ස්වාසිලන්ත රාජධානිය පිහිටා තිබෙන්නේ දකුණු අප‍්‍රිකාව සහ මොසැම්බික් රාජ්‍යය අතරය. එම කලාපයේ පිහිටා ඇති අවසාන සහ එකම අධිරාජ්‍යය ස්වාසිලන්තයය. පසුගියදා පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි 3 වෙනි මිස්වානි රජු එරට වත්මන් පාලකයාය. ඔහු උපත ලද්දේ 1968 අපේ‍්‍රල් 19 දාය. මිස්වානේ උපත් නාමය මැක්හොසෙටිවේය. එහි තේරුම ජාතියේ රජු යන්නය. ඒ වන විට ස්වාසිලන්තය බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව තිබිණි. එය නිදහස ලැබුවේ ඔහුගේ උපතින් සිව් මසකට පසුවය. මිස්වානි ගේ පියා දෙවැනි සොබුසා රජුය. ඔහුට බිරියන් 70 දෙනෙකු සහ දරුවන් 210 ක් සිටි අතර 1982 දී ඔහු මිය යද්දී මුනුබුරු මිනිබිරියන් 1000 කට අධික සංඛ්‍යාවක් සිටියේය. රජු මියගියාට පසුව එවකට 14 හැවිරිදිව සිටි මැක්හොසෙටිවේ කුමරු ඊළඟ රජු ලෙස මහා රාජ සභාව විසින් නම් කරනු ලැබිණි. ඔහු එංගලන්තයට ගොස් අධ්‍යාපන කටයුතු හමාර කොට එනතුරු රජයේ වැඩ බැලීම කරනු ලැබුවේ දෙවැනි සොබුසා රජුගේ බිසවුන් දෙදෙනෙකු විසිනි. ඞ්සෙලිවේ ෂොංග්වේ 1982-1983 දක්වාත්, කුමරු ගේ මව න්ටොම්බි ට්ප්වාලා 1983-1986 දක්වාද රාජ්‍ය පාලනය ගෙන ගියාය. න්ටොම්බි බිසවට සිටි එකම දරුවා ඔටුන්න හිමි කුමාරයාය. 1986 අපේ‍්‍රල් 25 දා 3 වැනි මිස්වානි නමින් ඔහු කිරුළු පැළැන්දේය. එවකට ඔහුගේ වයස අවුරුදු 18 දින 6 කි. දැනට පවතින රාජධානිවල කිරුළු පලන් ලාබාලම තැනැත්තා ලෙස ඔහු ඉතිහාසයට එක් වූයේය. එය වෙනස් වූයේ 2006 දෙසැම්බර් මාසයේදී භූතානයේ 14 හැවිරිදි කුමරෙකු රජ බවට පත් වූවාට පසුවය. අගමැති සහ අනෙක් ප‍්‍රධාන තනතුරුද ප‍්‍රධාන සාම්ප‍්‍රදායික තනතුරු ද තේරීමේ බලතල ඇත්තේ රජුටය. එහෙත් මව් රැජිනගේ සහ රාජ්‍ය සභාවේ උපදෙස් අනුව ක‍්‍රියා කරන්නට ඔහුට සිදු වෙයි. ඒ මව් රැජිනත් ඔහුත් හවුලේ රට පාලනය කළ නිසාය. ඔහුගේ පියා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබ තිබුණේ රජුගේ බලතල රැක ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් මිස්වානි පාර්ලිමේන්තුව නැවත පිහිටෙව්වේය. 2004 දී ඔහු ජනතාවගේ කතා කිරීමේ හා රැස්වීමේ නිදහස රැකෙන පරිදි ව්‍යවස්ථාවද වෙනස් කළේය. ස්වාසිලන්තයේ 40% ක්ම එච්.අයි.වී. ආසාදිතයන්ය. ඒඞ්ස් වසංගතය රටේ පැතිර යාම වැළැක්වීම පිණිස රජු ඔහුගේ සාම්ප‍්‍රදායික බලය පාවිච්චිකොට බ‍්‍රහ්මචාරී චාරිත‍්‍රය ස්ථාපිත කළේය. මේ චාරිත‍්‍රය අනුව කාන්තාවන් අවුරුදු 5 ක් කායික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය. අවුරුදු 18 ට අඩු කාන්තාවන් 2001 සැප්තැම්බර් 9 දා සිට 2005 අගෝස්තු 19 දක්වා මෙම චාරිත‍්‍රය පිළිපැදිය යුතු බවට නීති පැනවූ රජු ඉන් මාස දෙකක් ගත වෙද්දී එය බිඳ හැරියේය. ඒ සිය 13 වැනි බිරිඳ ලෙස 17 හැවිරිදි යුවතියක සරණ පාවා