IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


භූතයෙක් සමග ජීවත්වන හමුදා සෙබළෙක්

 

17
 

13

 

මම මහා පුදුම කරදරයකට ඩොක්ටර් මුහුණපාලා තියෙන්නේ. අවුරුදු දෙකක විතර කාලයක ඉඳන් භූතයෙක් පස්සෙන් එනවා. මම හමුදාවේ සේවයකරන සෙබළෙක්. මං පුහුණුවීම් කරන කාලයෙත් මේ භූතයා මාත් එක්ක ඇවිත් මා පුහුණු වෙන විදිහටම පුහුණුවීම් කරනවා. මාච් පාර්ස් පවා කරනවා.

ව්‍යායාම කරනවා. මට මේක ලොකු හිරිහැරයක්. මේ භූතයා හින්දා මට මගේ රස්සාව කරගන්නත් නැහැ. මගේ ඉදිරියේ පෙනී ඉන්නේ මීට අවුරුදු 100කට විතර කලින් මිය ගිය මීමුත්තෙක් කියා සාස්තරකාරයෝ කීප දෙනෙක් කියා තියනවා.


මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ ප‍්‍රධානී මනෝ වෛද්‍ය ආචාර්ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ මහතා හමුවීමට පැමිණි හමුදා සෙබළෙක් තමන් මුහුණපා ඇති ගැටලූව එලෙස පවසා ඇත. මේ භූත කරදරයෙන් තමා මුදාගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි.


විසිඅට හැවිරිදිවියේ පසුවන මෙම හමුදා සෙබළා නිකවැරටිය ප‍්‍රදේශයේ ගම්මානයක පදිංචි අයෙකි.

 

15

 

  • මනෝ වෛද්‍යවරයා : භූතයා පෙනෙන්නේ කොයි ආකාරයටද? කොච්චර කාලයක ඉඳලාද මේ භූත කරදරේ තියෙන්නේ?
  • හමුදා සෙබලා : අවුරුදු දෙකක විතර කාලයක ඉඳලා මේ භූත කරදරේ තියෙනවා. ඒ කියන්නේ හමුදාවට බැඳෙන්නත් කලින් ඉඳලා මුහුණ පුරා සුදුම සුදු රැුවුලක් තියෙන සුදු සරමක් ඇඳ ගත්තු උඩුකය නිරුවත්ව ඉන්න කෙනෙක් තමා මට පේන්නේ. සුදු සරම වටා රතුපාට පටියක්ද බැඳගෙන ඉන්නවා. මුහුණ එච්චර පැහැදිලි නැහැ. අවුරුදු 60 ක විතර පෙනුමක් තියෙනවා.

 

 

 

  • මනෝ වෛද්‍යවරයා : මේ භූතයා කරන කියන දේවල් මට විස්තර කරන්න.
  • හමුදා සෙබළා : මම කෑම කන්න ගියාම මගේ ළඟින්ම මේසේ වාඩිවෙනවා. කෑම කනවා. නිදාගෙන ඉද්දී සමහර දවස්වලට ඇඳෙන් බිමට ඇදලා දානවා. කොහේ ගියත් මගේ ඉස්සරහින්ම ගමන් කරනවා.

 

හමුදාවට බැඳුනාට පස්සේ මේ භූතයාගේ කරදරය ඉවරවෙයි කියලා හිතුවා. අනේ ඒ්ත් භූත කරදරේ ඉවරවුණේ නැහැ. හමුදා සෙබලකු විදිහට පුහුණුවීම් කරද්දී මගේ ඉස්සරහට වෙලා මම ලබන හැම පුහුණුවක්ම භූතයාත් කරනවා. අපේ පුහුණුවීමට කිලෝ මීටර් 10 ක් විතර කැලෑවේ දුවන්න තියනවා.

භූතයාත් මාත් එක්ක ඒ කිලෝ මීටර් 10 ම දිව්වා. මම අවි පුහුණුවීම් ලබද්දී භූතයාත් අවි පුහුණුව ලැබුවා. උදේට නැගිටලා ශාරීරික ව්‍යායාම කරද්දීත් මගේ ඉස්සරට වෙලා භූතයාත් ශාරීරික ව්‍යායාම කළා. ඉලක්කයට වෙඩි තියන්න පුහුණු වෙද්දීත් භූතයා ඉලක්කයට මම වගේම වෙඩි තිබ්බා.


හමුදා සෙබළා මනෝ වෛද්‍යවරයා ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද පවසා ඇත.


දේවාල කිහිපයකට ගිහින් සාස්තර ඇසුවා. එක දේවාලයකින් කිව්වා මට නිතරම පෙනෙන්නේ මීට අවුරුදු 100කට විතර කළින් මිය ගිය මීමුත්තෙක් කියලා. මේ මීමුත්තා මාව ආරක්‍ෂා කරගන්න තමා මේ විදිහට ළඟටම වෙලා ඉන්නේ කියා.


