IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ගමනට අපේ පක්ෂයේ ඉන්න අයත් උදව් කරනවා

8_MAIN_P_26
 

‘‘මංගල-රවි ඇතුළු පිරිසක් ආණ්ඩුවට” මේ ගෙවී යමින් තිබෙන සතියේ රැවි පිළිරැව් දුන් පුවතකි. ඇත්තටම මේ අය ආණ්ඩුවට යයිද? මේ ඒ ගැන එක්සත් ජාතික පක්ෂයේ උපනායක කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි. 

 


0101 ප‍්‍රශ්නය - මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ මොනවද වෙමින් පවතින්නේ?

අද රටේ මුළු මහත් ජනතාවම එක අරමුණකට ඇවිත් ඉන්නවා. ඒ නිසා සියලූදේම විවෘත වෙලා තියෙන්නේ. මේ හෙණ ගහන විධායක ක‍්‍රමය අහෝසි කරන්න  ඕනෑ කියන පොදු මතයකට සියලූ දෙනාම ඇවිත් ඉන්නවා. මේක අවංකවම අහෝසි කළ හැකි වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ජනතාව ඒකරාශිවෙලා ඉන්නේ. ඒත් ඒක කොහොමද කරන්නේ කියන ප‍්‍රශ්නය තියෙනවා. මහින්ද රාජපක්ෂට තව අවුරුදු දෙකක් තිබියදීත් ජනාධිපතිවරණය තියන්න හදනවා. 2009 දී මේක නැති කරනවා කියලා 2010 දි ආපහු බලයට පත්වෙලා දැන් ආපහු එන්න හදනවා. මේ ක‍්‍රමය මිනිසුන්ට තිත්ත වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් රට ඉතාම තියුණු සන්ධිස්ථානයකට ඇවිත් තියෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අන්තිම ඇණය ගහලා වළලනවද එහෙම නැත්නම් ජනතාව වෙනුවෙන් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්න වැඩ කරනවද කියන එකයි මෙතැන තියෙන්නේ. 

 


0101 ප‍්‍රශ්නය - ඒ සඳහා විපක්ෂය පැත්තෙන් තියෙන බාධාව මොකද්ද?

කිසිම බාධාවක් නෑ. එහෙම බාධාවක් තියෙනවා කියලා හිතන්නේ දිනන්න අකමැත්තක් තියෙන අය මිසක් දිනන්න කැමැත්තක් තියෙන අය නොවෙයි. අපේ පක්ෂය අද බොහොම  ඕනෑ කමින් මේ විධායක ජනාධිපති ධුරය ගෙනාපු එක්සත් ජාතික පක්ෂය අද ඒක අහෝසි කිරිමේ සටන අතට අරගෙන තියෙනවා. ආණ්ඩුවේ බහුතරයක් ඒ මතයෙ ඉන්නවා. සුළු ජාතික පක්ෂ මුලින්ම කිව්වා තමන්ට අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් වෙන්නේ මේ ක‍්‍රමයෙන් කියලා. නමුත් දැන් ඒ අයත් අඬ අඬා කියනවා අපිව නැති කරලා තියෙන්නේ මේ ක‍්‍රමය කියලා. මේ සටනට අද ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා ඉන්නවා. හෙළ උරුමයත් ඇවිත් තියෙනවා. මුස්ලිම් කොංග‍්‍රසයත්, දෙමළ කොංග‍්‍රසයත් එතැන ඉන්නවා. ඒ නිසා මේ සටනට විපක්ෂය පැත්තෙන් කිසිම බාධාවක් නෑ.


 

0101 ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ?

අපේ පක්ෂය තවම එහෙම තීරණයක් අරගෙන නෑ. තවමත් නිල වශයෙන් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කරලා නෑ. ඒ නිසා නැති ඡුන්දයකට නම් ඉදිරිපත් කරලා නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කෙටිකාලීන වැඩ පිළිවෙළක්. ඒ කෙටිකාලීන වැඬේට ඉදිරිපත් කරන්නේ කවුද කියන එකයි මෙතැන තියෙන්නේ.

 


0101 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ රනිල් එන්නේ නැහැ?