ගැනීමෙනි. රට දිළිඳුකමේ අගාධයට ඇද වැටෙද්දී බහු භාර්යා සේවනය සහ අධි සුඛෝපභෝගී ජීවන රටාව නිසා රටවැසියන්ගේ විවේචනයට බඳුන් වී සිටින මිස්වානි රජුට දැනට බිරියන් 13 දෙනෙක් සහ දරුවෝ 27 දෙනෙක් වෙති. තවත් බිරියන් කිහිපදෙනෙකු ලබාගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි. සම්ප‍්‍රදායට අනුව ස්වාසි රජෙකුට පළමු බිරියන් දෙදෙනා තෝරා දෙනු ලබන්නේ ජාතික උපදේශකයන් විසිනි. ඔහුට ඔහුගේ පෙම්වතිය විවාහ කරගත හැක්කේ ඒ බිරියන් දෙදෙනා ගැබිණි බවට පත්වූවාට පසුවය. එතෙක් ඔවුහු මනාලියන් ලෙසින්ම හැඳින්වෙති. මිස්වාති රජු සිය 13 වෙනි බිරිඳ තෝරා ගැනීම සඳහා තෝරා ගත්තේ ”බට නැටුම” යනුවෙන් හැඳින්වෙන සම්ප‍්‍රදායික උත්සව අවස්ථාවය. මෙයට කන්‍යාවන් 50,000 ක් සහභාගි වූහ. සාම්ප‍්‍රදායික උත්සවවලට ඔවුන් සහභාගි වන්නේ උඩුකය නිරුවත්ව ඇට වර්ගවලින් සාදන ලද කෙටි සායවලින් යටි කය වසාගෙනය. ඔහුගේ 12 වැනි බිරිඳ 23 හැවිරිදි ඩියුබ්ට ඔහු විසින් දඬුවම් පමුණුවන ලද්දේ ඇය ඔහුගේ මිතුරෙකුද වන නීතිය පිළිබඳ ඇමතිවරයා සමග සම්බන්ධයක් පැවැත්වූ බව කියමිනි. ඇයට සැමියා දකින්නටවත්, මාලිගාවෙන් පිටතට යන්නටවත් ඉඩ නොදී නිවාස අඩස්සියේ තබනු ලැබිණි. ඇමතිවරයා තනතුරින් පහකොට පිටුවහල් කෙරිණි. අවුරුද්දක් පමණ කාලයක් සිරවී සිටි ඇය අවසානයේදී ආරක්ෂක නිලධාරියාගේ ඇස්වලට ගම්මිරිස් කුඩු ගසා පලා ගියාය. ඉන් පසුව තමාට විඳින්නට සිදුවූ දුක් ගැහැට ලෝකයටම හෙළිදරව් කළාය. ඔහුගේ හය වෙනි බිරිඳද ඔහු හැර දමා ගියේ කායික හා මානසික වද හිංසා පිළිබඳව පැමිණිලි කරමිනි. සිය දෙමව්පියන් බලන්නට යන මුවාවෙන් මාලිගාවෙන් පිට වී ගිය ඇය ඉනික්බිතිව ආගිය තැනක් නැතිව අතුරුදන් වූවාය. ඇය අප‍්‍රිකානු රටකට පලා යන්නට ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් ඔහුගේ අන්තඃපුරයට එක්වීමට කැමති කාන්තාවන් ගේ අඩුවක් ඇත්තේද නැත.
චන්දි කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාසිලන්තයට වීසා ගන්නේ කොහොමද කියන්නකෝ.. (ස)
අපිටත් බැරිද මොනවා හරි කරන්න..!!(නු)
මං හිතන්නේ හදිස්සියෙම ගෙන්නුවෙ ලංකාවෙ අයටත් විස්තර දැනගන්න වෙන්න ඇති..!!(නු)
අන්තඃපුරය පටලවා ගන්න එපා! රජතුමන් ලාගේ අන්ත:පුරවලට ගත් හැම කාන්තාවක්ම බිරිද කර ගත්තේද නැත ඇතැමි අවස්ථාවලදී කාන්තාවන් ව සුදුසු ස්වාමි පුරුෂයන් ට විවාහ කරදුන් බව ද ඉතිහාස කථාවල සදහන් ය. නමුත් මෙම කාරණය ට ඇතැම් අය උපහාසයෙන් සිනා සීමට ද පුලුවන. නමුත් කරුණු කාරණා එලෙසයි.(ස)
සුනිල් සමග මාත් එකඟයි..(ස)
මටත් එහේ ඉන්නයි තිබුණේ..(ස)
අනේ අපේ පවුලටම යන්න පුලුවන්නම්.... (නි)
ඇයි මෙතුමා මෙහේ ආවේ? අපේ රටේ කොල්ලන්ටත් ඒවා උගන්වන්නද? (නි)
ලංකාවේ හිටපු රජවරුත් ඔය වගේනේ .. (ස)
අපෝ අපේ රජවරු එක්ක හැරෙන්නවත් බෑ මෙයාට... (ස)
