැ. නැති නම් ඒ චෝදනාවලට පිළිතුරු දෙන්නෙ කොහොම ද? ඇය ප‍්‍රකාශ කර තිබුණේ මා තර්ජනය කර නොමැති බවයි. දුරකතනයෙන් හෝ පුද්ගලයකු ලවා හෝ මා තර්ජනය කර නැති වුවත් එවැන්නක් වේ යැයි බියක් ඇති නිසා ඒ පැමිණිල්ල කළ බවයි. ඉන් පසුව පොලීසියෙන් අහල තියෙනවා ඔබට පොලිස් ආරක්ෂාව අවශ්‍ය ද කියල. ඇය එය එපා කියලා. දැනටත් ඇය ළඟ ඉන්නෙ මම වැටුප් ගෙවන රියදුරා. දැනටත් ඇයගෙ ගෙදර ඉන්නෙ මගේ සේවකයො. මම ඇය රකිනවා. ඇයට කිසිම හිරිහැරයක් කරන්නෙ නැහැ. ඉදිරියට එහෙම කරන්නෙත් නැහැ. හේතුව ඇය මගේ දරුවන් දෙදෙනාගෙ මව වීමයි.

 

 


ප‍්‍රශ්නය: ඔබ ඇමැතිවරයෙක් නිසා අනියමින් හෝ ඔබේ බලය පෙන්වන්න ඇති.
පිළිතුර:
ඇයගේ හෘද සාක්ෂිය එය දන්නවා ඇති. මම අබමල් රේණුවක බලපෑමක් කරල නැහැ. කරවලත් නැහැ.

 

 


ප‍්‍රශ්නය: පොලීසියට ඔබ උපදෙස් දෙන්න ඇති ඇයගෙන් මේවා මේවා අහන්න, මේ විදියට ප‍්‍රකාශ ලියා ගන්න කියල.
පිළිතුර:
පොලිස්පතිවරයා කොහොම ප‍්‍රශ්න කළත් මගේ බිරිය බොහොම දක්ෂ කෙනෙක්. පොලීසියට අවශ්‍ය පරිදි ඇයගෙන් උත්තර ගන්න බැහැ. ඇය කටඋත්තර දෙන්නෙ ඇයට අවශ්‍ය පරිදි. එවැනි බලපෑමක් උනා නම් මට මඩ ගහන පිරිස විසින්ම ඒක දැනටමත් මාධ්‍ය කීපයකට දීලා.

 

 


ප‍්‍රශ්නය: ඔබ දැන් තනිකඩයෙක් ද?
පිළිතුර:
තනිකඩයෙක් වෙමින් ඉන්නවා.

 

 


ප‍්‍රශ්නය: ඔබ නැවත විවාහ වෙනව ද?
පිළිතුර:
දැනට එවැනි අදහසක් නැහැ.

 

 


ප‍්‍රශ්නය: ඔබේ දරුවන් දෙන්නා කොහොම ද?
පිළිතුර:
මගේ දරුවන් දෙන්නා ඉතාම හොඳින් අධ්‍යාපනය ලබනවා. මේ සියලූ අභියෝග මේ සිදුවූ සියලූ දේවල් ගැන මගේ දරුවො දෙන්නා විමසිලිමත්ව ඉන්නවා. හොඳින් ඉගෙන ගන්නවා. මගේ පුතා එංගලන්තයේ සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරනවා. ඔහු මේ රටේ මාධ්‍යවල පළවන සියලූ දේ කියවනවා. බලනවා. ඒ සියලූ දේ කියවමින් මටත් අවවාද උපදෙස් ලබා දෙනවා. අධ්‍යාපන කටයුතු ඔහු හොඳින් කරගෙන යනවා. මේ සියලූ අභියෝග හමුවේ මගේ දියණිය 8 වැනි වසරේ ඉගෙන ගන්නවා. මේ වාර අවසාන විභාගයෙන් පන්තියෙ වැඩිම ලකුණු ලබාගෙන තියෙනවා. මගේ දරුවන් එදා සිටම මේ ප‍්‍රශ්න හඳුනාගෙන ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපනයට බාධා නොවන ලෙස කටයුතු කරගැනීම මා ලැබූ ලොකුම ජයග‍්‍රහණයයි. ඔවුන් දන්නවා ඔවුන්ගේ අප්පච්චි කවු ද කියලා.

