පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ගෙන ආ අලූත්ම වාහන ප‍්‍රමාණය තුන්සීය ඉක්මවීය. මෙම වාහන ප‍්‍රමාණය සමුළුවෙන් අනතුරුව පාවිච්චි කරන්නේ කවුද? මේ පිළිබඳව සමාජයේ විවිධ මතවාද පවතී. මේ ඒ ගැන කරන විමසුමකි.
වාහන වෙළෙඳපොළේ ඇති මිල ගණන්වලට අනුව නම් සමුළුව සඳහා ගෙන්වන ලද වාහනයක දළ වටිනාකම ලක්ෂ 150 ක් ඉක්මවා ඇත. ඒ තීරුබදු සහිතවය. ගෙන්වා ඇති මුළු වාහන සංඛ්‍යාව 319 ක් බව සඳහන් වේ.
මෙම මුළු වාහන සඳහා දරන්නට සිදුවිය හැකි වියදම කෝටි 450 ඉක්මවා ඇත. තීරු බදු රහිතව මෙම වාහන තොගය ගෙන්වූවා නම් වැයවන මුදල රුපියල් කෝටි 127 ක් පමණ විය හැකිය. ඒ අනුව රජයට දැරීමට සිදුවන පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 351 ක් පමණ වේ.
රාජ්‍ය නායකයන් සඳහා පහසුකම් සැපයීම රජයේ වගකීම හා යුතුකම වෙයි.
ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැත.
එහෙත් මේ රටින් ඒ සඳහා අවශ්‍ය වාහන ලබා ගැනීමට රජයට හැකියාව ඇත. කුලියට, බද්දට හෝ ඉහළ පෙළේ ධනවතුන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් මේ වාහන ලබා ගැනීමට හැකියාව ඇත. ඒ සදාකාලිකව නොවේ. දින කීපයකට පමණි.
අවශ්‍යතාවයක් තිබුණා නම් රජයට කළ නොහැකි දෙයක් නැත. වාහන අවශ්‍ය නම් ඒ සඳහා මේ තරම්ම මුදලක් වියදම් කළ යුතු නැත. වියදම් කළ යුතු තත්ත්වයක රට පවතින්නේ නැත.
විදේශ ණය බර ගෙවා අවසන් කිරීමට පෙර දැක්මක් තිබිය යුතුය. ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යය. වැටුප් වැඩි කිරීමට තීන්දුවක් ගත යුතුය. බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉදිරියේ සුඛෝපභෝගී වාහන ගෙන්වීම මේ අවස්ථාවේ රටට නොගැළපෙන්නක් බව ඇතැම්හු චෝදනා කරති.
මෙම වාහන ගෙන්වූයේ මැති - ඇමැතිවරුන්ගේ ප‍්‍රයෝජනය සඳහා බවට ආරංචිමාර්ග පැතිරී ඇත. මේ වාහන මේ රට තුළම අලෙවි කරන බවට ද ආරංචි පැතිරී ඇත.
හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම් යටතේ ඒ ඒ අමාත්‍යාංශවලට වාහන සඳහා වෙන් කරන ලද මුදල් මෙසේය. මෙම පරිපූරක ප‍්‍රතිපාදන සලසා දී තිබුණේ පසුගිය ජූනි මාසයේදීය.
⋆ සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය - රුපියල් කෝටි 2 කි.
⋆ රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 2 කි.
⋆ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 548 කි.
⋆ අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් 1,15,00,000 කි.
⋆ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 99 කි.
⋆ යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් 61,85,000 කි.
⋆ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් 60,98,050 කි.
⋆ පොලිස් දෙපාර්තමේන්තුවට ලක්ෂ 85 කි.
⋆ ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් 23,50,00,000 කි.
⋆ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 70 කි.