රනිල් වික‍්‍රමසිංහවත් ප‍්‍රකාශ නොකළ දෙයක් අනික් අය කියන්න යන්න අවශ්‍ය නෑ. අපි බොහොම කැමැතියි. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරන්න පුළුවන් නම්. මොකද 1982 ජනාධිපතිවරණයේදී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වේ -මට රකින්න පරපුරක් නෑ. ඔටුණු පළඳවන්න කුමර කුමරියොත් නෑ. මගේ ජනතාවටයි ඔටුණු පළඳවන්න  ඕනෑ” කියලා. දැන් බලන්න! ඒක හරියටම ගැළපෙන නායකයා තමයි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ එහෙම අභීත නායකයෙකුටයි.

 


0101 ප‍්‍රශ්නය -  එහෙමනම් මොකද්ද තියෙන ප‍්‍රශ්නය!

අපි කවුරුත් පිළි අරගෙන තියෙනවා. මේක අපේ පක්ෂයට පමණක් තනියෙන් කරන්න බෑ කියලා. 

 


0101 ප‍්‍රශ්නය -  එහෙනම් ඇයි එජාපයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ?

ඕක එක්තරා පුද්ගලයකුගේ සිහිනයක්. මෙච්චර කාලයක් වෙනත් මත දරලා නායකතුමාට බෑ. පන්නන්න  ඕනෑ කියලා කියපු අය මේ වෙලාවේ එහෙම කිව්වට රනිල් වික‍්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය බොහොම  ඕනෑ කමින් රටේ තියෙන නාඩි අල්ලාගෙන මේක අහෝසි කරන්න  ඕනෑ කියන තැනට බොහොම පරිස්සමින් ගමන් කරලා තියෙනවා. ඒ විදියට නායකතුමා හා පක්ෂය එහෙම ස්ථාවරයකට ඇවිත් ඉන්නකොට ඒ මතය අභිබවා වැඩ කරන්න හදන්නේ මහින්ද රාජපක්ෂට උදව් කරන්න කියන එක තව දුරටත් හංඟන්න බෑ.

 

  8_MAIN_P_27


0101 ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස කියනවා රනිල්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙනවා කියලා.

ඒක තමයි මම කියන්නේ. තව අවුරුදු දෙකක් තියෙනවා. මේ මොකද්ද මේ කරන්නේ

 


0101 ප‍්‍රශ්නය - රනිල් වෙනුවට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න  ඕනෑ කියන ස්ථාවරයෙද ඔබ ඉන්නේ?

ඡන්දයක් තාම ප‍්‍රකාශයට පත්වෙලා නැති නිසා ඔය ගැන කතා කරන්න අවශ්‍ය නෑ කියලා තමයි මම හිතන්නේ. නමුත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමත් අපේ පක්ෂයේ සියලූම දෙනාත් මේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ අවශ්‍යතාව නොවෙයි සියලූ දෙනාගෙම මතය මේක අහෝසි කළ යුතුයි කියන එකයි. එහෙම කෙටිකාලීන වැඩ පිළිවෙළක් වෙනුවෙන් වැඩ කරන්න  ඕනෑ කොහොමද කියන එක ගැන සාකච්ඡුාවක් තියෙනවා. මේක අපි අනික් පක්ෂ එක්කත් කතා කරගෙන යනවා. ඒ පක්ෂවල ඉල්ලීම පරිදි අපි නිශ්ශබ්දව ඒ අවස්ථාව එනකම් තමයි බලාගෙන ඉන්න  ඕනෑ. මෙන්න මේක තමයි වෙන විදියකට විකෘති කරලා මහින්ද රාජපක්ෂගේ  ඕනෑකමට ප‍්‍රශ්න ඇතිවෙන විදියට ප‍්‍රකාශ නිකුත් කරන්නේ. 

 


0101 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ එජාපයට තනියෙන් දිනන්න බෑ!

බෑ තමයි. ඒ නිසා තමයි අපි අනික් සියලූ ප‍්‍රගතිශීලි, ප‍්‍රජාතන්ත‍්‍රවාදි බලවේගවල සහාය පතන්නේ. ඒ වෙනකම් අපි නිශ්ශබ්දව සිටිය යුතුයි. ඒ බලවේගවලට විශ්වාසය ඇති කළ යුතුයි. ඒකට එරෙහිව කවුරු හරි ප‍්‍රකාශ නිකුත් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂට උදව් කිරීමක්.