 

 


ප‍්‍රශ්නය: ඔබ දරුවන්ට බලපෑම් කරනව ද?
පිළිතුර:
මමත් බිරියත් අතර මොන ප‍්‍රශ්න තිබුණත්, දරුවන්ගෙ ප‍්‍රශ්නවල දී අපි එකට ඉන්නවා. එකට තීන්දු තීරණ ගන්නවා. මමත් එහෙමයි. ඇයත් එහෙමයි.

 

 

 

 


ප‍්‍රශ්නය: ඔබ අනියම් විදියට මුදල් හරි හම්බ කර තිබෙන බව අනාවරණය වෙනවා. මේ තරම් වත්කමක් ඔබ උපයා ගත්තෙ කොහොම ද?
පිළිතුර:
මහින්දානන්ද අලූත්ගමගේ කියන්නෙ දුෂණයට එරෙහිව කතා කළ කෙනෙක්. මහින්දානන්ද හොරෙක් නොවෙයි කියල පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂය පවා කියල තියෙනවා. මහින්දානන්දට ගහන්නෙ ඇයි?

 

 


ප‍්‍රශ්නය: ඔබ අතිවිශාල වත්කමකට හිමිකරුවෙක්. බොහොමයක් දේශපාලනඥයො, ඇමැතිවරු උනාම කෝටිපතියො වෙනවා. ඔබත් එහෙම ද?
පිළිතුර:
ඔබ මගේ පවුල් පසුබිම දන්නෙ නැහැ. මගේ මව ගුරුවරියක්. මවගෙ පියා, ඒ කියන්නෙ මගේ සීයා කොත්මලේ රොජසන්ගම කේ.පී. මානිස් මුදලාලි. ඒ කාලෙ රොජසන්ගම සිටි ලොකුම ලක්ෂපතියා මගේ සීයා. 1965 දීත් මගේ මාමා ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙ. මගෙ අම්මට රොජසන්ගම, කොත්මලේ එන්සාල් වතු අක්කර සිය ගණනක් අයිතිව තිබුණා. මගේ අප්පච්චි දේශපාලනයට එන්න කලින් 1970 දී තේ කර්මාන්තශාලා දෙකක හිමිකරුවෙක්. ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. උලපනේ තේ කර්මාන්තශාලාව හා ගල්පහේ තේ කර්මාන්තශාලාව හිමිව තිබුණේ මගේ අප්පච්චිට. අපි පරම්පරාගත සල්ලිකාරයො. අපිට අධ්‍යාපනය ලබා දෙන්නත් කොළඹට එව්වා. මම රාජකීය විද්‍යාලයට එව්වා. අක්කල ස්ටැෆඞ් ලේඩිස්, මහාමායා විද්‍යාලවල ඉගෙන ගත්තා. අපිට ආර්ථික ප‍්‍රශ්න තිබුණේ නැහැ. මහින්දානන්ද ඇමැතිකමට ආවට පස්සෙ කෝටිපතියෙක් වුණා කීම මුළුමණින්ම වැරදි ප‍්‍රකාශයක්. මගේ පසුබිම ඒකයි.

 

 


ප‍්‍රශ්නය: ඇමැතිකමෙන් පස්සෙත් ඔබ වත්කම් ලබා ගත්ත.
පිළිතුර:
මම අප්පච්චිගෙ වතුපිටි බලා ගත්තා. ඉන් පසු ෆිනෑන්ස් සමාගමේ රැුකියාවට ගියා. වසර 10ක් රැුකියාව කළා. මම විධායක නිලධාරියෙක් වශයෙන් හිටියෙ. ඒ කාලෙ මගේම ව්‍යාපාර දෙකක් තිබුණා. එකක් කෑගල්ල ජයබිම ලෑන්ඞ් සේල්ස් හා මහනුවර ඒ ඇන්ඞ්ආර් ලෑන්ඞ් සේල්ස්. මේවා ලියාපදිංචි සමාගම්. 1993 දී දේශපාලනයට ඒමට පෙර මගේ මාපියන්ගෙන් ලැබුණ දේපළවලට අමතරව මේ ආයතන මට හිමිවී තිබුණා. දේශපාලනයට ආවම මන්ත‍්‍රී වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. කවුරු හරි පුළුවන් කියනවා නම් ඒක අමූලික බොරුවක්. පුළුවන් කියනවා නම් මොනවා හරි ¥ෂණ වංචා කරන්න  ඕනෑ. මම දේශපාලනයට ආවට පසුවත් ව්‍යාපාර ආරම්භ කළා.

