IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බලන කපොල්ලේ වගතුග

 

 

බලන දුර්ගය ඉතාමත් අලංකාර පරිසරයකින් යුත් තැනකි. එසේම දුම්රිය මාර්ගය උඩරටට ගමන් කරන විට හමුවන ඉතාමත් දර්ශනීය තැන ලෙසින්ද හැඳින්වීමට හැකිය. කොළඹ-මහනුවර මහාමාර්ගයේ කඩුගන්නාව කපොල්ලමෙන් දුම්රිය මාර්ගයේ බලන කපොල්ල නිර්මාණය කිරීමේදී එවක සිටි ඉන්ජිනේරු ශිල්පීන් අති විශාල පරිශ‍්‍රමයක් දැරූ අතර අපේ පුරාවෘත්තවලට ගොනුකරගත හැකි සාක්‍ෂි සහිත තැන් ඔවුන් අතින් විනාශයට පත්වුන බවද කිවයුතුය.

අද ”බලන” නමින් හැදින්වෙන මෙම ප‍්‍රදේශයේ ඉතිහාසමය වැදගත්කමක් සැඟවී ඇති බව අප කව්රුත් දන්නා කරුණකි. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ කන්දඋඩරට සිංහල රාජධානියට ඇතුළු වීමට තිබූ ප‍්‍රධාන මුරකපොල්ල බලන වීමයි. බලන කපොල්ලට පෙරාතුව උඩරට යන පිරිස් අවසර ගතයුතු වූයේ වරකාපොළ නැමති ස්ථානයෙනි. වර + කපොල්ල පසුකලෙක වරකාපොළ යනුවෙන් ප‍්‍රසිද්ධ විය. අද එය ජනාකීර්ණ නගරයකි.

 වරකපොළින් පසුව හමුවන ප‍්‍රධාන පිවිසුම බලනයි. බලන මුරපළේ කටුපුල්ලේ නිළධාරීන් රැුක සිටි අතර නගරයට ඇතුළ්වීමට හැකිවූයේ අවසර ඇති අයට පමණි. බොහෝ පුරාණයේදී බලන යොදාගත්තේ බැලීම සඳහාය. බැලීම යනුවෙන් අදහස් කරන ලද්දේ ආරක්‍ෂා සහිත මුරකිරීමකි. එදා බලන නැමති ස්ථානයේ උඩරට රජුගේ හමුදා මුරපොළක් තිබුණ අතර එහි සේනාංකයක්ද රඳවා තිබිණි. පසුකලෙක ඉහළ කෝට්ටේ යනුවෙන් හඳුන්වන ලද තැන පෘතුගීසි හමුදාවේ බලකොටුවක් ස්ථාපිත කර තිබුණි. දැනටද එහි නටබුන් දැකිය හැකිිය. සතරකෝරළයේ පිහිටි කන්ද උඩරට ප‍්‍රධාන මුරකපොල්ල ‘බලන’ බවට පත්වූයේ එය එදා එතරම්ම ආරක්‍ෂිත වූ බැවිණි. මේ පිළිබඳව පුරාණ කඩයිම් පොතක එන කවියක මෙසේ සඳහන්ව ඇත.

 


”මීයන් ඇල්ල ‘බලනේ’ කඩවත ඇතුළේ
කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිලින් ලගමුවද පසුකළේ
මෙළකුණු වලට මැදරට සතර කෝරලේ”

 


මා ඔය ආශ‍්‍රිතව පිහිටි මෙහි කියවුන ගම්වලට සම්බන්ධ බොහෝ රසවත් ජනප‍්‍රවාද ඇත. බලන මුල්කරගත් එම තොරතුරු අපගේ ගවේෂණයට හසුවිය. බලන අසලින් පිහිටි අරනායක නම් පෙදෙස මෙම පුරාවෘත්ත කියැවෙන කොටසට අයත් ශීඝ‍්‍රයෙන් දියුණුවන පෙදෙසකි. එහි දික්පිටිය අසල අදටත් ජනීජනයාගේ පූජාවට පාත‍්‍රවන රාජගිරි මල්පහ විහාරය නොහොත් පුලූසෙන් විහාරය අප කියන පුරාවෘත්තයේ එක් ප‍්‍රධාන අංගයකි.