රාජ්‍ය නායකයන් පැමිණෙන නිසා ඔවුන්ගේ ගමන් බිමන් සඳහා වාහන අවශ්‍ය බව රජයේ අදහසයි. එහෙත් ඇතැම් නායකයන් මේ රටට පැමිණෙන්නේ තමන්ට පාවිච්චි කිරීමට අවශ්‍ය වාහනයද රැගෙනයි. උදාහරණයක් වශයෙන් චාල්ස් කුමාරයා මේ රටට පැමිණෙන්නේ ඔහුගේ වාහනයද සමගයි. සමහරු වාහනය රැගෙන එනවා ඇති. රටවල් 54 කට මේ රට ආරාධනා කර ඇතත්, පැමිණෙන්නේ රටවල් 37ක නායකයන් නම් වාහන 54ක් ගෙන්වීමට කොහෙත්ම අවශ්‍ය නැත. රටවල් ගණනාවකින් රාජ්‍ය නායකයන් වෙනුවට සහභාගී වන්නේ ඇමැතිවරු හා වෙනත් නියෝජිතයන්ය. ඇමැතිවරයකු ගෙනයාමට ලෝකයේ ඇති හොඳම වාහනය ගෙන්විය යුතු බවට සමුළුවට අදාළ නියමයක්ද නැත. එසේ තිබියදීත් බිලියන ගණනාවක මුදලක් වැයකර මේවා ගෙන්වා ඇත. මේ වාහන සමුළුවෙන් පසු විකුණා දමන බවට කටකතාවක් පැතිරී ඇත. එහෙත් ඒ පිළිබඳව රජය ස්ථාවර පැහැදිලි තීන්දුවක් මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැත. නමුත් රජය සමුළුවෙන් පසු මේ වාහන ටික විකුණා දමනු ඇත. අමාත්‍යංශ මගින් ඒවා මිලදී ගැනීම සිදු වනු ඇත.
මෙම වාහනවලට අමතරව හදිසි අවශ්‍යතා සඳහා විශේෂ පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමද සිදුවේ. මෙම වාහනවලට අමතරව සමුළුව පැවැත්වෙන නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව නවීකරණය වෙනුවෙන් ප‍්‍රතිපාදන ලබාගෙන ඇත. හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම් (2013* ජනාධිපති ලේකම් කාර්යාලය වියදම් ඒකකය යටතේ රුපියල් කෝටි 10ක මුදලක් ලබාදී තිබිණි. මෙම නෙළුම් පොකුණ රංගශාලාව විවෘත කරනු ලැබුවේ පසුගිය 2011 වර්ෂයේදීය. මේ වනවිට වසර 2ක් තරම් සුළු කාලයක් ගෙවී තිබියදී මේ තරම් විශාල මුදලක් වැය කර නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව නවීකරණය කිරීමට දෙයක් තිබේද? වසර 10, 15 ක් පැරණි ගොඩනැගිල්ලක් අලූත්වැඩියාවට මෙම මුදල වැය කළා නම් සාධාරණය. |
මෙය වියදම් අවම කර ගැනීමේ වැඩපිළිවෙළක්. නිරන්තරයෙන් වාහන ගෙන්වීම සඳහා අමාත්‍යංශවලට මුදල් ලබාදීම මුළුමනින්ම අත්හිටුවනවා. මේ බව දැනටමත් සියලූ අමාත්‍යංශවලට දැනුම් දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට වාහන ගෙන්වීම අමතර වියදමක් හා අනවශ්‍ය වියදමක් ලෙස කවුරුන් හෝ තර්ක කරනවා නම් ඒක සාධාරණ නැහැ. මේ වාහන කොහොමටත් අමාත්‍යංශවලට ගෙන්වීමට නියමිතව තිබූ වාහන. එකවර ගෙන්වුවත් එක් එක් අමාත්‍යංශවලට වෙන් වෙන්ව ගෙන්වුවත් ඒ කි‍්‍රයාමාර්ග දෙකේම වෙනසක් නැහැ. ප‍්‍රතිඵලය එකයි. බොහොමයක් අමාත්‍යංශවල පාවිච්චි කරන වාහනවලින් සියයට 75ක් 80ක් පමණ ඉතාමත් යල් පැන ගිය පාවිච්චි කළ නොහැකි තත්ත්වයෙන් පවතින ඒවා. මේ වාහන නිතරම කාර්මික දෝෂවලට ලක්වෙනවා. ඒ නිසා එම වාහන වෙනුවෙන් අලූත් වාහන ලබාදිය යුතු වෙනවා. තවත් විශේෂත්වයක් නම් මෙවැනි සමුළුවක් පැවැත්වෙන විට රටේ ගෞරවයත් ආරක්ෂා කිරීම වැදගත්. අපි මේ ආශ්චර්ය කරා ගමන් කරමින් සිටින රටක්. සීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක්. ඒ අනුව බලන විට මේ වාහන ආයෝජනයක් විය හැකියි.