මටත් යන්න හිතෙනවා. (නි)
සීමාවක් නැද්ද එතකොට? (නි)
ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම ඉවර වෙයිද? (නි)
මෙහෙම රජවරු ලෝකෙටම වාසනාවන්! (නි)
අපේ අයටත් ඔහොම අවස්ථාවක් දුන්නොත් 200 ක් උනත් තියාගනීවි...මොනවයින් කියලා අඩු පාඩුවක්ද ?(ස)
බලනකොට, ස්වාසිලන්තෙත් විසිලන්තේ වගේමනේ (අ)
අපේ රටෙත් සමහරු ඔහොම කරනවා..හැබැයි හොරෙන්...(ස)
අනේ මෙහෙම තන්හාවක්... අනේ මෙහෙම ආසාවක් ....මිනිසුනි ලැබේද මින් සැනසීමක්...(ස)
අපේ ප්‍රාදේශීය සභා කට්ටිය ටික කාලෙකට යවලා ගෙන්න ගමු (නි)
අපෙත් ඉන්නවා එක්කෙනෙක් කැළණිය පැත්තේ. එයාවත් යවමු (නි)
ඒඩ්ස් තිබුණත් කමක් නැහැ. රට නම් නියමයි. (නි)
මොන පිස්සු රටක්ද මේ? (නි)
අපේ මැති ඇමතිවරුන්වත් යැවුවා නම් තමයි හොද. (නි)
මාර රජ කෙනෙක් නේ
පුදුමයි ඒත් ඇත්තයි
ලංකාවෙන්ද දන්නේ නැහැ කොපි කළේ? (නි)
ලංකාවට මේවා ගැළපෙන්නේ නැහැ. (නි)
ඔහොම තමයි රජවරුන්ගේ හැටි. (නි)
නියමයි.(ස)
ලංකාවෙනුත් විස්සක් විතර යවමුද? (නි)
නියම රජෙක්නේ. (නි)
කියලා වැඩක් නැහැ. (නි)
අතීතයේ අපෙත් රජවරු ඔහොම ඉන්න ඇති
මේ නැටුමට කසාද බැදපු නැති, කසාද බැදලා ළමයින් නැති ඕනෑම කෙනෙකුට නටන්න පුලුවන්. (නි)
අපේ රට අය හැංගිලා කරන දේවල් ඒ රජතුමා ප්‍රසිද්ධියේ කරනවා. එච්චරයි වෙනස. (නි)
තංගල්ලේ මන්ත්‍රිලා ටිකත් යවමුද? (නි)
මාර මනුස්සයෙක්නේ මෙයා..(ස)
මට ඉන්නවා බිරියන් 12ක්. මමත් මේ රජතුමා වගෙයි නේද? (නි)
අපේ රටේ කී දෙනෙක් ස්වාසිලන්තේ නැටුමට යයිද දන්නේ නැහැ. (නි)
රජ සැප නේ.....(ස)
මෙහේ ආවේ අපේ අයවත් අරන් යන්නද දන්නෙ නැහැ නේද? (නි)
මහා ලොකු ශිශ්ටාචාරයක් තිබ්බයි කියල පම්පොරිගහන ලංකාවෙ රජවරුනුත් තඩි අන්තප්පුර තියා ගත්ත එකෙ මෙක මොකක්ද?ලංකාවෙ ඉතිහාසයෙ කෑතම සිද්දිය තමයි ඔය අන්තප්පුර තබා ගෑනිම.(ස)
ස්වාසිලන්ත රජතුමා එක්ක අපේ ඇමති මණ්ඩලය ස්වාසිලන්තයට යවන්න පුළුවන් නම් අපේ රටටත් හොඳයි. ඇමති මණ්ඩලයටත් වරදක් වෙන එකක් නැහැ .එයාලට නම් නියමෙටම ගැළපෙන රජතුමා. (නි)
ඔහොම කෙනෙක් මෙහෙට අරගෙන ආපු එක හොදයි (නි)
ස්වාසිලන්තේ මොකෝ? පිලිපීනයේ මොකෝ? මෙහෙට ආවත් මොකෝ? මේ ඔක්කොම එකයිනේ. (නි)
ජයකොඩි, ශිෂ්ටාචාරය සමග අන්තඃපුරය පටලවා ගන්න එපා. පුලුවන් නම් තවත් පාරක් හරි උත්සාහ කරලා හරියට ඉගෙන ගන්න බලන්න. (නි)
අපෝ! හරිම මෝඩ රජතුමෙක්නේ. (නි)
හරිම වාසනාවන්ත රජතුමෙක්. අපිට නැහැනේ එහෙම පිනක්. (නි)
හ හා හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා.... (නි)
මටත් මෙයා වගේ වෙන්න තිබුණා නම්... (නි)
අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින්... (නි)
අපේ කට්ටියත් එක්ක බලද්දි ඕකත් ගාණක්ද? (නි)
අකුරැස්සේ එක්කෙනාත් යවමු..(ස)
ජයකොඩි, ශිෂ්ඨාචාරයට එය ඇතුලත්වෙලා නැද්ද? (නු)
මම නම් මේවා අනුමත නොකරමි (නි)