එදා සිංහල රජදවස කන්ද උඩරට ප‍්‍රදේශයේ බොහෝ කැරළි කෝලාහල තිබුණි. ඒ බල ආධිපත්‍යය පිහිටුවීම සඳහාය. මේ අසල පිහිටි ‘‘සැලව’’ හා ‘‘රහලගල’’ යන ස්ථාන අපේ පුරාවෘත්තයේ ප‍්‍රධාන ස්ථාන දෙකකි. මෙහි ‘‘රහලගල’’ යනුවෙන් හඳුන්වන ස්ථානය එදා හැඳින්වූයේ ‘‘රහස්හල’’ යන නමින්ය. ඊට එසේ භාවිතා වූයේ එය රහස් සාකච්ඡා පවත්වන ලද ස්ථානයක් වූ බැවිනි. එය කඩයිම්පොතේ මෙසේ දැක්වේ.


වයි කැන්ටය සදිසි ඇල්පිටි කන්ද ගල
බලත්ගමු කන්ද කරගල ‘‘රහල ගල’’
රන්ආඳා රකින ‘‘මිනි කඳ’’ කියන වළ
‘‘අහුපිණි ඇල්ල වැටුනේ මැදින් ‘‘බෙරවිල’’

 

බලන කොටුව


මෙහි සඳහන් රහස්ගල හෙවත් ‘‘රහලගල’’ යන ස්ථානයේ කුමාරවරු තිස්දෙනෙක් හා කුමාරිකාවන්  තිස්දෙනකු එදා විසුවේ ආරක්‍ෂාව පිණිස ඔත්තු බලමින්ය. එසේ බලන ඔත්තු හා රහස් ප‍්‍රධානීන්ට කීවේ හෙවත් සැලකර සිටියේ සැලව යන තැනදීය. අද සැලව රජමහා විහාරය යනුවෙන් හඳුන්වන්නේ ඒ රහස් හෙළි කළ ස්ථානයයි. මෙහි පුරාවෘතයෙන් කියැවෙන්නේ ඉතා ශෝචනීය කතා පුවතකි.

මෙම කුමාරවරුන් වසර ගණනාවක් තිස්සේ රහස් බැලූ රාජ්‍ය විරෝධී මහා සටනක් බලන ආසන්නයේ දී සිදුවිය. මෙම කුමාරවරුන්ගේ කුමාරිකාවන් තිස්දෙනා විසූ ‘‘තිස්කුමාරිගල’’ ට එම බලන කපොල්ල පිහිටි ස්ථානය හොඳින් පෙනේ. එදා යුද්ධය වූ දිනයේදී මෙම කුමාරවරුන් කුමාරිකාවන් අමතා කීවේ. ‘‘අපි යුධයෙන් දිනනවා. දිනූ පසු එහි සංකේතය ලෙසින් සුදු කොඩියක් ඔබලාට පෙනෙන්නට ඔසවනවා කියාය. යුධයෙන් පැරදුනහොත් ඔසවන්නේ කළු කොඩියකි. කෙසේ වෙතත් මෙම කුමාරවරු සටන ජයගත් අතර ජයපැන්ද බීවෝය. වෙරිමරගාතේ තම ආදරණීය කුමාරිකාවන්ට පොඩි විහිළුවක් කිරීමට සිතා එහි තිබූ කළුපාට රෙදිකඩක් ගෙන රිටක ගසා ඔසවා ඒ මේ අත වැනුවේය. ඇස් අයා ඒ දෙස බලාසිටි කුමාරිකාවන් තිස්දෙනා තමන් යුධයෙන් පැරදුනා යැයි සිතා මාඔයට පැන්නහ.