මෙම වාහන අතර අධි සුඛෝපභෝගි වාහන 50 පිළිබඳව තීන්දුවක් නැහැ. එම වාහන විකිණීමට හෝ ඇමැතිවරුන්ගේ පාවිච්චියට ලබාදීමට ඉඩ තිබෙනවා. නමුත් ඒ ගැන තවම පැහැදිලි තීන්දුවක් ලබාදීල නැහැ. ඒවා හැර අනෙකුත් සියලූ වාහන අමාත්‍යංශවල පැරැුණි වාහන වෙනුවට ලබාදෙනවා. අලූතෙන් වාහන ගැනීමට අමාත්‍යංශවලට මුදල් වෙන් කරන්නේ නැහැ. |
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා අතිවිශාල මුදක් වැය කර මෙරටට වාහන මිලදී ගෙන තිබෙන බව වාර්තා වේ. අවශ්‍යතාවකට මේ වාහන ගෙන්වන බව රජයේ ප‍්‍රකාශයයි. අවශ්‍යතාවක් නැතුව ගෙන්වනවා නම් එය රටේ ආර්ථිකයට බරපතළ තත්ත්වයකි.
අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා.. මැරෙන තුරාවටම රට ඉන්න තමා වෙන්නේ.ආස බිරිඳ දරුවෝ එක්ක ගෙදර ඉන්න. එහෙම උන්නොත් සේරම දෙනා බඩගින්නේ. ඒක නිසා අපි මෙහෙ ඉඳන් හම්බ කරලා යැව්වොත් අඩුම තරමින් එයාල හරි කාලා බීල ඉදීවි. ආශ්චර්ය නම් නියමයි. තව ලියන්න ගියොත් මොනවා ලියවේවිද දන්නේ නැහැ. මේ රට දිහා බලපුවම අපේ රට ගැන ඇති වෙන්නේ ගොඩක් කලකිරීමක්. (ස)
දියුණු, පොහොසත් රටවල් වල උනත් මේ වගේ දෙකට වාහන ගෙන්නන්නේ කුලියට, සති දෙකකට විතර. අනේ අනිච්චන්. කතා කරලා වැඩක් නැත. (ස)
අර ඇමතිගේ දෙන්නෙකුට වාහන නෑලු. පව් නේ, හරි වැරදි නේ, ඇඩෙනවා නේ. (නදී).
මේ රටේ ජීවත් වෙන අහිංසක දුප්පත් මිනුස්සු ගැන දශමයක් වත් හිතුවනම් මේ වගේ නාස්තිකාර වියදම් කරයිද? (අ)
මේ වාහන කියන තරම් මිල නැහැ. දැනටමත් භාවිතා කරලා. (ස)
මේ වාහන අලුතෙන් ගෙන්නපු එක නම් අපාරාධයක්.(නදී)
සල්ලි විනාශ කරන් නැතිව නැවත ඒ වාහන විකුණා ණය පියවන්න.(නුවන්)(නදී)
මෙයාල මේ ජනතාවටවත් රටටවත් ආදරේටය මෙහෙම රටේ මුදල් විනාශ කරන්නේ මොනතරම් අපරාධයක්ද ? මේවට වන්දි ගෙවන්න වෙන්නේ අපටම තමයි. (ස)
මේ රටේ ජීවත් වෙන අහිංසක දුප්පත් මිනුස්සු ගැන දශමයක් වත් හිතුවනම් මේ වගේ නාස්තිකාර වියදම් කරයිද? (නදී)
ජගත් හරි, දුවලා ගිහින් කතිරේ ගහන කොට මුකුත් මතක නෑ අපේ රටේ ඉන්න බුද්ධිමත් ගොන්නුන්ට. (ස)
බැරිබර කරේතියන් දෙපයට වාරුනැතත් හපුතලේ කන්ද නගිනවා... දුප්පතාට බුදුසරණයි (නි)
ලංකාව වගේ රටකට මෙවැනි දේවල් දරාගන්න අමාරුයි ....සමලුව මහා පරිමාණ ව්‍යාපරිකයන්ට සහ ඊට බදු අයකරන රජයට හොද උනාට සාමන්‍ය ජනතාවට නම් වෙන හොදක් නෑ. (නදී)