 


0101 ප‍්‍රශ්නය -  පොදු අපේක්ෂකයා විදියට මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරිපත් කරන්න ඔබ විශාල ප‍්‍රයත්නයක නියැලී ඉන්නවා?

ඒ ප‍්‍රකාශ ඔය එක එක මඩ පත්තරවල ගිය ඒවා. මේ වෙලාවේ නොයෙක් අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. රවි කරුණානායක නොවෙයි මුළු එක්සත් ජාතික පක්ෂයම කතා කරන එක මගේ නමින් ගෙන යනවා නම් මම කැමැතියි. මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ අපේ රනිල් වික‍්‍රමසිංහ චන්ද්‍රිකා කුමාරතුංග, සරත් සිල්වා, ශිරාණි බණ්ඩාරනායක, අර්ජුන රණතුංග වගේ නම් ගණනාවක් තියෙනවා. මට තියෙන ප‍්‍රශ්නය තමයි ඇයි මේ සමහරු රාජපක්ෂලාට  ඕනෑ විදියට ප‍්‍රකාශ නිකුත් කරන්නේ කියලා.

 


0101 ප‍්‍රශ්නය -  කොහොම වුණත් මේ වෙනකොටත් රනිල්ට කොටි ලේබලය ඇලවීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක වෙනවා?

රනිල් තමයි මේ රටේ මොළයක් ඇතිව වැඩ කරපු එකම නායකයා. කරුණා අම්මාන් අද ඉන්නේ කොහේද? කේ. පී. ඉන්නේ රජ ගෙදර. අපි වරාය ආරක්ෂක පීඨයට ගිය වෙලාවේ දැක්කා සේවකයන් එකසිය පනස් දෙනෙක් දාගෙන රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රතිරූපය බිඳින්න මහා මෙහෙයුම් කරන හැටි. යුරෝපා සංගමයේ තහනම අයින් කරගන්නේ ඒකේ හිරවෙලා තියෙන සල්ලි පොදි මේ අයට ගන්නයි. ඒකනේ ඒ තහනම අයින් කරනතුරු මොකවත් නොකළේ. ජිනීවාවල තානාපති කාර්යාලය ප‍්‍රතිසංස්කරණය කරන්න දීලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ ආයතනයකට. මේවා හෙළි දරව් වෙලා තියෙන්නෙ 2005 ඡන්දෙ දිනුවේ කොටින්ට සල්ලි දීලා කියලා කියන්නේ සල්ලි දීපු අයමයි. ඒවා පාර්ලිමේන්තුවේ හැන්සාඞ් එකේ තියෙනවා. හැම තිස්සෙම ඡුන්දයක් එනකොට රනිල්ට අපේ පක්ෂයට කොටි ලේබලය අලවනවා. නමුත් කොටි අපේ පක්ෂයට මොන තරම් හානියක් කරලා තියෙනවද කියලා දන්නවා. රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, රන්ජන් විජේරත්න මරපු කොටින් එක්ක අපට තියෙන සම්බන්ධය මොකද්ද? කොටි ඉන්නේ ආණ්ඩුවේ සරම අස්සේ. ඒක මම ඉතාම පැහැදිලිව කියනවා.

 


0101 ප‍්‍රශ්නය -  ඉතින් ඔබ යන්න හදන්නෙත් සරම අස්සේ කොටි ඉන්නවා කියලා ඔබම කියන ආණ්ඩුවට?