 

 


ප‍්‍රශ්නය: මොනව ද ඒ?
පිළිතුර:
කටුනායක ගුවන් තොටුපොළේ ව්‍යාපාර දෙකක් මට තියෙනවා. පුවත්පත් දැන්වීම් දාල ඉල්ලූම් කරල මේ ව්‍යාපාර ආරම්භ කළා. 2004 සිට මේවා ආරම්භ කළා. මේවායින් මට ඉතාම හොඳ ආදායමක් ලැබෙනවා. මා බිරිය නමින් මේ ව්‍යාපාර ගෙන ගියා. එතුමිය ඒ.ඒ.ඩබ්ලිව්. පෙරේරා. මේ බලන්න මගේ ලිපිගොනු (ව්‍යාපාර තොරතුරු ලිපි ගොනුවක් හා ආදායම් බදු ලිපිගොනුව පෙන්වයි).

 

 


ප‍්‍රශ්නය: ඔබ දේශපාලනඥයෙක් නිසා ආදායම් බදු ගෙවීම්වලින් බොහොම නිදහස් වෙලා ඉන්නව ඇති.
පිළිතුර:
නෑ, මම හරියට වෙලාවට ආදායම් බදු ගෙවනවා. වසරකට ලක්ෂ 5ක් ගෙවනවා. මට වඩා කෝටිපතියොවත් මේ තරම් ගෙවන්නෙ නැහැ. මම ටීවී එකේ කෑගහන නිසා හරිම පරිස්සම්. කාටවත් වචනයක් කියන්න ඉඩ තියල නැහැ.

 

 


ප‍්‍රශ්නය: ඔබ පාර්ලිමේන්තුවට වත්කම් බැරකම් ප‍්‍රකාශයක් දීල තියෙනව ද?
පිළිතුර:
ඔව්. දීල තියෙනවා. මා සතු සියලූ දේපළ සඳහන් කර තිබෙනවා. මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ නිවස, නාවල වෙත්තසිංහ මාවතේ නිවස ඇතුළු සියලූ දේ සඳහන් කර තිබෙනවා.

 

 


ප‍්‍රශ්නය: මේවා ඔබ ඇමැති වූවාට පසු ලබාගත් දේවල්. එහෙම කීවොත් හරිද?
පිළිතුර:
මම මගේ ව්‍යාපාරවලින් හම්බ කරගත්ත ඒවා. මට වාහන බලපත‍්‍ර 6ක් ලැබිල තිබෙනවා. මම ඒවා ලක්ෂ 600කට විකුණලා තිබෙනවා. මිලියන 60ක් මට ව්‍යාපාරවලින් ලක්ෂ 200ක විතර වර්ෂයකට ආදායම් තියෙනවා. ඒ ආදායම්වලට බදු ගෙවල තියෙනවා. බිලියන ගාණක දේපළ මට නැහැ. මගේ වත්කම්වල වටිනාකම මිලියන 80යි. ගෙවල් දෙකක් හදල තියෙනවා. නුවර ගෙදර හැදුවෙ දේශපාලනයට එන්නත් කලින්. දේශපාලනයෙන් පසු මම හදපු එකම ගේ කොළඹ ගෙදර. කොළඹ මට තව ඉඩමක් තියෙනවා. මේකට තමයි මේ මඩ ගහන්නෙ. අවුරුදු 20ක් ඉඳල මිනිහෙකුට ගෙයක් හදන්න බැරි ද? ඒ නිවස හැදුවෙත් හැටන් නැෂනල් බැංකුවෙන් ලක්ෂ 75ක ණයකුත් අරගෙන. පාර්ලිමේන්තු බැංකුවෙන් ලක්ෂ 100ක ණයක් ගත්තා.