මා ඔයේ එම ස්ථානයට කියන්නේ මිනී කඳන්වළ කියායි. එය ඉතා ගැඹුරු ස්ථානයකි. මෙම කුමාරිකාවන් තිස්දෙනා ජල ක‍්‍රීඩාකළ ස්ථානය. ‘‘ගලකැප්පූවළ’’ ලෙසින් සඳහන් වේ. අද එය දැකිය හැක. අරණායක සිට කිලෝමීටර් තුන හතරක් දුරක් ගිය විට එය දැකගත හැකිය.

ඉහත කී කුමාරිකාවන් තිස්දෙනා මාඔයේ වක්කලමට පැන සියදිවි නසාගත් පසු කුමාරවරුන්ද එහි පැමිණ මේ විපත්තිය දැක බොහෝ සේ කම්පාවට පත්වුණි. පසුව කුමාරිකාවන්ගේ මිනී ගොඩගෙන එහි සොහොන් කළේය. අද එම ප‍්‍රදේශයට කියන්නේ සොහොන් කැලේ කිියාය. අර කුමාරිකාවන්ගේ මිනී ගොඩගන්නා විට එක මිනියක් ජලපහරට අසුව ගසාගෙන ගියේය. පසුව එයද ගොඩගෙන සෑයක් බැඳ පුළුස්සා ඇත. එම කුමාරිකාව මියයන විට ගැබ්බරව සිට ඇත.

පුරාවෘත්තයට අනුව එම කුමාරිකාව දරසෑයේ දමා පිළිස්සූ පසු පහුවදා හිමිදිරියේ එහි තොරතුරු බැලීමට ගිය පිරිසට දක්නට ලැබුණේ අපූරු දර්ශනයකි. අර මියගිය කුමරියගේ කුසේ සිටි දරුවා අළුගොඬේ සෙල්ලම් කරමින් සිටින අයුරු ඔවුන් දැක ඇත. මේ අපූරු සිද්ධිය දුටු ඔවුන් ඒ කුමරා මහත් හරසරින් රැගෙන විත් ඇති දැඩි කළෝය. ‘‘දාපුලූසෙන් රජු’’ නමින් ප‍්‍රකට වූයේ මේ කුමාරයාය.

දාපුලූසෙන් විහාරය හෙවත් රාජගිරි මල්පහ විහාරය නමින් විහාරය ඉදිවී ඇත්තේ ඒ පුරාවෘත්තය සනාථ කරමින් ය. වර්තමානයේ අහුපිණිඇල්ල නමින් හඳුන්වන ඇල්ල රාවණා රජුගේ ඇතා වැටුන ස්ථානය ලෙසින් සැලකෙන අතර අහුපිනි ඇල්ල පිහිටා ඇත්තේ ඊට පහළින් බව ගම්මුන්ගේ අදහසයි. මෙහි කියැවෙන ස්ථාන අපට දැකගන්නට ලැබුණි. බැමිණිවත්ත, ඒ දඬුවාව වලව්ව, පරහද ඇළ, පීලිඅංග, යන පුරාවෘත්තවලට මුල් වූ ප‍්‍රසිද්ධ ස්ථානද පිහිටා ඇත්තේ වඩා නුදුරකින්ය. මෙහි සඳහන් මිනීකඳන්වළ කියන ස්ථානයේ කඩුක්කන් ආඳෙක් සිටින බවට තොරතුරු ඇත. මෙම ආඳා හැමදාමත් දැකිය නොහැකි අතර ආඳා දැකිය හැක්කේ ඉතා කලාතුරකින්ය.