මාව යවන්න හදන්නේ කවුද? මමද යන්න හදන්නේ? එහෙම නැත්නම් කවුරු හරි අපිව යවන්න හදනවද? ආණ්ඩුවේ උගුල්වල වැටිලා ඉන්න අයද අපිව මේ යවන්න හදන්නේ? මම ඔබතුමාගෙන් ප‍්‍රශ්නයක් අහන්නද? මීට මාසයකට දෙකකට ඉස්සරත් ඔබ මගෙත් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න ආපු වෙලාවෙත් කවද්ද ආණ්ඩුවට යන්නේ කියලා ඇහුවා මතකද? මාව පනස් එක් සැරයක් ආණ්ඩුවට යවන්න හැදුවා නේද? ඇයි මට මෙහෙම කරන්නේ? මේවා කරන්නේ වෙන කවුරුවත් නොවෙයි, අපේ පක්ෂය පරාජය කරන්න ලෑස්ති වෙලා ඉන්න එක්කෙනෙක් දෙන්නෙක්. අපි මේ ගිලෙන නැවෙන් මීයන් පනින්න හදනකොට ඔවුන් තුළ විශ්වාසය ඇති කරලා ඔවුන්ට අත දිගු කරලා තියෙනකොට ඒකට බාධාකාරි විදියට වැඩ කරන්නේ මේ අය නොවෙයිද? අපි මේ පක්ෂය දැවැන්තව ආරක්ෂා කරපු අය. ඒ නිසා තමයි අපිට මෙහෙම ගහන්නේ. මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ගමනට උදව් කරන අපේ පක්ෂයේම ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් තමයි මෙහෙම කියන්නේ. 

 


0101 ප‍්‍රශ්නය - ඔබ ආණ්ඩුවට යන්නේ නෑ කියලා කිව්වත් ඔබ හා ඔබේ හඬ නියෝජනය කරපු මන්ති‍්‍ර කණ්ඩායම අද පක්ෂය තුළ අවතැන් වෙලා නේද?

එහෙම වෙලා නෑ අවතැන් කරන්න හදනවා. නමුත් මම බොහොම පැහැදිලිවම කියනවා, එහෙම කරන්න දෙන්නේ නෑ කියලා. ඔය එක් කෙනෙක් දෙන්නෙක් ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් ඉෂ්ඨ කළාට මුළු පක්ෂයම ඉන්නේ මේ සටන ජයග‍්‍රහණය කරවීමේ ඒකාන්ත විශ්වාසයෙන්.

 


0101 ප‍්‍රශ්නය - ඔබ ඔය එක්කෙනෙක් දෙන්නෙක් කියලා කියන්නේ කාටද? 

ඒ අය දැන් හෙළි දරව් වෙලා ඉවරයි. මුළු රටම දන්නවා. දැන් මම අහනවා. කෝ ඔය කපුකම කළා කියන එක්කෙනා.

 


0101 ප‍්‍රශ්නය -  ඔබ අහන්නේ පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක ගැනයි?

එයානේ කපුකම කළා කියන්නේ කෝ කරපු කපුකම. මහ ලේකම් කිව්වා. බොහොම උජාරුවෙන් කිව්වේ. කපුකම කරලා තියෙන්නේ පක්ෂෙවත් නැති එක්කෙනෙක් එක්කයි. පිට අය එක්ක සාකච්ඡුා කරලා තිස්ස අත්තනායක ලජ්ජා නැතිව කියනවා. කපුකම කළා කියලා අපේ පක්ෂයේ මෙච්චර දක්ෂයෝ ඉන්නකොට අපි පක්ෂයේ සමගිය වෙනුවෙන් බොහොම ඉවසීමෙන් කටයුතු කරනකොට පක්ෂයේ සමගිය වෙනුවෙන් අපේ තනතුරු පරිත්‍යාග කරනකොට මොනවද මේ ලජ්ජා නැති කතා. මම මේ කතා කරන්නේ පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන්. අපිව පාවලා දුන්නේ මේ අයයි. ඔය කපුකම කළා කියන තැනත් තාම පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. අපේ නායකතුමා නැති කරන්න කටයුතු කරනවා. මොනවද මේ ලජ්ජා නැති කපුකම්. මහ ලේකම් කෙනෙකුට මේවා සුදුසුද?

 


0101 ප‍්‍රශ්නය - ඔබට තිස්ස සමගත් ලොකු ගැටුමක් තියෙනවා වගෙයි?