 

 


ප‍්‍රශ්නය: ඔබට ඔය තරම් දේපොළ තියෙනවා නම් බැංකු ණය ගත්තෙ මොකට ද?
පිළිතුර:
මේ සිද්ධියත් එක්ක මට කිසිම දෙයක් තිබුණේ නැහැ. මගේ බිරිය නමින් වත්කම් තිබුණේ. මම එළියට යන කොට කිසි දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් අරගෙන මේ ගේ ගත්තෙ. මට ඉන්න තැනක් තිබුණේ නැහැ. මේවා මේ මට මඩ ගහන්න අල්ලස් හෝ ¥ෂණ කොමිසමට පැමිණිලි කරල තියෙනවා. නිර්නාමික ලිපියක්. ලිපිය යවපු අයම මාධ්‍යයට කියල තියෙනවා ඒ නිර්ණාමික ලිපියට මහින්දානන්ද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට කැඳෙව්වා. මේ රජය කොයි තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ද, රාජ්‍ය නායකයා හා පක්ෂය රකින මිනිස්සු මහින්දානන්ද වගේ මිනිස්සුන් අල්ලස් හෝ දුෂණ කොමිසමට ගේනවා කියන්නේ මේ රජය කොයි තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ද?

 

 


ප‍්‍රශ්නය: ඔබ පුන පුනා කියන්නෙ ඔබ නිවැරැුදියි කියල ද?
පිළිතුර:
ඔව්. මේ තියෙන්නෙ, මම මේකෙ හොරු දුෂිතයො ශුද්ධ කරන්න ගිහිල්ලා ඒ සඳහා ක‍්‍රියා කළ එකේ ප‍්‍රතිඵල. මට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මගේ දෑත් පිරිසිදුයි. ඔය කියන බිලියන ගණන් මගේ වත්කම් නැහැ. මගේ අයියා ජපානයේ ප‍්‍රබල ව්‍යාපාරිකයෙක්. ඔහු වසර 30ක් ජපානයෙ. කෝටිපතියෙක්. රෙස්ටුරන්ට්, මැණික් කෞතුකාගාරයක් ඔහුට තියෙනවා. ලංකාවට 400 වරක් ඇවිත් තියෙනවා. නවතින්නෙ හිල්ටන් එකේ. ගලදාරි එකේ. මගේ දේශපාලන කටයුතුවල දී සියයට 90ක් වියදම් කරන්නෙ මගේ අයියා. අපි අයථා දේවලින් සල්ලි එකතු කරල නැහැ. ප‍්‍රාදේශීය සභාවක දේශපාලනඥයකුට වගේ චෝදනා කරන එක වැරැදියි. අසාධාරණ විදියට මුදල් එකතු කරලත් නැහැ. හම්බ කරලත් නැහැ.

 

 


ප‍්‍රශ්නය: ඔබ ක‍්‍රීඩා ඇමැති වුනාට පස්සෙ බොහොම බලවත් අය හතුරො කරගත්තා.
පිළිතුර:
මේ ක‍්‍රීඩා අමාත්‍යාංශය හොර ගුහාවක් වී තිබුණා. කෝටි ගණන් හොරකම් කරපු හොර ගුහාවක්. මම ආපු ගමන් මේ හොරු ටික සුද්ධ කළා. දුෂණය, හොරු අයින් කළා. පාපන්දු සම්මේලනයෙ අවුරුදු 10ක් ඇති දුෂිත ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයෙක් ඉවත් කළා. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපති තනතුරට ඉල්ලූ පුද්ගලයෙක් ඉවත් කළා.

