පිටිදුවේ සිරිධම්ම හිමියෝ නිවන් දුටු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන විට උන්වහන්සේගේ ඥාන ශක්තිය උරගා බලන්නැයි අභියෝගයක් ද කළහ. එම අභියෝගය මුලින්ම භාර ගත්තේ ගිහියන්ය. පිළියන්දල, මාම්පේ පදිංචි අශෝක රණසිංහ මහතා ද එවැන්නෙකි. ඔහු ද තමා තරම් සිත දියුණු කර ගත්තෙකු
ලොව තවත් නැතැයි ප‍්‍රකාශ කරමින් දේශන පවා කරන්නෙකි. පසුගිය දිනෙක අපි ඔහු සමග ද සාකච්ඡා කළෙමු.
ප‍්‍රශ්නය: ඔබ නමින් අශෝක රණසිංහ. පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ අභියෝගය භාරගත් ගිහියන් කීප දෙනා අතරින් කෙනෙක්. ඔබ කොහේ ද ඉන්නෙ, මොනව ද කරන්නෙ?
පිළිතුර: මම ව්‍යාපාරිකයෙක්මි. පදිංචිය අංක 81, මහරගම පාර, මාම්පේ, පිළියන්දල.
ප‍්‍රශ්නය: පිටිදුවේ හිමියන්ට ඔබ යැවූ ලිපියේ පිටපතක් අපට ලැබුණා. ඔබ දේශන පවත්වන බවත් සඳහන් කර තිබුණා. ඒ දේශන කුමක් සම්බන්ධව ද, කාට ද ඒවා පවත්වන්නෙ?
පිළිතුර: මනස සම්බන්ධව දේශන පවත්වනවා. මම කොළඹ වි.වි. ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට දේශන පවත්වලා තියෙනවා. ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ටත් දේශන පවත්වලා තියෙනවා.
ප‍්‍රශ්නය: ඔබ සිත දියුණු කර ගත්තෙක් කියනවානෙ. ඔබත් නිවන් හෝ මාර්ග ඵල ලැබූවෙක් ද?
පිළිතුර: නෑ... නෑ... මම නිවන් දැකලත් නෑ. සෝවාන් ආදී මාර්ග ඵලයට පත් වෙලත් නෑ. ඒ දෙවි කෙනකුගේ හෝ ජ්‍යොතිෂයේ සම්බන්ධයකුත් නෑ. මා ආධ්‍යත්මික දියුණුව ලැබූවෙක්.
ප‍්‍රශ්නය: එතකොට ඔය කියන ආධ්‍යාත්මික දියුණුව ලැබුණෙ කොහොම ද?
පිළිතුර: උත්පත්ති බලය, පෙර කරන ලද කර්ම ශක්ති බලය.
ප‍්‍රශ්නය: ඔබ කියනවා ඔබයි දැනට ලෝකයේ සිටින සිත දියුණු කරගත් කෙනා කියලා. ඇයි මෙහෙම කියන්නෙ?
පිළිතුර: ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් සොයා නොගත් අවස්ථා තුනක් මා සොයාගෙන තියෙනවා. ලෝකයේ සමතුලිතතාව බිඳීමට හේතු වූ තනි හේතුව, සිතේ අභ්‍යන්තරයේ සිදු වන ප‍්‍රධානම අභ්‍යන්තර ක‍්‍රියාවලිය, එම ක‍්‍රියාවලිය හේතු කොට ගෙන මොළය ක‍්‍රියාත්මක වන ආකාරය. නවීන විද්‍යාව දියුණු ලෝකයේ කෙතරම් සූක්ෂ්ම උපකරණ සොයා ගත්තත් මේ කාරණා සොයාගෙන නෑ. ඒකට හේතුව මේ අවස්ථා තුනම ලෝක විෂයට අයිතියි. දැන් කෙරෙන විද්‍යාත්මක පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය මගින් ලෝක විෂය අවබෝධ කරගන්නට බෑ. යමෙක් එහෙම කරන්න ගියොත් ඔහු මුලාවට පත් වෙනවා. නැත්නම් උමතු බවට පත් වෙනවා.