අනිවාර්යයෙන්ම එයා අත්තනෝමතිකවයි වැඩ කරන්නේ. ආසන සංවිධායකකම් පත් කරනකොට අඩු තරමේ නායකතුමා දන්නෙත් නැහැ. කොළඹ දිස්ති‍්‍රක් නායකයා වෙච්ච මම දන්නෙත් නැහැ. එහෙම වැඩ කරන්න දෙන්න පුළුවන්ද?

 


0101 ප‍්‍රශ්නය - දැන් නායකත්ව මණ්ඩලය තියෙනවාද?

නායකත්ව මණ්ඩලය අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ඒක අකි‍්‍රය කරන්නේ කවුද? ඒකෙන් ඉස්සෙල්ලාම එළියට ගියේ මහ ලේකම්තුමා. මටයි බැන්නේ. මම මොකද්ද කළේ? පක්ෂය ආරක්ෂා කරපු නිසාද? 

 


0101 ප‍්‍රශ්නය -  කොහොම නමුත් දැන් තීන්දු තීරණ ගන්නේ නායතක්ව මණ්ඩලය නොවෙයිනේ?

නායකත්ව මණ්ඩලය තියෙනවා. නමුත්  ඕක අකි‍්‍රය කරන්න හදනවා. කොටින්ගේ සල්ලිවලින් යැපෙන අය තමයි ඒක කරන්න හදන්නේ. ඒ අය තමයි මහින්ද රාජපක්ෂට කඬේ යන්නේ. මේ අය අපේ මහලේකම් එක්ක කතා කරලා කපුකම් කරලා සමගිය හැදුවලූ. හැබැයි අපට ගහනවා. නායකතුමාට ගහනවා. එහෙම ගහනකොට පක්ෂයේ මහලේකම්තුමා අපිව ආරක්ෂා කරනවද? අපි ආණ්ඩුවට යන්නෑ කියලා එයා කියනවද? -ගියොත් ගියාවේ” කියලා තමයි එයා කියන්නේ. අපේ නායකතුමාවත් පක්ෂයත් අපි ආරක්ෂා කර ගන්න  ඕනෑ. මොකද අපි දිනන්න  ඕනෑ. ඔක්කොම අය අහන්නේ මේ අය මොනවද මේ කරන්නේ කියලයි.

 


0101 ප‍්‍රශ්නය - තිස්ස අත්තනායක කාගේ හරි ලණුවක් කාලා කියලා ඔබ හිතනවද? 

ඇත්තටම මොන හූනියමක් කළාද කියලා මම දන්නේ නැහැ. හැබැයි කාටවත් මේ පක්ෂයට හූනියමක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපට දුකයි අපි මේ පක්ෂය ආරක්ෂා කරගන්න කැප කිරීම් පරිත්‍යාග කරපු අය. මට දැන ගන්න  ඕන කා එක්කද මේ කපුකම කළේ. මොකා එක්කද කළේ. නායකතුමාට, කරු ජයසූරියට, මට, මංගලට, විජයදාස රාජපක්ෂට, ලක්ෂ්මන් කිරිඇල්ලට, රුවන් විජයවර්ධනට, තලතා අතුකෝරාලට, රංජිත් මද්දුම බණ්ඩාරට, කබිර් හෂීම්ට ගහලා නැති කරන්න හදන අයත් එක්කද මේ කපුකම කළේ. කෝ ඒ කපුකමේ ප‍්‍රතිඵල. අපි මේ පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කරපු අය. දුෂ්කරම මොහොතේ පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද අය. පක්ෂයේ සමගිය වෙනුවෙන් පෙනී හිටපු අය. මම මේ කතා කරන්නේ මගේ පක්ෂය වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුවෙන් ගැලවිලා මේ පැත්තට එන්න විශාල පිරිසක් ඉන්නවා. පොදු විපක්ෂයක් ගැන අපි කතා කරනවා. ඒ වෙනුවෙන් අපිට කොන්දක් තිබිය යුතුයි. ඒ නිසයි මෙහෙම කතා කරන්නේ.

 


0101 ප‍්‍රශ්නය - ඇයි රනිල් ඔබ හා ඔබේ කණ්ඩායම පාවා දුන්නේ? 