 

 


ප‍්‍රශ්නය: ඔබ පෞද්ගලික අමනාපයකට පලි ගැනීමක් කළා ද?
පිළිතුර:
කොහෙත්ම නැහැ. පනත බලන්න. හොඳට කියවල බලන්න. මම කටයුතු කරන්නෙ පනතට අනුව. ක‍්‍රීඩා පනත අභිබවල මට ක‍්‍රියා කරන්න බැහැ. එසේ කිරීමට මට බලයක් නැහැ. ඔලිම්පික් කමිටුවේ විගණනයක් කරන්න ගිහිල්ල යම් පුද්ගලයෙක් මා සමග ගැටුමක් ඇති වෙලා තියෙනවා. අද මේ තුන් දෙනා අපේ දිස්ත‍්‍රික්කයෙ දේශපාලනඥයෙක් සමග සම්බන්ධ වී බරපතළ ලෙස මට මඩ ගහනවා. මහින්දානන්ද අලූත්ගමගේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලනඥයන් අභිබවා අංක එකට ඇවිත් සිටිනවා. තවත් දෙයක්, ඇමැති මහින්දානන්ද අලූත්ගමගේට මිනිස්සු ඡුන්දය දීපු කරුණු හතරක් තිබුණා. එක වැඩ කරන ඇමැතිවරයෙක්. දෙක  ඕනෑම වෙලාවක හම්බ වෙන්න පුළුවන් ඇමැතිවරයෙක්. තුන ජනාධිපතිතුමාගෙ ආශිර්වාදය තියෙන ඇමැතිවරයෙක්. හතර අවංක මිනිහෙක්. මේ කරුණු හතර නිසා මහින්දානන්ද අංක එකට ගෙනාවා. දැන් ඡන්දය ඉල්ලල මහනුවරින් එකට එන්න බැරි නිසා අලූත්ගමගේ හොරෙක්, ජනාධිපතිගෙ ආශිර්වාදය නැහැ කියල මහනුවර දිස්ත‍්‍රික්කයෙ මතයක් ගොඩ නැගීමට මේ පිටුපස සිටින පිරිස ක‍්‍රියා කරනවා. මහනුවර දිස්ත‍්‍රික්කයෙ මිනිස්සු මහින්දානන්දව දන්නවා. මගේ මිනිස්සු නාවලපිටියෙ. මහින්දානන්ද හොරෙක් ද කියල නාවලපිටියෙ මිනිස්සුන්ගෙන් අහන්න.

 

 


ප‍්‍රශ්නය: නාවලපිටියෙ මිනිස්සුන්ට ඔබ උදව් කරල ඇති.
පිළිතුර:
දශක දෙකක දේශපාලන කාලය තුළ මම රජයේ රැුකියා 3000ක් දීලා තියෙනවා. එක රැුකියාවක් දෙන්න කාගෙන් හරි සල්ලි අරගෙන තියෙනව ද කියල අහන්න. එක ශතයක් මම අරගෙන නැහැ. නගරයෙ කඩ 150ක් මගේ හිතවතුන්ට හදා දීල තියෙනවා. මහින්දානන්ද එක කඩයක් අරගෙන නැහැ. වාණිජ වටිනාකම ඇති ඉඩම් කෑලි 3000ක් බෙදල දීලා තියෙනවා. එක ඉඩමක් මහින්දානන්ද ගත්තෙ නැහැ.

 

 


ප‍්‍රශ්නය: මහින්දානන්ද  ඕව නොගත්තට ඔබේ නමින් ඥාතීන්ට දීල ඇති.
පිළිතුර:
නැහැ. මම අරගෙන නැහැ. මගේ සහෝදරයො අරගෙන නැහැ. නාවලපිටියෙ ජනතාවගෙන් සියයට 20ක් 30ක් මගේ ඥාතීන් ඉන්නෙ. නාවලපිටිය මගේ ගම. මේ මඩ ප‍්‍රහාර මහින්දානන්ද වට්ටන්න කරන ඒවා බව මහනුවර දිස්ත‍්‍රික්කයෙ ජනතාව දන්නවා. මඩ ගහන්න ගහන්න මාව වට්ටන්න බැහැ. මගේ ජනතාව මට ඉන්න ලොකුම හයිය. ලොකුම ශක්තිය. මට මඩ ගහන්න ගහන්න මහනුවර ජනතාව මා වටේම රොක් වෙනවා.