අර විදුලි ඇමති තුමියටත් දෙන්න ඇමති තුමනි.(නදී)i
ඔය එන්නේ බළලා මල්ලෙන් එළියට (නි)
අනිත් ඒවා කෙසේවෙතත් මෙම වාහන ගත්ත පිළිවෙත නම් පිළිගන්න බැහැ. පෙට්‍රල් ලීටර් 1= රු.192යි,ළූණු කිලෝ 1=රු. 300යි.මේවා පටිසන් දෙන වැඩ.කරන කලට පව් මිහිරිය මී සේ..විදින කලට දුක් දෑඩි වෙයි ගිනි සේ.. (නි)
විපක්ෂයක් හරියට නැති වුණහම ආණ්ඩුවක් කරන වැඩ තමා ඔය. අනේ ඇත්තට! (නි)
මේ වාහන කියන තරම් මිල නැහැ. දැනටමත් භාවිතා කරලා තියෙන්නේ. අඩු මිලට අපි අපිම බෙදාගමු (ස)
විදේශ විනිමය හොයන්නේ ඇමතිවරු වත් ජනාදිපතිවත් නෙවේ. එයාල කරන්නේ නයට ගන්න එක පමණි. නමුත් ඒ ගන්න නය ගෙවන්න ඕන රටේ මහජනතාව. කතිරේ ගහලා අපි නය ගන්න කොටසක් පත් කරගන්නවා. ඒ කරලා අපි එයාල ගන්න නය ගෙවනවා. පාට මොකක් උනත් හැමදෙනාටම නය ගෙවන්න සිද්ද වෙනවා.(නදී)
වෙඩි නොවදින නෙමේ හෙන නොවදින වාහන නැද්ද....? (ස)
අන්න හරි ශානක, අපේ අයට දෙන්න ඕනෑ හෙණ නොවදින වාහන. (නි)
සමුළුව නිසා ඉන්දියාව දෙවෙනි වතාවටත් අපිට පැරදුන.අපිලබපු ජය වාහන වලට වඩා වටිනවා. (අ)
තරහ වෙන්න එපා මම නම් ආයේ ඔයාලට ඡන්දෙ දෙන්නේ නෑ. (නදී)
ඕව මොලේ ඇති අයට දුන්නනම් තමයි හොද. මොලේ නැති හරක්ට නම් දෙන්න එපා.(නදී)
ඔය වාහන කාටවත් බෙදන්න එපා , ඔය වාහන අපේ රටේ වාහන ගෙන්වා අලෙවි කරන අයට සහන මිලකට විකුනා එම මුදල් රටේ වෙනත් සංවර්ධන කටයුත්තකට වෙන් කරන්න, ඇමති වරුන්ට තියෙන වාහන අලුත්වැඩියා කරගෙන වැඩ කටයුතු කරන්න කියන්න ඇමති වරුත් දැන් අරපිරි මැස්මෙන් වැඩකල යුතු කාලය ඇවිල්ලා තියෙන්නෙ (නදී)
ඕවා ඉතින් බෙදා හදා ගන්න නේද ගෙනාවේ? (නදී)
හෙන නොවදින වාහන නම් ගොඩක් ඕනේ වේවි ඉදිරියට. (නදී)
බැන..බැන ඊලග පාරත් කතිරේ ගහන්න හොද පුතාල වගේ. තව ටික දවසකින් ඔය සේරම අමතකයිනේ.(නදී)
ගෙන්වූ වාහන මහජන වෙන්දේසියකට දමා හැකි තරමින් මුදල් කරගන්න බැලුවොත් හොඳයි නේද? නැවත වරක් රජයම තියාගන්නවට වැඩිය, ගන්න කට්ටිය රටේ ඉන්නවා. අදහසක් විතරයි (නි)
අපිට තමා වෙන කාටද (ස)
දැන් බොරුවට බනිනවා. ඡන්දයක් තිබ්බහම මේගොල්ලන්ටම කතිරේ ගහනවා. (ස)
අපි තමයි හිඟන්නෝ 54කගෙ ලොකුම හිඟන්නා.(ස)
කොහොමද ඔහොම කතාකරන්නේ? (නි)
මටනම් පුදුම සතුටක් මේ අය ගැන තියෙන්නේ.වෙන සමුළු නැද්ද දන්නේ නෑ රටේ තියන්න. (ස)