නෑ. රනිල් වික‍්‍රමසිංහ පාවා දුන්නේ නැහැ. වෙන්නේ මේ වගේ කපුකම් කරනවා කියලා හූනියම් කරන කට්ටිය නිසා එතුමා එහෙම කරනවා ඇති. සමහරවිට එතුමත් දන්නේ නැතිව ඇති මොනවද වෙන්නේ කියලා. එතුමත් එක්ක මෙච්චර කාලයක් නොහිටපු, දැන් එකතුවෙලා ඉන්න කුමන්ත‍්‍රණ කරන ආණ්ඩුවට  ඕන විදියට වැඩ කරන අය නිසා එහෙම වෙන්නැති.

 


0101 ප‍්‍රශ්නය - මංගලට තිබුණු සංනිවේදන බළකාය රනිල් යළිත් පවරාගෙන?

එහෙම කියන්න එපා. රනිල් වික‍්‍රමසිංහ එහෙම කිසිම දෙයක් කළේ නෑ. ඔය කතාව කියලා තිබුණේ ඔය මඩ පත්තරයක විතරයි.

 

8_MAIN_P_28


0101 ප‍්‍රශ්නය - නමුත් මංගල සිංගප්පූරුවට ගියේ කල කිරීමකින්?

මේක හරි වැඩක් නේ. සමහරු තනතුරුත් අරගෙන පක්ෂයට ශත පහක දෙයක් කළේ නෑ, ඒ අය පාවාදීමක් නොවේද කළේ. අපි පක්ෂය වෙනුවෙන් අපේ තනතුරු පූජා කරලා තියෙනවා. අපිට ලියුම් දීලා නෑ. ඒත් අපි වැඩ කරනවා. එහෙම වැඩ කරන කෙනෙක් ප‍්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියාම ඒක ලොකු ප‍්‍රශ්නයක් කරගන්නවා. මේක හරි වැඩක් නේ.

 


0101 ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයෙන් පස්සේ යම් හෙයකින් පක්ෂ නායකත්වය සජිත් අතට පත් වුණොත් ඔබට මේ පක්ෂය තුළ ඉන්න පුළුවන්ද?

පළමුව කිව යුතුයි, රනිල් වික‍්‍රමසිංහ පරදින්නේ නැහැ. ඔබ කියන විදියේ කුමන්ත‍්‍රණ කරන්න අපි කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැහැ. අපි පරාද වෙන්නෙත් නැහැ. ඔය වගේ කුමන්ත‍්‍රණ කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ උදව් අරගෙන ආණ්ඩුවට උදව් කරන අයගේ කුමන්ත‍්‍රණ කවදාවත් සාර්ථක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේවා කියන්න බයෙන් ඉන්න, ඒ පැත්තෙන් මේ පැත්තට එන්න ඉන්න ආඩම්බරකාර මිනිසුන් වෙනුවෙන් වගේම මේ ශාපලත් රජය පෙරළන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලූ දෙනාට අපි කියනවා, ඔය කුමන්ත‍්‍රණකාරයන්ට ඉඩ දෙන්නේ නැහැ. අපි පක්ෂය තුළ ඉන්නවා. බය වෙන්න එපා. අපි සටන ජයග‍්‍රහණය කරනවා. කුමන්ත‍්‍රණකාරයන්ට කිසිම ඉඩක් මේ පක්ෂය තුළ නෑ. මොකද මේ දිහා දෙවියොත් බලාගෙන ඉන්නවා.

 


0101 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ මංගල යන්නෙත් නැහැ?

නෑ යන්නේ නෑ.

 


0101 ප‍්‍රශ්නය - ඔබ යන්නෙත් නැහැ?