 

 

 

 


ප‍්‍රශ්නය: ඔබ පාර්ලිමේන්තුව හොල්ලගෙන හිටපු කෙනෙක්. විපක්ෂයට කට අරින්න දුන්නෙ නැහැ. බොහොම තදින් කෑගැහුවා. දැන් බොහොම නිහඬයි. මොක ද ඒ?
පිළිතුර:
නෑ. මම නිහඬ නැහැ. මම හැමදාම අවශ්‍ය වෙලාවට කෑගැහුවා. මේක සංක‍්‍රාන්ති සමයක්. රජයට ප‍්‍රශ්න නැහැ. දැන් රජය ශක්තිමත්. රජය වෙනුවෙන් කඬේ යන්න අවශ්‍ය නැහැ. නැවත මැතිවරණය ආවම බලන්න. මම වැඩට බහිනවා. සරත් ෆොන්සේකා හොරෙක් කියල 2010 ජනාධිපතිවරණයෙ පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාවෙදි අනාවරණය කළේ මම. එක ඇමැති කෙනෙක් කට ඇරියෙ නැහැ. බය වුණා. මේ දවස්වල රූපවාහිනී සංවාදවලට යන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙලාවට යනවා.

 

 


ප‍්‍රශ්නය: ඔබ පෙන්නුම් කරන්නෙ පසුබෑමක් ද?
පිළිතුර:
දශමයකින්වත් නැහැ.

 

 


ප‍්‍රශ්නය: ඉදිරියට ඔබට සාර්ථකව දේශපාලනය කරන්න පුළුවන් ද?
පිළිතුර:
කිිසිම ගැටලූවක් නැහැ. මගේ ජීවිතයෙ මම හැමදාම නැගිටපු මිනිහෙක්. මගේ ජීවිතයෙ වැටෙන්න අවස්ථා තිබුණේ නැහැ. මේකත් එහෙමයි. කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මාව වට්ටන්න බැහැ.

 

 


ප‍්‍රශ්නය: ඔබ ඔලිම්පික් කමිටුවෙ සභාපති එක්කත් ප‍්‍රශ්නයක් ඇති කර ගත්තා.
පිළිතුර:
මම එතුමා එක්ක ප‍්‍රශ්නයක් ඇති කරගත්තෙ නැහැ. ඔහු රටේ කරන්න පුළුවන් දේ ජාත්‍යන්තරයට කිව්වා. 1973 පනතට එරෙහිව ඔහු ජාත්‍යන්තරයට ලිව්වා. එතුමා මේ රටේ අවුරුදු 16ක් සභාපතිකම කරන කම් ඒ පනත හොඳ වුණා. ප‍්‍රශ්නය ඒක නොවෙයි, අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කරමින් ඔලිම්පික් කමිටුව විගණනයට ලක් කරන්න ඉල්ලූවා. මගේ ලේකම් ඒ ගැන සොයන්න කමිටුවක් පත් කළා. ප‍්‍රශ්නය තියෙන්නේ මේ විගණනය ගැනයි.

 

 


ප‍්‍රශ්නය: ඔලිම්පික් මුදල් විගණනය කරන්න බැහැ නේද? ඔබ කොහොම ද ඒ විගණන කරන්නෙ?
පිළිතුර:
ජාත්‍යන්තර කමිටුව මට එවල තියෙන්නෙ විගණන අයින් කරන්න කියල. ඔලිම්පික් මුදල් විගණනය කරන්න බැහැ කියල එහෙන් කියල තියෙනවා.

 

 


ප‍්‍රශ්නය: දැන් ඒ විගණනය නතර කළා ද?
පිළිතුර:
දැනට කමිටුවක් මගින් පනත සංශෝධනය කරනවා. දැන් පනත අනුව විගණනය කරන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියන්නෙ විගණනය කරන්න බැහැ කියලයි. ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය කරුණු දෙකක් ගැන ලියල තියෙනවා. එකක් විගණනය කරන්න බැහැ. අනික අධ්‍යක්ෂ ජනරාල් නීත්‍යනුකූල නියෝජිතයෙක් ලෙස පත් කරන්න බැහැ.

