IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මේ ආණ්ඩුව ආශ්චර්ය නිර්මාණය කරන්නේ නිදන් හොරුන්ගෙන්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා සමග මේ කතා බහ එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී එජාපයේ සූදානම හා අභියෝග පිළිබඳවය. ප‍්‍රශ්නය :- පළාත් සභා තුනක් වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වෙනවා. මොනවාද එජාපයේ බලාපොරොත්තු? පිළිතුර :- මේක ජාතික මැතිවරණයක් නොවෙයි. මේ පළාත් සභා මැතිවරණය පවත්වන්නෙත් සලාක ක‍්‍රමයට. පළමු පළාත් සභා මැතිවරණය වශයෙන් පැවැත්විය යුත්තේ උතුරු පළාත් සභා මැතිවරණයයි. නමුත් ඒක තියන්නේ නැතිව අද උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ පවත්වනවා. ආණ්ඩුවේ ප‍්‍රධාන කොටස්කරුවන් අද සන්ධානයෙන් ගැලවිලා ගිහින් වෙනම තරග කරනවා. ලංකා ජාතික වතු කම්කරු සංගමය, මුස්ලිම් කොංග‍්‍රසය වෙනම ඉල්ලනවා විතරක් නොවෙයි විමල් වීරවංශ මහත්මයාගේ ජාතික නිදහස් පෙරමුණ ත‍්‍රිකුණාමලයේදී වෙනම ඉල්ලනවා. එහෙම බැලූවම සන්ධාන ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ කියන කාරණය ඒකෙන්ම පැහැදිලි වෙනවා. නමුත් අපේ පක්ෂය තනි දේශපාලන පක්ෂයක් ලෙස අද මේ පළාත් සභා තුනට තරග වදිනවා.   ප‍්‍රශ්නය :- ඕනෑම මැතිවරණයකදී එජාපය මුලින් කියන්නේ අපි දිනනවා කියලයි. ඒත් ප‍්‍රතිඵල එනකොට එජාපය පරාදයි. මෙවර ඒක වෙනස් වෙන්නේ කොහොමද? පිළිතුර :- මූලික වශයෙන්ම කිව යුතුයි. මේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමත්, ස්වාධීන පොලිස් කොමිසමත්, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමත්, ස්වාධීන අධිකරණ සේවා කොමිසමත් නොමැතිවයි. නමුත් මේ සියලූ අභියෝග මැද වුවත් අපි දිනනවා.   ප‍්‍රශ්නය :- නමුත් එජාප අභ්‍යන්තරයේ ගිනි පුළිඟු දැල්වෙමින් තිබෙනවා. පක්ෂයේ නායකයා වසර හයකට නායකත්ව කාලය දිගු කරගෙන තියෙනවා. එයට එරෙහිව පක්ෂයේම ප‍්‍රබලයන් විරෝධය දක්වනවා. මේ අසමගිය තුළින් කොහොමද දිනන්නේ? පිළිතුර :- පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනයයි මේ පළාත් සභා මැතිවරණයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. අපේ පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනයේ අරමුණ කුමක්ද කියන කාරණය මේ මොහොතේදී විස්තර කළ යුතුයි. ඔබ දන්නවා 2010 දී අපේ පක්ෂය නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තා. මේ ව්‍යවස්ථාව අනුව වසරින් වසරට අපේ පක්ෂයේ නායකතුමා ප‍්‍රධාන නිලධාරී මණ්ඩලය පත්කර ගත යුතුයි. මේ නව ව්‍යවස්ථාවට අනුව නිලවරණය ඉකුත්දා පැවැත්වුණා. එදා මොකද්ද වුණේ. අපේ පක්ෂයේ මූලස්ථානය සිරිකොත. එය තමයි එජාප පාක්ෂිකයාගේ දෙවොල, මහගෙදර, ඒකට ගල් ගැහුවා. කවුද ගැහුවේ? එක්සත් ජාතික පක්ෂයේම අයයි. මේ බේදයට හේතු වුණේ අලූත් ව්‍යවස්ථාවයි. ඒ නිසා ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ. ඒ කමිටුවේ නිර්දේශ අනුව තමයි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ. අර ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න. අපේ පක්ෂයේ නීති විශාරදයකු වන ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහත්තයා තමයි අපේ පක්ෂයේ විනය කමිටුවේ සභාපතිවරයා. එතුමාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා මේ තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ පසුවිපරමක් කරලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ නිර්දේශ අනුව තමයි මේක ක‍්‍රියාත්මක වුණේ. සමස්ත පක්ෂයම ඒකරාශි කරවන්න අරමුණ කරගෙන තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. පක්ෂයේ සමස්ත කෘත්‍යාධිකාරී මණ්ඩලය එය ගැඹුරු විමර්ශනයකට ලක් කරලා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනා වේ.   