නෑ. කවුරුවත් යන්නේ නැහැ. ඒ පැත්තෙන් මේ පැත්තට එනවා. එච්චරයි වෙන්නේ. ඇයි ඔබ මම යනවද කියලද අහන්නේ? මම මේ ඒ පැත්තෙන් මේ පැත්තට කට්ටිය ගනිමින් ඉන්නේ. ඉතින් මම යන්නේ ඇයි? මම මහින්ද රාජපක්ෂ අඳුරනවා. අපි හිතවත්. හැබැයි අපි කුපාඩි දේශපාලනයක් කරන්නේ නැහැ. අපිට යටින් ඞීල් නැහැ. අපිට තියෙන්නේ දේශපාලන විවේචනයක්. එහෙම නැතිව අපිට වෙන ගේමක් නැහැ. වෙනම කාර් තියාගෙන වෙනම ගෙවල් තියාගෙන. තියෙන ඔය කේස් වහගන්න අපි දේශපාලනය කරන්නේ නැහැ. අපි මෙච්චර දවසක් ඉවසාගෙන හිටියා. අපි අපේ තනතුරු පක්ෂය වෙනුවෙන් පරිත්‍යාග කළා. කෝ ඒවායේ ප‍්‍රතිඵල. මම මේ කතා කරන්නේ දුකෙන්. පක්ෂය ජයග‍්‍රහණය කරගන්න අපට අවශ්‍යයි. මාව පාවලා දෙන්න. ඒත් කමක් නෑ පක්ෂය ජයග‍්‍රහණය කරනවා නම්. මේ කරලා තියෙන හූනියම අපි කපලා දානවා. අපි රනිල් වික‍්‍රමසිංහ රැුක ගන්නවා. පක්ෂය රැක ගන්නවා. ඔය හූනියම් කරන අය ගියා දෙන්. කුමන්ත‍්‍රණය කරන අය ගියාදෙන්. පිටින් අපේ පක්ෂයට එන පිරිස් ඊට වඩා අපිට වටිනවා. මේ කුමන්ත‍්‍රණකාරයෝ  ඕන් නැති ප‍්‍රකාශ වේදිකාවල කරනවා. -පනින ගෙම්බෝ” කියලා කියනවා. කාටද මේ කියන්නේ? ආණ්ඩුවෙන් එන්න ඉන්න අයට. එතකොට මේ අය සේවය කරන්නේ කාටද? එන්න ඉන්න අයට මම කියනවා ඒ ප‍්‍රකාශය ගැන මම සමාව ඉල්ලනවා. මම එහෙම කියන්නේ අපේ පක්ෂය වෙනුවෙන්.

 


0101 ප‍්‍රශ්නය - මේ මොහොතේ පක්ෂය මෙහෙයවමින් ඉන්නේ සජිත් පේ‍්‍රමදාස කියලා ඔබ හිතන්නේ නැද්ද?

කවුද ඒ? කවුද ඒ?

 


0101 ප‍්‍රශ්නය - ඔබේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා?

ඔය හීන දකින අයගේ කතා. පක්ෂයේ ප‍්‍රශ්න හදලා තනියෙන් බුදුවෙන්න හදන අය මේ පක්ෂයට අවශ්‍ය නෑ. අපට  ඕනෑ ඔක්කොම එකතුවෙලා ජයග‍්‍රාහී ගමනක් යන්නයි. ඔය කියන අයට එදා සීයක් හිටියානම් අද කී දෙනෙක් ඉන්නවද? මම නිතරම කියන දෙයක් තමයි රනිල්, කරු, රවි, සජිත් මේ ඔක්කොම ඉන්න  ඕනෑ. හැබැයි එක්කෙනෙකුට එහෙම හිතන්න බැරිනම් එයා නිසා මේ රට ප‍්‍රපාතයට  යනවා බලාගෙන ඉන්න අපට බෑ. මේවා විවෘතව කතා කළ යුතුයි. 

 


0101 ප‍්‍රශ්නය - පක්ෂයෙ නියෝජ්‍ය නායක ධුරය තියෙන්නේ නායකත්ව මණ්ඩලයට උඩින්ද යටින්ද?

අනිවාර්යයෙන්ම යටින්. ඒක ප‍්‍රකාශ කළේ මම නොවෙයි. අපේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමයි. අනික මෙතැන ප‍්‍රශ්නය උඩින්ද යටින්ද කියන එකනෙවෙයි. අපි ඔක්කොම එකතුවෙලා මේ රාජපක්ෂ පාලනය පෙරළන්න කටයුතු කළ යුතුයි. තනතුරු ගැන කතා කරන්නේ රාජපක්ෂ පාලනයේ රූකඩ. හැබැයි එකක් කියනවා අපි කරන්නේ පවුල් වාදයට එරෙහි සටනක්. ඒ නිසා පක්ෂය තුළ පවුල් වාදයක් ඇති කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

 


0101 ප‍්‍රශ්නය - රවි, මංගල, ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ මේ කවුරුවත් සුපිරි යූඑන්පි කාරයන් නොවෙයි?