මට විතරයි මේ විදිහට භූතයා පෙනෙන්නේ. ගෙදර වෙනකාටවත් පෙනෙන්නේ නැහැ. භූතයා පන්නා දමන්න බලිතොවිල් කිහිපයක් කළා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ. තොවිල් කරන කොට විතරයි. ටික දවසකට පස්සේ ආයෙත් භූතයා මා පස්සෙන්ම එනවා.


තව දේවාල දෙක තුනකට ගිය වෙලාවේ කිව්වා මේ භූතයාගෙන් ඔයාට කරදරයක් හිරි හැරයක් නැහැ. ඔයාගේ ආරක්‍ෂාවටයි ඔය විදිහට පස්සෙන් එන්නේ. ඒ හින්දා කිසිම බයක් වෙන්න එපා කියා. ඊට පස්සේ භූතයාට මගේ හිතේ තිබුණ බය නැතිව ගියා. ගෙදර අය විතරයි මේ කතාව දන්නේ. හමුදාවේ ඉන්න කිසිම යහළුවකුට මේ ගැන කියන්නට ගියේ නැහැ. කෑම්ප් එකේ ඉඳලා ගෙදර එන්නේ කෝච්චියෙන්. ගමේ බස් එකේ හරි භූතයාත් එතකොට මගෙත් එක්ක එක සීට් එකේ වාඩිවෙලා එනවා.


මම ගැහැණු ළමයෙක් එක්ක මාස තුනක විතර කාලයක ඉඳලා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යනවා. දෙපැත්තෙන්ම මව් පියන්ගේ ආශීර්වාදය කැමැත්ත අපේ පේ‍්‍රම සම්බන්ධයට ලැබී තිබෙනවා. මේ අවුරුද්දේ විවාහවෙන්න සූදානමින් ඉන්නේ.


විවාහයටත් මේ භූතයාගේ කරදරයක් වෙයි කියා මට ලොකු බයක් දැනුණා. භූතයා නිසා අපේ විවාහය වැඩි කාලයක් යන්නට මත්තෙන් කඩාකප්පල් වෙයි කියා නිතරම කල්පනා වුණා. මේ හින්දා පෙම්වතියට මේ භූත කරදරය ගැන අකුරක් නෑර විස්තරය කිව්වා. මේ කථාව අහලා එයාගේ හිත ගැස්සුනා.

 

14

 

  • මනෝ වෛද්‍යවරයා : ඔබේ පෙම්වතිය ඊට පස්සේ මොනවාද කිව්වේ?
  • හමුදා සෙබළා : ඩොක්ර් එයා ඉරිදා ලංකාදීපයේ යන භූත කතන්දර හැමදාම නොවරදවාම කියවනවා. ඒ නිසා එයා කිව්වා මේක භූත සිද්ධියක් නොවේ. මොකක් හරි මානසික ප‍්‍රශ්නයක් විය හැකි බවත් පෙම්වතියගේ කීමට තමා මම මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න තීරණය කළේ.

 

තම පවුලේ ඥාතීන් කිහිප දෙනෙක්ම යන්ත‍්‍ර මන්තර ගුරුකම් හා දේවාල කරන බවත් හමුදා සෙබළා කීවේ මනෝ වෛද්‍යවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


මෙය භූතදෝශයක් නොවන බව මනෝ වෛද්‍යවරයා කරුණු කාරණා සහිතව හමුදා සෙබළාට පහදා දුන්නේ බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන ඔහුගේ පෙම්වතියට ද ස්තුතිය පුද කරමින්ය. මනෝ වෛද්‍යවරයාගේ කතාව මේ සමග වෙනම විස්තර කර ඇත.

 

 

මානසික රෝගී තත්ත්වයක්

16මෙහි සඳහන් විස්තරය සැලකීමේ දී ඔහු විසින් ලද අත්දැකීම් සහ ඔහු ජීවත්වන පරිසරයත් එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර පැවත එන විශ්වාසයන් සමග බද්ධවී සිටීමත් සැලකිය යුතුය.


මෙහි සඳහන් කරන විචිත‍්‍ර පුද්ගල රටාව සැලකීමේ දී එය බොහෝදුරට අප සමාජයේ අත්දකින යකදුරකුගේ රූපයට සමාන ඇඳුම්වලින් සමන්විත අතර ඔහුට එම තත්ත්වය හඳුනාගත හැක්කේ නින්ද පටන්ගන්නා අවස්ථාවේදීය. එවැනි තත්ත්ව අපි Hipnogogic Hallucination ලෙස හඳුන්වමු. එමෙන්ම ඔහු පුහුණුවීම් කරන අවස්ථාවේදී ද මෙම පුද්ගලයාගේ රූපය විද්‍යමාන වෙයි. මෙම පුද්ගලයා නින්දයාමට පටන්ගැනීමට උත්සාහ දරන අවස්ථාවේ දී සිදුවන දේ සමග ඔහු දැඩි මානසික කම්පනයකින් පසුවෙමින් සිටින අතර එය ඔහුට කාංසාමය තත්ත්වයක් දක්වා වර්ධනයවී තිබූ බව පැහැදිලිය. එම තත්ත්වය බිය ත‍්‍රාසය යන කාංසාමය තත්ත්වයන්වල දී මෙන්ම දැඩි වෙහෙසකර පරිසර තත්ත්වවලදී ද මෙවැනි අත්දැකීම් ලැබිය හැකිය.