ප‍්‍රශ්නය: ඔබ පිටිදුවේ හිමියන්ගේ අභියෝගය බාර ගත්තා. ඔබ බෞද්ධයෙක් ද? ථෙරවාදය පිළිගන්නවා ද?
පිළිතුර: මම බෞද්ධ, ථෙරවාදය පිළිගන්නෙ.
ප‍්‍රශ්නය: පිටිදුවේ හිමියන් අභියෝගය කළ අවස්ථාවේ ඔබ ඒ අභියෝගය බාර ගත්තෙ එය කළ හැකි බව දැණුනු නිසා ද? මා හිතන්නේ ඔබ ත‍්‍රිපිටක දැනුමවත් නැති කෙනෙක්.
පිළිතුර: පිටිදුවේ සිරිධම්ම හිමියන් ත‍්‍රිපිටකය දෙතුන් වරක් කියවා ඇති බව මට දැන ගන්න ලැබුණා. ඒ නිසා ත‍්‍රිපිටකයෙන් ප‍්‍රශ්න අසා උන්වහන්සේගේ ඥාන ශක්තිය පරීක්ෂා කිරීම අපහසු වේවි. හේතුව ත‍්‍රිපිටක දැනුම මතකයේ තියාගෙන උන්වහන්සේ අබියෝග කරන්නේ. මේ අධ්‍යාපනික දැනීමක්. උගත්කම බුද්ධිය ලෞකිකයි. ඒ අය තමයි ශාස්ත‍්‍රවේදී, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත උපාධි ගන්නේ. නමුත් පිටිදුවේ හිමියන් කියන්නේ ලෝකෝත්තර පැත්තක් ගැන. එහෙම කෙනෙක් අධ්‍යාපනික දැනුම තියන අයටනෙ මේ අභියෝග කරන්නේ. ඒක කළ නොහැකියි. රහතන් වහන්සේ කියන්නේ සිත, රූපය අත හැරි කෙනෙක්. ඒ බව පෘථග්ජනයෙක් කියන්න නම් ඔහුට සිත දෘෂ්‍යමාන විය යුතුයි. එහෙම නෑනෙ. රහත්වරු එම තත්ත්වය ප‍්‍රකාශ කරන්නෙ නැත්තෙ ඒකයි. මම විද්‍යානුකූලව ඔප්පු කරන්නෙ. මා අහන්නෙ සිතේ අභ්‍යන්තර ක‍්‍රියාවලිය ගැන.
ප‍්‍රශ්නය: උන්වහන්සේට ඔබේ අභියෝගය දැනුම් දුන්න ද?
පිළිතුර: මම මුලින්ම සිරි සදහම් ආශ‍්‍රමයට කතා කළා. එතන දී ධම්මසීහ හාමුදුරුවො පිළිතුරු දුන්නෙ. මෙය වාද විවාද ලෙස නොවෙයි. සංවරව රූපවාහිනී මාධ්‍යයක් මගින් කරමු කියලා අප කතා වුණා. ලිඛිතව මෙය දැනුම් දෙන්න කියලා උන්වහන්සේ කිව්වා. මම ලිඛිතව ඉදිරිපත් කළා. ඊට පස්සෙ පිටි¥වේ සිරිධම්ම හිමියන් ලිපියක් මට එවා තිබුණා මා අප‍්‍රසිද්ධ පුද්ගලයෙක් කියලා. මම උන්වහන්සේ සමග කතා කළාම පසුව කැමැති වුණා. නමුත් උන්වහන්සේ ඊළඟට කිව්වා ඔබ අප‍්‍රසිද්ධ නිසා අසවල් රූපවාහිනිය මෙයට අකැමැති වේය කියා. මම ඒ රූපවාහිනී ආයතනයට කතා කළා. ඒ අය කැමැතියි. ලිඛිතව එවන්න කිව්වා. මම ලිපිය යැවුවා. නමුත් උන්වහන්සේ මගෙන් මග හැරියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව බොරු කියන මිනිස්සු කොහොමද කියන්නේ මේ හාමුදුරුවෝ කරන්නේ බොරුවක් කියලා (දී)
වාද කර ලබන්න යන්නේ කුමක්ද ? (නි)
මේ ඔක්කොටම පිස්සු හැදීගෙන එනවා ගේ.(නදී)
කවදද දැන් වාදේ? කීදෙනෙක් දැනටම බාර ගත්තද? මෙයා මග අරිනවා වගෙයි?(දී)
මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)
මේ මිනිස්සු එකතු වෙලා බුද්ධාගම විනාශ කරනවා. සිංහලයත් බුද්ධාගමත් මෙහෙම ගියොත් විනාශයි. පිටිදුවේ හාමුදුවෝ මොවුන් සමග වාද නොකරන එක හරි. හාමුදුරුවනේ ඇවිත් ධර්මය දේශනා කරන්න. අපිට දැනෙන තේරෙන හරි දේ අපි ගන්නම්.(නදී)
අනේ මම නම් කියන්නේ කවුරු රහත් උනත් නැතත් අපට ප්‍රශ්නයක් නැහැ .අපට පිරිසිදු බුදුදහම තවමත් යහතින් පවතිනවා.ධර්මධර බුද්ධ පුත්‍රයන් වහන්සේලා තවමත් කොපමණවත් වැඩ සිටිනවා .ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරන්න .තථාගතයන් වහන්සේගේ විශිෂ්ටවූ බුද්ධ ඥානය අපට වටහාගන්න එක සුත්‍ර ධර්මයක් හොදින් අධ්‍යයනය කොලොත් ප්‍රමාණවත් වෙනවා .සිතට මහත් උද්යෝගයක් ලැබෙනවා .යම් බික්ෂුන් වහන්සේ නමක් යමක් දේශනා කලත් එයම හරියයි නැවතී නොසිටින්න. ත්‍රිපිටකය පරිශීලනය කරන්න .සත්‍යය අවබෝද කරගනිමු .පුහු වාද වලට නොයා ඉම්මු .මෙය තථාගතයන් කාලාම සුත්රයෙදීත් වදාලා . (දී)
මේ ගැන කතා කරලා තේරුමක් නෑ (දිල්)
නිවන් දකින මග සොයන්න .... කාගේවත් දේවල් අපිට වැඩක් නැහැ (දී)
සිරි දැම්ම හිමිගේ ධර්මය වැරදි කියන්න ක්ලිසිවෙකුටත් නොහැක (දී)
දහම වැරදි තැනකින් අල්ල ගත්තොත් වෙන්නෙ මොකක්ද කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා. ඒ ගැන හොයල බලන්න.(නදී)
පිටිදුවේ හාමුදුරුවෝ තරම් බන කියන දැනුම තියන හාමුදුරු නමක් අද කාලේ දැකල නෑ.(නදී)
කවුරු මොනවා කියුවත් අපි අපේ ගමන යමු සසර ගමන කෙටි කර ගනිමු (දී)
ථේරවාදී බුදු දහමට කරන අගෞරවයක් කියල හිතෙනවා (දී)
උන්වහන්සේ මාර්ගඵලයක් ලබලා නම් බෞද්ධයෝ විදියට අපි සතුටු වෙනවා. (ත)
ගොඩාක් අය කියන්නේ මෙවැනි වැඩ බුදු දහමට නිගාවක් කියලා (දී)
නිවන් දකින්නට පින් මදි වෙන් නැති, ඒකයි තවමත් සංසාරේ.(නදී)
ගීතාගේ කතාව මමත් පිලිගන්නවා..එත් හැම ගීතාගේම කතා මම පිළිගන්නේ නැහැ (දී)
ගීතා හොද අදහසක්, සැක කරන්නාගේ සැකය දුරුකිරීමට හෝ ධර්මය අවබෝධ කරදෙන්නට මෙම රහතන්වහන්සේ හෝ රහතන්වහන්සේ නමක් ලෙස පෙනී සිටින ස්වාමීන්වහන්සේ ක්‍රියා කරන්නේ නම් මැනවි. (දී)
ගීතා ඔබ හරියට හරි. මමත් එකගයි. (නදී)