කවුද ඔය කියන්නේ කවුද කියන්නේ අපි සුපිරි නැහැ කියලා. අපේ සීයලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරන්න කටයුතුකරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් ගිහිල්ලා පුරවැසි පෙරමුණු හදපු අයගේ පුතාලා තමයි ඔය අපේ සුපිරි බව ප‍්‍රශ්න කරන්නේ. ඔය හරහා තමයි මේ පක්ෂය විනාශ කරන්න හදන්නේ. රනිල් වික‍්‍රමසිංහ දන්නවා අපි මොනවද කළේ? කොහොමද කළේ කියලා. එතුමාව බිත්තියට හේත්තු කරලා අපෙන් එතුමාව ඈත් කරන්න හැදුවේ ඒ නිසයි. අපිත් මනුස්සයෝ. අපි ඉන්නෙත් බොහොම කළ කිරීමෙන්. ඒත් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් අපි කළ යුතු සියලූම දේවල් කරනවා. ඒක රට වෙනුවෙන් කරන යුතුකමක්. ඒ යුතුකම මේ සියලූ නින්දා අවලාද මැද නොසැලී ඉඳගෙන අපි කරනවා.

 


0101 ප‍්‍රශ්නය - ඒ කියන්නේ ඔබ ආණ්ඩුවට යන්නේ නෑ.

ඔබ ආයිමත් ඒ ප‍්‍රශ්නය මගෙන් අහන්නේ ඇයි?

 

prasanna-sanjeewa



අදහස් (0)

මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ගමනට අපේ පක්ෂයේ ඉන්න අයත් උදව් කරනවා

චින්තක Friday, 14 November 2014 04:43 AM

මුළු ලංකාවේම තිබුණු සතොසවල් වහලා දුප්පත් මිනිස්සුන්ට කීයක් හරි අඩුවෙන් යමක් ගන්න තිබුන තැන , විනාශ කරලා දැම්මේ මෙම මහත්හොරා තමයි.(හේ) .

:       0       0

දයානන්ද Saturday, 15 November 2014 04:16 AM

හැම තැනම ඔය දේ වෙනවනේ.ඒක නිසා ඒ ගැන හිතන්න එපා.(හේ)

:       0       0

අමන්දා Friday, 14 November 2014 06:19 AM

සතොස වැහුවට දැන් ඇරලා තයෙන්නේ. මිහින් ලංකා ,ශ්‍රී ලන්කන් ,තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය වැනි සිය ගණනක් ආයතන වැහෙන තත්වෙට දැම්මේ කව්ද ?.කඩේ යන කොට පෙන්නේ නැතිද?.(බ)

:       0       0

කින්ග්ස්ලි පෙරේරා Monday, 17 November 2014 07:43 AM

ප‍්‍රශ්නය - ඔබ කියන්නේ එජාපයට තනියෙන් දිනන්න බෑ!... බෑ තමයි .මටනම් හරි හිනා.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කිව්වලුනේ.. (අ)

:       0       0

අමිතා Thursday, 13 November 2014 04:05 PM

මටනම් මෙතුමා මතක් වෙනකොට මතක් වෙන්නෙම 2001-2004 කාලයේ ස.තො.ස.මයි.අනේ මන්දා ඒ මොකද කියලා.(හේ)

:       0       0

ඉනූෂ Friday, 14 November 2014 08:04 AM

ඒක ඉතින් කොතනත් තියෙන දෙයක්නේ.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 12 November 2014 06:58 AM

සල්ලිවලට ආත්මය විකුණන්නේ නැහැ (දිල්)

:       0       0

යසංග Monday, 17 November 2014 03:08 AM

මේක නම් නියම කතාව! (නි)

:       0       0

ජගත් Thursday, 13 November 2014 06:45 PM

අනේ අමිතා, මටත් ඔයාට වගේම හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4817 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 646 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1224 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 109 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 193 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 257 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25552 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1064 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site