ප‍්‍රශ්නය :- සමස්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයම මේ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයි කියලා ඔබ කිව්වත් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහත්මයා එයට විරුද්ධයි? පිළිතුර :- සජිත් පේ‍්‍රමදාස මහත්මයා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් වගේම පක්ෂයේ නියෝජ්‍ය නායකයායි. එදා එතුමා ඒ රැුස්වීමට ආවේ නෑ. මම දන්නා තරමින් මේ ව්‍යවස්ථා සංශෝධනයට එතුමා ලිඛිතව හෝ වාචිකව විරෝධයක් දක්වලා නෑ.   ප‍්‍රශ්නය :- ඔබ එහෙම කිව්වත් සජිත් පේ‍්‍රමදාස මහත්මයා මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ප‍්‍රකාශ කරලා තියෙනවා. ඇයි මේ විදියට ගැටුම් නිර්මාණය කෙරෙන පියවර වෙත යන්නේ? පිළිතුර :- නෑ. ඉතින් කිසිම ගැටුමක් නිර්මාණය වෙලා නෑනේ. ඇතිවිය හැකි අභ්‍යන්තර ගැටුම් වැළැක්වීම සඳහායි මේ පියවර ගත්තේ.   ප‍්‍රශ්නය :- එජාපයේ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වුණා? පිළිතුර :- ඡන්දයක් ඔන්න මෙන්න කියා තිබියදී එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වෙච්ච කවුරු හරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් තමන්ට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද්‍රෝහි වෙලා ඔවුන්ගේ මතයට ද්‍රෝහි වෙලා කුමන හේතුවක් මත හෝ රජයට එකතු වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි, සදාචාර විරෝධී, ආචාර ධර්ම විරෝධී ක‍්‍රියාවක් ලෙස මම දකිනවා. ඕනෑතරම් හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ නිසා මම යනවා. අපි පරමාදර්ශී වෙනවා. ඒ නිසා යනවා කියලා මොන හේතු ඉදිරිපත් කළත් අද තියෙන මේ ඡුන්ද ක‍්‍රමය යටතේ අපට මේ කතා කරන ජයලත් ජයවර්ධනටත් කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. එජාප පාක්ෂිකයාගේ කැමැත්තට පිටුපාලා රජයට එකතු වෙන්න. ඡුන්දයක් දැක දැක කවුරුහරි මේ වෙලාවේ රජයට එකතු වෙනවා නම් ඒක මහා භයානක අපරාධයක්. මාධ්‍යයෙන් විවිධ කරුණු කියවෙනවා. මාධ්‍යයට වසන් කරන්න බෑ. ඒ වගේම ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ. දුමක් නගින්න නම් ගින්නක් තිබිය යුතුයි. ඔය කතාවල සීයට සීයක්ම ඇත්තක් නොතිබුණත් යම් ආකාරයක ඇත්තක් තියෙන්න ඕනෑ කියලා මම හිතනවා.   ප‍්‍රශ්නය :- ජවිපෙ කියලා තියෙන්නේ මෑත කාලයේ බොහෝ අභ්‍යන්තර අර්බුදවලට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක්. ඒත් ඔවුන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට යෝධ රථ පෙළපාළියක් කරලා ආණ්ඩු විරෝධය කුළුගන්වන්න මහන්සි ගත්තා. රටේ ප‍්‍රධාන විපක්ෂය වන එජාපය ඇයි නිහඬ? පිළිතුර :- ඇත්තටම අපිත් කරනවා. දැනුත් කරමින් පවතිනවා. අපේ පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ඒකාධිපති, දූෂණය, මර්දනය, වංචාව රජ කරවන පවුල්වාදය රජ කරවන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත වැඩ කොටසක් කරමින් ඉන්නවා. අවාසනාවකට අපි කරන හැම දෙයක්ම මාධ්‍යයෙන් ප‍්‍රචාරය වෙන්නේ නෑ. පෞද්ගලික මාධ්‍යයන් අද මර්දනයට ලක් කරලා තියෙන්නේ. ඉතිහාසයේ අන් කවර ආණ්ඩුවකටත් වඩා මේ ආණ්ඩුව වංචා දූෂණ කරනවා. ආසියාවේ ආශ්චර්ය මේ අය හදන්න යන්නේ කුඩුවලින්, ළමා අපචාරවලින්, ස්ත‍්‍රී දූෂණ වලින්, නිධන් හොරුන්ගෙන් තමයි මේ අය ආශ්චර්ය නිර්මාණය කරමින් ඉන්නේ. ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලම විනාශ කරමින් ඉන්න මොහොතක මේවා ගැන සාධාරණ ලෙස ප‍්‍රවෘත්ති පළ වෙනවාද? නෑ. ඒකට හේතුව තමයි මාධ්‍ය මර්දනයක් ක‍්‍රියාත්මක වීම. ඒ නිසා අපේ පක්ෂය කරන යුග මෙහෙවර ජනතාව අතරට රැගෙන යන්න ලැබිලා තියෙන්නේ සීමා සහිත අවස්ථාවක්.   ප‍්‍රශ්නය :- ඉතින් ඔය ඔබ කියන ඔය තත්ත්වයට එරෙහිවනේ ජනතාව පෙළ ගැස්සවිය යුත්තේ? පිළිතුර :- ඔව් ඒක තමයි මම කියන්නේ. අපි කරනවා. මේ රටේ ළමා අපචාර ගැන ස්ත‍්‍රී දූෂණ ගැන නිධන් හොරු පිළිබඳ නීතියේ ආධිපත්‍ය අතට ගැනීම පිළිබඳ පොලීසිය දේශපාලනීකරණය වීම පිළිබඳ යුක්තිය පසිඳලීම පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීම ගැන අපේ පක්ෂය දිගින් දිගටම ක‍්‍රියාත්මක වෙනවා. අපේ පක්ෂයේ ක‍්‍රියාකාරකම්වල අඩුවක් මම දකින්නේ නෑ. අද ගම් මට්ටමේ බිම් මට්ටමේ, පළාත් මට්ටමේ ජනයා අවදි කරවීමේ, ඔවුන් ඒකරාශී කර ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක් අපි කරගෙන යනවා. දැන් බලන්න ජාතික සේවක සංගමය හැටියට අපි මේ වනවිටත් දැවැන්ත වෘත්තිය සමිති අරගලයක් ආරම්භ කරලා තියෙනවා. සේවක භාරකාර අරමුදල රැකගැනීමේ සටනට අපි සියලූම වෘත්තීය සමිති වලට ආරාධනා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය මුල්වෙලා අපි විපක්ෂයේ පොදු වේදිකාවක් හදලා තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්න. යහපාලනය ස්ථාපිත කරන්න. දූෂණය භීෂණය තුරන් කරන්න, ඒකාබද්ධ පොදු විපක්ෂයට අපි නායකත්වය දෙනවා.   ප‍්‍රශ්නය :- ඒ පොදු විපක්ෂයට ජවිපෙ නෑ. පිළිතුර :- ජවිපෙ කියන්නේ අපේ රටේ දේශපාලන ප‍්‍රවාහයක් තමයි. නමුත් ඔවුන්ට විපක්ෂයේ සමස්ත කාර්යභාරයම ඉටු කරන්න බෑ. සමගිය තමයි බලය. තම තමන්ගේ ප‍්‍රතිපත්තිවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් විපක්ෂයේ පොදු වේදිකාවකට ජවිපෙත්, සරත් ෆොන්සේකා මැතිතුමාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයත් අනෙකුත් විපක්ෂයේ සියලූම දේශපාලන පක්ෂත් ආ යුතුයි.   ප‍්‍රශ්නය :- විපක්ෂයේ සියලූ පක්ෂ එකතුවිය යුතුයි කියලා ඔබ කිව්වත් ඔබේ පක්ෂයේත් එබඳු සමගියක් පේන්න නෑනේ. හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහත්මා අද බලය නැති මන්ත‍්‍රීවරයෙක් පමණයි. පිළිතුර :- එය ඔහු විසින්ම නිර්මාණය කරගත්ත තත්ත්වයක්. කවුරුවත් ඔහු ඒ තත්ත්වයට පත් කළේ නෑ. ඔබ දන්නවා කරු ජයසූරිය මහත්මා ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළමුවැනියට ඡුන්ද ගන්නකොට දෙවැනියට වැඩිම ඡුන්ද ගන්න මට පුළුවන් වුණා. එතුමා එදා පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස සිංහල බෞද්ධ නායකයෙක් ලෙස තමයි එතුමා වැඩිම මනාප ගත්තේ. කවර බාධක තිබුණත් ප‍්‍රශ්න තිබුණත් මම දෙවැනියට වැඩිම මනාප ගත්තා. ඊට පස්සේ එතුමා අපේ පක්ෂයෙන් ඉවත් වෙලා 17 දෙනෙකු එක්ක රජයට එකතු වුණා. ඊට පස්සේ එතුමා විතරක් තනිවම නැවත පක්ෂයට ආවා. එහෙම ආවම පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය පක්ෂය විසින්ම ප‍්‍රදානය කළා. ඊට පස්සේ ඔහු නායකත්වයට තරඟ කළා. තරගයෙන් ඔහු පැරදුණා. එතකොට ඔහුට නියෝජ්‍ය නායක ධුරය අහිමි වුණා. අපේ පක්ෂයේ අලූත් ව්‍යවස්ථාව අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකතුවීමේ අවස්ථාවක් ඇහිරිලා ගියා. මේ සියල්ලම ඔහුගේ ක‍්‍රියා කලාපය නිසා ඔහුට අහිමි වුණා.   