 

 


ප‍්‍රශ්නය: ඔබ ඒ කරුණු දෙකට මුහුණ දුන්නෙ කොහොම ද?
පිළිතුර:
මම ඒ කරුණු දෙකට එකඟ වුණා. නමුත් රජයේ මුදල් විගණනය කරනවා. ඔවුන්ගෙ සල්ලි ගැන අපි බලන්නෙ නැහැ.

 

 


ප‍්‍රශ්නය: ඔබ ක‍්‍රීඩා ඇමැතිවරයා වශයෙන් පත් වුනාට පසු කටයුතු කළේ බොහොම උද්දච්ච ස්වරූපයෙන් කියල කිව්වොත්?
පිළිතුර:
මම මේ කාලය තුළ ක‍්‍රීඩා සේවයට කිසිම ඇමැතිවරයකු නොකරපු දේවල් කරල තියෙනවා. මට පදක්කම් ගන්න බැරි වුණා. ක‍්‍රීඩාවට ජාතික ප‍්‍රතිපත්තියක් හැදුවා. යටිතල පහසුකම් හැදුවා. තහනම් උත්තේජන පනත ගෙනාවා. ක‍්‍රීඩා සංස්කෘතියක් හදනවා. ක‍්‍රීඩා පර්යේෂණ හා තාක්ෂණ මධ්‍යස්ථානය හදනවා. ක‍්‍රීඩා ආර්ථිකය හදනවා. මේ පදක්කමට තිබුණු අමාත්‍යාංශය, ජාතික මට්ටමේ අමාත්‍යාංශයක තත්ත්වයට ගේනවා. මම උද්දච්ච මිනිහෙක් නොවෙයි. මම බොහොම සෞම්‍ය මිනිහෙක්.

 

 


ප‍්‍රශ්නය: පසුගිය සති කීපය ඔබට බොහොම අර්බුදකාරී වුණා. ජනාධිපතිවරයා දැක්වූ ප‍්‍රතිචාරය මොකක් ද?
පිළිතුර:
එතුමා මේ සිද්ධිය දැනගත් හැටියෙ මට දුරකථනයෙන් කතා කළා. එතුමා බලවත් සේ කනගාටු වුණා. රජයේම මන්ත‍්‍රීවරු කරන මේ මඩ ගැසීම එතුමා දන්නවා. මට කිව්වේ එතුමා ආදර්ශයට ගන්න කියලයි. දේශපාලනයෙ හැටි ඔහොම තමයි. අවංකව වැඩ කරන නිසා එතුමා මා සමග ඉන්නා බවට සහතිකයක් දුන්නා. මට ඒ ඇති.

 

 


ප‍්‍රශ්නය: අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමෙන් ඔබව කැඳවීමක් කළා ද?
පිළිතුර:
ඔව්. පැය 9ක් ප‍්‍රශ්න කළා.

 

 


ප‍්‍රශ්නය: ඔබට චෝදනා ඉදිරිපත් කළා ද?
පිළිතුර:
මා වැරදිකාරයෙක් වෙලා නැහැ. මා ගැන නිර්නාමික ලිපියක් ගිහිල්ල තියෙනවා. මගේ වත්කම් ගැන එහි සඳහන් කර තිබෙනවා. ඒ ගැන ප‍්‍රශ්න කළා. මගේ වත්කම් පෙන්නුවා. ඔවුන් ඒ ගැන සොයා බලාවි. මම වැරැදි නම් නඩු දාවි. නිවැරැදි නම් නිදහස් කරාවි.

 

 


ප‍්‍රශ්නය: ඔබ රජයේ කටකාර ප‍්‍රබල ඇමැතිවරයෙක්. දැන් කොහොම ද මුහුණ දෙන්නෙ?
පිළිතුර:
එදා වගේමයි. මම වරදක් කරල නැහැ.

 

 


ප‍්‍රශ්නය: විපක්ෂය ඔබට චෝදනා කළොත්?
පිළිතුර:
මට චෝදනා කරන්න හේතුවක් නැහැ. මම විමර්ශනයට ලක්වූ පුද්ගලයෙක් පමණයි. මගේ වත්කම් ගැන සොයා බලනවා. කොමිසම මාව නිවැරැුදි පුද්ගලයෙක් කරන්න  ඕනෑ.