කුමාරිකාවන් වළට පැන මියෙන්නට පෙර තමන් පැළදි සියලූ ආභරණ ගලවා ඉහත වලට විසිකර ඇත. එම රන්, රුවන්, මුතු, මාල, වළලූ ආදිය රැකීම සඳහා බහිරව විලාශයෙන් කඩුක්කන් ආඳා එහි වසන බව ගම්මුන්ගේ මතයයි. ‘‘බලන’’ විසිතුරු ජනප‍්‍රවාද රාශියකට මුල් වී ඇත්තේ ඒ අයුරින්ය.

බලන දුම්රිය දුර්ගමාර්ගය ඉදිකිරීමේදී ඉතා විශාල ජීවිත හානියක් වූ බව පවසන්නේ එදා ඒ ව්‍යාපෘතිය කළ තෝමස් ස්කිනර් නම් වූ ඉංග‍්‍රීසි ජාතිකයාය. එම ප‍්‍රදේශයේ තිබූ වටිනා දෑ විශාල ප‍්‍රමාණයක් දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී විනාශයට පත් ව ඇත. බලන හා සම්බන්ධ වටිනා තොරතුරු රැගත් නටබුන් ඉහලකෝට්ටේ හා ඒ අවට ප‍්‍රදේශවල අදත් දක්නට ඇත.

බලන හා අරනායක ප‍්‍රදේශයේ ජනශ‍්‍රැති මූලාශය සොයමින් මගේ සංචාරයට උදව් දුන් පාඨශාලාචාර්යය ලයනල් ජයසිංහ මහතාට ස්තුතිය පළකරමි.

 

 

 



අදහස් (0)

බලන කපොල්ලේ වගතුග

ජගත් ප්‍රනාන්දු Wednesday, 23 October 2013 12:19 PM

මෙවැනි ලිපි පළකරන ඔබ රටට කොතරම් ආඩම්බරයක්ද? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 20 October 2013 06:48 PM

අපි නුවර සිට කොළඹට දුම්රියෙන් යන එන අතර වාරයේ මේ සුන්දර පරිසරයේ අලංකාරය භුක්ති විදින්නට අවස්තාවක් ලැබෙනවා. අපේ රටේ සුන්දරත්වය පිළිබිඹු කරන තවත් ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේ විශාල ගල් පර්වත් තුලින් ඉදිකළ ඇති උමන් මාර්ග වසර සියගානක් පැරණි ඒවා. එතරම් යන්ත්‍ර සූත්‍ර නොමැතිව කර ඇති එම ඉදකිරීම් නියත වශයෙන්ම පුදුම සහගත ඒවාය. බලන දුම්රිය දුර්ගමාර්ගය ඉදිකිරීමේදී ඉතා විශාල ජීවිත හානියක් වූ බවත් පැවසෙනවා. මේ ලිපියේ පලවී ඇති වටිනා සියලු විස්තර අපේ දරුවන් සමඟ බෙදා හද ගන්නට අපටත් අවස්තාවක් ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. (නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 22 October 2013 08:52 AM

ඇත්තටම හොද ඉදිරිපත් කිරීමක්. අපි මේ ප්‍ර දේශයේ වෙලත් නොදත් කරුණු බොහොමයක් මේ ලිපියෙන් දැනගත්තා.(නදී)

:       0       0

සාලිය Tuesday, 22 October 2013 06:43 PM

බලන්න වටිනා තැනක්. ඈතින් පෙනෙන උස කන්ද ලකේ ගල. ඕක රාවණාගේ ලංකාගම. ඔය කපොල්ලත් අහුවෙන්නේ මහනුවරටම තමා. (නි)

:       0       0

ගාමිණි Saturday, 26 October 2013 04:15 PM

නොදන්නා දෙයක් දැනගත්තා. ස්තූතියි (නි)

:       0       0

හර්ෂ Saturday, 26 October 2013 05:50 PM

ඔබට බොහොම ස්තූතියි මෙවැනි දේවල් අපිට බලාගන්න දුන්නාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5257 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 737 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1306 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site