ඔහු සඳහන් කරන ආකාරයට ඔහු නොයෙකුත් සංවේදනවල අත්දැකීම් ලබා ඇත. බාහිර පරිසරයේ උත්තේජනයක් නොමැතිව සංවේදන ලැබීම භ‍්‍රාන්ති (Hallucination)ලෙස හඳුනාගනී. මෙහිදී ඔහු ශ‍්‍රවන භ‍්‍රාන්ති අත්දකින අතර ඒවා නොයෙකුත් විධාන දෙන ආකාරයක් පවසයි. මෙවැනි තත්ත්ව Commonding Auditory Hallucination  ලෙස පැහැදිලි වන අතර මේවා මානසික රෝග තත්ත්වයන්හි දී හඳුනාගත හැකි රෝගයි. එමෙන්ම මෙහි කනගාටුදායක කාරණය නම් මෙවැනි අත්දැකීම් සියල්ල අත්පුනතා ධර්ම සමග සම්බන්ධ කරගනිමින් ප‍්‍රතිකාර සඳහා යොමු නොවීමයි.


ඔහු අත්දුටු මේ සංවේදන සහ මානසික සිතුවිලි ඔහුගේ දෛනික කටයුතුවලට දැඩි බලපෑම් ඇතිකරන අතර අද වන විට ඔහුගේ වෘත්තිය ද අහිමිවන තත්ත්වයට පත්වී ඇත. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ ඔහු ජීවත්වන පරිසරයේ පුද්ගලයන් ද මෙවැනි භ‍්‍රාන්ති තත්ත්වයන් සහ මායාකාරී අත්දැකීම්වලට වැරදි අර්ථකථන දෙමින් ඒවා පිළිගැනීමට සූදානම් වටපිටාවක් පැවතීමයි. (Suggestibility)එමෙන්ම තවදුරටත් දීර්ඝ ලෙස විස්තර විමසීමේ දී ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක් ද හඳුනාගත හැකි විය (උදා : ගංජා) මෙහිදී සඳහන් කළ යුතු තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ මත්ද්‍රව්‍ය මගින් කායික රෝග මෙන්ම මානසික රෝග සහ ගැටලූ සඳහා දායකත්වය සපයන බවයි.


මෙවැනි තත්ත්ව පැහැදිලිව මානසික රෝග තත්ත්ව ලෙස හඳුනාගත හැකි අතර අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කිරීම තමන්ට මෙන්ම ප‍්‍රජාවට ද දැඩි හානිකර තත්ත්වයන්ට පත්විය හැකිය. එමනිසා විද්‍යාත්මක ක‍්‍රමවේද කෙරෙහි යොමුවීම ඉතාමත් වැදගත් බව පැහැදිලි කළ යුතුය.

 

 

12



අදහස් (0)

භූතයෙක් සමග ජීවත්වන හමුදා සෙබළෙක්

ජගත් Friday, 30 January 2015 10:47 AM

අනේ මෙයාට තිබුණු මොළෙන් කලඳක් හරි අපේ හිටපු සමහර "නායකයින්ට" තිබුනානම් අදත් එයාො ඉන්නවා !(දිල්)

:       0       0

මාධවී Tuesday, 27 January 2015 01:04 AM

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සමහරුන්ට කාලයක් ගතවීමේදී මෙම මානසික රෝගය හැදෙ.සමහරුන්ට විවිද ශබ්ද ඇහෙනවා., මිනිස්සු පේනවා.සමහරුන්ට දරුණු විදියේ අපරාද කරන්න අණ ලැබෙනවා. බටහිර රටවල මේ කට්ටිය වැඩියි.හිටපු ගමන් තුවක්කුවක් අරගෙන සෙනග ගැවසෙන තැනකට එනවා හතර අතේ වෙඩි තියා දමනවා.මත්ද්‍රව්‍ය ගන්න පෙර දෙවරක් සිතා බැලිය යුතුය.මෙයාලට පිස්සු වැටුන අයට වගේ නඩුත් නැත. (ස)

:       0       0

නිරාන් Monday, 02 February 2015 06:11 AM

පෙම්වතිය බුද්ධිමත් නිසා හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4558 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 584 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1169 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 104 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38995 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site