ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2013 අයවැය යෝජනාවලිය ඉදිරිපත් වීමත් සමග සමාජයේ කියැවෙන්නට ගත්තේ එය ”ලැම්බෝගිනි” අයවැයක් හැටියටය. එයට හේතුව වූයේ රේසිං කාර් සඳහා බදු අඩුකර තිබීමය. ලැම්බෝගිනි නමැති සුඛෝපභෝගී රේසිං කාර් ඇතුළු විනෝදකාමීන්ගේ රේසිං කාර් සඳහා බදු අඩුකර ඇති බව එමගින් හැඟී ගියද රජය පසුව පැහැදිලි කළේ බදු අඩුකර ඇත්තේ ක‍්‍රීඩා තරග සඳහා යොදාගන්නා රේසිං කාර්වල බවය. මෙම ලිපියෙන් කියැවෙන්නේ ”ලැම්බෝගිනි” නමැති මෝටර් රථ වර්ගය කුමක්ද යන්න ගැනය. දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාලි රාජකීය ගුවන් හමුදාව නියෝජනය කළ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබුණේ යුද කඳවුර තුළ තිබූ වාහන අමතර කොටස් එකතු කරමින් ඒවා අලූත්වැඩියා කිරීමේ කටයුත්තයි. කඳවුර තුළදී මේ විනෝදාංශය සඳහා ඔහු සිය සගයන්ගේ ද සහයෝගය ලබාගත් බව කියැවේ. ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කලක් ගත වනවිට එනම් වර්ෂ 1951 දී පමණ යුද වාහනයක් උපයෝගී කර ගනිමින් ඔහු ප‍්‍රථම වරට ට‍්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කළේය. ඉන් නොනැවතුණු ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි, ඔහු විසින්ම නිෂ්පාදනය කළ එන්ජිමක් යොදා ගනිමින් එම ට‍්‍රැක්ටර් රථය වැඩිදියුණු කරන ලද අතර එක් මසකදී ට‍්‍රැක්ටර් රථ 400කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීමේ භාග්‍යය ද ඔහුට හිමිවිණි. නමුත් ෆෙරුසියෝ ලැම්බෝර්ගිනිගේ සිහිනය එතෙකින් නිමා නොවුණු අතර ඔහුට අවශ්‍ය වූයේ තමාගේ සිතැඟි පරිදි ධාවනය කළ හැකි සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමයි. අද වනවිට රේසින් කාර් කුලකයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින ලැම්බෝගිනියේ විකාශය ආරම්භ වන්නේ එතැනිනි. ඒ අනුව තවත් මෝටර් රථ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව අශ්ව බල 350ක පමණ බල ඇති එන්ජිමකින් යුක්ත පළමු ලැම්බෝගිනි කාරය නිෂ්පාදනය කිරීමට වර්ෂ 1963 පමණ වනවිට ඔහුට හැකි විය. Lamborgini 350 GTV ලෙස නම් කරන ලද එම මෝටර් රථයේ සාර්ථකත්වය සනිටුහන් කරමින් එම වර්ගයේ කාර් 120ක් පමණ එක වසරක් තුළ අලෙවි කර ගැනීමට ෆෙරුසියෝ ලැම්බෝගිනිට හැකියාව ලැබී ඇත. එතැන් සිට විවිධ මාදිළිවලින් විකසනය වූ ලැම්බෝගිනි කාරයේ නිල සලකුණ වශයෙන් යොදාගෙන ඇත්තේ සටන් වදින ගොනෙකුගේ ඡායාරූපයකි. ෆෙරුසියෝ ලැම්බෝගිනි විසින් ස්පාඤ්ඤ ගොන් පොර සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දැක්වීමත් ඔහුගේ උපන් ලග්නය වෘෂභ ලග්නය වීමත් එයට හේතුව විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. පැයට කිලෝමීටර් 349ක වේගයෙන් ධාවනය කළ හැකි ලැම්බෝගිනි කාරය Carbon Body එකකින් යුක්ත වන අතර කි.ග‍්‍රෑ. 999ක පමණ බරකින් යුක්තය. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය හා ජපානය වැනි රටවල බහුල වශයෙන් මෙම කාර් රථය ජනප‍්‍රිය වී ඇති අතර 2011 වර්ෂයේ දී ලැම්බෝගිනි වර්ගයේ කාර් 1711ක් පමණ නිෂ්පාදනය කර ඇත.
සුරංගා සමරනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් එපා ඔය ගිනි. (නි)
ලැම්බොගිනි ගින්නක් ම තමයි. (නි)
මේ දවස් වල කොළඹ ගියොත් බලා ගන්න පුළුවන් (දී)
මේවා දකින්න ලැබීමත් සතුටක්. මට දුක මගේ අම්මලා තාත්තලා ගැන. උන්දැලා මේවා නොදැකම මියපරලොව ගියානේ. (නි)
ඔය වාහන ගන්න අයගේ වත්කම් හෙළි කළොත් හොද නැද්ද? (නි)
අහන්නවත් එපා දුකයි..........(දී)
පිට රටවල දනවතුන් පාවිච්චි කරන අපේ රටවල දනවතුන් අපේ බදු මුදල් වලින් ගන්න වාහනයක් (දී)
අපිව තලන්න හදපු එකක් (දී)
කන්න නැතිවුණත් මේවා දිහා බලාගෙන ඉන්න පුලුවන්. (නි)
ධනවතුන්ගේ වහනය (දී)
අපේ ගොන් කරත්තයකුත් දැන් ලක්ෂ 10ක් විතර වෙයි මගේ හිතේ. (නි)
ලැම්බෝගිනි සාමාන්‍ය කාර් එකක් රුපියල් කෝටි 5ක් විතර වෙනවා. ලැම්බෝගිනි රිවෙන්ටන් කාර් එකක් රුපියල් කෝටි 20ක් පමණ වෙනවා. ලෝකයේ ගණන් වැඩිම කාර් ජාතිය බුගාටි. බුගාටි කාර් එකක් රුපියල් කෝටි 30ක් පමණ වෙනවා. ඇස්ටන් මාර්ටින් ජාතියේ කාර් එකක් රුපියල් කෝටි 23ක් විතර වෙනවා. (නි)
අපිව විනාස කරන්න ගෙනාපු එකක් (දී)
අපිට නැතත් රාජ කුමාරවරුන්ට තියෙනවනේ. ආඩම්බරයි. (නි)
අපේ පාරවල් වල යන්නනම් අර මුලින්ම හදපු ලැම්බෝගිනි ට්‍රැක්ටර් එක තමයි හොඳ (ස)
එයාලට ලැම්බොගිනි - අපට බඩගිනි... (නි)
සල්ලි කාරයන්ගේ වාහනයක් (දී)
සුපිරි දනවතුන්ගේ වාහනයක් (දී)
අපිත් දැන් හරි දියුණුයි.. ඔක්කොටම ණය වෙලා හරි අපිත් යැව්වනේ චන්ද්‍රිකාවක් (ස)
පාපැදියක්වත් හදන්නේ නැති අපිට ඕවා මැජික් (ස)
ඔන්න පුතේ නියම ඉන්ජිනේරුවන්ගේ වැඩ (ස)
වැඩිය නෑ කෝටි 5 ක් විතර වේවි (ස)
මේවා හුගක් ගණන්ද? (නි)