 

 

 

 



අදහස් (0)

බිරිඳට තර්ජනය කරන ඇමැතිවරයා ඔබද?

පද්මා Wednesday, 18 December 2013 10:13 AM

බලන්න මෙතනත් කඩේ යන අය කීදෙනෙක් ඉන්නවද කියලා.(නදී)

:       0       0

වජිර Tuesday, 17 December 2013 04:08 PM

මෙතුමා ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. පෞද්ගලික ප්‍රශ්න ඇති. ඒත් අවංක හදවතක්. මහනුවර සාමාන්‍ය ජනතාව මෙතුමා සමග බව කාටත් හැඟෙන දෙයක්.(නදී)

:       0       0

ජීවන් Tuesday, 17 December 2013 12:36 AM

ඕනෑම දෙසපාලකයෙක් කියන්නේ ඒ ගොල්ලෝ හරි නිවැරදි අහිංසකයෝ කියල.එතකොට කවුද වැරදි.... අපිද... (අ)

:       0       0

රෝස් Sunday, 15 December 2013 09:05 PM

හරිම හොඳ මනුස්සයෙක්. ගමේ මිනිස්සු හරිම ආදරේයි. කොච්චර කතා හැදුවත් ජනතාවගේ මිනිහෙක්. හරිම නිහතමානියි.ඒ නිසයි නුවරින් චන්ද වැඩිම ගානකින් දිනුවේ.(නදී)

:       0       0

ධම්ම Sunday, 15 December 2013 01:59 PM

මුදල් මිනිසා නොමිනිසා කරයි ! (දිල්)

:       0       0

රෝස් Thursday, 19 December 2013 04:45 AM

පත්මා, මිනිසෙකුගේ හොඳක් කීම කඩේ යාමක් නොවේ. හැම දෙනා දිහාම දෙපැත්තකින් බලන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

මාරියා Sunday, 15 December 2013 02:10 PM

ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ (දිල්)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Sunday, 15 December 2013 02:51 PM

අවන්කවම රටට ආදරය කරන , ජනතාවට සේවයක් කරන ඇමතිවරයෙක් ! කණගාටුයි මේ චෝදනා ගැන.(දිල්)

:       0       0

සෙනරත් Sunday, 15 December 2013 02:56 PM

ඇමතිතුමාට කවුරු හරි කැපිලි දානවා වෙන්න බැරිද,? (දිල්)

:       0       0

අජිත් Tuesday, 17 December 2013 07:29 PM

මේ මනුස්සය හොද එඩිතර පුද්ගලයෙක්. ඔබට ජය! (අ)

:       0       0

නීලා Monday, 16 December 2013 01:50 AM

ඔබ‍ ඔය තරම් මිල මුදල් තිබුන අග හිගකම් නැති ව්‍යාපාරිකයෙක් නම් මඩ ගාගෙන, ගුටි ගහගෙන ඡන්ද කරන්නේ රටට ඇති ආදරය නිසාද? (නදී)

:       0       0

ප්‍රභා Monday, 16 December 2013 01:55 AM

දැන් ඉතින් මොනවා ඇහුවත් උත්තර තියෙනවා(දිල්)

:       0       0

ජනක Thursday, 19 December 2013 12:04 PM

හොඳ දේශපාලකයෝ ඉන්නවද රෝස් ලංකාවේ. ලංකාවේ හොඳ දේශපාලකයෝ ඉන්නවා නම් අපි මොකටෙයි රට ඉන්නේ. කඩේ යනවා නෙවෙයි දුවනවා කියන්නේ ඕකට.(නදී)

:       0       0

නන්දන Thursday, 19 December 2013 12:08 PM

රස්සාවක්, සමෘද්ධියක්, පට්ටමක්, කොන්ත්‍රාත්තුවක්, ළමයින්ට ඉස්කෝලයක්,ගහක් කපාගන්ට ලියුමක්, වාහන බල පත්‍රයක්, බර ලයිසමක් එහෙම දුන්නම රෝස් ලට දේශපාලකයෝ පෙනෙන්නේ සක්කර දෙවියෝ වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5183 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 721 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1294 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 203 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1081 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site