මේ වාහන සිංගප්පූරුව වගේ රටකට විකුණලා දැම්මොත් හොඳයි (නි)
මේ රටට ආවේ වාහන දැකල නැති රටවල නායකයෝ නෙවේ. අපේ රටේ මයික්‍රෝ වාහන වලට මේ අවස්ථාව දුන්න නම් එයාලට පෙන්නන්න තිබුන මෙන්න අපේ රටේ වාහන අපිටත් වාහන හදන්න පුළුවනි. අපේ දෙයක් පෙන්නන්න තිබුන අවසථාව. එහෙම කළා නම් අපේ දේ අගය කිරීමක් වගේම දිරිමත් කිරීමක් වෙනවා. ආසහ්චර්යිය කියන්නේ ඒකටයි. එහෙම කලානම් එම සමාගමත් තව දියුණු වෙනවා. (අ)
දැන් තිබෙන වාහන සිංගප්පූරුවට හරි විකුණලා ඒ සල්ලි වලින් ණය බේරාගන්න තියෙන්නේ (නි)
ලංකාවට පායන සඳ ලස්සනයිද කියන්න... අධිවේගෙට නව වාහන එපාද කියන්න ... කතිරය අමතක කොට මහවැලියට දමන්න ... (නි)
බුද්දිමත් ජනයාගේ තේරීම බෙන්ස්.(නදී)
'හෙණ ගහනවා' කියලා තමා මට නම් කියන්න තියෙන්නේ. මෙහේ අපි බඩගින්නේ (නි)
අයියෝ ඕක එච්චර හිතන්න දෙයක් නෙවෙයි. ඔය අත්‍යාවශ්‍ය බඩු වල මිල ටිකක් ඉහල යැවුවා නම් ඔය සල්ලි ටික හොයන්න පුළුවන්. බොහොම සිම්පල් ප්ලෑන් එකක්. (ස)
ඒ වගේද අපේ ජනාධිපතිතුමා රටවල් 54 ක ප්‍රධානියා. (ස)
කුම්බලා මාළු කෑවා නම් විදවපන් බලලෝ කිවුවලු නේද ?අපිම නේද මෙහෙම කර ගත්තෙ. (ස)
මේ රට ගොඩනගන්න ආයෙ කවදාවත්ම බැරි වෙනවා. අපේ පරම්පරා ගණනක් මේ ණය ගෙවන්න වෙනවා. (ස)
තව ටික දවසකින් බඩු මිල වැඩි වෙද්දී කාට කාටත් මේවගේ විපාක දැනෙයි (නි)
නියම රජයක්.(නදී)
බෙන්ස් ටික බර්මියුඩා ත්‍රිකෝනෙට දැම්ම වගේ තියෙයි. (ස)
ජනතාවගේ සල්ලිනෙ ...(නදී).............
ඔය කියන අයම තමා දුවලා ගිහිල්ලා කතිරේ ගහන්නේත්. (නි)
එක කාර් එකක් මටත් දෙන්නකො (නි)
මේවායින් ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයින් සඳහා ප්‍රවාහන සේවාවක් අරඹන්න. එවිට ඉහළ පෙළේ ධනවත් සංචාරකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සැපයිය හැකි වනු ඇති. (නි)
පොඩ්ඩක් ඉවසන්නකෝ...ඕවත් වැඩද? (නි)
තව අවුරුදු කීයක් අපිට පිටරට ඉන්න වෙයිද ? (නි)
වෙඩි නොවදින 54 කාටද ඇමතිතුමනි? (නි)
ඔව් ඉතින් ලංකා ඉතිහාසය බැලුවත් වැඩි හරියක් රජවරු ජනතාව සූරාගෙන කාපු අයනේ! (නි)
අර අධිසුඛෝපභෝගි වාහන ටික නම් රට වෙනුවෙන් මහාජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා ඇප කැපවි වෙහෙසෙන මැති ඇමතිවරුන්ට දීලාදාන්න.මැති ඇමතිවරුන්ගේ දූදරුවෝ ඔය වාහනවල නැගිලා,ආරක්ෂකයො පිරිවරාගෙන පාරවල් දෙවනත් කරමින් ඉගිල්ලෙන හැටි දකින්න ලැබිම මොනතරම් වාසනාවක්ද?(දිල්)