ප‍්‍රශ්නය :- ඔබේ පක්ෂයේද ආරාධනයෙන් දේශපාලනයට පිවිසි සරත් ෆොන්සේකා මහත්මා අතරමගදී අතහැරියේ ඇයි? ඔහුත් සමග සන්ධානයකට යන්න බැරි ඇයි. පිළිතුර :- අපි කවදාවත් එතුමා අතරමං කරන්නේ නෑ. අමතක කළේ නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එතුමා ඉදිරිපත් වෙච්ච වෙලාවේ අපි පක්ෂයක් විදියට එතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැප වුණා. ඔහු එදා ඡන්දයේදී ගත් හතළිස් එක් ලක්ෂ ඡුන්ද ප‍්‍රමාණයෙන් බහුතරයක් එජාප පාක්ෂිකයන්ගෙන් ලැබුණු ඡන්ද බව අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ පෙරමුණේම හිටියේ එක්සත් ජාතික පක්ෂයයි. පක්ෂයේ මීගමුව ප‍්‍රධාන සංවිධායකයා විදියට ඉතිහාසයේ කවරදාවත් නොවුණු තරමේ අතිදැවැන්ත ජනතාවකගේ සහභාගිත්වයෙන් රැස්වීමක් එතුමා වෙනුවෙන් මම සංවිධාන කළා. අනෙක් අයත් ඒ විදියටම කටයුතු කළා. ඊට පසුව ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ ඔහුගේ දේශපාලන පක්ෂයෙන්. ඔහු පාර්ලිමේන්තුවට ගියේ ඔහුගේ පක්ෂයෙන්. එතුමා එජාපයේ සාමාජිකයෙක් නොවෙයි. ඊට පසුව ඔහු අත්අඩංගුවට ගත්තට පස්සෙ ඒ නීති විරෝධී අත්අඩංගුවට ගැනීමට එරෙහිව අපි දිගින් දිගටම පෙනී හිටියා. ඔහු වෙනුවෙන් ජාත්‍යන්තරයට කරුණු කීමේ වගකීම රනිල් වික‍්‍රමසිංහ එජාප නායකතුමා පැවරුවේ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා විදියට මටයි. මම ජිනීවා නුවරට ගිහින් ජගත් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ එතුමා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කළා. ගිය වසරේ අවසන් භාගයේදී රෝමයේ වතිකානු නුවරට ගිහින් පාප්තුමා පෞද්ගලිකව මුණගැහිලා සරත් ෆොන්සේකා මැතිතුමා වෙනුවෙන් අභියාචනයක් පිළිගැන්වුවා. එක්සත් රාජධානියේ එංගලන්තයේ අගමැතිතුමාගේ නිල නිවස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයට මම සහභාගි වුණා. එතුමා වෙනුවෙන් අපි ලොකු කාර්යභාරයක් කළා. ඒවා එතුමාටත් මතක තිබිය යුතුයි. ඒ අනුව අපි එතුමාව අතරමං කළේ නෑ කියලා පැහැදිලියි.

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන

සටහන : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මේ ආණ්ඩුව ආශ්චර්ය නිර්මාණය කරන්නේ නිදන් හොරුන්ගෙන්

අසේල Tuesday, 21 August 2012 01:26 AM

පහුගිය දවස් වල ඉන්දියාවේ තිබුණු රැස්වීමට ඔහු ගියේ නැද්ද? (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 19 August 2012 06:40 PM

අනේ මන්දා ඕවා. (නි)

:       0       0

තරුෂ Saturday, 25 August 2012 11:01 AM

තමන්ගෙ නායකය හරියට ‍තෝරගන්න බැරුව ආන්ඩුවට කොච්චර අවලාද කිව්වත් වැඩක් වෙන්නෙ නෑ(ස)

:       0       0

සීනු Tuesday, 21 August 2012 06:02 PM

කාටද මේවා කියන්නේ?(දී)

:       0       0

සිසිර කුමාර Monday, 20 August 2012 02:10 PM

අපි මේ හැමෝම ගැන දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 98 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 350 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 113 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 105 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 272 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 524 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 95 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site