මේ ලියන මම සාමාන්‍ය කෙනෙක්. නමුත් අපි ඉගෙනගෙන තියෙන්නේ රහත් බවට පත්වෙනවා කියන්නේ සියලු කෙලෙසුන් නැසීමයි. කෙලෙස් කියන්නේ ආශාවන් ,බැදීම්. බැදීම් වලට හේතුවන්නේ ලෝභය, මෝහය, ඊර්ෂාව, තරහ යන කරුණුය. මේ දෙගොල්ලන්ගේම කරුණු අරගෙන බැලුවම පේන්නේ එකිනෙකා ඉස්මතුවෙන්න කරන උත්සහයක්. අපේ සිද්ධාර්ත කුමාරය රජ කුමාරයෙක්. නමුත් බුදුබවට පත් උණාය කියල රජ භෝජන පමණක් වැළඳුවේ නෑ. සාමාන්‍ය සිවුරු පරිහරණය කලේ. ඉස්මතුවෙන්න උත්සහ කලෙත් නෑ. බුදුවුනා කියල වාද විවාද වලට බලෙන් ගියේ නැ. උන්වහන්සේට කවුරු හැටි වාද කරන්න කතා කරාම එම තැනැත්තාගේ සැකය දුරුකරන්නටත් ධර්මය අවබෝද කර දෙන්නටත් පමණි උන්වහන්සේ උත්සහ කලේ. මෙවන් උතුම්වූ ධර්මයක් සිහිනුවනින් ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේම වගකීම වේ.(නදී)
සුත්‍ර දේශනා තියන්න ඒවා ලිහිල් බසින් කියාදෙන්න හාමුදුරුවරු ඉන්නකල් අපි අසරණ නැහැ. බුදු බන සුත්‍ර විසිපහක් වත් ඇහුවොත් ආයිම රැවටෙන්නේ නැහැ. ධර්මයට අගෞරව කරන අය අපාගත වෙනවා. හිත වැඩකරන හැටි තමයි බුදු හාමුදුරුවෝ කියලා දුන්නේ. ආයතන හය වැඩ කරන හැටි ඒවා හරි විදියට හසුරවන හැටි සුත්‍ර ගණනාවක තියෙනවා. අභිධර්මයේ සිතුවිල්ලක් කොටස් කරලා වටහා ගන්න හැටි, මාර්ග පල ලබන්න හිත දියුණු කරනහැටි පැහැදිලිව තියෙනවා. මේවා කියල දෙන හාමුදුරුවරු අඩුයි.(නදී)
තම තම නැණ පමණින් දැන ගත යුතු. රහත් බව පරීක්ෂා කරන්න ඉල්ලීමත් කරන්නට යෑමත් දෙකම රහතුන්ගේ ගුණයක් නොවේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ..(නදී)
පිටිදුවේ සිරිධම්ම හිමියනි, අද කාලේ හැටියට ඔබ වහන්සේම කියන ආකාරයට ගමන් බිමන් යාමට වාහනයක් තිබීම යහපත්, බැංකු ගිණුමක්ද අවශ්‍යයි එය පිළිගනිමු. එසේම අද කාලේ හැටියට කවුරුන් හෝ ඔබ කල අභියෝගයට ඉදිරිපත් වන පුද්ගලයාට හෝ ස්වාමීන්වහන්සේ නමකට කොන්දේසි විරහිතව එකගවීමට හැකියාවක් ඇති රහතන්වහන්සේ කෙනෙක් වන්න. මෙය අද කාලයට අවශ්‍යම දෙයක්. බුදුන්වහන්සේ වෙනුවෙන් හා ධර්මය වෙනුවෙන් මේ සදහා ඉදිරිපත් වන්න.(නදී)
මෙතුමා ප්‍රකාශ කරන විදියට මොහු බුදු හිමියන්ටත් වඩා උසස් මොකද ශ්‍රී දම්ම හිමි අනුගමනය කරන්නේ අප තථාගතයන් වහන්සේ මොහු අබියෝග කර තිබෙන්නේ බුද්ද ධර්මයට. ධර්මය කෙසේ වෙතත් මේ සියල්ලෝම මමත්වයෙන් නිවන් දුටු අය බව වැටහේ (දී)
මෝඩ කමට තවම බෙහෙත් හොයාගෙන නැත (දී)
ප්‍රතිපල ලබන තුරු උත්සහ කරන්න (දී)
මම පිටිදුවේ හාමුදුරුවන්ව පිලි ගන්නවා (දී)