අහෝ සල්ලි (නදී)
පිට රට තියන වාහන දැක්කහම මේවා මොනවද? කව්රු මොනවා කිවව්ත් ජනපති තුමාට සුභ පැතුම්.(නදී)
ලෝකෙ මොන ජගතා ආවත් ඉන්දියාව ඔවුන් වෙනුවෙන් ලබා දෙන්නේ ඒ රටේ නිෂ්පාදනය කරන ඇම්බැසඩර් වර්ගයේ කාර්.එවා ඒ තරම් සුබෝපබෝගී කාර් නොවෙයි.ඉන්දියාව වගේ අපිට වඩා ආර්ථික අතින් පොහොසත් රටක් එහෙම කරනව නම් මොනවද අපේ රටේ මේ කරන බොරු ශෝබන.(නදී)
ඇත්තටම මේ ප්‍රතිචාර එකක්වත් අහක දාන්න බැහැ, නමුත් මේවා සාධාරන විදිහට කළ යුතුයි. ඇත්තටම මේවා දැන්වත් විකුණලා මුදල් කරලා වැඩක් ඇති දෙයකට යොදවන්න ඕනෑ. (නි)
මේවායේ බලපෑම තදින් දැනෙන්නේ පොඩි මිනිසාටය. (නි)
ඕකට තමා මල්ලි ආශ්චර්යය කියන්නේ (නි)
මේ දේවල් ගැන අහන්න ගියත් දේශද්‍රෝහියෝ කියලා හංවඩු ගහනවනෙ.දැන් ඉතින් විඳවන්න වෙන්නෙත් අපිටම තමයි. (ස)
ඇමතිතුමා, අතිරේක ලේකම්වරුන්ටත් වෙඩි නොවදින වාහන දෙන්න වගේ යන්නේ. අනේ වාසනාවන්! (නි)
පිටරැටියන්ගේ වළං හෝද හෝද අපි එවන්නම් ඩොලර් හොදේ (නි)
තව අවුරුදු කීයක් දුක්විදින්න වෙයිද අපිට.(නදී)
අනවශ්‍ය බදු අයකරන්නේ නැතිව අපේ රටේ කාටත් තමන්ගේ කියල වහනනයක් තියාගන්ට පුළුවන් දවසක් උදා කරන්නට (නදී)
අපි තමයි මේවාට වන්දී ගෙවන්න ඕනේ (දී)
පිස්සු නේද? (නදී)
අය වැය එනවනේ බලන් ඉන්නකෝ බෙන්ස් නෙවේ බයිසිකලේට තෙල් ටිකක් වත් ගහගන්න බැරි වෙන පාටක් තියෙන්නේ..මාසෙට දෙපාරක් වත් පඩි දෙනව නම් මාසේ අන්තිමට බස් 1කෙ කට්ට කන්න ඕන නෑ.(නදී)
ඕව ඉතින් මිනිස්සුන්ගෙන් ගත්ත සල්ලි වලින් අරගෙන ඕවට නයයි කියලා ආයෙත් අපෙන්ම අය කර ගනාවි. (නදී)
ඔලුව තදින් නරක වෙච්ච මිනිසුන් පිරිසක් පිරිච්ච අරුම පුදුම රටක් තියනවා .... (නි)
දැන් ඉතින් බැනලා කෑගහලා වැඩක් තියෙනවද ? ඡන්දය දෙනකොටනේ හිතන්න තිබුනේ. ලංකාවට පාරවල් හදන්නේ අපේ සල්ලි වලින්, වාහන ගේන්නේ අපේ සල්ලි වලින් (නි)
පෙට්‍රල් ලීටර් 1= රු.192යි,ළූණු කිලෝ 1=රු. 300යි (නි)
රුචිර, මොකක්ද මේ කතාව. අපේ ජනාධිපතිතුමා රටවල් 54ක ප්‍රධානියා. ඔයා මොන ලෝකෙද ඉන්නේ. (නි)
ලෝකේ ලොකුම අමාත්‍ය මණ්ඩලය අපේ රටේ ඉන්න එකේ ඕවත් ලොකුද? මල්ලි ඕවාත් වැඩ ද? (නි)